ඉතින් මේ වෙද්දි අවුරුදු උත්සවේ ගොඩක් තරග ඉවර වෙලා තිබුණා වගේම අලුත් තරග තව තව පටන් ගත්ත එක තමයි උනේ...
අපි ග්‍රවුන්ඩ් එකෙන් සින්දුව ඉවර කරලා ආවත් එක්කම අපි අයියලා ටික ලගට ගියාම අපි එයාලට හොරෙන් මෙහෙම අයිටම් එකක් කරපු එකට අපි හිතුවට ලාවට හරි සැර කරයි කියලා ඇත්තටම උනේ අයියලා ටික අපිව බදාගෙන අපිට තැන්ක්ස් කරපු එක..
මෙහෙමයි අයියලට එහෙම බනින්න ඔනෙ නෑ තමයි.. ඒත් අපි මෙක කරේ එයාලට හොරෙන්නෙ එතකොට මොකක් හරි අවුලක් ගියොත් එයාලා කිසි දෙයක් දන්නෙ නැහැ ඇන්ඩ් එකෙන් අපිට මොනව හරි උනොත් ඒකට එයාලට මැදිහත් වෙන්නත් බැහැ.
අන්න ඒක නිසයි අයියලා අපිට බනින්නෙ නැතුව ආයෙ හොරෙන් කරන්න එපා කරන දෙයක් කියලා කරන්න කියලා කිව්වෙ..
ඒත් ශනල් අයියනම් මට කිව්වෙ කරන ඕන දෙයක් හොරෙන්ම කරලා පෙන්නන්න කියලා..
ශනල් අයියා චාරිත්‍ර වලින් පස්සෙම මාරු වෙලා ඉදියේ එයලගෙ අයිටම් එකට අදින්න ඕන කිට් එක නිසා මට ශනල් අයියා ගාවින් පෙනුනේ හරිම ලාමක පිරිමි ලමයෙක්ගේ හැඩ රුවක්...
ඇත්තටම ශනල් අයියගෙ අර තද කලු හීනි ඇස් එක්ක ඒ සුදු මූණ ලා අව්වෙ එහෙ මෙහෙ ගිහිල්ලා පීච් පාට අරගෙන තියෙද්දි මට ශනල් අයියගෙ කම්බුලක් කිස් කරන්න කොච්චර ආස උනත් මන් කරේ ශනල් අයියගෙ ශර්ට් එකෙ වාටිය අල්ලගෙන එක ඇගිල්ලෙ පටල පටල ඉදපු එක විතරයි...
ඒත් ඔය අතර මැදින් ශනල් අයියගෙ අතේ මගෙ අත පටල ගන්නත් ශනල් අයියා අවස්තා නොදුන්නම නෙවෙයි..
මන් ශනල් අයියගෙ අස්සට පැනලා මෙහෙම ඉන්න එක ටොප් බොර්ඩ් එකෙ අයියල ඇරෙන්න ඇත්තම හෙතුව අනිත් අයියලා දන්නෙ නැති උනත් ශනල් අයියයි මායි මෙහෙම ඉන්න එකට එයාල ඉදියෙ මාරම සතුටෙන්.
මොකද අපි දෙන්නා ඉස්සර කරෙම මරා ගත්ත එකනේ..
අපි අයියලා එක්ක කලින් ඉදපු අඹ ගස් යායේ හදලා තිබ්බ බන්කු උඩ අපි ටිකයි ශනල් අයියලා ඇතුලු තව සින්නො ටිකකුයි එකතු වෙලා කරේ ගොඩක් පරණ කාලෙ මතක මතක් කර කර හිනා වුන එක..
මොකද ඩේ එකෙ භාගයක්ම වගෙ අනවුන්සින් වැඩ ඇදගෙන ගියේ අපි නිසා ඩේ එකෙ ඉතුරු ටික මේ වෙද්දි වෙන මල්ලිලා ටිකකට දිලා අපි ඉදියේ නිදහසෙ...
උදෙ එක දිගට එහෙට මෙහෙට දිව්වත් එක්ක දැන්නම් මෙහෙම ඉදගෙන ඉන්න ලැබුණ එකට මට මාරම සතුටක් තියෙන්නෙ...
ඒ වගෙම මන් මතක් කරන්නම ඔන දෙයක් තියෙනවා ඒ තමයි අපේ ග්‍රේඩ් එකෙ සයන්ස් උන් ගත්ත ජයග්‍රහණ ටික.
ඒ අතරින් එකක් තමයි කඹ ඇදීම කියන්නෙ.. ආර්ට් එකෙ කොල්ලො එක්ක තිබ්බ කඹ ඇදිමෙ තරගෙදි අපි එක උනා වගෙම කොට්ට පොර තරගෙදි අපේ ක්ලාස් එක නියොජනය කරපු දේශ් එකෙනුත් පලවෙනියා උනා..
මන්නම් ඉදියේ අන්ධායට කිරි කවන වැඩෙට...
අන්න ඒක තමයි අද දවසෙ මට වෙච්ච අජූතම වැඩේ.... !!!
මෙහෙමයි මේ සැරේ අන්ධායට කිරි කවන එකට අපේ ක්ලාස් එකෙන් මාවයි අශාන්වයි දලා තිබ්බ හින්දා අකමැත්තෙන් උනත් අපි ඒකට ගියාම අන්ධයා වෙලා කිරි කවන්න උනේ මට...
එතකොට අශාන් අත් දෙකත් බැදගෙන අපිට දුරින් ඉද්දි මන් ඇස් දෙකත් පොට්ට කරගෙන යොගට් එක අතේ තියාගෙන බලන් ඉදියා.. කොහොම හරි විෂිල් එකක් එක්ක අශාන් මගෙ ලගට දුවගෙන ආවත් එක්ක මන් මූණක් පෙන්නෙ නැති අශාන්ට යොගට්නම් කැව්වා තමයි ,
කවලා ඒ තරගෙන් දිනලා අශාන් මාව ඇදගෙන ෆිනිෂින් ලයින් එකෙන් කාටත් කලින් පැන්නා තමයි ඒත් ඇස් බැදලා තිබ්බ රෙද්ද ලෙහුවාම තමයි දැක්කෙ අශාන්ට කවපු යොගට් එකෙන් භාගයක්ම තිබ්බෙ මගෙ කකුල් දෙකෙයි ඇගෙයි කියන එක...
ඉදා දැන්නම් මන් ඇවිදින කුස්සියක් වගේ පගයා !!!
ඒත් කොහොම හරි කාටත් කලින් ඒ තරගේ ඉවර කරපු නිසාම අපි දෙන්නා එකෙන් එක වෙද්දි සහ්‍රස දේශ් දෙන්නා බිත්තර අල්ලන්න ගිහින් බිත්තරේ කුඩු කරගෙන සෙවල පෙරෙතයො දෙන්නෙක් වගේ තමයි ආපිට අපි ලගට ආවෙ..
ඔය අතරතුරේ ඉන්වයිටඩ් ස්කූල් වලටත් ඉවෙන්ස්ට් ගොඩක් මන් ඔර්ගනයිස් කරලා තිබ්බා..ඒව්වගෙන් කොල්ලන්ට මූලික උනේ ලිස්ස ගහ යන වැඩේ..
ගැනූ ලමයින්ටනම් සැගවුණු අමුත්තා සෙවීමේ වැඩේ යවද්දි ආපු ඉන්වයිටඩ් ටිචර්ස්ලට තිබ්බෙ පොල් අතු වියන්න..
ඔය විදිහට හොදම හිනාව , හොදම ඇඩීම , විකට ඇදුම් තරගය වගේ ගොඩක් ඉවෙන්ට්ස් එක්ක අපෙ දවස ගෙවි ගෙන යද්දි ටොප් බොර්ඩ් එකෙ අයියලා හතර දෙනා ඇතුලුව අපි හතර දෙනා ඉදියේ චෙන්ජින් රූම් එකෙ..
මොකද දැන් වෙලාව වෙන් කරන්න යන්නෙ අපේ ටොප් බොර්ඩ් එකෙ අයියලගෙ අයිටම් එකට.....
" ඉතින් අද දවසෙ අපි තරග කරා , දින්නා , සතුටු උනා , කෑ ගැහුවා ඒ වගෙ වැඩ කිඩ ගොඩක් මැද්දෙ අපි මෙ යන්න සූදානම් වෙන්නෙ........ ? "
" ඔව් දුලක්ෂ අපි දැන් මේ අවස්තාව ලභා දෙන්න හදන්නෙ අපේ පාසලේ ප්‍රධාන ශිශ්‍ය නයක මණ්ඩලෙ අපෙ සහොදරයො ටිකට හෙම්බත් වෙලා ඉන්න අපි හැමොම අයෙම වතාවක් කලාවෙන් සතුටු කරවන්න.... "
ග්‍රවුන්ඩ් එක පල්ලට වෙලා මයික් දෙකක් අතෙ තියා ගෙන ඉදපු දොලහ වසරේ කොල්ලො දෙන්නා ශනල් අයියලගෙ අයිටම් එකට ග්‍රවුන්ඩ් එක අරගෙන දෙද්දි මම ඉදියේ ශනල් අයියා ලගට වෙලා බිම පොලොව හාර හාර ....
" ඇයි මේ ? "
" ආහ් ? "
" කාම් ඩවුන් ඔයා ඩාන්ස් කරන්නෙ වෙන කාත් එක්කවත් නෙවෙයිනේ ? "
" ඒක නිසා තම බය "
" ඩොන්ට් බි අෆ්‍රේයිඩ් නුහාන් . මන් ඔයා ලග ඉන්නවනෙ ජස්ට් රිලැක්ස් "
ලා නිල් පාට බතික් කිට් එකකට මාරු වෙලා ඉදපු මම ඇත් දල පාට සුදු අත් කොට ශර්ට් එකට තනි කලු සරමක් ඇදගෙන හැන්ඩියා වගේ ඉදපු ශනල් අයියගේ මූණ දිහා බැලුවෙ මෙකෙන් එයාට අවුලක් යාවිද කියලා හිතා ගන්න බැරුව...
ඒත් ශනල් අයියා එයාගෙ ලගම හිටගෙන ඉදපු මගෙ දකුණු අත අල්ලලා ටිකක් තද කරලා හැමදේම ශේප් කියලා මගෙන් ඈත් වෙලා ගියාම මමත් ලොකු හුස්මක් අරගෙන එහෙමම ගියේ අර කලින් මන් කිව්ව ග්‍රවුන්ඩ් එක මැද්දට වෙන්න වගෙ තිබ්බ ඔන්චිල්ලාව ලගට....
ඉතින් හැමොම බලාගෙන ඉදපු අයිටම් එකත් එහෙනම් පටන් ගන්නයි යන්නේ...
ස්ටේජ් එක උඩ ඉදපු අපෙ මියුසික් සර්කල් එකේ කොල්ලො ටික සින්දුවට කලින් ප්ලේ කරන්න තිබ්බ මියුසික් එක ප්ලේ කරනවත් එක්කම මුලු ග්‍රවුන්ඩ් එකම දැන් මීක් නෑ....
මොකද ඇහෙන සින්දුවත් එක්ක මේ වෙද්දි කට්ටියගේ හිත් ඇදිලා ගිහින් තිබුණේ ග්‍රවුන්ඩ් එකෙ ඔන්චිල්ලාවෙ පැද්දි පැද්දි ඉන්න මන් දිහාවට කියලා මන් ඇස් කොනින් කිසි වෙනසක් නොපෙන්නා බලන් ඉදියා තමයි ,
ඒත් ඒ මික් නැතුව ගියපු එකෙන් මගෙ හිත ටිකක් කලබල උනත් මොකො කලබල වෙවි ඉන්න වෙලාවක් මට නැති උන එකෙන් වගේම මන් ආයෙම නොමල් උනේ මියුසික් එකත් එක්ක හිනා වෙවි සෙල්ලක්කාර කොල්ලො තුන්දෙනෙක් වගේ මගෙ ලගට ආපු මගෙ යාලුවො තුන් දෙනා නිසා...
"කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි
සින්දුවගෙ බැක්ගවුන්ඩ් මියුසික් එක පටන් ගන්නවත් එක්කම යාලුවො ටිකත් එක්ක ලොකු කතාවක සතුටෙන් හිනා වෙවි ඉන්න විදිහට ඔන්ච්චිල්ලාවෙ පැද්දි පැද්දි ඉදපු මම පැත්තට ,
අපිට ටිකක් ඈතින් මයික් එක සෙට් කරගෙන ඉදපු ශනල් අයියා එයාගෙ යාලුවො ටිකත් එක්ක මනමාල හිනාවක් දාගෙන එද්දි ඇත්තටම මට කලින් මන් කලබල උනා කියන එකත් අමතකම වෙලා ගියා..
මොකද ශනල් අයියගෙ මූණ ඒ තරම් සැහැල්ලුයි වගේම එකෙන් ගෙනාවෙ මටත් ලොකු සතුටක්...
කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි
ශනල් අයියා එයාගෙ පිටි පස්සෙ ඉදන් රහස් කිය කිය රගපාන යාලුවො දිහාවට හැරිලා මාව පෙන්න පෙන්න හිනා වෙද්දි මාව ඔන්චිල්ලාවෙ තියා ගෙන පද්ද පද්ද ඉදපු මගෙ යාලුවොත් හිනා වෙවී ශනල් අයියගෙ යාලු අයියලා දිහා බලලා ඇස් වලින් කතා කරනව වගේ ඇක්ට් කරද්දි මන් ඉදියේ සින්දුවෙ ඇක්ට් එකට අනුව ශනල් අයියා දිහා හොරෙන් බල බල...
ඉතින් ඒ ඇක්ටින් එකත් එක්කම ශනල් අයියයි මාවයි එක ලගට දෙපැත්තෙන් තල්ලු කරලා දාද්දි මන් ගිහින් නතර උනේ ශනල් අයියගෙ අත් දෙක මැද්දෙ වගෙම ශනල් අයියා එයාගෙ අත් දෙක මැද්දට වැටුණ මගෙ අතින් අල්ලගෙන පැත්තකට ඇදගෙන ගිහින් නතර උනේ ගහක් වගේ කියලා අපි හිතින් මවල පෙන්නපු ගහක් ලග...
අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි
බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක එක්ක ලැජ්ජා හිතුණ ගෑනු ලමයෙක් වගේ ශනල් අයියගෙ පපුවටත් හරි හිමිහිට පාරක් ගහලා මන් ආයෙම ඔන්චිල්ලාව පැත්තට දුවන් ගියේ සින්දුවේ මගේ කෑල්ල කියන ගමන්මයි...
අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි
ආයෙම ඔන්චිල්ලාව ලගට ගිහින් යාලුවො ලගට වෙලා හොරෙන් හොරෙන් ශනල් අයියා දිහා බලන මන් දිහා මනමාල හිනාවකුත් දාගෙන යාලුවො එක්ක හෙනම ලුක් එකෙන් බලන් ඉදපු ශනල් අයියා ආයෙම සින්දුව කියා කිය මට ලන් වුනා..
ඈත් වෙන්න ඈත් වෙන්න මාව හොයා ගෙන ඇවිත් ලන් උනා විතරක් නෙවෙයි මගෙ අතින් අල්ල ගෙන අපි නටන්න ඉදපු කැල්ලෙ මැද්දට වෙන්න මාව අරගෙනත් ආවා.....
රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි
රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි
.
ශනල් අයියා මන් ලග තනිවෙන වෙලාවල් වලට ඇරෙන්න අනිත් තැන්වලදි නොපෙන්න අර එයාගෙ සැහැල්ලු හිනාව , ආදරෙ එක්කම සින්දුවට පන දිලා ඉස්සරහට අරගෙන ආපු මගෙ වටෙ වටයක් කැරකිලා බෙල්ල ටිකක් ඇල කරලා මගේ ඇස් දිහා බලලා එහෙමම මගෙ උරිස්ස උඩින් අත තියල ඊලග පද පේලියට පටන් ගැන්මක් විදිහට ඈතට ඇගිල්ල දික් කරලා මට නිල් පාට අහස පෙන්නුවා...
අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි
අහස් ගව්ව සොයා යන්න
අපි එක්කම ඉදපු යාලුවො ටික ආයෙම අපිට ලන් වෙලා සින්දුව එක්කම පොලිමට කපල් එක ගානෙ කපල්ස් හතරක් හැදුනාම අපි කට්ටියම සින්දුව තාලේට අඩිය තිබ්බා......
හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි
හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි
.
සින්දුවෙ පද පේලි ටිකක් ඉවර වෙද්දි ආයෙම ප්ලේ වෙන බැක්ගවුන්ඩ් මියුසික් එකත් එක්ක ශනල් අයියයි මායි යාලුවෙලා ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි වගේ ඇක්ට් කරද්දි අපි පිටි පස්සෙන් ඉදපු හය දෙනා කරේ හිනා වෙවිම එක එක අමුතු ඇක්ටින් එක්ක නටපු එක...
රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි
රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි...
සින්දුව ඉවර වෙනකල්ම එක එක ස්ටෙප් එක්ක ඩාන්ස් එක ඇදගෙන ගියපු අපි සින්දුව ඉවර වෙනකොට ඉදියේ සින්නො අයියලගේ මැද්දෙ..
මොකද උන් මෙ වෙද්දි ග්‍රවුන්ඩ් එකට පැනලා අපිව කරවල් උඩ තියා ගෙන එතන එකම විකාරයක් කරන්න පටන් අර ගත්තනෙ...
ඇත්තටම මන් හිතුවට මන් ශනල් අයියා එක්ක මෙම එකට ඉන්න කොට ඒක කට්ටියට අමුතු වෙලා විකාර නටන්න පටන් ගනී කියලා , ඇත්තටම උනේ නම් එක නෙවෙයි කට්ටියම අපි දෙන්නා හැම වෙලෙම එකට තියලා බලන්න තමයි ඔන උනෙ..
කෙසේ හො ඒ වැඩ ටිකත් එහෙම යද්දි අපෙ ඩේ එකේ ඉවෙන්ට්ස් ගොඩක් දුරට ඉවර වෙලා තිබ්බ නිසා තව ඉතුරු වෙලා තිබුණේ සිහින අවුරුදු කුමාරය තොරන වැඩේ විතරයි.
එතකොට ඊට කලින් තරග කිපයකට පස්සෙ සුබ සිහිනේ යාවි සින්දුවෙන් අපේ ගිල්ඩ් එකෙ සෙට් එකම මෙ වෙද්දි කට්ටියගෙම අවධානෙ අරගෙන තිබ්බේ මාරම විදිහට...
කාලයත් ටික ටික ගෙවිලා යද්දි කවුරුත් බලාගෙන ඉදපු සිහින අවුරුදු කුමාරය තේරිමේ කොටසටත් අපි ලන් වෙලයි ඉදියේ...
" විෂේශ නිවේදනයි.... !
අංක දෙකෙන් සිහින අවුරුදු කුමාරය තෙරිමේ තරගෙට නම් ලාභා දුන් ශාකි සිගෙරා සහ අංක අටෙන් නම් ලභා දුන් ශනල් ආධිත්‍ය කරුණාකර වෙදිකාව අසලට පැමිනෙන්න.. "
අයියලා සෙට් එක එක්ක හොද කයියකට වැටිලා ඉදපු මම එක සැරේ උඩ ගිහිල්ලා ඉදපු තැනිනුත් බිමට වැටුනේ අපෙ ස්කොලෙ ඩිපියුටි සර් කෙනෙක් මගෙ නම කියල ස්ටෙජ් එක ලගට එන්න කියපු වෙලාවෙ...
මේ මොනාඋත්තක්ද යකො මේ .... !!
" අඩෝ අන්න උඹල දෙන්නට එන්නලු පලයව්..... "
අඹ ගස් යටට වෙලා හෙන ආතල් එකෙ අවුරුදු උත්සවෙ ඉවර වෙනකල් බලාගෙන ඉදපු මමයි ශනල් අයියායි හදිස්සියෙ මේ අවුරුදු කුමාරයෙක්ට යන්න අඩ ගහද්දි ඉදියේ කර ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා..
කවුද උත්තෝ අපිව මේක දාපු පරෙයියා !!
##නවා දාලා සෙරටම උත්ත !!
ශනල් අයියගෙ මූණ කලු වෙලා සින්නො පැත්තට හැරිලා බනිනවත් මාව මගෙ බෙසික යාලුවො ටික වඩාගෙන ස්ටේජ් එක පැත්තට ඇදීගෙන යනවත් එක්කම ස්ටෙජ් එකට යන්නෙ නැතුව පැනලා යන්න ඉදපු අපි දෙන්නම අන්තිමට ගිහින් හරිම විදිහට නැවතුණේ ස්ටේජ් එකේ උඩ අවුරුදු කුමාරයොන්ට යන්න ඉදපු කොල්ලො ගොඩෙ..
ඒව් උත්ත මේ මොකද මේ උනේ අෆ්ෆා !!!
තාමත් කන්ෆියුස් සීන් එකෙ ඉදපු මාවයි හැමොටම පුප්පලා අහක බලාගෙන තරහ පාලනෙ කර ගන්න හදන ශනල් අයියවයි දැන් වෙද්දි ස්ටේජ් එක වටේට යන කොල්ලො ගොඩ අස්සට දාද්දි මන් කරේ ඈතින් පේන අපෙ උන්ට ඔරවන එක වෙද්දි ශනල් අයියනම් හොදම එකෙන් ඇවිදින ගමන් අතකුත් දික් කරලා අයියලා ටිකට තර්ජනෙ කරලා දැම්මා..
" අවසන් වටයට තෙරි පත්වන්නෙ ......
අංක 2 , 3 , 6 , 8 , 17 , 23 , 44 , 47
ඉහත අංක කියවූණු සිසුන් නැවතත් වෙදිකාවට පැමිනෙන්න..! "
අමාරුවෙන් කිසිම හැගීමක් නැතුව අවුට් වෙන්නම බලා ගෙන ගියපු වට දෙකකට පස්සෙ අවසන් මහ වටයටත් මගෙයි ශනල් අයියයි නම් කියවෙද්දි ස්ටෙජ් එක පල්ලට වෙලා අපිට චියර් කරන උන්ටනම් පුදුම ආතල් එකක් තිබ්බෙ....
" යොහ් කවුද අපේ සිහින කුමාරයා වෙන්නෙ බොයීස්~.... "
" වෙන කවුතෝ අංක 2 අපේ ශාකි සිගේරා.. !!! "
" නෑ අංක අටෙන් අපේ ශනාල් ආධිත්‍ය වූහූ !!!!! "
ස්ටෙජ් එක පල්ලෙ ඉදපු අපේ උන් එතන මැරෙන්න හදද්දි මන්නම් ඉදියේ දැන් මොන මගුල කරන්නද කියලා හිතා ගන්න බැරුව.. මොකද මෙකෙදි අන්තිමට මොකක් හරි සින්දුවක් කියන්නත් ඔනෙනෙ අප්පා රෙද්ද....
ඉවරයක් නැනෙ මේ මගුලෙත්....අවුට් කරපියව් යකෝ මාව !!!
" ඔව් අපි අද සිහින අවුරුදු කුමාරයා තෙරිමේ තරගයේ පොඩි වෙනසක් කරන්නයි බැලුවෙ එහෙම නේද අයියේ...? "
" ඔව් මොකද ප්‍රේක්ෂකාගාරයේන් හොද යොජනාවක් අපේ විනිශ්චය මණ්ඩලයට ලැබිලා වගේම එ අදහසට අපේ විනිශ්චය මණ්ඩලයත් එක හෙලා කැමැති උනා මොකද මෙතන ඉන්න තරගකරුවො අට දේනාම අවුරුදු කුමාරය වෙන්න පුදුම තරම් සුදුසුයි
ඒත් මෙකට නිවාමක් දෙන්න ඔන නිසාම අපි තීරණේ කරා මෙතන ඉන්න සිහින කුමාරයො ටික යුගල් කරන්න ...... "
" ඔව් එතකොට යුගල හතරෙන් හොදම යුගලය තමයි අද දවසෙ සිහින අවුරුදු කුමාරයා කිරුළ පලදින්නෙ... "
" ඉතින් අපි දැන් අවස්තාව දෙන්නෙ අපේ ප්‍රෙක්ෂකයින්ට ඔබගේ ප්‍රියතම යුගලයට මනාප පල කරන්න... "
" මෙ වෙද්දි අපි අපෙ පාසල් සමාජ ජාලා හර්- "
එක සැරෙ හෙන ගහන්න වගේ කවදාවත් නැතුව අවුරුදු කුමාරයා යුගල වශයෙන්ද මොන ප##න්ද මන්දා එකෙන් තොරනවා කියද්දි මට ඉබෙටම බැලුණේ තාමත් නහර පුප්පන් ගහගන්න වගේ ඈත බලාගෙන ඉන්න ශනල් අයියා දිහා..
බෑ ඌව දෙන්නෑ පලයව් යන්න !!!
ශනල් අයියව කාට ගෘප් කරයිද කියලා හිත ගන්න බැරුව අන්තිමට ඉතුරු වෙලා ඉදපු මෙ වෙද්දිත් ශනල් අයියා දිහාවට ඇස් යවලා ඉදපු දොලව වසරේ මල්ලිලා දිහාවට ඇස් අරගෙන ගියපු මම කොහෙට හරි ඇදිලා යනවා දැනුන නිසා මන් ඉක්මනට ඇස් උස්සලා බැලුවේ ශනල් අයියා දිහා...
" you ' re only mine ! "
මූනත් රතු කරගෙන ඉදපු ශනල් අයියා මාවත් ඇදගෙන කපල් වෙන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙද්දි මට ඒකට හා කියනවත් බෑ කියන්නවත් ඉඩක් හම්බුනෙ නෑ මොකද ඒ වෙද්දිත් හැමොම වොට් කරලා තිබුණේ මායි ශනල් අයියයි කපල් වෙන එකට...
කොයි වෙලෙද උත්තො වොට් කරන්න කිව්වෙ අපිට ?
අපි එහෙම එකක් දන්නෙත් නැනේ.....
" දැන් පටන් ගන්න "
මෙ වෙද්දි වොට් ලැබිලා තිබුණ විදිහට ඉතුරු වෙලා ඉදපු කොල්ලො හය දෙනාත් එයලගෙ අන්කෙට සෙට් කරලා වොට් ඇවිත් තිබ්බ කොල්ලා එකක් කපල් වෙලා පොලිමට එකා පිටිපස්සෙ එකා හිට ගනිද්දි මම ඉදියෙ ශනල් අයියා එක්ක පිටි පස්සෙම....
මුලින්ම ස්ටේජ් එකෙ ඉස්සරහට ගියපු දොලහ වසරේ මල්ලිලා දෙන්නා එතන එහෙට මෙහෙට කැරකිලා ආයෙම ස්ටෙජ් එකෙන් එලියට ගියේ සින්දුවකුත් කියලා වෙද්දි මන් කල්පනා කරේ අපි දෙන්නට කියන්න හොද සින්දුවක්..
ඔය විදිහට අනිත් කපල් දෙකත් ස්ටේජ් එක ඉස්සරහට ගිහින් ඇක්ශන් ගොඩක් දලා යනකොටත් මම ඉදියේ වෙනම සිහියක..
" lets go "
බිම බලාගෙන මනො පාරක් ගහගහ ඉදපු මගෙ අතින් කවුරු හරි අල්ල ගන්නවත් මෙච්චර වෙලා රතු වෙලා තිබ්බ ශනල් අයියගෙ මූණේ හරි සැහැල්ලු හිනාවක් ඇදෙනවත් ,
ඒ හිනාවට වෂී වෙලා මගෙ කට කොනටත් හිනාවක් ඇදිලා එනවත් එක්කම මම ඉදියේ ශනල් අයියගේ අතේ පැටලිලා ස්ටේජ් එක ඉස්සරහ...
" අඩො මෙන්න සිහින කුමාරයො දෙන්නා.. !! "
වටෙ පිටෙන් මගෙයි ශනල් අයියගෙයි නම් , අපෙ අතේ බැදලා තිබ්බ අංක කියවුණත් මගෙ ඇස් තාමත් නැවතිලා තිබුනේ ජජ් පැනල් එක පැත්තට ඇස් තියා ගෙන හිනාවෙලා ඉන්න ශනල් අයියාගෙ මූණට....
මෙතනට ඇවිත් කරන්න ඔන කිසි දෙයක් කරන්න මට මතක නැති වෙද්දි ශනල් අයියා අමුතු හිනාවක් කට කොනට අරගෙන මගෙ වටෙ හෙනම මෑන්ලී වොක් එකකින් වටයක් කැරකිලා එතන වැඩෙ ඉවර කරන්න බැලුවත් එහෙම කරන්න උනේ නැහැ මොකද ඊලගට ආවෙ අපි දෙන්නට මොකක් හරි අයිටම් එකක් කරලා පෙන්නන්න තිබ්බ එක...
"ගම්මානේ......
ඉතින් තවත් බලන් ඉන්න වෙලාවක් තිබුණේ නැහැ අපි දෙන්නා අතට මයික් එක පාස් වෙනවත් එක්කම ශනල් අයියා මගෙ කනට කරලා මිමිණුවා...
ඔව් ඒ මිමිණුවේ අපි කියන්න යන සින්දුවෙ පලවෙනි පදේ...
නිල් යායේ....
( රෑන් කොබෝ මාල ගිරා )
( හීන් වලා සේල එළා.. )
සන්තෝසේ....
හිත් යායේ...
( හීන් හිනා තාල ලතා..)
ඉර දේවින්ද්‍ර දෝස් දුරුකර..
අයුබෝ දේවා...
බක් මාසේ....
හිත් යායේ...
අවුරුදු කාලේ.
අවුරුදු කාලේ.
පාත් වෙලා අතු අග රස
පලදෙන කාලෙ.
දෝත් නගා වැඩිහිටි සැම
නමදින කාලේ...
දෑස් බලා නාඹර හිත්
යාවෙන කාලේ...
දෑත් පතා ආදර මල්
පිදෙන කාලේ....
දෑත් පතා ආදර මල්
පීදෙන කාලේ....
සීදෙවි බාල නගා..
හදේ සාවී පරදා...
ආල වඩන කෝල කතා
ඒ බොරු වරුණා..
හිතම පුරා තියෙනා...
නොකී කතා බෝමා..
මේ හොද කාලේ....
හිත ගියාට අවුරුදු කාලේ.
අවුරුදු කාලේ...
පාත් වෙලා අතු අග රස
පලදෙන කාලෙ.
දෝත් නගා වැඩිහිටි සැම
නමදින කාලේ...
දෑස් බලා නාඹර හිත්
යාවෙන කාලේ...
දෑත් පතා ආදර මල්
පිදෙන කාලේ....
දෑත් පතා ආදර මල්
පාත් වෙලා අතු අග රස
පලදෙන කාලෙ.
දෝත් නගා වැඩිහිටි සැම
නමදින කාලේ...
දෑස් බලා නාඹර හිත්
යාවෙන කාලේ...
දෑත් පතා ආදර මල්
පිදෙන කාලේ....
දෑත් පතා ආදර මල්
පීදෙන කාලේ....
මෙච්චර වෙලා මේ තරම් දුරක් ආපු එකෙ තවත් කලබල වෙන්න දෙයක් නැති තැන අපිට ලැබුනු මයික් දෙකත් එක්ක අපි දෙන්නා කරේ එකතු වෙලා අන්තිම පාරට සින්දුවක් කියපු එක.. ඒකත් වටේම තිබ්බ හැමදේම අමතක කරලා අපි දෙන්නට වෙන් කර ගත්ත සීමාවක අපේම ලොකෙම නතර වෙල....
" ඔව් මන් හිතන්නෙ අපේ මේ යුගලටනම් තව දුරටත් තරග කරන්න අවශ්‍යය වෙන එකක් නෑ නේද නිසල් . මොකද මේ වෙද්දිත් මුලු පාසලෙම මනාපය ගිහින් තියෙන්නෙ අපේ මේ යුගලට... "
" මන් හිතන්නෙත් ඔව්. අපෙ විනිශ්චය මණ්ඩලය තව දුරටත් මේ තරගය ඇදගෙන යන්න කැමැති නැ වගේ..
ඒ නිසා අපි දැන් යන්නෙ අපේ අතට ලැබිලා තියෙන පුන්චි සිතැති සූර්ය උදානය '24 රේ සිහින අවුරුදු කුමාර යුගල ලෙස අභිශේක ලබන යුගලනේ නම සදහන් කරන්න..... "
" ඉතින් කවුද මෙවර අපේ සිහින කුමාරයො දෙන්නා වෙන්නෙ ඉෂාන් ? "
" ඇත්තෙන්ම කියනවනම් ඒ වෙන කවුරුත් නෙවෙයි........
අපේ ශානාල් යුගල තමයි මෙවර සූර්‍ය උදානයේ සිහින අවුරුදු කුමාර යුගල විදිහට අපේ විනිශ්චය මණ්ඩලය අභිසෙස් ලබන්න තොරා පත් කරගෙන තියෙන්නෙ.... !!! "
" ඇත්තෙන්ම මෙ වෙද්දි අත්පොලසන් නාදනම් ඉවරයක් නැති තරම් . ඉතින් අපි අපෙ අවුරුදු කුමාර යුගලයට වෙදිකාවට ආරධානා කරමු නේද.... ? "
අන්තිම පාරට සින්දුවත් කියලා යාලුවො ගාවට වෙලා ඉදපු මමයි ශනල් අයියයි මේ පාර සිහින අවුරුදු කුමාර යුගල කියලා දැන ගත්තාම අපි වටේ ඉදපු උන් අපි කරවල් උඩ තියගෙන ස්ටේජ් එකට අරගෙන ගිහින් අභිශේක ගන්නවලා අයෙම එක්කන් අවෙත් කරෙන්ම තමයි ඉතින්..
🥱
You are reading the story above: TeenFic.Net