බිග් මැච් එක තියෙන්නෙ ඉරිදා වගෙම , මේ පාර බිග් මැච් එක බලන්න අපෙ ගෙදර අයටත් පුදුම ආසවක් තිබුන නිසා සෙනසුරාද අපෙ ගෙදර මාරම සෙනගක් ඉදියේ...
ශනල් අයියගෙ පව්ලෙ අයයි ,අපෙ පව්ලෙ අයයි , ලොකු අම්මලයි ඔය හැමොම එදා ඉදියේ ස්පොර්ට් මීට් එක දවසෙ වගෙ අපෙ ගෙදර...
ඉතින් අද සෙනසුදාරදා උදේ මමයි සහ්‍රසයි සුපුරුදු පරිදි ක්ලාස් ගිහින් ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන එහෙම ආයෙම ගියෙ ඉස්කොලෙට...
මොකද අද තමයි අපෙ කොල්ලන්ගෙ බිග් මැච් එකට කලින් දවස...
ඉතින් අශාන් , දේශ් කට්ටිය අද ඉන්නේ ඉස්කොලෙ හොට්සල් එකෙ නිසයිත් අභිමන් අයියා නිසා ශනල් අයියලත් ඉස්කොලෙ හොස්ටල් එකෙ අද රෑ නවතින්න කතා කර ගත්ත එකෙන් අපිත් මේ යන්න හදන්නෙ එයාලා එක්ක එකතු වෙන්න....
දේශ් , අශාන් දෙන්නට ලොකු මල් බොකී දෙකක් හවස ක්ලාස් ඇරිලා යන ගමන් මමයි සහ්‍රසයි එකතු වෙලා Minro flora එකෙන් ගත්ත නිසා එන ගමන් අපි ලස්සන කේක් එකකුත් ගත්තේ ඒ දෙන්නම කෙක් කන්න මාරම පෙරේතයො දෙන්නෙක් නිසා..
ඒ අස්සෙ තව තව එව්වා වගෙකුත් ගත්තා , එව්වා පස්සෙ කියන්නම්....
මෙ සතියෙම අපෙ ඉස්කොලෙ ගොඩක් කොල්ලන්ගෙ කටේ තිබ්බෙ බිග් මැච් එක. මොකද ගිය පාර කප් එක ගත්තේත් අපෙ ස්කොලේ ඒකත් අභිමන් අයියා කැපා වෙලා ඉදලා...ඉතින් මේ පාරත් අපෙ උන්ගෙ ලොකුම බලාපොරොත්තු දේශ් අශාන් දෙන්නා.....
ඇත්තටම කියනවනම් දේශ් , අශාන් කියන්නෙ මන් දැක්ක සුපිරිම ක්‍රිකට් ප්ලේයර්ස්ලා දෙන්නෙක්.... ඒ වගෙමයි අපෙ කොච් පවා මාරම පුශප් එකක් දෙන්නෙ උන් දෙන්නගෙ බැට්ල් එකට....
ඉතින් සහ්‍රසවත් දාගෙන අපි අද රෑ ඉන්නත් ඇදුම් එහෙම ලැහැස්ති කරගෙන කෙලින්ම ආවෙ ඉස්කොලෙ හොස්ටල් එකට.. කලින් ශනල් අයියලා එයාලා එක්ක අපිත් එනවා කියලා හොස්ටල් එක භාර සර්ට පණිවිඩෙ තියලා තිබ්බ නිසා හොස්ටල් එකෙ පාකින් එකට වාහෙත් පාර්ක් කර ගත්ත මමයි සහ්‍රසයි වාහනෙන් බැස්සා..
ඒ බැහැලා සහ්‍රස දෙන්නගෙ බැග් දෙකත් කරේ දා ගත්ත නිසා ගත්ත මල් බොකේ දෙකයි ලොකු කේක් ගෙඩියයි මන් මගෙ අතට අර ගත්තා...
" අඩෝ මල්ලිලා මේ මොකත බං මේ.... "
අපි දෙන්නව ඇතුලට එක්කන් යන්න අලොක අයියා ඇවිත් ඉදපු නිසා ඌ ගෙන්න කියපු බියර් බොතල් ටිකත් ශෙප් එකෙ පාස් කරලා අපි දෙන්නත් ඉතින් සුකුමාලියො දෙන්න වගෙ ගියෙ අපෙ පාහර පැටව් දෙන්නා බලන්න මල් වඩමුත් උස්සගෙනම...
හේ මිනි පෙට්ටියට කාර්ඩ්බොර්ඩ් එකක් ගත්තනම් ඉවරයි...
" යෝහ් මයි සුදු මැනිකේ & චුටි මැනිකේ අපි ආවෝ...... "
අලොක අයියා පස්සෙන් අපෙ ක්‍රිකට් ටීම් එකෙ උන් ඉදපු රූම් එක පැත්තට ගාටලා 06 කියලා ගහලා තිබ්බ ටිකක් ලොකු හොල් එකෙ දොර ඉස්සරහ හිට ගෙන මන් ටිකක් සද්දෙට කතා කරේ සහ්‍රස දොර අරින වෙලෙමයි....
" අඩො මේ මෙන්න මුන් දෙන්නා ඇවිත් !! "
කාමරෙ දොර ඇරපු ගමන් එලියෙන් හිට ගෙන ඉදපු මමයි සහ්‍රසවයි දැකලා දේශ් අත් දෙකෙන්ම කටත් වහගෙන සප්‍රයිස් වෙච්ච මල් කුමාරයෙක් වගේ ඒ කියද්දි මමයි සහ්‍රසයි දෙන්නත් කාමරෙට කඩගෙන වැදුනේ පිස්සන් කොටුවෙන් දැන් පැනලා අපු අම්බ පිස්සො දෙන්නෙක් වගෙ...
නෑ මේ අපි දෙන්නා එන මගදි ඉතින් දන්නැද්ද....
කම්බුල් දෙපැත්තේ ස්කොලෙ පාටින් ඉරිත් ඇදගෙන ස්ටිකර්ස් දෙකකුත් ගහගෙන අතටත් බෑන්ඩ් හැත්තෑවක් විතර දාගෙන බිග් මැච් එකට ආවා වගෙනෙ අපි ආවෙ....
තව මෙ අර වනවන දෙකකුත් සහ්‍රස අතේ තියා ගෙන වන වන ඉදියේ....
ඌ ඒක වන වනකොට මගෙත් සමහරක් එව්වා වැනවුණා හැබයි ඉතින් ඒක වෙනම කතාවක් හී......
" අනේ අප්පෙ මගෙ හිච්චයියො දෙන්නා..
ම්ම්ම්වහ් !!! "
අතින් පයින් මදිවට කටෙනුත් බඩු තොගයක් එල්ලන් ඉදපු මායි සහ්‍රසයිවයි දෙන්නම එකට තියලා බදා ගත්ත දේශ් පත කිස් දෙකක් අපි දෙන්නගෙ පාට ගැවිලා නැති කම්බුලේ පැත්තකින් තියලා සහ්‍රස එල්ලන් ඉදපු බෑග් දෙක අරගෙන තිබ්බා..
" ඒ මෙන්න බොලේ වැඩක් උබල කොයි වෙලෙද ආවෙ... ??"
නාලා කියලා හිතන්න පුලුවන් අපෙ අශාන් කොල්ලා ටවල් එකකුත් ඉණෙ පටලව ගෙන ඇවිත් ඉදපු අපි දෙන්නා දිහා බලා ගෙන ඇගිල්ලත් දික් කර කර එහෙම අහද්දි මන් ඌව ඇදල අරන් ඔලුව ඉම්බේ ඌ ගාවින් මාරම සුවදක් ආපු නිසා....
" අපි ආවෙ උබල දෙන්න බලන්න තමයි ඔයි.... "
මගෙ අස්සෙ ඉදපු අශාන්ව ඇදල ගත්ත සහ්‍රස අශාන්ව උස්සලා වටයක් කරකවන ගමන් ඒ කියද්දි මමත් ගිහින් දේශ්ගෙ කොට්ටෙ තියලා තිබ්බ ඇදෙන් වාඩි උනා..
ඌගෙ කොට්ටෙ කොහෙ ගියත් හොයන්න පුලුවන් !
ඇයි කොට්‍ට උරේ ඉන්නෙ පත ඌරු පැටියෙක්ගෙ පින්තූරයක්නේ....
" එහෙනම් මල්ලිලා රෑට සෙට් වෙමු මෙන්න මුන් දෙන්නව කොහෙවත් යවන්න එපා... !! "
මෙච්චර වෙලා මෙතන උන සෙරම හරිම සානුකම්පිතව බලාගෙන ඉදපු අපෙ අලෝක බොසා ඇගිල්ලත් දික් කර කර අපෙ අශාන්වයි දේශ්වයි පෙන්න පෙන්න ඒ කියද්දි මමත් ඕන එකකට හා වගේ ඔලුවත් වනලා අලොක අයියා යනකල් බලන් ඉදියා......
" ඒ උඹලා වොශ් එකක් දානවද බන්... ? "
මන් වාඩි වෙලා ඉදපු ඇද ගාවටම ඇවිත් ඉද ගත්ත සහ්‍රස මගෙ කර වටෙ අතකුත් යවාගෙන උගෙ ඔලුව මගෙ උරිස්ස උඩින් තියන් ඉද්දි දේශ් අපි ඉස්සරහ ගල් ගෙඩිය වගෙ හිට ගෙන එහෙම ඇහුවේ අපි ඉදියෙ ටිකක් මහන්සි පාටින් වගෙ නිසා වෙන්නැති.....
" තව ටිකක් රෑ වෙන්න යමන් "
දේශ් අහපු දේට මමත් එහෙම උත්තර දිලා බලන් ඉදියේ ඒ කමරෙ ඉදපු කොල්ලො ටික දිහා... එක එකා එක එක විදිහට බුදියන් ඉන්නෙ....
" අයියේ මේ අයියලා දෙන්නට කෑම ? "
දේශ්ලගෙ ටීම් එකෙ අපිට වඩා බාල කොල්ලෙක් ඇවිත් අපිට කෑම කොහොමද කියලා අහපු නිසා සහ්‍රස අපි කෑම ගෙනාවා කියලා ටීම් එකෙ අනිත් උන්ට ගෙනාපු කෑම ටික වෙන් කරලා මුන් දෙන්නගෙ ටික අරගෙන එහෙමම කට්ටියම ආවෙ එලියට....
මොකද දැන් උන් සෙරම නිදා ගන්න යන්න ඉන්නෙ.... ඒත් අපිටනම් දැන්ම නිදියන්න වෙන්නෙ නැතේ.....
" ඒ අයියලා කට්ටියට කෑම මොකො ? "
අපි පස්සෙන් අපු අශානුත් කොන්ඩෙත් ගස ගස එහෙම අහද්දි මම උන්ට කෑම එපා කිව්වා කියල මිසක් මේ වෙද්දිත් උන් හොදට දීලා අදිනවා කියලා කියන්නෙ නැතුව කට්ටිය එක්කම එලියේ ටිකක් නිදහස් තැනක් වෙච්ච හොස්ටල් එකෙ ලොකු අඹ ගහ යට බන්කුවෙන් ගිහින් ඉද ගත්තා...
" වරෙව් කාලා ඉමු..... "
" ඒ කාලා රෑ වෙන්න නාමුද සෙට් එකම පූල් එකට පැනලා ?? "
" අඩො පට්ටනෙ එහෙනම් හොස්ටල් එකෙ පොර නිදා ගන්නකල් ඉදලා පනිමු ස්කොලේ පූල් එකට..... "
කෑම කන්න කතා කරලා අන්තිමට ඒක නෑමකින් නැවතෙද්දි මමත් ඔය ඔන එකකට ඒ කාලෙ ඉදන් ඔට්ටු නිසා කරන දෙයක් ඒ වෙලාවට කරන්න දැන් ගෙනාපු කෑම එක අර තුන්දෙනාට ගිල්ලවලා මමත් එහෙන් මෙහෙන් බඩ පුරවගත්තා...
" එහෙනම් අපි පූල් එක ලග පොඩි පාටියක් දාමු මොකද කියන්නෙ ? "
" අඩො එලනෙ මම්ලි දාමූ දාමූ "
කෑමත් කලා ඉවර වෙලා ආයෙම රූම් එක පැත්තට ගාටපු අපි අලෝක අයියලා එක්ක කතා කර කර ඉද්දි සහ්‍රස කලින් අපි කතාවුණ එකට පාර්ටි එකකුත් ඇඩ් කරපු පාර කට්ටියම ඒකට කැමැති උන නිසා අභිමන් අයියා අනිත් උන් ටිකව නිදි කරවලා ඉවර වෙනකල් ඉදලා හොස්ටල් එකෙ පොරත් නිදා ගන්නකල් ඉදලා කට්ටියම ශොටයි ටි ශර්ට් එකකුයි දාගෙන ටවල් ටික කරේ දාගෙන අදින්න ඇදුමුත් උස්සගෙන ගියේ හොස්ටල් එකෙ තාප්පෙ පැත්තට...
ඔය යන ගමන් ශනල් අයියා අර අපි ගෙනාපු කේක් ගෙඩියයි බියර් බොතලුයි ටිකත් පන්නගෙන මැද හරියෙන් එද්දි ශනල් අයියව රැක්කෙ අකිත් අයියයි අලොක අයියයි....
ඉස්සරහින් සැට් එකගෙ රෙදි ටික උස්සන් ගියපු අශාන්ව මැදට කරගෙන අපි තුන් දෙනා ඉස්සරහින් යද්දි කණ්ඩාටම නියොජනය කරෙ අපි අභිමන් බොසා....
හොස්ටල් එකෙ වටේටම හයි කරලා තියෙන සිසිටිවි වලට මාට්ටු නොවෙන්න අපි අට දෙනා තාප්පෙ පැත්තට බඩගාලා මුලින්ම ඇදුම් බෑග් එක ස්කොලේ පිටි පස්සේ වත්තට දාලා එකා එකා නැගලා තප්පෙන් පැන්නා...
කේක් ගෙඩියනම් ගානට ලස්සනට බා ගත්තා අපි හොදෙ.....
ස්කොලේට කොහොම හරි පැන ගත්ත අපි සිකියුරිටි අන්කල්ට අහු නොවෙන්න පූල් එක පැත්තට මල කලුවරේම කිසිම එලියක් නැතුව පෙර පුරුද්දෙ තරමට ඇවිදන් ගියා....
" අඩො හැන්ගෙව් ඉක්මනට අර පොල්කට්ටා එනවා... "
පූල් එක පැත්තට හොර රහසේ ඇදුණු අපේ සෙට් එකෙ පිටි පස පෙල නියොජනය කරපු අකිත් අයියා ස්කොලේ වත්ත පැත්තේ ගාඩ් කරන සිකියුරිටි අන්කල් එනවා කියලා අපිව ඇදගෙන දුවගෙන ඉස්සරහට ගිහින් හැන්ගෙන්න තැන් හොයද්දි.
මමයි සහ්‍රසයි දෙන්නා ලගම තිබ්බ අඹ ගහකට නැග ගත්තට පස්සෙ මන් ලා එලියෙන් දැක්කෙ අශානුයි දේශ් දෙන්නා ලොකු පදුරක් අස්සෙ මුවා වෙනවා....
අයියලා ගැන ගත්තොත් අභිමන් අයියා අපි ඉදපු ලොකු අඹ ගහට මුවා වෙලා හුස්මත් හිර කරගෙන ඉන්නකොට අනිත් ට්‍රිබල ලගම තිබ්බ බිල්ඩින් එකට මුවා වෙලා ඉන්නවා මන් හොදට බලා ගත්තා...
අපෙ පොල්කටුස් අන්කල් එයාගෙ අර පත තඩි ටොච් එකෙ දෙපැත්තම ලයිට් ගහගෙන ගස් උඩයි තාප්ප දිගෙයි අරන් ගිහිල්ලා අපි කාවවත් නොට් කර ගන්නෙ නැතුව එහෙමම ගියා... ඒ ගිහින් විනාඩි දහයක්වත් යනකල් අපි එකෙක් ඉදපු තැනින් හෙලවුනෙ නෑ මොකද පොර ඇලට් එකක් දාන්න විනාඩි දහයක් ගන්න නිසා..
විනාඩි දහයක් එක එක තැන්වල ඉදපු අපි ගස් උඩිනූයි ගල් උඩිනුයි බැහැලා ඇවිත් සිකියුරිටි අන්කලුත් හොද හැටි ගොරවන සද්දෙත් අහගෙන ගියේ පූල් එක තිබ්බ පැත්තට...
අපෙ ස්කූල් එකෙ පූල් එක ගැන කියනවනම් ඒක ඔපන් එරියා එකක් එක්ක තමයි තියෙන්නෙ , ඒ උනාට ඇත්තටම කියනවනම් මෙතන කෙනෙක් ඇවිත් අහගෙන ඉදියොත් මිසක මෙහෙ කවුරු ආවත් ඒ ගැන දැන ගන්න ටිකයි අමාරුයි..
මොකද පොඩි ගුප්ත සීන් එකක් තමයි මේ වටේ තියෙන්නෙ...ඒක හින්දා වැඩිය කවුරුත් මෙහෙට එන්නෙ නෑ රෑට...
මම කියන්නෙ ඔය ගොඩක්ම සිකියුරිටි අන්කල්ස්ලා..
ඉතින් කට්ටියම ශෙපෙට පූල් එක පැත්තට ගාටලා ගෙනාපු අඩුම කුඩුම ටික පූල් එකට උඩ හරියෙන් වෙන්න තිබ්බ පඩි පෙලෙන් තියලා ආයෙ වැඩි වෙලා ගියෙ නෑ එකා එකා ජබොස් ගගා පූල් එකට පැනලත් ඉවරයි...
ඉතින් එක එකා එක එක ආතල් අරගෙන පූල් එකට වෙලා ඉන්නකොට අමුතු චූන් එකක් ගියපු අශාන් පූල් එකෙන් ගොඩට ඇවිත් උගෙ ෆොන් එකෙ මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙච්ච සින්දුවක් ප්ලේ කරා..
" වරෙං නටන්න "
පූල් එකට පැනලා ෂාපන් එකේ එහෙටයි මෙහෙටයි පීන පීන ඉදපු මගෙ අතින් ඇදලා අශාන් මාව පූල් එක උඩට ගත්ත පාර දේශුත් පූල් එකෙන් උඩට ඇවිත් දැන් සින්දුවට සාධාරණයක් කරන්න කල්පනා කරනවා...
" මූණ සුදුයි ඈ
ඇගෙ කකුල් කලු නැ
නටයි වන්නම් තට්ටම් ඈ
ඉන්න බැහැ......
ඇන්නා පැන්නා නෑ
මන් දුන්නොත් ඉල්ලන්නැ
වටෙ ගියොත් ගන්නෙත් නැ
එකි නැ එහෙම නැ "
අශානුත් ඉදලා ඉදලා හොද සින්දුවක් තොර ගෙන ඒකට ගානට පස්ස නලව නලව නටන්න පටන් ගත්තා පර දේශුත් ඒකම කරන්න ගත්තා..
දැන් මන් මොකක්ද කරන්න ඔනේ.. ??
" ඒ ශාකි වනවපන් !! උඹට ඕක හොදට වැනෙව්වැහැකිනේ.... !! "
මගෙ අති ජාත බලු මිතුරො දෙන්නා මාවත් ඇදගෙන පස්ස වනන්න ගත්ත පාර වැඩි වෙලා යන්නෙ නැතුව මගෙ පස්සත් ඉබේම වැනවෙන්න ගත්තා...
" ඇස් උදුරන්
ඒ නාරං
උස්සා ගස්සා
යාවි ඈ
කං කං බූරූ
සිංඥොරු
දෙන්නම් ජම්බු
ඒ ජම්බු // //"
කෙල්ලෙ ඔයා පට්ට ගති
රෑට මං දැන් ටැක්ටර් පදි
දැම්මත් හති වෙන්නැ ඇති
මරු කද ජාති ජාති
ඒ සුකිරි බොලෙ බොලෙ
මන් ඉන්නෙ මොලෙන් මොලෙන් දැං
මොකො කොලෙන් කොලෙන්
බෙරෙන්නෙ පාලෙන් පාලෙන්
ඉන්නොද කොල්ලෙක් ඔයාට
උන්නත් අවුලක් නැ මෙ මට
ලන් වෙන්නම් කාටත් හොරාට
පස්සෙ දොරෙන් ගාට ගාට "
සින්දුවට උපරිම සාධාරණය කරපු මම ඇතුලු අපි අට දෙනාම කෑ ගහගා සින්දුවට තාල සැපයුවා... පූල් එකෙ ඉදපු උන් සින්දුව කියද්දි මමයි , සහ්‍රසයි , දේශුයි , අශානුයි පූල් එක උඩ අඩව් ඇල්ලුවා...
" ඇන්නා පැන්නා නැ
ඇස් උදුරන්
ඒ නාරං
උස්සා ගස්සා
යාවි ඈ
කං කං බූරූ
සිංඥොරු
හා කිව්වොතින්
මරු ඈ....//
දෙන්නම් ජම්බු
ඒ ජම්බු.....////
ඇස් උදුරන්
ඒ නාරං
උස්සා ගස්සා
යාවි ඈ
ඇන්නා පැන්නා නැ
මන් දුන්නොත් ඉල්ලන්නැ
වටෙ ගියොත් ගන්නෙත් නැ
එකි නැ එහෙම නැ //
අස් උදුරන් ...// "
" ඒ ශාකී..... "
ඉතින් කට්ටියම ඇක්ශන් දදා නටල කරලා ගොඩ ඇවිත් ගෙනාපු කෙක් එකත් කපලා බියර් බොතලයක් දෙකක් ගහලා සැපේ කයියක් දාගෙන ඉද්දි අශාන් මට කතා කරපු නිසා මමත් උගෙ පැත්තට ඇස් යැව්වෙ ඇයි අහන්න....
" ඔහ් කියපං "
" අඩො බන් මගේ ෆොන් එක ක්‍රිකට් රූම් එකෙනෙ "
" යකො තො මොකද ඒක එහෙ දාලා අවෙ.? "
" අපි හවස කලබලේනේ බන් ආවෙ මට ඒක අමතක වෙලා වගෙ.... !! "
" යමං එහෙනම් අරන් එමු... "
අශාන් උගේ ෆොන් එක ක්‍රිකට් රූම් එක අස්සෙ දලා ආවා කියල නහයෙන් අඩන්න පටන් ගත්ත පාර දේශුත් ඌට දෙකක් ඇනලා පොඩි එකාට කොචොක් දාන්න පටන් ගත්ත නිසා මන් ඌ එක්ක යන්න එන්න කැමැති උනේ මොනා උනත් ඒව්වා ඇතුලෙ මොනවා තියෙයිද කියලා දන්නෙ නෑනෙ නැද්ද ??
හේ අලොක අයියගෙ ........... ටීක් ටීක්
එක එක වල් සිතුවිලි ඔලුව පුරා මැවෙන්න ගත්ත පාර මන් ඔලුවටත් එකක් ගහගෙන අශාන් එක්කම ස්කොලේ ස්පොර්ට් රූම් පැත්තට බඩ ගෑවේ කොකටත් කියලා හොර රහසෙමයි......
අශාන්වත් පිටි පස්සට කරගෙන අපි දෙන්නා ශේපෙට ස්කොලේ හත් ගව්ව දුර තිබ්බ ස්පොර්ට් රූම් එකට හද එලියෙන් ගාටලා අන්තිමට කොහොම හරි ඒකත් හොයා ගත්තා....
" මන් අරන් එන්නම් උඹ ඔතන ඉදපන් කවුරු හරි ආවොත් කියපන් "
ස්පොර්ට් රූම් එක පල්ලෙම හරියෙ තියෙන කොරිඩො එකෙන් අශාන්ව මුරට තියලා මන් ක්‍රිකට් රූම් එක පැත්තට ගිහින් ලොක් එකත් ඇරලා ඇතුලට ගිහින් මුලින්ම රූම් එකෙ තිබ්බ ලයිට්ස් සේරම ඔන් කරා.....
' ආර්හ් මේකා කොහෙද මේක තිබ්බෙ.. ? "
මුලු ක්‍රිකට් රූම් එක පුරාම උන්ගෙ බඩු ගොඩවල් පුරවලා තියෙන අස්සෙ අශාන්ගෙ ෆොන් එක හොයා ගන්න මට දවසම යාවි කියලා හිතුවට විනාඩි පහක් දහයක් යනකොට ලොකර් එක උඩ තිබ්බ අශාන්ගෙ කලු පාට ඇපල් ෆොන් එක හොයා ගන්න පුලුවන් උන නිසාම මම ෆොන් එකත් සාක්කුවට දාගෙන එහෙමම හැරුණා තමයි......
" Hii...... long time no see ! "
මගෙ පිටි පස්සෙ හිටන් ඉදපූ මීට මාසයක උඩදි අන්තිම පාරට දැක්ක ආයෙම දකින්න කිසිම බලාපොරොත්තුවක් තියන් ඉදපු නැති කෙනෙක් බොර පාට ඇස් දෙකකින් මගෙ දිහා බලන් ඉද්දි මන් අඩියක් පස්සට තිබ්බෙ ඇවිත් ඉදපු එකාගෙ හැසීරිම වෙනදටත් වඩා අවුල් සහතයි වගේ දැනුන නිසාමයි....
" tiger... මාව මතක නැද්ද බබා ඔයාට ? "
" අහකට පලයන් නූජ් "
මීට මාසකෙට කලින් ඉස්කොලෙන් අයින් කරලා දාපු මගෙ නමට පුලුවන් තරම් මඩ පාරවල් ගහපු නූජ් අද ආයෙම මගෙ ඉස්සහර හිටන් ඉද්දි නොකිවට මගෙ හිතෙත් පැත්තක් ගැස්සුනා...මොකද ඌ ඉන්නෙ තරහින් කියන්න උගේ එකට යා වෙලා තියෙන ඇහිබැමි දෙකෙන් මට හොදට කියන්න පුලුවන්.
නූජ් කලු පාට ටි ශර්ට් එකයි , ට්‍රවුසර් එකයි , කැප් එක ඇතුලු සියලුම දෙවල් කලු පාටින් ඇදගෙන ඉදපු නිසාම ඌ ඇවිත් තියෙන්නෙ හොර වැඩකට කියලා තෙරුන් ගත්ත මම ඌව පුලුවන් තරම් මග ඇරලා කෙලින්ම ගියෙ රූම් එකෙ දොර පැත්තට...
" ආර්හ් උඹ මොකක්ද කරේ නූජ් !!! "
" ඇයි මගෙ tiger බබාට දොර අරින්න අමාරුයිද ? නැත්තම් දොර ලොක් වෙලා ගිහින්ද ? "
හෙනම කුපාඩි හිනාවක් දාගෙන නූජ් දොරට අත තියාගෙන ලොක් වෙලා තියෙන දොර අරින්න ට්‍රයි කරන මන් පැත්තට එද්දි මන් මගෙ උපරිම වීර්ය දාලා දොර ඇද්දත් කිසිම වැඩක් උනෙ නැහැ...
" මේ දොර ඇරපන් නූජ් !! "
" ඇයි මේ හදිසි . අපි ටිකක් අශ්‍රය කරමු "
දොරට ඇලිලා ඉදපු මගෙ අතකින් අල්ලගෙන නූජ් එහෙම කියද්දි මන් උගෙ අත ගසලා දලා දොරට පයින් ගැහුවෙ කොහොමත් අශාන්ට මන් මෙතන මොන විගඩම නැටුවත් මේ කිසි දෙයක් ඇහෙන්නෙ නෑ කියන්න හොදාකාරවම දැන ගෙන.....
ශහාන් 💚
You are reading the story above: TeenFic.Net