Chapter 01 ♡︎

Background color
Font
Font size
Line height

"අලුත් ඉන්ටෙක් එක ගොඩබැහැලා වගේ"

රටේ ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඔඩිටෝරියම් එක අවට තැන් තැන් වල තමන්ගේ දෙමව්පියන් එක්ක සිටින සිසුන්ගෙන් පිරී ගිහින් තිබුණේ විශ්වවිද්‍යාලයේ සිසුන් දහස්දෙනා අතරට තවත් අලුත් මුහුණු සියගානක් එක්කරමින්.

ආදරණීයන්ගේ මාසය වෙනුවෙන් හැඩවුණු රොබරෝසියා මල් පුරවගත්ත මේ භූමිය වෙන කවරදාටත් වඩා ලස්සනයි. රෝස පාටයි!! අලුතින් ආව කෙල්ලෝ කොල්ලෝ ටිකත් අලුත් පරිසරයට ඇස් ඒ මේ අත හරවනවා.

"මචං උබට හිතෙන්නේ නැද්ද සැබෑ ආදරය ජුනියර් බැච් එකෙන් හමුවෙන්න පුලුවන් කියලා!! "

රොබරෝසියා ගහට මෙපිටින් තියන බැම්ම උඩ වාඩිවෙලා ඉදිය එක පිරිමි ළමයෙක් ඇහුවේ එතනම වාඩිවෙලා අත් අතරට හිරවුණු රොබරෝසියා මලක හැඩ බලන තව පිරිමි ළමයෙක් අතට පන්ච් එකක් දෙන ගමන්.

"මලටද? පාටට ද?? ඒත් රෝස පාට!! අනික මල්"

ඒ පිරිමි ළමයා මල ආයේ බිමටම අතෑරියේ බැම්මට හේත්ති කරලා තිබ්බ ස්කෙට්බෝර්ඩ් එකත් අතට අරගෙන නැගිටිමින්.

"What??" තමන්ගේ යාළුවගේ අමුතු උත්තරෙත් එක්ක ඒ පිරිමි ළමයත් බැම්මෙන් නැගිට්ටේ තනි කරට බෑග් එකත් එල්ලගනිමින්

"ලෙක්චර්ස් ඉඳලා මෙහෙම්ම ගෙදර යනවා මම"
‍රොබරෝසියා මල් හැලුණු මාවත දිගේ දෙන්නම ඇවිදගෙන ගියේ 'ෆැකල්ටි ඔෆ් බිස්නස්' කියලා ලොකු අකුරෙන් ගහලා තිබ්බ විශාල බිල්ඩින් එකක් දෙසට.
.
.
.
"අම්මා!"
"අම්මා!!"
"අම්මා!!! මේ ගේට් එක අරින්නකෝ ඔයාගේ චූටි පුතා ආවා!!"

විශාල තාප්පෙකින් වටවුණු තට්ටු දෙකක නිවසක් ඉදිරිපිට කළුපාට ගේට් එකට කොල්ලෙක් තඩි බානවා ඉවරෙකුත් නෑ ගේට් එක ඇරෙන පාටක් පේන්නෙත් නෑ. කොල්ලට පේන්වා දෙවනි තට්ටුවේ පොඩි මල් පැළ ටිකට වතුර ස්ප්‍රේ කරමින් තමන්ගේ මෑණියන් තමන්ව අදෘශ්‍යමාන වස්තුවක් හැටියට දාලා සාර්ථක රංගනයක යෙදෙනවා.

'ශිට් එන ගමන් වල් පැළයක් හරි උස්සන් එන්න තිබ්බේ' කොල්ලා මිමිණුවේ එතන තිබ්බ පොඩි ගලකට පයින් පාරක් දීලා අත් දෙකත් ඉනේ බැඳන්.කොල්ලා ආයේ බැල්කනි එක දිහා බලලා ලොකු හුස්මක් පහත දාලා තාර කට්ටෙන් ඉදගත්තේ ෆෝන් එකත් සාක්කුවෙන් අරන්. මිනිත්තු කිහිපයකින් BMW වර්ගයේ මෝටර් රථයක හෝන් එකට කොල්ලා ඒ දිහා බලාගෙන පිටිපස්සේ තිබ්බ වැලි ටිකත් ගසාගෙන නැගිට්ටේ හිනාවක් එක්ක. තමන්ට ඇරුනේ නැති ගේට් එක ඇරිලා BMW එක වත්තට දාද්දී ඒ පස්සෙන් හොර පූසෙක් වගේ ආව කොල්ලා අම්මටත් පොඩි හිනාවක් දීලා බෙල්ල කසාගත්තේ මොකක් කියම්දෝ කියලා හිතමින්

"පුංචි මහත්තයට අදද මතක් වුණේ අම්මා අප්පව"ගේට් එකත් ලොක් කරලා එන අම්මා කියද්දී කොල්ලට තේරුණා අද නම් අම්මගෙන් බේරුමක් නෑ කියලා.

"අයියෝ අම්මා කැම්පස් එකේ වැඩත් එක්ක හිර වෙලා ඉඳියේ හොදටම,අනික් පැත්තට හයිකින් දෙක තුනකුත් සෙට් වුණා ඒකයි මේ එන්න බැරි වුණේ" කොල්ලත් අනිත් පැත්තට කිව්වේ අම්මගේ උරහිසේ එල්ලීලා.තමන්ගේ අත් අතරට අම්මව දැනුණේ හරිම පොඩියට ඒ උස තමන්ගේ පපුව හරියට.

"ඇත්තමයි කොල්ලෝ දෙන්නෙක් හැදුවා,දනගාන වයස වෙනකන් විතරයි අපි ළඟ, පස්සේ උන් දෙන්නට ඇවිදින්න පුලුවන් වුණා,දැන් දැල් දාලවත් බෑ අල්ලන්න" අම්මා තරහෙන් වගේ කියෙව්වට ඒ උරහිසේ එල්ලීලා තිබ්බ අත් අතරෙන් මිඳුනේ නෑ. තමන්ගේ ලොකු පුතාගේ උණුහුම දැනුණේ මාස 2කට පස්සෙනේ

"රියෝන්!! මල්ලී අද තනියම අපාර්ට්මන්ට් එකේද" ඒත් එක්කම කොල්ලගේ අප්පච්චිත් ආවේ වාහනේ ගරාජ් එකේ පාර්ක් කරලා.

"ඔව් අප්පච්චී,මල්ලිට හෙට දවසම රිවිශන් ක්ලාස් ඒ නිසා ලබන සතියේ එනවා කිව්වේ"

රියෝන් හිමංස කීර්ති බණ්ඩාර, කීර්ති බණ්ඩාර ෆැමිලි එකේ ලොකු පුතා, කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පළමු වසරේ ඉගෙන ගන්න කොල්ලා උපන්ගම ගාල්ලේ වුණත් කොළඹ අපාර්ට්මන්ට් එකක තමන්ගේ මල්ලිත් එක්ක නැවතිලා ඉද්දී අම්මයි තාත්තයි නම් ඉඳියේ ගාල්ලේ.මොකද රියෝන්ගේ තාත්තා වුණු සුරේන්ද්‍ර කීර්ති බණ්ඩාරගේ ව්‍යාපාර කටයුතු බොහොමයක් සිද්දවුණේ සංචාරක නගරයක් වුණු ගාල්ලෙමයි.

"චූටි පුතා දැන් ගිහින් වොශ් එකක් දාගෙන පහළට එන්න, කෑම ලේස්ති කරන්නම් මම  ඉක්මන්ට" රියෝන්ගේ අම්මා කොල්ලගේ අතට පොඩි තට්ටුවක් දාලා කියද්දී, අම්මාගේ මූණටත් චොක් ගාලා කිස් එකක් තියලා කාමරේට ඇවිත් දොර වහගත්තේ බෑග් එකත් පැත්තකින් තියලා ඇඳේ හතරගාතෙන් වැටිලා.

අමාරුවෙන් ඇඳෙන් කෙලින් වෙලා විනාඩි පහෙන් දහයෙන් වොෂ් දැම්ම රියෝන් ටවල් එකත් ඉනේ පටලගෙන එක අතකින් කොණ්ඩෙත් ගසන ගමන් ෆෝන් එක අතට ගත්තේ නොටිෆිකේෂන් එකක් දැකලා මූණට හිනාවක් එද්දී.

"චූටී පහළට එන්න කෑම ලෑස්තියි" වසූදාගේ සද්දේ ඇහුණු රියෝන් ෆෝන් එකත් චාජරේට  දාලා ඇදුමකුත් දාගෙන පහළට ආවේ අම්මාගේ කෑම වල රස මාස දෙකක් තිස්සේ මගෑරුණු එකටත් එක්ක හරියන්න කනවා කියලා හිතන්

"අම්මා කවන්නකෝ" කෑම මේසේ වාඩිවෙන ගමන් රියෝන් හොඳ හුස්මක් උඩට ඇදලා ගත්තේ සුවඳටම බඩ පිරෙද්දී.චිකන් කරියක් එක්ක පරිප්පුයි, අල බැදුමයි, පපඩමුයි.

අල්ලපු ගෙදර පැත්තෙන් සද්දෙට මියුසික් එකක් ඇහෙද්දී රියෝන් බත් කටක් කටේ පුරවන් ඒ පැත්තට කන් දික්කරේ ප්‍රශ්නාර්තයකින්.

"මිසිස් බමුණුසිංහ නම් වයසට ගියත් චිල් එකේ ඉන්නවා වගේ"
සුරේන්ද්‍රත් කෑම මේසෙන් ඇවිත් වාඩි වුණේ තද කොළ පාට බතික් සරමක් ඇඳලා. අවුරුදු පනස් ගානක් වුණත් කඩවසම් පරිණත පෙනුමක් ඔහුගෙන් පෙනුනේ.

"කවුද අප්පච්චි? අල්ලපුගෙදරින් නේද ඒ සද්දේ එන්නේ,ඒ ගෙදර මෙච්චර කල් වහලා දාලානේ තිබ්බේ" තවත් බත් කටකට කට අරිමින් රියෝන් ඇහුවේ

"ඒ ගෙදර කලින් ඉදිය අය ආයේ පදිංචියට ඇවිත්" රියෝන් බත් කට හපමින්ම ඔලුව වැනුවා.

"අවුරුදු දහයකට විතර පස්සේ ඔය ආයේ පදිංචියට ආවේ මම හිතන්නේ, ඒ මිනිස්සුන්ට සිද්දවුණු කරදර වල හැටියට මෙහේ ඉන්න පුලුවන්කමක් තියෙන්නත් නැතුව ඇති" වසූදා කිව්වේ අවුරුදු 20ත් පැනපු අලි කොල්ලට බත් කටක් ගුලි කරලා කට ඇතුළට ඔබමින්. අම්මගේ චූටි පුතාලු නේ ඉතින්

"අපේ රියෝන්ගේ වයසේ වගේ පුතෙකුත් ඉදියා නේද වසූ"

"හරි ලස්සන පුතෙක් ඉන්නවා සුරේ, චූටිට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් මම හිතන්නේ"

රියෝනුත් බත් කටවල් ගිල ගිල අහන් ඉදියේ අල්ලපු ගෙදර විස්තරේ.

"අම්මටත් ඉතින් මෙච්චර ලස්සන පුතෙක් ඉද්දී වෙන පුතාලගේ ලස්සන තමයි පේන්නේ" රියෝන් කියද්දී සුරේන්ද්‍රට හිනාවක් ගියා.

"හදිස්සියෙන් හරි අර කාමරේ ඇතුළේ තියන කණ්නාඩියෙන් මූණ බලන්න,එතකොට තේරෙයි මගේ පුතාට" වසූදා කියද්දී රියෝන්ගේ කට ඇද වුණා

"අම්මා!!!" රියෝන් ඔරවගෙනම අන්තිම බත් කටට කට ඇරියා.

අම්මලත් එක්ක රෑවෙනකම් කියව කියව ඉදිය රියෝන් උඩට ආවේ හොද නින්දක් දාන්න, ගොඩ දවසකට පස්සේ අම්මලත් එක්ක ඉන්න ලැබුණු එකෙන් රියෝන්ගේ හිතත් පිරිලා තිබුණා. කොහේ ඉදියත් තමන්ගේ පවුල ඇතුළට ආවම දැනෙන්නේ උණුසුම් හැගීමක්. මල්ලිත් අද ඉදියනම් කියලා රියෝන්ට හිතුණා.කොළඹ ඉදන් ආව නිසා දැනුණු ගමන් මහන්සියටම කොල්ලා ඉක්මනටම නින්දට වැටුණා.

Vroom Vroom Vroom Vroom~~~

‍රියෝන්ගේ සැප නින්දට සෙනසුරාදා උදේම හෙනහුරා ගැහුවේ Alarm එකටත් කලින් තණකොළ කපන මැෂිමක සද්දේ කන්දෙක පසාරු කරන් ඇහෙද්දී!
"Argh, WTF is going on" රියෝන් තරහින්ම කොට්ටයක් අරන් ඔළුවට තියලා තද කරගත්තා.
"Shit"
ම්හ් වැඩේ හරියන්නේ නෑ.රියෝන් නින්ද කැඩුනු එකටත් සාප කරගෙන ඈලි මෑලි අරිමින් ඇද උඩ ඉදගත්තේ ෆෝන් එකෙන් වෙලාව බලමින්.උදේ 8ත් නෑ. එහෙම්ම පහළට ඇවිත් කුස්සියට ඔළුව දාපු රියෝන් දැක්කේ අම්මා උදේම කොළ කැඳ හදනවා. උදේ කිරි එක නැති කරන ඒ අකාරුණික දවස 'සෙනසුරාදා'.හැම සතියෙම සෙනසුරාදා මේ ගෙදර උදේට කොළ කැඳ වරදින්නේ නෑ.රියෝන් නම් ඉඳියේ උදේම හෙනයක් වැදුනා වගේ.

"මට නින්දක් නෑ සෙනසුරාදාට
මම හිනැහෙන්නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ,මම බොන්නෙත් නෑ

මට වැඩකුත් නෑ සෙනසුරාදාව"

කිචන් පැන්ට්‍රි එකට හේත්තිවෙලා රියෝන් කියවගෙන කියවගෙන ගියා. වසූදට නම් හිනයි. මොකද මේ කොල්ලගේ කියවිල්ල ගොඩක් කාලෙකින්නේ මේ ගෙදර ඇහෙන්නේ.

"ගුණ දෙයක් කන්නේ බොන්නේ ගෙදර ආවොත් විතරයි,මම නම් දන්නේ නෑ අයියයි මල්ලියි මොනවා උයන් කනවද කියලා, ලෙඩක් එහෙම හදාගත්ත දවසට තමයි මම බලාගන්නේ" වසූදා කියද්දී රියෝන් ෆිජ් එකෙන් කූල් වතුර බෝතලයක් ගත්තා.

"අම්මා මේ!!පහුගිය දවසක අපි දෙන්න කුරක්කන් පිටි පැකට් එකක් ගෙනත් රොටිත් හැදුවා.Never doubt what we can do Amma" රියෝන් කියද්දී ලොකු ග්ලාස් බොට්ල් එකකට කොළකැඳ එකක් පුරවමින් ඉදිය වසූදා හැරිලා බැලුවේ ඇහුන දේ විශ්වාස කරගන්න බැරුව.බෝතලෙත් කටේ ගහගෙන වතුර බොනගමන් කොල්ලා ඇහැක් ගැහුවා.

"චූටි ඔහොම්ම මේ කොළකැඳ බෝතලේ ගිහින් දෙන්නකෝ මිසිස් බමුණුසිංහට"
"කව්ද බමුණුසිංහ?"
"අල්ලපු ගෙදර ආත්තම්මා දරුවෝ,එයාලා ආවත් හරි මොනවත් දෙන්නත් බැරි වුණා ,මේක දීලා එන්නකෝ"

රියෝන් කැඳ බෝතලෙත් අරන් එළියට බැස්සේ අල්ලපු ගෙදරට යන්න.'ගේට් එක ඇරගෙන ගියොත් අඩි 50ක් විතර ඇවිදින්න වෙනවා,තාප්පෙන් පැන්නොත් අඩි 10න් ශේප්' රියෝන් කැඳ බෝතලේ තාප්පෙ උඩින් තියලා අත් දෙකට බරදීලා අල්ලපු ගෙදරට පැනගෙන අත් දෙක ගැසුවේ වටේටම සර්ච් කරන ගමන්.පැත්තක හේත්ති කරලා තියන තණකොළ කපන මැෂිමටත් ඔරවලා ඉස්සරහට ඇවිදන් ගියේ ඇහැකුත් පොඩි කරන ගමන්.නැගිට්ට පැදුරෙන්නේ මේ උදේම ගෙදරකට එන්නේ.මූණකටවත් හෝදගෙනද? අවුරුදු ගානක් පාළුවට ගිහින් තිබ්බ ගෙයක් වුණත් ඒ අවුරුදු ගානම හොදට නඩත්තු කරපු පෙනුමක් තිබුණේ පාළුවට ගියා කියන්න කිසිම සළකුණක් වත් නොතිබෙද්දී,ඒක තට්ටු දෙකකින් යුක්ත සරල සාමාන්‍ය ගෙයක්. රියෝන් ඩෝර් බෙල් එක එක පාරක් ගැහුවා!!දෙපාරක් ගැහුවා!! 
තුන්වෙනි පාර බෙල් කරන්න හදද්දීම

'ක්ලික්' දොර ඇරුණා.අළු පාට ස්වෙට්පෑන්ට් එකකට සුදු ඕවර්සයිස් ටීෂර්ට් එකක් ඇදලා බෙල්ලේ හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉන්න කඩවසම් කොල්ලෙක්.රියෝන්ට වඩා අගලක් දෙකක් උසයි,!
ඒ පිරිමි ළමයා තමන් ඉස්සරහා ඉන්න රියෝන් දිහා බලන් ඉඳියේ ප්‍රශ්නාර්තයකින්.

"කව්ද මේ? කාව හම්බෙන්නද?" ඒක ගැඹුරු කටහඩක්!!







Stay tuned for what comes next :-)


You are reading the story above: TeenFic.Net