18.

Background color
Font
Font size
Line height


Sihina's POV

" ඕයී සිහින අයියේ "

හයියෝ අදත් ඇවිත්ද? දැක්කේ නෑ වගේ යන්න ඕනි.

" සිහිනයියේ කොහෙද දුවන්නේ ඉන්නවකෝ "

" කොහෙද බං කතා කරනවා ඇහිලත් දුවන්නේ ? "

පිටිපස්සෙන් මගේ නම අඩ ගහ ගහා දුවන් ආපු ගලයා මගේ බෑග් එකේ එල්ලුනාම අකමැත්තෙන් වුනත් නවතින්න වුණා. ගලයා අපේ ජුනියර් බැජ් එකේ කොල්ලෙක් දවසක් කැන්ටින් එකේ මං තනියම කකා ඉන්නවා දැකලා මං ගාවට ඇවිත් බලෙන්න කතා කරන්න ගත්තා. විස්තර කතා කරලා බලද්දී එයත් අපේ ගමේ ඉතින් ඒක දැන ගත්ත වෙලේ ඉදන් දැක්ක තැන සිහිනයියේ ගාගෙන කාන්දම වගේ පස්සෙන් එනවා.

" ගෙදර ඇයි "

" එළ එළ මාත් ගෙදර තමා යන්නේ දෙන්නම යං 138 නෙහ් යන්නේ? "

" ඕ කොහොමද දන්නේ? "

" මං දැක්කා දවසක් බස් එකේදී අපේ ගමේ බුවෙක් කියලා දන්නවා නම් කලින්ම කතා කරන්වා. "

ගලයා මගේ කරටත් අතක් දාගෙන කැම්පස් එකෙන් එලියට යන්න ඇවිදන් ආවා. අපරාදෙ එක්කෝ මං එදා විස්තර කියන්න ගියේ මටත් කට පියන් ඉන්න බෑනෙ වෙලාවකට හෑලි කියවන්න යනවනේ. ගලයාත් ශෙනාල්ගේ වයසෙලු ජනවාරි නිසා කලින් බැජ් එක එක්ක එක්සෑම් කරලා තියෙන්නෙ. එක වයසේ වුනාට ශෙනාල්ගෙ ලගින් වත් තියන්න බෑ. පුදුම වචාල කටක් තමා තියෙන්නෙ මට මේ දවස් දෙක තුනට අහං ඉඳලා එපා වුණා. ඒ මදිවට පාරේ ඇවිදින්නෙත් කක්කුට්ට වගේ ගල් කැට වලටත් පයින් ගහ ගහ කිසි චාරයක් නෑ අනේ ශේනාල් ඒ අතින් බලද්දී කොච්චර ඩීසන්ට් ද?

" මෙහ් සිහිනායියේ නම්බර් එක දෙනවකෝ "

" ඒ මොකටද "

" යාලු ෆිට් එකට බං. අර කරනවා කීව ක්ලාස් එකට මං ළමයි ටිකක් හොයලා දෙන්නම් අපේ නංගිත් ඉන්නවා ඒකි නම් කොමස් කරන්නෑ ඒත් කරන යාලුවෙ ඇතිනේ "

මගේ ක්ලාස් එක පටන් අරන් දැන් සතියයි මේ සතියේ තව ළමයි දෙන්නෙක් එනවා කීවා එතකොට ඔක්කොම හතයි. හිතුනොත් ටික් ටොක් එකවුන්ට් එකක් පටන් අරන් මොටිවේශනල් ස්පීච් ටිකක් දානවා එතකොට ළමයි තව ටිකක් වැඩි වෙයිනේ.

" ඉස්සෙල්ල ළමයි තුන් දෙනෙක් හොයා දෙන්න ඊට පස්සේ නම්බර් එක දෙන්නම් "

" අපෝ මංදා උඹත්. මේ එක නෙවේ අර අතන ඉන්න ඩයල් එක ඇයි අපි දිහා කන්න වගේ බලන් ඉන්නේ "

ගලයා එහෙම කියලා ඇස් වලින් පාරෙන් එහා පැත්තේ නවත්තලා තියන කාර් එකක් පෙන්නුවා. ඇවිත් ඉන්නේ කවුද දැක්කම මං ගලයා මගේ කර වටේ දාලා තිබ්බ අයින් කරලා ටිකක් එහාට වෙලා හිට ගත්තා.

කාර් එකට හේතුව වෙලා අත් දෙකත් සාක්කුවට දාන් අපේ පැත්ත බලන් හිටියේ වෙන කවුරුත් නෙවේ ශෙනාල්. තනි කලු බ්ලේසර් එක දාලා ඒකටම මැච් වෙන්න කලු ශර්ට් එකයි ට්‍රව්ස එකයි ඇදලා හිටි එයාව දැක්කම මගේ හිත ගැස්සුනේ මීට කලින් ශෙනාල් ඒ විදියට දැකලා නැති නිසා වෙන්න ඇති.

" ඕයී සිහින අයියේ ගල් ගිලලා වගේ ඉන්නැතුව යමංකෝ. අඩෙ අප්පා අන්න අරූ මේ පැත්තට එනවා ඒ පාර "

ගලයා මාව හොල්ල හොල්ල මොනාද කීවත් මං හිටියේ ශෙනාල්ගේ සිහියෙන්. එයා අද කොහෙද පාර්ටි එකකට යනවා කිව කියලා දැන් මතක් වුණේ. එත් ඇයි එහෙනම් මෙතන. මං ඕවා හිත හිත ඉන්නකොට ශෙනාල් පාර පැනලා අපි ලගට ආවා.

එයා ඇවිත් ගලයා දිහා උඩ ඉදන් පහලට අමුතු බැල්මක් දානකොට ගලයා මාව අත් ඇරලා අර කක්කුටු ලීලාවෙන් අයින් වෙලා කෙලිම් හිට ගත්තා.

" සිහින "

" ඕ ? "

" මං ඔයාට කෝල් ගත්තා කෝ ෆෝන් එක? කවදාවත් උවමනාවකට ගත්තම ආන්ස කරන්නෙ නෑ."

" සයිලන්ට් කරලා තිබුනේ ලෙක්චස් නිසා. අයින් කරන්න අමතක වුණනෙ ඉතින්. "

" ම්ම් මම ගත්තේ ඔයාව ගන්න එනවා කියන්න. මම කොට්ටාවට යන්නේ ඒ නිසා ඔයාවත් ගෙදරින් දාලා යන්නම් "

මම ආයේ මොකුත් කියන්න කලින් ශෙනාල් මගේ අතින් අල්ලන් පාර පනින්න ලෑස්ති වෙනකොට මෙච්චර වෙලා අපි දිහා කටත් ඇරන් බලම් හිටි ගලයා හරි සිහියට ඇවිත් වගේ දුවන් ඇවිත් මගේ අනික් අතේ එල්ලුනාම ශේනාල් බෙල්ල හරවලා ඇහිබැම අකුලලා ගලයා දිහා බලපු විදියට මටත් කැස්සකුත් හිර වෙන්න ආවා.

" බොසා කොට්ටාවටනේ යන්නේ මාවත් කිරුලපනින් හලාගෙන යන්න එහෙනම් "

ශේනාල් රවන එක ගානකට වත් නැතුව මෝඩ පහේ හිනාවක් දාලා ගලයා එහෙම කීවම ශේනාල් මොකුත් නොකියා මාව ඇදලා අරන් එයාගෙ අනික් පැත්තට මාරු කර ගත්තා. මාවත් අල්ලන් පාර මාරු වෙලා කාර් එක ලගට යද්දී මාත් ඔහේ ඒ පස්සේ ඇදිලා ගියා. ඇයි මට අද මේ මම පොඩි ළමයෙක් වගේ එකක් දැනෙන්නේ. අපි කාර් එක ගාවට ගියාම ගලයාත් ඇවිත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කාර් එකට නැග්ගා.

ශෙනාල් වෙනදා වගේ මගෙන් මොකුත් අහන්න වත් කරදර නොවී ඩ්‍රයිව් කරන් යද්දී වෙනදට නැති අමුතු ටෙන්ශන් එකක් මට දැනෙන්න ගත්තා. මං පිටි පස්ස හැරිලා ගලයාටත් රැව්ව ගලයා කිවට නම පසන් කාඩ් එක තමා ගලයා. ගලයා නෙවේ හැලයා ඇයි අප්පා එයා නිසා තමයි මේ නැත්තම් ශෙනාල් වෙනදට මෙහෙම නෑනෙ මං දිහා නික්ම් වත් බැලුවේ නෑ නැග්ගත් හරි.

" සිහිනායියේ මෙහ් නම්බර් එක දෙනවකෝ හලෝ දැන් දවස් කීයක් ඉදන්ද ඉල්ලන්නේ"

මං රවපු එක ගානක් වත් නැතුව පසන් පැසෙන්ජ සීට් එකයි ඩ්‍රයිවින් සීට් එකයි අතර ඉඩෙන් එබිලා ආයෙත් මගේ නම්බර් එක ඉල්ලුවා. ඒත් වැඩි වෙලා එහෙම ඉන්න උනේ නෑ ශෙනාල් එක පාර බ්‍රේක් කරපු නිසා පසන් ඉස්සරහ විස්ක් වෙන්න ගිහින් යන්තම් සීට් එක අල්ලන් බේරුනා තව පොඩ්ඩෙන් වින්ඩ්ස්ක්‍රීන් චොක් ගාල මූණ වදිනවා වහලෙන් වැටිච්ච හූනෙක් වගේ.

" හුප්.."

" ඉන්නවා නම් එක විදියකට ඉන්නවා."

වෙච්චි වැඩේ නිසා පසන්ට කුනුහරපයක් කියවෙන්න ගියත් ඉස්සරහ කණ්ණාඩියෙන් රවාගෙන එයාට සද්දයක් දාලා ඒ බැල්මෙන්ම මගේ දිහාත් බලපු ශෙනාල් වාහනේ වේගෙත් වැඩි කරා.
ඉතින් මට රවන්නේ? වැඩිහිටියන්ට ගරු කරන හැටි කියලා දෙන්නම්කො මං වෙන වෙලාවක දැන් නම් මොකුත් කියන්න කට අරින්න හිතෙන්නේ නෑ බලන් ඉන්න විදියට. කිට් එක මාරු වෙනකොට වෙස් පෙරලෙන ලෙඩක් තියේද දන්නෙත් නෑ මෙයාට නැන්දාගෙන අහලා බලන්න ඕනි.

අයේ කිරුලපනට ඇවිත් පසන්ව බස්සනකල්ම කාගේවත් කතාවක් තිබ්බේ නෑ. පසන් කාර් එකෙන් බැහැලා මට මොකද්ද කියන්න එනකොට ඊට කලින් ශෙනාල් ආපු වේගෙන්ම කාර් එක ස්ටාට් කරන් එන්න ආවම ඔලුවත් කස කස කාර් එක දිහා බලන් ඉන්න පසන්ව සයිඩ් මිරර් එකෙන් දැකලා මට පව් හිතුනා. මොනා වුනත් හොද ළමයෙක්. මං බොරුවට අකමැතී වගේ පෙන්නුවට මේ සතියේ පසන්ගේ ගොන් වැඩ නිසා මං සෑහෙන්න හිනා වුණා. කැම්පස් එක ඇතුලෙත් මට කියලා එහෙම විශේෂ යාලුවො නැති එකේ ගමේ කෙනෙක් ඒ විඩියට හරි හම්බුන එක කොච්චර දෙයක්ද ටිකක් මොංගල් වගේ උනත් ඒ ළමයාගේ වරදක් පේන්නෑ.

" අර ළමයා යන්නම් කියන්නද කොහෙද ආවේ "

" ඉතින් ? "

" ඉතින් කියන්නේ අනේ ඔයා එයා එනකොට දැක්කේ නෑ වගේ ආවේ පව්නේ මොනා හිතුවද දන්නෑ."

මං එහෙම කීවම මගේ දිහා අමුතු විඩියකට බලලා ශේනාල් වාහනේ නතර කලා. මෙයාට මොකද්ද අප්පා අද වෙලා තියෙන්නෙ ?

" බහින්න "

" ඈ? "

මං එතකොටයි දැක්කේ ශෙනාල් වාහනේ නතර කරලා තිබුනේ ගෙදරට හැරෙන අතුරු පාර ළඟ කියලා. මෙච්චර ඉක්මනට ආවද? ඒත් ඉතින් බහින්න කියන්නේ වෙනදට එයා ගෙදරින්ම දානවනේ.

" මෙතන ඉදන් ටික යන්න පුළුවන්නේ මට පරක්කුයි "

අහක බලාගෙනම එයා එහෙම කීවම මට දුක හිතුන නිසා මාත් අයේ මොකුත් නොකියා බැහැලා දොරත් දඩස් ගාලා වහලා දලා ආයෙ හැරිලා වත් බලන් නැතුව එන්න ආවා. ඇයි අනේ පරක්කුයි නම් මොකටද ආවේ මං කීවේ නෑනෙ එන්න කියලා. අනික ඔහොම දාලා යනවද හරි ඉතින් මෙතන ඉදන් ටික දුරයි තමයි ඒ වුනාට එයා වෙනදා එහෙම නැනේ.වෙස් පෙරල ගන්නවා හිටපු ගමන් මං කියන්නම්කෝ මදාරා නැන්දා කතා කලාම පුතන්ඩියාගෙ තරම. අර විහගි නංගි නපුරා කියලා බනින එක සාධාරණයි.

ආපු දෙන්කෝ ආයේ සිහින චේ ගාගෙන අරින්නෑ මං මීට පස්සේ දොර.

දැනුන තරහටයි දුකටයි ශෙනාල්ට බැන බැනම ගෙදර ඇවිත් මම නලා අම්මාටත් කතා කරලා ඇවිත් ඇදට පැන්නා.

ෆෝන් එකත් පැත්කට දාලා මං නිදාගත්තේ අද උයන්න වත් මූඩ් එකක් නැති නිසා. රෑ බඩගිනි උනොත් කොත්තු මී එකක් කනවා, හැමදාම නෙවේනේ ඉඳලා හිටලා කෑවා කියලා මගේ ඇට කටු දිරන්නේ නැති වෙයි. අපේ ගෙදර කඩයක් තිබුනට කඩේ පිරෙන්න කොත්තු මී මැගී නූඩ්ල්ස් තිබ්බට මං කොච්චර ආස වුනත් අපේ අම්මා මට ඒවා කන්න දුන්නේ නෑ ඇටකටු දිරනවා කියලා. මටත් වුණේ අර විලී වොන්කට වගේ ඒව්වා දිහා බල බල භාවනා කරන්න. එයාටත් චොක්ලට් ෆැක්ට්‍රි එකක් තිබුනට චොක්ලට් කෑවේ නෑනෙ තාත්තා එපා කීව නිසා

.
.
.
.

.
.
.
.
.
.
.
.

" හෙලෝ "

එක එක විකාර හිත හිත ඉඳලා මට එහෙමම නින්ද ගිහින් තිබුනා අයේ ඇහැරුනේ නතර වෙන්නේ නැතුවම රින්ග් වෙච්චි ෆෝන් එක නිසා. මං නිදිමතේම ආපූ කෝල් එක ආන්ස කරා.

"* මේහ් උම්බර් දන්නවද ලූණුයි අලයි ෆ්‍රිජ් එකට දාන්නෑ කියලා *ඉහ්*. එව්වා දාන්නෑ යකෝ ඒක වත් දන්නෑ ප&යා *"

" අනේ ඔන්න ඕකගේ කට වහපන්කො බං මේ කෝල් එක ආන්ස කරලා තියෙන්නෙ "

" අහ් සිහින අයියා නේද මේ? "

" ඔව් කවුද මේ? "

"* මෙහ් මට මේ දැනුත් *ඉහ්* ඒ කටහඩ ඇහෙනවා වගේ බං *ඉහ්* *"

එහා පැත්තෙන් කට හඩවල් දෙක තුනක් එක සැරේ ඇහෙනකොට ෆොන් එක එහාට කරලා මං ආයෙත් නම්බ එක බැලුවා නෑ සේව් කරලා නෑ. අනික වෙලාව රෑ දහයයි හතලිහයි මේ වෙලාවට කවුද ගන්නේ?

" අයියේ මම ඉමල්ක. "

ඉමල්ක කියන්නේ ශෙනාල්ගෙ යාලුවනේ. දවස් දෙකක් විතර මට හම්බ වුණා කැම්පස් යන ගමන්.

" ඔව් මල්ලී කියන්න. "

"* එයා මට *ඉහ්* සම්බෝලයි කරවලයි හදලා දෙන්නම් කීවා බං හදලා දෙයි නේද ? *"

"* කට වහපන් පරයෝ තෝට අයේ නම් බොන්න දෙන්නෑ *"

" අයියේ මං ගේට් එක ගාව ඉන්නේ අයියාට පොඩ්ඩක් දොර අරින්න පුළුවන්ද? මේ ශෙනාල්ට අද ටිකක් වැඩි වෙලා මේකව මෙහෙම ගෙදර ගෙනියන්න බෑ."

ඉමල්ක එහෙම කීවම මං ඉක්මනට ගිහින් ඉස්සරහ ජනේලෙන් බැලුවා. ශෙනාල්ගේ කාර් එක ගේට එක ළඟ නතර කරලා තිබුනා. මං ඉස්සරහ ලයිට්ස් දාගෙනම එලියට යනකොට ශෙනාල්ව වත්තම් කරන් කාර් එකෙන් බැස්සේ සහිරු මල්ලී. ඉමල්ක මල්ලිත් කාර් එකෙන් බැහැලා ඇවිත් ශෙනාල්ගෙ අතක් එයාගේ කර වටේ දාගෙන ගේ ඇතුලට එක්ක ආවා. ශෙනාල් ඒ හිටපු විදියට මට ඇත්තටම බය හිතුන මං කවදාවත් එයාව එහෙම දැකලා නෑ. ඇයි මෙච්චර බීලා තියෙන්නෙ ?

" සහිරු උම්බර්ටත් පේනවද? අර එයාව මට පේ*ඉහ්* නවා "

" අයියේ අව්ලක් නැත්තම් මූව කාමරෙන්ම තියන්නද ඔයාට ඔට්ටු වෙන්න බැරි වෙයි. "

මොකද්ද වෙන්නේ හිතා ගන්න බැරුව ඇසුත් ලොකු කරන් එයාල දිහා බලන් හිටපු මගෙන් ඉමල්ක මල්ලි එහෙම ඇහුවම මං හා කියන්න ඔලුව වැනුවා.

එහෙන්ම ඉමල්ක මල්ලි සහිරු මල්ලී එයාව මගේ ඇදෙන් තියලා එනකල් මං කාමරේ දොර ලගට වෙලා බලාගෙන හිටියා.

" ඒහ් උම්බලා යනවද? *ඉහ් * හෙට වලිය මතකනේ *ඉහ්* කිරුලපනට වරෙන් හරිද? ඇටයා ආවා නම්බර් ඉල්ලන්න "

" අනේ හා හා කට වහන් නිදා ගනිම් දැන් අපි යනවා "

ශෙනාල්ව දාලා ඉමල්ක මල්ලි සහිරුයි එලියට එද්දි මාත් ඒ පස්සෙන් ආවා.

" සොරි අයියේ මේ වෙලේ කරදර කළාට. මේ විදියට ගෙදර එක්ක යන්න බෑනේ මං ආන්ටිව ශේප් කරලා තියෙන්නෙ අව්ලක් නෑ නේද අයියාට "

" නෑ මල්ලි තැන්ක් යූ එයාව පරිස්සමට එක්ක ආවට. ඒත් ඇයි එච්චර බොන්න දුන්නේ? "

" ඕකා වෙනදා ඔහොම නෑ අයියේ අද මොනා වෙලාද දන්නෑ මම එපාම කීවට අහුවේ නෑ ගහලා ඇරියා මෝඩ පගයා"

ඉමල්ක වෙනුවට මේ සැරේ උත්තර දුන්නේ සහිරු මල්ලී. ඒ අහිංසකයාට පොවලද කොහෙද දැන් බොරු කියනවා මෙතන නැත්තම් ශෙනාල් ඔහොම කරන්නේ නෑ. මං සහිරුටත් හොදවයින් රැව්වා කෙලින් හිටියට ඇස් රතු වෙන්න බීලා ඉන්නේ එයත්. මෙතන ඉමල්ක මල්ලි විතරද කොහෙද බීලා නැත්තේ.

" අයියේ ශෙනාල්ගේ කාර් එක මං අපේ දිහා අරන් යනවා මූත් අද එහේ ඉන්නේ උදේට ඒක අරන් යන්න එන්න කියන්න. "

" හරි මල්ලි පරිස්සමට යන්න "

" අයියා දොරවල් වහ ගන්නකෝ. අපි ගේට් එක වහන් යන්නම් "

ඉමල්ක මල්ලි සහිරු මල්ලිත් ඇදගෙන ගියාම මම දොර ලොක් කරලා කාමරේට යනකොට ශෙනාල් මගේ කොට්ටෙකුත් බදාගෙන නිදි. හවස යනකොට හිටියේ කොහොමද? දැන් එකේ අනික් පැත්ත ශර්ට් එකේ බාගයක් බොත්තම් ඇරගෙන කොන්ඩෙත් අවුල් වෙලා දාගෙන ගිය බ්ලේස එක කොහෙද දන්නෙ නෑ. ශෙනාල් එහෙම දැක්කම හේතුවක් දන්නේ නැති වුනත් මගේ ඇස් වලට කදුලු පිරුනා. ඔහේ කඩන් වැටුණ කදුලු පිහන්න මහන්සී නොවීම මං එයා ලගට ගිහින් එයා දාගෙන හිටි සපත්තු දෙකයි මේස් දෙකයි ගලවලා පැත්තකින් තිබ්බා. හෙන ලොක්කා කියලා වෙන්නැති හිතන් ඉන්නේ කට ගොන්නක් බීගෙන එන්න මේක නම් කියන එකත් කියන්වා මං නැන්දාට. දාඩිය දාලා හොදටම කෑවද දන්නෙත් නෑ.

" සිහින~ "

එයා මට කතා කරනව කියලා හිතන් මම එයාගේ ලගට ගිහින් ඉදගත්තම එයා තුරුල් කරන් හිටි මගේ කොට්ටේ තව ටිකක් තද කරලා බදාගෙන මගේ පැත්තට හැරුනා. දාඩියෙන් තෙත් වෙලා තිබ්බ එයාගේ මූණට වැටිලා තිබුන කොණ්ඩේ හිමීට එයාගේ මූනෙන් එහාට කරලා. මූනෙ තිබුන දාඩියත් අතින්ම පිහිදලා දැන්මා.

" මෝඩයා අඩව් අල්ලල දැන් ඉන්නවා අහිංසකයා වගේ නිදාගෙන මං අල්ල ගන්නම්කෝ හෙට "

........................................................................

Mr.Minsitha👻

එන්නේ නෑ කීවට 1k reads ආපු එකේ සතුට සමරන්න මං ආවා. Thank you මගේ මේ පුංචි කතාව කියවන හැමෝටම.❤


You are reading the story above: TeenFic.Net