8.

Background color
Font
Font size
Line height

වසරකට පසු

" ඉතින් කියනවකො මෙහෙම ලස්සනයිද කියලා "

" ලස්සනයි ලස්සනයි පිටේ ගෝනියක් බැදලා නුවරඑළියෙ තේවත්තකට ගිහින් දාන්න හිතෙනවා "

" අනේ මේ බොරු කියන්න එපා හැමොම කීවා මට මෙහෙම ලස්සනයි කියලා "

" එයාලට මං ගානෙ විශන් කෙයා එකේ appointments දාලා දෙන්නද අහන්න "

" අනේ මේ මං තියනවා තමුසෙට කතා කරනවට වඩා වැඩ තියනවා මට මෙතන"

" තියපන් ඉතින් මං ඈ කෝල් ගත්තේ "

" නපුරුකම! "

විහගි ගස්සගෙන ඇවිත් කෝල් එක කට් කරපු විදියට මට තනියම හිනා, පිස්සු කෙල්ලෙක්. අද විහගිගේ school එකේ get together එකක්, කෙල්ල මේ ඒ පාටි එකට ඇවිත් ඉන්න ගමන් තමයි මට කෝල් කරේ එය dress කරලා තිබුනා south Indian  විදියට ඉතින් විඩියේ කෝල් එකක් අරන් කැරකි කැරකි අහනවා ලස්සනද කියලා, බොරු කියන්න ඕනි නෑනෙ කෙල්ල ඇත්තටම ලස්සනයි ඒ විදියට, ඒත් කව්ද ඉතින් ඕවා කියන්න යන්නේ බොරුවට උඩ යනවා ඊලගට. පව් හැබැයි දුක හිතුනද දන්නෑ.

අවුරුද්දක් ගෙවිලා ගියේ හිතා ගන්න බැරි තරම් ඉක්මනට, අවුරුද්දේ මාස නමයක්ම ඒලෙවල් වලට යට වුනේ හුස්මක් ගන්න වත් වෙලාවක් නැති වෙද්දී ඒක ඉවර වෙලත් දැන් මාස තුනක් වෙන්න එනවා ඊලග මාසෙ අපේ results ඒවි, මගේ පහු ගිය අවුරුද්දම වගේ ගෙවිලා ගියේ මං ගෙදර හිටපු දවස් ගාන අතේ ඇගිලි ගානටත් අඩු කරලා, මං ගොඩක් වෙලාවට හිටියේ සහිරුවාගෙ ගෙදර, ඔයාලා බලනවද එකපාර විහගි කෙනෙක් ආවේ කොහෙන්ද කියලා ඒකට නම් සම්පුර්ණ වග කියන්න ඕනි සහිරු. අපි අන්තිම අවුරුද්දේ hall class අතෑරල දිගටම වගේ group class දාගත්තා සහිරුගේ ගෙදර ඉතින් ඒවට ව්හගිත් ජොයින් වුනා විහගි කියන්නේ සහිරුගේ අම්මාගේ හොදම යාලුවෙක්ගේ දුවෙක් උන් දෙන්නා අදුරන්නේ පොඩි කාලේ ඉදන්මලු මාත් පස්සෙ තමා ඕවා දන්නේ අරූ මට කලින් එහෙම එකක් කියලා නෑ. කොහොම හරි මේවා නිසා විහගි මමයි සෑහෙන ක්ලොස් වුනා යාලුවො විදියට, එයාගේ හිතේ මං ගැන කැමැත්ක් තියනවා කියන්න මං නොදැන හිටියා නෙවෙයි හැබැයි ඒකි කවදාවත් ඒ දේවල් හයි ලයිට් කරන් දගලන්න ගියේ නෑ එයා මටත් සැලකුවේ සහිරුට සලකන විදියටමයි හැබැයි  ළඟදි ඉදන් මට විහගිගේ හැසිරීම් වල පොඩි පොඩි වෙනස්කම් නොතේරෙනවා නෙවෙයි.

ඇත්තම කීවොත් කෙල්ලගෙ කියන්න තරම් වරදක් නෑ හරි ඔපන් මයින්ඩඩ්  වගේම පිටට පෙන්නන් නැති අහිංසක කමකුත් තියනවා , විහගිගේ තාත්තා ඉන්නෙත් කැනඩා වල අපි නිසාම අපේ අප්පච්චි විහගිගෙ තාත්තයිත් එහෙදි මීට් වෙලා තිබුනා විහගි හිතන් ඉන්නේත් higher studies වලට කැනඩා යන්න මං වගේම එයගේ අම්මත් එයා එක්ක යන්නලු ඉන්නේ. ඉතින් කොහොම බැලුවත් රිලේශන්ශිප් එකක් පටන් ගන්නවා නම් මට හැම අතින්ම ගැලපෙන්නේ විහගිව, සහිරුවා දවසට වචන සීයක් කතා කරොත් පනහක්ම කියන්නේ මායි විහගි කොච්චර ගැලපෙනවද කියලා. උටත් පුදුම කඩේ යෑමක් තමා තියෙන්නෙ. ඒත් බාහිර දේවල් සීයට සීයක් ගැලපුන පලියට ඒ සම්බන්ධකම් ඇතුලට හැගීම් කවන්න පුළුවන්ද?

මට හිතෙන්නේ ඒ වගේ බැඳීම් හරියට සබන් බොල වගේ කියලා පිටින් බලනකොට කොච්චර perfect විදියට පෙනුණාත් ඇතුල හිස් ඒ වගේම පුංච්ම පීඩනයක් ඇති පුපුරල යන්න. ඉතින් පිටින් අංගසම්පූර්නව පෙනුන පලියට ඒ බැදීම් ශක්තිමත් කියලා හිතන්නේ කොහොමද?

විහගිට ආදරේ කරන්න පටන් ගන්න හේතු දාහක් මගේ වටෙ තියෙද්දි මගෙ හිත තාමත් ගැහෙන්නේ හේතුවක් නැතුව පටන් ගත්ත ආදරයක් වෙනුවෙන්, මේ අවුරුද්ද ඇතුලත මං කොච්චර උත්සහ කරාද එයාව අමතක කරන්න කොටින්ම exam ඉවර වෙලත් අම්මගෙන් බැනුම් අහං මං කරේ ගෙදර මග ඇරලා පුළුවන් තරම් යාලුවො එක්ක ඇවිදපු එක , exam කාලේ studies එක්ක බිසී වෙද්දී එයා ගැන හිතන්න වෙලාවක් තිබුනේ නැතිම තරම් ඒත් හම්බවෙන පොඩ් විවේකෙදි වුනත් එයාව අමතක කරන්න ට්‍රයි කරනවා කියලා මං කරලා තියෙන්නෙම මගේ හිත රවට්ටගෙන එයා ගැනම හිතන එක දැං කියලත් වෙනසක් නෑ.

පහුගිය අවුරුද්දේ වැඩි කාලයක් මං ගෙදරින් පිට ඉද්දි මට එයාව තනියම මුන ගැහුනේත් නැතිම තරම් ඒ වගේම අපි අතර වචන පහලවක්ට් විස්සක්ට වඩා හුවමාරු වෙලා නැතුව ඇති. ඒත් මං ගෙදර ඉන්න වෙලාවට මං හොදටම තේරුම් ගත්තා අයියායි සිහිනයි අතර ආයෙ හරවන්න බැරි තරම් දුර ගිය සම්බන්ධයක් තියෙනවා කියන එක, පාඩම් කරන්න පාංදර නැගිටින මට අයියගේ කාමරේ ඉදන් නිදිමතේම එලියට එන සිහින කියන්නේ අමුතු දර්ශනයක් නෙවෙයි එයා නිදිමතේ ඇස් පොඩි කර කර එන නිසාම වෙන්නැති එයා කවදාවත් මාව දැක්කේ නැත්තේ.

හිත නොරිදුනා නෙවෙයි තාමත් මතක් වෙන ගානට හිත රිදෙනවා තමන් ආදරේ කරන කෙනෙක් වෙන කෙනෙක්ගෙ වෙනකල් බලං ඉන්න එක මං කලින් හිතන් හිටි තරම් ලේසි දෙයක් නෙවෙයි ඒකත් ඒ හැම දේම ඇස් ඉස්සරහම වෙනකොට?

මොනවා වුනත් මං මේ අවුරුද්දට දැක්කා සිහින වෙනදට වඩා හිනා වෙන හැටි , සමහර දාට දුකෙන් ඉන්න හැටි සමහර දාට ලොකූ එක්ක බොරුවට රණ්ඩු වෙලා ඉන්න හැටි වෙලාවකට හිතෙනවා අම්මාටත් එයාල ගැන තේරිලාද කියලත් , නැති වෙන්නත් බෑ වෙලාවකට එයාලට වටේ පිටේ ඉන්නේ කවුද කියලත් අමතකයි.

මේ දවස් වල මං ගෙදර ඉන්න කාලේ වැඩී රට වටේම රව්ම් ගහලා දැන් යන්න තැනකුත් නැති තරම්. ඉක්මනට රිසාල්ට් ආවෙත් හොදයි සමහර විට මේ හැමදේකිනම සීයට සීයක්ම ඈත් උනාම මට හිත හදා ගන්න ලේසි වෙයි. අඩුම මට එයාව දකින්න වත් ලැබෙන්නේ නෑනෙ එතකොට. ඒත් ඇයි මට එයාව නොදැකම ඉන්නවට වඩා එයා වෙන කෙනෙක් ළඟ හිටියා වුනත් ඈත ඉදන් එයා දිහා බලන් ඉන්න එක හොදයි කියලා හිතෙන්නේ ? සහිරුවා එහෙම දන්නවා නම් මට මේ හිතෙන ඒවා අතට අහු වෙන එකකින් දමලා අරී මගෙ ඔලුවට තොට මොලේ නෑ කියලා.

" චූටි පුතා ~ පහලට එන්න "

ඒපර මොකද දන්නෑ, මේ දවස් වල o/l වලට ස්කුල් නිවාඩු නිසා අම්මා ගෙදර ඉතින් කොයි වෙලෙත් චූටි පුතා ගාගත්ත ගමන්මයි, පව් හැබැයි පහුගිය ටිකේ මට ගොඩක් අම්මවත් මග ඇරුන. ඉතින් අම්මා අයේ කෑ ගහන්න කලින් මං පහලට ගියා.

" My goodness , Aunty don't tell me this is the cute boy I used to know it's only three years there's no way he turns in to such a dad~ oops මං මේ කීවේ ඔයා ගොඩක් handsome වෙලානේ බබෝ "

" ශානි අක්කී?? "

" Hi darling , කොහොමද ?"

අම්මාගේ කෑගැහිල්ලට පහලට අපු මට හිතන්නවත් වෙලාවක් නොදී අතේ එල්ලුනේ කවුද කියලා අදුරගන්න මට ටික වෙලාවක් ගියා. ඒ ඇවිත් හිටියේ ශානි අක්කී අපේ අම්මාගෙයි අප්පච්චිගේයි හොදම යාලුවෙ දෙන්නගේ දුව, චූටි කාලේ එයා නිතරම ආන්ටිලා එක්ක අපේ ගෙදර ආවා , අපේ ලොකූගෙ වයසෙම නිසා ලොකූ එක්ක තමයි එයා ගොඩක්ම එකතු මං ඉතින් එයාලට වඩා අවුරුදු ගානක් බාලයිනේ. මට මතකයි ඉස්සර එයා එයාගේ ඩෝල් collection එක උස්සන් එනවා මෙහෙ එද්දි Tea party දාන්න ඒවට නම් ඉතින් මාව තමා අහු වෙන්නේ ලොකූ ඒවට එන්නේ නෑනෙ. එයා මං හිතන්නේ ලොකූ කැම්පස් පටන් ගද්දිම වගේ UK ගියා studies වලට එයාගේ අම්මල නම් ඉන්නේ මෙහෙ ලොකු බිස්නස් තියනවා එයාලට,

" මං හොදින් ඉන්නවා අක්කී කවද්ද ආවේ ? "

" මේ ළමයා ගෙදරටවත් කියන්නෙ නැතුව ඇවිත් තියෙන්නෙ දඟ වැඩ නම් නැවතිලා නෑ තාම ඉස්සරත් මට මතකනේ අපේ ලොකූ එක්ක එකතු වුනාම ගේ දෙවනක් කරන හැටි දෙන්නා " අම්මා එහෙම කීවේ ශානි අක්කී ගිහින් අම්මිව හග් කරද්දී , ඉස්සර ඉදන් අපේ අම්මා හරි අදාරේයි එයාට මොකද ඉතින් අපේ ගෙදර කෙල්ලො නෑනේ

" ඔයාලා surprise කරන්නනේ ආවේ අනේ කිය කිය surprise කරනවද? නැද්ද darling ?"

" එකනේ, ලොකූ දන්නවද ඔයා එනවා කියලා "

" එයත් දන්නේ නෑ අනේ දන්නවා නම් මට බැනුම් අහ ගන්න වෙනවා, කොහෙද ඉතින් ගෙදර නෑනෙ ඒ මනුස්සය surprise වෙන්න වත්, anyway මට කියන්නකෝ darling ඔයා ගැන ඉතින් දැන් gym යන්නත් පටන් අරන්නේ? "

අම්මා ගාවින් ආපහු මගේ ලගට ආපූ ශානි අක්කී ඇහුවෙ පහු ගිය ටිකේ gym එකට බඩ ගලා යන්තම් හදා ගත්ත bicep වලට අනින ගමන්.

" අපෝ මෙයාගේ කෙරුවාවත් ලොකූට හපන් දැන් පහු ගිය ටිකේ මං මෙයව දැක්කෙත් හාවා හද දකිනවා වගේ "

මං වෙනුවට උත්තර දුන්නේ අම්මා තාම ඉතින් පරන ඇරියස් කවර් කරන්වා එයා ගෙදර එන හැමෝටම ඕක කිය කිය..

" එහෙම තමා ඉතින් boys ලා උනාම නැද්ද baby? හැබැයි Aunty නිර්වාන්ට නම් බැන්නට කමක් නෑ එයාට තියෙන්නෙම බොරු වැඩනේ අර සංගමේ කියයි මේ සංගමේ කියයි, බලන්න මං එයා එක්කම studies පටන් ගත්තේ දැන් degree එක compete වෙලත් 3 months වගේ වෙනවා මං ඒ දවස් වලම කීවා මාත් එක්ක යං කියලා කෝ ඇහුවද? "

" අක්කි ආයේ යන්නේ නැද්ද ? "

ශානි අක්කී අපේ ලොකූ ගැන කතා කරපු විදියට මට අමුත්තක් දැනුනා ලොකූ ගෙයි ශානි අක්කාගෙයි තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද?, එයා UK ගියාට පස්සෙත් අපේ ලොකූ එක්ක දිගටම කතා කරන්න ඇති කියලා මට තේරුණේ සමහර විට හොදම යාලුවො නිසා දිගටම කතා කරන්න ඇති , මට වෙලාවකට හිතෙනවා මගේ ඇයියා ගැන මං කිසිම දෙයක් දන්නේ නෑ කියලා.

" තාත්තී බල කරලම කීවා ඇවිත් මෙහෙ bussines වලට ජොයින් වෙන්න කියලා මං last three months ඇති වෙනකල් එහෙ Enjoy කරලා ආවේ ආයෙ යන්නේ නෑ "

" ඒකත් හොදයි දුව සමහරු නම් ඉතින් රට දාලම යන්න ඉන්නේ ආපහු එන්නවත් අදහසක් නැතුවනේ, දුව කතා කර කර ඉන්නකෝ මං කෑම ලෑස්ති කරන්නම් කාලම යමු හොදද? "

අම්මා මට හින්ට් එකක් පාස් කරන්ම කිචන් එකට ගියා, මායි ශානි අක්කි ඇවිත් සොෆා එකේ වාඩි වුනා, දැන් ඉතින් මට උඩට යන්න විදියක් නෑනේ අක්කී තනියම ඉද්දී ලොකූ දැන්ම එන්නේ නැති වෙයිද දන්නෑ,

" නිර්වාන් කොහෙද ගියේ කියලා ඔයා දන්නේ නැද්ද baby ? මං two days ago තමයි අනේ එයාට අන්තිමට කතා කලේ "

ලොකූ ඉතින් යන දිහාස්වල මට කිය කිය යනවැයි දන්න විදියට නම් මේ දවස් වල එයාලට කැම්පස් නෑ සිහින එක්ක උදේම යනවා ඇහුනාට කොහේ ගියාද නම් දන්නේ නෑ, එයාලට ඉතින් ගමන් ඇතිනේ, ඒක නෙවේ මේ ශානි අක්කිට බැරිද දන්නෑ baby baby ගාන එක නවත්ත ගන්න එයා ඉස්සර ඉදන් ඔහොම්මයි ඒත් ඉතින් දැන් අපි ලොකුයිනේ එයා එක කියන්නෙත් හරි flirty විදියට , මෙයා ලොකූට කතා කරන්නෙත් ඔහොමද දන්නෑ ඊලගට සිහින ඉස්සරහ ඕවා කියලා එයාට දුක හිතුනොත්.

" ලොකූ අක්කී ගියාට පස්සෙ නිතරම කතා කරාද? "

ශානි අක්කී අහපු දේට උත්තර දෙනවා වෙනුවට මං එයාගෙන් මගේ හිතේ මෙච්චර වෙලා තිබුන ප්‍රශ්නයක් ඇහුවා, එයා කතා කරන විදියට තේරෙන්නේ එයාල නිතරම කතා කරලා වගේ. මං ඒක අහුවම ශානි අක්කා අමුතු විදියකට හිනා වුනා

" මායි නිර්වානුයි ද? ම්ම්ම් ඔයා දන්නැති secret එකක් තියනවා darling "

" secret එකක්? "

" ම්ම්ම් අපි ~ "

එයා මොනා හරි කියන්න ගියා වුනත් ගේට් එක ඇරෙන සද්දේ නිසා එයා කියන්න ගිය එක නැවතුනා

" God අර එන්නේ නිර්වාන් නේද , මේ මං අර door එක පිටිපස්සට යනවා ඔයා සද්ද නොකර ඉන්න okay "

මං මොකුත් කියන්න කලින් ශානි අක්කී ගිහින් දොර පිටිපස්සෙන් හැංගුනා ඒක වෙච්චි වේගෙට මටත් නිකම්ම ඉදන් හිට් තැනින් නැගිට්ටුනා.

ඒ එක්කම වගේ ලෝකූ හෙල්මට් එකත් අතේ තියන් අතුලට ආවේ සිහිනත් ඒ පිට්පස්සෙන්ම එද්දි එයාගේ අතේ දම් පාට බූවල්ලෙක්ගේ plushie එකක් තිබුනා ඒකත් අර Claw machine වල්න් හම්බෙන ජාතියේ එකක්, එයාල ඩේට් එකකට යන්න ඇති. සිහිනගෙ මූන දැක්කම කියන්න පුළුවන් එයා ගොඩක් සතුටින් ඉන්නේ කියලා එයා අර plushie එක තුරුල් කරන් හිටියේ හරි පරිස්සමට. පොඩි එකෙක් වගේ එහෙම ඉද්දී

" ආහ් හිචිචි ඩොකා මොකද මේ සාලේ මැද හිටං භාවනා කරනවද ? "

ලොකූ කෑ ගහනකොට සිහිනත් ඔලුව උස්සලා මං දිහා බැලුවා අපේ ඇස් තප්පර ගානකට එකිනෙකට පැටලුනා ඒත් සිහින ඉක්මනට මගේ ඇස් මග ඇරලා බිම බලා ගත්තා , ඒත් ඇයි? මා එක්ක හිනා වුනේ වත් නෑ

" SURPRISE !!! "

සිහිනගෙ සිහියෙන් හිටි මම මේ ලෝකෙට ආවේ දොර පිටිපස්සෙ හැංගිලා හිටි ශානි අක්කී එකපාරට කෑගන් ඇවිත් ලොකූව පිටිපස්සෙන් බදා ගනිද්දී , ඒ කෑ ගහපු විදියට සිහින විතරක් නෙවේ තප්පර ගානකට ශානි අක්කිව අමතක වෙච්චි මාත් ගැස්සුනා, ලොකූත් වුනේ මොකද්ද හිතා ගන්න බැරුව ශානි අක්කි එයාව බදාම් හිටි අත් දෙක අයින් කරලා පිට පස්ස හැරුනා

" ශානි!? "

" ශානි තමයි Sure නෑ වගෙද? Do you want me to pinch you mmm ? "

" කවද්ද ආවේ? "

" Yesterday "

" ඔයා කීවේ තව අවුරුද්දක් එහෙ ඉන්නවා කියලා "

" එහෙම තමයි හිතන් හිටියේ but තාත්තිගෙන් කරදරේ එන්න කියලා so here I am , මොකද්ද අනේ ඔහොම බලන්නේ aren't you happy ? "

" එහෙම නෙවේ , කීවනම් මං ඔයාව ගන්න එනවනේ "

" wanted to surprise you baby "

ලොකූගෙයි ශානි අක්කිගෙයි drama එකක් වෙනම සාලේ මැද්දේ play වෙද්දී මගේ නම් ඇස් තිබුනේ සිහින ළඟ එයාගෙ ඇස් තුබුනෙ ලොකූගෙ අතක එල්ලිලා ඉන්න ශානි අක්කී ගාව. ඒ දෙන්නා අතර හුවමාරු වෙන වචනයක් ගානේ ඒ මූනෙ හැගීම් වෙනස් වෙන විදිය මං දැක්කා ,එයා ගෙදරට එනකොට හිටියෙ ගොඩක් සතුටින් ඒත් දැන් ඒ සතුට නෑ ඒ වෙනුවට එයාගේ මූනම කලු වෙලා ගිහින් දැන් නම් මට ශානි අක්කී එක්ක තරහයි ඔච්චර එල්ලී එල්ලී කතා කරන්න ඕනිද ? හරි ඒයා මා එක්ක කතා කරෙත් එහෙම තමයි ඒත් සිහින දන්නේ නෑනේ ඒ එයාගෙ හැටි කියලා.

" ආහ් ලොකූ ඔයාලා ආවද , වොශ් දාන් එන්නකෝ මං කෑම ලෑස්ති කරා, සිහින මැනික ඔයත් වොශ් දාන් එන්න "

කිචන් එකේ ඉදන් ආපු අම්මා එහෙම කියනකොට මෙච්චර වෙලා ලොකු අතේ එල්ලිලා හිටි ශානි අක්කී සිහින ලගට ආවා

" oh ඔයාද සිහින ? නිර්වාන් ඔයා ගැන කියලා තියනවා හරිම cute නෙහ් ඔයා anyway ඔයා නම් මාව දන්නේ නැතුව ඇතිනේ I am shani. "

" සිහින , nice to meet you "

" it's pleasure meeting you too darling "

සිහිනයි ශානි අක්කී handshake කලා ශානි අක්කී නම් කට පුරවලා එයා එක්ක හිනාවෙද්දි, සිහින යන්තම් හිනා වුනා ඒක නිකම් මවා ගත්ත හිනාවක් එයා ඇත්තටම හිනා වෙන්නේ ඔහොම නෙවේ, එක අතකට මෙතන වෙච්චි දේවල් එක්ක එයා ඔහොම වත් හිනා වුනා ඇති.

" නිර්වාන් I am hungry අනේ I missed aunty's cooking ඉක්මනට ගිහින් wash දාන් එන්නකො මෙතනට වෙලා බලන් ඉන්නෙ නැතුව "

ආපහු ලොකූ ගාවට ගියපු ශානි අක්කී එහෙම කීවේ ලොකුව පඩිපෙළ දිහාට තල්ලු කරලා, තාමත් දොර ළඟ හිටන් ඉන්න සිහින දිහා එක පාරක් හැරිලා බලපු අයියා මොකුත් කියන්නේ නැතුවම උඩට ගියේ ශානි අක්කී අම්ම පස්සෙ කිචන් එක දිහාට යද්දී

සිහින තාමත් උඩට ගිය ලොකූ දිහයි කිචන් එකට ගිය ශානි අක්කී දිහයි මාරුවෙන් මාරුවට බල බල එතනම හිටියා, එයාට දුක හිතිලා ඉන්නේ, එයා බදාගෙන හිටි plushie එක සැරින් සැරේට එයාගේ අත් වලට තද වෙන හැට් මං බලාගෙන හිටියා,

" සිහින වොශ් දාන් එන්නකෝ, අම්මා කෑම කන්න කතා කලානෙ "

තවත් එයා එහෙම ඉන්නවා බලන් ඉන්න බැරි නිසා මං එයාට කතා කලා, සිහින මං දිහා බැලුවේ මං එතන ඉන්නවා දැක්කේ දැන් ගානට , එයාගේ ලොකේ  මං ඉන්නේ ඇස් ඉස්සරහ ඉදලත් ඒතරම් ඉක්මනට අමතක කරලා දන්න පුළුවන් තැනකද?

" ශානි අක්කි කියන්නේ ලොකූගෙ පොඩි කාලේ ඉදන්ම යාලුවා, එයා හැමො එක්කම කතා කරන්නේ ඔහොම එල්ලි එල්ලී තමයි ගනම් ගන්න එපා "

මං යාලුවා කියන එක බර කරලම කීවේ එයා දැන් මෙහෙම මූන එල්ලන් ඉන්න හේතුව මොකද්ද කියලා හොදටම දන්න නිසා, මං කියපු එකට මං දිහා පුදුම වෙලා වගේ බලපු සිහින දිග හුස්මක් පිට කරේ එයාගේ ඇස් වල යන්තං සැනසිලි සේයාවක් ඇදෙද්දී,

" ම~ මං වොශ් දාන් එන්නම් " මං කීව දේවලට මොකුත් නොකියා එහෙම කියපු සිහින උඩට දුවගෙන ගියා, එයා යන දිහා බලන් හිටපු මට සුසුමක් පිට වුනා. වෙලවකට මටම පුදුමයි සිහින වචනයක් වත් නොකීව වුනත් ඒයාගේ ඇස් දෙක දිහා විතරක් බලලා මට එයාව තේරුම් ගන්න පුළුවන් එක ගැන, ඒ ඇස් හරිම අවංකයි ඒ නිසා වෙන්නැති එයාව කියවන්න ලේසි.

සිහිනගෙ හිත හදන්න ඕනිකමට කීවා වුනත් ලොකූයි ශානි අක්කී අතර තියෙන්නෙ මොනවගේ බැදීමක්ද කියන්න මටත් හරියටම හිතා ගන්න බෑ, ලොකූ එන්න කලින් ශානි අක්කී මොකද්ද secret එකක් ගැන කියන්න ගියේ?

බැරිවෙලා හරි එයාල.. නෑ නෑ ලොකූ කවදාවත් සිහිනට එහෙම කරන්නෙ නෑ!!

.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

නේද ??

...............................................................

මට තියනවා මහ කැත පුරුද්දක් ලියන එව්වා අයෙ කියවලා බලන් නැති. ඒ නිසා අතර මැද අකුරු අඩුපාඩු තිබ්බොත් සොරි වෙන්ඩෝන.


You are reading the story above: TeenFic.Net