70. පමා වන්නට පෙර

Background color
Font
Font size
Line height

( පොඩ්ඩක් කෙනත් වගේ කෙනෙක් අන්තිමට හොයා ගත්තා...)

===================================

දිවා රෑ ගත වන ආකාරය මට දැනුනේ නැත. මම සිදුකලේ ආහාර ගැනීමත් , මාස්ටර් මොරානා සමඟ සුළු වේලාවක් ගත කිරීමත් , පැයක් පමණ සුවඳවත් ජලයේ ගිලී සිටීමත්,ඉන්පසු වැටුණු වැටුණු තැන් වල නිදා ගැනීමත් ය.

මා කොතරම් තද නින්දක සිටියත් ආහාර ගැනීමට නියමිත වේලාවට මා අවදි කරන්නට ඔහු පසුබට වූවේ නැත. ඔහු මට විවිධාකාර දෑ කැව්වේය. මගේ කුස සහ දෙපා සම්බාහනය කළේය. මා සමඟ සිනා සුනේය. කතා කළේය. මම ආශා කලේ ඔහු කතන්දර කියවන විටය. ඔහු අරාබි නිසොල්ලාසයක් සොයාගෙන එය මට ඇසෙන්නට කියවන්න පටන්ගෙන තිබුනි. එවිට පොතට හැරවී ඇති ඔහුගේ ඇස් සහ කතා කරන මුව දෙස බලා සිටීමට මම ආශා කරමි.

ඔහු මගේ කොණ්ඩය ගැනද සැළකිලිමත් වූවේය. ඔහුගේ සුවඳවත් හෙයා ක්‍රීම් ආලේප කර දවසට දෙවරක් මගේ හිස සම්බාහනය කළේය. ඒ නිසා දැන් යන්තමින් කොණ්ඩය වැවෙන්නට පටන් ගෙන තිබුනි.

රෝහලෙන් නිදහස් වී පස් වන දිනය වන විට මට හොඳක් දැනෙන්නට පටන් ගෙන තිබුනි. මගේ බර වැඩි වී තිබූ අතර මගේ සම ආසාධනයන්ගෙන් තොර ව තිබුනේය. මගේ මානසික මට්ටම යහපත් විය. මට නරකක් කරන්නට හෝ හොඳක් කරන්නට කිසිවෙකුත් පැමිණියේ නැත. ඔහු සහ මම පමණකි.

ඔහු මා විශේශඥ වෛද්‍යවරයෙකු හමුවන්නට කැඳවාගෙන ගියේය. ඒ රෝහල වඩාත් නවීන පෙනුමකින් යුතු වූ අතර වෛද්‍යවරු,හෙදියන් සහ අනෙක් රෝගීන් පවා මට පහසු හැඟීමක් ගෙන ආවේය.

" බබෝ.." මගේ අතින් අල්ලාගෙන ආ මාස්ටර් මොරානා දොරක් අසල නතර වී මට කතා කළේය.
"...මේ අය ස්නායු සහ මොළය සම්බන්ධව ඉන්න ගොඩක් දක්ෂ විශේශඥ වෛද්‍යවරු... මම මේ දෙන්නව ගෙන්නුවේ ඔයා වෙනුවෙන්මයි..."
ඔහු පවසද්දී මම විශ්මයට පත් වූවෙමි. මම මගේ හිස අල්ලා බැලුවෙමි. මට කුමක් හෝ භයානක ලෙඩක් තිබෙනවාද ?! මම කතා කරන්නට උත්සාහ කළෙමි.

"... අහන්නකෝ... කලබල වෙන්න එපා. ඔයාට කටු ගහන්නෙ , බෙහෙත් පොවන්නෙ නෑ... එයාලා ඔයාව බලනව විතරයි... මගේ බබා, ඔයා කෑගහන්නෙ රණ්ඩු කරන්නෙ නැතුව හොඳ ළමයෙක් වගේ එයාලට උදව් කරන්න ඕන...තේරුනාද ? ඔයාට හොඳක් කරන්නයි අපි ඔක්කොම උත්සාහ කරන්නෙ... "

වෛද්‍යවරු දෙදෙනෙකු මගේ හිස සහ පිට පෙදෙස වඩාත් සමීපව පරික්ෂාවට ලක් කළෝය. ඔවුන් නිවුන්නන් වීම මා උද්‍යෝගිමත් කළේය.

වෛද්‍යවරුන්ගේ සම මී පැණි පැහැයෙන් යුතු විය. ඔවුන්ගේ අක්බමරු වැනි කළුවන් කෙස් වලට මම ඊර්ෂ්‍යා කරන්නට වූවේ ඔවුන් දුටු මොහොතේ සිටමය. ඔවුන් එමරල්ඩ් නගරයේ උපන් අය නොවන බව නම් මට පැහැදිලිය. එහෙත් මට පැහැදිලි වූ කාරණාව නම් ඔවුන් මාස්ටර් මොරානා ව හොඳින් හඳුනන බවයි.
ඔවුන් කතා බහ කළේ හිතවත් ලෙසිනි ! මට නොතේරෙන බසකිනි !!

මම මාස්ටර් මොරානාගේ අතින් අල්ලාගෙන සිටියෙමි.

ඔවුන් මට බැන වදිනවාද ? නොතේරෙන ලෙස මා ගැන ගතු කියනවාද ? මම නිවුන්නන් සමඟ කෝපයෙන් සිටියෙමි. ඔවුන් මාස්ටර් මොරානා සමඟ කතා කරන ආකාරය දකින්නට මට ඕනෑ නැත. ඔවුන්ගේ රෝගියා මා ය. ඔවුන් කතා කළ යුත්තේ මා සමඟය !

මම ඔහුගේ අත තදින් කෙණිත්තුවෙමි.
" ආව් අම්මා...!! දෙන්ඩ තියෙන්නෙ දෙකක් මූට..." ඔහු මට තරවටු කළේය.
"...ඔයා කතා කරන්නෙ නෑනෙ... මම හරි ලෙඩේ කියන්න එපැයි ඉතින්..."

මම ඔහු සමඟ තරහ වී අත අත් හැර දැමුවෙමි.
එහෙත් CT ස්කෑන් යන්ත්‍රය වෙත ඇතුළු කරන මට දැනුනේ මහා භීතියකි. මම තදින් ඇස් පියාගෙන සිටියෙමි. මේ මම මෙවැන්නක් ඇතුළට යවන පළමු වතාව විය යුතුය. ඒ තුළ එළි නටන ආකාරය මට දැනුනි. මම මගේ යටිකය අල්ලාගෙන සිටියේ කොයි වේලාවක හෝ කුඩා අවශ්‍යතාවය එළියට පනීවි යැයි බියෙනි. මට කෑ ගසන්නට සිතුනි.

එහෙත් එය ඉක්මනින් අවසන් විය.

ඒ කාමරයෙන් පිටතට ගත් වහාම මම දුවගෙන ගොස් මාස්ටර් මොරානා ව වැළඳගත්තෙමි.

පළිගැනීමක් වශයෙන් ඔහුට වැසිකිළියෙන් පිටත බොහෝ වේලාවක් සිටගෙන සිටින්නට මම ඉඩ සැලසුවෙමි.

" ඔයා ටිකක් පණ ගහලා නේද ඉන්නෙ දැන්..."
ඔහු ඇසුවේ මගේ ගෙල වටා ස්කාෆයක් ඔතමිනි.
"...ඔයා මාත් එක්ක කතා නොකරන්නෙ ඇයි කෙනත් ? මාත් එක්ක තරහයිද ? "

මම ඔහු සමඟ මම කතා කරන්නට උත්සාහ කරමි ! මම ඔහුගේ අත ගෙන සිප ගත්තෙමි. ඔහු නොවන්නට මා මේ වන විට කොහේ හෝ ශීතල තැනක වළලා තිබෙනු ඇත. ඔහු මා වෙත නැවී සිනා සුනේය.

" මම දන්නව ඔයා මාත් එක්ක තරහ නෑ කියලා... ඒත් ඔයාගෙ කතා බහ නැතුව මට පාළුයි... කමක් නෑ... ඔයාගෙ කාලෙ ගන්න සනීප වෙන්න... "

ඔහු පවසන විට ආ හැඬුම මම ගිල ගත්තෙමි. මම ඔහුගේ බාහුව සිප ගත්තෙමි.

" කෙනත්, අපි වටේ මිනිස්සු ඉන්නවා..." මාස්ටර් මොරානා සෙමින් පැවසූ විට මම ඉක්මනින් ඔහු පසුපස සැඟවුණෙමි. ඔහු සිනා සුනේය.

මෝටර් රථය එමරල්ඩ් නගරයේ රාජකීය වීදිය ඔස්සේ ඇදී යද්දී , ඒ වීදිය වෙනදාට වඩා උත්සවශ්‍රීයෙන් යුතු බව මම නිරීක්ෂණය කළෙමි. ධවලමය පසුබිමේ රන්වන් පැහැති සඳක් ඇඳ තිබෙන ධජ මග දෙපස එසවී තිබූ අතර යෝධ පතාකයන් ගොඩනැගිලි වලින් පහළට එල්ලී තිබුනි. දිලිසෙන සැරසිළි වලින් අත් වැටවල් ඔතා තිබෙන අයුරු මට පෙනුනි. කහ පැහැති දීප්තිමත් ආලෝකය දහවලක් මෙන් සිසිර සන්ධ්‍යාව ආලෝකමත් කර තිබුනි. මහා මාර්ගයේ වාහන පවා තිබුනේ අඩුවෙනි. එය එතරම් ජනාකීර්ණ නොවීය.

" අද අපි එළියෙන් කමු..." මාස්ටර් මොරානා පැවසුවේ අතුරු මාර්ගයකට මෝටර් රථය හරවමිනි. "...මම කාලයක් තිස්සෙ ඇහැ ගහගෙන හිටියා ඔයා කැමති විදිහෙ රෙස්ටොරන්ට් එකක් ගැන... අපි යමු... ගිහිල්ලා ඇති වෙන්න කමු..."

ඔහු පවසන විට මට සිනහ පහල විය.

" කෙනත්ට කාර් එකක් ඩ්‍රයිව් කරන්න පුලුවන් ද ? " ඔහු හදිසියේම මෙන් ඇසුවේය.

මම නැතැයි හිස සෙලෙව්වෙමි.

" ඔහ්... මම උගන්වන්නම්... ඔයා නම් ඉක්මනට අල්ල ගනී..."

මම ඒ ගැන සැක කරමි. යතුරු පැදිය ඉගනගන්නා විට මම ලූක් ගේ අනුකම්පා විරහිත බැනුම් වලට සහ සැර ටොකු ප්‍රහාරයන්ට නිරන්තරයෙන් ලක් වුණෙමි.

"...මට නම් හරී අමාරු උනා... අංක එක මම බයයි.. ඊළඟට මට මතක හිටින්නෙ නෑ එක පාරක් කියල දුන්නට... ගුටි විතරයි කෑවෙ නැත්තෙ... "

මම උස් හඬින් සිනා සුනෙමි. අවසානයේ අපි දෙදෙනාට සමාන වීමට යමක් ඇත.
" ඇයි ඔයා හිනා වෙන්නෙ..." ඔහු ඇසුවේ මගේ බඩ කිති කවමිනි. ඔහුද මා හා එක්ව සිනා සුනේය.

ඔහු කුඩා බුටික් සාප්පුවක් ඉදිරිපිට මෝටර් රථය නතර කළේය. එහි මාර්ගයට පෙනෙන වීදුරු ප්‍රදර්ශන කාමරය තුළ මොණර පිළක් බඳු ඇඳුමකින් සැරසූ මැණිකිනයෙක් ප්‍රදර්ශනය කර තිබුනි. සාප්පුව වසා දමා තිබූ අතර මේ පාළු අතුරු මාර්ගයේ එබඳු විසිතුරු සාප්පුවක් පවතින්නේ ඇයි...

මම , මාස්ටර් මොරානා සමඟ මෝටර් රථයෙන් බැස ඒ වෙත ගමන් කළෙමි. ඔහු පසුම්බියේ වූ කාඩ් පතක් දොර අසල වූ ඉලෙක්ට්‍රොනික් අගුළට ඇතුළු කළේය. ඉන්පසුව ඇඟිළි සලකුණත්, ඇසේ පිළිඹිබුවත් තබන්නට ඔහුට සිදු විය.

බුටික් සාප්පුව අඳුරේ ගිලී තිබුනි. මම ඔහුගේ අත අල්ලාගෙන සිටියදී ඔහු විදුලි පහනක් දැල්වූවේය. මගේ දෙනෙත් ආලෝකය නිසා නිලංකාර විය.

" ආආආආ ව්ව්ව්ව්ව්...." මගේ මුවින් එක්වරම පිටතට පැන්නේය.

පහතට වැල් මෙන් එල්ලූ ක්‍රිස්ටල් විදුලි බුබුළු දියමන්ති මෙන් දිදුලා ගියේය. ඒවා අනන්තයට යනතුරු ඇති ආකාරය මට පෙනුනි.

කුඩා සාප්පුව වටා සහ එහි මැදින් තැනින් තැන සවි කර තිබෙන දර්පණ සමඟ දියමන්ති වැනි විදුලි බුබුළු පරාවර්තනය වී එතැන දෘෂ්‍ය අවුල් ජාලාවක්* සකසා ඇති බව මට ක්ෂණිකව අවබෝධ විය. මම අත දිගු කර එක් කණ්නාඩියක් ඇල්ලුවෙමි. එහි පරාවර්තනය මට සෑම දෙසින්ම දකින්නට ලැබුනි.

" තැන් තැන් වල කණ්නාඩි තියනවා... මගේ අත අල්ලගෙනම එන්න..." මාස්ටර් මොරානා පැවසුවේය. "...කෝ මගේ අත අල්ලගන්න..."

එහෙත් මගේ මොළය වේගයෙන් ගණනය කිරීම් කළ අතර මම කැඩපත් ඇති තැන් පහසුවෙන් සොයා ගත්තෙමි.

" හ්ම්ම්ම්ම්...." මාස්ටර් මොරානා පැවසුවේය.
"... ඔයා ප්‍රෙහේලිකා විසඳන්න කැමති එකේ මෙතනින් එහාට යන පාර හොයාගන්න..."

මම ඔහු දෙස උදාසීනව බලා සිටියෙමි. මම දැනටමත් එය සොයාගෙන අවසානය. මම ඔහුව පසු කරගෙන ඉදිරියට ඇවිදගෙන ගියෙමි.

"...ඕඕඕඕඕඕඕ....වාආආආආආආආ......" ඔහු අත්පොලසන් දුන්නේය.
මම ඔහුට හිස නවා ආචාර කළෙමි.

" ඔයාට මාව අතරමන් කරන්න ඕන නම් මාව කාන්තාරෙකට ගිහින් දාන්න... මට ඒත් පාර හොයාගන්න පුලුවන්..." මම පැවසුවෙමි ! එහෙත් මගේ හඬ ඒ අර්ථය ලබා දුන්නේ නැත. මම බිම හිඳගෙන මගේ ඔලුව සඟවාගත්තෙමි. මට කතා කරන්නට ඕනෑය... මම හැඬුවෙමි.

" ඔහ් කෙනත්... " මාස්ටර් මොරානා මා අසලින් හිඳගෙන මා වැළඳගත්තේය. "...ඔයාට සනීප වෙයි... දුක් වෙන්න එපා... මේ මමනෙ... මාත් එක්ක කතා කරන්න...මම ගණන් ගන්නෙ නෑ ඔයා වචන වලින් කතා කළත් ඇස් වලින් කතා කළත්... ඔයා කොහොමත් අඩුවෙන් කතා කරන කෙනෙක්නෙ...නේද ? "

ඔහු මගේ හිස සිප ගත්තේය.

" මම ඔයාට ලස්සන දෙයක් අරන් දෙන්න එක්කගෙන ආවෙ... " ඔහු පැවසුවේය. "...අඬන්න එපා බබෝ ඉතින්... "

ඔහු මද වේලාවක් මගේ පිටට තට්ටු කරමින් සිටියේය.

"...කෙනත්... ඔයා රජතුමාව දැකලා තියනවද ? "
මම කඳුළු පිසදාගෙන ඔහු දෙස බැලුවෙමි.

මම රජතුමාව දැක ඇත්තෙමි ! මට මගේ පළමු ගෞරව උපාධිය ලබා දුන්නේ ඔහු ය. මම දුරකතනයේ තිබූ ඒ ඡායාරූපය මාස්ටර් මොරානා ට පෙන්වූවෙමි.

" ඔහ් මයි ගෝඩ්... ඔයා කොච්චර වැදගත් ළමයෙක්ද ? "
මම සිනාසුනෙමි.

මාස්ටර් මොරානා මගේ අතින් අල්ලාගෙන දොරකින් ඇතුළු වී තවත් අඳුරු කාමරයකට පිවිසුනේය. එහි විදුලි බුබුළු දැල්වුණේය. එය තද නිල් පැහැති වටකුරු කාමරයකි. රන්වන් පැහැති සඳ , තරු සහ හිරු රටාවක් බිත්තියේ සහ වහලයේ විය. එය දිදුලන අලංකාර සාප්පු කාමරයකි.

" ඉතින් කෙනත්... Welcome to the LUMINE ! The Signature Royal Clothing Brand... "

මාස්ටර් එය පැවසුවේ සිය අත් දෙපසට විහිදුවා ගැඹුරු හඬකිනි. මට එය වටහා ගැනීමට මද වේලාවක් ගත විය. එනම් මහ රජතුමාගේ ඇඳුම් නිර්මාණය කරන්නේ ඔහු බවයි...

" Lumine..." මගේ මුවින් පිට විය.

" අන්න හරි... ඔය ලස්සනට කතා කරන්නෙ !! "

මම සිවිලිම දෙස බැලුවෙමි. එය රෝහලේ සිවිලිමට සමානය.

" ලුමිනි කියන්නෙ මගේ වටිනම බිස්නස් එක්... මොකද මේ චේන් එකෙන් ඇඳුම් අන්දන්නෙ රජතුමාට... "

මම කට ඇරගෙන ඔහු දෙස බලා සිටියෙමි.මගේ ඡායාරූපයේ මහරජතුමා ඇඳගෙන සිටින්නේ දම් පැහැති ඇඳුම් කට්ටලයකි. එය නිර්මාණය කළේත් මාස්ටර් මොරානා ද ?

මම යළිත් සිවිලිම දෙස බැලුවෙමි. එහි ගණිතමය සමානතාවය මට වැටහෙයි. එය නිර්මාණය කළේ කවුද ?

" රජතුමා... හොඳ මනුස්සයෙක්... එයා තරුණ කෙනෙක්..."

මම හිස සෙලෙව්වෙමි. ඔහු හොඳද නරකද යන්න මම නොදනිමි. එහෙත් ඔහු අවුරුදු තිස් පහක් තරම් වයසැති අයෙක් ලෙස මට මතකය. මාස්ටර් මොරානා මට අසුනක් පෙන්වූවේය.

"...එයාට හොඳ දැක්මක් තියනව රටේ ඉදිරි අනාගතේ ගැන... ඒත්... හ්ම්ම්ම්... ඔයා එක්ක දේශපාලනේ කතා කරන්න මට ඕන නෑ..."

දේශපාලනය මට අයත් විශයක් නොවන බව මම සිතුවෙමි. මම රට පාලනය වන ආකාරය ගැන මෙලෝ හසරක් නොදනිමි. මම දන්නේ වර්තමාන රජතුමා පදවි ප්‍රාප්තියටපත් වූවේ මා විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ බවයි.

" ...රජතුමා මම වගේ... එයාට වටිනා යමක් රට වෙනුවෙන් කරන්න ඕන... ඒත් නාකි ටික ඒකට ඉඩ දෙන්නෙ නෑ... උන්ට ඕන මිනී මරාගන්නයි, හොරකම් කරන්නයි, නිදි වදින්නයි විතරයි... මම කිව්වයි කියල මතක තියාගන්න කෙනත්, ඔය නාකි ටික මැරෙනකම් මේ රට මේ මඩ වලේමයි... තරුණ රජතුමාට වැඩ කරන්න ඉඩ ලැබුනා නම් ඔයාලා වගේ දක්ෂ ළමයින්ට මීට වඩා තැනක් ලැබෙනවා... මට පුදුම කණගාටුවක් මේ තරුණ පරපුර ගැන තියෙන්නෙ..."

මාස්ටර් මොරානා නියම වැඩි හිටියෙකු ලෙස කතා කරයි. ඔහු රට ගොඩ ගත යුතු ආකාරය ගැන කතා කරන්නේ ආර්ථික විශේශඥයෙකු මෙනි. වෘත්තීයයෙන් විශ්ලේශකයෙකු වන මට පෙනී ගිය එකම දෙය අපේ රට ආයෝජනයට වඩා , වැඩි ප්‍රමාණයක් යුද්ධයට සඳහා අරමුදල් ලෙස භාවිතා කර ඇති බවයි. වසර තිහක් පමණ යුද්ධ කොට උතුර අල්ලාගත් පසුවත්, එය තමා යටතේ තබා ගැනීමට විශාල මුදලක් යොදවා ආරක්ෂක අංශයක් නඩත්තු කරන්නට රජයට සිදු විය ! පැරණි යුධ බර නව රජතුමාගේ උරහිස් මත වැටී තිබෙයි... එනම් ඒ බර තරුණ රට වැසියන් ලෙස අපිත් ඔසවාගෙන යා යුතු බවයි.

කෙසේ වුවත් රජතුමා වැඩිහිටියන්ට, වැඩිහිටි දීමනාව නොදෙන්නේ නම් ඒ ගැන මට කණගාටුවක් ඇති නොවනු ඇත. එසේ පරපුරක් ගැන කණගාටු වීමට වැඩිහිටියෙකු විය යුතු බව මම සිතුවෙමි.

ඉන්පසු මාස්ටර් මොරානා මට අමුතු ආකාරයේ තොප්පියක් පැළඳුවේය. එය කුඩා රිදී චේන් පොටකින් සහ නිල් පැහැති පළිඟුවකින් හැඩ ගන්වා තිබූ ළා නිල් පැහැති එකකි.

" ඔයා කැමතිනම් ඕක දාගන්න පුලුවන්... නැත්තන්..."

මම එයට කැමති වූවෙමි. ඉන්පසු ඔහු මට සඳ සහ තරු මැසූ කබායක් අඳින්නට දුන්නේය.

රෝහලට පැමිණි නිසා මම ඇඳගෙන සිටියේ සුදු පැහැති කපු කමිසයක් සහ ඩෙනිමක් පමණකි.

කැමරාවක් රැගෙන ආ මාස්ටර් මොරානා, ඔහුට මගේ ඡායාරූප කිහිපයක් ගැනීමට අවශ්‍ය බව ඔහු පැවසුවේය. මම ඊට අකමැති නොවූවෙමි.

" ඔයා ඇඳගෙන ඉන්න ඩිසයින් එක මගේ පළවෙනි ගෙතුම කිව්වොත් ඔයා පිළිගන්නවද කෙනත් ? " ඔහු බිත්තිය හාරා සැකසූ කුහරයක් වැනි වීදුරු කුටියකට මගේ අවධානය ගෙන එමින් පැවසුවේය.
ඒ තුළ හමුදා සෙබළෙකුගේ ජීවමාන ප්‍රමාණයේ කිරිගරුඩ ප්‍රතිමාවක් තිබුනි. එහි ඇඳුම් පැළඳුම් කිරිගරුඩයෙන් අඹා තිබුනත් ගෙල වටා ඔතා තිබුනේ සඳ ,තරු මැසූ දිගු නිල් දම් පැහැති ස්කාෆයකි. ප්‍රතිමාවේ මුහුණ මෘදු මදහසකින් හැඩ වී තිබුනි.

" පෙප්පේ
Live... just not survived... " ලෙස පුවරුවක් ඒ තුළ තබා තිබුනි.

මාස්ටර් මොරානා වීදුරුව මතින් අත තැබුවේය.

" මේ මගේ අයියා... " ඔහු පැවසුවේ මෘදු ලෙසිනි. " ...එයාගෙ පොතේ නම මට මතක නෑ... අපි එයාට පෙප්පේ කියල කිව්වෙ... එයා... එයා හමුදාවට යද්දි තමයි මම ඔය ස්කාෆ් එක ගොතලා දුන්නෙ... "

මම ඔහුට සවන් දුන්නේ විශ්මයෙනි. ඔහු කිසි දිනක මා සමඟ ඔහුගේ සහෝදරයන් ගැන පවසා නැත.

"...එයා හරී අහිංසක කෙනෙක්... යුද්ධෙට ගියේ හෙද නිලධාරියෙක් විදිහට... එයා...එයා ඒකෙන් මැරුනා... අවුරුදු ගාණකට පස්සෙ මූලස්ථාන ලොකර් එකේ තිබිලා එයාගෙ බෑග් එක මට හම්බ උනා... ඒකෙ ඔය ස්කාෆ් එක පරිස්සමට ඔතලා අරන් තිබුනා...එයාව මතක් වෙද්දි මට ගොඩාක් දුක හිතෙනව... පෙප්පේ මට ගොඩාක් ආදරෙයි... එයා මාව කරේ තියාගෙන එක එක සල්පිල් වල ඇවිද්ද හැටි මට මතක් වෙනවා... එයා හිටියනම් දැන් දරුමල්ලො ඉන්න සතුටින් ඉන්න මනුස්සයෙක් වෙයි... එයා 'ලූනා...' කියල කතා කරනවා මට ඇහෙනව ඇහෙනව වගේ... "

ඔහු පවසන විට මට එය මැවී පෙනුනි. ඔහුගේ අතින් මම අල්ලා ගත්තේ , ඒ හඬ බිඳී ඇති ආකාරය මට දැනුනු හෙයිනි.

"... පෙප්පේ නැති උනාම, මගේ අම්මට ඒ දුක දරාගන්න බැරි උනා..." මාස්ටර් මොරානා සුසුමක් හෙළුවේය. මම කෙළ ගුලියක් ගිල්ලෙමි.

" ...පෙප්පේ, මල් සුවඳක් වගේ... හුළඟට අහු උනා...ගහගෙන ගිහින් අතුරුදන් වෙලා ගියා... එයා ගැන මතකෙයි, මේ ස්කාෆ් එකයි විතරයි මට ඉතුරු උනේ...මම මැරුණම එහෙම කෙනෙක් හිටියා කියලා කවුරුත් දන්නෙ නැති වෙයි... අඩුම මන් ළඟ ෆොටෝ එකක්වත් නැහැ..."

මම මාස්ටර් මොරානාගේ කකුළ බදා ගත්තෙමි. මට දුකය !

" දැන් ඔයා පෙප්පේ ගැන දන්න නිසා මට බයක් නෑ..." ඔහු මා වෙත නැවෙමින් පැවසුවේය. "...මට සතුටුයි ඔයා පෙප්පේ ව දන්න එක ගැන..." හිස් වැසුම සැකසූ ඔහු මගේ කම්මුළක් සිප ගත්තේය.

මම ඔහුව වැළඳගෙන සිටියෙමි. ඔහු කොතරම් පැරණි මිනිසෙක්ද ? ඔහු ඉපදුනේ කොතරම් ඈත කාලයකදී ද ? ඔහු කොතරම් දේවල් දන්නවාද ?
මට යළිත් ඔහු ඉදිරියේදී දැනෙන ඒ කුහුඹු බවේ හැඟීම දැනෙන්නට විය. ඔහු විසල් මිනිසෙකි !

" කෙනත්... ඔයාට ස්තූතියි මගේ ජීවිතේට ආවට..."
මගේ අතක් සිප ගත් ඔහු සෙමින් පැවසුවේය.

*****************************

මාස්ටර් මොරානා මා ක්ෂණික ආහාර අවන්හලක් වෙත ගෙන ගියේ මා පුදුමයට පත් කරමිනි. ඔහු මට කැමති දෙයක් ඇනවුම් කරන්නට ඉඩ දුන්නේය. ඔහු ඇණවුම් කළේ සලාදයකි !

" ඔයා සනීප වෙන එකේ පොඩි තෑග්ගක් මගෙන්..." මම සිනා සුනෙමි. මාස්ටර් මොරානා යළිත් ඡායාරූපයක් ගත්තේය.

" ඔයා එන්න එන්නම ෆොටෝ ජෙනික් වෙනවනෙ..." ඔහු පැවසුවේ මගේ නාසය මත සෝස් බිඳක් තවරමිනි. මම එය පිස දමාගෙන සිනාසුනෙමි.

මම බීම වීදුරුව තෘප්තිමත් ලෙස ඉහළට අද්දෙමි. මිනිසුන් මේ දෙස බලන බව මට දැනුනි. ඇතැම් විට ඒ මගේ අමුතු හැඩයේ තොප්පිය නිසා විය යුතුය.

මාස්ටර් මොරානා මට ඒ ගැන විස්තර කර තිබුනි. මම පැළඳගෙන සිටින්නේ ඉන්දියානු
" සික්වරු "පළඳින ආකාරයේ හිස් වැස්මකි. ඒ නිසා මගේ තට්ටය වැසෙන අතර වහලයක් යටදී ගලවන්නට බල කරන්නේද නැත. මාස්ටර් මොරානා ට ඉන්දියාව ගැන උන්මාදයක් තිබෙන බව මට පෙනුනි. ඔහුට අනුව ලෝකය පුරා මුලින්ම ප්‍රචලිත වූ විලාසිතාව ඉන්දියානු මුද්‍රිත රෙදි ය. ඔහු ඒ ගැන පර්යේෂණ ග්‍රන්ථයක් පවා ලියා තිබෙන බව පැවසිවේය. ඉන්පසු ඔහු අලි ගැන කතා කළේය.
ඔහු විසිතුරු ඉන්දියානු කපු පිළියෙන් සැරසී අලියෙකු පිට ගමන් කරන්නට සිහින දකින බව පැවසුවේය.
කෙසේ වුවත් මට ඒ ගැන කිසිඳු අදහසක් තිබුනේ නැත. ඇතැම් විට ඒ ජැක්පෝල් හාවෙකුගේ පිටේ නැග තරු මතින් පැන පැන යන්නට මා තුළ ඇති රහසිගත ආශාව වැනි යමක් විය යුතුය.

ඉතින් , මගේ හිස් වැස්ම රිදී දම්වැල් සහ මැණික් ගල් වලින් සරසා තිබුනු නිසා එය ඔටුන්නක් බව මාස්ටර් මොරානා පැවසුවේය. "...ඔයා කුමාරයෙක් කෙනත්..." ඔහු කීවේය.

එහෙත් මට දැනුනේ මම මන්දාකිණියකින් සැරසී සිටින මායාකාරියක් මෙනි !

" ඇබ්‍රකඩාබ්‍රා...." මම සෝස් තලියක් පිඟානට දමා ගනිමින් සිතුවෙමි.

"...හිමීට කන්න කෙනත්... මම ඕවා කන්නෙ නෑ..." ඔහු කීවේ මම ඉක්මනින් හොට් ඩෝග් එකක් ගිලිද්දීය.

"අම්මේ ඉතින්, වස විස කන්න නම් හරි හපනා...වමනෙ යන්නෙ නෑ...බඩ රිදෙන්නෙ නෑ... බත් හැන්දක් කවන්නනෙ අමාරුව... මගේ හොඳ පණ ගිහින් තියෙන්නෙ..." මාස්ටර් මොරානා සෙමින් පැවසුවේය.

"...අත දරුවො හදාගන්න ගත්තම ඔහොම තමයි..." ඔහු දුක්බර සලාදය හැඳි ගාමින් පැවසුවේය.

මම ඉදිරියට නැවී ඔහුගේ හිස අත ගෑවෙමි.

" අනේ යනව යන්න... බොරුවට හොඳ වෙන්න එනව දැන්... "

ඉන්පසු ඔහු සිනාසුනේය.
මම ද සිනාසුනෙමි.

ආහාර වේල අවසානයේ අවන්හලේ ප්‍රධාන කළමණාකරු පැමිණ මාස්ටර් මොරානා ට කතා කළේ ඔවුන්ට ඔහුගේ අත්සන සහ සේයාරුවක් ඔවුන්ගේ බිත්ති පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට ඇවැසි බව පවසමිනි. ඔහු ඊට කැමති විය. ඔහු මාව ත් ඇදගෙන ගොස් නාම පුවරුව ඉදිරියේ සිටගෙන සිටියේය. මගේ සිත ඔහුගේ සිනහව නිසා උණුසුම්ව තිබුනි. ඔහු ඡායාරූප වලට පෙනී සිටින ආකාරය මම මින් පෙර දැක තිබුනේ නැත. ඔහු ලස්සන මිනිසෙකි. දෙවියන්ට වැරදීමකින් මහ පොළවට ඇද දැමූ සඳ දූතයෙකි !

අවන්හළෙන් පිටව ආපසු මෝටර් රථය වෙත ඇවිද එන විට මම ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ මුහුණට රන්වන් විදුලි ආලෝකය වැටී තිබෙයි. ඔහු ගීතයක් මුමුණමින් මගේ අත අල්ලාගෙන පද්දමින් සෙමින් ගමන් කළේය.
මගේ ආදර මොරානා...
මට මෙතුවකට මගේ යැයි කියන්නට මිනිස් ප්‍රාණියෙකු සිට නැත. මාස්ටර් මොරානා දෙස බලන විට මට ඒ හැඟීම දැනෙයි. මට ඔහුගේ වටිනාකම කියා නිම කළ නොහැක. මගේ ආත්මයෙන් හෝ එය ගෙවා නිම කරන්නට නොහැක. ඔහු මා සමඟ සිටීම ගැන මම ස්තූතිවන්ත වෙමි !

මෝටර් රථය පැදගෙන නිවසට යනතුරුම ඔහු ගීතය මිමිණුවේය. විටින් විට නිදහස් අත මගේ කකුල මත අත තබාගෙන සිටියේය. මගේ අත මිරිකුවේය.

" කෙනත්... " නිවාස සංකීර්ණයේ රථ ගාලේ මෝටර් රථය නතර කළ පසු මාස්ටර් මොරානා මට හදිසියේම කතා කළේය. ඉන්පසු මගේ අතින් අල්ලාගෙන නැටුමකදී මෙන් කැරකුණේය.

මම උස් හඬින් සිනාසුනෙමි.

" ඔයා කැරකෙන්න දැන්..." ඔහු පැවසුවේය.
මමත් කැරකුණෙමි.

" හහ් හහ් හහ්.... මට පිස්සුද කොහෙද ! " ඔහු පැවසුවේය. රථ ගාලේ කිසිවෙකුත් සිටියේ නැත.

මම යළිත් වරක් කැරකුනෙමි. මම ඊට ආශා කරමි. මට ඔහු සමඟ නටන්නට ඕනෑය. මම ඔහු මගේ ඉණ වටා අතක් යවාගෙන අනෙක් අත අල්ලා ගත්තේය.

" ආආආආ... ඔයා ප්‍රොම් කින්ග් කෙනෙක්ද ?..."ඔහු ඇසුවේ පුදුමයෙන් මෙනි. මට එවැන්නකට සහභාගී වූ බවට මතක නැත. " ...ඔයා හරි එලිගන්ට් ඩාන්සර් කෙනෙක්නෙ..."

ඔහු මා තාලයට ඒ මේ අත පද්දමින් පැවසුවේය. මම ඒ ගැන දන්නේ නැත. මම ඔහු සමඟ ආලිංගන නැටුමක් නැටීමට ආශා කරන බව පමණක් මම දනිමි. මම ඔහුගේ දෑස් දෙස බලාගෙන සිටියෙමි. ඔහු පහතට නැවුණු නිමේශයක මම ඔහුගේ දෙතොල් සිප ගත්තෙමි. මට එය නතර කරන්නට ඇවැසි නොවීය. මම පෙරළා ඔහුව සිප ගත්තෙමි. ඔහු මා ඔසවා ගත් අතර මම දෙපා ඔහු වටා ඔතා ගත්තෙමි.
එය බොහෝ කාලයකට පසු අප අතර හුවමාරු වූ පළමු තෙතැති හාදුව විය. දෑතේම දෑඟිළි ඔහුගේ හිසකෙස් අතරින් යැවූ මම ඔහුව අත් නොහැර උරා බීවෙමි.

" ගෝඩ් ඩෑම් කෙනත්... Don't do this to me now... ඔයා අසනීපෙන්..."

මට ඔහුගේ දෙතොල් වලින් තොරව හුස්ම ගන්නට නොහැකි බවක් දැනුනි. මම දිගු හුස්මක් ඉහළට ඇද ඔහුව සිප ගත්තෙමි.

නිවස තුළට පැමිණියේ කෙසේදැයි මට මතක නැත. මාස්ටර් මොරානා මා වළක්වන්නට උත්සාහ කළේය. එහෙත් මම ඔහුට ඇලී සිටියෙමි. මට ඔහුව ඕනෑය.

අවසානයේ ඔහු විරෝධය නතර කළේය. ඔහු මගේ කමිසය ගලවා දමා මා ඇඳට තල්ලු කළේය.

" මේ කෙනත් නම් කමකට නෑ....

ඔහු සිය කමිසය ඉවත් කරගෙන මා වෙත නැවෙමින් පැවසුවේය. මම ඔහුව වැළඳගෙන සිප ගත්තෙමි. ඔහුගේ දෙතොල් මගේ සිරුර මත තැවරෙද්දී එය යහන මත දියවෙන්නාක් මෙන් විය. මම තදින් හුස්ම ඇල්ලුවෙමි. මාස්ටර් මොරානා මා සමඟ රළු වූවේ නැත. ඔහු මා ඇල්ලුවේ පවා මෘදු ලෙසිනි. සිරුරේ බර අඩු වීම කොතරම් අයහපත් දැයි මට දැනෙන්නට වූවේ සිරුර උණුසුම් වීමත් සමඟ මට අධික වෙහෙසක් දැනෙන්නට වූ බැවිනි. මට හුස්ම අල්ලන්නට අපහසු විය.

ඔහු මගේ කළවා සහ පසුපස මිරිකුවේය.
" ඔයාගෙ කකුල් ලස්සනයි..." ඔහු මගේ සවන් ලෙව කමින් පැවසුවේය. "... I have a kink with thighs ! So I love yours..."

" take it easy bebe..." ඔහු මගේ දෙතොල් වෙත පැමිණෙමින් පැවසුවේය.
ඔහු සිය රත් වූ යගදාව මගේ ප්‍රාණවත් රසඟ මතින් තැබුවේය.

"අවුරුදු හයක් විතර යුනිවර්සිටි එකක ඉඳලත් ඔයාට එක කෙල්ලෙක්වත් ඉඳලා නැති එක ගැන මට පුදුමයි..." ඔහු එය ස්පර්ශ කරමින් පැවසුවේය. "...කෙල්ලො ඔයාට ලයින් දාද්දි ඔයා පොත් පාඩම් කර කර ඉන්න ඇති... නැත්තන් එයාලගෙ මූණු අමතක වෙන්න ඇති... මෝඩ කොල්ලා..."

ඔහු සිය රැවුලෙන් මගේ මුහුණ කිති කවමින් සෙමින් පැවසුවේය. මම සිනා සුනෙමි.

"... you have a nice di*k... what a waste..."

" ආව්..." මට කෑ

You are reading the story above: TeenFic.Net