ඇකඩමික් වැඩත් එක්ක දවස දෙක ගෙවිලා යන්නේ ඇහිපිය ගහද්දී! ඉතින් රියෝන්ටත් වෙනසකට කියලා තිබ්බේ ඇකඩමික් වැඩත් එක්ක තාත්තාගේ Business වලට යම්තාක් දුරකට සම්බන්ධ වෙන්න සිද්දවුණු එක! සුරේන්ද්‍ර වුනත් රියෝන්ට කරන්න පුළුවන් පරිමාණෙට තමයි වැඩ භාරදුන්නෙ, රියෝන් වුණත් Business ගැන interseting,ඒ නිසා කොල්ලගෙත් අකමැත්තක් නෑ ඒ ගැන.
උදේ තිබ්බ පැය දෙකේ ලෙක්චර් එකට හිටියේ රියෝනුයි,යොෂානුයි,මනිතයි විතරයි. යාපා ගැන ගත්තොත් ලෙක්චර්ටයිම් ගැන මේ ලොකේ අදහසක් ඇති එකෙක් නෙවෙයි.. රියෝන් හරි යොෂාන් හරි කෝල් එකක් අරන් ලෙක්චර්ස් මෙන්න මේ වෙලාවට කන පලාගන්නේ නැතුව වරෙන් කිව්වම තමයි පොරට මතක් වෙන්නේ ඩිග්රියකුත් කරනවා නේද කියලා.
"කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ
මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ
පාඩම් හිටින්නැති චක්කරයක් වගේ
ඉනෙන් පහළ නුඹේ අක්කරයක් වගේ"
ලෙක්චර් හෝල් එකේ දොරත් ඇරන් ඇතුළට එන්න ආව යාපා එළියට යන්න හදපු බෝල කෙල්ලෙක්ගේ මග හරස්කරගෙන මේ නටන නාඩගම දිහා රියෝන්ලා බලන් ඉදියත් මේවා දැකලම ගානකුත් නෑ ! පුදුමේ කියන්නෙ යාපාගේ එක වචනෙකට කෙල්ලොත් දෙපැත්තටම ඇඹරිලා බිම බලාගන්න වැඩිවෙලාවක් යන්නෙත් නෑ.. බෝල කෙල්ලත් කනක් පිටිපස්සෙන් කොණ්ඩ කෑල්ලකුත් රඳවගද්දී යාපා ඩෝර් එක ෆුල් ඇරලා අතිනුත් එළිය පෙන්නලා කෙල්ලට යන්න දුන්නත් හරි එළියේ ඉදිය කොල්ලෙක් යාපාට හිටු කියලා ඔරවනවා.. අර කෙල්ලත් පැද්දී පැද්දී ගිහින් ඒ කොල්ලගේ අතේ එල්ලුනාම යාපා ඇහැක් ගහලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්නත් අමතක කරේ නෑ!
"තේ කොළ! තේ කොළ!! තේ මණ්ඩි! අම්මේ මටත් බඩගිනි..! බොන්න පුචේ ටිංකිරි..! "
යාපා ඇවිත් යොෂාන්ගේ කරට අතකුත් දාගෙන කියද්දී එක්කෙනෙක්ගේ මූණ නම් කේන්තියට රතු වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ.මොකද ඔය ටිංකිරි නමට නිදන් කතාවකුත් තියනවා
"ඕයි.. ටිංකිරි! ප්ලේන්ටි නැද්ද බන් "
අබ අහුරක් දැම්මත් පුපුරන ගානින් ඉන්න මනිත දැක්කම යොෂාන්ටයි රියෝන්ටයි කට ඇතුළේ තද කරගෙන අඟුලු දාන් තිබ්බ හිනාව බොස් ගාලා පනිද්දී!
"තමුසේ ළඟදීම මගෙන් මැරුම් කනවා"
මනිත දත්මිටිත් කන ගමන් යාපාට දුන්නේම අනතුරු ඇඟවීමක්
"ඇයි ඉතින් මේ ටිංකිරි මැණිකට තරහා ගිහින්..ම්ම්..!!"
යාපා ටේබල් එකටත් අතක් තියලා මනිතගේ මූණට එබිලා කියද්දී තප්පරයයි යාපාගේ සෙල්ලක්කාර මූණ අඳුරු වළාවකින් වැහෙන්න ගියේ. මනිතගේ අතේ නහර ඉලිප්පෙන තරමට තද වෙලා තිබ්බ පෑනේ පෑන් තුඩ යාපාගේ දබරැගිල්ලත් මැදගිල්ලත් අතරේ තිබ්බ පොඩි හිඩැසින් ටේබල් එකත් එක්ක කිදාබහිද්දී යොෂාන්ගෙයි රියෝන්ගෙයි ඇස් උඩ ගියේ යාපා කටේ කෙළත් හිදිච්ච ගානට අමාරුවෙන් කෙළ ගිලගෙන වෙව්ල වෙව්ල අත ඇදලා අරගනිද්දී!
"ටි- ටි- ටිං- න්නෑ න්නෑ මේ මනිත උබ බැරිවෙලාවත් සයිකෝකාරයෙ- නෑ නෑ මුකුත් නෑ.. "
මනිතගේ මූණ දැක්කම ඊළඟට කියන්න තිබ්බ ඔක්කොම වචන ටිකත් ගිලගෙන යාපා වෙව්ලන අතත් දෙපාරක් ගසාගෙන යොෂාන්ගේ වතුර බෝතලෙත් එක හුස්මට හිස් කරා
"මනිත උබට පිස්සුද යකෝ තව පොඩ්ඩක් එහා මෙහා වුණානම් මේකගේ අත යකෝ!"
යොෂානුත් යාපාගේ අත අරගෙන එහාට මෙහාට කරලා බලද්දී මනිත යාපාට නොපහත් බැල්මක් හෙලුවා,
"මට මොකද?"
"උබට මුකුත් නෑ නෙවෙයි ලක්ෂ ගනන් ගෙවලා මේවා හදන්නේ උබට හිල් කරන්න නෙවෙයි"
ඔන්න යාපාගේ කට ආයේ පණ ගහලා ඔය කට මෙල්ල වුණා නම් වුණේ මනිතට විතරයි!
"අහ් අන්න දෙව්නෙත් බොසා උබට එන්න කිව්වා! ඒකත් කියන්න අමතක වුණා මේ ටිං- නෑ නෑ මේ පලයන් ෆැකල්ටිය ඉස්සරහා ඇති"
යාපා රියෝන්ට කියද්දී,
"ඒ මොකටද"
රියෝන්ටත් ලිහලා බලන්න තියන මළු ඔබලා බලන්නමනේ පුරුද්ද
"ටිංකිරි පොවන්න!"
ඒ කිව්ව කතාවට රියෝන් යාපාට ඔරවලා ඔළුවටත් එකක් ගහගෙනම නැගිට්ටේ මනිත ආයේ යාපාව කෑලි කරලා කන්න පුළුවන් බැල්මක් දෙද්දී
"විනාඩි 10යි අනිත් ලෙක්චර් එකට.. ඉක්මනට වරෙන්"
යොෂාන් මතක් කරද්දී රියෝන් ඒ පැත්තට තම්බ්සප් එකකුත් දීලා ලෙක්චර්හෝල් එකෙන් එළියට ආවේ දෙව්නෙත් මොකට කතා කරාද කියලා හිතන ගමන්.
රියෝන් සාක්කු දෙකටත් අත්දෙක දාගෙන ෆැකල්ටිය ඉස්සරහ පඩිපෙළ බැහැගෙන ආවේ පඩිපෙළ පාමුල බැම්මට හේත්තිවෙලා කෝල් එකක ඉන්න දෙව්නෙත් දිහත් බලාගෙන! දෙව්නෙත් කෝල් එකේ ඉදන්ම රියෝන්ට බැල්මක් දුන්නේ රියෝනුත් ඊට ටිකක් එහාට වෙන්න හිටගෙන බිම බලාගෙන සපත්තුවකින් බිමට තට්ටු දාදා ඉද්දී!
"ඇයි"
දෙව්නෙත් කෝල් එක කට් කරලා බැම්මෙන් කෙලින් වෙලා ෆෝන් එකත් සාක්කුවට දාගද්දී රියෝන් ඇහුවේ ගනන් නොගෙන.. දෙව්නෙත් ඉතින් ඊට එහා..
"ඇයි"
දෙව්නෙත් තමන් පණිවිඩ ඇරලා ගෙන්නගත්තේ නැති ගානට අනිත් පැත්තට රියෝන්ගෙන් ඒකම අහද්දී රියෝන් හොද පාරක් ඔරවලා ආයේ යන්න හැරුණත් දෙව්නෙත් ඉක්මන් වෙලා රියෝන් ඇඳන් ඉදපු ටීෂර්ට් කොනකින් අල්ලලා රියෝන්ව ළඟට ඇදලා ගත්තා.
"මොකද හදිස්සිය ම්ම්.."
"මගුලක්ද කරන්නේ..! ඇයි එන්න කිව්වේ?!"
රියෝන්ගේ අහේතුක කේන්තිය
"එන්න කිව්වේ මේක දෙන්න..! මොකද තමුසෙගේ ඔච්චර සැර"
දෙව්නෙත් බෑග් එක ඇරලා කෑම එක රියෝන්ට දුන්නා. වසූදා හැමදාම දෙව්නෙත් අතේ එවන රස බත් එක.. ගොඩක් දවස් වලට දෙව්නෙත්ගෙයි රියෝන්ගෙයි යාළුවෝ ඔය කෑම එකයි දෙව්නෙත් ගේන බත් එකයි තප්පර ගානෙන් වාශ්ප කරන්නේ එකට එකතුවෙලා,ඒත් රියෝන්ගේ අතට කෑම එක දුන්නයින් තේරුනේ කෑම වෙලාවට අද දෙව්නෙත් නෑ කියලා. ඉතින් රියෝන් දෙව්නෙත් දිහා බලන් ඉදියා උත්තරයක් බලාපොරොත්තුවෙන්! රියෝන් දෙව්නෙත් ළඟ විතරමද මන්දා ප්‍රශ්න අහන්නේ නැතුව උත්තර බලාපොරොත්තු වෙන්නේ.. ඉතින් දෙව්නෙත් හේතු බඳිනවා,
"අද සීයාතාත්තා එක්ක කැන්ඩි යනවා ඒ නිසා හවස ලෙක්චර් ඉන්නේ නෑ"
දෙව්නෙත් ආයේ වෙන පොකට් එකක් ඇරලා තව මොකක්ද අතට ගත්තා.
"ම්ම්.. හරි"
රියෝන්ගේ කෙටි උත්තර
"ම්ම්.."
කූල් මයිලෝ එකක්!
දෙව්නෙත් දික් කරද්දී වචනයක් නොකියා රියෝන් ඒක අතට ගත්තා.
ආපහු දෙව්නෙත් පැත්තෙන් තව දෙයක් දික්වෙද්දී රියෝන්ගේ ඇහිබැමි ළංවුනේ ඇයි අහන්න. ඒ දෙව්නෙත්ගේ ෆෝන් එක.
"මොබයිල් නම්බර් එක" දෙව්නෙත් කියද්දී
"මොකටද?"
"හා..! බෑනේ ඕන නෑ"
දෙව්නෙත් බොරු කේන්තියක් මවාගෙන ආයේ ෆෝන් එක තමන් ළඟට ගන්න හැදුවත්, රියෝන් ඉක්මන් වෙලා ෆෝන් එක අරගෙන විදුලි වේගෙන් නම්බර් එක ටයිප් කරලා දෙව්නෙත් ඇඟේ ගැහුවත් හරි දෙව්නෙත්ට පොඩි හිනාවකුත් ගියා.. පොඩි එකෙක්ගේ වගේ මුරණ්ඩුකම!
"කැත විදියට සේව් කරලා තිබ්බොත් බලාගමු"
"Alright, I’ll save your number කැඳ බෝයි"
ඒකට රියෝන්ටත් හිනාවක් යන්න ආවාත් කොල්ලා තොල් හපාගෙන හිනාව ගිලගත්තේ අහස දිහා බලලා
"දේව් යමු නේද?"
ඒත් එක්කම එතනට ආව කෙනා නිසා රියෝන්ගේ හිනාව මැකිලා ගිහින් අතේ තිබ්බ මයිලෝ එක අත් අතරට ඉබේටම තද වුණා.
දෙව්නෙත් මේ කැම්පස් එකේ දැකපු දවසේ ඉදන් මේ ඉන්න හිරූ කියන ගර්ල් එක්ක නිතරම එකට ඉන්නවා දැක්කත්, රියෝන්ට ඒ කවුද අහන්න අනන්තවත් වුවමනා වුනත්, රියෝන්ගේ ඇගේම තියන මහන්දත්තකම ඒකට පස්ස ගහනවා! දෙව්නෙත්ගේ යාලුවෝ අතින්වත් ඒ කෙල්ලත් එක්ක දෙව්නෙත්ට තියෙන්නේ යාලුකමක්ද ඊට එහා ගිය සම්බන්ධයක්ද කියන්න කියවුනේ නැත්තේ රියෝන්ගේ වෙලාවටමයි, ඒත් රියෝන්ගේ ඔළුව වටේ කැරකෙන්නෙම 'එහෙම වෙන්න එපා' කියන දේ,
"රියෝන් මල්ලිට ලෙක්චර්ස් ද?"
හිරූ අහද්දී රියෝන් අහක බලාගෙනම ඔළුව වැනුවේ 'ලෙක්චර්ස් නැත්නම් මෙතන ඉන්නවද පිස්සු ගෑණියේ' කියන හිතින් හිතන දේ කටින් පිටකරගන්න බැරුව.
"අපි ගිහින් එන්නම් මල්ලී"
ඒකටත් අහක බලන්ම ඔළුව වනලා දෙව්නෙත් මුකුත් කියන්නත් කලින් රියෝන් කඩාගෙන බිදගෙන ෆැකල්ටිය ඇතුළට ආවේ හිතට දැනෙන නොරිස්සුම් හැගීමෙන්.
ලෙක්චර් එක පටන්ගෙන පැය භාගයක් වෙන්න ආවත් රියෝන්ට කිසිම අවදානයක් දෙන්න බැරි තැන ටේබල් එක උඩ තියන මයිලෝ එක දිහත් ඔරවලා බලද්දී.. එක්කෙනෙක් අවදානෙන්,
"මොකක්ද අවුල"
යොෂාන් ඇහුවේ පොයින්ට්ස් වගයක් පොතේ නෝට් ඩවුන් කරගන්න ගමන්.
"ඇයි ඒ? මොන අවුලක්ද? එහෙම මුකුත් නෑ"
"ෂුවර්ද?"
සාමාන්‍යයෙන් තමන්ගේ ළඟම අයගේ පොඩි වෙනසක් වුණත් මුලින්ම අදුරගන්න පුලුවන් කෙනෙක් තමයි යොෂාන් කියන්නේ.. කොච්චර ආතල් ගන්න චරිතයක් වුණත් පොරගේ මීටරේ නම් හොදට වැඩ. එහෙමයි කියලා කිසි දෙයක් හාරාවුස්ස යන ජාතියේ කෙනෙකුත් නෙවෙයි!
එතකොටම වගේ ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක එක පාරක් වයිබ්රේට් වෙද්දී,
Unknown number එකක්..
"What's wrong? Ai kenthiyen giye"
රියෝන් WhatsApp එකට ගියත් නොටිෆිකේෂන් බාර් එකෙන්ම මැසේජ් එකත් බලලා අදාළ පුද්ගලයගේ Dp එකේ තිබ්බ උඩ බට්න් තුනක් පන්නපු Olive green colour ෂර්ට් එකකින් ඉන්න හාදයාගේ mirror selfie එකටත් ඔරවලා හාවා හඳ දකිනවා වගේ බලන ස්ටේටස් පැත්තට ඔළුව දැම්මේ ඔන්ලයින් පෙන්නලා කාව ඉග්නෝර් කරන්නද මන්දා.. නම්බර් එක සේව් නැතුව online පෙන්නන්නේ නෑනේ කියලා මතක් වෙද්දී තමන්ගෙම අතින් ඔළුව පිටිපස්සටත් එකක් ගහගෙන ඉක්මන්ට Everyone ඔප්ෂන් එක දුන්නේ තෘප්තිමත් හැගීමකින්!
"Phones away, please! I can see everything"
ලෙක්චරර් කියද්දී රියෝන් Status යන්න ඇරලා ෆෝන් එක පැත්තකින් තිබ්බේ පැයකට කිට්ටු වෙන්නවත් ඔය ස්ටේටස් ටික ඉවරයක් වෙන්නේ නැත්තේ කැම්පස් එකේ අයගේ Birthday wishes, ලැප් අස්තානගතවීම්,එකී මෙකී නොකී දේවල් වලින්ම කියලා දන්න නිසාමයි.
රියෝන් පුටු ඇන්දට බර වෙලා අත් දෙකත් බැදගත්තේ යාපා නිකටට අතකුත් ගහන් පෙරේත තටුවක් දිහා බලන් ඉන්න කුම්භාන්ඩයෙක් වගේ ලෙක්චර් එක කරන අවුරුදු 25ක් විතර වෙන සුදු චූටි හුරතල් පෙනුමක් තියන මැඩම්ව ඇස් වලින් ගිල ගන්න හදද්දී,
"මොන තරම් සැප කඳන් තිබ්බත් හිත යන්නෙම මේ වගේ සාරි අදින සුදු චූටි කෙල්ලන්ටනේ"
Lecture stage එකේ ඒ මේ අත ඇවිද ඇවිද ලෙක්චර්ස් දෙන මැඩම්ගෙන් ඇස් නොගෙනම යාපා කියද්දී
"ගුරු ගෞරවේ රැකපන් බේසිකයා"
"ගුරු ගෞරවේට කලින් එන එක දන්නවද? පුළුවන් නම් කියපන්" යාපාගෙන් යොෂාන්ට අභියෝගයක්
"මොකක්ද?"
"ගුරුගෝල සම්බන්ධය"
මනිතට බකස් ගාලා හිනාවක් ගියත් හරි මුලු ලෙක්චර් හෝල් එකම ඒ පැත්තට හැරෙද්දී මනිතගේ මූණ බලන් ඉද්දීම කජු ලෙල්ලක් වගේ වුණා.
"ඔය ළමයා ඇයි තනියම හිනාවෙන්නේ! ඉස්සරහට එන්න! මේ ඉස්සරහා ඕන තරම් ඉඩ තියනවා.. පොත් ටිකත් අරන් ඉක්මන්ට එන්න"
මනිත පොත් ටිකත් අරන් නැගිටිද්දී යාපාත් නැගිටලා ඉවරයි!යාපාටත් ඉතින් ඉබ්බා දියේ දැම්ම වගේ තමයි
"ඇයි දැන් ඔයා නැගිට්ටේ? එක්කෙනාටයි මම එන්න කිව්වේ"
"යාලුවා පව්නේ මැඩම්"
ඉතින් ඒ ලෙක්චර් එක ඉවර වෙනකන් යාපායි මනිතයි ඉස්සරහම පේළියේ!
.
.
.
.
.
.
• රියෝන් හිමංස කීර්ති බණ්ඩාර (මීදුම් පාරු)
පෞද්ගලික විශ්ව විද්‍යාලයක පළමු වසරේ ඉගෙනගන්න හයිකින් පිස්සුව තියන, ඩාන්සින් වලටත් දක්ෂ කොල්ලෙක්
• දෙව්නෙත් තුහීන බමුණුසිංහ
පෞද්ගලික විශ්වවිද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනගන්න මියුසික් වලට වගේම karate වලටත් දක්ෂයෙක්. රියෝන්ගේ love nextdoor එක!
• මෙවින් යාපා
සරලවම සෙල්ලක්කාරයෙක් සහ රියෝන්ගේ හොදම යාලුවෙක්.
• යොෂාන් නුසිත
රියෝන්ගේ හොදම යාලුවෙක්
• මනිත ලක්ෂාන්
රියෝන්ලගේ ගෑන්ග් එකේ බ්‍රයිටා
• රදීෂ දිනුද්දර
දෙව්නෙත්ගේ හොදම යාලුවෙක්
•අශිද් යොහංස
රියෝන්ගේ මල්ලී
• හිරුණි මන්දාකිණි
.
.
.
.
Characters ගැන අදහසක් ගන්න අමාරු අයට :-)💛
Bye!!
You are reading the story above: TeenFic.Net