35 කොටස

Background color
Font
Font size
Line height

ඉතින් ඇතිනා අතින් පාස් උන fire touch එක අර ගත්ත අභි අයියා හැල්මේ දුවගෙන ගිහින් Thunder Titans එකෙ කැපා අතේ තිබ්බ ටොච් එක පත්තු කරලා එයා එක්කම දුවගෙන ආවෙ Sapphire Sharks
එකෙ කැපා ගාවට..

ඉතින් එතනත් අර දෙන්නා එක්කම ටොච් එක පත්තු කරලා පිලිවෙලට ඇවිත් අන්තිම අභි අයියා ඇතුලුව ටොච් අතේ තියන් ඉදපු කැප්පො හතර දෙනා ලන් උනෙ අපේ නිමේ අයියාගෙ ටොච් එක ලගට..

ඉතින් නිමේ අයියගෙ ටොච් එකත් පත්තු කරාට පස්සෙ ඒ හය දෙනාම හැල්මේ දුවගෙන ගියේ ග්‍රවුන්ඩ් එක මැද තිබ්බ ලොකුම ලොකු ෆයර් ටොච් එක පත්තු කරා..

ඔය යන අතරතුරෙදි flower girls ලා ටික අර අතේ තිබුණු මල් සෙරම විසි කරන්න ගත්තා..නිමෙ අයියලාගෙ වැඩෙ ඉවර වෙනකල් මන් අශාන් එක්ක ඉදගෙන බලාගෙන ඉදපු එක තමයි කරේ ඉතින්....

ඊට පස්සෙ ඔය පොඩි කතාවක් එහෙම ගිහින් මුලින්ම පටන් ගත්තෙ පොඩි අයගෙ රනින් ඉවෙන්ට්ස් ටික..

මන් බ්ලෙසර් එකත් ගලවලා අතේ දාගෙන ෆයිල් එකත් උස්සන් හතර වටෙම දුව දුව පොඩි උන් ටිකව හොයාගෙන ඒයාලට වෙනම වොම් අප් එකක් දීලා ඉතින් ඒ වැඩෙත් බලලා ඉවර කරලා කොහොම හරි පොඩි උන්ගේ රනින් ඉවෙන්ට් ටිකත් පටන් ගත්තා...

ඇත්තටම කියනවනම් මේ පාර අපෙ හවුස් එකෙ ඉදපු ඇත්ලටික් කොල්ලො මාරම මාරම ස්පීඩ්...

ආයෙ සින් ගානකොට විදලා ඉවරයි..

කොහොම හරි මුල්ම රනින් ඉවෙන්ට්ස් ටිකට ඉදපු කොල්ලො ටික කප් එකත් අපිට අරන් දීලා හවුස් එක පැත්තට එද්දි මන් පොඩි උන් සේරම ලගට අරන් තුරුල් කර ගත්තේ..

මොකද උන් ආසයි උන්ට ගුණ වයනවට...

ඉතින් කොහොම හරි දවල් දොලහ වෙනකොට පොඩි අයගෙ රනින්ස් ඉවෙන්ට්ස් ඔක්කොම ටික ඉවරයි... ඊට පස්සෙ ඒ කියන්නෙ දැන් ගෙස්ට්ලට පොඩි ඉන්ටවල් එකක් යන වෙලාව තමයි මේ...

ඉතින් පැය බාගෙක ඒ ඉන්ටවල් එකෙන් පස්සෙ තමයි හවුස් ඩෙකරේශන්ස් වලට ගෙස්ට්ලා එක්ක ජජ් පැනල් එක හවුස් එකට එන්නෙ..

ඊට පස්සෙ අපෙ වයසෙ අයගෙ රනින්ස් ඉවෙන්ට්ස් ටික , ඊටත් පස්සෙ කවුරුත් බලාගෙන ඉන්න ඩ්‍රිල් එක....

ඒකට පස්සෙ ඉන්වයිටට්ඩ් ස්කූල්ස් වල රනින් ඉවෙන්ට්ස් ටිකයි එක්ක අපෙ ටීචර්ස්ලගෙ රනින් ඉවෙන්ට්ස් ටික අන්තිමට ඉතින් ස්කොඩ් එක එක්ක හවුසස් වල ප්ලෙස් කියන වැඩෙ තමයි තියෙන්නෙ...

" ඒ අශාන් මොනවා හරි කන්න එනවද...?"

" අඩො බන් මගෙ බොක්කත් එක්ක කූල් වෙලා තියෙන්නෙ උබ කාලා වරෙන් වස්තුවෙ... "

" මේ ඉන්ටවල් එකෙන් පස්සෙ ආයෙ කන්න වෙලාවක් සෙට් වෙයිද දන්නෑ හොදෙ.... "

" ඔව් හැබැයි.... "

" හරි මන් එන ගමන් මොනවා හරි අරන් එන්නම්.... "

අශාන් කෑම කන්න යන්න එන්න බෑ කියපු නිසාම මම බ්ලේසර් එකත් අතට දාගෙන එහෙමම ආවෙ roof canopy එකට..ඒ ඇවිත් මම එහෙමම ගියේ අපෙ තාත්තා ලගට උනත් මේ පාර මගෙ ඇස් දෙක ගියේ වෙන කෙනෙක් ලගට..

ඒ වෙන කාටවත් නෙවෙයි ශනල් අයියගෙ අම්මයි තාත්තයි මැද්දෙන් ඉදගෙන ඉදපු අර මන් කලින් දැකපු ඇමරිකන් ලුක් එකක් තිබ්බ ගැනූ ලමයට..

මගෙ ඇස් කෙලින්ම ගිහින් එතනින් නැවතිද්දි ඒ ගැනූ ලමයත් මන් දිහා බලලා හරි ලස්සනට හිනා උනා.. ඒත් මටනම් හිනා වෙන්න ඔන උනෙ නෑ.. ඒ වෙනුවට මන් ඉදියේ ලොකු දෙයක් කල්පනා කර කර...

" ආ ලොකූ කොහෙ යන්නද ආවෙ.... ? "

" කෑම කන්න ෆුඩ් කොර්ඩ් එක පැත්තට යන්න ගියේ අප්පච්චී.."

" චුටී එහෙනම් අයියා එක්ක ගිහින් එන්නකො...... "

" හරි මන් නන්ගිව එක්කන් යන්නම් අප්පච්චි.. ඔයාලට මොනව හරි ඔනෙද..."

" නැ පුතා අපිට ඔන තරම් තියෙනව මේ කෙල්ලට තමයි අපි කන එව්වා කන්න බැරි.. "

ඉතින් නන්ගිටත් කන්න මන් එක්ක යන්න ඔන කියපු නිසා මන් අන්තිම පාරටත් අර ගැනූ ලමයට බැල්මක් දීලා එහෙමම සාහිත් අයියා ලග තිබුණ මගෙ බෑග් එකෙන් මන් මගේ ෆොන් එක අරගෙන සාක්කුවට දා ගත්තා....

ඊට පස්සෙ තාත්තා එයාගෙ කාර්ඩ් එකත් මට දීපූ නිසා මන් ඒකත් අරගෙනම නන්ගිවත් අතේ එල්ලගෙන ආවෙ වෙනම කල්පනාවකින්...

" hii අයියා...... ඔයා මෙවන්‍යගෙ අයියා නේද... ? "

නන්ගිත් එක්ක ෆුඩ් කොර්ඩ් එකට ගිහින් දෙන්නටම සබ්මැරීන් දෙකක් එක්ක බර්ගර්ස් දෙකක් ඔර්ඩර් කරලා පෙප්සි කප් දෙක්කුත් අරගෙන අපි දෙන්නා ඉදියේ ටෙබල් එකක වාඩි වෙලා...

ඒ ඉන්න අතරේ මන් කරේ කෑම එක කන ගමන් මගෙ ෆොන් එක ඔන් කර ගත්ත එක.. මොකද දැන් වෙද්දි මගෙ මුලු ඔලුවම වගෙ අවුල් වෙලා තිබුණෙ....

" hi "

නන්ගිගෙ ඉස්කොලේන් ආපු ගෑනූ ලමයි පහ හයක් අපි ඉදපු ටෙබල් එක ගාවට ඇවිත් මට කතා කරපු නිසා මන් හායි කියලා විතරක් නතර උනේ මන් කොහොමත් කතා කරන්න කැමැති නෑ වගෙම දැන් වෙද්දි මගෙ ඔලුවෙ තිබ්බෙ වෙන දෙයක් නිසා....

" ඉතින් අයියේ ...... ? "

"........ "

" අයියට වැඩ අනේ ඒකයි ඔය කතා කරන්නෙ නැත්තෙ.... "

මන් ෆොන් එකත් අතේ තියාගෙන ඒ දිහාම බලගෙන ඉද්දි අර කෙල්ලො මගෙන් එක එක ප්‍රශ්න අහලත් මට මෙලො සන්සාරයක් ඇහුනෙ නැති නිසා අපෙ නන්ගි ඒ කියනවා මට ඇහුනත් මන් දැන් ඉදියෙ ඉන්ස්ටා එකෙ මන් හොයපු අකවුන්ට් එකෙ පහලට යන ගමන්....

<- post

Amna_sh 💚                                    ...

                


" love is not just looking at each other , its looking in the same direction. " 💖

03 March

" distance gives us a reason to love harder ". 🌍

02 March


" i wann be your... " ❤️

01/ March

.
.
.

ඉතින් මන් හිතුවත් වගේ ඒ හැම ෆොටො එකකම ඉදියෙ වෙන කවුරුත් නෙවෙයි ශනල් අයියා.. ඒ වගෙම එයා එක්ක තව ගැනු ලමයෙකුත් හරි ආදරෙන් හිනා වෙලා ඉදියා තමයි ඒකත් අද අර මන් දැක්ක ඇමරිකන් කෙල්ල....

ඉතින් ශනල් අයියගෙ අකවුන්ට් එක පීරලා අර ගැනූ ලමයගෙ මුලු ඉන්ස්ටා එක පුරාවටම ගියපු මම ලොකු හුස්මක් අරගෙන ඉදපු තැනින් නැගිට්ටෙ දැන් හිත අවුල් කර ගත්තොත් ඔක්කොටම වඩා වැටෙන්න වෙන්නෙ මට නිසා...

එහෙම වෙලා බෑ අද දවස ඉවර වෙනකල් මන් අල්ලන් ඉන්න ඔනෙ.....

" චුටී මන් දැන් යනවා ඔයා මේ කට්ටිය එක්ක ආයෙම අප්පච්චි ගාවට යන්න.
නන්ගිලා මන් ඔයාලා එක්ක පස්සෙ කතා කරන්නම්... "

" අනේව්ව්ව් ඒකට කමක් නැ අයියේ.. අපි එක්ක කතා කරන්න එන්නකො එහෙනම්."

" මන් යනවා ආයෙ මන් ඔය පැත්තට එයිද දන්නෑ පරිස්සමෙන් ඉන්නවා.. අදරෙයි "

කෑම එක කකා ඉදපු නන්ගිව නැගිට්ටව ගෙන කෙල්ලගෙ ඔලුවත් ඉඹලා මන් එහෙමම හැරුනේ ආයෙම හවුස් එක පැත්තට.....

දුකයි කියා ගන්න බැරි තරම් ලොකු වෙදනාවක් ආවෙ මට..... මන් හිතුවෙ නැ එයා මට මෙහෙම දෙයක් කරයි කියල.
කියලා ගියේ සීයාගෙ බිස්නස් වැඩ වලට යනවා කියලනම් මේ මොකක්ද ??

වැඩක් නෑ කතා කරලා.... !!

මන් ෆුඩ් කොර්ට් එක පැත්තෙ ඉදලා කෙලින්ම ආවෙ හවුස් එකට.. ඒ එන මගදි roof canopy එකෙ ඉදපු අපෙ අය මට කතා කරත් තමයි ඒත් මට ඔන උනෙ දැන් තනියම ඉන්න... මොකද මගෙ පපුව කිරී ගැහෙනව වගෙ....

ශනල් අයියගෙ අම්මලා තාත්තලා ලග ඉදපු ඇමරිකන් කෙල්ල ගැන ඇත්තටම මට තරහක් තිබුණෙ නෑ.. ඔය කොච්චර කට කිව්වත් කවුද කැමැති තමන්ගෙ පුතාව තව කොල්ලෙක්ට දෙන්න..

ඉතින් ශනල් අයියගෙ හිත වෙනස් උනා වගෙ ඒ ගෙදර අයගෙ හිතත් වෙනස් වෙයි

හිත කොච්චර කඩන් වැටුණත් මෙච්චර කාලයක් ලෙසියකට වැටෙන්න ලැහැස්ති වෙලා නැති මම පුලුවන් උපරිමේටම හිත හයිය කරගෙන හවුස් එකට ගියා..

මොකද තව විනාඩි පහකින් ඩෙකරෙශන්ස් වලට වෙලාට වෙන් වෙනවා.. ඉතින් හවුස් එකට ගිහින් ආයෙම බ්ලෙසර් එකත් දා ගත්ත මන් හවුස් එකෙ ඉදපු සෙරමලා කලා ඉවර කරලා එහෙ මෙහෙ දාලා තිබ්බ කොල කෑලි , සිලිමලු , බීම බොතල් ඔක්කොම හවුස් එක පැත්තකින් තියලා තිබ්බ බින් වලට දාන්න ලමයි ටිකව යැව්වා...

ඊට පස්සෙ කට්ටියට තම තමන්ගෙ බැග් ටික ඉන්න තැනින් ඒ කියන්නෙ තමන්ගෙ කකුල් දෙක උඩින් තිය ගන්න කියලා වි ශෙප් එකත් ගානට බැලන්ස් කරලා ඒ ටික ඉවර කරපු ගමන්ම කට්ටියටම බෙදා ගෙන ගියේ egale mask එක...

තනි සුදුවට හදපු මාක්ස් ටික එක්ක අපි හදපු හවුස් බැජ් එක ගානෙ බෙදාගෙන ගිහින් මමත් අශාන්ට කියලා අපි හදපු හවුස් බැජ් එක බ්ලේසර් එකෙ ඉතුරු කරලා තිබ්බ ඉඩෙන් ගහගත්තා...

ඊට පස්සෙ ඌටත් උගෙ බැජ් එක ගහ ගන්න උදව් කරාට පස්සෙ මන් එහෙමම හෙව්වෙ මගෙ මාස්ක් එක... වැඩෙ කියන්නෙ මන් මාක්ස් එක කලින් දවසෙ තියලා තියෙන්නෙ පේන්ටින් කර කර ඉදපු තැනකද කොහෙද මගෙ සූදූ මාක්ස් එකෙ තැන තැන කලු පාට , කොල පාට ,කහ පාට වගෙ එක එක පාටවල් වල තීන්ත වැදිලා....

බොරු කියන්න ඔනෙ නෑ මගෙ මාස්ක් එක තමයි වැරදියට හරි පාට වැටිලා ලස්සනටම කැපිලා පෙන්නම තිබ්බෙ.....

හේ දැන්නම් මන් මොණරෙක් වගෙ හැඩ ඇති නේත අනේව්ව්.........

ඉතින් කට්ටියම Topaz Tigers එකෙන් ඩෙකරේශන්ස් ජජ් කරන්න පටන් ගන්නකොට හැමොම ආයෙ මීක් නෑ කටවල් වහගෙන ඉන්න තැනම පිලිම ටික වගේ ...

ඉතින් පිලිවෙලට Thunder Titans , Sapphire Sharks , Topaz Tigers , Ruby Rhinos හවුසස් හතරේ ඩෙකරේශන්ස් බලලා ගෙස්ට්ලා අන්තිමට ආවෙ අපෙ හවුස් එකට....

ඉතින් ගෙස්ට්ලා හවුස් එක ඉස්සරහ ගේට් එක ගාවින් නැවතුණාම ගෙට්ටුවෙ පියන් දෙපැත්තෙන් ඉදපු අපෙ egale මාක්ස් එක දා ගත්තු කොල්ලො දෙන්නෙක් අර අත්තටු දෙකක් දලා හැඩ කරලා තිබ්බ ගෙට් එක අරිනවත් එක්කම උඩ ඉදන් සුදු පාට පිහාටු පාවි පාවි ඇවිත් මුලු හවුස් එක පුරාම වැටෙන්න ගත්තා..

මෙ වෙද්දි ස්ක්‍රීන් එකෙත් වැටිලා තිබ්බෙ අපෙ හවුස් එක...

ඉතින් ඇවිත් ඉදපු ගෙස්ට්ලාට හැන්ඩ් ශේක් කරපු නිමේශ් අයියා ඊට පස්සෙ මට චාන්ස් එක දුන්නාම මමත් ටිකක් ඉස්සරහට ඇවිත් ඇවිත් ඉදපු ගෙස්ට්ලා ඔක්කොමටමයි ජජ් පැනල් එකෙ සර්ලටයි හැන්ඩ් ශෙක් කරා..

" පුතා ඔයාගෙද මේ අයිඩියාස්..... ? "

" සර් "

" නිමේශ් පුතා කවුද මේ ඩෙකරේශන්ස් කරේ..... "

අද අපෙ ස්පොර්ට් මීට් එකෙ චීෆ් ගෙස්ට්ට ආපූ ආර්මි ඔෆිසර් එක පාරට මගේන් ඩෙකරේශන්ස් වල අයිඩියා එක කාගෙද අහද්දි මන් දෙන්න උත්තරයක් නැතුව එහෙමම නිමෙශ් අයියා දිහා බලපු නිසාද මන්ද ගෙස්ට්ලා එක්ක ආපූ ප්‍රින්සිපල් නිමේශ් අයියගෙන් එහෙම ඇහුවෙ...

" මේ ඔක්කොම අපේ ශාකී මල්ලිගෙ වැඩ සර්... "

" මට හිතුණා මේ පුතාගෙ මාක්ස් එක දැක්ක ගමන්ම.... "

" සර් "

" very good පුතා.. ඔයා මාරම ටැලන්ටඩ් බොයී කෙනෙක් කියලා මට ප්‍රින්සිපල් සරුත් කිවා... දිගටම ඔහොම යන්න ඔයාට පුලුවන්.... මට ගොඩක් සතුටුයි ප්‍රින්සිපල් සර් අද මෙහෙම චීෆ් ගෙස්ට් කෙනෙක් විදිහට එන්න ලැබුණ එකට... "

හවුස් හතරෙම ඇවිදලා වචනයක්වත් කතා නොකරපු චීෆ් ගෙස්ට් අපෙ හවුස් එක වර්ණනා කර කර එතන විනාඩි විස්සක් විතර ඉදපු එකෙන් දැන් හැමොගෙම ඇස් තිබ්බෙ ස්ක්‍රීන් එකෙන් පෙන්නන අපෙ හවුස් එක දිහාවටයි චීෆ් ගෙස්ට් එක්ක කතා කර කර ඉන්න මම දිහාවටයි...

සැක් ලැජ්ජයිත් වගෙ...

ඉතින් ඩෙකරේශන්ස් වලට වෙන් වෙලා තිබුණ වෙලාවත් ඉවර නිසා චීෆ් ගෙස්ට් මගෙ ඔලුවත් අත ගාලා කට්ටිය එක්කම ගියාට පස්සෙ අශානුයි නිමේ අයියයි ඇවිත් මාව දෙපැත්තෙන්ම බදා ගෙන මිරිකලා දැම්මා..

ඒ කියන්නෙ ඩෙකරේශන්ස් කෙලින්ම අපිට.... යේ යේ......!!!!!

දැන් ඉතින් ආයෙ කොහොමත් දාගෙන ඉන්න මාස්ක් එකයි බැජ් එකයි ගලවන්න වෙන්නෙ රනින් ඉවෙන්ට්ස් වලට විතරක් නිසා මමත් ඒක දාගෙනම එහෙටයි මෙහටයි දිව්වා තමයි ඒකත් විනාඩි පහක් විතර වෙන්නැති..

මොකද දැන් තමයි කරන්න තියෙන බරපතලම රාජකාරිය තිබුණෙ...

" රනින් ඉවෙන්ට්ස් වලට ඉන්න මල්ලිලා ටික ඔක්කොමලා ඉක්මනට චෙන්ජ් කර ගන්න...."

ඉතින් ස්පොර්ට්මීට් එකෙ තරගකාරීම කොටස තමයි දැන් යන්නෙ..එතකොට මන් අද රනින් ඉවෙන්ට්ස් දෙකකට ඉන්නවා .
මුලින්ම මට ඉන්න වෙලා තිබුණෙ 400m hurdles එකට.. ඊට පස්සෙ 100× 4 relay එකට...

මන් ඉදියෙ යුනිෆෝම් එකෙන් නිසා මන් එහෙමම ගියෙ roof canopy එකට අපෙ කට්ටියව හොයා ගෙන මොකද මට දැන් චෙන්ජ් කර ගන්න ඔනෙ ඉක්මනට ආර්හ්

ඉතිම් බ්ලෙසර් එකත් පන්නගෙන අතට දාගෙන, ඇස් දෙකට දාගෙන ඉදපු මාක්ස් එකත් ගලව ගලව එහෙමම මන් ඇවිත් නතර උනේ roof canopy එක පල්ලෙම තමයි,,,

ඒත් එතනදි දැක්ක දේනම් මන් ඇත්තටම දකින්න බලාපොරොත්තුවෙන් ඉදපු දෙයක් නෙවෙයි කියන්න ඒක දැකපු වෙලෙ මගෙ හිත ගැහුන විදිහෙන්ම කියන්න පුලුවන්.

ඉතින් වෙන මොනවත් නෙවෙයි මන් දැක්කෙ මට පිටු පාටා හිටගෙන ඉන්න ශනල් අයියා..ඒ වගෙම එයාගෙ අතක් වටේ අතක් පටලගෙන උරහිසට ඔලුව තියාගෙන ඉදියේ අර ගෑනූ ලමයා..

" ඒ ශාකී ඉක්මනට චෙන්ජ් කරන් වරෙන්.."

roof canopy එක පැත්තෙ ඉදන් ආපූ අපෙ හවුස් එකෙ රනින් ඉවෙන්ට්ස් වලට ඉන්න කොල්ලෙක් ඒ කියාගෙන මගෙ උරහිසටත් තට්ටුවක් දාගෙන යද්දි හැමොගෙම අවධානෙ ආවෙ මට...

" නුහ් - "

මන් එතන ඉන්නවා කියලා ඇහුණ නිසාමද කොහෙදො මට පිටු පාලා ඉදපු ශනල් අයියා ඉක්මනට පිටි පස්ස හැරුණත් එක්කම බාගෙට ගලවගෙන තිබ්බ මාක්ස් එක එහෙමම ගලවල මන් එයාව නොදැක්කා වගේ ගියෙ අප්පච්චි ගාවට..

ඒ ගිහින් එයාලා එක්කත් කතා කරන්නෙ නැතුව මන් මගෙ බ්ලෙසර් එකත් නන්ගිට දිලා එහෙමම ඇදුම් තිබ්බ බෑග් එකත් අතට අරගෙන කට්ටියට යනවා කියලා විතරක් කියලා පඩිපෙල් ටික බැහැගෙන පල්ලට එනකොට ,

" නුහාන් "

තාමත් අර ගෑනූ ලමයවත් අතෙ එල්ලගෙන මන් යන පාර හරස් කරගෙන ශනල් අයියා හිට ගත්ත එකෙන් එයාට මගෙන් ලැබුනෙ බැල්මවල් දෙකයි.....

එකක් ශනල් අයියගෙ අතේ පැටලිලා තිබුණ අතටයි , අනිත් එක කෙලින්ම ශනල්ගෙ ඇස් දෙකට.. අවුරුදු ගානක් තිස්සෙ ඇස් වලින් කතා කරලා හොදට පුරුදු නිසාම මන් කියන පාමාවට එයට ඒක තෙරිලා එයා ඉක්මනට එයාගෙ අත අර ගැනූ ලමයගෙන් ගන්න යනවත් එක්කම මන් කරෙ ,

කරේ දාගෙන තිබ්බ එදා ශනල් අයියා දීපූ ගොල්ඩ් චෙන් එක එලියට ඇදලා අරගෙන ඒකෙ තිබුණ ලස්සන චුටි පෙන්ඩන්ට් එකෙන් ඇදලා ඒක එහෙමම එයාගෙ ඇස් ඉස්සරහම ගලවලා දාපූ එක..

මට එන තරහට මේක උගෙ මූණ මැද්දෑවට කෙලලා ඇරියැහැකි ඉතින්....!

මන් කට කොනට කින්ඩි හිනාවකුත් අරගෙන එහෙමම මන් දිහා බලාගෙන ඉන්න ශනල් අයියගෙ උරිස්සෙ වැදෙන්නෙවත් නැති වෙන්න පැත්තට හැරිලා යන්න ගියා.....

" නුහාන් ඔහොම ඉන්න කොහෙද යන්නෙ... "

ශනල් අයියා මන් යන දිහාවට හැරිලා කතා කරනවත් යන්න ගියපු මගෙ අතෙන් අල්ලලා නවත්තන්න හැදුවත් ඊට වඩා තරහින් පිපිරි පිපිරි ඉදපු මම ඉස්සරහට ඇදිලා ගියා....

" අයියේ ෆොටො එකක් ගහමු.... "

මන් පෙනෙත් පුප්පගෙන ඉස්සරහට යන මගදි කෙල්ලෙක් දුවගෙන ඇවිත් මගෙ පපුවෙත් හැප්පිලා ෆොන් එකකුත් දික් කරගෙන ෆොටො එකක් ගහමු කියපු නිසා
වෙනදට ඔය වගෙ එව්වා ගනන් ගන්නෙවත් නැති මම මටත් වඩා කොට ෆොන් එකත් අත් දෙකම දික් කරගෙන උඩට අල්ලන් ඉන්න කෙල්ලගෙ පිටි පස්සෙන් හිටගෙන ෆොන් එක මගෙ අතට අරගෙන අර මගෙ ලස්සන උල් දත් දෙකත් එලියේ දාගෙන හිනා වෙලාම ෆොටො එකක් ගැහුවා..

දැන් පුප්ප ගන්නෙ නැතෑ අහවල් එක අරූ.........පුහ් !!!












ශහාන්....🤧❤️


You are reading the story above: TeenFic.Net