අම්මගෙයි තාත්තගෙයි love හුටපටේ පටන් ගත්ත විදිහ අහා අහා කරදර කරන ගමන් බිනුක ඉස්කෝලෙට ආවා. අද ඉතින් බිනුකගේ A/L පංතියේ දෙවනි දවස. ඊයේ තමයි බිනුකලට classes බෙදුවෙත්. ඉතින් බිනුක ඉන්නෙ 12-A class එකේ. ඊයේනම් ඉගැන්න්වේ නෑ. අදත් නෑ තමයි ඉතින්.
Class එකට ගිය බිනුක එයාගේ යාලුවා වෙච්ච සවේන් ලගට bag එකත් අරන් ගිහින් සවේන්ගේ මේස උඩින් තිබ්බා
" සවියා "
" අහ් මචං බිනුකයා. උබ දැන්ද ආවේ? මං හිතුවා අද එන එකක් නැතිවෙයි කියලා. මොකද බං පරක්කු උනේ? මරු පිපෙට් අයියා "
" පාරේ traffic බං "
" අනේ ඉතින් උබට හැමදාම පරක්කු උනොත් චැෆික් හැයි හැයි තමයි "
ඉතින් බිනුක වගේම සවේනුත් හිනාවෙවී ඉන්නකොට බිනුක සවේන්ගෙන් ඇහුවේ ඇත්තටම අහන්න පරක්කු වෙච්ච ප්‍රශ්නයක්
" කෝ බං නිසල් , නිසදු දෙන්නා ? ඊයේ එනවා කිව්වනේ "
" අහ් උන් දෙන්නා ගියා බං අර විනය බොස් ලොක්කා එන්න කිව්වනේ විසලයානම් බෝදිය අතුගාන්න එක්කන් ගියා නිසදුවව පොඩි උන්ගේ පේලි හදන්න එක්කන් ගියා "
" අහ්... මරු දෙන්නව බෝදිය අතු ගාන්නයි පොඩි උන් බලන්නයි එක්කන් ගිහින් තියෙන්නෙ. ඒක නෙමේ අනිත් ප්‍රිෆෙක්ට්ලත් නෑනේ. උන්වත් වැඩ වලට යවලා. මං දැන් ආවේ. උබ මොනාද පංතියේ කරන්නේ? "
" මාවත් අර ගේට්ටුව ලගට ඩිඋටි ද්ම්මා බං.රෙද්ද. මට මේ physics ගනන් ටික හදා ගන්න ඕනේ. මගුල. ඉතින් මං පැනලා ආවා "
" අනේ යකෝ උබත්. Physics රජෙක් බං උබනම් "
බිනුකගේ ඉස්කෝලේ යාලුවෝ තමයි සවේන්, නිසදු, නිසල් කියන්නේ. සවේන් ටිකක් ඩීසන් ඒ වගේම වැඩ කරන්නම බලන් ඉන්න කෙනෙක්. එයාගේ ජීවිතේම ඉතින් physics තමයි. අනිත් දෙන්නම් උලත් එකයි පිලත් එකයි ඩබලක්. බිනුකට තව යාලුවෝ ඉන්නවා. ඉස්සරහට එයාලව හම්බෙමු
" මේ විසලා මං ගිහින් ශෙහානයව බලලා එන්නම්. ඌත් පන්තියෙ ඇත්තේ. ඌ මං එනකන් පංතියේ ඉන්නවා කිව්වා "
" හරි හරි යමං නිම්සද කිව්වා ඌ එන්න කිව්වම උබ එනකන් ඉන්නවා කිව්ව කියලා මට අමතක උනා "
" නිම්සදව මට හම්බුනා ඌත් බෝදිය අතු ගාන ගමන් හිටියේ. එහෙන්ම් මං ගියා "
" හරි බං එල "
නිම්සද කියන්නෙත් බිනුකගේ යාලුවෙක්. ශෙහාන් කියන්නේ බිනුකගේ හොදම යාලුවා. බිනුක, ශෙහාන්, නිම්සද සවේන්, නිසදු, නිසල් කියන්නේ යාලුවෝ සෙට් එක.
බිනුක - ශෙහාන්
නිසදු - නිසල්
සවේන් - නිම්සද
කියන්නේ හොදම යාලුවෝ.. මෙයාලා 10,11 ඒ කියන්නේ O/L පංතියට එද්දි බිනුක, නිසදු, සවේන්, නිසල් 12 - A එකට වගේම ශෙහාන්, නිම්සද 12 - B එකට වැටුනා. A-B කිව්වම එක ලග වගේ උනත් මොකද පන්ති දෙක තියෙන්නෙ එහා කොනෙයි මෙහා කොනෙයි. ඉතින් කලින් පොරොන්දු උනා වගේම බිනුක එයාගේ යාලුවා වෙච්ච ශෙහාන්ව බලන්න ශෙහාන් ගේ class එකට ගියා. හොදම යාලුවෝ උනාම ඉතින් යාලුවව දැක්කම පොඩ්ඩක් හීනියට නෙමෙයි ගුලි කාලා වගේ ඕන කෙනෙක්ට හිනා යනවනේ. ඉතින් බිනුකට ශෙහාන්වත් ශෙහාන්ට බිනුකවත් දැක්ක ගමන් බකස් ගාල හිනාවක් පැන්නා.
" හිනා වෙන්න එපා බං "
" කව්ද බං හිනා උනේ? හිනා ගියා මිසක් "
දෙන්නත් එක්කම ඉතින් මෙහෙම හිනා වෙලා හැමදාම කරන්නේ ඇයි හිනාවෙන්නෙ?හිනා උන්නෑ හිනා ගියා කියන එක තමයි ඉතින්.
" අනේ.. හරි පව්. ඇයි පරක්කු උනේ? මං බලන් හිටියා "
" ට්‍රැෆික් බං "
" ම්ම් "
යාලුවා ආවට මොකද ශෙහාන් නම් හිටියේ දාහට අරන් සීයට දීලා වගේ. ඔව් ඉතින් මොකා කොහොම හිටියත් හොදම යාලුවා නැතුව බෑනේ
" මොකෙද්ද වගේ ඉන්න එපා බං. නිම්සද ඉන්නවනේ. මං එන්නම් free වෙලාවට උබව බලලා යන්න. අනිත් එක දැන් අද අලුත් උනුත් එනවනෙ. උබට හොදම යාලුවෙක් හොයාගන්න පුලුවන් වෙයි ඒ නිසා බය නොවී ඉදහන්"
බිනුක උනත් යාලුවා නැති එකට අව්ලෙන් හිටියත් බිනුකට ඕන උනේ ශෙහන්ගේ හිත හදන්න වගේම තමන් නැති හැම වෙලාවකම යාලුවා ලග ඉන්න යාලුවෙක් ඉන්න එක හොදයි කියලා තේරුම් කරන්න.
ඒත් ඒකටනම් ශෙහාන්ට තරහා ගියා මොකද කව්ද කැමති තමන්ගේ හොදම යාලුවා තමන්ට වෙන හොදම යාලුවෙක් හොයා ගන්න කියද්දි දුක හිතෙන්නැද්ද? තරහ යන්නැද්ද?
" අලුත් එකෙක්? අනේ මේ සෙට් වෙයි පකක්. තෝ මගෙන් මැරුම් නොකා ඉදහන්. මට ඕන්නැති අලුත් එකෙක් නෑ බිනුකයා. නිම්සද ඉන්නවා තමයි ඒත් ඌ හොදම යාලුවා නෙමෙයි. මමයි නිම්සදයි දෙන්නම උබයි සවේනයයි නැතුව අවුලෙන් ඉන්නේ. එහෙම එකේ උබ කියන්වා අලුත් එකෙක් ගැන. අහ් ඔව් නේ අලුත් උන් එනවනෙ උබත් අලුත් එකෙක්ව සෙට කරගනින් එතකොට හරි "
" හරි හරි බං ඩෝං යන්න දෙයක් කිව්වේ නෑනේ. ඒක මං එච්චර හිතලත් නෙමෙයි කිව්වේ "
බිනුක කිව්වේ ඇත්ත මොකද එයා ශෙහාන්ට ඒකට එච්චර අවුල් යයි කියලා හිතුවේ නෑ
" ම්ම්.. එක නෙමෙයි දැං කවදා වෙනකන් උබලා හතර දෙනා මේ විදිහට අපේ පන්තියට අපිව බලන්න එනවද ? "
නලලත් රැලිකරන් ඇහි බැමක් උස්සන් ශෙහාන් අහපු ඒ ප්‍රශ්නෙට බිනුක උත්තර් දුන්නෙ විහිලුවෙන් වගේ ඇගට පතටත් නොදැනි
" ම්ම්ම්... අනිත් තුන්දෙනා ගැනනම් දන්නෑ හැබැයි මමනම් උබ අලුත් එකෙක්ව සෙට් කරන් මචං උබ ආයේ කරදර වෙන්න ඕනේ නෑ. මට මූ ඉන්නවනේ. උබ කරදර වෙන්න එපා බං කියලා කියන්නේ කවද්ද මං එදා ඉදන් එන්නේ නෑ "
" මොකද්ද බං ඒ කතාව? කොහොම උනත් ඒකනම් වෙන්නේ නෑ. ඒ නිසා උබට දිගටම එන්න වෙනවා අපේ පන්තියට "
" පන්තියට එන එක නම් මහලොකු දෙයක් නෙමෙයි බං. ඒත් උබට පංතියෙ කියලා ඉන්නේ නිම්සදයා විතරයි. එහෙම එකේ තව එකෙක්ව සෙට් කර ගනින් පංතියේ ඉන්න. අනිත් එක මං උනත් හැමදාම ඉන්නෑනේ. ඒ නිසා තව හොදම යාලුවෙක් කියන්න එකෙකුත් හොයා ගනින් "
" මං හැමදාම ඉන්නේ නෑ " මොකක්ද ඒ කතාවේ තේරුම ? අනිත් එක බිනුක ශෙහාන්ව දාලා කොහෙද යන්නේ? එක පාර ප්‍රශ්න පත්තරයක් ඔලුවට කඩන් එද්දි ශෙහාන් අහනවා බිනුකගෙන්. මොකක්ද ඒ කිව්ව කතාවේ තේරුම කියලා
" ඒක මං බලා ගන්නම්. අනිත් එක උබ කොහෙද යන්නේ? මොකද්ද හැමදාම නෑ කියන කතාව? "
" ඇයි බං තාත්තාගේ ෆොරින් ට්‍රේනින් එක ආවම යන්න එපැයි අවෘද්දකට හරි දෙක්කට හරි. වෙන මගුලක් නෙමෙයි කිව්වේ "
ඔව්නේ බිනුකගේ තාත්තා ෆොරින් ට්‍රේනින් යන්න ඉන්නේ UK වලට ඉතින් තව ටික කාලයයි ඒ ගමනට තියෙන්නෙ. ඒකයි බිනුක එහෙම කතාවක් කිව්වේ. ශෙහාන්ටත් දැන් තමයි ඒක මීටර් උනේ
" ම්ම් උබට ගියාම අපිව අමතක වෙයි නේද? "
" පිස්සුද බං උබලට මාව අමතක වෙයි. මොකද මම කියන්නේ තනි මනුස්සයෙක්. මං නෑ කියලා මොකුත් වෙනස් වෙන්නෑ. උබලගේ හැමදේම මං කියන්නේ ඉස්කෝලේ ගෙදර නගරේ රට මූන ඉස්සරහට හම්බෙන මිනිස්සු ඔක්කොම එහෙම්මමයි වෙන්නේ මං කියන තනි මනුස්සයව නොදකින එක විතරයි. ඉතින් හැමදේම එහෙම්මම තියෙද්දි මං වගේ තනි මනුස්සයෙක් නැති එක උබලට දැනෙයිද?
මට හැමදේම වෙනස් උබලා සෙට් එකම නෑ රට නගරේ මිනිස්සු ඉස්කෝලේ යාලුවෝ හැමදේම වෙනස්. මට හැමෝවම නැතිවෙනවා. ඒ වෙනස ඒ අඩුව ලොකු වැඩී බං. ඒ නිසා උබලව මට නිතරම මතක් වෙයි. කවදාවත් අමතක වෙන එකක් නෑ "
" එහෙම අ- "
ඇත්තටම ඔව්. මිනිස්සුන්ට එක දෙයක් අමතක කරන්න පුලුවන් උනාට ගොඩක් දේවල් එක සැරේ අමතක කරන්න පුලුවන්ද? ඇත්තට බෑ. ඉතින් බිනුක කියපු මේ කතාවට ශෙහාන් උත්තරයක් දෙන්න ගියත් ඒක එහෙම්මම නවත්තලා පන්තියේ දොර දිහස් බැලුවේ අර හතර දෙනාගේ සද්දෙට
" අඩේ බිනුකයා... ශෙහානයා...ඌෆ්..ස්ස්..ආයිහ්..අම්මෝහ්... ගනින් බං මේක "
" අඩෝ...ආ.ආ.. මේකත් ගනින්. අම්මොහ්.. "
" ම්ම් ගනින් "
" මේකත් ගනින් "
සෙට් එකත් එක්කම නට නට බිනුකවයි ශෙහාන්වයි හොයන් ඇවිත් තියෙන්නේ කැන්ටිමේ උනුම උනු උලුදු වඩේ, එලවලු රොටි, රෝල්ස් වගේම තේ කෝප්ප ටිකක් උස්සන්
" මේ මොනාද බං? කොහෙන්ද? "
" උබට පේන්නැද්ද පකෝ ? ඇස් පොට්ටද ? අපේ පිනා ගානේ අද කෑම දන්සලක්. ඉදා ගනින් "
බිනුක අහපු ප්‍රශ්නෙට නිසල් දුන්නු උත්තරේ තමයි ඉතින් ඔය. ඒ උත්තරේට නම් සෙට් එකටම හිනා ගියේ බිනුකගේ මූන අට පට්ටමක් වගේ වෙද්දි
" සිරාවට කොහෙන්ද බං? "
" දන්නෑ වගේ අහන්න එපා බං. කැන්ටිමෙන්. අනේ උබත් "
නිම්සද තේ කෝප්පේ බොන ගමන් උත්තර දුන්නේ ශෙහාන් රෝල්ස් එකක් කටේ ගහන් අහපු ප්‍රශ්නෙට
" බිනුකයා ගනින් මේ උලුදව. උබටමයි ඇන්ටිට කියලා වලලු දාපු අත් වලින් හදන් ආවේ. ලුනු මිරිස් අඩුවෙන් දාලා ගනින් "
" උලුදෙක් එපා. උලුදු වඩයක් දියන් "
" අනේ හරි හරි පකෝ. වඩේ වඩේ ව-ඩේ ගනින් මේක. මේක වෙන එකක් එක්ක මාරු උනොත් එහෙමෙ උබට අද මෙතන ඉන්න වෙන්නෑ "
බිනුකට එච්චර සැර කන්න බෑ. ඉස්සර නම් කෑවා. ඒත් O/L කරද්දි හැදිච්ච ගෑස්ට්‍රික් තාම තියන නිසා බිනුකට සැර කන්න බෑ. කිරි හොද්දක් කෑවත් බඩ දැවිල්ල එන බිනුක කොහොමද ඉතින් කැන්ටිමේ ඇන්ටිගේ සැරම සැර ලුනු මිරිස් එක කන්නේ. යාලුවෝ මේ ගැන දන්න නිසාම බිනුකට සැර කන්න දෙන්නෑ වගේම බිනුකගේ කෑම ගැනත් සැලකිල්ලෙන් තමයි ඉන්නේ
ඔන්න ඉතින් ඉතින් කතාවෙන් කතාව ඔක්කොම කෑම ටිකත් මේ හයදෙනා කාලා ඉවරයි. ඉතින් ඒත් එක්කම මේ පන්තියට ආවේ පන්තියේ class teacher
" ලමයි ආයුබෝවන් "
" ඕවාද සිප්ප දානේන
සික්කාපේති මහං ගරූ
සගාර වේන චිත්තේන
අහං වන්දාමි තං ගරූ "
" වාඩි වෙන්න "
" ලමයි රෙජිස්ටර් එකට නම දාන්න ඔයාලගේ Birth certificate එක අරන් එන්න. පහසු කම් ගාස්තු ගේන්න සහෝදරයෙක් ඉන්නවනම්........"
ඔන්න ඉතින් ටීචර් ඇවිත් පන්තියේ එක එක ඒවා කියනවා. ඒත් ප්‍රශ්නයක්. ඔව් ඔව් ප්‍රශ්නේ තමයි මේ පන්තියේ දැන් පන්තියට අදාල නැති හතර දෙනෙකුත් ඉන්නවනේ පන්තියට යා ගන්න බැරුව
" අඩේ යකෝ යන්නෙ කොහොමද බං? මේ ගෑනි පන්තියෙන් යන්නෙත් නෑනේ "
" ඒකනේ බං. ශිට් "
" අනේ පකෝ පන්තියේ මොනා කියනවද දන්නෙත් නෑ "
" අපිව හොයයිද දන්නෙත් නෑ "
" ඔහොම හෙමීට මාරු වෙලා පලයන් "
" ඉදහල්ලා. දැන් යයි සමහර විට"
ඔන්න ඉතින් කියවලා කියවලා පැයක් විතර ඉදලා ටීචර් පන්තියෙන් එලියට ගියා. දැන් ඉතින් සෙට් එකම යන්න තමයි ලෑස්තිය
" අම්මෝ ඇති යන්තන් යමං "
" ඔව් යං යං අපේ ගෑනි අපිව හෙව්වද දන්නෙත් නෑ "
" කව්ද පකෝ උබේ ගෑනි? ඉදහන් උබ අපේ කියලා නේද කිව්වෙ? අපි කවද්ද බං එක ගෙයි කෑවේ? "
" අනේ පකෝ අපේ ගෑනි කිව්වෙ එහෙම ගෑනියෙක්ට නෙමෙයි class teacher ට "
සෙට් එකටම හිනා ඉතින් කට්ටියම යන්න දොර ලගට ඇවිත් පිටිපස්ස් හැරිලා ආයෙත් ශෙහාන්ටයි නිම්සදටයි සමු දුන්නා
" අපි ගියා "
"යනවෝ"
"බායි"
"ටටා"
"අපි කැපුනෝ"
"අපි යන්වා"
ඔන්න ඉතින් තනකොල ගලවන්න වෙන්න කලින් කොහොම හරි නෙතුන් අම්මයි තාත්තයි එක්ක ඉස්ක්කෝලෙට ආවා වගේම වෙලාවටම main hall එකේ meeting එකටයිත් හිටියා
" අලුත් දරුවෝ ටික section එක ඉස්සරහට එන්න. අම්මලා තාත්තලාට යන්න පුලුවන් "
අම්මලා තාත්තලාට යන්න කිව්වනනම් නෙතූට පොඩි හිතාගන්න බැරි හැගීමක් දැනුනේ මොකද කියන්වනම් එයාට පරන යාලුවෝ මතක් වෙච්ච එක තමයි ඉතින් හේතුව. Classes වල අදුරන ලමයි, යාලුවෝ එහෙමත් අලුත් ඉස්කෝලේ හිටියත් ඉතින් ලගම යාලුවන්ව මතක් වෙනවනේ. හැබැයි සතුටට කාරනේ නම් නෙතූගේ හොදම යාලුවයි තව යාලුවෝ දෙන්නෙකුයි නෙතුන් එක්ක මේ ඉස්ක්කෝලෙටම වැටිච්ච එක උනත් නෙතුන්ට දුක හිතෙන්නේ එයාලා පරන ඉස්කෝලේ කරාටි ටූනමන්ට් එකට ඉන්න එක. නෙතුත් කරාටි කරාට නෙතූට ටූනමන්ට් එකට යන්න බැරි උනේ එයා අසනීප වෙච්ච නිසා. කොහොම උනත් නෙතූගේ යාලුවෝ අලුත් ඉස්කෝලෙට එන්නෙ තව මාස එකාමාරකින්. මොකද ටූනමන්ට් එක එයාලා play කරන්නේ පරන ඉස්කෝලෙන්නේ.
" දැන් අලුත් නෑ. හැමෝම මේ ඉස්කෝලේ ලමයි. ඔයාලගේ නමත් එක්ක class එක කියනවා පෝලිමකට දෙන්නා දෙන්නා හැදිලා section එක ඉස්සරහට එන්න අම්මලා තාත්තලව යවලා "
" ආහ් ලමයි ඔයාලා තාම කාලා නෑ නේද? 10.30 පහු වෙලා. අනිත් යාලුවෝ නම් කාලා ඇති. ඔයාල classes දුන්නට පස්සේ class එකට ගිහින් කෑම කන්න "
ඉතින් teachers ලගේ කතාව අහන් හිටපු සවිනි ප්‍රගීත් දෙන්නත් නෙතූට teachers ලා කිව්ව විදිහට section එක ඉස්සරහට යන්න කිව්වා
" යන්න නෙතූ "
" අපි ඔයාලා classes වලට යනකන් මෙතන ඉදලා යන්නම්. ඔයා යන්න නෙතූ "
" කන්නේ නැතුව ඉන්න එපා. Class එකට ගිහින් කන්න. දැන් බඩකිනිත් ඇතිනේ."
" ඔව්. අනිත් ලමයිත් දැන් කයි ඔයත් කන්න. නොකා එහෙම ගෙදර එන්නැ... ඔය class වල homework ගෙදර ඇවිත් කරන්න. "
නෙතුන් classes වල homework කරන්න school එකට අරන් යනවා. O/L කාලෙදිත් එහෙමයි. හැබැයි නොකා ඉන්නේ නෑ. අම්මයි තාත්තයි නෙතූට කන්න මතක් කරේ දැන් ඉතින් කන වෙලාව ඒ කියන්නේ 10.30 පහු වෙලානම් teachers ලා කිව්වත් ලමයි කන්නේ නැති නිසා.
" ම්ම්. හරි අම්මේ bye. Bye තාත්තේ "
නෙතූ අම්මලාට සමු දුන්නේ හුස්මක් පිට කරන ගමන් නොතේරෙන හැගීමකින් උනත් දුකක් නැති සතුටක් නැති ප්‍රශ්නයක් නොපෙනෙන ලස්සන අව්‍යාජද ව්‍යාජද හිතා ගන්න බැරි පිරුනු හිනාවකින්
"Bye"
ඉතින් සවිනි වගේම ප්රගීතුත් තමන්ගේ පුතාට ලස්සන අව්‍යාජ පිරුනු හිනාවකින් සමු දුන්නා.
Meeting එක ඉවර උන ගමන් teachers ලා අලුත් ලමයි පන්ති වලට බෙදපු කොලේ අරන් ඇවිත් classes ගැන කියන්න main hall එකේ ඉදන් section එක ඉස්සරහට යන්න කියලා කිව්ව නිසා වගේම අම්මලා තාත්තලට යන්න කිව්ව නිසා හැම ලමෙක්ම වගේ අම්මලා තාත්තලාට සමු දීලා Section එක ඉස්සරහට එක පේලියට ඇවිදන් ගියා.
" Bio ලමයි මෙතන්ට එන්න "
"Maths ලමයි මෙතනට එන්න"
" Art කරන ලමයි මෙතන්ට එන්න "
" Commerce ලමයි එන්න මෙතන්ට "
" Tec ලමයි එන්න් මෙතන්ට "
ඉතින් section එක ඉස්සරහට ඇවිදන් ගිය අලුත් ලමයි හැමෝවම තමන් කරන Subject එක අනූව බෙදුවා
ඉතින් දැන් Bio ලමයින්ගේ classes බෙදන්න තායි යන්නේ
" ලමයි දැන් ඔයාලගේ නමත් එක්ක පන්තිය කියනවා. හොදට අහන් ඉදලා නමයි මන්තියයි කිව්වම ඒ අදාල class teacher ඉන්න තැනට යන්න "
ම්ම්....තාම couple එක meet උනේ නෑනේ...☹️
මේ chapter එකේම meet කරවන්න හිටියේ. ඒත් අලුත් එක අලුත් විදිහට දෙන්න හිතුවා 😁
ඉතින් ඊලග chapter එකේ ඒ කියන්නේ 3නි chapter එකේදි අපේ couple එක meet වෙයි...😌
ඔයාල මේක කියෙව්වට මොකුත් කියන්නේ නෑනේ ඉතින්🥲
Bye bye
Couple එකේ first meet එකත් එක්ක ඊලග chapter එකෙන් හම්බෙමු
හොර reader බබාල ටිකට ආදරෙයී ❤️
🖋️තරූ ❤️
You are reading the story above: TeenFic.Net