13 වන පරිච්ඡේදය

Background color
Font
Font size
Line height

" අනෙ. ඒ උනා.ට ඒ උනාට මට මැරෙන්.න හිතෙන.වනෙ "

" ම්ම්... මටත් හිතිලා තියනවා "

" ම්.මොකක්? "

" ම්ම්.. දැන් ටික කාලෙකට කලින්. අවෘදු 3ට විතර කලින් "

" 9 වසරෙදි? "

" හ්ම්. ඔව් "

බිනුක ඒ කිව්ව කතාවට නෙතුන් හීටියේ ඇසුත් ලොකු කරන් ඒ කිව්ව කතාව අදහා ගන්න බැරුව. ඉතින් බිනුක හිනා උනා. හරියට ඒ ගොං වැඩේ නිකන් පිස්සුවක් කියලා අගවන හිනාවක් ඒක

" 9 වසරේ ලමෙක්ට එහෙම හිතෙන්නේ ලොහොමද කියලා හිතුනා නේද? "

" අහ්ම්.. ඒක එහෙම ඉතින්.-

" ඔයා දන්නවද මේ ලෝකෙ වැඩිපුරම සියදිවිනසා ගන්න වයස් තමයි 15-35 කියන්නේ "

" අහ්? "

බිනුක හිනා උනා හිනා වෙලා

" මේක මම විතරක් ඒ කියන්නේ අවෘදු 3ක් තිස්සේ මගේ හිත විතරක් දන්න කතාවක්. ඔය සිද්දිය වෙද්දි මට අවෘදු 14යි.අද වෙනකන් කවෘවත් දන්නේ නෑ. මම මේක ඔයාට කියන්නේ මට හැමදේම හොදින් වෙයි කියලා ඔයාට කියන්න වෙන විදිහක් දන්නේ නැති නිසා "

Flash back

මේකතා කරන්නේ නෙතුන් කලින් ඉස්කෝලේ ඉදන් මේ ඉස්කෝලෙට එද්දි එයාට වෙච්ච දේවල් ගැන

මේ සිද්දිය වෙද්දි බිනුක හිටියේ නවය වසරේ.. ඒ කියන්නේ බිනුකගේ වයස අවෘදු 14ක්. බිනුක කියන්නේ පිට මිනිස්සු දැන් හිතන් ඉන්නවා වගේම ආඩම්බර ලොකුකම තියන චරිතයක්ම තමයි ඉස්සරත්. හැබැයි දැනටත් වඩා ටිකක් අහිංසකයි. ඒක පෙන්නන එකක් ඉතින්. බිනුක ඒ කාලේ වැඩියෙන්ම හිටියේ හිනා වෙලා. ගුරුවරුන්ට අම්මා තාත්ත වැරද්දක් කරොත් නෙතුන්ට ගහන්න කිව්වම ගුරුවරු පවා කිව්වේ නිතරම හිනා වෙලා ඉද්දි එහෙම ගහන්නේ බනින්නේ කොහොමද කියලා.

කලින් ඉස්කෝලේ බිනුකට යාලුවෝ ගොඩක් හිටියා. බිනුකගේ බෑග් එක ගේන්න වතුර බෝතලේ ගේන්න පවා. ඒක වැඩ කාර කමක් නෙවෙයි. බිනුකට යාලුවන්ගේ තිබ්බ ආදරේ. බිනුකගේ අතින් කාගේ හරි වැඩක් කඩා කප්පල් උනත් ඒක උනේ බිනුක අතින්නම් කවෘත් බිනුකට මොකුත් කිව්වේ නෑ. වෙච්ච දේ උනේ කාගේ අතින්ද නොදැන බැන්නත් උනේ බිනුක අතින් කියලා දැනගත්තොත් ඒ බැනපු එකට සමාව ඉල්ලන්නත් ඒ ඉස්කෝලේ ලමයි පුරුදු වෙලා හිටියා. කොටින්ම කිව්වොත් මුලු ඉස්කෝලෙම ආදරේ කරපු ලමයා තමයි බිනුක කියන්නේ.

හැබැයි දවසක් බිනුක නිවාඩු දවසක ගෙදර ඉද්දි....

" බිනූ... අස්වීම ගන්න යන්න ලෑස්ති වෙන්න "

" අහ්? "

" ඔයාව ---- ඉස්කෝලෙට දැම්මා. අම්මෝ පුදුම ගේමක් දුන්නේ. සාවින්ද්‍යා බිනූවත් ලෑස්ති කරන් ඉක්මන්ට ලෑස්ති වෙන්න "

බිනුකට උනේ මොකක්ද කියලවත් හිතා ගන්න බෑ. මොකද ඉස්සර ඉදන්ම ඔය අලුත් ඉකෝලෙට යන්න තමයි හැමෝටම ඕනේ උනේ. ඒත් දැන් බිනුක පරන ඉස්කෝලෙට බැදිලා. ඒ යාලුවෝ.. ඒ ටීචර්ස්ලා..

බිනුක තමන්ගේ පරන ඉස්කෝලෙට ඇතුල් උනේ නැ මේක බොරු මම ආයෙත් එනවා කියන හැගීමෙන්. එදා අස්වීම අතට ගද්දි පවා මම තව දුරටත් මේ ඉස්කෝලේ ලමෙක් නෙමෙයි කියන හැගීම යටි හිත කොච්චර කෑ ගගහා කිව්වත් උඩු හිත කිව්වෙම මේක බොරු කියලා.

අන්තිමට අස්වීම අරගෙන අලුත් ඉස්කෝලෙට අඩිය තිබ්බ ගමන් සමහර විට අර සතුටින් හිනා වෙලා ඒ හිටපු පොඩි කොල්ලව හොරු අරන් යන්න ඇති.

මුලින්ම අලුත් ඉස්කෝලේ අලුත් පන්තියට ගිය දවසේ උනත් කවෘත් ඇවිත් නමවත් ඇහුවේ නෑ බිනුකගෙන්. බිනුකට මතක් උනේ එයා මුලින්ම කලින් ඉස්කෝලෙට ගියපු දවස. එදා බිනුක යද්දි උගන්න උගන්න හිටපු පීරියඩ් එක ඉවර වෙච්ච ගමන්ම මුලු පන්තියම දුවන් ඇවිත් බිනුකගෙන් නම ඇහුවා. ගිඩක් විස්තර ඇහුවා. ඒත් අද? අද අඩුම තරමේ අලුතින් ලමෙක් ආවා කියලවත් මේ අලුත් ඉස්කෝකේ ලමයින්ට ගානක්වත් නෑ.

බිනුක නිතරම හිතුවේ ' දෙයියනේ.. දැන් මම O/L කරලා A/L කරලා ඉස්කෝලෙන් අයින් වෙන දවසක් වෙනකන්ම මේ ඉස්කෝලේ නේද ඉන්න ඕනේ ' කියලා.

අලුත් ඉස්කෝලේ, අලුත් ලමයි, අලුට් ටීචර්ස්ලා, ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ පිහිටලා තිබුනෙත් බිනුක නිතර ආව ගිය ප්‍රදේශයකත් නොවුන එක බිනුකට මේ දේවල් වලට හුරු වෙන්න අපහසුවක් උනා. මොකද අච්චර ආශරයක් ලබපු කෙනෙක් තනි වෙනවා කියන්නේ..... ඒ හැගීම අහන්න ඕනේ බිනුකගෙන්ම තමයි.

මේ කාලෙදි බිනුකට තිබ්බ classes එහෙමත් වැඩි වෙනවා. ඉස්කෝලේ homework, classes වල homework එතකොට ඉස්කෝලේ යන්නත් ඕනේ. පාඩම් කරන්න වෙලාවක් හදා ගන්නත් බැරුව බිනුක හිටියේ පීඩනයක්.

මේවත් එක්ක stress එක රිලීස් කරගන්න කත කරන්න යාලුවෙක් වත් නැති වෙද්දි බිනුකට දැනුනේ ලොකු තනි කමක්. අම්මා තාත්තා එක්කවත් කතා කරන්න වෙලාවක් නැති වෙද්දි එයාලා එක්ක කතා කරන විනාඩි ගානෙත් ඉගන ගන්න කියද්දි යාලුවෙක් හම්බුනාද අහද්දි අලුත් ඉස්කෝලේ මතක් කරද්දි බිනුකට ඇති උනේ මහ කල කිරීමක්.

කොහොමහරි නවය වසරෙදි බිනුකට උදව් කරන්න යාලුවෙක් හම්බෙනවා. එයා ටිකක් වැඩ කරන්නේ නැති ලමෙක් ඒ නිසාම බිනුකගේ අම්මලා ඒ ලමයව බිනුකට ආශ්‍රය කරන්න දෙන්නේ නෑ. පස්සේ ටීචර් කෙනෙක්ගේ ලමෙක්ව තමයි බිනුකට ආශ්‍රේ කරන්න වෙන්නේ. කොහොම උනත් අර අනිත් ලමයා 10 වසරෙදි බිනුකගේ පන්තියට වැටුනේ නැති උනත් ටීචර්ගේ ලමයා ඒ පංතියට වැටුනා. හැබැයි කලින් පන්තියෙදි වගේ ඒ ලමයා බිනුක එක්ක හිටියේ නෑ. මොකද කලින් පන්තියේ එයාට යාලුවෝ නොහිටියට මේ පංතියේ හිටියා. අන්තිමට 10 වසරෙදි බිනුක තනි උනා.

දවසක් main hall එකේ ලමයින්ට උගන්නනකොට හැමෝම දෙන්න දෙන්නා හරි ඊට වැඩි ලමයි සෙට් එකක් හරි විදිහට වාඩි වෙලා කතා කරද්දි දිග තනි පේලියක බිනුක විතරක් තනියම වාඩි වෙලා පැය 2ටත් වැඩියෙන් හිටියා.ඒ වෙලාවෙව් බිනුකට හිනාවක් දෙන්න හරි හිටියේ අර අනිත් ලමයා. හැබැයි තමන්ට අවෘත් නෑ කියලා දැනෙද්දි බිනුකට දුවලා ගිහින් කෑ ගහලා අඩන්න තරමටම හිතුනා. ඒත් ඒක කරගන්න බැරි උනා වගේම නොනවත්වා ගලන කදුලු බිනුක පිහද ගත්තේ කෑම එක ඔතලා තිබුන සර්වියට් එක ලිහලා අරගෙන. බිනුකට සමහර දවසට මතක් උනා මිනිස්සු කියනවා ඔච්චර හිනා වෙන්න එපා දවසක අඩන්න වෙයි කියලා.

ඉස්සර අනේ හිනා නොවී හිටපන් බං කියලා ඕන තරම් කට්ටිය බිනුකට කිව්වත් මේ කාලේ බිනුකට පොඩ්ඩක් හිනා වෙන්නකෝ අනේ කියලා කියන්න පටන් ගත්තා. ඉස්සර හිනා වෙලාමයි ඉන්නේ කියලා කට්ටිය කිව්වට පස්සේ හමවෙලේම ඔරවන්නේ රවන්නේ ඇයි අනේ අහන්න ගත්තා.

බිනුකට ඉස්කෝලේ උදේ වදිද්දි පවා ඇඩුනා. මොකද ඒ ඉස්කෝලේ ඇතුලේ බිනුක තනි වෙලා. බිනුකගේ හිතේ තිබ්බේ මේ ඉස්කෝලේ ඇතුලේ " මට ඉන්නේ බුදු සාදු විතරයි " කියන හැගීම. තමන්ට ඉන්න එකම කෙනා තමන්ව අහන් ඉන්න එකම කෙනා ඉස්සරහා අපිට ප්‍රස්නේ ලොකු වැඩීනම් ඇඩෙනවා. ඉතින් බුදු හාමුදුරුවෝ ලගට යන හැම වෙලේම බිනුකට ඇඩුනා. මේ කාල්ව්දි බිනුක ආගමට දහමට එහෙමත් හොඩක් ලැදි වෙනවා.

සමහර දවසට බිනුකට මැරෙන්න හිතිලා තියන්වා. ඒත් බිනුක ඒ දේවල් කර ගත්තේ නැත්තේ හේතු 3ක් උඩ. ඒ හේතු තුන බිනුකගෙන්ම අහලා දැන ගමු.

පස්සේ 10 වසරේ.මැද වගේ තමයි බිනුකට ශෙහාන්වයි ලවන්වයි හම්බුනේ. එතනින් පස්සෙනම් පරන බිනුක ආයේ ආවා කියල කියන්නත් පුලුවන්...

Flash back ends

නෙතුන් වගේ නෙමෙයි බිනුක තමන්ගේ කතාව කිව්වේ හිනා වෙවී.

" දන්නවද මම මැරෙන්න විදිහක් පවා plan කරා "

" මොකක්? "

" ම්ම්.. මෙහෙමයි හැබැයි මැරුනේ නෑ."

" ඒ කිය්න්නේ ඔයා මොනා හරි කරගත්තද? "

" නෑ අනේ. කරගන්නවා තියා කරගන්න ගියෙවත් නෑ. හිතුවා විතරයි "

බිනුකටනම් හිනා. නෙතුන් නම් මේක ගැන අවදානෙන් අහන් ඉන්නවා

" අම්මො මං වගේ ගොනෙක්. එදා ඒ වගේ බූරු වැඩක් කරා නම් එහෙම අද මට මෙච්චර හොද යාලුවෝත් නෑ. මම මෙහෙම් ආතල් එකේ ඉන්නෙත් නෑ.මම මාව මැරෙන්න කියලා ප්‍රාර්තනත් කරා. දන්නවද මම මැරෙන්න විතරක් නෙමෙයි අපේ ඉස්කෝලේ ගිනි තියන්නත් plan කරා "

" හාහ්? "

නෙතුන්ගේ කට හොදටම ඇරිලා. ඉතින් බිනුක කරේ අත් දෙක්ව්න්ම ඒ කට ආයේ වහපු එක

" මේං මෙහෙම කට වහන් ඉන්න "

" ම්හුක්.. හරි අයියෝ කියන දෙයක් තේරෙන්න කියන්නකො "

" ම්හුක්. හරි අයියෝ ඔයාට දැන් මොනවද දැනගන්න ඕනේ අයියෝ "

" ඔයාට මැරෙන්න හිතෙන එක නවත්ත ගත්තේ කොහෙමද? "

" නවත්ත ගත්තේ නෑ. අමාරුවෙන් හිත වෙනස් කර ගත්තා හේතු තුනක් නිසා "

" හේතු තුනක් නිසා? "

" මං ඔයාට කිව්වනේ මම ඉන්න මං කියන්නේ හිටපු තත්වේ අම්මලා තාත්තලා දන්නේ නෑ. ඔයාගේ වගේම තමයි මම රෑට අඩන නිස එයාලට ඒක වැඩියේ තේරෙන්නේ නෑ. මම හැමදේම් කිව්වේ බුදු සාදුට ඒ වෙද්දි මම ආගමට උනන්දු වෙච්ච හින්දා මම හැම දෙයක්ම දැක්කේ දේවල් තුනකින් මම මගේ හිත හදා ගත්තේ ඒ හේතු තුනෙන් ඒ අටලෝදහම කියන එකයි අනිත්‍ය කියන එකයි හේතුපල දහම කියන එකයි. ඔයාට මම ඒ තුන පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මම මැරෙන්නේ නැතුව හිටපු හේතු තුන කිව්වොත් එකක් මගේ අම්මයි තාත්තයි. එයාලට ඉන්නේ මම විතරයි. දෙක මම කිව්වනේ මම ආගමට ලැදි උනා කියලා. අපි අපේ ජීවිතේ නැති කරගත්තොත් අපිට ආයේ මනුස්ස ආත්මයක් ලැබෙන්නෙව් නෑනෙ. මනුස්ස ආත්මයක් ලැබෙන්නේ හරි කලාතුරකින්. මේ මනුස්ස ආත්මයෙන් විතරයි අපිට අපේ දුක නැති කර ගන්න පුලුවන්. නැතුව ජීවිතේ නැති කරගෙන නෙමෙයි. අපිට හොද විදිහට ජීවත් වෙලා අපේ සසර කෙටි කරගෙන දුක නැති කරගන්න පුලුවන් වෙන්නේ අපි ජීවත් උනොත්. තුන මම බයයි නිකන් හරි කරගන්න ගිය දේ වැරදිලා මම ජීවත් උනොත්? මට මොකුත් නොව්නොත් මම මොනාද අම්මලා තාත්තලට කියන්නේ? මම මෙහෙම කර ගත්ත එකට මොනාද දෙන හේතු? එයාලා මේවා දන්නේ නෑනේ අනිත් එක මට ඊට පස්සේ බනී, මිනිස්සු මාව දැක්කම අරයා මැරෙන්නත් හැදුවා කියයි. එතකොට ලැජ්ජයිනේ. ඉතින් ඒ තුන නිසා තමයි මම ජීවත් උනේ. "

නෙතුන් කරේ බිනුක ඒ කිව්ව දේවල් අහන් ඉදලා ලාවට වගේ හිනා උන එක

" මම අම්මලා තාත්තලා නිදා ගත්තම අත කපා ගන්න කියලා පේපර් කටර් එකක් තියාගෙන හිටියා හැබැයි කලින් කිව්ව දේවල් නිසා මං එහෙම කරේ නෑ. දන්නවද ඔයාට ඔය තියන ප්‍රශ්නෙත් මටත් ඒ විදිහටම තියනවා. මටත් අම්මා තාත්තා ඔයාට වගේම බනිනවා. ඔය උගන්නන ඒවා මටත් ඔයාට වගේම තේරෙන්නේ නෑ. මටත් ඔයාට හිතෙන ඒවත් සමහර වෙලාවට හිතෙනවා. ඒත් මම ඒවා අමතක කරනවා "

බිනුක කියන වචනයක් වචනයක් ගානේ නෙතුන් අහගෙන හිටියා

" එදා මට ඒ වෙච්ච දේවල් නිසා වෙන්න ඇති අද මම මෙහෙම දේවල් වෙද්දි මේ වගේ ඉන්නේ. එදා කොච්චර දුක හිතුනත් අද මට කිසිම දෙයක් ගැන ගානක් නෑ. අපිට එන හැම ප්‍රශ්නෙකින්ම වෙන්නේ අපි හිටියට වඩා ශක්තිමත් වෙන එක. එදා මං හිතපු කරපු දෙවල් මට වෙච්ච ප්‍රශ්න ගැන දැන් හිතද්දි මට හිතෙනවා එවා කොච්චර පොඩිද මෝඩද කියලා. ඔයා උනත් දැන් ඔහොම හොටියට ආයේ කාලයක් ගිහින් ම්ව්ව් දේවල් දිහා හැරිලා බලද්දි ඔයාටත් මට හිතෙන දේම හිතෙයි "

බිනුක කිව්වේ හිනා වෙලා. ඉතින් නෙතුනුත් ඒක පිලිගත්තා වගේ හිනා උනා.

" හ්ම් අපි බලමුකො "

" ම්ම් බල්මු බල්මු. අහ් අමතක උනානේ අපි අර පොතක් ගන්න යනව කියලනේ මං ඔයාව නවත්ත ගත්තේ. යමු අපි library එකට ගිහින් ඒකත් අරන් මොනා හරි කාලා ගෙදර යන්. Aunty Uncle දෙන්නම එනවා කිව්වා අද ඔයාව එක්කන් යන ගමන් අපිත් එකක් lunch එක ගන්න."

" ම්ම් "

නෙතුන් ඒ අස්සේ තව දෙයක් හිතුවා ඒ තමයි 'මේකද එතකොට එදා ශෙහාන් කිව්වේ' කියලා. ඉතින් බිනුක දැක්කා නෙතුන් හිතනවා. ඒනිසාම

" මොනාද කල්පනා කරන්නේ? "

නෙතුන් උත්තරයක් නොදී හිටියේ බිනුක ඕනම දෙයක් මූන බලලා තේරුම් ගන්න කෙනෙක් කියලා දන්න නිසා

" ම්ම්.. ඔව් මන් දන්නවා මොනාද හිතුවේ කියලා. එදා ශෙහාන් කිව්ව මල විකාරේ තමයි දැන් මම ඔයාට කිව්වෙ "

" ඒ කියන්නේ ඔයාට තිබ්බ ප්‍රශ්නේ ගැන එයා දැනන් හිටියද? "

" නෑ යාලුවෝ නැති නිසා අව්ලෙන් හිටියා කියලා විතරක් දැනන් හිටියා. ඒක තමයි එයා ඔයාට කිව්වේ "

" ම්ම් "

බිනුකයි නෙතුනුයි දෙන්නා දවල් කෑමට බිනුකගේ ගෙදර ගියා එයාලා කතා කරේ අද්‍යාපනයයි එයාලගෙ බිස්නස් ගැනයි. අහ් දේශපාලනේ ගැනත් කතා උනා. මේ අතරෙදි බිනුකලට නෙතින්ලගේ ගෙදර එන්න ආරාදනාවකුත් ලැබුනා..

මේ දවසින් පස්සේ ඉතුරු දවස දෙකත් ගෙවිලා ගියා. මේ ගෙවුන දවස් දෙකේදි බිනුකයි නෙතුනුයි chat කරන්නත් පුරුදු උනා....



















සවේන් පංතියට එද්දිම වගේ දැක්කේ ඩියුටි නොයා ඔලුව පුටුවෙන් එලියට කඩන් වැටිලා වගේ ඔලුව පුටුවට හේත්තු කරන් ඇස් වහන් අහස දිහා බලාගෙන අමාරුවෙන් ඉන්න බිනුකව...

















මං ගියා....😁

ම්ම්... බිනුක ගැනත් දැන ගත්‍තනේ.👀

දැන් දෙන්නා ගැන මොකද හිතෙන්නේ? 👀

බිනුකගේ ප්‍රශ්නේ පොඩී..ඒකත් අර වගේම හිච්චි ප්‍රශ්නයක්. ඒත් ඒක ඒ වයසේ ලමෙක්ට ටිකක් ලොකුයි.🥲

ඒ වගේම තමයි බිනුක කියන්නේ තමන් විසින්ම ගොඩ ගියපු චරිතයක් ❤️‍🩹

අද මම මොනාද කියන්න ඕනේ? අනේ මන්දා 🫠

ආයේ update දෙන්න වෙන විදිහ මතකයිනේ? පුලුවන් උනොත් විතරක් හෙටත් update එකක් දෙන්නම් 😇

අද ඉතින් 2024 අන්තිම දවස.. මම අවෘද්ද ගැන මැසේජ් බෝර්ඩ් එකේ දැම්මා.. ආයේ මෙතන කියන්නේ නෑ. ඔයාලගේ අවෘද්ද කොහොමද? ( 2024 ) 👀

ආයේ 2024ට update නෑ 😁

අද චැපිය කම්මැලි කමේ ලිව්වේ අවුල් ඇති හිතන්න එපා🥲

අහ් මම චැපි 10න් cover එක වෙනස් කරනවා කිව්වා නේද? අමතක උනානේ. 🥲

දැන් කමක් නෑ ඉතින් 🥲

ආං බිනුකට මොනාද වෙලා..👀

අර මැරෙන්න plan කරා කිව්වම බය උනාද? 👀

එහෙනම් මම යනවෝ...Bye..❤️✨️

2024 කොහොම උනත් 2025 මේ ලෝකේ ජීවත් වෙන හැම ජීවියෙක්ටම සතුට විතරක්ම උතුරන ආදරය විතරක්ම පිරුනු අවෘද්දක් වෙන්න් කියලා ප්‍රාර්තනා කරනවා...❤️✨️

2025 දී එන්නම්....❤️✨️

ආදරෙයී.....❤️✨️

Comment එකක් දාන් යන්න එතකොට ලියන්න හිතෙනවා...✨❤️✨️


Bye 2024
Welcome 2025















🖋️තරූ.....❤️✨️









You are reading the story above: TeenFic.Net