22.

Background color
Font
Font size
Line height


" අයියා යන්නේ නැද්ද සර්ෆ් කරන්න ? "

" නෑනේ ඇයි නංගි යන්නේ නැත්තේ ? "

" ආස නෑ අනේ. ඔවා කරන්න ගියා වගේ නෙවේ බොක් ගලා රැල්ලක් ඇවිත් ගහගෙන ගියොත් කාට කියන්නද? "

ඇත්ත තමයි රැල්ල පාගන්න ආස වුණත් මමත් බයයි මුහුදේ නාන්න එහෙම පොඩි කාලේ අම්මාලා එක්ක ට්‍රිප් එකක් ගිහින් ත්‍රිකුණාමලේ නනා ඉන්න කොට ලොකු රැල්ලක් ඇවිත් මාව ගිලෙන්න ගියා පීනන්නත් දන්නේ නෑනේ මං හිතුවේ නම් එදා මම මැරෙයි කියලා ඒත් ළඟ හිටපු මාමා කෙනෙක් මාව ඇදලා ගත්ත නිසා මම බේරුනේ එදා ඉදන්ම අම්මගෙන් මට මූදු වල නාන්න තහනම් කේන්දරේත් තියේලුනේ මට වතුරෙන් අපලයි කියලා. ඒ නිසා ආසාවට ළඟ තුබුන වැවට වත් බහින්න දුන්නේ නෑ මලක් කඩා ගන්න වත් අපේ අම්මාගෙත් හරි නීති තමයි. ඊයෙත් රෑ සැරින් සැරේ කීවෙම නාන්න යන්න එපා කියලා.

අපි බීච් එකට ආවම හැමෝම සර්ෆ් කරන්න ලෑස්ති වුණා මෙතන තියනවා ඒකට ට්‍රේන් කරන තැනක්. අනික් අය එතනට ගියත් මම කැමති නැති නිසා මම රැල්ල පාගන්න ගියා ශෙනාල් මම රැල්ල පාගනකල් මා එක්ක හිටියා පස්සේ එයත් ගියා ලෑස්ති වෙන්න. ඒ වෙනකොට නම් අනික් අය එ කිට් එකත් ඇදගෙන ට්‍රේන් වෙන ගමන් හිටියේ ශේනාල් කලින් සර්ෆ් කරලා තියේලු ඒ නිසා ඒය කෙලින්ම චේන්ජ් කරන් ආවා.

මම එයාලා සර්ෆ් කරන් හැටි බලන්න හෙවන තියන තැනක ඉද ගත්තම තිසාරි නංගිත් ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණා. ඒ වෙනකොට අනික් අය වතුරට ගිහින් හිටියේ. ශෙනාලුයි ඉමල්ක මල්ලි නම් පුරුදු කාරයෝ වගේ බලන් ඉන්න ආසයි ඒ දෙන්න දිහා සහිරු මල්ලිත් දෙතුන් පාරක් වැටි වැටී ඉදලා මෙතන අන්තිමට බැලන්ස් එක හදාගෙන කොහොම හරි බෝඩ් එකේ නැගිට්ටා.

එතකොට විහගි නංගි සිතාරි ? ඒ දෙන්නගේ වෙනම කෝලමක් එ දෙන්නට සර්ෆ් කරන්වට වඩා බැලන්ස් නැතුව සැරින් සැරේ මූදට වැටෙන එක හිතට අල්ලලද කොහෙද? බෝඩ් එකට නගිනවා තප්පර දෙකක් ඉන්නවා අයේ අනික් පැත්තට වැටෙනවා. එක්කෙනෙක් වැටෙන දිහා බලල හිනා වෙන්න ගිහින් අනික් එකත් වැටෙනවා. ට්‍රේන් කරන්න හිටපු අය්යා කෙනෙක් ගිහින් එයාලට උදව් කරලා වෙරළ එනකොට ආයෙ එකෙක් වැටෙන්වා. ඒ කෝලං දිහා බලන් ඉදලා මටයි තිසාරි නංගිටයි හිනා ඒයා නම් ඔක්කොම විඩියෝ කර ගත්තත් එක්ක. ටික වෙලාවක් වැටි වැටි ඉදලා සිතාරි නංගිත් ටිකක් වැඩේ අල්ල ගත්තත් විහගි නංගි නම් තාම වැටෙනවා. පස්සේ බලන් ඉන්න බැරිම තැනද කොහෙද ශෙනාල් එයාගේ බෝඩ් එක පැත්තකට දාලා විහගි නංගිට උදව් කරන්න ආවා.

අපි ඉන්න තැනට එයාලා.පේනවා ඒත් මුහුදේ සද්දේ නිසා කතා කරනවා නම් ඇහෙන්නෑ ඒත් හයියෙන් හිනා වෙන ඒවා නම් ඇහෙනවා. ශෙනාල් විහගි නංගි ලගට ගිහින් මොනද කිය කිය එයාට බැලන්ස් වෙන හැටි උගන්නනවා.

එයාලා හිටපු හරියේ ඉන ගාවට වගේ තමයි වතුර තිබුනේ එක පාරට ආපු ලොකු රැල්ලක් නිසා බෝඩ් එකේ බැලන්ස් වෙන්න් ගියපු විහගි නංගි ආයේ බැලන්ස් නැති වෙලා වැටෙන්න ගියත් ශෙනාල් එයාව අල්ල ගත්තා රැල්ලේ සැරට දෙන්නම ගහගෙන ඇවිත් නැවතුනේ වෙරළේ මට නිකම්ම හිටපු තැනින් නැගිටුනා.

" වෝහ් අර මොකද අනේ අර හහ්හා අම්මෝ මටත් ලැජ්ජයි වගේ එක දැකලා "

තිසාරි නංගි මගේ අතට ගහලා ශෙනාල්වයි විහගි වයි පෙන්නලා කෑ ගැහුවා. ගහගෙන ආපු පාරට ශේනල් ඇවිත් නැවතිලා තිබුනේ විහගි නංගිගේ ඇග උඩ ඉස්සරහ වෙලා අල්ල ගත්ත පාර විහගි ඉන්නේ තම ශෙනාල්ගේ බෙල්ලේ එල්ලිලා එ නිසාම ශේනාල් විහගිගේ ඇගට තද වෙලා හිටියේ. මං දන්නේ ඒ දෙන්නා ඉන්න විදිය දැක්කම මට ඒක අමුතුවට දැනිනේ ඇයි කියලා. ශෙනාල් ඉක්මනට නැගිටලා විහගි නංගිටත් නැගිටින්න අත දුන්නා. එයාලා ගාවට යන්න නැගිට්ට මම එහෙමම නතර වුණා.
ඒ එක්කම වගේ පිට් පස්ස හැරිලා අපි ඉන්න පැත්ත බලපු ශෙනාල්ගේයි මගෙයි ඇස් තප්පර ගානකට එකට පැටලුනාම මම ඉක්මනට අහක බලා ගත්තා. ගැරඩි වගේ වෙලිලා ඉදලා එනවා තව බලන්නත්.

" මේ බලන්නකො අයියේ මේ දෙන්නා. අද නම් විහගිව බයිට් කරන්වා නැති වෙන්නම ආපු දෙන්කෝ "

මම හිටිපු තැනින්ම ආයේ ඉද ගත්තමා තිසාරි නංගි එයා ඉස්සර වෙලා ශෙනාලුයි විහගි වැටිලා ඉන්න වෙලේ ගත්ත ෆොටෝ එකක් පෙන්නුවා. මම ඒක දිහා බැලුවම ආයෙත් අර දැනුන අමුතු හැගිම දැනෙන්න ගත්තා මම කැමති නෑ ඒකට. අනික මොකද්ද ඕකේ බයිට් කරන්න තියෙන්නෙ.

" ඇයි ඒ?"

" හපොයි අයියා දන්නේ නැද්ද ? "

" මොකද්ද ?"

" අපේ විහගි දැන් සෑහෙන කාලෙක ඉදන් ශෙනාල්ට කැමැතෙන් ඉන්නේ. කොච්චර කීවත් කන්ෆෙස් කරපන් කිය්ලා ඔහෙ නෑ දෙන්නගෙම ලොකු කමනේ "

ඒ මොකද්ද කීවේ ? එතකොට එයලා යලුවෝ විතරක් නෙවේද? දෙන්නගෙම ලොකුකම කියන්නේ ? එතකොට ශෙනාලුත් කැමති විහගි නංගිටද. එයා දවසක් මට කීවේ එයා කෙනෙකුට ආදරේ කරනවා කියලා එතකොට ඒ විහගි නංගි ගැනද කීවේ.

" ශෙනාලුත් කැමතිද?"

" ඒක නම් මං හරියට දන්නෑ. ඒත් ඉතින් අපේ විහාට අකමැති වෙන්න හේතුවකුත් නෑනේ අනේ මංදා ඒ ඩබලගේ වැඩ නම් ,ඒක නෙවේ අයියාට කවුරුත් නැන්ද? කැම්පස් අක්කා කෙනෙක් එහෙම?"

මම නෑ කියන්න ඔලුව විතරක් වැනුවා මට දැන් ඇති මෙතන හිටියා. මට යන්න ඕනි.

" නංගි මම හොටෙල් එකට යනවා මගේ ඔලුව රිදෙනවා වගේ අව්වේ හිටියොත් වැඩි වෙයි "

තිසාරි නංගි ආයේ මොකුත් කියන්න කලින් මම එන්න ආවා. රූම් එකට ආපු මම එහෙමම ගිහින් ඇදේ පෙරලුනා. කම්මැලී.මම නෑ කියලා ගානක් වත් නැතුව ඇති එක්කන් ආපු කෙනාට නම්. ඇදේ පෙරළි පෙරළි ඉදලා කම්මැලි නිසා මං නැන්දට කෝල්.එකක් ගත්‍තා දෙපාරක් රින් වෙනකොටම නැන්දා අන්ස කලා.

" අහ් මොකෝ මේ චන්ඩියාට මාව මතක් වෙලා තියෙන්නෙ ? "

" කෝල් එකක් ආන්ස කරාම හලෝ කියලා ඉන්න ඕනි "

මම කියපු එකට නැන්දා හිනා වුණා.

" හලෝ ඉතින් ඉතින් ට්‍රිප් ගියපු අය මොකෝ මේ නාකි ගෑණු ළමයිනට කෝල් කරන්නේ? ලස්සන නංගිලා ටිකක් එක්ක නේද ගියේ? "

" ලස්සන නංගිලාට වඩා ලස්සනය ගෑණු ළමයෙක් මතක් වෙලා කෝල් එකක් ගත්තා ඉතින් "

" ඒවා හොද වැඩ කෝ අපේ චූටි පුතා ඉන්නවද ඔයාලාට එන්ජෝයි කරන්න දෙන්න ඕනි නිසා මම කෝල් කරෙත් නෑ කරදරයිනේ "

" චූටි පුතා නෑ. මම තනියම ඉන්නේ "

" ඒ මොකද එයා කොහෙද ඇයි? බලාගන්නම් කියලා එක්ක ගිහින් කොහෙද ගියේ මගේ චන්ඩියාව දාලා "

" කොහෙවත් ගියා නෙවේ එයාට මෙහෙන් පාට් ටයිම් ජොබ් එකක් හම්බේලානේ නැන්දා දැන් එයා බිසී "

" ඇත්තට? මොකද්ද ඉතින් ජොබ් එක "

" ලයිෆ් ගාඩ්. සර්ෆ් කරන ගෑනු ළමයි වැටෙන ගානට අල්ල ගන්න එක තමා එයාගේ ජොබ් එක "

" ආහ් එකත් එහෙමද? කවුද ඔය කියන ගෑණු ළමයි අපේ විහගි දුව එහෙමද? "

අපේ විහගි ? විහගි කවද්ද නැන්දලාගේ වුනේ.

" විහගි ඔයාලගේද ඉතින් අපේ දුව කියන්නේ? "

" නෑ නෑ මම මේ කටට ආවට කීවේ. මගේ චන්ඩියා විතරයි අපේ "

අන්නඒම එන්න. මම තව විනාඩි පහලවක් විතර නැන්දා එක්ක කියව කියව ඉදලා ෆෝන් එක කට් කරා ශේනාල් තාම නෑ. කම්මැලි නිසා මං කැන්ඩි ක්‍රශ් ගහන්න ගත්තා ගේම් එකකට කියලා මම ගහන්නේ මෙක විතරයි. සිගිතී වගේ පෙනුනට එහෙම නෑ එකත් හෙන ශෝක් වැඩේ. මම ඇදේ පෙරලිලා ගේම් ගහා ගහා ඉන්නකොට දොරට තට්ටු කරනවා ඇහුනත් මම ටික වෙලාවක් හිටියා ඇහුණේ නෑ වගේ. ඔහෙ ඉන්නේ නැතෑ හිටගෙන දැන් මං ඇවිත් පැය බාගෙටත් වැඩී දැන් තමා එන්න මතක් වෙලා තියෙන්නෙ.

" සිහින "

දොරට තට්ටු කරලා බැරිම තැන එයා මගේ නම කියනකොට නම් මට තවත් ඇහෙන්නේ නෑ වගේ ඉන්න බැරි වුණා. සමහර වෙලාවල් තියන්වා ශෙනාල් මගේ නම කියන්නේ හරි අමුතු විදියට. මම එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් වුණත් එයා මට කවදාවත් අයියේ නම් කියලා නැ මම මල්ලි කියලා කතා කරනවටත් කැමති නෑනෙ. ළඟදි ඉදන් නම් මට එයාට මල්ලි කියන්න හිතෙන්නෙත් නෑ මට මොකද්ද වෙලා තියෙන්නෙ.

මම ගිහින් දොර ඇරලා එයාව ගනම් නොගෙන ආපහු ඇදට ගිහින් ගේම් එක ගහන්න් ගත්තා. ශෙනාල් එයා අරන් ඇවිත් තිබ්බ බෑග් එක පැත්තක දාලා ඇවිත් මගේ ලගින් වාඩි වුණා.

" සිහින "

" .... "

" ඇයි කියන්නේ නැතුව ආවේ? තිසාරි කීවා ඔයාගේ ඔලුව රිදෙනවා කීවා කියලා.ඔයා නෑ කියලා දැක්ක ගමන්මයි මම ආවේ චේන්ජ් කරන තැන කට්ටිය වැඩි නිසා ටිකක් පරක්කු වුණා. හුගක් අමාරුද?"

ශෙනාල් එහෙම අහුවේ එයගේ රස්නේ ඇගිලි වලින් මගේ කෙස් පිටිපස්සට කරන ගමං ඉතින් නොගෙන ඉන්න හිතුවත් ඒයාගෙ වචන ඒයා මේ කරන දේවල් ඒක අමාරු කරනවා. අනික ඇත්තටම ඇයි මම දැන් එයාව ගනම් ගන්නේ නැතුව ඉන්න හදන්නේ? ශෙනාල් මොකුත් වරදක් කරේ නෑනෙ. මටත් පිස්සු මේ කොල්ලාව බය කරනවා බොරුවට. ෆෝන් එක පැත්තට දාලා මම ඇදෙන් හරියට වාඩි වුණා.

" ලොකු අමාරුවක් නෑ නේද ?"

" නෑ දැන් හොදයි. කෝ අනික් අයත් ආවද?"

" නෑ එයාලා තාම එතන. ඔයා නැති නිසා මං ආවේ එයාලාත් එයි තව ටිකකින් . "

ශෙනාල් එහෙම කීවම නම් මට දුක හිතුනා..මගේ වැඩ නිසා එයාටත් එන්ජෝයි කරන්න නෑ.

" මට අමාරුවක් නෑ අපි ආපහු යමුද ?"

" දැන් ඕන්නෑ අනික් අයත් එයි ඉක්මනට තව පැයකින් වගේ ෆෝට් එකට යන්න පිටත් වෙනවනේ. ඔයා ලෑස්ති වෙන්නකෝ"

හවස හතර හමාර වගේ වෙනකොට අපි හොටෙල් එකෙන් හම්බ වුණ වෑන් එකේම කොටුවට ආවා ඇවිදින්නයි ඉර බහිනවා බලන්නයි නිසා කලින්ම ආවේ. විහගි නංගි නම් කැමරාව උස්සන් ආව නිසා අඩියක් අඩියක් ගානේ ෆොටෝස් ගන්නවා මොනා වුණත් නංගිට ලස්සනට ඇන්ගල් කරලා ෆොටෝ ගන්න නම් පුළුවන් මගෙත් ෆොටොස් ගොඩක් ගත්තා පස්සේ ඉල්ල ගන්න ඕනි. ඉර බහින්න තව වෙලා තියනවා කටිටිය ෆොටොස් ගන්නයි වට පිට බලන්නයි තැන් තැන් වල නැවතුලා නිසා එයාලා ගැන බලන් නැතුව මායි ශෙනාලුයි ඉස්සරහට ඇවිදන් ගියා.

" ශෙනාල් "

" ම්ම්? "

කට්ටියගෙන් ටිකක් ඈත් වුණාම මම එයාට කතා කරා කොහොමත් මම ටික කාලයක් ඉදන් එයා එක්ක දෙයක් ගැන කතා කරන්න හිතන් හිටියේ.

" අද නැන්දා නිර්වාන්ගෙ එන්ගේජ්මන්ට එක ගැන කතා කර ගන්න ගියාලුනේ "

මම එහෙම කීවම ශෙනාල් මගේ දිහා පුදුමෙන් වගේ බැලුවේ. මම මේ වෙලේ නිර්වාන් ගැන මතක් කරයි කියලා හිතන්න නැතුව ඇති. ඒ දේවල් ගැන හිතනකොට හිත නොරිදෙනවම නෙවෙයි ඒත් දැන් මට නිර්වාන් ගැන දැනෙනේ හරි හිස් හැගීමක් මගේ ජීවිතේ මට වුණ ලොකුම අත්වැරදීම ඒ නමත් එක්ක බැදිලා. ඉතින් ඒ ගැනම හිත හිත තවත් රිද්ද ගන්න පසු තැවෙන්න මම දැන් කැමති නෑ රිදෙන්න පුළුවන් උපරීමේටම මට රිදුනා කදුලු හිදෙනකල්ම ඇඩුවා තවත් බෑ.

" ඔව් යනවා කීවා "

ශෙනාල් ඔහේ උත්තර දුන්නා එයාට ගානක් නෑ එයා තාමත් ඉන්නේ නිර්වාන් එක්ක තරහෙන්. ඒකත් මං නිසා.

" ඔයාටත් යන්න තිබුණා "

" ඒ මොකටද? "

" මොකටද අහන්නේ ඒ ඔයාගේ අයියා. මේ වගේ වෙලාවක ඒ දේවල් ගැන හොයලා බලන එක ඔයාගේ වගකීමක්නේ "

මම එහම කියනකොට ශෙනාල් ඇහිබැමකිත් රැලි කරලා මගේ දිහා රවලා වගේ බැලුවා. තරහා ගිහින්ද කොහෙද. බොරු කියන්න ඕනි නෑනේ මෙයාට තරහා ගිය වෙලාවට නම් මටත් පෝඩ්ඩක් විතර බය හිතෙනවා හැම වෙලේම නිවිලා වගේ ඉන්න මනුස්සය නෙවේ එතකොට ඉන්නේ.ඒත් ඉතින් මම තරහා ගන්න දෙයක් කීවේ නෑනේ මම කීවේ ඇත්ත මේ වෙලාවේ නිර්වාන් වුණත් එයාගේ මල්ලිව බලාපොරොත්තු වෙනවා ඇති මොනවා වුණත් නිර්වාන් ශෙනාල්ට ආදරෙයි කියන්න මම දන්නවා ශෙනාල් වුණත් එහෙමයි ගෙදර ඉන්න කල් දකින දකින වෙලවට මොකක් හරි බොරු දෙයක් අල්ලන් පැටලුනාට ඒ දෙන්න කවදාවත් මෙහෙම තරහා වෙලා ඉන්නවා මම දැකලා නෑ. මම නිසා එයාලගේ සහොදරකම් නැති වෙනවට මම කැමති නෑ.

" මට වැඩක් නෑ "

ශේනාල් මට වැඩක් නෑ කියලා මාව ඉස්සරහ කරන් යන්න යනකොට මම එයගේ අතින් ඇදාලා නතර කර ගත්තා.

" අහන්නකෝ. මමයි නිර්වානුයි අතර වෙච්චි දේවල් නිසා ඔයා අයියා එක්ක තරහා වෙන්න එපා. ඒ ඔයාගේ අයියානේ මම පිට මනුස්සයෙක්. පිට කෙනෙක් නිසා ඔයාලගෙ සහෝදරකම් නැති කර ගන්න එපා මේ වෙලාවෙ අයියට ඔයාව ඕනි ඇති එයාගේ ජීවිතේ වැදගත්ම දවසක් එන්නේ කොච්චර දේවල් ඇතිද හොයලා බලලා කරන්න. "

" මොකද්ද ඒ කීවේ? "

" මම කීවේ එන්ගේජ්මන්ට එකට ගොඩක් වැ- "

" නෑ ඊට කලින් මොකද්ද කීවේ? ඔයා පිට කෙනෙක්ද? ඔයත් එහෙමද හිතන් ඉන්නේ? මෙතන එතකොට මං විතරද එහෙම හිතන්නැති එකම කෙනා? "

" ශෙනාල් මම කීවේ "

මම කියන්න ගිය එක කියන්න කලින් එයා මගේ අත අතෑරවගෙන ඉස්සරහට ගියා. වුනේ මොකද්ද හිතා ගන්න බැරුව මම හිටපු තෑනම ඉදන් එයා දිහා බලන් හිටියා.

" අප්පද බොල අරූට මක් වෙලාද අර ගිනි කසයා වගේ යන්නේ?"

කොහෙන්දෝ ඉදන් ආපි සහිරු මල්ලිත් ශේනාල් යන දිහා බලල එහෙම ඇහුවේ මගේ කරට අත දාන ගමන්. මම දන්නේ නෑ කියන්න උරහිස ඇකිලුවා. පුදුම තරහක්නේ අනේ එයාට යන්නේ මොකුත් කියන්න බෑනෙ.

" ගනම් ගන්න එපා සිහින අයියේ ඕකට හිටපු ගමන් ගිනිපුක්ගාය හැදෙනවා "

සහිරු මල්ලි කටත් ඇද කරලා ඒක කියපු හැටියට නම් මටත් හිනා ගියා. අපි තව ටිකක රෑ වෙනකල් කොටුවේ ඇවිදලා
ඉර බහින හැටිත් බලලා ආපහු හොටෙල් එකට ආවා. ටිකක වෙලා එහෙ ඉද්දි නම ශෙනාල්ගෙ යකා නිවාඩු ගිහින් ආපහු මාත් එක්ක වෙනදා වගේම හිටියා එයාම තරහා වෙලා ගිහින් එයාම හොයන් ආවා. අද රෑට අපිට හොටෙල් එකේ ගාඩ්න් එකේ බාබකිව් නයිට් එකක් ඇරෙන්ජ් කරලා තියෙන්නෙ.

දැන් අපි හැමෝම ඉන්නේ හොටෙල් සිටාෆ් එකේ අය ගහලා දුන්න ගිනි මැලයක් වටේ වාඩිවෙලා. මුහුදු හුලගයි ගිනි මැලෙන් එන රස්නෙයි වටේම පැතිරිලා තියන බාබකිව් සුවඳ එක්ක මූදූ රැල ගහන සද්දේ එක්ක එතන හරි ලස්සන වයිබ් එකක් තිබුනේ.

මට ඉස්සරහින් ගිනිමැලේට එහා පැත්තේ ඉදන් ගිටා එකක් ටියුන් කරන ශේනාල් දිහා මං දැන් බලන් ඉන්නේ හුගක් වෙලා ඉදන්. එයා ඉන්නේ එයා කරන වැඩේට සම්පුර්ණ අවධානේ දීලා නිසා මෙහෙම බලන් ඉන්න ලේසි. මුහුදු හුලග එයාගේ අකීකරු කොන්ඩේ එහේ මෙහේ යනවා. ගිනි මැලෙ එලිය මූනට වැටිලා එයාගේ මූණට අමුතු ලස්සනක් ඇවිත්

" මූසිල වගේ ඔකේ තත් කන්නේ නැතුව කියන මගුලක් කියපන්කෝ නැත්තං දීපං මං කියන්න "

මේ වෙලාවේ මෙතන තියන වයිබ් එක පන්සලක් වගේ නම් සහිරු මල්ලි තමයි ඒ පන්සලේ ගාන්ටාරේ.

" ආහ් කියපං එහෙනම් "

" අයියෝ මේ පිස්සු කෙලින්න නම් එපා ශෙනාල් කොල්ලෝ ඕන එකෙක් සිංදු කියන්න ඒත් මේ කෑකෝ පප්පාව නම් ගාව ගන්න එපා "

ශෙනාල් සහිරු මල්ලිට ඉල්ලුව ගිටාර් එක දෙන්න යනකොට සිතාරි නංගි පරල වුණා. ඒ කිබුලියෝ දෙන්නට පුදූම ඇරියස් එකක් තියෙන්නෙ සහිරු මල්ලි එක්ක.

" පලයං ගෙම්බි. සිංදු කියන්න වගේම අහන්නත් අය ඉන්න ඕනී මං ඉන්නේ අන්න ඒ ගොඩේ. ඔයා කියන්න සුද්ද මං කලින් පොඩි ගෝක් එකක් කලේ"

අන්න ඒ කතාව නම් ඇත්ත මමත් ඉන්නේ සිංදු අහන ගොඩේ සිංදු අහලා විතරක් ඉන්න ඕනි අය සිංදු කියන්න ගියාම වැඩේ අල වෙනවා. සහිරු මල්ලි ගිටා එක ආපහු ශෙනාල්ට දුන්නම එයා එක අරගෙන උගුරත් පාදලා මං දිහා බැලුවාම මම එයා එක්ක හිනා වුණා. එයාත් ආපිට හිනා වුණා. මං ඉදන් හිටු තැන හරි බරි ගැහිලා ලෑස්ති වුණේ එයා සිංදු කියනවා අහන්න මීට කලින් මම අහලම නෑනේ. ශේනාල්ගේ කටහඩ කොහොමත් ලස්සනයි ගොඩක් ගැඹුරුත් නෑ ඒත් සියුමැලිත් නෑ.

ටික වෙලාවකින් අපි හැමෝම බලන් හිටියේ එයා සිංදුව පටන් ගන්න කල් මට එහා පැත්තේ හිටපු විහගි නංගී ෆෝන් එකේ විඩියොත් ඔන් කර ගත්තා. මටත් රෙකෝඩ් කර ගන්න හිතුනත් ඊට වඩා උවමනේ වුනේ එයා දිහා බලන් ඉන්න. ඒ නිසා ඒ අදහස අත් ඇරලා මම ශෙනාල් දිහා බලම් හිටියා. මුලින්ම ගිටාර් එකෙන් කෝඩ්ස් ප්ලේ කරපු එයා සිංදුව පටන් ගත්තා...

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ~

පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ

අමරසිරි පීරිස්ගේ ඇපල් මලක් වගේ එයාගේ කටහඬට ලස්සනට ගැලපුනා. ඒ කටහඩේ හැගීම් පිරිලා. වශී වෙලා වගේ එයා දිහා බලන් හිටපු මගේ ඇස් වල ශෙනාල්ගේ හීනි ඇස් පැටලෙනකොට මගේ ඇගත් අමුතු විදියට හීතල වෙලා ගියා. එයාගේ ඇස් මොකද්ද කියන්න දගලනවා වගේ මට හිතුණේ.

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ
එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ


විටින් විට එයාගේ ශෙනාල්ගේ ඇස් පිය වුණා ඒ ඇස් අරෙන වෙලාවට මගේ ඇස් වල පැටලුනා. එයා ඒ කොටසේ අන්තිම ටික කියනකොට මට අහේතුවකට වගේ මගෙ එහා පැතතේ ඉදන් ඉන්න විහගි නංගි දිහා බැලුනා. කලින් විඩියෝ කර කර හිටි ෆොන් එක පැත්තක දලා එයත් ශෙනාල් දිහා බලන් ඉන්නෙ මම බලන් හිටි විදියටමයි.

ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි

පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ

ශෙනාල් එයා ඒ හැම වචනෙම කීවේ මගේ දිහා බලාගෙන. මගේ හිට ගැහෙනවා ඇයි මේ? මට පිස්සු එයා ඒ බලන්නේ මගේ දිහා නෙවෙයි වත්ද? 'ගැහැනු ළමයෝ' එයා කීවේ එහෙම. ඒක සිංදුවේ කෑල්ලක් තමයි ඒත්....

ශෙනාල්ගේ ඇස් ඇරුනම තව ඇස් දෙකක් මගේ පැත්තට හැරිලා කියලා දැනෙනකොට මම ඒ පැත්ත බැලුවා. ඒ විහගි නංගි තප්පර ගානක් අපි දෙන්න බලං හිටියා. නංගිගේ ඇස් දිලිසෙනවා එයාට කදුලු ඇවිත්ද?මට පේන හැටිද?

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ

පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ


ශෙනාල් ලස්සනට ඒක ඉවර කලාම එතන හිටි හැමොම අප්පුඩි ගැහුවා අපිට ටිකක් ඈතින් හිටි ෆොරිනස්ලා ටිකක් පවා එයාට ක්ලැප් කරා.

" Hey can you sing a english song as well your voice is soothing "

" Sure "

ටිකක් ඇතින් හිටි ෆොරීන් ගර්ල් කෙනෙක් ඇවිත් ශේනාල්ට ඉන්ග්ලිශ් සිංදුවක් කියන්න කියලා එයා ඒක්ක හිටි අනික ගෑණු ළමය එක්කම අපි හිටි තැනින් වාඩි වුණා.

Maybe it's the way you say my name
Maybe it's the way you play your game
But it's so good, I've never known anybody like you
But it's so good, I've never dreamed of nobody like you

And I've heard of a love that comes once in a lifetime
And I'm pretty sure that you are that love of mine

Cause I'm in a field of dandelions

Wishing on every one that you'd be mine, mine
And I see forever in your eyes
I feel okay when I see you smile, smile

ආයෙත් අයේතේ එයාගේ ඇස් මගේ ළග. මට දැන් නම් කෑගහල කියන්න හිතෙනවා ඔහොම බලන්න එපා කියලා. ශෙනාල් ඒ බලන ගානට මට එයා ගැන දැනෙන ආගන්තුක හැගීම හරි නුහුරුයි..

Wishing on dandelions all of the time
Praying to God that one day you'll be mine
Wishing on dandelions all of the time, all of the time

I think that you are the one for me
'Cause it gets so hard to breathe
When you're looking at me, I've never felt so alive and free
When you're looking at me, I've never felt so happy

'Cause I'm in a field of dandelions
Wishing on every one that you'd be mine, mine
And I see forever in your eyes
I feel okay when I see you smile, smile

සිංහල සිංදුවට වගේම ඉංග්‍රීසි සිංදුවටත් ඒයාගේ කටහඬ ලස්සනට ගැලපුනා.දැන් නම් ලෝබයි වගේ මේ සුද්දී අක්කලා දෙන්නත් ශෙනාල් දිහා කන්න වගේ බලන් ඉන්නවනේ. ආපු දිහාකට පාඩුවේ යන්නැතුව මොකට ආවද මන්දා. ඒ පාර ආපු තරහට මං රැව්වා.අද නම් මට පිස්සු තද වෙලාද කොහෙද තියෙන්නෙ.

Dandelion, into the wind you go
Won't you let my darling know?
Dandelion, into the wind you go
Won't you let my darling know that?

එක්කො දැන් සිංදු කිවා ඇති වගේ මෙහෙම ගියොත් මුලු හොටෙල් එකම එයි මෙතනට.

I'm in a field of dandelions
Wishing on every one that you'd be mine, mine
And I see forever in your eyes
I feel okay when I see you smile, smile

Wishing on dandelions all of the time
Praying to God that one day you'll be mine

Wishing on dandelions all of the time, all of the time

I'm in a field of dandelions
Wishing on every one that you'd be mine, mine

අම්මෝ ඇති යන්තම් ඒක ඉවර කලා. තව ටිකක් කීවා නම් මාව ඉස්පිරිතාලෙ තමයි අරම් යන්න වෙන්නේ මේ හාට් එක පිස්සු නටන විදියට.

" wow that was soo beautiful thank you for accepting our request "

" that's fine I was planning to sing that anyway, glad you enjoyed "

" oh we really did. Enjoy your time guys see you latter "

ශෙනාල්ට එයාලගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපු එකට තෑන්ක් කරපු සුදු අක්කල දෙන්න අපිට බායි කියක එතනින් ගියා මේ වෙනකොට අපිට බාබකිව් ටිකත් සර්ව් කරලා තිබුනේ.

" අමෝමෝ අම්මෝ හදවතේ ගායකයට තියන ප්‍රතිචාර "

" ඇයි ඔයාට ඊරිසියද? "

ඔන්න ඉතින් ආයෙත් සිංදුයි බිංදුයි සහිරු මල්ලි එක්ක ඇවිලෙන්න ගත්තා. ඉමල්ක මල්ලි නම් පාඩුවේ එයාගේ කෑම ටිකට වැඩේ දෙනවා ඒ අස්සේ සහිරු මල්ලිගේ ප්ලේට් එකටත් විදිනවා කෝ ඉතින් එයාට සිහි නෑනෙ.

" ඊරිසියා කරන්න? මේ මම? මේ මගෙ අත් වල හැදුන දරුවො "

" යැයි යැයි යැයි තමා ඒක නෙවේ විහා ඔයත් කියනකෝ ඔයාටත් පුළුවනනේ සිංග් කරන්න "

" සිංග් කරන්න නම් පුළුවන් ගිටාර් ගහන්න නම්.බෑ හැබැයි "

" අහ් ඒකට ඉතින් අපේ ශෙනාල් ඉන්නේ ඔයා කියන්න "

විහගිටත් සිංග් කරන්න පුළුවන්ලුනේ මට තමා තාලෙට අප්පුඩියක් වත් ගහ ගන්නබැරි බලන් ගියාම.ආ නෑ තනියට සහිරු මල්ලිත් ඉන්නවා.

කන එකත් පැත්තක් දාපු ශේනාල් ඒ ගමන විහගි නංගිට සිංග් කරන්න නිසා ගිටාර් එක ප්ලේ කරන්න ගත්තා.

බොහෝ පෙම් කවි ලියූ පසුවද
සියුම් කැපුමක් මෙන් රැඳී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී

තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි

ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි

විහගි නංගි කීවේ මම කැමතිම සිංදුවක් පහුගිය ටිකේ මං හුගක් අහපු සිංදුවක්. අසම්පුර්න පෙම් කතා වල අයිතිකාරයෝ කී දෙනෙක් මේ සිංදුව අහලා කදුලු අලුත් කර ගන්නවා ඇතිද?

නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්

සදාකාලික තැවුල් පොදියක
රැඳී හද පෙලුවත් නිති
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී

ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි

හැමදාම ඔරිජිනල් එක අහපු මට මේ සිංදුව විහගි නංගි කියනකොට කලින්ටත් වඩා ෆීල් වෙනවද කියාලා හිතුනා. සිංදුව ඉවර වෙනකොට නිකමට වගේ ශෙනාල් දිහා බලපු මම දැක්කේ එයාගේ ඇස් විහගි නංගි ගාව නතර වෙලා තියන්වා. ඇයි කියන්න නොතේරුනත් ආයේත් මගේ හිත අකමැති විදියේ හැගීමක් දැනෙන්න ගත්තා.

හැමොම සිංදු කියලා කාලා බීලා ඉවර වෙනකොට නමය විතර වෙලා නිසා අපි ලෑස්ති වුණේ. ආපහු රූම් වලට යන්න.

සහිරු මල්ලි එක්ක පැත්තකට ගිහින් මොනවදා කතා කරන ශෙනාල් එනකල් මම බලන් හිටියා. ඒ කතාව ඉවර කරපු එයා ඉක්මනට ඉක්මනට අඩිය තියලා මගේ ලගට ආවා.

" සිහින ඔයා රූම් එකට යන්නකෝ මේ කට්ටිය එක්ක මං ඉක්මනට එන්නම්"

" කොහෙද යන්නේ?"

" පොඩි වැඩක් තියෙයි ඉක්මනට එන්නම් දැන් එළියේ සීතලයි වැඩිය හුලං වදින්නේ නැතිව යන්න."

මට ඇතුලට යන්න කියලා හැරුන ශෙනාල් කෙලිනම ගියේ විහගි නංගි ගාවට එයා නංගිට මොකක් හරි

You are reading the story above: TeenFic.Net