42. මල් පිපෙන බිම

Background color
Font
Font size
Line height

Warning - disturbing, Mature language ,21+,prost.itution,adul.tery ,su.iside .... all sorts of sh.its are going on. 🙏😭 ( I am sorry. But this is my friking story 😭)

=================================
(වසර 31කට පෙර)

සොනොෆෝක් හිදී ලූනාගේ ජීවිතය වෙනත් මාවතකට හැරුණි. ඔහු මදින් මද ඊට අනුගත වූවේය. ජේඩ් විසින් ඔහුව එන්සෝ සමඟ උසස් විද්‍යාලයකට යවන ලදී. ලූනා දෙවරක් නොසිතා මැහුම් සහ අත් වැඩත්, උද්භිත විද්‍යාවත් ප්‍රධාන විශයන් ලෙස තෝරා ගත්තේය. ඔහුට මුලදී අනෙක් සිසුන් සමග කරට කර යාම අපහසු වුවත් ප්‍රායෝගිකව ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු හා තරග කළ හැකි කිසිවෙකුත් විද්‍යාලයේ සිටියේ නැත. ඔහු ඉතා ප්‍රසන්න සහ කඩවසම් තරුණයෙකු ලෙස සිය අළු ගසා දමා සිටි නිසා බොහෝ දෙනෙකුට ඔහුව ප්‍රිය ජනක විය. ගිම්හානය උදා වෙද්දී ඔහුට යළිත් ගම්මානයට යාමට සහ පියාව දකින්නට අවස්ථාව ලැබුනි. ඔහු සිය පුත්‍රයා ගැන ආඩම්බර වූ අතර තමා ඔහුව ජේඩ් සමඟ නතර කර ඒම ගැන සතුටු වූවේය.

ලූනා ගම්මානයේ මල් පිපෙන භූමියක නිදා සිටි පෙප්පේ අසලින්ම සිය මවගේ භෂ්මාවශේෂ තැම්පත් කළේය. ඔහුත් යම් දිනක එතැනම වැළලෙන බව ඔහු සිතුවේය. ඔවුන් දැන් එකිනෙකා හමුවී ඇති බව ඔහු දැන සිටියේය.

ගිම්හාන නිවාඩුව ඇරඹුණු පසු ඔහුට නිතරම එන්සෝ ගාබ්‍රියෙල් ව හමු විය. ඔහු සිය සොහොයුරා සමඟ එකම කාමරයේ ජීවත් වීම ගැන ලූනාට ගැටළුවක් තිබුනි. ඔහු ඒ ගැන විමසීම දවසින් දවස ප්‍රමාධ කළේ ඔහුට එන්සෝගේ මිත්‍රත්වයත්, ජේඩ් ගේ සහෝදරකමත් කුතුහලයට වඩා වටිනා දේවල් වූ බැවිනි.

ජේඩ් දැන් ඔහුට පහර දෙන්නේ නැත. ඔහු තරමක් මානුෂීයව ඔහුට සළකයි.

අනෙක් අතට ඔහු එන්සෝට කැමතිය. ඔහු විනෝදජනකය. ලස්සනය. තමා නිර්මාණය කරන විලාසිතා හොඳින් ඔහුට කැපෙයි.

එසේම ඔහු අලුත් අලුත් දේවල් ලූනාට හඳුන්වා දෙයි. උදාහරණයක් ලෙස ගතහොත් එන්සෝ ඔහුව " නූර්ති" නැමති සන්දර්ශනයක් බැලීමට කැඳවාගෙන ගියේය. එය රඟ දැක්වූවේ
" ඉන්දියාව " නැමති ඈත පෙරදිග රටක සිට පැමිණි කුඩා මිනිසුන් පිරිසක් විසිනි. ඔවුන් අතර සිටි " දේවී" නැමති අලංකාර ගායන විලාසයක් තිබූ මිනිසා ඔහුගේ ප්‍රියතම අංගය විය. ඔහු පිරිමියෙකු බව කියන්නට නොහැකි වූ අතර ඔහු ඇඳගෙන සිටි " සාරිය" නැමති චමත්කාරජනක ඇඳුමත් , අලංකාර ආභරණත් ලූනාගේ සිත මන්මත් කළේය. එබඳු ඇඳුමක් සැකසෙන ආකාරය බලන්නටත්, ඉගනගන්නටත් ඔහුට ඇවැසි විය.
මන්දිරයට පැමිණි ඔහු ඉන්දියාව සිතියමකින් සොයා බැලූ අතර කවදා හෝ එහි යන්නට එන්සෝ සමඟ සැලසුම් කළේය.

එසේම ඔහු තමාගේ සොහොයුරාව එක්තරා ආකාරයකින් හසුරුවන බව ලූනාට පෙනෙන්නට තිබුනි. ජේඩ් ඇත්තවශයෙන්ම සවන් දුන් එකම පුද්ගලයා එන්සෝ ගාබ්‍රියෙල් විය. එන්සෝ ගේ පෙනුම මෙන්ම වැඩ පිළිවෙලත් මායාවක් ලෙස ලූනාට පෙනුනි. ජේඩ් තමාට මානුශීයයි ලෙස සලකන්නේ එන්සෝ ඒ ආකාරයෙන් ඔහුට පවසන නිසා බව ලූනාට සෑම විටකම දැනුනේය.

ඔවුන් ගිම්හාන සාද රාශියකට එකට සහභාගී වූවෝය. ඔහුට ඒ සාද වෙනත් ලෝකයක ඇති බව දැනුනි. ලූනා දැන සිටියේ ගුවන් ප්‍රහාර එල්ල වන, සාමාන්‍ය ජනයා සහ සෙබළුන් දිනපතා මිය යන ලෝකයකි. එබඳු ලෝකයක හමුදා නායකයන් සහ දේශපාලනිකයන් ද රාජකීයයන් සහ වංශවතුන්ද සිසිල් සෙවණැති තුරු විමන් යට ශීත කළ ලෙමන් තේ සහ කුඩා කප් කේක් වල රස බලන්නේ කෙසේදැයි ලූනා සිතුවේය.

පෙප්පේ මෙබඳු ලෝකයක් ගැන දැන සිටියේ නැත ! නියම පිරිමින් යුද්ධයට යන ලෝකයක් ගැන පමණකි ඔහු දැන සිටියේ...

ලෝකය මෙබඳු යැයි දැන සිටියා නම් පෙප්පේ කිසිදිනක යුධ පෙරමුණට නොයනු ඇත ! අම්මා ඔහු මළ ශෝකයෙන්ම මිය නොයනු ඇත... ඔවුන්ගේ ගම්මානය විනාශ නොවනු ඇත... ඔවුන්ගේ පවුල වෙන් නොවනු ඇත ! ඔහු මෙසේ ජීවත් නොවනු ඇත.

සාද අවසන්ව මන්දිරයට පැමිණෙන ලූනා සෑම දිනකම ඇඳට වැටී හොරෙන් කඳුළු සැළුවේය. යුද්ධය අතරතුර යුධ නායකයෝ ගණිකාවන් හා ආල රැඟුම් පෑම ලැජ්ජාවට කරුණක් නොවේ නම් හැඬීම පිරිමින්ට අයත් දෙයක් නොවේ යැයි පැවසීම විහිලුවක් බව ලූනා සිතුවේය. එය මානුෂීය දෙයකි. ඔහු හැඬීමෙන් සැනසීමක් ලැබුවේය.

" කැප්ටන් ත්‍රොඩ්විල් කැමතියි තමුන්ව ඉන්දියාවට එක්කගෙන යන්න..." ලූනාට තමා ඉදිරියේ ඉඳගන්නටැයි පැවසූ ජේඩ් එක්දිනක පැවසුවේය. ලූනා වටපිට බැලුවේ එන්සෝ ව සොයා ගන්නා අටියෙනි. එහෙත් ඔහු කොතැනකවත් පෙනෙන්නට සිටියේ නැත.

ලූනා තරමක් ප්‍රීතියට පත් වූවාය.

"...හැබැයි එකක්... " ජේඩ් පැවසුවේ ඇඟිල්ලක් ඉදිරියට දිගු කරමිනි. "... තමුන්ට නැවට නගින්න ඕන නම් , කෙල්ලෙක් වගේ රඟපාන්න ඕන... ඒක කරන්න බැරි නෑනෙ... "

ලූනා ඇඹරුණේය. ගවුමකින් සැරසුණු පළියට තමා තව දුරටත් ගැහැණියක මෙන් පෙනේවි යැයි ඔහු සිතුවේ නැත. ඔහු ඒ ගැන පැවසූ විට ජේඩ් ඔහු වෙත කඩා පැන්නේය.
"... ඒක උඹේ ප්‍රශ්නයක්... උඹ ඒකට විසඳුමක් හොයාගනින් මෝඩයා... මමද ගවුම් අඳින්න ආස ?උඹනෙ ගවුම් ඇන්දෙ ? "

" එන්සෝ කොහෙද ? " ලූනා ඇසුවේ ඔහුගේ මේකප් ආලේපන වලින් උදව්වක් ගන්නට සිතමිනි.

" එන්සෝ ගෙදර ගියා... නිවාඩුවට..." ජේඩ් කෙටියෙන් පැවසුවේය.

එය අසාමාන්‍ය දෙයක් ලෙස ලූනාට පෙනුනේය. එන්සෝ ඔහුට නොපවසා කොහේ හෝ යාම සිදු නොවන්නකි. එසේම ඔහුට නිවසක් නොමැති බව පැවසුවා නොවේද ?

කැප්ටන් ත්‍රෙඩ්විල් නැමැත්තා රතු පැහැති කාන්තා ඇඳුමක් සහ ආභරණත්, වෙස් මුහුණකුත් , ආරාධනා පත්‍රයකුත් එවා තිබුනි.
එය හැඳගත් පසු ලූනාට පළමු වරට ලැජ්ජාවක් දැනුනේය.

ඔහු එය ගලවා දමා තමාට ඉන්දියාවට යාමට අවශ්‍ය නැති බව ජේඩ් ට පැවසුවේය. ඔහුගේ පිළිතුර වූවේ කම්මුළ් පහරකි.
" අකෘතඥ තක්කඩියා... ඒ මිනිස්සුන්ගෙ කරුණාවතකමට උඹ කෙළ ගහනවද ? උඹේ මෝඩ පහේ අදහසට ඒ මිනිහා කැමතියි... ඒ වෙනුවෙන් උඹේ ඔය විකෘති වැඩේ කරන්න බැරිද ?"

" ඒත් මට මේ ගවුම අඳින්න ලැජ්ජයි..."

ජේඩ් ඔහුට පහර දෙන්නට එසවූ අත පහලට දැමුවේය.

" අවුරුදු දාසයක් විතර ඇන්ද ගවුම් වල මොකක්ද මිනිහො තියන ලැජ්ජාව ? "

" මට ඉන්දියාවෙ යන්න ඕන නෑ... මම ගෙදර ඉන්නම්..."

ජේඩ්, ලූනාගේ රන්වන් කෙස් වැටියෙන් අල්ලාගත් අතර ඔහු මරහඬ දුන්නේය. සිය කෙස් කළඹෙන් අදිනවා තරම් වේදනාකාරී කරදරකාරී දෙයක් ඔහු මෙතුවකට අත් විඳ නැත ! පහර කෑ විට ඉදමුණු මුහුණක් ඇති වේ ! එවිට ඔහුට සාදයට යාමට නොහැකිය. ඒ නිසා ලූනා ඉවසාගෙන සිටියේය.

එහෙත් ඊළඟ මොහොතේ ඔහු බියෙන් ඇළලී ගියේ සිය සොහොයුරා සිය ඉණ පටියෙන් පිස්තෝලයක් ඇදගෙන ඔහුගේ මුව තුළට එබූ බැවිනි.

" එක්කො උඹ යනවා... නැත්තන් උඹ මැරෙනවා..."
ලූනා නිසලව සිටියේය. මිය යාම සැපයකි.

" මෙහෙම කොහොමද ? මම එන්සෝට වෙඩි තිබ්බොත් කොහොමද ? උගේ මුළු පවුලටම වෙඩි තිබ්බොත් කොහොමද !! " ලූනාගේ අදහස් වටහාගත් ජේඩ් තර්ජනාත්මකව ඇසුවේය.
ලූනා භීතියෙන් යුතුව දෑත් ඉහළට ඔසවා ගත්තේය. ඔහු යටත් වූවේය.

ඔහුට ඒ අමුතු ඇඳුම අඳින්නට සිදු විය. කොණ්ඩය සහ ආලේපන නිසා ඔහු ව " දේවී" මෙන් වෙන් කර හඳුනා ගැනීමට නොහැකි විය. ඇතැම් විට මෙය ඔහුගේ හොඳට සිදුවන්නක් වනු ඇත.

කැප්ටන් ත්‍රෙඩ්විල් , ජේඩ් ගේ සමකාලීනයෙකු බව ලූනාට පෙනුනි. ඔහුට ඇවැසි ජේඩ් මෙන්ම තමාව සිනහවට ලක් කරන්නට බව ලූනා මද වේලාවකින් වටහා ගත්තේය.

" ඔයා මාව ඉන්දියාවට අරන් යනවද ?" උසුළු විසුළු වලට ලක්වීමෙන් සිත් රුදුණු ලූනා කඳුළු ගිල ගනිමින් සිනා සී ඇසුවේය.

" මම ඔබතුමීව ලෝකෙ ඕනම රටකට අරන් යනවා..." යි පැවසූ ත්‍රෙඩ්විල් උස් හඬින් සිනාසුනේය.

" ඔයාට කෘස් ශිප් එකක් තියනවද ? මම යන්නෙ ඒකෙද ? "

" මේ බලහල්ලකො... මේ උත්තමාවිය අහනවා අපි යන්නෙ කෘස් ශිප් එකකින්ද කියලා...හාහ් හහ් හහ් හා.... නෑ නෑ ආර්යාවෙනි... අපි යන්නෙ යුධ නැවක... යුධ නැවක.... හහ් හහ් හහ් හහ්...."

ලූනා ට හැඬුම් ආවේය. ඔහු වහාම පිටි අල්ලෙන් ඒවා පිසගෙන සිනාසෙන්නට උත්සාහ කළේය.

" තමුන් ඕනාවටත් වඩා හොඳට රඟපානවා..." සාදය මධ්‍යයේ ලූනාට බීම වීදුරුවක් ගෙන ආ ත්‍රෙඩ්විල් පැවසුවේය.

" ඇයි මෙහෙම කරන්නෙ ? " ලූනා ඇසුවේ තදින් වීදුරුව අල්ලාගනිමිනි. ඔහුගේ ඇස් වලින් කඳුළු බේරුනේය. "...මට යන්න ඕන නෑ. මම ආවෙ මගේ අයියා මාවයි , එන්සෝවයි මරන්න ගිය නිසා..."

ත්‍රෙඩ්විල් ඔහු දෙස දයාබර ලෙස බලා සිටියේය.
" අඬද්දි තමුසෙ මාර ලස්සනයි..." ඔහු ඇවසුවේ ලූනාගේ නිකටින් අල්ලා සොලවමිනි.

" තමුසෙ ඇත්තටම ජේඩ් ගෙ මල්ලිද ?" ඔහු සුරුට්ටුවක් දල්වා ගනිමින් ඇසුවේය.
"...එකම අම්මා කෙනෙක් කොහොමද තමුසෙ වගේ සුරංගනාවියෙක්ටයි , ජේඩ් වගේ රාක්ෂයෙකුටයි උපත දුන්නෙ ?"

" මන් දැන් යන්නද ? ඔයා හිනා වෙලා ඉවරද ?" ලූනා වටපිට බලමින් ඇසුවේය.

" නාආආහ්හ්හ්හ්... තව ටිකක් ඉඳලා යන්න... ඔය බීම එක බොන්න..." ත්‍රෙඩ් විල් බීම වීදුරුව ලූනාගේ මුව වෙත ලං කරගනිමින් ඔහු පැවසුවේය.

උගුර කට වියළී තිබූ නිසා ලූනා එය එක හුස්මට පානය කළේය.

එවිටම වාගේ ශාලාව අඳුරු වූ අතර ශාලාව මැද වූ උස් වේදිකාව මතට ආලෝක කදම්භයක් වැටුනි. ඒ මත කිසිවෙකුත් සිටගෙන සිටින ආකාරය ඔහුට පෙනුනු අල්ල පනල්ලේ ත්‍රෙඩ් විල් තමාගේ ඉඟ වටා අතක් යවා ගන්නා ආකාරය ඔහුට දැනුනි.

" එන්සෝ..." ලූනාට කියැවුණි. ඔහුගේ උරහිස් මත පියාපත් දෙකක් ඇති ආකාරය ඔහුට පෙනුනි. ඒ හැර ඔහු හැඳ සිටියේ ඉතා කුඩා රෙදිකඩක් පමණි. ඉන්පසුව කිසියම් වාදනයක් ආරම්භ වූ අතර ඔහු වේදිකාව මත රඟ දෙන්නට පටන් ගත්තේය. මිනිසුන් ඔහු දෙස බලමින් පිස්සුවෙන් මෙන් කෑ ගසන ආකාරය ලූනාට පෙනෙයි. ඔවුහු , එන්සෝව අල්ලන්නට පොර කති !

" එන්සෝ..." ඔහු කෑ ගැසුවේය.

" උඹ කොහෙද යන්නෙ... මෙහෙ වරෙන්..." ත්‍රෙඩ්විල් සිය අතකින් අදින ආකාරය ලුනාට දැනුනි. ත්‍රෙඩ්විල් ඔහුගේ මුහුණ තමා වෙත හරවාගත් අතර ලූනාට දැනුනේ ඒ මිනිසාගේ දෙතොල් සිය දෙතොල් මත ගෑවුණු බවයි.
" ඊයා..." ඔහු කෙළ පිස දමමින් පැවසුවේය.

" ඊයා... මොකක්ද යකෝ ඊයා..." ත්‍රෙඩ්විල් ලූනාගේ කොණ්ඩයෙන් අල්ලා අදිමින් ඇසුවේය.
එවර නම් ලූනා නිහඬව නොසිටියේය. ඔහුගේ සිත භීතියෙන් සහ වේදනාවෙන් පිරී ගොස් තිබුනි. අතක් එසවූ ඔහු ත්‍රෙඩ්විල් ගේ මුහුණ හරහා පහරක් ගැසුවේය.

ඉන්පසු සෙනඟ අතරින් එන්සෝ වෙත යාමට උත්සාහ කළේය.

" තෝ කොහෙද යන්නෙ පට්ට වේසි..."
ත්‍රෙඩ්විල් තමාව පසුපසට ඇදගන්නා ආකාරය ලූනාට දැනුණු අතර ඊළඟ මොහොතේ ඔහුට තරු පෙනුනේය. සිය මුහුණට සහ කුසට දරුණු ලෙස පහර වදින ආකාරය ලූනාට දැනුනි. ඔහු පෙරලා පහර දෙමින් ගැලවී යන්නට දැඟළුවේය.
කිසිවෙකු හෝ විසින් ඔහුව බිමට ඇද දැමූ අතර මුහුණට එල්ල වූ පා පාරකින් ඔහු සිහිසන් විය.

තමා එදින යළිත් දෙනෙත් නොඇරියානම් යැයි ලූනා සිතුවේය. ඔහුගේ මුළු සිරුරම වේදනා දෙමින් තිබුනේය. දෙසවන් වේගවත් රිද්මයකින් පිරී ගොස් තිබුනි. ඔහුගේ අප්‍රාණික සිරුරද එක්තරා රිද්මයකට ඒ මේ අත පැද්දුනේය. බොඳ වූ දෙනෙත් අතරින් ඔහුට තමා මත සිටින කිසියම් මිනිසෙකුගේ ඡායාවක් පෙනුනි.
ඔහුගේ යටිකය භයානක ලෙස වේදනා දෙමින් තිබුනේය. කිසිවෙකු හෝ ඔහුගේ කොණ්ඩයෙන් අදිමින් සිටියේය. සිරුර ඇළෙමින් තිබුනේය.
ලූනා කෑ ගසන්නට උත්සාහ කළේය. එහෙත් මුව පිරී තිබුනේය !

තමාට මේ සිදුවන්නේ කුමක්ද ? තමා මිය යමින් සිටිනවාද ? නැතිනම් දැනටමත් මිය ගොස් මේ සිටින්නේ අපායේද ? තමා මිය ගියා නම් ආලෝකයක් හෝ අම්මා හෝ පෙප්පේ හෝ නොමැත්තේ ඇයි ?

" මමා...." මුව නිදහස් වූ වහාම ලූනා කෑ ගැසුවේය. " ...පෙප්පේ..."
"...මාව ගන්න එන්නකෝ..."

ලූනාගේ හඬ බිඳී තිබුනේය. හැකි සෑම විටකම ඔහු මොර දුන්නේය.

" අහකට පලයව්... අහකට වෙයව් තිරිසන්නු.... මගේ ලූනව දීපල්ලා...මට එයාව දීපල්ලා..." එක් මොහොතකදී ලූනාට සුපුරුදු හඬක් ඇසුනේය. ඔහු සිය දෙනෙත් හැකි තරම් විවර කොට බැලුවේය. ඔහුට කිසියම් උණුසුම් සිරුරක් තමා වැළඳගන්නා ආකාරය දැනුනේය.

" මට සමාවෙන්න... මට සමාවෙන්න... " ඔහු යැද්දේය.

" මාව මරන්ඩකෝ..." ලූනා වැලපුණේය.

එහෙත් ඔහුට ඇසුනේ එන්සෝ සමාව ඉල්ලන ආකාරය පමණි. ඔහු සමාව ඉල්ලන්නේ මන්ද ? ඔහුට කරන්නට ඇත්තේ තමාගෙ දුර්වල ප්‍රාණය මේ සිරුරෙන් ඉවතට ඇද දැමීම පමණි.

එහෙත් එන්සෝ එය නොකළේය. ඔහු ලූනාව වැළඳගෙන නොකඩවා කඳුළු සලමින් සිටියේය.

============================================================================

මොරානාට ඇවැසිව තිබුනේ පෞද්ගලිකව ගාබ්‍රියෙල් සමඟ කතා බහ කරන්නට ය. ඔවුන් දෙදෙනා ව්‍යාපාරික සහකරුවන් වූ නිසා ඔවුන් සිදු කරන්නට යන ව්‍යාපාරික වෙනස් කම් වලට දෙදෙනාම එකඟ විය යුතුය. කෙනත් සිය පද්ධතියේ වෙනස්කම් සිදුකරන බවත් එය ඔවුන් අදාල ආකාරයට වෙනස් කරගන්නේ කෙසේද යන්නත් සාකච්ඡා කිරීමට ඔහුට ඇවැසිව තිබුනි. කෙන්ත්ද මෙතැන සිටින නිසා එය පරිපූර්ණ අවස්ථාවක් වුවත් ටට්‍යානා ඉදිරියේ සිය ව්‍යාපාරය ගැන කතා කිරීමට ඔහු පසුබෑවේය.

ඔහු පුඩිම් හැන්ද සූප්පු කරමින් සිටින කෙනත් දෙස බැලුවේය. කෙනත් ඔහුට දීප්තිමත් ලෙස සිනා සී තවත් පුඩිම් හැන්දක් මුවේ රුවා ගත්තේය.
" ඔයාට තව මොනා හරි ඕනද ?බඩ පිරුණද ?"

කෙනත් ඔව් යැයි හඟවමින් හිස සොලවා ඔහු වෙත පුඩිම් හැන්දක් දිගු කළේය. මොරානා එය මුව තුළට රුවාගෙන කොලුවාගේ හිස අත ගෑවේය. ඔහු හුරුබුහුටි ය.

ටට්‍යානා ඒ දෙස බලා සිටියේ තරමක් අපුළකින් යුතුවය.

" ඇත්තටම මොරානා... ඔයාට ඩේට් කරන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද ? පොඩි උන්ගෙ පස්සෙ යන එක කවදාවත් ඔයාගෙ ස්ටයිල් එක උනේ නෑ..." ඇය හැන්ද ඔවුන් වෙත දිගු කරමින් ඇසුවාය.
මොරානා ඇය දෙස බැලුවේ කම්මැළි ලෙසිනි. වයසින් අඩු සහකරුවෙකු සිටීම ගැන පැමිණිලි කරනා තවත් අයෙකි !

" ඇත්තටම වෙන කෙනෙක් හිටියෙ නෑ... කෙනත් විතරමයි හිටියෙ... " ඔහු කෙටියෙන් පැවසුවේය.

" මම පොඩි නෑ... මට විසි හයයි... හරිද ? " කෙනත් ද කතාවට එකතු වූවේය.

" ඔයාලා දෙන්නා තාත්තයි පුතයි වගේ..." ඇය පැවසුවාය.

" මන් ඒකට කැමතියි..." කෙනත් පැවසුවේ මොරානාගේ කකුළක් මත අතක් තබමිනි. "...මට එතකොට බබෙක් වගේ හැසිරෙන්න පුලුවන්..."

මොරානා කෙනත්ගේ අත මිරිකුවේය.

" වට්එවර්..." ආර්‍යාව පැවසුවේ පුටුවේ ඇන්දට හේත්තු වෙමිනි.

කෑම මේසය ඉවත් කළ පසු කෙනත් අසුනේ ඇන්දට හේත්තු වී කලිසමේ බොත්තමක් පන්නන ආකාරය ඔහු දුටුවේය. ඔහුගේ කුස බෝලයක් මෙන් ඉදිරියට නෙරා විත් තිබුනි. ඔහු එය හුරුබුහුටි ලෙස පිරිමැද්දේය. මොරනා ඔහුගේ කුසට තට්ටු කළේය. ඔහු පෙරට වඩා මහත් වී නීරෝගී පෙනුමකින් යුතු ව සිටීම මොරානාට සතුටක් ගෙන ආවේය.

ඔහුව නිවාඩුවක් ගත කිරීම සඳහා උණුසුම් නිවර්තන දූපතකට රැගෙන යා යුතු බව මොරානා සිතුවේය. දීප්තිමත් හිරු එළිය ඔහුගේ සමට හොඳ වනු ඇත ! එහෙත් ඉන්පසුව කෙනත්ගේ පියා අසනීපෙන් බව ඔහුට සිහිපත් වීම නිසා දූපතකට යන අදහස අත්හැර දැමුවේය.

" අපි අපේ බිස්නස් ගැන කතා කරන්න ඕන... " ටට්‍යානා පවසද්දී මොරානා පියවි සිහියට පැමිණියේය.
"...ඒවා ටික ටික පහලට යනවා. පපා කතා කරන්න කලින් අපි කතා කරලා යමක් කරගන්න ඕන..."

මොරානා බීමත්ව මේසය මත නිදා සිටින ගාබ්‍රියෙල් දෙස බැලුවේය.

" ගාබ්‍රියෙල් බිස්නස් හෙඩ් කෙනෙක් නෙමෙයිනෙ... "

" මම තනියම තීරණ ගන්නෙ නැහැ මගේ කොටස ගැන... " මොරානා පැවසුවේ මේ කතාව දිගටම කරගෙන යාමට අකමැත්තෙනි.

"...ඔයාට මගේ කාර් එක දෙන්නද යන්න ? "

" මේක නිල සාකච්ඡාවක් නෙමෙයි..." ටට්‍යානා පැවසුවේ කෙනත් දෙස බලමිනි.
"... ඔයා ඇයි ඔයාගෙ වත්කම් ගොඩක් විකුණන්න දාලා තියෙන්නෙ ? "

" ගොඩක් කිව්වෙ ? " මොරානා ඇසුවේය.

" හරියට ඔයාගෙ Numinous පයින් වතුයායයි බංගලාවයි වගේ වත්කම් ? ඔයා දන්නව මම එතන්ට කොච්චර කැමතියි ද කියල ! ඇයි ඒක විකුණන්නෙ ?"

" එච්චර කැමති නම් ඇයි ඒක ඔයා මිලට ගන්නෙ නැත්තෙ ? "

" මන් මොකටද ඔයාට සල්ලි ගෙවල ගන්නෙ? ඔයාට එපා නම් මට ඒක තෑග්ගකට දෙන්න ඕන..."

මොරානා සුසුමක් හෙළුවේය. " ඒ වතුයාය තමයි මම මුලින්ම ආයෝජනය කරපු තැන. මට පිස්සු කියල හිතුවද ඒක තෑගි වලට දෙන්න ? "

ටට්‍යානා ඔහු දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථයක් සමඟය.

" ඒක පැත්තකින් තියමුකො, ඔයා ගාමන්ට් ලයින් එකක් විකුණන්න දාලා තියනවා... ඇයි ?
එතකොට ඔයා ඇයි ගොඩාක් පබ්ලික් බිස්නස් ශෙයාස් වල ආයෝජනය කරලා තියෙන්නෙ ?"

"අනුන්ගෙ දේවල් ගැන හොය හොයා ඉන්නෙ ඔයාට වෙන වැඩක් නැද්ද ටට්‍යානා ? "

" අනුන්ගෙ දේවල් නෙමෙයි... මේක ෆැමිලි බිස්නස් එකක්... මේව හොයන එක මගෙත් අයිතියක්..."

මොරානා සුසුමක් හෙළා කෙනත් දෙස බැලුවේය. ඔහු සිය කුඩා අත් වලින් මොරානාගේ අත අල්ලාගෙන සිටියේය. ඔහුට නිදි මත බව මොරානාට කියන්නට හැකිය.

බෙවලි ගාබ්‍රියෙල් ව කාමරයකට ගෙන යන්නට අවසර ඉල්ලුවේය. " මම හිතන්නෙ නෑ මාස්ටර් ගාබ්‍රියෙල් කෝපි බොන්න ඉඳී කියල..."
ඔහුව වත්තම් කරගෙන නැගිටින අතර බෙවලි පැවසුවේය. ගාබ්‍රියෙල් ,බෙවලිගේ නම කියමින් නන් දොඩවමින් සිටියේය.

ඔවුන් ඉවත්ව ගිය පසු ටට්‍යානා සහ මොරානා අතර නිහඬතාවයක් ඇතිව තිබුනි.
කෝපි ගෙන ආ අතර කෙනත් කේක් කැබැල්ලක් සපන ආකාරය දෙස මොරානා බලා සිටියේය.

" තමුසෙ මොකාටද එන්න හදන්නෙ ? " ටට්‍යානා කල්පනාකාරීව ඇසුවාය.

" මම මොකකටවත් එන්නෙ නෑ... මම බිස්නස් එකක් කරන්නෙ. මට බිස්නස් සම්බන්ධ උපදෙස් ගන්න වෘත්තීමය මිනිස්සු ඉන්නව... මම එයාලත් එක්ක ඒ ගැන බලාගන්නම්..."

" අපිට ටිකක් පෞද්ගලිකව කතා කරන්න බැරිද ?" ටට්‍යානා ඇසුවේ කෙනත් දෙස බලමිනි. "...ඔයාට බැරිද ගිහින් මෙයාව නිදි කරවලා එන්න..."
මේ කුඩා හෝන්තුව මොරානාගේ අතේ එල්ලී සිටීම ඇගේ ඇසට ඇනෙන කටුවක් බඳුය. ඔහු සිය විශාල කළු දෙනෙත් වලින් තමා දෙස බලා සිටින ආකාරයට ඇය කැමති නැත. ඔහුට ඇත්තේ උමතු බැල්මකි. ඕනෑම දරුණු වැඩක් කිරීමට හැකි ආකාරයේ බැල්මකි. ඔහු මොරානාට අයිතිවාසිකම් කියමින් සිටින බවත් තමාට තර්ජනය කරමින් සිටින බවත් ටට්‍යානා ට වටහාගත හැකිය. ඔහු තමා ඉදිරියේ නිකන්ම නිකන් දුහුවිල්ලක් බව ටට්‍යානා දැන සිටියත් ඇයට කෙනත්ගේ දැක්ම අපහසුදායක විය. ඔහු පෙනෙන තරම් අහිංසක අයෙකු නොවන බව ඈ සිතුවාය.

කෙනත් තදින් තමාගේ අත අල්ල ගෙන සිටින ආකාරය මොරානාට දැනුනි.

" මම හිතන්නෙ දැන් අපි හැමෝම ගිහින් ටිකක් විවේක ගත්තොත් හොඳයි..." මොරානා පැවසුවේය. "... ඔයාට හොටෙල් එකේ ඉන්නත් පුලුවන් , ඕනනම් ආපහු වතුයායට යන්නත් පුලුවන්..."
ටට්‍යානා කල්පනා කළාය. ඇයට ගාබ්‍රියෙල් සහ මොරානා සමඟ කතා කරන්නට ඇවැසිය. එහෙත් ඔවුන්ගේ දිනයක් ඊට යොදා ගැනීමෙන් තමා අත් වැරැද්දක් කළ බව ටට්‍යානා වටහා ගත්තාය. ඇයට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ඉල්ලා සිටින්නට නොහැකිය.

ඇය කෝපි කෝප්පයෙන් මදක් තොල ගා හිස සෙලෙව්වාය.

" අපි යනවද ?" කෙනත් හොරෙන් මෙන් ඇසුවේය.

" ඔයාට යන්න ඕනද ? " මොරානා ඇසුවේය.

" ආර්යාව යනවද ? " කෙනත් ඇසුවේ ටට්‍යානා දෙස බලමිනි.

"හහ්... මේ පොඩි හිටුපාවා !! " ටට්‍යානා කෝපයෙන් සිතුවාය.
" තමුන්ට මොකද මම ගියත් නැතත් ? " ඇය සැරෙන් ඇසුවාය.

" මට වැඩක් තියනව තමයි..." කෙනත් පහත් හඬින් පැවසුවේය.

" ඕයි...මුනු මුනු ගාන්නෙ නැතුව හයියෙන් කතා කරනවා..." ටට්‍යානා උස් හඬින් පැවසුවාය.

" කෙනත්... " මොරානා ඔහුට කතා කළේ ටට්‍යානා සමඟ රණ්ඩුවකට පැටලීමට පෙරය. ඔහු මුරණ්ඩු ලෙස ටට්‍යානා දෙස බලා සිටි අතර ඔහුගේ මිට මෙළවුණු දෑත් මේසය මත ඇති ආකාරය මොරානාට පෙනුනි.
"...ඔයා අර සර්විස්මෑන් එක්ක මගේ රූම් එකට යන්න..."

" ඒත්..." කෙනත් ඔහුගේ වචනයට පිටින් කතා කරන්නට යළිත් උත්සාහ කරන බව මොරානාට වැටහුණි. ඔහුට එය රුස්සන්නේ නැත. කෙනත් තමාට කීකරු විය යුතුය ! තමාට ඔහුව පහසුවෙන් හසුරවන්නට සහ ආරක්ෂා කරන්නට හැක්කේ ඔහු කීකරු වන්නේ නම් පමණකි.

" NO... go and wait for me..." මොරානා තදින් පැවසුවේය. ඔහු කෙනත්ට මේ ආකාරයෙන් කෑ ගසන්නට කැමති නැත. කෙනත් සිය දෙනෙත් විසල් කරගෙන ඔහු දෙස බලා සිටියි.
'...හරියට මම වැරැද්දක් කලා වගේ බලාගෙන ඉන්න හැටි විතරක්...' මොරානා සිත යටින් විනෝද වෙමින් සිතුවේය. '...දෙකක් දෙන්න තියෙන්නෙ...'

" දුවනව යන්න ඉතින්..." ඔහු යළිත් පැවසුවේය.

කෙනත් පරාජිත ආකාරයෙන් නැගිටගත් අතර ඔහුගේ බුම්මාගත් මුහුණ දකින විට මොරානාට එය සපන්නට සිතෙයි.

" ඔයා මට ඔහොම කරන්නකො මාස්ටර්... මම තරහයි..."

මොරානා සිනහව තද කරගෙන බැරෑරුම් මුහුණක් මවාගෙන සිටියේය. කෙනත් පසුපස හැරි හැරී බලමින් සේවකයා සමඟ පිටව ගියේය.

" දැන්..." ඔහු කතා කළේ ටට්‍යානා දෙස බලමිනි. ඇගේ මුහුණේ ජයග්‍රාහී සිනහවක් ඇඳී තිබුනි.
" ...ඔහේ වතුයායට යනවද නැත්තන් මෙහේ ඉන්නවද ? "

" මෙහේ මෙහේ..." ඇය නැගී සිටිමින් පැවසුවාය.
"...මම දැනගෙන හිටියා ඔයා මට මුල්තැන දෙනවා කියලා..."

" මේක රෑන්කින් ගැන කතා කරන්න වෙලාවක් නෙමෙයි ටට්‍යානා... මට කණගාටුයි අද දවාලෙ මම ඔයාව කලබල කරපු එක ගැන... ඒකයි මම මෙහෙම සලකන්නෙ... යමු මම ඔයාව කාමරේට අරන් යන්නම්..."

ටට්‍යානා විගස මොරානාගේ අත පටලවා ගත්තාය. කෙනත් එහි වෙලී සිටි ආකාටය ඇයට සිහිපත් විය.

ඔවුන් ඇවිද යන අතරතුර ටට්‍යානා ,මොරානා දෙස බලා සිටියාය. ඇය ඔහුගේ බාහුව සිපගත් නමුත් ඔහු එය ගණනකට හෝ නොගැනිම ඇගේ කෝපයට හේතු විය.

මෙම තරු පන්තියේ හෝටලය ඔවුන්ගේ පවුලට අයත් එකක් වූ නිසා ඔවුන්ට වෙන් වූ කාමර පෙළක් ඇත. මොරානා ටට්‍යානා සමඟ ඇගේ කාමරයට ඇතුළු වූවේය.
ඉන්පසුව ඔහු නාන කාමරයත්, ඇඳුම් කබඩය තුළ සහ ඇඳ යටත් , තිර රෙදි තුළත් පරික්ෂා කරන ආකාරය ටට්‍යානා සිනාමුසු ව බලා සිටියාය.

" ඕවගෙ අස්සෙ හැංගිලා කවුරු ඉන්නද මොරානා... හිටියත් ඉතින් හෙට උදේට එයාගෙ මළකඳ තමයි බලාගන්න වෙන්නෙ..." ඇය පැවසුවේ ගවුම වටා බැඳගෙන සිටි ඉණපටිය ගලවා ඇඳ මතට දමමිනි. එහි රැඳී තිබෙන කුඩා කිරිච්චිය මොරානා දුටුවේය.

" එහෙනම් බය වෙන්න දෙයක් නෑනෙ. ගුඩ් නයිට්... හෙට උදේට අපි කතා කරමු..."

" අද මාත් එක්ක ඉන්න..."
ටට්‍යානා ඔහුගේ ගෙලේ එල්ලෙමින් පැවසුවාය.

" නෝප්..." මොරානා ඇගේ දෑත් ඉවත් කරමින් පැවසුවේය. "... මම කෙනෙක්ව ඩේට් කරනවා... මම එයාට අවංකව ඉන්න කැමතියි..."

" ඔහ් මයි ගෝඩ් මොරානා... ඔයා නවකතා කියවන්න ගත්තෙ කවද ඉඳන්ද ? "

" මේ ළඟකදි ඉඳන්..." ඔහු දොර වෙත ගමන් කරමින් පැවසුවේය.

" මොරානා..." ටට්‍යානා පසුපසින් පැමිණ මොරානා ව බදා ගත්තේය. ඇය සිය මුහුණ ඔහුගේ පිටෙහි ඒ මේ අත යැව්වාය. "...අනේ..."

" හෙට උදේට අපි කතා කරමු..." ඔහු ඇගේ අත් යළිත් ඉවත් කරමින් පැවසුවේය. "...ප්ලීස්... මෙතන දඟලන්න නම් එපා..."

ටට්‍යානා සිය දෑත් එකිනෙක බැඳගත්තාය. ඇගේ දෙනෙත් වල කඳුළු පිරී ඇති ආකාරය මොරානාට පෙනෙයි.

" ඔයා ඇත්තටම මට වෛර කරනවද මොරානා? " ඇය ඇසුවේ උරහිස් පිරිමැද ගනිමිනි. "...ඔයාට ඕනද මම මැරෙනව දකින්න ? ඇත්තටම ?"

මොරානා ඇය දෙස් බලා සිටියේ පිළිතුරු නොමැතිවය. " ඔව් " යැයි කියන්නට ඕනෑ වුවත් ටට්‍යානා හඬනවා දකින්නට ඔහුට ඕනෑ නොවීය. ඒ හැරත් ඇගේ මරණය මේ මොහොතේ සිදුවිය හැකි අවාසනාවන්තම අහඹුව වනු ඇත !

" සමහර වෙලාවට..." ඔහු සෘජුවම පැවසුවේය.

ටට්‍යානා ගේ ඇස් වල වූ කඳුළු කම්මුළ් මතට කඩා හැළුණේය.

" ඔයා ඇයි මට වෛර කරන්නෙ ? මට

You are reading the story above: TeenFic.Net