58. කොටස

Background color
Font
Font size
Line height

57.

( size different is so crazy 🥲🥲)

=================================
මොරානා වේගයෙන් පඩිපෙල නැග්ගේය. මෙහෙරබ්ට ඒ ආගන්තුගයා අල්ලා ගන්නට හැකිවේද ?

එක පිම්මේ මහල් හතක පඩිපෙල් නැගි මොරානා නතර වී හති හැලුවේය. එහෙත් ඔහුට ගැහැණියව හෝ මෙහෙරබ්ව හෝ වෙනත් කිසිවෙකු හෝ මුණ නොගැසීම අසාමාන්‍ය විය.

මොරානා ඉක්මනින් කෙනත්ගේ නිවස වෙත ඇවිද ගියේය. දොරේ අඩක් විවර වී තිබෙන ආකාරය ඔහුට පෙනෙයි. දොරට අගුළු ලා නොයාම ගැන ඔහු තමාටම බැන ගත්තේය. කෙනත්...කෙනත් හොඳින් ද ?
මොරානා ඇතුළු දොර ඇරගෙන කෙනත්ගේ කාමරයට අඩියට දෙකට ගියේය. ඔහු සිටි ආකාරයටම සුවසේ නිදමින් සිටියේය. මොරානා සැනසුම් සුසුමක් හෙළුවේය.

" මෙහෙරබ් !! " ඔහුට හදිසියේම මතක් වූ අතර ආපසු දොරට අගුළු ලා පිටතට බැස්සේය.
මොරානා වටපිට බලමින් ගැහැණිය විසින් මෙහෙරබ්ට දමා ගැසූ පොදිය සෙව්වේය. එය කොරොඩෝවේ කොතැනකවත් තිබුනේ නැත.

ගැහැණිය ඉහළ මහලකට දුවගෙන යන්නට ඇත... නැතිනම් පහතට දුවගෙන විත් වෙනත් මහලකින් සෝපානයට නගින්නට ඇත. මොරානා පහතට එබී බැලුවේය. ආගන්තුග කිසිවෙකු පහත නොමැත.

ඔහු මෙහෙරබ්ට ඇමතුමක් ගත්තේය. දෙවරක් ගත්තද එයට පිළිතුරු ලැබුනේ නැත.
තෙවන වර ඇමතුමට ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ හඬ ඇසෙත්ම මොරානා කලබල වූවේය. ඔහු හති හලමින් සහ වේගයෙන් හුස්ම අල්ලමින් සිටියේය.

"...ල්...ලූනා...ලූනා...මන් මැරෙන්න යන්නෙ..." ඔහු සිටියේ හඬමිනි.

" ඔහොම ඉන්න මෙහෙරබ්... ඔයා කීවෙනි තට්ටුවේද ඉන්නෙ ?"

" ද්...දන් නෑ...මන්...මන් උඩ ඉන්නෙ... මන්...මන්..."

" ඕකේ... මම දැන් එනවා... ඔහොමම ඉන්න...ලයින් එකේ ඉන්න..."

මොරානා පඩිපෙළ දෙසට දුවගෙන ගොස් එකිනෙකට නගින්නට පටන් ගත්තේය.

" ඔයාට මොකක්ද සිද්ධ උන අනතුර ? මම එම්බියුලන්ස් එකකට කෝල් කරන්නද ? " එහා අන්තයෙන් නිහඬබවක් ඇතිව තිබුනි.
"...මෙහෙරබ් ?"

" ලේ...ලේ එනවා... ලේ එන්න හදනවා... මට බයයි..."

මොරානාගේ හිස වහලේ වැදුණු සෙයක් විය. ඔහු හති හලමින් පඩිපෙල නැග්ගේය. ගැහැණිය මෙතරම් ඉහළට නැග්ගාද ? ඔහු ගිලන් රථයකට ඇමතුමක් ගත්තේය. තත්වය කොතරම් දරුණුදැයි ඔහු දන්නේ නැත. මෙහෙරබ්ට කුමක් සිදු වුණාද ?

පඩිපෙළ ඉහළට යත්ම අන්ධකාරය වැඩි විය. දුරකතනයේ කුඩා විදුලි පන්දමෙන් එතරම් එළියක් විහිදුනේ නැත. මොරානා අත් වැට අල්ලාගත්තේ ඔහුගේ දෙපා රිදුම් දෙන්නට පටන් ගත් බැවිනි. ඔහුගේ හිස කැරකුණේය.

" ලූනා..." දුරකතනය තුළින් මෙහෙරබ් ගේ වෙව්ලන හඬ ඇදී ආවේය. "... මට ආපහු යන්න ඕන නෑ... මට බෑ...ඇයි..ඇයි හැමතිස්සෙම මෙහෙම වෙන්නෙ...අපිට පාඩුවේ ඉන්න බැරි ඇයි? "

මොරානා ඊට පිළිතුරු දෙන්නට දැන සිටියේ නැත.

"...මම ගියොත්...ආයත් ඔයාට මාව අමතක වෙයි... ලූනා...මාව බේරගන්න..."

" සංසුන් වෙන්න ටිකක්..." මොරානා පැවසුවේය. ඔහුගේ හිස රිදෙන්න්ටත් විකල් වූවාක් මෙන් දැනෙන්නටත් පටන් ගෙන තිබුනි. "...මන් මේ එනවා..."

ඔහු අපහසුවෙන් පඩියෙන් පඩියට පා තැබුවේය. ඔහුගේ පෙනුම බොඳ වෙමින් තිබුනේය. ඔහු නතර වී හති ඇරියේය. මේ කුළුණ කොතරම් උස ද ? මෙහෙරබ් සිටින්නේ කොතැනකද? ඔහු නිහඬ ඇයි ?

දොර පළු දෙකක් එකිනෙක හා ගැටෙමින් තිබුනේය. ඔහුට පෙනෙන අහස දම් පැහැති විය.
අඳුර අතරින් දිදුළන තරු රාශියක් ඔහුට පෙනුනේය. මොරානා සිය හිස හිස දෙපසට සෙලවූවේය. ඔහුගේ හිසකෙස් ශීතල සුළඟට ඇවිස්සී ගියේය. පොළව අඳුරුය... අහස ලා තරු එළියෙන් පිරී ගොස් තිබුනි. මෙතරම් ඉක්මනට අඳුර වැටුනාද ?

තමා ගොඩනැගිල්ල මුදුනේ සිටින බව ඔහුට වැටහුණි. ශීතල කොතෙක්ද යත් වෙහෙසට පත්ව සිටි ඔහුට හුස්ම ගන්නට පවා අපහසු විය.

" මෙහෙරබ්... මෙහෙරබ්..." මොරානා උස් හඬින් කෑ ගැසුවේය.

" ලූනා...මම පහල..."

මොරානා පොළවට විදුලි ආලෝකය එල්ල කර බැලූ අතර බිම වැතිර සිටින මෙහෙරබ්ව ඔහුට දිස් විය.

" මෙහෙරබ්... බය වෙන්න එපා... මම ඇම්බියුලන්ස් එකකට එන්න කිව්වා..." මොරානා අඩියට දෙකට ඔහු වෙතට ගමන් කොට ඔහු අසලින් හිඳ ගත්තේය.

දහදියෙන් වැසුණු මුහුණෙන් යුතු ව මෙහෙරබ් ,මොරානා දෙස බැලුවේය.
" ඔයා ආවනම් මට ඇති ලූනා... " ඔහු වෙව්ලමින් පැවසුවේය. "...ඇම්බියුලන්ස් මොකටද..."

" විකාර කියවන්න එපා මනුස්සයෝ... කොතනද තුවාල උනේ ? කොහොමද ? මොකක්ද ? "
මොරානා නොයිවසිල්ලෙන් ඇසුවේය. තමා කුමක් කළ යුතුද ?

" ආඃ !! " ලේන්සුවකින් ලේ එන ස්ථානය තද කර ලේ ගැලීම නතර කළ යුතුය ! එහෙත් ලේ ගලන ස්ථානයක් මොරානාට පෙනෙන්නේ නැත.

" මෙහෙරබ් ? ලේ එන්නෙ කොතනින් ද ? "
ඔහුගේ අත් ලෙයින් වැසී තිබෙන බව මොරානාට පෙනෙයි. ඔහු නොයිවසිල්ලෙන් මෙහෙරබ් ගේ ඇඳුම් ඈවිස්සුවේය.
.

" ආහ්හ්.... හහ් හහ් හහ්... ලූනා...මගේ ඇඳුම් ගලවන්න යන්න එපා... ඔයා මොනාද කරන්නෙ ?" මෙහෙරබ් උස් හඬින් සිනාසෙමින් ඇඹරෙමින් ඇසුවේය. " ...ආව්...ආව්...ආව්..." ඉන්පසු ඔහු වේදනාවෙන් කෑ ගැසුවේය.

" ආආආආආ...." ඔහුගේ කුස පෙදෙසට ඇමිණී තිබෙන කිරිච්චිය දුටු මොරානාට කෑ ගැසුනි. "...පිස්සු හු&තෙක්නෙ උබ... ! මෙච්චර දෙයක් වෙලා තියෙද්දි හිනා වෙන්න එපා... "

කිරිච්චිය තවමත් කුස තුළ තිබෙන නිසා ලේ නොගලන බව මොරානා වටහා ගත්තේය. ඔහු තවමත් පියවි සිහියෙන් සිටින සෙයකි.

" අර ගෑණිද ඔයාට තුවාල කළේ ?"
මොරානා අසද්දී මෙහෙරබ් නිහඬවම අහස දෙස බලාගෙන සිටියේය. ඔහුට ශීතල බව දුටු මොරානා සිය කබාය ගලවා ඔහු මතට දැමුවේය.

" ...හෙල්ලෙන්න එපා මෙහෙරබ්...ඉක්මනට හොස්පිට්ල් එකට යමු... " මොරානාගේ සිත ඔහු වෙනුවෙන් මෘදු වූවේය. ඔහු මෙහෙරබ් ව සිය උකුලට මතට ගත්තේය. ඔහු උත්සහ කළේ කෙනත්ට හානියක් වීම වළක්වන්නටය.
මෙහෙරබ් සිය නිල්වන් දෙනෙත් වලින් මොරානා දෙස බලා සිටියේය. ඔහුගේ ඇස් වලින් තරු පරාවර්තනය වන ආකාරය දුටු මොරානා හිස ඔසවා අහස දෙස බැලුවේය.

" ශීත ක්ෂීර පථයක්..." මෙහෙරබ් මිමිණුවේය. "...මෙතන්ට පේන්නෙ කළින්ම කළුවර වැටිලා ලයිට් එළි අඩු නිසා වෙන්න ඕන..."

" ඒක ලස්සනයි තමයි..." මොරානා පැවසුවේ යමක් කිව යුතු නිසා මිස සැබවින්ම එහි සුන්දරත්වය දුටු නිසා නොවේ. ඔහුට ඈතින් පැමිණෙන ගිලන් රථයේ හඬ ඇසෙයි.

මෙහෙරබ් තමා දෙස බලා සිටින බව වැටහුණු මොරානාට අපහසුවක් දැනුනි. ඔවුන් කිසියම් දිනක එක්ව සිටියානම්... එසේ සිටියානම් මෙය මෙහෙරබ්ට පැරණි මතක සිහිපත් කරන්නක් විය යුතුය. ඔවුන් අතර සම්බන්ධයක් තිබෙන්නට ඇතුවා නිසැක බව මොරානාට සිතුනි. මෙහෙරබ් ඔහුගේ ඇසට සහ ගතට ප්‍රිය තරුණයෙකි !! ඔහුට ඒ කිසිවක් මතක නැත්තේ ඇයි ?
මෙහෙරබ් අතක් ඔසවා මොරානාගේ මුහුණ ස්පර්ශ කරද්දී ඔහු උඩ වීසි වූවේය.

" මම මේ අපාට්මන්ට් එකේ ජීවත් උනා ඔයාට මතක නැද්ද ?"

මොරානා හිස සෙලෙව්වේය. " නැහැ... "

" අපි මෙතන ඉඳන් තරු බැලුවා ඔයාට මතක නැද්ද ? "

මොරානා ඔහුගේ උරහිසකට තට්ටු කරමින් ඔහුව සැනසුවේය. " ඉක්මනට ඔයාට උදව් ලැබෙයි ! ඔහොම ඉන්න පොඩි වෙලාවක්..."

මෙහෙරබ් තුවාලය එක් අතකින් තද කරගෙන හඬන්නට වූවේය.

" මේව මම හදලා කියන දේවල් නෙමෙයි... ඔයා මාව බලන්නත් නිතරම මෙහේ ආවා... ඔයා තමයි මට මුලින්ම ටෙලස්කෝප් එකක් අරන් දුන්නෙ... අපි දෙන්නා ඒක මෙතන්ට ගෙනල්ලා අහස බැලුවා... හඳ තරු බැළුවා... ඔයාට මතක නෑ...ඔයාට මතක නෑ..."

" ඕකේ ඕකේ... මට මතකයි....මට මතකයි...අඬන්න එපා...කරුණාකරලා..." මොරානා බොරුවක් කීවේය.

ගිලන් රථය පැමිණි බව ඔහුට ඇසුණු අතර ඔහුගේ දුරකතනය නාද විය. ඔහු ඔවුන් වහලය මත සිටින බවට දැනුම් දුන්නේය.

" ඔයා... මන් වෙනුවෙන්...ස්පේස්...කලෙක්ෂන් එකක් රිලීස් කලා... හරියට...දැන් වගේ...තරු...හඳ...ඉර..."

" ඇත්ත ඇත්ත... මට මතකයි..." මොරානා පැවසුවේය.

" ඇත්තටම ? " මෙහෙරබ් ඇසුවේය. ඔහුගේ මුහුණ වේදනාවෙන් සුදුමැළි වෙමින් විකල් වෙමින් ඇති ආකාරය මොරානාට පෙනුනි.
"...ලූනා...තාමත් මට ආදරෙයිද ?" ඔහු දත් මිටි කමින් ඇසුවේය.

" අපි ඔය ගැන පස්සෙ කතා කරමු... මෙහෙරබ්..." මොරානා ඒ ප්‍රශ්නය මගහැරියේය.
ඔහුව සැනසීමට පත් කරමින් උපකාරක කණ්ඩායම එතැනට දිව ආවෝය. ඔවුහු මොරානා අතින් මෙහෙරබ් ව රැගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදෙන්නට උත්සුක වූවෝය.
මෙහෙරබ් දිගටම මොරානාගේ අතින් අල්ලාගෙන සිටියේය.

" මාත් එක්ක එනවා නේද ?" ඔහු කිහිප වරක්ම ඇසුවේය. මොරානා හිස සෙලෙව්වේය.

" මන් කෝට් එක ඇඳගෙන එන්නම් හොඳේ..." ඔහුව සෝපානයට ගෙන යද්දී මොරානා ඔහුගේ අත අත් හරිමින් පැවසුවේය. එසේ නොකරන ලෙස පවසමින් ඔහු හැඬුවේය.

මෙතරම් දෙයක් සිදුව තිබෙද්දී කෙනත්ව නිකන්ම නිවසේ දමා ඔහුට යන්නට නොහැක. ඒ ගැහැණිය හෝ මිනිසා හෝ කළු ඇඳුමකින් සැරසුණු ඒ පුද්ගලයා පැමිණියේ කෙනත්ට අනතුරක් කරන්නද ? නැතිනම් තමාව සොයාගෙනද ? මෙහෙරබ් මේ තරම් වේලාවක් නිවාස සංකීර්ණයේ සිටියේ ඇයි ? ඔහුට පිටව යන්නට තිබුනා නොවේද ?
මෙහෙරබ් ට පිහි ඇණුම සිදු කළේ ඇයි ? ඒ පළා යාමේ උවමනාවද ?නැතිනම් පලි ගැනීමකටද ? මෙහෙරබ් මෙහි ජීවත් වූවාද ? ඔවුන් අහස නැරඹුවාද ?!

මොරානා කෙනෙත්ගේ නිවසේ දොර ඇරියේ මේ සියල්ල සිත් හි තබාගෙනය.

දොර විවර වෙත්ම අඳුරේ සිට පැමිණි කිසිවෙකු දුව විත් ඔහුව බදා ගනිද්දී මොරානා උඩ වීසි වූවේය.

==============================================

" මාස්ටර් මොරානා, එළියෙ මොනාද වෙන්නෙ ? පොලිසියෙන් ඇවිල්ලා තියෙන්නෙ ඇයි ? " මම ඇසුවේ මගේ හඬේ වූ කැළඹීම සඟවා ගනිමිනි. සයිරන් හඬට අවදි වූ මම භීතියට පත් වූවේ මාස්ටර් මොරානා නිවස තුළ නොවූ බව දැකීමෙනි. විදුලි ආලෝකයක් දැල්වීමට පවා මට සිත දුන්නේ නැත.

" කෙනත් ! " ඔහු සෙමින් මගේ හිස අත ගාමින් කතා කළේය. ඉන්පසුව මගේ ඇස් මට්ටම්ට එනතුරු නැවුනේය.

" ඉක්මනට ඇඳුමක් දාගෙන ලෑස්ති වෙන්න පොඩි ගමනක් යන්න...මම යන ගමන් කියන්නම්..."

මට ඔහුගේ මුහුණ දකින්නට ඕනෑය. මම මදක් ඉදිරියට නැවී විදුලි පහන දැල්වූවෙමි.

" ආ...." මගේ කෑ ගැසීම ගිලී ගියේ ඔහු මා සිපගත් බැවිනි. ඔහුගේ මුහුණේ සහ ඇඳුම් වල ලේ පැල්ලම් තිබෙන ආකාරය මම දුටුවෙමි.

" ඔයාට තුවාලයිද ? " ඔහුගෙන් මුව මුදවාගත් මම කෑ ගැසුවෙමි.

" නෑ නෑ... මගේ ලේ නෙමෙයි... හොඳ ළමයා වගේ ඇඳුමක් ඇඳගෙන කැබ් එකකට කතා කරන්න. මට ඩ්‍රයිව් කරන්න බෑ දැන්..."

ඔහු දෙවරක් කියන මානසික මට්ටමක නොසිටි නිසා මම ඉක්මනින් කාමරයට ඇවිදගෙන ගොස් ඇඳුමක් ඇඳගත්තෙමි.
" උණුසුමට ඇඳගන්න..." ඔහු නාන කාමරයේ සිටිමින් පැවසුවේය.

කුලී රියක් ඇණවුම් කළ මම ඇඳෙන් හිඳගෙන ඔහු පැමිණෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියෙමි. ඔහු ඉක්මනින් සූදානම් වූවේය.

මෝටර් රථයට ගොඩ වූවත් ඔහු මා සමඟ කතා කළේ නැත. ඔහු කිසිවෙකුට හෝ ඇමතුමක් ගෙන " කෝඩ් වයිට් " ලෙස පැවසුවේය. ඉන්පසුව නළල මිරිකාගෙන අසුනේ පසුපසට හේත්තු වී ඇස් පියාගෙන සිටියේය.

මම ඔහුගේ අතින් අල්ලා ගත්තෙමි. මද වේලාවක් එලෙසම සිටි ඔහු දීර්ඝ සුසුමක් හෙළා මගේ අත ගෙන සිප ගත්තේය.

" ඔයාට කොහොමද ? අමාරු නෑ නේද ? "
ඔහු සිය අත මගේ ඉණ වෙත ගෙන එමින් ඇසුවේය. මගේ මුහුණ රත් වී රතු වන ආකාරය මට දැනුනි.

" නෑ නෑ..." මම ඉක්මනින් පැවසුවෙමි. "... මතක් කරන්න එපා ඒ ගැන...මට ලැජ්ජයි..." මම සැබෑවටම පැවසූවෙමි. ඒ මොහොතේදී එය වින්දනයක් වුවත් පසුව කල්පනා කරන විට....
" ...ආආආ...."

ඔහු හොරෙකු මෙන් සිනාසුනේය. " ඔයා හැමතිස්සෙම මගේ කරදර අමතක කරවනවා..." ඔහු පැවසුවේය. "...මගේ හොඳ කොල්ලා...මට තව පොඩි වෙලාවක් දෙන්න. මම විස්තර කියන්නම්... එතකම් මාත් එක්ක නිකන් ඉන්න ඔහොම..."

මම හිස සොලවා ඔහුගේ බාහුවට හිස තබා ගත්තෙමි. සයිරන් නළා හඬ සමඟ ඔහුගේ ලෙයින් වැකුණු ස්වභාවය සිහිපත් වීමෙන් මගේ ඇඟේ හිරිගඩු පිපුනේය. මට නින්ද ගිය ස්වල්ප මොහොතට සිදු වූවේ කුමක් ද ?

කැබ් රිය රෝහලක් ඉදිරියේ නතර වූ අතර එය මා නතර වී ප්‍රතිකාර ගත් රෝහල බව මට මතක තිබුනි. රෝහලේ සිටින්නේ කවරෙක්ද ? මම ටැක්සි රියදුරාට ගෙවමින් සිතුවෙමි.

රෝහලේ මිදුල පුරාම කළු පැහැති SUV රථ නවතා ඇති ආකාරයත්, ගිණි අවි ගත් ආරක්ෂකයිනුත් දුටු මට කිසියම් බැරෑරුම් දෙයක් සිදුව ඇති බව වැටහුනේය. මම මොරානාගේ අතක් තද කර අල්ලා ගත්තෙමි. ඔහු මා දෙස බලා සිනාසුනේය. " බය වෙන්න එපා කෙනත්... ඔයාට මේ ගැන කරන්න දෙයක් නෑ..."

" කවුද හොස්පිට්ල් එකේ ඉන්නෙ ? "

" මෙහෙරබ්..."

ඔහු පවසන විට මගේ බඩ පපුව දැවී ගියේය. මාස්ටර් මොරානාගේ ඇඟේ ඔහුගේ ලේ තැවරී තිබුනේ කෙසේද ?

"...එයාට කවුරු හරි පිහියකින් ඇනලා... ඔයාගෙ අපාට්මන්ට් බිල්ඩින් එකේදි ! "

මම භිරාන්ත වූවෙමි.

" මොකක් ? "

මාස්ටර් මොරානා මට සිදුවූ දෙය පවසන විට මගේ දෙපා පණ නැතිවීගෙන යන ආකාරය දැනුනි.

මගේ නිවසට ඇතුළු වන්නට ගිය හොරෙක් මෙහෙරබ් ට පිහියෙන් ඇන්නාද ?!

" මාස්ටර්..." මම ඔහුගේ ඇඟේ එල්ලෙමින් කෙඳිරි ගෑවෙමි. "...එයා මැරෙයිද ? "

" නෑ නෑ...එයාට හොඳට සිහිය තිබුනා. මන් හිතන්නෙ එච්චර ගැඹුරට ඇනිලා නෑ...නැත්තන් මරණීය තැනකට වැදිල නෑ..."

එයින් මගේ සිත සැනසුනේ නැත. රෝහලේ කොරිඩෝ වල ආරක්ෂකයන් සිටිනා ආකාරය දැකීම මා කලබලයටත් භීතියටත් පත් කළේය. මගේ දණහිස් ඇතුළෙන් වෙව්ලමින් තිබුනි.

" මගේ ගෙදරට හොරෙක් පනින්නෙ ඇයි ?" මම මගෙන්ම විමසා ගත්තෙමි. අපි සැත්කම් කාමරයේ පිටත වූ කුඩා කාමරයේ හිඳ ගත්තෙමු. මාස්ටර් මොරානා කකුලක් සොලවමින් සිටියේ නොයිවසිල්ල හඟවමිනි. මම ඔහුගේ අත අල්ලාගෙන සිටියෙමි. එය ශීතලව දහදියෙන් වැසී තිබුනේය. මම ඔහුගේ බාහුවට හේත්තු වී අතේ වූ මුදුව කරකවමින් සෙල්ලම් කලෙමි. ඔහුගේ අතේ නාඩි නොසන්සුන්ව ගැහෙන ආකාරය මට දැනුනි.

" මාස්ටර්..." මම ඔහුට කතා කළෙමි.

" යස් බනී..."

" බය වෙන්න එපා..." මම පැවසුවේ ඔහුව සනසන අටියෙනි. "...මම ඉන්නවනෙ..."

ඔහු පහතට නැවී මගේ දෙතොල් සිපගත්තේය. ඔහු ද මා මෙන්ම කම්පනයෙන් සහ භීතියෙන් සිටින වග මට වැටහෙයි ! අපි බොහෝ දිගු වේලාවක් සිප ගත්තෙමු.

" මට බඩගිනියි... " කිසියම් සහනයක් දැනුණු නිසා මම ඔහුගේ පපුවේ දැවටෙමින් මිමිණුවෙමි. "...මම අර මැෂින් එකෙන් මොනා හරි අරන් එන්නම්..."

රැඳී සිටීමේ කාමරයේ වෙන්ඩින් මැෂින් කිහිපයක් සහ කෝපි සහ තේ සකස් කරන යන්ත්‍ර දෙකක් තිබුනි.ඔහුගේ මානසිකත්වය යහපත් කිරීමේ අරමුණින් මම චොක්ලට් බාර් එකක් සහ තේ බඳුනක් සැකසුවෙමි. මාස්ටර් මොරානා නිහඬව චොක්ලට් කැබැල්ලක් සැපුවේය.

මම තේ ස්වල්පයක් පානය කළෙමි. මට යළිත් ඔහුව සිප ගන්නට ඕනෑය. එහෙත් මේ රෝහලකි. මෙහෙරබ් නැමති කරදරකාරයාට කිසිවෙකු හෝ පිහියෙන් ඇණ ඇත ! මගේ නිවස අසලදී !

" ඔයා නිදාගත්තට පස්සෙ මම ගියා අර බේකරියෙ ඔයාගෙ යාළුවාව හම්බ වෙන්න... ස්පිරෝ..."

" ආ..." ඔහු එය කරන බව මම දැන සිටියෙමි !

" මම දැනගෙන හිටියෙ නෑ ඔයා කාලයක් යාචක වාඩියක හිටිය කියල..."

මම අපහසුවෙන් සිනා සුනෙමි. ඒ ගැන මට ඔහුට පවසන්නට ඕනෑ වූවේ නැත. "...පොඩි කාලයක්..."

" ඔයා ඒක මගෙන් හංඟන්න ඕන නෑ... ඔයා යාචක වාඩියකින් නතර උනා...මන් නතර උනේ ගණිකා මඩමකින්... "
ඔහු සැහැල්ලුවෙන් සිනා සුනේය. මම බිම බලාගත්තෙමි.

" මෙහෙරබ් කියන්නෙ කාටද ? " මම ඇසුවෙමි.

මාස්ටර් මොරානා තේ බඳුනෙන් මදක් පානය කළේය.
" එයා පවුලෙ කෙනෙක්... එයා වැඩිමහල්ලට 'පපා' කියනවා... " ඔහු පැවසුවේය.

" එයා ඇයි ඉතින් ඔයාගෙ ඇඟේ එල්ලිලා ඉන්නෙ ? " මම සෘජුවම ඇසුවෙමි.

ඔහු සුසුමක් හෙළුවේය.
" එයා උත්සහ කරනව මට කිට්ටු වෙන්න... එයා කරන්න හදන සෙල්ලම මම මීට කලින් කවදාවත් දැකලා නෑ... මම එයාට ඒක සෙල්ලම් කරගෙන යන්න ඉඩ දෙනවද නැද්ද කියන එක ගැනයි මම මේ හිතන්නෙ ! "

මම ඔහුගේ බාහුවකට හේත්තු වී තේ බිව්වෙමි.

" කෙනත්... ඔයාගෙ ගෙදරට ඒ කලු ඇඳගෙන හිටපු මනුස්සයා හරි ගෑණි හරි ඇතුළ් වෙන්නයි හැදුවෙ..." ඔහු පැවසුවේය. "...මම අගුල් දාලා ගියෙත් නෑ මගේ පුරුද්ද නිසා...මගේ අපාට්මන්ට් එකේ දොර නිකන් ඇද්ද ගමන් වැහෙනව... මෙහෙරබ් ආවෙ නැත්තන් ඔයාට අනතුරක් කරන්න ඒ ආව කෙනාට හොඳටම ඉඩ තිබුනා..."

ඔහු පවසන්නේ එක් දිනක් ගෝලියාත් විසින් මගේ නිවස දෙස බලාසිටින බව පැවසූ ගැහැණිය ද ?
ඒ මහළු ගැහැණියක් බව මගේ මතකයේ ඇත. ඇයට මෙහෙරබ් වැනි හොඳින් වැඩුණු තරුණයෙක්ට පිහියකින් ඇන පලා යන්නට හැකිද ? ඇය මගේ නිවස වෙත කඩා පනින්නට හැදුවේ මන්ද ?

" අපාට්මන්ට් එකේ කොතනවත් සීසීටීවී නැහැ... " මට සිහිපත් විය.

" ඔයා මගේ අපාට්මන්ට් එකට එන්න... තනියම ඔතන ඉන්න එක මගේ හිතට අවුල්..."

මම යමක් පවසන්නට උත්සාහ කරද්දීම දොර මහ හඬින් විවර වූවේය. ඒ තුළින් ඇතුළට පැමිණියේ ආරක්ෂකයන් කිහිපදෙනෙකි. මාස්ටර් මොරානා නැගිටගත් අතර ඔහු විදුලි වේගයෙන් මා ඔහුගේ පසුපසට කරගත්තේය. මගේ අතේ තිබූ තේ බඳුන ඉහිරී ගියේය.

" මොන මගුලක්ද මේ ? " මාස්ටර් මොරානා උස් හඬින් ඇසුවේය. එහෙත් ඔහුව පසෙකට ඇද දැමූ අතර මට සිතාගැනීමට හෝ ඉඩක් නොතබා එක් අයෙක් මා අල්ලා ගත්තේය.
මම හැකි වෙර යොදා ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කරමින් දැඟළුවෙමි. මට ඔහුගේ අතක් හසු වූ අතර මම එය හැපුවෙමි. ඔහු උස් හඬින් කෑ ගැසුවත් මා අතහැරියේ නැත. ඒ වෙනුවට ඔහු මා අසුනක් වෙත තල්ලු කළේය. මම එය පෙරලාගෙන බිම ඇදගෙන වැටුනෙමි. පොරබඳිමින් නැගිටගත් මම මාස්ටර් මොරානා වෙත යන්නට උත්සාහ කළෙමි. එහෙත් යළිත් මා අල්ලාගත් විශාල ආරක්ෂකයා මා මුහුණ් පහතට සිටින සේ බිත්තියකට තබා තද කළේය.

" කෙනත්, දඟලන එක නවත්තන්න... ඔයාට අනතුරක් වෙයි..." මාස්ටර් මොරානා කෑ ගැසූ අතර මම එයින් නිසල වූවෙමි. මගේ දෙපා පොළවේ නොගෑවුණු අතර ආරක්ෂකයා මගේ දෑත් පසුපසට කර අඹරාගෙන අල්ලාගෙන සිටියේය.

" ...කෙනත්... කලබල වෙන්න එපා..." මාස්ටර් මොරානා පැවසූ අතර මම නිසල වූවෙමි. මට හදිසියේම වැසිකිළියට යාමට ඕනෑකමක් දැනුනේය. මගේ ඇස් වලට කඳුළු උනාගෙන ආවේය.

"...ඔක්කොම හරියයි කෙනත්... " මාස්ටර් මොරානා පැවසුවේය.

ඊළඟ මොහොතේ කාමරයට වැඩිමහල්ලා පැමිණියේය. ඔහුගේ සැරයටිය තදින් බිම ගැටුණු අතර ඔහු මාස්ටර් මොරානා වෙත ගමන් කරද්දී ඔහු ඇකිළී යන ආකාරය මම දුටුවෙමි. වැඩිමහල්ලා පසුපස පැමිණි ටට්‍යානා ආර්යාව මා වෙත සමච්චල් සහගත බැල්මක් හෙළා ඉවත බලාගත්තාය.

මාස්ටර් මොරානා ඔහු දෙස කෙළින් බැලුවේ හෝ නැත.

" මන් දිහා බලනව ලූනා !! " මහල්ලා උස් හඬින් කෑ ගැසුවේය. මාස්ටර් මොරානා ඔහු දෙස බැලුවේය.

"...තමුසෙ කොහෙද හිටියෙ තමුසෙගෙ සහෝදරයට එහෙම දෙයක් වෙනකම් ? "
වැඩිමහල්ලා ගිගිරූ අතර මාස්ටර් මොරානා නිහඬවම සිටියේය.

"...උඹ එයාව බලාගන්නෙ ඔහොමද ? "

" පපා... එයා වැඩිහිටි මනුස්සයෙක්...බබෙක් නෙමෙයි මට බලාගන්න... " මාස්ටර් මොරානා සංසුන් ලෙස පැවසුවේය.

" එයා එතන්ට ආවෙ උඹව හම්බ වෙන්න නෙමෙයිද ? "

" මට එයා ගැන වගකීමක් නෑ..."

"...චටාස්..." මම උඩ වීසි වූවෙමි. වැඩිමහල්ලා මාස්ටර් මොරානා ගේ කම්මුළකට අතුල් පහරක් දුන් බව මට වැටහුණේ මොහොතකට පසුවය. මම කෝපයෙන් වෙව්ලා ගියෙමි.
සිදුවීමෙන් විනෝදයට පත් වූ ටට්‍යානා ආර්යාව උස් හඬින් සිනාසෙන්නට වූවේ උන්මත්තකයෙකු මෙනි.

ඉන්පසු වැඩිමහල්ලා මා වෙත හැරුණේය.

ආරක්ෂකයා මා බිත්තියෙන් ඉවත් කොට ඉදිරියට හැරවූවේය. මම මහල්ලාගේ අළුවන් අප්‍රසන්න දෑස් දෙස බලා සිටියෙමි.

" උඹ..." ඔහු මට යමක් කියන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ මුවට වචන පැමිණියේ නැතුවාක් මෙනි.
මගේ සිත තුළ වූ භීතිය යටපත් කරගෙන කෝපය නැගී එමින් තිබුනේය. එහෙයින් ඔහුගේ මීදුම වැනි පිළිකුල් සහගත දෙනෙත් දෙස බලාසිටින්නට මට පහසු නොවීය. මම ඔහුට ගිණි තබන ආකාරයක් සිතමින් සිටියෙමි.

" එයාට පාඩුවේ ඉන්න දෙන්න පපා... ඔයා අපිට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න ඕන..." මාස්ටර් මොරානා සිහින් ලෙස මිමිණුවේය.
වැඩිමහල්ලා ඔහු දෙස බැලුවේය.

" අපි ? " ඔහු උස් හඬින් එය ඇසුවේය.

ඔහු මා දෙස බැලූ අතර මම තිගැස්සුනෙමි.
" ...අපි කියල දේවලුත් දැන් තියනවද ලූනා ? උඹේ හැසිරීම ගැන මට දැන් කිසිම පැහැදීමක් නෑ... උඹ වැඩ කරන්නෙ දැන් කාට ඕන විදිහටද ?"

වැඩිමහල්ලා මා වෙත සිය සැරයටිය දිගු කළේය. එහි බිම වදින කොටස කුරුල්ලෙකුගේ පහුරක් මෙන් නිමවා තිබෙන ආකාරය මට පෙනුනි. එය මගේ පපුව මත විය. මාස්ටර් මොරානා තමාව අල්ලාගෙන සිටි ආරක්ෂකයා තල්ලු කර දමා මා වෙත පැමිණෙන ආකාරය මට පෙනුනි.

" මෙහෙරබ් ට මේකෙන් මැරුණොත් උඹට සිද්ධ වෙනවා ඌ කරගෙන ගිය වැඩ සේරම කරන්න... තේරෙනවද උඹට ? "

මගේ බඩ දැඟළුවේය. මට වමනයට ආවේය.
ඔහු මගේ පපුවේ ඇනෙන ලෙස සැරයටිය තද කළ අතර මාස්ටර් මොරානා එය ඉවත් කළේය.

"පපා... " ඔහුගේ හඬ යැදීමක් මෙන් විය.මට එය එසේ අසන්නට ඕනෑ නැත. ඔහු යදින්නට ඕනෑ නැත. යමක් සිදු වූ අතර එයට ඔහු හෝ මම හෝ වගකිව යුතු නැත. මට කෙළ ගසන්නට සිතෙයි !

" උඹ මතක තියාගනින් උඹ කවුද කොතනින්ද ආවෙ කියන එක ! " ඔහු පැවසුවේය.
"...උඹල දෙන්නම..." එය පැවසුවේ මාස්ටර් මොරානා දෙස බලමිනි.

ඉන්පසුව ඔහු පිටව ගිය අතර ආරක්ෂක සේනාවද ඔහු පසුපස ඇදී ගියේය. මම මාස්ටර් මොරානා ව වැළඳගත්තෙමි. මට හඬන්නට ඕනෑය. එහෙත් මෙය මට පමණක් සිදුවූ විපතක් නොවේ. ඔහුට කරදර කරන්නට මට සිතෙන්නේ නැත. ඔහු නිහඬවම මා වැළඳගෙන සිටියේය.

" ඔපරේශන් එක ඉවරයි... එයාට අවුලක් නෑ..."

ටට්‍යානා ආර්යාව ද කාමරය තුළ සිටින බව මට වැටහුණේ ඇගේ කටහඬ ඇසෙද්දීය. මම හිස ඔසවා ඇය දෙස බැලුවෙමි. මගේ දෙනෙත් වල වූ කඳුළු කම්මුළ් මතට කඩාගෙන වැටුණි.

" ...ඔයා බය වෙන්න එපා...පපාට හොඳටම තරහ ගිහින් හිටිය නිසා ඔයාට කෑ ගැහුවෙ...නැත්තන් මට හරි මොරානට හරි බැනලා ඉවරයක් කරල දානවා..."

මම ඈ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. ඇය කාරුණික වීමට උත්සාහ කරනවාද ?

" ජීසස් ක්‍රයිස්ට් මොරානා... ඔයා මේ අහිංසකයෙක්ව මේවට ඇදගෙන මොනාද කරන්නෙ ? " ඇය මගේ මුහුණ සිය දෑත් වලින් අල්ලා පිස දමමින් ඇසුවාය.

මම ඇගෙන් ඈත්වී මාස්ටර් මොරානා ගේ ඇඟේ එල්ලුනෙමි.

" ඔයාලා දෙන්නා රිලැක්ස් වෙන්න... වික්ටර් ළඟට යනවා..."
ඇය පිටව ගිය පසු මට හැඬුනි.

" බනී...මට සමාවෙන්න හොඳේ... මට සමාවෙන්න ඔයාට මෙහෙම දෙයක් සිද්ධ උනාට...

මම කවදාවත් ඔයාට එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ... සත්තයි..."

මම හිස සෙලෙව්වෙමි.

" අපි යමු යන්ඩ..." ඔහු මගේ මුහුණ පිස දමා අතින් අල්ලාගෙන පිටතට පැමිණියේය.

ටට්‍යානා හිඳ සිටි තැනින් නැගිට අප වෙත පැමිණියාය. ඇගේ වෙහෙසකර පෙනුමකින් යුතු සැමියා මාස්ටර් මොරානා දෙස කණස්සල්ලෙන් මෙන් බැලුවේය.

" ඇතුළට යන්න පුලුවන් ඕනනම්..." ඇය පැවසුවාය. "...එයාට කිසිම අවුලක් නැහැ පපා නැට්ට පාගගත්තට... " ඇය පැවසුවේ අමනාපයෙනි.

" මම කෙනත්ව ගෙදර එක්කගෙන යනවා..." මාස්ටර් මොරානා පැවසුවේය. "...මෙතන්ට එයාව එක්කගෙන ආව එකම මන් කරපු ලොකු වැරැද්දක්..."

" වික්ටර්... මන් මොරානව කාර් එකට ඇරලවන්න යනවා..." ඇය උස් හඬින් පැවසුවාය.

ඇය අප සමග පැමිණියාය.

" ඔයා SUV එකක යන්න මොරානා..." ඇය පැවසුවාය.

" මන් දන්නව... මට උගන්වන්න එන්න එපා... " මාස්ටර් මොරානා කෑ ගැසුවේය. "...ඔයාට මොනාද ඕන ? "

ටට්‍යානා ආර්යාව නිහඬව සිටියාය. ඇය කතා කළේ රෝහල් ගොඩනැගිල්ලෙන් මදක් ඈතට ඇවිද ගිය පසුවය.

" ඔයාගෙ කිරිච්චිය කෝ ? " ඇය ඇසුවාය.

" මට මතක විදිහට ඒක වතුයායෙ සේප්පුවේ ඇත්තෙ... ඇයි ? "

" ඔයා මගේ කිරිච්චිය අරන් ගියා නේද ? ඒක කෝ ?" මාස්ටර් මොරානා කල්පනා කරන ආකාරයක් පෙනෙන්නට තිබුනි. මම ඔවුන්ට ඇහුන්කන් දුන්නේ කිසිවක් වටහා ගත නොහැකි ලෙසිනි.

" මට මතක හැටියට මම ඒක ආපහු ඔයාට යැව්වා... "

" හොඳයි... මට ආපහු ඒක හම්බ උනේ නෑ..."

" මොකක් ? මම

You are reading the story above: TeenFic.Net