TeenFic.Net Stories that stay with you ♥

Chapter 8

මං ගෙදරට යද්දිම රෙහාන් කිචන් එකට වෙලා dinner එක රෙඩි කරනවා. මං බෑග් එකත් සෝෆා එක උඩට දාගන රෙහාන් ලගට ගියා. රෙහාන් හරිම ලස්සනයි. එයා ලග හැමවෙලේම රෝස සුවදයි. ඒ වගේම එයා හරිම හොදයි. එයාට එයාගෙම saloon එකක් තියනවා.මගෙ මහන්සිය නැතිවෙන්නෙ හැමදාම රෙහාන් ගාවට වෙලා ටික වෙලාවක් කියෝ කියෝ හිටියම තමා. මාත් කිචන් එකට වෙලා රෙහාන්ට උදව් කරන ගමන්
"රෙහාන් මට coffee එකක්"
"හැමවෙලේම coffee බොන්න එපා සාදි. ඊට පස්සෙ රෑට කන්නෙ නෑ"
"අනේ ඉතින් පොඩ්ඩක් බෑ ද"
"සුදු මටත් එක්කම හදන්නකෝ"
"ඔන්න ආවා ලොකු බබා. ඔයාතමා මෙයාවත් නරක් කරන්නෙ බබා" ගයේශ් අයියට ඔය බයින්නෙ
"ගයේශ් අය්යා කියට ද ආවෙ?"
" මං ඇවිත් පැයක් විතර සාදි, ඇදුම් ටික හෝදලා වොශ් දාගන ආවා. නැත්නම් අපේ සුදු මට කන්න දෙන්නෙ නෑ කිව්වා"
රෙහාන් රවලා අපි දෙන්නටම coffee හදන්න ගත්තා.රෙහානුයි. ගයේශුයි මැරි කරලා ඉන්නේ. ඒ දෙන්න ස්කෝලෙ කාලෙ ඉදන් යාලුවො. A/l කාලෙදී තමා ආදරේ කරන්න අරගන තියෙන්නෙ. ගයේශ් අයියා මෙඩිකල් කොලේජ් ගිහින් ඉවර වුන ගමන් රෙහාන් අයියව මැරි කරලා. රෙහාන් අයියලගෙ ගෙදර අය බැන්නෙ නැතත් එයාව පවුලෙන් අයින් කරාලු ආයෙ එන්නත් එපා කියලා. ගයේශ් අය්යලගෙ ගෙදරින්නම් සෑහෙන්න බැනලා, රන්ඩු කරලා, සාපත් කරාලු. තාමත් ඒවා මතක් කරද්දිත් රෙහාන් අයියා බයයි. ඒ දෙන්නගෙම උත්සහයෙන් තමා මේ ගෙවල් හදාගන ලස්සනට ඉන්නෙ. මුල් කාලෙ මට රෙන්ට් එකට ඉන්න දුන්නෙත් ගෙදර ලෝන් එක සෙටල් කරගන්න. මෙහෙට ඇවිත් තුන්වෙනි අවුරුද්දෙ සල්ලි එපා කිව්වා. මං කිව්වා ගත්තෙ නැත්නම් මං යනවා කියලා. ඊට පස්සෙ කියල කියලා බොහොම අමාරුවෙන් ගෙදර වියදම් අපි තුන්දෙනාම බෙදාගන කරන්න කතා කරගත්තා. ඒත් මේ දෙන්න මට වඩා වියදම් කරනවා. මං ඉන්නෙ උඩ තට්ටුවෙ. එයාලා ඉන්නෙ පහල .ගොඩාක් වෙලාවට රෙහාන් අපි තුන් දෙනාටම උයනවා. මාත් උදව් කරනවා. අපි ගෙදර වැඩ බෙදාගන කරනවා. ගයේශ් අයියනම් පොඩ්ඩ්ක් කම්මැලි ගෙදර වැඩවලට. ඒත් රෙහාන් එකපාරක් දෙපාරක් බැන්න ගමන් ඔක්කෝම කරල දෙනවා. ඒ දෙන්නා එක රැයක්වත් මාව තනියම තියලා කොහෙවත් ගිහින් නෑ. අපි තුන්දෙනා පුංචි පවුලක්. හරි ලස්සන පවුලක්

"සාදි අම්මා මට කෝල් කරලා ඔයා ගැන ඇහුවා"
"ඇයි දන්නෙ නෑ"
ගයේශ් අයියා මං දිහා බලාගන ඉන්නවා ඒ බැල්ම අපේ තාත්තගෙ වගේ.
"මං වැරැද්දක් කරන්නේ නෑ ඒක ඔයා දන්නවනේ. එයාලා කියන කෙනෙක් එක්ක සෙටල් වෙලා UK ඉන්න මං කැමති නෑ. ඒකයි මං මෙහෙම ඉන්නේ ඔයාලටත් මාව වදයක්නම් කියන්න මං යන්නම්" මං ඇස්වල කදුලු පුරෝගන්න ගමන් කියෝගන ගියා.
"මුරන්ඩු වෙන්න එපා ලමයෝ, ඔයාට කවුරුනැතත් අපි දෙන්න ඉන්නවනේ. අපේ ගෙවල් වලින් අපිව අතැරලා ගොඩක් කල් ඒ වේදනාව අපේ හිත්වලත් තියනවා. ඔයා දන්නවනෙ මටත් වඩා රෙහාන් ඒ ගැන කොච්චර හිතනවද කියලා. ඒත් ඔයාගෙ ගෙදරින් ඔයාව අතෑරලා නෑ. එයාලා ඔයා ගැන හොයලා බලනවා. ඔයයි එයාලට කතා කරන්න අකමැති. මං දන්නවා ප්‍රශ්න තියනවා තමයි. ඒත් හිතලා බලන්න. හැමදාම ප්‍රශ්නවලින් පැනලා යන්න බෑ නේ. අනික ඔයා කොහෙවත් යන්නෙ නෑ අපි ලග ඉන්නේ තේරුනා ද?" ගයේශ් අයියා මාව බදාගෙනම ඔලුව අතගගා කියෝනවා. එයා ලග බේබි සබන් සුවදයි. මගේ කදුලුවලට ශර්ට් එකත් තෙමිලා.
"මං ට්‍රයි කරනවා. එයාලා තේරැම්ගන්නෙ නෑ"
"බබා කෙල්ලව අඩවන්න එපා"
"කෝ දැන් කදුලු පිහිදගන්න. නැත්නම් මටයි ගුටි කන්න වෙන්නේ"ගයේශ් අයියා මගෙ කන ගාවින් හිමිට කියනවා. මට කදුලු අස්සෙන් ලාවට හිනාගියා.
රෙහානුත් ඇවිත් මාව බදාගත්තා.
" මොන දේ වුනත් අපි ඉන්නවනේ. අපේ දෝනි නෙ ඔයා. මං ඔයාගෙ අම්මා. මෙයා ඔයාගෙ තාත්තා"
මං හිනාවුනා.
"ඔයාලා මට කරලා තියන උදව් මට ගෙවලා ඉවර කරන්න බෑ"
"අපිට ඔයත් කොච්චර උදව් කරාද සාදි"
මගේ හිත තේරැම්ගත්ත එකම දෙන්නා, මට මේ ලෝකෙ කම්ෆටබල්ම මිනිස්සු දෙන්නා, එයාලගේ ජිවිතේට කොච්චර ප්‍රශ්න ආවත් ඒ දෙන්නගෙ ආදරේ දවසින් දවස වැඩිවෙනවා. පොඩි පොඩි දේවල් වලට රන්ඩු උනත් දෙන්නට දෙන්න නැතුව බෑ. ඒ දෙන්න දිහා බලාගන ඉද්දි මට මගේ ප්‍රශ්න අමතක වෙනවා.

"සාදි කාලාම යනව ද? නැත්නම් වොශ් දාගන එනව ද?"
"කාලා යන්නම් බඩගිනි"
අද රෑට පාස්තා හදලා තිබ්බේ. කෑම සුවදට මගේ බඩගින්නත් ඇවිස්සුනා. රෙහාන්ගේ කෑම සුවද වගේම මාරම රහයි. මං බඩ පිරෙන්නම කෑවා.
"සාදි බෙහෙත් බීලා නිදාගන්න. හෙට party එකට යනවද?"
"ඔයා කොහොමද දන්නේ
" ගෙදරට එවලා invitation එක"
රෙහාන් මගේ අතට දුන්න කාර්ඩ් එක ඇරල බැලුවා
"හ්ම්ම්ම්. සර්ගෙ fairwell එක. සර් මට ගොඩක් උදව් කරානෙ. දෙතුන් පාරක් එන්නෙ නැද්ද ඇහුවා. ගිහින් ටිකවෙලාවක් ඉදල එනවා"
"පරිස්සමින්. මොනාම හරිනම් අපිට call කරන්න. බෙහෙත් බීලා යන්න"
"හරි. ගුඩ් නයිට්"
"ගුඩ් නයිට් සාදි"

ඇත්තටම මං යන්නම ඕනි ද?

"අ....හ්හ්හ්...........රි........දෙ....න.......වා......"

ගෙදර ✨💚්

සාදි+ගයේශ්+‍රෙහාන්

Author Note

හායි ලමයි?
රෙහාන් + ගයේශ්

You are reading stories on: TeenFic.Net