22. කොටස

Background color
Font
Font size
Line height





"චතු දුව අයියාට ගිහින් මේ තේ එක දෙන්න......"

කුස්සියට වෙලා කට්ටියත් එක්ක මගුලට කැව්ම් බදින ගමන් හිටිය වෙද හාමිනේ චතුට කිව්වේ සිතුකගෙ මග් එකට හදපු තේ චතු අතට දෙන ගමන්.

"හරි නැන්දේ...."

"සුදු අයියේ මේ තේ එක.... සුදු අයියේ!!!....."

"අහ් ඔව් චතු....."

ජනෙල්න් පෙන එලියේ තියෙන අලිගැට පෙර ගහෙ එකා පස්සෙ එකා දුවන ලෙන්නු දෙන්නා දිහා බලන් කල්පනා කරන ගමන් හිටිය සිතුක එයාගෙ උරහිසට අත තියලා චතු කතා කරකරද්දී ගැස්සිලා කල්පනාවෙන් මිදිලා චතු දිහා හැරිලා බැලුවා.

"අයියේ මේ එක...."

"අහ් හරි දෙන්න චතු... තැනක් යු...."

"ඔකට මොකටද සුදු අයියේ තැන්ක්ස් කරන්නෙ.... මෙවා කොහොමත් ඉස්සරහට මන් කරන්න ඔනි දෙවල්නේ...."

"ම්ම්ම්..."

තේ එක දිලා සිතුකගෙ ඇදෙ ඉද ගත්ත චතුට සිතුක මවා ගත්ත හිනාවක් දිලා ආපාහු එලිය බල ගත්තා. මේ සති තුන හතර සිතුක කරන්නෙ මෙ වගෙ මවා ගත්ත හිනාවක් හැමොටම දිලා පාඩුවෙ ඉන්න එක.

"චතු තමුසෙ මොකද අයියගෙ කාමරෙ කරන්නේ...."

ටික්කින් කාමරෙට ආව සදලි දැක්කෙ කකුලක් පිට කකුලක් දාන් කම්මුලේ අතත් තියන් සිතුක දිහා බලන් ඉන්න චතුව. සිතුකටනම් චතු ඉන්නවද නැද්ද කියලාවත් ගානක් නැ. සදලිගෙ කටහඬට හැරිලා බැලුව සිතුක ආයෙත් ජනෙල් එලිය බලා ගත්තා.

"ඇයි සදු... ඉස්සරහට මාත් මේ කාමරෙමනෙ ඉන්නෙ... ඉතින් දැන් හිටියා කියලා තියෙන වැරැද්ද මොකක්ද....."

"එ ඉස්සරහටනේ.... වෙඩින් එකට තව දවස් හතරක් තියෙනවා.... එතකම් මෙහෙම බදින්න ඉන්න එකාගෙ කාමරෙ රිංගන්න හොද නැ කියලා අම්මලා කියලා දුන්නෙ නැද්ද...."

සදලි කෙන්තියටම කැ ගැහුවෙ මුලු ගෙදරට ඇහෙන්න. මොකද සදලි පොඩ්ඩක්වත් කැමති නැ එයාගෙ අයියට බලෙන් මේ කාසාදෙ කරලා දෙනවට. ඔව් තව දවස් හතරකින් සිතුකගෙ වගෙම චතුගෙ වෙඩින් එක. එදා බෙබි හාමු වගෙම සිතුක කාමරෙ ඉන්නවා දැක්කෙ සිතුකගෙ අම්මා විතරක් නෙවෙයි අප්පච්චිත්. ඉතින් එදා හිතුවෙවත් නැති විදියට හැමදේම වෙනස් උනා. අදට බෙබි හාමු වගෙම සිතුක එයාලව දැකලා සති තුනක් වෙනවා.

________________________________


"අම්මා....."

(චටාස්)

කාමරෙට ආව අප්පච්චි සිතුකට ගැහුවේ බෙබි හාමු වගෙම කාමරෙන් එලියට වෙලා බලන් හිටිය සදලියි අම්මයිත් ගැස්සෙද්දි. හිතුවෙවත් නැති වෙලාවක ලැබුන කනෙ පාර නිසා වැටෙන්න ගිය සිතුකව බෙබි හාමු අල්ල ගත්තා.

"වෙද මාමේ!!!!"

"මොන නොහොබිනා වැඩක්ද යකොව් තොපි මේ කරන්නේ...."

"අප්පච්චි මන්-...."

(චටාස්)

"කට වහපන් වෙස බල්ලා... උබ මොන අසික්කිත වැඩක්ද යකොව් පිරිමියෙක්ව රැ මැද ගෙට අරන් මේ කරන්නේ.... පිරිමියෙක් නෙද උබ ආ... උබ වගෙම තවත් පිරිමියෙක් එක්ක මොනවාද උබ මේ කරන්නේ.... මුත් එක්ක බුදියන්න තරම් උබට අමාරුවක් තිබ්බද සිතුක ආ.... කතා කරිපිය....."

අප්පච්චි මුලු ගෙම හෙල්ලිලා යන්න කැ ගහද්දි සිතුක බයටම බෙබි හාමුගෙ අතින් හයියෙන් අල්ලන් බිම බලා ගත්තා. හරියට නිකම් මෙතන මොන දේ උනත් මාව දලානම් යන්න එපා කියන්න වගෙ.

"තවත් ලැජ්ජා නැතුව අත් අල්ලන් ඉන්නවාද උබ සුදුවෝ.... කවදා අහපු දැකපුවද මේ.... උබට මොන පිස්සුවක්ද මේ හැදුනේ සිතුක.... අපිට ලැජ්ජා නොකර ඔය අත ඇරලා දැන්වත් අප්පච්චිගෙන් සමාව ගනින්.... මට එත් හිතන්න තිබුනා උබ අනිත් උන්ට වඩා උබ බෙබි හාමු එක්ක ඇලිලා කරලා ඉද්දි..." වෙද හාමිනේත් කාමරෙ ආවේ සිතුකට බනින ගමන්.

"අම්මා මම බෙබි හාමුට ආදරෙයි අම්මා.... ඔයාලා කොහොම කිව්වත් මට බෙබි හාමුව අමතක කරන්න බැ....."

(චටාස්)

"අහ් අප්පච්චි!!.."

දැනුන බයට වගෙම දුකට සිතුක කැ ගැහුවේ. එයාගෙන් බෙබ් හාමුව ඇත් කරයි කියලා හිතුන නිසා. එකෙන් උනෙ අප්පච්චි තරහා වැඩි උන එක විතරයි. සරමට තද කරලා ඇදන් හිටිය කලු බෙල්ට් එක ගලව ගත්ත වෙද මහත්තයා සිතුකට ගැහුවෙ එ පාරම ටිකක් බෙබු හාමුටත් වැදෙද්දි.

"දෙයියනේ වෙද මාමේ මොනවාද මේ කරන්නෙ.... ඔයාලට මෙහෙම ගහන්න තරම් දෙයක් උනේ නැනෙ.... මමයි සිතුකයි ආදරෙ කරනවා... මම සිතුකව බදින්න කැමති.... තමන් කැමති කෙනෙක්ව බදින්න වගෙම ආදරෙ කරන්න ඔනිම කෙනෙක්ට අයිතිය තියෙනවා.... ඉතින් එක සිතුකටත් පොදු දෙයක්.... අනික ඔයාලා මෙහෙම බොරුවට කලබලා වෙලා කැ ගැහුවට... පිටරට මෙවගෙ දෙවල් සමසමාන්‍යය දෙවල්...."

සිතුකට මුලින් ගැහුවත් ඉවසන් හිටිය බෙබි හාමු මේ පාර කැ ගැහුවේ මොකද එයාටත් එ බෙල්ට් පාර වැදුන නිසා එ වෙදනාව සිතුකට ගොඩක් රිදෙනවා කියලා දැනුන නිසා

"හහ් අයිතිය?.... අවුරුදු 21 අත පය නොකඩා හැදුවේ එහෙම ඌට හිතුන හිතුන එකා ලගට දෙන්න නෙවෙයි යකොව්.... එකත් තවත් සමලිංගික පිරිමියෙක්ට දෙන්න නෙවෙයි කොහොමත්...."

"සිතුකගෙ කැමැත්තක් කර ගන්න දෙන්න ඇයි ඔයාලට බැරි.... ලමයෙක්ගෙ හැගිම් තෙරුම් ගන්න ඇයි දෙයියනේ ඔයලාට බැරි...."

"මට හැගිම් දැනිම් තෙරුම් කරන්න එන්න කලින් කරුණාකරලා බෙබි හාමු මේ ගෙදර එලියට බහින්න.... මන් මේ අන්තිම හොදින් කියන්නෙ.... බෙබි හාමු දැන් ගියේ නැත්තම් වලව්වටත් මන් මේ ගැන කියනවා.... එ වගෙම සිතුකටත් මීට වඩා විද වන්න වෙයි.... බෙබි හාමු හොදා කාරවම දන්නවනේ මේ වෙද මහත්තයා නිල බල මන්තර ගැන් නොදන්න දෙයක් නැ කියලා... මට එවාගෙ දෙවල් පාවිච්චි කරන තැනට මාව පත් නොකර ඉදි කියලා මන් හිතනවා.... පුතා කියලා නොබලා මෙකව එක් තැන් කරලා තිබ්බත් තවත් පිරිමියෙක් එක්ක දිගෙ දෙන්න මන් කැමති නැ... එ නිසා හාමු මහත්තයා ආව අතක් බලන් ගියානම් හොදයි...."

වෙද මහත්තයා එහෙම කිව්වේ ස්ථිර හඬකින් හෙන බැරැරුම්ව. කොච්චර හිතට හයිය අරන් හිටියත් බෙබි හාමු එ වචන වලට බය උනේ. වෙද මහත්තයට ඔන්නම් සිතුකව එක් තැන් කරලා ඇදකට වැටෙන තැනට උනත් පත් කරන්න පුළුවන් නිසා. ටිකක් වෙලා කල්පනා කරලා බෙබි හාමු සිතුක දිහා බැලුවා. සිතුක ඇස් වල කදුළු පුරවන් ඉකි ගහන ගමන් බෙබි හාමුග්‍ර් අතක් හයියෙන් බදාගෙන බෙබි හාමු දිහා බලන් ඉන්නවා. එ ඇස් කියන්නෙම අනෙ මාව දලා යන්න එපා කියලා තෙරුනා උනත් බෙබි හාමු සිතුකව බදාගෙන නලලට හාදුවක් තියලා කාමරෙන් යන්න ලැස්ති උනා.

"අනේ බෙබි හාමු.... ඔයා මාව දාලා යන්නද මේ ලැස්ති..... මාව කවදාවත් අත් අරින්නෙ නැ කිව්වා නෙද.... ඇයි දැන් මේ මාව දාලා යන්න හදන්නේ අහ්... ඇයි තිනු..." යන්න ගිය බෙබි හාමුගෙ අතින් අල්ල ගත්ත සිතුක කිව්වේ ඉකි ගහලා අඩන ගමන්.

"සමහරවිට අපෙ ආදරෙට වැඩි ආයුශ නැතුව ඇති සිතු... පරිස්සමින් ඉන්න... හැබැයි මතක තියා ගන්න ඔයාගෙ මේ තීනූ ආදරෙ ඔයාට විතරමයි කියලා....."

සිතුකගෙ ඔලුවත් අත ගලා තමන්ගෙ අත සිතුකගෙන් අත් ඇර ගත්ත බෙබි හාමු වෙද මහත්තයාටයි වෙද හාම්නෙටයි වැන්දා. එත් එ දෙන්නා අහක බලන් පාඩුවේ හිටියා මිසක් නිකම්මවත් බෙබි හාමු දිහා බලන්න උත්සහා කරෙ නැ.

"මන් යනවා සදු අයියාව බලා ගන්න..."

කාමරෙ උලුවස්සට හෙත්තු වෙලා බලන් හිටිය සදුගෙ ඔලුව අත ගැව බෙබි හාමු එහෙම කිව්වේ මොකද දැන් එයා ගියාම අනිවාරෙන් සිතුක අඩලා අඩලා හිතුවක්කාර වෙනවා කියලා දන්න නිසා. සදුගෙ ඔලුවත් අත ගලා ආයෙත් සැරයක් හැරිලා බෙබි හාමු සිතුක දිහා බැලුවා. කාමරෙ මැදට වෙලා ඇදන් හිටිය ටි ශර්ට් එක යටින් අත් දෙකටම ගුලි කරන් ඇස් වල කදුළු බොල පුරවන් සිතුක ඉකි ගහන ගමන් බෙබි හාමු දිහා බලන් හිටියා. සිතුක එක්ක හිනා උන බෙබි හාමු ආයෙත් හැරෙන්නෙවත් නැතුව වලව්වට යන්න ගියා.

"හාමිනේ.... ඉක්මනට පනිවිඩයක් යවන්න.... චතු දුවත් එක්ක සිතුකගෙ කසාදෙ කරන්න අපි කැමති කියලා.... මේ නිදහස දුන්නා හොදටම ඇති.... තවත් මගුලක් පටල ගන්න කලින් ඉක්මන් කරානම් ගොඩක් හොදයි...."

වෙද මහත්තයා එහෙම කියන් ගියාම වෙද හාමිනේත් සිතුකට දහසක් දෙවල් කියලා කාමරෙන් යන්න ගියා. අම්මයු අප්පච්චි ගියාට පස්සෙ ඉකි ගහන ගමන් බිමට කඩන් වැටුන සිතුක ලගට දුවන් ආව සදලි අයියව බදාගෙන අඩන්න ගත්තා.


_____වර්තමාන _____

"මොකද දොණි කැ ගහන්නේ...."

"කැ හහන්නෙ මොකද කියලා අහන්නෙ.... ඔයාලටත් මොලයක් නැද්ද අම්මා බදින්න කලින් කෙල්ලෙක්ව මෙහෙම කාමරෙට එවන්න..."

"ඉතින් එ චතු බදින්න ඉන්න කෙනානේ.... කොහොමත් ඉස්සරහට දෙන්නා එකටනෙ ඉන්නෙ.... දැන් ආවා කියලාත් වැරැද්දක් නැනෙ..."

"අනේ අම්මා මේ බදින්න කලින්... පිට මිනිහා පිට මිනිහම තමා.... චතු යනවා අයියගේ කාමරෙන් එලියට...."

සදලිගෙ කැ ගැහුව නිසා වෙද හාමිනෙ වගෙම මගුලට ආව ගැනුත් අයත් දුවලා ආවා. එ ඔක්කොටමත් බැනලා චතුටත් බැනලා එලව ගත්ත සදලි සිතුකගෙ කාමරෙට ඇවිත් දොර වැහුවා. එච්චර දෙයක් වෙනකමුත් සිතුක හිටියේ ජනෙලෙන් එලියේ කොහොදෝ ඈත බලන් ලොකු කල්පනාවකට වැටිලා.

"අයියේ...."

"ම්ම්ම්ම්...."

"ඔහොම ඉන්න එපා ඔයි.... ඉස්සර වගෙ හිනා වෙලා ඉන්නවකෝ...."

"මගෙ හිනාවත් එදා එයා අරන් යන්න ගියා සදු.... මට තෙරෙන්නෙ නැ කොහොමද එයා එහෙම ඉන්නෙ කියලා.... කොල් ගත්තට දැන් නම්බර් එක වැඩ නැ.... අඩුම එයාට පුළුවන්නෙ වෙනදා වගෙවත් හොරෙන් ඇවිත් මාව බලලා යන්න... මන් හිතුවේ එයා අම්මලා රවට්ටන්න ඔනි නිසා එදා ගියා කියලා.... මට ගෙදරින් යන්න බැරි උනත් එයාට වලව්වෙන් එන්න පුළුවන්නේ සදු... එයා එන්නෙ නැ කියන්නෙ එයා මාව අත ඇරලම දලා කියන එක නෙද...."

"බෙබි හාමු ගමේ නැ.... මෙහෙන් ගියපු පහුවදාම රෙදි ටිකත් අරන් වලව්වෙන් ගියා කියලා කවි කිව්වා....."

"වලව්වෙන් ගිහින්.... එයා... අනේ සදු එයා ආපහු මාව දලා රට ගියාවත්ද සදු.... දෙයියනේ මම ටිකක් හරි සැනසිමෙන් හිටියා එයා මේ ගමෙ හරි ඉන්නවා කියලා හිතන්... ටිකක් කල් ගියාම ආයෙත් එයි කියලා හිතුවා... මාව බලෙන් බන්දන්න යනවා කියලා ආරංචි උනාම ඇවිත් මාව එක්කන් යයි කියලා හිතුවා... එත් එයා මාව සදහටම අත් ඇරලා ගිගිහින්ද...."

"ඔකනේ බැරි.... මම කියන්න බෙබි හාමු ගමේ නැ කියලා විතරයි.... රට අත් ඇරලා ගිහින් කිව්වේ නැනෙ.... එ වගෙම මන් ආවේ තමුසෙට මෙක කියන්න...."

"ම් මොනවාද?...."

"බිත්ති වලටත් කන් තියෙනවා හලෝ.... එ නිසා පොඩ්ඩක් පහත් වෙනවකෝ...."

සිතුක තේ කොප්පෙ මෙස උඩින් තියලා ඇද ලගට ගිහින් සදලි ලගට පහත් උනාම සදලි එයා කියන්න ආව දේ කනට කරලා රහසින් කිව්වා.

"එහෙනම් හරිනේ... දැන් නහයෙන් අඩන්නෙ නැතුව ලැස්ති වෙලා ඉන්නවා...."

"එත් සදු මට බයයි වගෙනේ....."

"බෙබි හාමුව ඔනිනම් ඔය බය නැති කර ගන්නවා...."

එහෙම කියන් සදලි ගිහින් කාමරෙ දොර ඇරියා. එත් එක්කම දොරට හෙත්තු වෙලා හිටිය චතු තල්ලු වෙලා ඇවිත් කාමරෙ මැද වැටුනා.

"ආහ්හ්හ්....."

"චතු!!"

"අහ් සුදු අයියේ... ඔයා තේ එක බිලා ඉවරයිද.... මන් නේ කොප්පෙ අරන් යන්න ආවේ...."

බිමට වැටුන චතු දැකලා සිතුක පුදුමෙන් කතා කරාම සදලි අත් දෙකත් බැද ගෙන දොරට හෙත්තු වෙලා රවන් බලන් හිටියා.

"අහ් බොන්න බැරි උනා චතු.... දැන්නම් නිමිලා ඇත්තේ.... කමක් නැ ඔයා අරන් යන්න...."

"හරි සුදු අයියේ..."

ඉක්මනට නැගිටලා තේ කොප්පෙ අරන් යන්න ආවේ කියලා අඩියට දෙකට සිතුක ලගට ගිහින් කොප්පෙත් අරන් චතු යන්න ගියා.

"මන් කිව්වේ බිත්ති වලටත් කන් තියෙනවා කියලා.... එවා වැඩක් නැ මන් කිව්ව විදිහට ලැස්ති වෙලා ඉන්න...."

එහෙම කියන් සදලි කාමරෙන් යන්න ගියාම. සිතුක හිනා වෙලා ආයෙත් ජනෙලෙ ලගට ගිහින් එලිය බලා ගත්තා.

"එහෙනම් ඔයා මාව අත් ඇරියේ නැ නෙද මගෙ තිනු............

______________________________________________________

චුටි අව්ලක් ගියානේ හි හි 😁❤️ ඔන්න මන් ආයෙත් ආවා


You are reading the story above: TeenFic.Net