42 කොටස

Background color
Font
Font size
Line height

ඉතින් සුපුරුදු පරිදි උදේ ආයෙම ඇහැරුණ මම වෙනදා විදිහටම පොඩි වර්ක්වුට් එකක් එක්ක නලා කාලා ලැහැස්ති වෙලා ස්කොලෙ ආවා.....

ඒ එනකොට ඉතින් ගේට් එක ඉස්සරහ මග රැකගෙන ඉන්න මගෙ බොයිපෙන්ට මල් මල් හිනාවක් පා කරලා යවන්න ගිහින් තව ඩින්ගෙන් උගෙ බැජ් එකයි මගෙ ලැබෙන්න තියෙන පට්ටම් ටිකයි මෙතනම තියලා යන්න වෙන සීන් එකක් තමයි මටත් උණෙ..

ඇයි මේ අපෙ පිනාටත් ඉතින් මන් මල් මල් හිනා යවනකොට පිටි පස්සෙ ඉදන් තට්ටු දාන්න ඔන උනානෙ......

ආර්හ් මේ සර්ට වෙන වැඩ නැතුවද මගෙ පස්සෙන් පන්නන්නෙ.... !!!

" Good morning sir... "

" Very Good morning පුතා.. "

පිටි පස්සෙ ඉදන් මට තට්ටු තාපූ අපෙ තට්ට ප්‍රින්සිපල් සර්ට මන් හෙන ඩ්‍රැමටිකලි විදිහට අර චන්ගුමීලා වගෙ ඔලුවත් පාත් කරලා ගුඩ්මොනින් කිව්වට පස්සෙ සර් හිනා වෙනීම ගුම්මොනින් කියා ගෙන ආයෙම ඔෆිස් එක පැත්තට ගියා...

යකො අද සේරටම මාන්දම ගහලද ඒ සැරෙ..

ඉස්සරහ ගල් ගෙඩිය වගෙ හිටන් ඉන්න ශනල් අයියත් හොරෙන් හොරෙන් මන් දිහා බල බල හිනා වෙනවයි ,අභිමන් අයියා ඇස් ගහනවයි , අකිත් අයියයි අලොක අයියයි ඇස් කරකවනවයි අස්සෙ ප්‍රින්සිපල් සරුත් පිටි පස්සෙ ඉදන් ඇවිත් බෑග් එක චෙක් කර කර ඉදපු මගේ පිටට තට්‍ටු දාපු වෙලෙ ඉදන් මන් ඉදියෙ අද මුන්ට මොනා වෙලාද කියලා හිතා ගන්න බැරුව..

" Good morning Mam "

" Ah good good morning පුතා... "

මන් බෑග් එකත් චෙක් කරවගෙන ඉවර වෙලා එහෙමම ඕන එකෙක්ට හිනා වෙයන් කියලා මගක් දුරට එද්දි හම්බුණ මැඩම් කෙනෙක්ට උදේට ග්‍රිට් කරපු පාර ඒ මැඩමුත් ගුලි කාලා වගෙ හිනා වෙවී මට ගුඩ්මොනින් කිය කිය යන දිහා මන් බලන් ඉදියේ හිටි තැනම නතර වෙලා..

මට මොකක්ද අමතකද උනේ ??

කොකටත් කියලා ඇදගෙන ඉදපු සුදු කලිසමේ සිපර් එක පැත්තට ඇස් යවපු මම සිපර් එකනම් ඇරිලා නෑ කියලා තක්කෙටම ශුවර් කරගෙන ආයෙම වටපිට බැලුවෙ අද දවසෙ මොකක් හරි විශේශයක් තියෙනවද කියලා හිතා ගන්න බැරුව...

මේ අවුරුදු කාලෙත් නෙවෙයිනේ ? හිනා වීමේ තරගෙට පුරුදු වෙන්- !!!!

" ඒ ශාකි වරෙන් ක්ලාස් එකට යන්න.. උබ ඔතනට වෙලා මොනවද බන් කරන්නෙ.. "

" ආහ් ? නැ මොනවත් නෑ....."

ක්ලාස් එක පැත්තට යන්න ආපු මගෙ පිටි පස්සෙන් අශාන් ඇවිත් එල්ලිලා මාවත් ඇදගෙන ක්ලස් එක පැත්තට යද්දි මමත් මොකුත් නොදන්න බබා වගේ එහෙමම ගියේ ක්ලස් එකට...

ඒ ගියත් ක්ලාස් එකෙ ඉදපු උනුත් එකාට එකා හිනා වෙවි සයිකො කාරයො වගේ හැසිරෙන්න පටන් ගත්ත පාර මන් එහෙමම පන්තියෙන් එලියට ආවෙ මගෙ ඔලුවත් කැරකෙන්න ආපු නිසා..

අද මුන්ට සිරාවටම මොකද වෙලා තියෙන්නෙ....

" ඒ මේ ඇයි බන් මේ අද හැම එකාම ගුලි කාලා වගේ හිනා වෙන්නෙ... මොකක් හරි උනාද ? "

ඉදලා ඉදලා බැරිම තැන මන් අශාන්ගෙන් එහෙම ඇහුවෙ මට මිස් වෙලා තියෙනව නම් දෙයක් මමත් ඒක දැන ගන්න ඔන නිසයි....

" නැ නැ බන් අර ****** එකෙ පිනයි , විනයබාරයයි ටික් ටොක් එකක් කරලානෙ ලයිව් ඇවිත්....... බුදාම්මො උබ දැක්කෙ නැද බන් "

" නැ මන් එහෙම එකක් දන්නෙ නැනෙ... "

අශානුත් බඩට අතත් තියා ගෙන හිනා වෙවීම ***** ඒ සර්ලා දෙන්නගෙ ටික් ටොක් එකක් ගැන කියව කියව ඉදපු පාර හිනා යන්න ආවෙ නැති උනත් මමත් බොරුවට හිනා වෙලා දැන්නම් හක්කත් එක්ක කැක්කුමයි....

ඉතින් අද උදේ ඉස්කොලෙ පටන් ගන්නකල් ගොඩක් අයගෙ කතාව වෙලා තිබ්බෙ ඒ ටික් ටොක් විඩියො එකනම් දැන් වෙද්දි සෙරම ආයෙම පාඩන් වලට බැහැලා ඉදියෙ ප්‍රින්සිපල් සර් අනවුන්ස්මන්ට් එකක් දාලම ලමයින්ට දැන් ඒ ගැන හිත හිත ඉන්නැතුව ඊගල සතියෙ පටන් ගන්න එක්සෑම් එකට රෙඩි වෙන්න කියපු පාර..

අශාන් දේශ් දෙන්නා උදෙන්ම ප්‍රැක්ටිස් වලට ගියපු නිසා මමයි සහ්‍රසයි උදෙන්ම තිබ්බ මැත්ස් පිරියඩ් දෙකේ මගෙ බෑග් එකෙ තිබ්බ o-kay දෙකක් කකා ගණන් හදපු එක තමයි කරේ ..

ඊට පස්සෙ තිබ්බ chem පිරියඩ් දෙකත් එහෙමම ගෙවුනට පස්සෙ මමයි සහ්‍රසයි ඉන්ටවල් එකට කෑම දෙකත් අරගෙන ගියේ ග්‍රවුන්ඩ් එකට...

" ඒ දේශ් ,අශාන් මෙහෙ වරෙන්... "

අශානුයි දේශුයි දෙන්නා කට්ට අව්වෙ කර වෙවි ග්‍රවුන්ඩ් එක ලග තිබ්බ ටැප් එකකින් මූන හොද හොද ඉන්නවා දැකලා මන් ටිකක් සද්දෙට ඒ කතා කරද්දි උන් දෙන්නත් මගෙ සද්දෙ ඇහුණ පමාවට අපෙ පැත්තට ඇවිත් ඉවරයි.

" ටිකක් කලා ඉමු වරෙන්... "

අපි ලගට ආපූ අශානුයි දේශ් දෙන්නට ග්‍රවුන්ඩ් එකෙ පැත්තකින් හදලා තිබ්බ පඩිපෙල් ටිකෙන් ඉද ගන්න කියලා මන් කෑම එකත් අතට අරන් උන් දෙන්නට උඩ පඩියෙන් වාඩි උනා..

" මටත් "

සහ්‍රසත් දේශ්, අශාන්ලා ඉදගෙන ඉදපු පඩියෙන් ඉදගෙන උටත් කවන්න කියපු පාර මම ඔලුව වනලා කෑම එක අරගෙන මුල්ම කටවල් දෙක අරුන් දෙන්නට කවලා ඉතුරු එක සහ්‍රසට කවලා අන්තිමට මන් කෑවා..

ඔහොම තිබ්බ බත් දෙකම කාලා ඉවර කරලා සාක්කුවෙ මන් දාගෙන උදපු O- kay කෑලි දෙකත් අර දෙන්නට දීලා උන් දෙන්නට යන්න කියලා මමත් සහ්‍රස එක්ක ආයෙම ආවේ අපෙ ක්ලාස් එකට..

ඉන්වටවල් එක ඉවර වෙන බෙල් එකත් වැදිලා ඉවර උනාට පස්සෙ ක්ලාස් එක ලගට ආපු එකොලහ වසරෙ විතර පොඩි එකෙක් මන් දිහා බලාගෙන ඉන්න ගත්ත පාර ඒක නොදැක්ක මට සහ්‍රස අතින් ඇනලා ඌව පෙන්නද්දි මමත් ක්ලාස් එකෙ දොර පැත්තට බෙල්ල හැරෙව්වා..

" ශාකි අයියේ ඔයාට ආර්ට් මැඩම් එන්න කිව්වා..... "

මන් දිහා බලාගෙන ක්ලාස් එක ඇතුලට එන්න බැරුව බලාගෙන ඉන්න පොඩි එකා පැත්තට මන් ඉදගෙන ඉදපු තැනින් නැගිටලා ගියාට පස්සෙ කොල්ලා එහෙම කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට ආපු පයින්ම එහෙමම දුවගෙන ගිහිල්ලත් ඉවරයි...

ඌට මොකද ඒ වෙලා තියෙන්නෙ... ?

" ඇයි ශාකි මොකක්ද අවුල.... ? "

" ආහ් නැ බන් ආර්ට් මැඩම් එන්න කියලලු.. මන් ගිහින් එන්නම් මචං "

" මමත් එන්නද ? "

" ම්ම් වරෙන්...... "

ආර්ට් මැඩම් එන්න කියලා කියපු පණිවිඩෙ ආපු ගමන්ම මම සහ්‍රසවත් ඇදගෙන එහෙමම ගියේ අර හත් ගව්වක් විතර හෙන දුරින් තියෙන අපෙ Aesthetic සෙක්ශන් එක පැත්තට....

ඒ ගිහින් ඉතින් අර තට්ටු දෙකක් විතර බඩගාලා අපි දෙන්නා අන්තිමට ගිහින් නතර උනේ අපෙ සුපෙම්බර ආර්ට් මැඩම්ගේ ගුරු මෙසෙ ඉස්සරහා හරියට වැරදි කාරයො දෙන්නෙක් ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහ හිටන් ඉන්නවා වගේ...

"ආහ් කොල්ලා යාලුවවත් එක්කන් ආවද  "

" ඔව් මෑම් "

" ඇයි එදා හොල්මන අදත් ඉදී කියලද අයියො අයියො කොල්ලො.... "

ආර්ට් මැඩම් එදා සීන් එකත් මෙතන ඇදලා අරගෙන හිනා වෙවි කියවන්න ගත්ත පාර මන් තොලත් හපාගෙන අහක බලා ගත්තේ දැන් මට අඩු වෙලා තියෙන්නෙ හොල්මනක් විතරයි වගේ සීන් එකකින්..

"හරි මන් කොල්ලට එන්න කිව්වෙ කිව්වත් වගෙ ඔන්න පුතාගෙ චිත්‍රේ තමයි පලාත් තරගෙට තේරිලා තියෙන්නෙ... ආයෙ ඉතින් සමස්ත ලන්කා චිත්‍ර තරගෙට තමයි යන්න තියෙන්නෙ.... "

" හරි මෑම්.... "

" හරි මෑම් නෙවෙයි කොල්ලො ඔයාට තියෙන දවසයි තැනයි මන් පණිවිඩයක් එවන්නම් , මන් මෙ කියන්න හැදුවේ හෙට වැව රව්මේ පොඩි චිත්‍ර සැනකෙළියක් තියෙනවා... "

"....... "

" පුතා කැමතිනම් ගිහින් චිත්‍රයක් ඇදලා එන්නත් පුලුවන් මොකද කියන්නෙ... ? "

" බලන්නම් මැඩම්.... "

" ඔව් ඒකට කමක් නෑ පුතා මන් මේ ආරන්චිය ආව ගමන්ම පුතාට පණිවිඩේ කිවෙ පුතා ආස වෙයි කියලා හිතලා... "

"........ "

" මේක හැබැයි පුතා ඔයාට ලොකු අවස්තාවක් වෙන්නත් පුලුවන් , මොකද ඔයාගෙ චිත්‍ර දකින්නෙ පරික්ෂකයො විතරක් නෙවෙයිනෙ නුවර වටේම ඉන්න ගොඩක් අය මේකට සම්බන්ධ වෙනවා.. "

"......... "

" ඒ වගෙමයි ඔතනින් තේරෙන චිත්‍ර මුලු ලොකෙ අතරම ප්‍රසිද්ධ කරන වැඩ පිලිවලක් තමයි තියෙන්නෙ... මන් කැමැති පුතා නිකමට හරි ඒකට ගිහින් බලනවනම්.. මොකද නිකම් අපරාදෙ අවස්තාවක්නෙ පුතා..... ලන්කාවෙ ඉන්න හොදම ආර්ටිස්ලා එන්නෙත් අදින චිත්‍ර බලන්න... නිදහස් මාතෘකාවට පුතා ආස දෙයක් ඇදලා එන්න ගිහින්... "

"හරි මැඩම් මන් යන්නම්..."

" අනෙ එකනම් ලොකු දෙයක් පුතා.. මට හරි සතුටුයි පුතා යන්න හා කියපු එකට.. "

ඉතින් අපෙ ආර්ට් මැඩම් එක්ක තද එක එක දෙවල් කතා කර කර ඉදලා මන් ආයෙම පන්තිය පැත්තට ගැටුවෙ හෙට අර කිව්වත් වගෙ යනවද නැද්ද කියන එක කල්පනා කර කර..

ඒ ගියත් මන් මොකක්ද අදින්නෙ කියපන්කො දැන්....

සැක් මෙලො මගුලක් මතක් වෙන්නෙත් නැනෙ...

මම හෙට අදින්නෙ මොකක්ද කියලා හිත හිත සහ්‍රසත් එක්කම අර හත් ගව්වක් දුර ඉදලා ආයෙම අපෙ සෙක්ශන් එක පැත්තට ගෑටුවෙ සහ්‍රසගෙ අතිනුත් එල්ලිලා..

හරිම මහන්සි අනෙව්.....

ඉතින් සහ්‍රසත් එක්ක අපෙ සෙක්ශන් එකෙ යටම තට්ටුවෙ ඉදන් දෙවනි තට්ටුවට මැදක් යනකොට ඉස්සරහින් ආපූ කට්ටියක් හින්දා මම එහෙමම කාගෙ හරි ඇගක වැදිලා විසි වෙලා වගෙ ගිහින් බිත්තියේ වැදුනත් එක්කම මන් හුරුපුරුදු සුවදක් එක්කම පට ගාලා ඇස් දෙක ඇරලා බැලුවේ මේ මල යකා මෙහෙ මොනවද කරන්නෙ කියලා බලා ගන්න...

" සහ්‍රස මල්ලි දැන් ක්ලාස් එකට යන්න... "

අකිත් අයියා හිනාවෙවිම ඒ කියලා සහ්‍රසව ක්ලාස් එකට යවලා අලෝක අයියා එක්ක ආයෙම එලියට යද්දි මමයි ශනල් අයියයි විතරක් පඩිපෙලේ ඉතුරු වෙලා ඉදපු නිසා මමත් ඉක්මනට එතනින් මාරු වෙන්න කියලා හිතා ගෙන යන්න තමයි ගියෙ.. ,

" කොහෙද පනින්නෙ.. ? "

ඇහිබැමකුත් උඩ දාගෙන ශනල් අයියා මගෙ අතින් අල්ලගෙන එහෙම අහද්දි මන් වටපිට බැලුවෙ කවුරු හරි ඉන්නවද කියලා බලන්න උනත් ලාවට අදුරු වැටිලා තිබ්බ දෙවනි තට්ටුවෙ අපි ඉදපු තැන ඇරෙන්න වටෙම හරිම සයිලන්ට්...

" මන් ක්ලාස් එකට යන්න හැදුවෙ... "

ශනල් අයියා මගෙ මැනික් කටුව හරියෙන් අල්ලන් ඉදපු අතේම ඇගිලි අතරින් එයාගෙ අතෙ ඇගිලි යවලා මගෙ අත තද කරෙ හරියට දැන්ම යන්න එපා කියන්න වගෙ....

" ටිකක් ඉන්න ක්ලාස් එකෙ දැන් ඉන්නෙ ඔයලාගෙ english  මැඩම්.. "

ශනල් අයියා අල්ලගෙන තද කරගෙන ඉන්න මගෙ අත දෙපැත්තට වනන ගමන් මගෙ මූණ දිහා බලාගෙන කියද්දි මන් ලාවට ඔලුව වැනුනේ මම එහෙනම් මෙතන ඉන්නම් කියලා එයාට තෙරුන් ගන්න පුලුවන් විදිහට....

" නුහාන්...... "

ශනල් අයියා පද්ද පද්ද ඉන්න අත් දෙක දිහා බලාගෙන ඉදපු මගෙ දැහැන බිදලා ශනල් අයියගෙ කටහඩට මන් ඇස් උස්සලා බැලුවෙ එයා දිහා...

ඒත් එයාගෙන් කිසිම උත්තරයක් අපිට නොලැබුණ නිසා මන් ආයෙම අර අත් දෙක දිහා බලාගෙන ඉන්න ගත්තෙ ආසවෙන්.. ශනල් අයියගෙ ලොකු අත එක්ක මගෙ චුටි අත පැටලිලා තියෙන විදිහට ඒක අල්ල ගන්නම මැවුණ අත් දෙකක් වගේ මාරම ලස්සනට ගැලපුනා...

ශනල් අයියගෙ වම් අතේ අල්ලට පහලින් තියෙන කලු පාට චුටි ලපේ එක්ක මගෙ දකුණු අතේ අල්ලට යටින් තිබ්බ තුවාල කැලැල් පාර පවා අපේ අත් දෙක ලස්සනට ගැලපෙව්වා...

හරි ලස්සනයි.......

ශනල් අයියා මන් ලගින් කොච්චර ඉදලා තිබ්බ ශනල් අයියගෙ අතින් අල්ලගෙන මෙච්චර වෙලා ඉදපු පලවෙනි පාර තමයි මෙක.. ඉතින් මටනම් දැන් හරි ලොභයි ඒ අත අතාරින්න....

" i miss you "

මෙච්චර වෙලා කිසිම කතාවක් නොකර ඉදපු ශනල් අයියා ආයෙම මගෙ මූණ දිහා බලන් ඒ කියද්දි මන් අර උල් දත් දෙකත් එලියේ දාගෙන හිනා වුණේ මමත් එහෙමයි කියලා වචනෙන් නොකිවත් මගෙ ඇස් වලින් දැන් වෙද්දි ඒ දේ එයාට පෙනවා ඇති කියලා මන් දන්න නිසාමයි....

" මන් දැන් යන්නද ? "

" Take care......"

යන්නද කියලා අහපු මගෙ අතින් ආයෙම සැරයක් තද කරලා අල්ලගෙන ශනල් අයියා වටපිට බලලා කවුරුත් නෑ කියලා නොට් කරගෙන මගෙ කම්බුලක් උඩින් එයාගෙ තොල් තියලා තද කරා......

" ලව් යු "

ශනල් අයියා එයාම ඉඹපු කම්බුලට අත තියලා මගෙ ඇස් දිහා බලන් එහෙම කියද්දි මන් ලැජ්ජවටම බිම බලාගෙන ඔලුව වැනුනේ දැන් වෙද්දි මගෙ කම්බුල් දෙකට ලේ පිරිලා පිපිරෙන සයිස් එකටම ඇවිත් කියලා මටම දැනුණ නිසා...

මෙච්චර වෙලා අල්ලගෙන ඉදපු අත ආයෙම එයාගෙ ලිප්ස් ලගට අරගෙන ආපු ශනල් අයියා හරි ආදරෙන් කලින් එයා අල්ලගෙන ඉදපු අත උඩින් හාදුවක් තියලා එහෙමම හැරිලා පඩිපෙලෙන් බැහැලා ගියා....

ශනල් අයියා මට නොපෙනි යනකල්ම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදපු මම ආයෙම හරි සිහියට ආවෙ english මැඩම්ගෙ සද්දෙත් එක්ක...

" ශාකි පුතා Why are you here ? "

" Ah nothing mam "

අපෙ ක්ලාස් එකෙ english මැඩම්ට මන් දැන් ඉන්න ඔනෙ ක්ලාස් එකෙ කියලා හරියට නොට් වෙලා නැතුවද මන්ද මන් මොකුත් නෑ කියලා ශෙප් වෙලා යන්න යද්දි මැඩමුත් හිනා වෙලා යන්න දුන්නා..

" අප්පෙ රතුවෙලා මෙන්න මෙයා "

ක්ලාස් එක ඇතුලට ඇවිත් මගෙ පුටුවෙන් ඉද ගත්ත මම දිහා බලාගෙන සහ්‍රස එහෙම අහපු පාර මන් අත් දෙකෙන්ම කම්බුල් දෙක අතුල්ල ගත්තෙ රතු පාට යන්න කියලනම් ,

" ඒව් දැන් ඉස්සෙක් වගෙ පොඩි පගයො... "

සහ්‍රස මගෙ කම්බුලකින් ඇදලා චුටි කිස් එකක් දිලා ආයෙම කර කර ඉදපු වැඩෙට බැස්ස නිසා මමත් ශෙප් එකෙ හරි සිහියට බැහැලා ඉස්කොලෙ ඉවර වෙනකල්ම වැඩ කරපු එක තමයි කරේ... මොකද එලෙවලුත් ලන් වෙන නිසා ඉස්කොලෙනුත් අපිට හැරෙන්නවත් වෙලාවක් ඉතුරු කරන්නෙ නෑ දැන්..

ඉස්කොලෙ ඉවර උනාට පස්සෙ හවස ප්‍රැක්ටිස් ඉදලා අර දෙන්නත් එක්කම ආයෙම ගෙදර එද්දි මහ රෑ වෙලා තිබුණ නිසා කාපු ගමන්ම මන් නාලා වැඩ කරන්න ගත්තා.

පාන්දර දෙක විතර වෙනකල් ඉදලා නිදා ගන්න ගියපු මම හෙට අර අපෙ ආර්ට් මැඩම් කියපු චිත්‍ර සැනකෙලියට යනවද නැද්ද කියලා කල්පනා කර කර ඉද්දි මට මතක් උනේ අද ශනල් අයියායි මායි හම්බුණ විදිහ....

මට තාමත් හිතා ගන්න බැරිම දේ තමයි ශනල් අයියා මට ලන් උන විදිහ... ඇත්තටම මන් කවදාවත් හිතුවෙ නෑ එයාගෙ ආදරෙ මට ලැබෙයි කියලා..

ඒ අතින් ශනල් අයියා වගෙ කෙනෙක්ගෙ ආදරෙ ලබන්නත් මන් ගොඩක් පින් කරලා ඇති.....

හිත වාවන්නේම නෑ
ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා

Rigging ..........

Sahasra 💞 is calling ...........

ඇස් දෙකත් පියා ගෙන ඇදට වෙලා එක එක දෙවල් කල්පනා කර කර ඉදපු මම බෙඩ් කබඩ් එක උඩ තිබ්බ මගෙ ෆොන් එක රින්ස් යනවා ඇහිලා බාගෙට පියවෙලා තිබුණ ඇස් දෙකෙන්ම කොල් අයිඩී එක බැලුවෙ මේ මල පාන්දර ශනල් අයියා ඇරෙන්න මට කොල් ගන්න තරම් කවුද ඉන්නෙ කියලා බලන්නනම් ඒ කොල් එක ආවෙ අපෙ සහ්‍රස බොසාගෙන..

" ඕහ් හෙලො මචං කියපන් සහ්‍රස "

" උඹ නිදිද බල්ලො ? "

" නැතුව ඉතින් හෙට ඉස්කොලෙ යන්න එපැයි...... "

" මන් මෙ කොල් එක ගත්තෙත් අන්න ඒකට , හෙට maths ක්ලාස් එකක් දලා උබ ඔන්ලයින් ඉදිය නැති නිසයි කොල් එකක් ගත්තෙ... "

" අප්පටසිරි ඉතින් කීයටද  ? "

" උදේ අටේ ඉදන්ද කොහෙද බන් හවස තුන වෙනකල්.. පෙපර් එකක් කරන්නද මන්ද යන්නෙ , ඒකත් ඩිස්කශන් එකකුත් එක්කමලු යන්නෙ අජාගෙ හදිසි තීරණනෙ මචං හෙට උඹ යනින් ගමන් වරෙන් උදෙ අපෙ ගෙදර ලගට මාවත් එක්කන් යන්න හොදෙ....."

" හරි එල එල ගුඩ්නයිට් සුදු "

" ගුඩ්මොනින් වස්තු බායි "

" ආහ් මොනින් මොනින් "

සහ්‍රසගෙ කොල් එකෙන් පස්සෙ ආයෙම ඇදෙන් බැස්ස මම හෙට ඉස්කොලෙ ගෙනියන්න හදලා තිබ්බ බෑග් එක අයින් කරලා ආයෙම ක්ලාස් බෑග් එකක් අරගෙන පොත් ටිකයි පෙපර්ස් ටිකයි ඔබාගෙන ආයෙම ඇදට පැනලා කොට්ටෙත් මූණ උඩින් තියා ගෙන ඇස් දෙක තද කරලා පියා ගත්තා...

නිදා ගනින් සුදු පුතා ඒස් වා පුහ් !!!














🥱සැට් එකහ්


You are reading the story above: TeenFic.Net