"අහ්..යෙවීෂ්..."
දුර තියාම යේෂ්ට කතා කරගෙන ආපු කෙල්ල දිහාවට මම දැම්මෙ කුතුහලෙ පිරුණු බැල්මක්...ඒක තේරිලාද කොහෙද යෙවීෂ් ඒ කෙල්ල ආව ගමන්ම ඉන්ට්‍රඩියුස් කලා මට එයාව...
"අයියේ මේ ඉන්නෙ නිශිනි අක්ක...මගෙ කැම්පස් එකේමයි...මට හුගක් උදව් කරන්නෙ මේ අක්කා තමා....හරි ම හොද අක්ක කෙනෙක්.."
"හායි අධීෂ්...නයිස් ටු මීට් යූ..."
"මී ටූ...!"
ඇත්තම කිව්වොත් මට එ කෙල්ලව වැඩිය ඇල්ලුවෙ නෑ...ඒ නිසා මම එයාගෙන් පොඩ්ඩම් ඈත් වෙලා ඉදියෙ...ඒත් ඒකිගෙ බැල්මනම් මගේ පොඩි එකා දිහාවට නෙමි එක එල්ලෙම මගේ දිහාවටයි තිබුණේ...ඒක හරි ම පෙරේත බැල්මක්...
"අපි එහෙනම් යමුද යේෂ්...මට වැඩ වගයක් තියෙනවා..."
"අහ්...යමු යමු...නිශී අක්ක අපි යනවා...පස්සෙ හම්බෙමු..."
"හරි යෙවීෂ්...බායි අධීෂ්..."
ඇත්තට ම මට තිබුණු වැඩක් නෑ..ඒත් මට ඒ ගෑණි ඉස්සරහ ඉන්න හිතුණෙ නෑ ඒකිගෙ බැල්මට...
මම යේෂ් තෝරපු ඇදුම් ට්කත් බිල් කරන් ඇවිත් කා' එකට නැග්ගා...එහෙම්ම යේෂ් ඇවිත් පැසේන්ජ' ශීට් එකට නැග්ගා...
.
.
.
.
.
.
.
.
.
.
.
"යකෝ ඔය සබන් බෝල එක මදිද..."
"ඔව්නෙ මදිනෙ..."
අනෙ හුරතලේ...කටත් උල් කර කර කියවනවා අතේ එල්ලීගෙන...අපි මේ ඉන්නෙ ගෝල් ෆේස් එකෙ...දැන් රෑ 8යි වෙලාව...ඒත් සෙනඟ නම් එමටයි...
එදා මම අරන් දුන්නු ඇදුම් වලින් ජම්පින් සූට් එක ඇදන් උන්නු යේෂ් නිකම් හා පැටියෙක් වගේ...
මම එහෙම්ම ගිහින් යේෂ්ට බෝලෙකුත් අරන් දීලා එක්කන් එද්දි අපිව කෙල්ලො සෙට් එකක් වට කර ගත්තා...
"අනෙහ්...නයිස් කපල් එකක්...!!"
"අනේ අයියේ අපි එක්ක ෆොටෝ එකක් ගමුද...ප්ලීස්..."
"අනේ මාව හොස්පිටල් දාන්න අයියෝ..."
දෙයියන්‍රෙ මේ ගැණු ටික හිතන් ඉන්නෙ අපි කපල් එකක් කියලා...මුන්ගෙ කෑ ගැහිල්ලට බයේද මන්දා මගේ අතේ එල්ලිලා ඉදපු යේෂ් බෝලෙයි සබන් බෝල එකයි මට වද දීලා වද දීලා අර ගත්තු චූටි හා පැචවයි බදාගෙන මගේ පපුවට තුරුල් වුණේ මගේ අතල් ඉබේම එයාගේ ඉණ වටේ යද්දි...
"අනේ අම්මේ...ඒ ආදරේ...අහෝ...මේ දෑස පිංවන්තයි දෙයියනේ..."
ඒ සීන් එක නිසා අර ගෑණු තව නහින්න ගත්තා...
"ධීෂ් අයියෙ...මේ ඇයියෙ...!"
මම ඇදන් වුණ්නු කළු ටී එක ඇද ඇද යේෂ් කොදුරලා වගේ ඇහුවෙ ට ගෑණුන්ට ඇහෙයි කියලා මයෙ හිතේ...
"මෙයා හිතන්නෙ අපි කපල් එකක් කියලා...!
"අපි කපල් එකක් තමා හුම්ම්..."
අනේ අම්මපා දෙන්න හිතයි මුට...මට වටේ ඉන්න ගෑණු ටික අමතක වෙලා මම යේෂ්ගෙ ඔළුවට කිස් එකක් දෙනවත් එක්කම කෑ ගැහිල්ල හින්දා මම හරි සිහියට ආවෙ...
"මම මගෙ ඇස් දෙකෙන්ම දැක්ක එයා කිස් කරනවා..."
"අනේ මේ රියල් කපල් එකක් දෙයියනේ...."
කෝම හරි උන් නැහිලා නැහිලා අපි එක්ක ෆොටෝ 100කට වඩා අරන් තමා ගියේ...
මේ ගෑණුන්ට පිස්සු කියන්නෙ නිකම්ද...
ඒ ආස්සෙ යේෂුත් මගුලක් කියවනවා...
"ධීෂ් අයියෙ ඔයා කාට හරි ආදරෙයිද...?"
"ම්ම්..ඔව්නෙ..මම ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා..."
අනේ මන්ව මම කියපු උත්තරෙත් එක්ක මම දැක්කෙ නිකම් යේෂ්ගෙ ඇස් වේදනාවෙන් බර වෙනවා වගේ...
"කවුද කියලා දැන ගන්න ඕනෙද..."
"ඔව්නෙ..."
කුතුහලේ වගේම වේදනාව ඇස් වල පුරෝගෙන යේෂ් මං දිහා බලන් ඉදියෙ...
"ඒ චූටි දගකාර හුරතලයක්...නිකම් හා පැටියෙක් වගේ...පොඩ්ඩක් ගෙස් කරන්න බලන්න...?"
"ම්ම්..හා පැටියෙක් වගේ දගයි...ම්ම්...මම දන්නවද එයාව..."
"ඔව්නෙ ඔයා තමා හොදටම දන්නෙ..."
"ම්ම්..හාවෙක් වගේ මම වන්නෙ මාවනෙ...එතකොට-"
අනේ මේ හුරතලේ නම්....
"ම්ම්..ඔයා හිතන කෙනා තමා..."
"එ..ඒ මමද...?"
යේෂ් ඒක අහපු විදියට මට හිනා ගියා...
"ම්ම්..ඔව්...කවදා කොහොමද දන්නෙ නැ ඒත් ඔයාගෙ හුරතල් කටකාර කමට මම හුගක් ආදරෙයි යේෂ්...මම මගෙ පණටත් වඩා ආදරේ කරනවා යේෂ් ඔයාට...ඔයාට කවුරුත් ලං වෙනවටවත් අකැමැති පුදුමාකාර ඊරිසියාවකින් පිපිරෙන ඔය හිනාව අස්සෙ ගිලෙනවා යේෂ් මාව...ඔයාට මාව තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්...ඒත් කවදාවත් මගේ ආදරේ අවිශ්වාස කරන්න එපා...මම ඒක කිව්වෙ මගේ මුළු හදවතින් මයි...මගේ හදවතේ පිපුණු රෝස මල ඔයා යේෂ්..."
👻❤️🌝
Please Follow Me
Leo_tora
You are reading the story above: TeenFic.Net