72. නොදන්නා ඉසව්...

Background color
Font
Font size
Line height

72. කොටස

" Inn එකේ අමුත්තො ඉන්නව..." මම පැවසුවේ පෙරට වඩා තානායම කාර්යබහුලව තිබූ බැවිනි.

" ඔව්... මාස්ටර් මොරානා ගෙ ෆැෂන් වීක් එකට ආව අය. ලෝකෙ හැමතැනින්ම කට්ටිය එනව..."
ඈෂ්වින්ගර් පවසද්දී මම කට ඇරගෙන ඔහු දෙස බලා සිටියේ මා ඒ ගැන කිසිඳු විස්තරයක් නොදැන සිටි හෙයිනි.

"... මේ වීක් එක එමරල්ඩ් නගරෙ බිස්නස් වලට සරු කාලයක් ඉතින්, කෙනත්..." ඔහු මගේ මුහුණට එබුනේය.
" ...ඔයා ආඩම්බර වෙන්න ඕන මාස්ටර් මොරානා ගැන... එයා වැදගත් මනුස්සයෙක්..."

මම සිනාසුනෙමි. ඈෂ්වින්ගර් මා දෙස බලා සිටියේය.

" මට සතුටුයි ඔයා යහතින් ඉන්න එක ගැන..." ඔහු යළිත් පැවසුවේය.

ඉන්පසු ඔහු යළිත් ඉවාන් වෙත හැරුනේය.
ඔහු අපි දෙදෙනා මැදින් හිඳගෙන, මාරුවෙන් මාරුවට දෙදෙනාටම කරදර කරන්නට තෝරාගෙන තිබුනේය.

අමුත්තන්ගේ පරිශ්‍රයේ හිඳගෙන සිටින විට් මිනිසුන්, මා දෙස හැරි හැරී බලන බව මට වැටහී තිබුනි. ඒ ඇතැම් විට මගේ හිස් වැසුම නිසා විය යුතුය. මගේ තට්ටය පෙන්වන්නට ඇවැසි නොවූ නිසා මම එය පැළඳගෙන සිටියෙමි.

" ඔයා කරන දේවල් මට විශ්වාස කරන්නවත් බෑ කෙනත්... ඔය ඉස කුඩිච්චිය ගලවගන්නවා..." ඉවාන් පැවසුවේය.

" ඒක ඔටුන්නක්..." මම කීවෙමි.

" ඒක ඔටුන්නක් නෙමේ , ඒක ඔලුව වටේ ඔතාපු රෙදි ගොඩක්..."

මම මගේ හිස් වැසුම අතින් සකසා ගත්තෙමි.
ඉවාන් මට ඔහුගේ අයිස් තොප්පිය ලබා දුන්නේය. " මේක දාගන්න... ඔයා විකාර කාරයෙක් වගේ..."

" මම කුමාරයෙක් වගේ..." මම පැවසුවේ ආඩම්බරයෙනි.
ඉවාන් කණස්සල්ලෙන් මෙන් මා දෙස බලා සිටියේය. " ඔයාව හදන්න බෑ... මට තේරෙන්නෙ නෑ මොරානා මොන විදිහට ඔයාව නරක් කරලද කියල ! "

" මොරානා එයාව නරක් කරනව තමයි..." කතාවට මැදිහත් වෙමින් ඇෂ්වින්ගර් පැවසුවේය. ඔහු සිය අයිපෑඩයෙන් මට ලිපියක් පෙන්වූවේය.

එය ඕපාදූප සඟරාවකි.

" ලූනා අධිපතියාගේ රහසිගත පෙම්වතා රාජකීයයෙක්ද ? "

එය කියවාගෙන යන විට ලැජ්ජාව නිසා මගේ කම්මුළ් රතු විය. එහි ඊයේ රාත්‍රියේ ඡායාරූපයක් පවා අමුණා තිබුනි.  එහෙත් මගේ මුහුණ ඒවායේ පැහැදිලි නැත.

" ඊයා...."
අයිපෑඩය ඕෆ් කරමින් මම පැවසුවෙමි.
"...මහා බොරු ගොඩක්නෙ... පිස්සුද මිනිස්සුන්ට ඕව ලියන්න..."

ඈෂ්වින්ගර් උස් හඬින් සිනා සුනේය.
" ගොඩක් ටැබ්ලොයිඩ් වලයි, පැපරාසි පත්තර වලයි ඔයාලා ගැන කතා වෙනවා... ඔයා ඉවාන්ගෙ අයිස් කැප් එක දාගන්න...නිකන් අවධානෙ ගන්න ඕන නෑනෙ. මම ඔය ඔටුන්න පරිස්සමට අරන් තියන්නම්..."

මම ඔහු පැවසූ ලෙස කළෙමි. ඉවාන් ඒ ලිපි කියවමින් සිටියේය.

" උන් ඔයාව නිකන් බැල්ලියෙක් ගාණට දාලා..." ඔහු මිමිණුවේය. "...මහා ලැජ්ජාවක්..."

" කවුරුත් දන්නෙ නෑනෙ ඒ මම කියල...නමක් කියල නෑනෙ...!"

" ඒ මිනිස්සු මේක හොයාගත්තොත් මොකද වෙන්නෙ ? " ඉවාන් ඇසුවේය. "...දැනටම ඔෆිස් එකේ ගොඩක් අය දන්නව... "

මම සුසුමක් හෙළුවෙමි.
" ඒ වෙලාවට වෙන දේට මුහුණ දෙනව ඉතින්..." මට ඒ ගැන වද වීමට ඇවැසි නැත. මම මාස්ටර් මොරානා සමඟ නීති විරෝධී දෙයක නියැලෙන්නේ නැත.

"...හොඳයි... ඒක සමාජ විරෝධී දෙයක්..." ඔහු මිමිණුවේය. මම නිහඬව සිටියෙමි. මම කරනා දෙයින් සමාජය විනාශ වේවියැයි මම සිතන්නේ නැත. සමාජය ඊට වඩා දූෂිතය.

මම කාමරයේ කෙළවරක හිඳගෙන සිටින ගෝලියාත් දෙස බැලුවෙමි. ඔහු මා නොදැක්කා සේ සිටියේය. ඊයේ උදෑසන ඔහු මා හමුවන්නට හොරෙන් මෙන් පැමිණ සූට්කේස් එකක් ලබා දුන්නේය. ඒ තුළ මුදල් නෝට්ටු රාශියක් පිරී තිබුනි. ඒවා එදා රෝහලේදී මට වැඩිමහල්ලා ලබා දුන් මුදල් ය. ඔහු ඒවා මා වෙත වීසි කළේ මාස්ටර් මොරානා ව හැර යා යුතු බව පවසමිනි.
ගෝලියාත් එය රෝහලේ සිට ගෙනවිත් තිබුනි. මට ඒවා බාර ගන්නට ඕනෑ නැත. එයින් කුමක් කළ යුතුදැයි මම කල්පනා කළෙමි.

" කෙනත්ට ගොල්ෆ් ගහන්න යන්න බෑ කිව්ව නිසා අපි අශ්වයෝ පදින්න යමු..." ඈෂ්වින්ගර් පැවසුවේය.

"...ඔයා දන්නවද අශ්වයෝ පදින්න ? "

මුහුණින් මුහුණ බලාගත් ඉවාන් සහ මම සිනාසුනෙමු.
" මොකද තමුසෙලා මට කෝචොක් එකට වගේ හිනා වෙන්නෙ...? "

අශ්වයන් හසුරුවන්නට පුලුවන්දැයි ඈෂ්වින්ගර් මේ අසන්නේ තැනිතලාවෙන් පැමිණි ගම්වැසියන් දෙදෙනෙකුගෙනි. මම බොහෝ කලෙකින් අශ්වයෙකු පිට නැග නැතත් , තවමත් රේන්ස පටිය හසුරුවන්නට හැකිවේ යැයි මම සිතුවෙමි.

ඈෂ්වින්ගර් අත්පොලසන් දුන්නේය.

ඉන් අඩ හෝරාවකට පමණ පසුව මම ක්‍රීම් පැහැති අසෙකු පිට නැඟී සිටියෙමි. ඔහු ඉතා කීකරු සහ පහසුවෙන් හැසිරවිය හැකි පරිණත සතෙකු විය. එහෙත් මගේ අඩු බර සහ වෙව්ලන අත් නිසා මට තරමක බියක් සහ අවිනිශ්චිත බවක් දැනුනි.

" ඔයාට මේ ගැන විශ්වාසද මිස්ටර් සිගෝර් ? " ගෝලියාත් මගේ අශ්වයාගේ රේන්ස පටිය ගන්නට උත්සාහ කරමින් ඇසුවේය.
"... දෙයියන්ගෙ නාමෙට මුගේ පිටෙන් නම් වැටෙන්න එපා..."

" නෑ නෑ මට පුලුවන්..." මම පණ්ඩිත ලෙස පැවසුවෙමි. ඉන්පසු ඔහුත් අශ්වයෙකු ගත්තේය. මම ඉස්තාලය තුළ ඒ මේ අත අසු හැසිර වූවෙමි. ඈෂ්වින්ගර් , ඉවාන් අසල දැවටෙමින් සිටින ආකාරය මම දුටුවෙමි.

මම සෙමින් අශ්වයා ඉස්තාලයෙන් පිටතට ගෙන ගියෙමි.

" මිස්ටර් සිගෝර් හිතුවට වඩා අශ්වයාට හුරුයි වගේ..." මා පසුපසින් පැමිණි ගෝලියාත් පැවසුවේය.

"බය වෙන්න එපා ගෝලියාත්... මම වැටෙන්නෙ නෑ... " මම පවසන විට ඔහු සිනා සුනේය.එය කළාතුරකින් දකින්නට ලැබෙන දෙයකි.

" ....මම ආපු තැනිතලාවෙ අශ්වයෝ ඉන්නවා... අපිට කාර් තිබුනෙ නෑ... " මම ඒ ගැන සිහිපත් කරමින් පැවසුවෙමි.  වසන්තය උදා වී සතියක් පමණ ගත වූ තැන කොහේදෝ සිට කැළෑ අශ්වයන් තැනිතලාවට පැමිණෙයි. උන් ගෘහාශ්‍රිත අශ්වයන්ට වඩා විශාලය. හැඩු දැඩිය. වෛවර්ණය. දුඹුරුවන්, කළුවන් සහ සුදු පුල්ලි සහිත උන් , අනේක ආකාරයේ වූ ඒ නිදහස් ජීවීන් තැනිතලාව හරහා ගමන් කරයි ! ඔවුන් නැවුම් තණකොළ බුදිමින් මාසයක් පමණ තැනිතලාවේ ගත කරයි. ඔවුන් ගෙන එන පැළෑටි සුවඳත් , උස් හේශාරාවත් වායු ගෝලය තුළ සම සමව පවතියි. ගම් වැසියන් ඔවුන්ට කිට්ටු වන්නට යන්නේ නැත. ඉවාන් සහ මම ඈතක සිට උන් දෙස බලා සිටින්නෙමු. කෙසේ වුවත් එක් දිනයක  වසන්ත ඉර පායද්දී අශ්වයන් තැනිතලාව පාළුවට ගිය සෙයක් දැනෙයි. සියල්ල නිහඬව පවතියි. අශ්වයන් තැනිතලාවෙන් පිටව ගොස් ඇත. ඔවුන් කොතැනක යනවාදැයි මට අදහසක් නොවීය. හාවන් වළාකුළු අතරින් දුවන්නාක් මෙන් අශ්වයන් මුහුදු රළ අතරින් දුවන ආකාරය මම මවාගත්තෙමි.

මගේ කල්පනාව බිඳුනේ අනෙක් අශ්වයන්ගේ කුර ගැටෙනා හඬිනි. ඉවාන් සහ ඈෂ්වින්ගර් පිටතට පැමිණ සිටියෝය.

" යමු එහෙනම්...!" ඈෂ්වින්ගර් ඉස්සර වූවේය. මම ගෝලියාත්ට සම සමව ගමන් කළෙමි.

" මට ඈෂ්වින්ගර් එක්ක තනියම කතා කරන්න ඕන අද... මම ඒකට අවස්ථාවක් ගන්නවා..."

ගෝලියාත් හිස සෙලෙව්වේය. තානායම පිහිටා තිබූ කඳු ගැටයේ ඉහළටම යාමට මාර්ගය සකසා තිබුනේය. අපි කතා බහ කරමින් කන්ද මුදුන වෙත සෙමින් ගමන් කළෙමු. හිම දිය වූ පසු මේ මාර්ගයේ අශ්ව රේස් පැවැත්වෙන බව ඈෂ්වින්ගර් පැවසුවේය. සැබවින්ම එය අශ්වයන්ගේ කුර වලට හිතකර මාර්ගයකි.

එදින හොඳින් හිරු පායා තිබුනත් මාර්ගය දෙපසම වනාන්තරය වූ නිසා හිරු රෂ්මියෙන් බාධාවක් නොවීය. වනාන්තරය තුළත් ගස් මතත් කුඩා හිම ගොඩවල් රැඳී තිබුනි. එහෙත් ඒ ගස් වල පත්‍ර රතු පැහැයට හැරී තිබුනා මිස පත්‍ර පතනය වී තිබුනේ නැත. ලේනුන් සහ කුරුල්ලන් නිදහසේ අතුපතර අතර සරන ආකාරය මම බලා සිටියෙමි. මගේ අශ්වයා හොඳ සඟයෙකි. ඔහු නිරායාසයෙන්ම ගමන් කළේය.  මම ගස් අතු අතරින් දීප්තිමත් අහස දෙස බැලුවෙමි. මට සාමකාමී බවක් දැනුනේය. මම දෙනෙත් පියාගෙන හුස්මක් ඉහළට ඇද්දෙමි.

" අර හොල්මන් ගෙදර ඇතුළට වෙලා ඉඳලා ඉඳලම එළිපහලියට බැස්සම ඔයාට හොඳක් දැනෙනව ඇති ! " ඉවාන් පැවසුවේය.

" ඒ ගෙදර හොල්මන් නෑ හරිද ? " මම ඇස් අරින්නටවත් උත්සාහ නොකරමින් පැවසුවෙමි.

" මාස්ටර් මොරානා ගෙ පෙන්තහවුස් එකද ? "
ඈෂ්වින්ගර් ඇසුවේය. මම හිස සෙලෙව්වෙමි.

" ඒ ගෙදර නම් ඇත්තටම හොල්මන් ඉන්නවා..."

" මම නම් දැකලා නෑ..." මම මිමිණුවෙමි.

" අන්න ඒකයි වැඩේ...අපිට පේන්නෙ නෑ... හැබැයි මාස්ටර් මොරානා ට හොල්මන් පේනවා..."

" අනේ මේ බොරු කියන්න එපා... " මම පැවසුවේ තරමක කෝපයෙනි.

" බොරු නෙමෙයි... ඔයා ලූනා වතුයායාට ගියා නේද ? අර පල් ගඳ ගහන වගුරට ? මමත් කාලයක් ඒ ගාමන්ට්ස් වල වැඩ කළානෙ... මාස්ටර් මොරානා හැමදාම වගුරෙ අඬ අඬා ඉන්න ගෑණු කෙනෙක් ගැන කියවනවා... "

මාස්ටර් මොරානා මා සමඟත් එවැනි ගැහැණියක් ගැන කියෙව්වා මතකය.

"...එක සැරයක් මිනිස්සු දම්මලා හොයලා බැලුවා ඇත්තටම එහෙම ගෑණු කෙනෙක් ඉන්නවද කියල... හිටියෙ නෑ... මාස්ටර් මොරානා ට හොල්මන් පේනවා... එයා තනියම ඒ ගෙදර ඉන්නෙ නැත්තෙත් ඒකයි... " ඈෂ්වින්ගර් බරපතල ලෙස පැවසුවේය. ඉවාන් කුමක් හෝ පැවසූ අතර දෙදෙනාම උස් හඬින් සිනා සුනෝය.

මම නිහඬවම සිටියෙමි. මට ද එවැනි විකාර සිහිනයෙන් පෙනෙන නිසා මට එය අලුත් දෙයක් මෙන් දැනුනේ නැත. හොල්මන් දකින්නට හැකි වීම අපූරු හැකියාවක් ලෙස මම රහසින් සිතුවෙමි. මාස්ටර් මොරානා ව සිහිපත් වීමෙන් මට සිනා පහල විය. මම අත්වැසුම යටින් ඇති මුදුව ඇල්ලුවෙමි. " මගේ මොරානා..." මම යළිත් සිනාසුනෙමි. "...මොනා කරනවද දන් නෑ..."

" මම මුලින්ම හිතුවෙත් මාස්ටර් මොරානා කියන්නෙ වෙස් මාරු කරන හොල්මනකට කියල..." මම සිනාසෙමින් පැවසුවෙමි.
"...මන් කියන්නෙ හොල්මන් වලට උනත් මාස්ටර් මොරානා ට පේන්න එන්න හිතෙනව ඇති... එයා ලස්සනයිනෙ..."

ඈෂ්වින්ගර් සහ ඉවාන් මා දෙස පුදුමයෙන් බලා සිටියෝය.

" තව ඒ වගේ කතාවක් කියන්න... මම ආසයි  එයා ගැන එයාගෙ පරණ යාළුවොන්ගෙන් දැනගන්න..." මම කීවෙමි.

" ඒක හිනා වෙන්න දෙයක් නෙමෙයි..." ඉවාන් පැවසුවේය. " එයාට පිස්සු..."

" කමක් නෑ... මටත් පිස්සුනෙ..." මම ගණනකට නොගෙන කීවෙමි.

" ...ඔයා ඔය මොරානගෙන් අයින් වෙන්න කෙනත්... සල්ලි ඕන නම් මම දෙන්නම්..." යි පැවසූ ඉවාන් ඉදිරියට අසු පැන්නුවේය.

" වාව්... නියමයි..." ඈෂ්වින්ගර් මා සමඟ සමාන්තරව ගමන් කරමින් පැවසුවේය.
"...ඔයාට මොකද වෙලා තියෙන්නෙ ? ඇයි ඔච්චර නපුරු වෙන්නෙ එයාට ? "

" මම නපුරු නෑ...මම කරුණාවන්තයි..."

" අම්මෝ... හරි කරුණාව ඔයාගෙ... " ඈෂ්වින්ගර් සිනා සුනේය. "...ඉවාන් ඇත්තටම ඔයා ගැන වද වෙනව කෙනත්... එයාට ටිකක් ඉරිසියයි... දන්නවනෙ..."

මම නිහඬවම සිටියෙමි.

"... බලන්න... මම එයාව ෆැෂන් ශෝ එක බලන්න එක්කගෙන යන්න අහන්න හදන්නෙ... ඔයා එනවද ? "

මම නැතැයි හිස සෙලෙව්වෙමි.

" මේ පාර ෆැෂන් ශෝ එකට එයා නැති නිසා මිනිස්සු කතා වෙනවා මොරානා , එයාගෙ බිස්නස් අතෑරලා කියල... ඒක එහෙමද ? "

" මම දන්නෙ නෑ ඈෂ්වින්ගර්... මම හිතන්නෙ නෑ මාස්ටර් එයාගෙ බිස්නස් අතෑරලා දායි කියල..."

" ඒක තමා මාත් හිතුවෙ..." ඈෂ්වින්ගර් පැවසුවේය. ඉන්පසු ඔහු මට හිම ගොඩක් පසුපස සැඟවී සිටින නරියන් දෙදෙනෙකු පෙන්වූවේය.
උන්ගේ දීප්තිමත් රතු පැහැති සම දිස්නය දෙන ආකාරය දෙස මම ආශාවෙන් බලා සිටියෙමි.

" උන් කියුට්..." මම මිමිණුවෙමි.

" ඒ වගේම වටිනවා... " ඈෂ්වින්ගර් පැවසුවේය. ඔහු කතා කරන්නේ නරි ලොම් වලින් සකසන කබා ගැන විය යුතුය.

"...ලේඩි ටට්‍යානා අඳින කබාය ඔයා දකින්නයි තිබ්බෙ...එයා ෆැෂන් අයිකන් එකක් වෙලා ඉවරයි... මාස්ටර් මොරානා හැබෑම දක්ෂයෙක්... මම කොච්චර උත්සහ කළත් තාම බැරි උනා හොඳ දෙයක් කරන්න..."

ගෝලියාත් අප පසු කර ඉදිරියට ගියේය.

" ඈෂ්වින්ගර්... මට දෙයක් අහන්න තියනව ඔයාගෙන්... " මම පැවසුවේ අසුගෙන් බිමට බසිමිනි. ඔහුත් මා අනුගමනය කළේය.

" I'm all ears..." ඔහු බැරෑරුම්ව පැවසුවේය.

" ඔයා මට දීපු job offer එක තවම valid ද ? " මම ඇසුවෙමි.

" ඔව්... අනිවාර්යයෙන්ම..." ඔහු මා වෙත සමීප වෙමින් පැවසුවේය.

" මම කල්පනා කළේ ERYX වලින් අයින් වෙන්න..."

ඈෂ්වින්ගර් මා දෙස මද වේලාවක් බලාගෙන සිටියේය.
" ඔහ් මයි ගෝඩ් කෙනත්... උන් ඔයාව බුලී කරනව නේද ? "

මම පසුපසට වීසි වූවෙමි. ඔහු එය අනුමාන කළේ පවා කෙසේද...

"... ඒක සාමාන්‍ය දෙයක්... ඔයා ඔයාගෙ ඔෆිස් එකේ අයිතිකාරයාව සෙට් කරගත්තම අනිත් අයගෙ ඇණුම් බැණුම් සෙට් වෙනව තමා... ඒ නිසාද ඔයාට අයින් වෙන්න ඕන ? "

මම කටත් ඇරගෙන ඔහු දෙස බලා සිටියෙමි. එය එක් හේතුවක් පමණි.

ඈෂ්වින්ගර් මගේ නාසයට තට්ටු කළේය.

" ඔයාව ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි මට ! ඒත් ඔයා අයින් වෙන්න උත්සහ කළාද ? රෙසිග්නේශන් එකක් බාර දුන්නද ? " ඔහු ඇසුවේය.

" තවම නැහැ..."

ඔහු අශ්වයා රැගෙන පා ගමනින් ගමන් කළේය. මම ඔහුව අනුගමනය කළෙමි.

" එයාලා ඔයාට අයින් වෙන්න දෙන එකක් නැහැ කෙනත්... " ඔහු පැවසුවේය.
"...ඔයා එයාලට වටින කෙනෙක්... "

" එහෙනම් ඇයි මට මෙච්චර නපුරු විදිහට සලකන්නෙ එයාලා..."

ඈෂ්වින්ගර් හිස සෙලෙව්වේය. ඔහු සුසුමක් හෙළුවේය.
" මොකද... එයාලට ඕන ඔයාගෙ ආත්මෙ කුඩු කරන්න... ඔයාගෙ හදවතේ තියන ආලෝක පුළිඟුව නිමලා දාන්න... ඔයාව හිස් බිලයක් කරලා දාන්න..."

" මටනම් මෙළෝ මළදානයක් තේරුනේ නැහැ..."

" මෝඩ යකෙක්නෙ තමුසෙ... මම ලස්සනට ඒක කිව්වා ! තමුසෙට තේරිලා නෑ...ශැට්..." ඈෂ්වින්ගර් නොයිවසිල්ලෙන් පැවසුවේය.

" අනේ ආපහු කියන්න ඈෂ්වින්ගර්... මට තේරෙන විදිහට කියන්න..."

" දැන් ඔයා එතනින් අයින් වෙන්න හදන්නෙ හිතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියන නිසානෙ... ඔයා කොල්ලෙක්... මම දන්නව ඔය වයසෙදි මට තිබ්බ හීන ගැන...මට ඕන උනේ මගේම කියල බිස්නස් එකක් පටන් අරගෙන, මාස්ටර් මොරානා ව කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න... මට ඔරවන්න එපා... ඒක තමා ඇත්ත...

ඉතින් අර මිනිස්සු ඔයාට අයින් වෙන්න දෙන්නෙත් නැතුව, ඔයාට වෙන තැනකට යන්න දෙන්නෙත් නැතුව නරක විදිහට සලකනව නම් ඔයාටම ඔයාගෙ ජීවිතේ එපා වෙනවා, බලාපොරොත්තු නැති වෙනවා... ඔහේ උදේට ගිහින් හවසට ආපහු එයි... සමහර විට ඔෆිස් එකේම නිදාගනී... එහෙම උනාම සමාගමට ඔයාව රූකඩේ වගේ නටවන්න පුලුවන්... ඔයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්... දැන් තේරෙනවද ? මමත් බිස්නස් එකක් රන් කරන නිසා කියන්නෙ, සමාගම් කැමතියි රොබෝලා වගේ මිනිස්සුන්ට... බලාපොරොත්තු සහගත මිනිස්සු කියන්නෙ දුර්වලකමක්...

දැන් තේරෙනවද ? "

මම හිස සෙලෙව්වෙමි. එය භයානක දෙයකි. ගැලවෙන්නට නොහැකි උගුලකි.

අප අතර නිහඬතාවයක් ඇතිව තිබුනි.

" කෙනත්, මට ඔයාට උදව් කරන්න ඕන... මොකද මගෙන් ඔයාට ලොකු වැරැද්දක් උනා. මට CV එක දෙන්න. හැබැයි දැන්ම රෙසිග්නේශන් දෙන්න එපා... ඔයාගෙ ලොක්කා ... ගිලියන්ට... මේ ගැන කියන්නවත් එපා... " ඈෂ්වින්ගර් කතා කළේ පහත් හඬිනි.

" අනේ ඇයි ?" මම කළකිරීමෙන් ඇසුවෙමි.

" ඔයාට කරන්න තියන හොඳම දේ තමයි වෙන සෙක්ශන් එකකට මාරු වෙන එක... නැත්තන් ගිලියන් එක්ක බාගේන් කරන එක... කෙනත්, ඔයාට පුලුවන් කතා කරල ඔයාගෙ අයිතිවාසිකම් ඉල්ලගන්න... තේරෙනවද? මට වඩා මේ දේවල් ගැන මොරානා ඔයාට උගන්වයි...  එයා ඔය ක්‍රමය ඇතුළෙදි ඇඟ බේරගත්ත මනුස්සයෙක්... මේක රහසක් හොඳේ..."

කුර ගැටෙන හඬක් ඇසුණු අතර ඔහු අසු පිටට නැගුනේය. " පස්සෙ කතා කරමු..."

ඉවාන් ආපසු අප වෙත පැමිණෙමින් සිටියේය.

" ඔයාලා මොනාද කරන්නෙ ? " ඔහු ඇසුවේ නොයිවසිල්ලෙනි. ඔහු ඈෂ්වින්ගර් සහ මා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. ඈෂ්වින්ගර් ඉදිරියට ගමන් කළේය. ඉවාන් මට සමාන්තරව ගමන් කළේය.

" කවුද මේ ඈෂ්වින්ගර් ? ඔයා කොහොමද එයාව දන්නෙ ? ඔයාලා මෙතන නතර වෙලා මොනවද කළේ ? ඔයාලා මොනවද තනියම කතා කළේ ? "
ඔහු මගෙන් ප්‍රශ්න වැළක් ඇසුවේය.

" එයා මාස්ටර් මොරානා ගෙ යාළුවෙක්...මම එයාගෙ ඉතාලි කෝකියාට කැමතියි... එච්චරයි..." මම සරලව පැවසුවෙමි.

ඉවාන් මා දෙස සැක සහිතව බලා සිටියේය.

" ඌ පිට රටක කෙනෙක් වගේ... ඔයාට මොකක්ද මේ මිනිහා එක්ක තියන ගණුදෙනුව ? "

" එයා මගේ යාළුවෙක්... "

" මන් දන්නෙ නැති යාළුවොත් ඉන්නවද දැන් ? ඔයා මට නිකමටවත් කිව්වෙ නැහැ..."

" කියන්න තරම් වෙලාවක් ආවෙ නෑ... ඔයා මොකටද ඔච්චර හාරා අවුස්සන්නෙ ? "

ඉවාන් මා දෙස බලා සිටියේය.

ඔහු මට දොස් පැවරුවේය. "...ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ ? "

" ඔයාට මොකද වෙලා තියෙන්නෙ ? " මම ආපිට ඇසුවෙමි. " ...මම ඈෂ්වින්ගර් එක්ක නිදියන්නෙ නෑ... හරිද ? ඔයා ඕන එකක් හිතාගන්න..." යි පැවසූ මම ඉදිරියට අසු පැන්නුවෙමි. ඉවාන් ඒ වේගයටම අසු පැන්නුවේය.
සැබවින්ම ඔහු මා සමඟ කෝපයෙන් සිටින්නේ මන්දැයි මම කල්පනා කළෙමි.

ඈෂ්වින්ගර් සහ ගෝලියාත් එක් තැනක නතර වී සිටි අතර අශ්වයෝ ලී ටැංකිය කින් වතුර පානය කරමින් සිටියෝය.

එතැන දිගැති නිවසක් තිබූ අතර එළිමහනේ බාබකිව් උඳුනක් රත්වන ආකාරය මට පෙනුනි. නිවසේ චිමිනියෙන් දුම නැගුනේය. එය කඳුකර නිවසක් බව ක් බව මට වැටහුණි.

වනාන්තරයේ ගස් සුළං බාධකයක් ලෙස ක්‍රියා කරමින් තිබූ නිසා එතැනට සුළඟ පැමිණියේ අඩුවෙනි.

" කන්ද මුදුනට ගියාම මුළු එමරල්ඩ් නගරෙම පේනවා... " ඈෂ්වින්ගර් පැවසුවේ අප වෙත පැමිණෙමිනි.
"...අපි මුදුනටම ගිහිල්ලා ආපහු ඇවිල්ලා කමු... මේ කාළගුණේ දිගටම තියන එකක් නෑ... හිම වැටෙන්න ගත්තොත් ආය යන්න අමාරු වෙයි..."

මම ඔහුට එකඟ වූවෙමි.

මම මාස්ටර් මොරානා වෙනුවෙන් ඡායාරූප කිහිපයක් ගත්තෙමි. එහෙත් ඒවා යැවීමට කන්ද මතට දුරකතන සංඥා ලැබුනේ නැත.
ගෝලියාත් ඈත සිට මා දෙස බලාගෙන සිටියේය. මම හොඳින් යැයි හඟවන්නට ඔහුට අත වැනුවෙමි. ඇතැම් විට ඔහුට මා පසුපස පැමිණීමට සිදුවීම වදයක් මෙන් දැනෙනවා විය යුතුය. එහෙත් ඔහු පැමිණීම ගැන මම ස්තූතිවන්ත වුූවෙමි.

මද වේලාවක් එතැන ගත කිරීමෙන් අනතුරුව යළිත් කන්ද මතට යාම ඇරඹුවෙමු. ඉවාන් මට කතා නොකළ අතර ඈෂ්වින්ගර් මා සමඟ ගමන් කළේය.

" ඔයා මොනවද ලුමිණි බ්‍රෑන්ඩ් එක ගැන දන්නෙ?"
මම ඇසුවෙමි. " ඔයා ගාමන්ට්ස් වල වැඩ බැලුවනෙ..."

ඈෂ්වින්ගර් හිස සෙලෙව්වේය.
" nothing... ලුමිනි ගාමන්ට්ස් කොහේ තියනවද කියල සේවකයො දන්නෙ නෑ... මාස්ටර් මොරානා තමයි ඒක තනියම හැන්ඩ්ල් කරන්නෙ..."

මම තාරකා රටා ගැන ඔහු සමඟ පැවසුවෙමි.

" යප්... ඔයාගෙ නිල් පාට කමීසෙ මට තාම මතකයි... ඒවා එලිගන්ට්..."

" කවුද ඒවා හැදුවෙ ? මුලින්ම ඒ තරු ඇන්දෙ ? "

" දන් නෑ... මොරානා වෙන්න ඇති..."

" ඔයාලට කතා කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද ? සීරියස්ලි ? මොරානා දිස්...මොරානා දැට්... මට අප්පිරියයි..." ඉවාන් කෑ ගැසුවේය.

" ඔහ්... සොරි ඩාලින්..." ඈෂ්වින්ගර් ඔහු වෙත යමින් තොඳොල් වෙමින් පැවසුවේය. "...බුම්මගෙන ඉන්නෙ නැතුව ඇයි ඔයා කතාවක් පටන් නොගන්නෙ ? ම්ම්... කියන්නකො ඔයා ගැන විස්තර ටිකක්... මමත් ආසයි අඳුරගන්න ඔයාව..."

****************************************************

" ... කෙනත්, ඔයාගෙන් මොකුත් ආරංචියක් නැති උනාම මම සෑහෙන්න බය උනේ හේතුවක් ඇතුව. මම හිතුවා ඔයාව මරලා හංගලා කියල... "

"...ඔයාට පිස්සුද ඈෂ්වින්ගර්..." එහෙත් මම මර්ණය අභියස සිටි බව දන්නේ මම පමණි.

"...පහුගිය කාලෙ ඔයා වගේ විශ්ලේශකයො කීප දෙනෙක් මැරිලා ගියා.  නිකන්ම නෙමෙයි, දරුණු විදිහට... මම හිතුවෙ ඔයත් ඒ අතර හිටියා කියල...ඔයා පරිස්සම් වෙන්න ඕන... මේ දේවල් ඔයා දන්නෙ නෑ කියන්නෙ තවත් භයානකයි... ඔයාව දැනුවත් කරන්න ඕන ඔයාගෙ ප්‍රධානියෝ..."

"...මම දන්නෙ නැහැ...ඇයි එහෙම උනේ ? කවුද එයාලව මැරුවෙ ?"

"...මාෆියා..."

"...මාෆියා ? "

"...සමහර විට ඔයා පණපිටින් ඉන්නෙ ERYX එක ඔයාව ආරක්ෂා කරන නිසා වෙන්න පුලුවන්... මම මේ ගැන ගැඹුරට හොයල බලන්නම්... එතකම් ඔයාට පොඩි පොඩි දේවල් දරාගන්න වෙනවා... තේරුනාද ? ERYX එකේ ඉන්න එක දැනට තියන ආරක්ෂිතම දේ වෙන්න පුලුවන්..."

"...ඕකේ, මට තේරෙනව..."

" ...මම ඔයාගෙ ඉල්ලීම අහක දාන්නෙ නැහැ...කෙනත්, ඒක මතක තියාගන්න හොඳේ..."

*******************************

මම අඳුර දෙස බලාගෙන කල්පනා කළෙමි.
ඉවාන් මොන මොන්වදෝ කියවමින් සිටියේය.
මම මගේ අනාගතය ගැන කල්පනා කරමින් සිටියෙමි.
Cyber Mafia ව එතරම් පැරණි දෙයක් හෝ අලුත් දෙයක් නොවේ. Cyber ව්‍යාපාරික ලෝකය වටා එය පැවතුනේය.
වෙනස යනු එය පිටතට පෙනෙන ලෙස නොපැවතීමයි. සාමාන්‍ය නියෝජිතයන් මෙන්ම මාෆියාව තුළ සිටින්නන් පරිගණක තිරයකට මුවා වී සිටීමයි. මුහුණු නැත. කේත නාම පමණක් ඇත. මගේ කේත නාමය යටතේ මගේ කෝඩ් සහ වැඩසටහන් නිල ව්‍යාපාර අවකාශය තුළත්, කළු කඩ තුළත් විකිණෙන බවට මම යාන්තමට දැනුවත් ව සිටිමි. මගේ නියෝජිතයා කවරෙක්දැයි මම දන්නේ නැත.

"...ඔයා ඔය ඈෂ්වින්ගර් කියන එකා එක්ක තියන ඇයි හොඳයිය දැන්ම නතර කරන්න ඕන. ඒ මිනිහා භයානකයි. පාතාලකාරයෙක් වගේ... හොඳටම භයානක මොකක්ද දන්නවද ? මිනිහ ඔයා ගැන ඕනවට වඩා දන්න එක ! "

" ඔයාට ඉතින් ඔයා හැර අනිත් හැමෝම නරකයිනෙ... ඔයාට කවුද හොඳ ? " මම කම්මැළි ලෙස ඇසුවෙමි.

" ඔයා මාත් එක්ක ඉන්න... ඇයි ඒක එච්චර අමාරු... මම කැමති නෑ ඔයා වෙන මිනිස්සු එක්ක ඉන්නවට... "

මම සුසුමක් හෙළුවෙමි.

" එහෙනම් ඉතින් එක්ටැම්ගෙයක් හදලා රපුන්සල් වගේ මාව ඒකට දාලා තියන්න තමා වෙන්නෙ... මට කොණ්ඩෙ නැති නිසා ඔයාට උඩට නගින්න වෙන්නෙත් නෑ..."
මම සිනාසෙමින් පැවසුවෙමි.

" රපුන්සල් ? ඔයා ඒ කතාව දන්නෙ කොහොමද ? ඔයා කතන්දර දන්නෙ කොහොමද ? අද දවස පුරාම ඔයා කතා කළේ එක එක කතන්දර ගැනනෙ...කොහොමද ඔයා දන්නෙ ? ඔයා පොත් කියවන මිනිහෙක් නෙමෙයිනෙ..."

මම සිනාසුනෙමි.

" මාස්ටර් මොරානා මට කතන්දර කියවනවා ! හහ් හහ් හහ්... එයා හරී හුරතල් ඒ වෙලාවට..."

ඉවාන් කෝපයෙන් හඬක් නැගුවේය.

"...ඉවාන්, ඔහොම හැසිරෙන්න එපා... අපි හැමතිස්සෙම රණ්ඩු වෙනවා, ඔයා මට බනිනවා, එතකොට මට දුකයි..."
මම අවංකවම පැවසුවෙමි. ඔහු මට දැනුනේ මට කිසි දිනක නොසිටි වැඩිමහල් සහෝදරයෙකු මෙනි. මගේ සතුටේදී ඔහුටද සතුටු වන්නට නොහැක්කේ මන්ද...

මම ගියරය මත තිබූ ඔහුගේ අතින් ඇල්ලුවෙමි. ඔහු එය ගසා දැමුවේය.

" ඔයා හැම වෙලාවෙම කරන්නෙ මට තරහ යන වැඩනෙ... ඔයා මන් කියන කිසිම දෙයක් කරන්නෙ නෑ... කිසිම දෙයක් අහන්නෙ නෑ... ඔයාට කැමති දේම කරනවා..."

" ඉතින් මම මට කැමති දේ කරන්න ඕනනෙ..." මම සෙමින් පැවසුවෙමි.

" ඔයා කැමති හරිම අවුල් දේවල් වලට... පඹ ගාල් වලට... අන්න ඒකයි මට තියන ගැටළුව. මට බලන්න බැරි උනොත් ඇති මොකක් හරි අවුල් ජාලාවකට පැටළෙනවා ! ආ නැද්ද ? මේ සේරටම හේතුව ඔයා ගෙ හිතුවක්කාරකම... මම එපා

You are reading the story above: TeenFic.Net