සීතලයි, මූදු හුලග මට මෙච්චර තදට දැනුනේ අද, මම මේ වෙලාවට මුහුදට ඇවිත්ම නෑ ඒ නිසා වෙන්නැති ඒක නුහුරුවට දැනෙන්නේ. ඒත් මං මෙතනට ආසයි මං හිතින් කොච්චර නම් මේ වගේ තැන් වල නිර්වාන් එක්ක ඇවිදලා ඇතිද? ඒ දේවල් ඇත්ත නොවුනා වුනත් මං මගේ මනෝ ලෝකේ එයා එක්ක ගෙව්ව හැම තප්පරේකටම අදරේ කලා. දවස් ගානක් ගෙවිලා ගිහිල්ලත් මට තාමත් බැරි වුනා එයා ගැන හිතන එක නවත්තගන්න. හැගීම් මරලා දාන එක ඒව ඇති කරගන්න තරම් ලේසි නෑ කියලා මං මේ ටික දවසට තේරුම් ගත්තා. හිත හරි බරයි මම මේ හැඟීමෙන් ගැලවෙන්නේ කොහොමද ?
" ඇතිද කෑවා? "
මං කකා හිටි කෝන් ඩෝග් එක පැත්තකින් තියනවා දැකලා ශෙනාල් ඇහුවේ මගේ අතට ටිෂූ එකකුයි වතුර එකයි දෙන ගමන්.
අපි හිටියේ ගොල් ෆේස් එකේ මුහුදු පැත්තට හදාලා තියන බංකුවක ඉදගෙන, ළඟ තුබුන කණුවල ලයිට් නිසා අපි හිටි තැනට එලිය තිබුනත් මුහුදු පැහැදිලිව පේන්න තරම් ඒ එලිය මදි. ශෙනාල් කන්න අරන් දුන්න කොත්තු මී එකයි නාන් රොටීයි මාලු වඩේයි ක්‍රිස්පි චිකන් එකයි ග්‍රිල්ඩ් ශ්‍රිම්ප්ස් ස්ටික් එකයි කෑවට පස්සේ අන්තිමට ඉතුරු වුනේ කෝන් ඩෝග් එක විතරයි. බොරුවට ළඟ සල්ලී නෑ කියලා මගේ තුට්ටු දෙකට විදින්න හැදුවේ මෙයා.
හැබැයි මං එයාලගේ ගෙදරින් යන්න ඕනි නිසා ඒ සල්ලි තියන් ඉන්නේ කීවම නම් මේ දුප්පත මං ගැන දුක හිතිලද කොහෙද කිසි කතාවක් නැතුව මං කියපු කියපු කෑම එක අරන් දුන්නා. බඩේ ඉඩ නැතත් අමාරුවෙන් හරි කෑවෙ කෑම අහක දාන්න හොද නැති නිසා. අපේ අම්මා කියලා තියෙන්නෙ බත් ඇටයක් වත් අහක දාන්න එපා කියලා, බත් ඇටයක් හරි විසි කරනවා නම් ඒක පුංචි සතෙකුට හරි ආහාරයක් වෙන්න කියලා හිතලා විසික් කරන්න කියලා. මං අහලා තියනවා සතෙකුට අහාරයක් දුන්නම ආනිසංස සීයක් ලැබෙනවා කියලා එතකොට මම විසින් කරපු බත් ඇට කීයක් නම් කූබි කන්න ඇද්ද ? එක බත් ඇටයක් කූඹි සිය දෙනෙක් කෑවෙත්? අනික කූඹි විතරයි ඈ ඉස්සර මං ගෙදර ඉන්න කොට හැමදාම කමලටත් කන්න දුන්නා. කමලා කියන්නේ ආතක් පාතක් නැතුව ඉඳලා අපේ ගෙදර නතර වෙච්චි කලු සුදු පූසා අපේ අම්මා එහා ගෙදර කමලා නැන්දා එක්ක තරහා නිසා එයාගේ නම තමයි පූසට දැන්මේ සමහර දාට කමලා එන්නේ සොමපාල එක්ක සෝමපාල කියන්නේ කමලා නැන්දගේ පුසා එයාට දැන්මේ කමලා නැන්දගේ හොර මිනිහගේ නම මං ඌටත් කන්න දෙනවනේ. එහෙම බැලුවම මගෙ පිං ගිණුම අවුරුදු ගානක් දින පතා හර වෙලානේ. එතකොට මං බැර කරන්න ඕනි පව් ගිණුමද? ඒක හරියට කරේ නැත්තම් ගාන බැලන්ස් වෙන්නේ නෑනෙ.
" සිහින ඕක දෙන්නකෝ මං ඩස්ට්බින් දාල එන්නම් "
මං කා ගන්න බැරුව ඉතුරු කරපු කෝන් ඩෝග් එකයි අනික් කෑම දාල තිබුන ප්ලේට් ටික එකතු කරන් ශෙනාල් නැගිට්ට.
" ඩස්ට්බින් එක අර තියෙන්නෙ "
අපිට එහායින් තිබ්බ ඩස්ට්බන් එකක් පෙන්නුවාම ශෙනාල් ගිහින් ඒ ටික දාල ඇවිත් ආයෙම මගේ ළඟින් ඉද ගත්තේ ඈත මුහුද දිහා බලාගෙන.
"සිහින"
" ම්ම්? "
" ඔයාට විස්වාසද ඔයා කරන්න යන්නේ හරි දේ කියලා "
ශෙනාල් අහන්නේ මං එයාලගේ ගෙදරින් යනවයි කීව එක ගැන. ඇත්තම කීවොත් මං දන්නෙත් නෑ මං කරන්න යන්නේ හරි දේද කියන්න. ඒත් මං එක දෙයක් දන්නවා මට තව දුරටත් නිර්වාන්ව දැක දැක එයා ශානි එක්ක එයාගේ එන්ගේජ්මන්ට එකට ලෑස්ති වෙන දිහා බලාගෙන එහෙ ඉන්න බෑ. නිර්වාන්ගෙ නම ඇහුනත් ඇති මට රිදෙන්න ඉතින් මං කොහෙමද ඒ වෙන දේවල් දරාගෙන තවත් එහෙම ඉන්නේ?
" මං දන්නේ නෑ මල්ලි , ඒත් මට තවත් ඒ දේවල් බලාගෙන ඉන්න බෑ. ඔයා දන්නවද තමන් ආදරේ කරපු මනුස්සය වෙන කෙනෙක්ගේ වෙනකල් බලං ඉන්න වෙන එක කොයි වගේද කියලා? ඒක හුගක් රිදෙනවා ඔයාට තේරෙන්නේ නෑ "
මං එහෙන කීවම ශෙනාල් මගේ දිහා හැරිලා යන්තම් හිනා වුණා. ඔව් ඉතින් එයා කොහොම තේරුම් ගන්නද
" ප්‍රශ්න වලින් පැනලා යන එක උත්තරයක් නෙවෙයි , ගෙදරදි නැතත් ඔයාට කැම්පස් එකේදි හරි ලොකූව මුන ගැහෙන්න පුළුවනනේ එහෙමයි කියලා ඔයා කැම්පස් නොයා ඉන්නද? "
" මං කැම්පස් ගිය මුල්ම කාලේ ඇරෙන්න එයා මං එක්ක කතා කරලම නෑ අතුලෙදි දැක්කත් නොදැක්කා වගේ ගියා මිසක් , ඒත් එයාගෙම ගෙදරදි ඒ විදියට මගාරින්න බෑනේ, මේ දවස් ටික මං ගෙවා ගත්තේ හුගක් ආමාරුවෙන් මල්ලී තවත් බෑ "
" අම්මා ඔයාට ගොඩක් ආදරේයි එයා කැමති වෙන එකක් නෑ යනවට , මමත් --"
ඇත්ත. නැන්දා මට හුගක් ආදරේයි ගමේ ඉදන් ආපු දවසේ ඉදන්ම එයා මට සැලකුවේ එයාගෙම දරුවෙක්ට වගේ. සමහර වෙලාවට ශෙනාල්ටයි නිර්වාන්ටයිත් වඩා ඒයා මට ආදරේ කියලා හිතෙන තරමටම මං වෙනුවෙන් හුගක් දේවල් කලා. කවදාවත් අම්මා නැතුව ඉඳලා පුරුදු නැති මට ඒ අඩුව ඒ තරම් නොදැනුනෙත් නැන්දගේ ආදරේ නිසා. ගෙදර තනි ළමයා වුන මට සහෝදරයෙක්ගෙ ඉන්නවා කියන හැගීම දැනුනේ ශෙනාල් නිසා. එයාලගේ ගෙදර ආවට පස්සේ මට දැනුනේ මගේ ජිවිතේ හිස්තැන් පිරෙනවා වගේ හැගීමක් ,
ඒත් අන්තිමට වුනේ කවදාවත් පුරවගන්න බැරි තරම් ලොකු හිස්තැනක් මගේ ජීවිතේට එකතු වෙන එක විතරයි. දවසින් දවස් ඒ හිස්තැන මාව ගිල ගන්නවා වගේ මට හිතෙන්නේ.
" මට දැනෙන්නේ මං ටිකෙන් ටික හිස් වෙනව වගේ මල්ලී. මං පුංචි කාලේ ඉදන් හැදුනේ අම්මගේ අස්සෙමයි , ගමේ ඉස්කෝලේ කොච්චර යාලුවො හිටියත් අම්මාට ඕනි වුනේ නෑ මාත් ඒ අය එක්ක එකතු වෙලා ගම වටේම පීර පිර සෙල්ලම් කරනව දකින්න. ආසාවට දවසක් ඉස්කෝලේ ඇරිලා යලුවෝ එක්ක දං කඩන්න ගිහින් පාර වැරදිලා කැලේක අතරමං වුනාම ගමේ අය ඇවිත් තමයි බේර ගත්තේ එදා හැමෝම ඉස්සරහ කෝටුවක් කැඩෙනකල් මං අම්මාගෙන් ගුටි කෑව. එදා ඉදන් මගේ ජීවිතේ ඉස්කෝලේටයි ගෙදරයි සීමා වුණා. කැම්පස් සිලෙක්ට් වුනාමත් අම්මට ඕනි උනේ මාව අරක්ශාව තියන තැනක නතර කරන්න බෝඩිං කීයකට ගියත් එකක් වත් එයාගේ හිතට ඇල්ලුවේ නෑ අහම්බෙන් වගේ මදාරා නැන්දව හම්බුන නිසා අම්මා හුගක් සතුටු වුණා මට ඔයාලගේ ගෙදර නවතින්න ලැබෙන එක ගැන. මං දන්නවා එයා ඒ තරම් මං ගැන බැලුවේ මාව අරක්ශා කරන්න හැදුවේ ආදරේ නිසා කියලා. ඒත් ඒ දේවල් නිසා මට දැනෙනවා මට හුගක් දේවල් මග ඇරිලා කියලා.
මිනිසුන් කොයි වගේද කියලා හිතා ගන්න බැරුව මං අසරණ වෙච්චි තැන් ඕන තරම් තියනවා. නිකම් දවස් වලට මං ඉන්නවද ගානක් නැති අය එක්සෑම් ලං වෙනකොට මාත් එක්ක හිනා වෙනකොට වෙනදාට වඩා සුහදව කතා කරනකොට මාත් ඒයාලට හිනා වුනේ කතා කරේ මං තනි වුන කාලේ ඉවරයි හිතලා, ඒත් ඒ හැමදේම ඒ විදියට තිබුනේ එක්සෑම් ඉවර වෙනකල් විතරයි මගේ නෝට්ස් ඉල්ල ගත්ත කුප්පි දාගත්ත ගොඩක් අය ඒ වෙනකල් මං වෙනුවෙන් එයාලගේ බංකුවේ තිබ්බ ඉඩ එක්සෑම් වලින් පස්සේ බෑග් තියා ගන්න වෙන් කරලා තිබ්බා. නොදැන හරි පාවිච්චි වෙනවා කියන හැගීමට මං හුගක් බයයි.
මේ හැමදේම එහෙම වෙද්දී මට සැනසීමකට තිබ්බේ නිර්වාන් ගැන තියන ආදරේ විතරයි. මදාරා නැන්දා මුලින් මුනගැහිලා අපි ගෙදර ගියාම අම්මයි නැන්දායි දිගටම වගේ කෝල් ගත්තා ඒ හැම වෙලාවකට නැන්ද වැඩිපුර කීවේ එයාගේ ලොකු පුතා ගැන , අපේ කැම්පස් එකේම නිසා අම්මත් නිර්වාන් ගැන හුගක් නැන්දගෙන අහලා තිබුනා. අම්මා ඒ දේවල් මට කියනකොට මගේ හිතේ නිර්වාන්ව දැනුනේ ඒලෙවල් කාලේ ක්ලාස් එකේ සර්ලා කියන කතා වල ඉන්න වීරයෙක් වගේ, අධ්‍යාපනය වෙනුවෙන් රට වෙනුවෙන් පොලිසීයෙක් කදුලු ගෑස් කකා අරගල කරන වීරයෙක්. නිර්වාන් කියන්නේ කවුද කියලා දකින්නත් කලිනුයි මගේ හිතේ එයා ගැන අමුතු හැගීමක් දැනෙන්න පටන් ගත්තේ. මං ඒයාව මුලින්ම දැක්කම ඒක තිබුනාටත් වඩා වැඩි වුණා, කැම්පස් ගිය මුල් කාලේ වෙච්චි එක එක දේවල් වලින් එයා මාව බේර ගන්නකොට, මං වෙනුවෙන් තව තව දේවල් කරනකොට ඒයා ගැන තව තව ආදරේ හිතෙන විදියේ හේතු ගොඩාක් එකතු වුනා.
ඒ වෙනකොටත් අපි අතර වුන සමහර දේවල් නිසා මං හිතුවේ එයත් මට කැමතී කියලා. ඉතින් දරාගන්නම බැරි දවසක මං එයාට මගේ හිතේ තියන දේවල් කීවම මං බලාපොරොත්තු වුනේ නැති විදියට එයා පුදුම වුනා. එයා කීවා එයා දැන්ම ආදරේ කරන්න ලෑස්ති නෑ ලගින් ඉන්නවා නම් ආදරේ කියන එක බලාපොරොත්තු නොවී ඉන්න කියලා. මං මෝඩයෙක් වගේ ඒයා කියන දේට එකග වුණා. මං හිතුවේ මං හුගක් ආදරේ දුන්නම එයාගේ හිතේ මං ගැන ආදරයක් ඇති වෙයි කියලා. කටින් නොකීවත් ඇත්තටම සමහර පොඩි පොඩී තැන් වලදි මට එයාව දැනුනා එයට මට නොකීවට ආදරේයි කියන බලාපොරොත්තු නිසා මං හැරෙන්න බැරි තරම් දුර එයා එක්ක ගියා. ඒ එක මොහොතක වත් මාව පාවිච්චි වෙනවා කියන දේ මට නිකමට වත් දැනුනේ නෑ ශෙනාල් මං මෝඩයෙක් වගේ ආදරේ කරද්දී නිර්වාන්ට මාව ඕනි වුනේ ඇදට විතරයි කියලා මං නිකමටවත් හිතුවේ නෑ. එයා මට ආදරේ කරේ නෑ කියන එකටත් වඩා මට මම රැවටිලා කියන හැගීම දරා ගන්න අමාරුයි. මට මාවම එ~ "
" ෂ්ෂ් දැන් ඇති ම්ම්? "
නවතින්නේ නැතුව ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙනකොට මේ වෙනකල් සද්ද නැතුව හැමදේම අහන් හිටි ශෙනාල් මාව ලගට අරන් ඒයාගේ උරහිසට හේතුව කර ගත්තේ මං කියන්න ගිය කතාව සම්පුර්ණ කරන්න නොදී.
මං තවත් එයාගෙ උරහිසට බර වෙලා ගලා ගෙන යන කදුලු වලට ඔහේ යන්න ඉඩ අරිනකට ශෙනාල් මගේ අතක් හිමීට උඩට පහලට අත ගෑවේ වචනයක් වත් නොකියමයි.
තවත් හුග වෙලාවක් ඒ විදියට ඉඳලා අන්තිමට මට මගේ කදුලු නවත්තන ගන්න පුළුවන් වුනාම මම එයාගෙන් ඈත් වුනා.
" සොරි මල්ලී මං හුගක් කියෙව්වා නේද? "
" සොරි කියන්න එපා සිහින හිතේ තියන් ඉන්නේ නැතුව ඔයා මේවා කියලා හිත නිදහස් කර ගත්ත එක ගැන සතුටුයි මට.. ඔයා කලින් කීවා නේද ඔයාට ලොකු හිස්තැනක් දැනෙනවා කියලා ඒ හිස්තැනට බය වෙන්න එපා. හිස් තැන් තියන එක කොච්චර හොදද ඔයාට පුළුවන් ගොඩක් ලස්සන දේවල් වලින් ඒක පුරවන්න ආයේ හිස් වෙන්නේ නැති වෙන්නම. ඔයාට ඉන්න තැනක් මං හොයලා දෙන්නම් මගේ යලුවෙක්ගේ අම්මා කෙනෙක් ඉන්නවා ඔය වැඩ කරන මං එයාට කියලා ඔයාට තැනක් හොයලා දෙන්නම් "
" ඔයාට කරදර කරන්න බෑ "
මේ දවස් ටිකට ශේනාල් මං වෙනුවෙන් හුගක් දේවල් කලා, සමහර වෙලාවට මං එයාටත් කෑ ගහුවා ඒත් ඒයා දිගටම මාත් එක්ක හිටියා , නොකීවට එයා එහෙම ඉන්න එක මේ වෙලාවේ හැටියට මට ලොකු හයියක්. ඒත් එයාට තවත් කරදර කරන්නේ කොහොමද? මට ඕනි දැන්වත් තනියම දේවල් කර ගන්න පුරුදු වෙන්න මිනිසුන්ගෙන් දේවල් ලැබෙනකල් ඉඳලා මට දැන් එපා වෙලා.
" මට කරදරයක් නෑ. පණ්ඩිත කමට තැනක් හොයා ගන්නවා කියලා ගිහින් පුළුවන් නම් තව මාරාලයක් දගන්න. මං කියන තැනට යන්න නැත්තම් අපේ ගෙදරම ඉන්න හිත හදා ගන්න. "
මෙන්න වැඩක් ළඟදි ඉදන් මෙයාගෙත් සද්දේ වැඩී. මගේ අප්පච්චි කියලා හිතේ.
" ඔයා කොහොමද එහෙම කරන්නේ? මට යන්න ඕන නම් මං යනවා, "
" ම්ම් ට්‍රයි කරලා බලන්නකෝ "
ශෙනාල් එහෙම කීවේ එයගේ ෆෝන් එක අරන් අපේ අම්මගේ කන්ටැක් එක ඔපන් කරලා මගේ මූනට කරන ගමන්. මෙයා දැන් අම්මාට කතා කළොත් අම්මව මේකට කැමති කර ගන්න කලින්ම මං කියන ඔක්කොටම අම්මා අකමැති වෙයි.
" කේලම් කීවම කටේ දත් හැලෙනවා පණුවොත් එනවා ඒක දැන්නේ නැද්ද දොස්තර මහත්තය. නැන්දා හැමදාම ඕක තමයි කියන්නේ පෝයට හරි පංසල් යන්න කියලා, පෝය දවසෙත් කාමරේ අස්සට වැදිලා අර මිනිසුන් මරන ගේම් එක ගහ ගහ ඉන්නවා ඇරෙන්න වෙන් දෙයක් කරනවා ඈ , ඔයා වර්චුවලි හරි කරන්නේ පලවෙනි සිල් පදේ කඩන එකනේ , අපි නම් දනනේ නෑ අපායේ යන්න වුනාම තේරෙයි."
" මං වර්චුවලි පව් කරන නිසා ඒවා පඩිසන් දෙන්නෙත් එහෙමද? අපායේ අයිටී යුනිට් එකකුත් ඇතිද ඉතින් ඒවා බලන්න? "
ශෙනාල් මගේ කම්මුලක් ඇදලා එහෙම අහනකොට මං එයාගේ අත ගසලා රැව්වාම එයා තවත් ටිකක් හයියෙන් හිනා වුණා. ශෙනාල් නිර්වාන් වගේ නෙවෙයි හැසිරීම විතරක් නෙවේ පෙනුම පවා සහෝදරයොද කියලා හිතා ගන්න බැරි තරම් වෙනස්. මට ටික වෙලාවක් එයා දිහා බලන් හිතුවේ ඒ දෙන්නාගේ වෙනස්කම් ගැන.
" හුගක් රෑ වුණා සිහින දැන් යමු "
මට නම් ඕනි වුනේ තව ටිකක් ඉන්න ඒත් දැන් රෑ එකොළහටත් ලගයි නැන්දා බලන් ඇති. ශානිලා දැන් ගිහින් ඇති සමහර විට නිර්වානුත් එයාලා එක්ක යන්න ඇති. එයාලගේ එන්ගේජ්මන්ට එකට දිනයක් දා ගන්න ඇතිද? එයාලා ඉක්මනට බදී , එතකොට මම? මං ගෙදරින් ගියාම ඒ හැමෝටම ටික කාලෙකින් මාව අමතක වෙයි. එතකොට මට? මටත් පුළුවන් වෙයිද අමතක කරන්න ? අනික් හැමෝම වගේ ඉස්සරහට යන්න? ශෙනාල් කීවා වගේ හිස්තැන් ලස්සනට පුරව ගන්න මට පුළුවන් වෙයිද ?
මේ දේවල් හිත හිත අපි අයත් කාර් එකට ගියා. වාහනේ ස්ටාට් කරන්න කලින් මගේ දිහාට හැරුන ශෙනාල් මගේ අතක් අල්ල ගන්නකොට මං එයා දිහා බැලුවේ ඇයි අගන්න. එයා හිටියේ මං දිහාම බලාගෙන යන්තම් හිනා වෙලා එයාගේ මූනෙ ඒ වෙලේ තුබුන හැගීම් මට කියව ගන්න බැරි වුණා එත් ඒවා අමුතුයි.
" සිහින දන්නවද ඔයා ඇවිදගෙන යන පාරෙදි බිංගෙයක් හම්බ වුනොත් වටේ කලුවර වෙලා මොකුත් නොපෙනුන පලියට ඔයාගේ ගමන නැවැත්තුවොත් ඔයාට හැමදාටම ඒ කලුවරට වෙලා දුක් විදින්න වෙයි. හැබැයි පේන පුංචි එලිය පස්සෙන් හරි දිගටම ඇවිදගෙන ගියොත් අපිට පුළුවන් ඒ කලුවරෙන් ගැලවෙන්න. ඔයාට තියෙන්නෙ නිකම්ම ඉස්සරහට ඇවිදන් යන්න විතරයි මේ කලුවර හැමදාම තියෙන්නෙ නෑ "
හැමදාම වගේ එයා අදත් මට ටිකක් නැවතිලා හිතන්න හිතෙන විදියේ දෙයක් කීයලා, කාර් එක ස්ටාට් කරන් ගෙදර එන්න ආවා.
මගේ වටේ ගොඩක් කලුවරයි පුංචිම එලියක් වත් නෑ ඒත් මං එයා කීවා වගේ ඉස්සරහට ඇවිදන් යන්නද? මටත් පොඩි හරි එලියක් එතකොට හොයා ගන්න පුළුවන් වෙයිද?
................................................................
Pov මරු වෙන එක අව්ල්ද ළමයි ?😪
You are reading the story above: TeenFic.Net