කට්ටියත් එක්ක මුල් පීරියඩ් දෙකක් විතර සික් රූම් එක අස්සට වෙලා හොදට නිදියන් ඉද්දි සික් රූම් එකට කාඩෙගෙන වැදුණු අපෙ අභිමානවත් ටොප් බොර්ඩ් එකෙ උන් ටික අපෙ පුපවල් ටිකටත් තඩි බාලා අපිව ගිහින් ක්ලාස් එකට දැම්මට පස්සෙ මමනම් ඉදියේ පුදුම කම්මැලි කමකින්...
මොකද පන්තියට ගියා කියලා මැඩම්ලා උගන්නෙත් නෑ එහෙමයි කියලා අපිට පන්තියට වෙලා සැපට ඉදගෙන ඉන්නත් ලැබුණේ නැ.....
මොකද මේ මාසෙ ඉවර වෙන්න ඉතුරු වෙලා තිබුණේ තව දවස් හතරක් විතර..
එතකොට ස්පොර්ට් මීට් එක තියන්න යන්නෙ හරියටම මාර්තූ හතර වෙනි සිකුරාදා......
පන්තියට වෙලා මට හම්බුණ චොක්ලට් බොක්ස් එකෙන් එකක් දෙකක් කටෙ දාගෙන අපි බෑග් ටිකත් අරගෙන එහෙමම ගියේ අයියලාගෙ රූම් එකට.... ඒ ගිහින් කට්ටිය එක්කම චෙන්ග් කරගෙන ආයෙම බොට්ම් ටී ශර්ට් පිටින් අපි ග්‍රවුන්ඩ් එකට බැස්සා....
ශනල් අයියයි අභිමන් අයියයි ඉන්වයිටඩ් ස්කූල් වලට ඉන්විටේශන් දෙන්න ගියපු නිසා ඉස්කොලේ ඉතුරු වෙලා ඉදියෙ අකිත් අයියයි අලෝක අයියයි විතරයි..
ඒ කියලා උන් දෙන්නට නිකම් ඉන්න එක තප්පරයක්වත් හම්බුනේ නෑ.. මොකද උන් දෙන්නා එහෙට දුවනවයි මෙහෙට දුවනවයි ඉවරයක් තිබුණේ නෑ...
අද හවස් වෙන්න ඩ්‍රිල් එකෙ කොස්ටියුම්ස් මහන්න මැශමන්ට් එක ගන්න ටේලර්ස්ලා හවුසස් පහට පස් දෙනෙක් ගෙන්නන නිසා ඊට කලින් මමයි අශානුයි නීමෙශ් අයියයි ගියේ අපිට ඕන කරන රෙදි වලට ඔර්ඩර් එක දෙන්න.....
අනිත් හවුස් වල අයත් ඒ ඒ අයගෙ වැඩ වලට එහෙ මෙහෙ දුවද්දි මටයි අශාන්ටයි අද වැලන්ටයින් ඩේ එක කියලවත් නිවනක් තිබුණෙ නෑ..... ඉතින් කට්ටියම ගිහින් රෙදිත් තොරලා ඔක්කොම කරගෙන ආයෙම ඉස්කොලෙ එද්දි ටේලර්ස්ලා ටිකත් ඇවිත්..
ඊට පස්සෙ අනවුන්ස්මන්ට් එකක් දලා හවුස් වල ඩ්‍රිල් වලට ඉන්න පොඩි උන්ට හවුසස් පහට වෙන් කරලා තිබුණ තැන් වලට එකතු කරගෙන ඒ වැඩ ඉවර කර ගද්දි ඉන්ටවල් එකත් පහු වෙලා.....
ඉස්කොලෙන් එලියට ගියපු අභිමන් අයියයි ශනල් අයියයි දෙන්නත් ආයෙම ස්කොලෙට ආවාට පස්සෙ අකිත් අයියලා අපිවත් අඩ ගහගෙන ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට....
ඒ ගිහින් අභිමන් අයියාලා එලියට ගිහින් එද්දි අරගෙන ආපූ රයිස් හතරක් දෙන්නා ගානෙ බෙදාගෙන කාලා මන් ගාව තිබ්බ ලොකු චොක්ලට් බොක්ස් එකෙන් අතුරු පසත් කාලා ආයෙම අපි ගියේ ග්‍රවුන්ඩ් එකට... ශනල් අයියටයි අභිමන් අයියටයි ප්‍රින්සිපල් ඔෆිස් එකට එන්න කියලා තිබුණ නිසා ඒ දෙන්නා එහෙට යද්දි අලොක අයියයි අකිත් අයියයි ඉස්කොලෙන් එලියට ගියේ ස්පොර්ට් මීට් එකට ඕන කරන බඩු වගයක් ගෙන්න.....
සහ්‍රස, දේශ් දෙන්නා උන්ගෙ හවුස් එකෙ පොඩි උන්ගෙ ඉවෙන්ට්ස් වගෙකට ගියපු එකෙන් මායි අශානුයි දෙන්නත් ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් කරන පොඩි උන් ටිකගෙ වැරදි බලලා එහෙමම ටීම් ඉවෙන්ට්ස් පැත්තට ගියා...
මොකද මේ සිකුරාදා තමයි ටීම් ඉවෙන්ට්ස් තියෙන්නෙ... ඒ කියන්නෙ ඉතින් හෙට !!
අද දවසම හවස් වෙනකල් අපි පොඩි උන් අල්ලගෙන ටීම් ඉවෙන්ට්ස් ප්ලේ කරේ අපෙ හවුස් එකේ ලකුණු අනිත් ඒව්වට වඩා වැඩි කර ගන්න... මොකද අපි සකන්ඩ් ප්ලේස් ඉදියට අපිට ෆර්ස්ට් ප්ලෙස් එක අල්ලන්න මාරම ලකුණු ගොඩක් අල්ලන්න ඔනෙ....
.
ඉතින් ගෙදර ගියා කියලා නිවනක් තිබුණේ නෑ.... අභිමන් අයියයි, නිමේශ් අයියයි, අශාන් , අපෙ සාහිත් අයියා ඔක්කොමලා අල්ලගෙන තව අපෙ හවුස් එකෙ සීනියර් අයියලා වගෙ හෙන තොගයක් අපෙ ගේ අස්සට දාගෙන අපි පාන්දර තුන හතර වෙනකල්ම අපෙ හවුස් එකෙ ඩෙකරේශන් වැඩ කරා...
ඩෙකරේශන් වැඩ ඔක්කොම මගෙ අයිඩියාස් වලින් ගත්ත නිසාම එව්වගෙ අමුතුම ස්ටයිල් එකක් තියෙනවා කියලා හැමොගෙන්ම හොද අහ ගන්නත් මට බැරි උනේ නැ....
මේ දවස් ටිකේ එක දිගට වැඩ නිසා ශනල් අයියා මටවත් මන් එයාටවත් කරදයක් උනෙ නෑ වගෙම එයත් එයාගෙ හවුස් එක වෙනුවෙන් උදව් කරා......
.
ඔක්කොම කරගෙන පහුවෙනිදා ඉස්කොලේ ගියාම මුලින්ම තිබ්බෙ ටීම් ඉවෙන්ට්ස් ටික.....
ඉතින් අපි නැහුණ තරමටම අපෙ පොඩි උන් ටික ටීම් ඉවෙන්ට්ස් වලින් අපිට ෆර්ස්ට් ප්ලේස් එක අරගෙන දීපූ එකෙන් Emerald Eagles එකයි Ruby Rhinos එකයි දෙකම ඉදියේ සේම් සේම්....
ඉතින් දැන් තරගය හොදටම වැඩී... ඩ්‍රිල් එක ස්කොඩ් එක දෙකම දැන් අපි මාරම පුශප් එකක් දීලා කරවනවා.. ඒ වගෙමයි දැන් හවුස් කැප්ටන් එක්ක හවුස් එකෙ වයිස් කැපා විදිහට මමත් ග්‍රවුන්ඩ් එකෙ හිටගෙන අව්වෙත් කරවි කරවි ස්කොඩ් ප්‍රැක්ටිස් කරා....
මේ දවස් ටිකේම මන් ගොඩක්ම පාවිච්චි කරේ එද ශනල් අයියා මගෙ ඔලුවට දාලා ගියපු කැප් එක....
ශනල් අයියගෙ කැප් එක මගෙ ඔලුවෙ තියෙනවා මතක් වෙන වාරයක් ගානේ මට අමුතු හිනාවක් ගියපු වෙලාවක ග්‍රවුන්ඩ් එකෙ අපෙ හවුස් එක නියොජනය කරගෙන ඉදිරි පෙලක ඉදපු මට වටෙම කැරකි කැරකි ලමයිගෙ අඩු පාඩු කියල දීදී ස්කොඩ් එක ප්‍රැක්ටිස් කරවපු අභිමන් අයියගෙන් පුප පැලෙන්න හොද බැට්න් පාරකුත් කන්න උනා..
කැඩෙඩ් සාජන් අභිමන් ශානුක සත්සර දිසානායක ආර්හ්........ !!!!!
අනෙ උගේ පුපෙ සාජන්....
අභිමන් අයියගෙන් පස්සට වැදුණු බැට්න් පාරෙන් මන් පුපත් අත ගගා කට යටින් මුණු මුණු ගගා අභි අයියට දෙහි කපද්දි මගෙ ඉස්සරහින් ඉදපු නිමේශ් අයියා තොල් දෙකත් තද කරගෙන හිනාව කාගෙන ඉදියේ ඌටත් ගුටි කන්න උනොත් වස නොන්ඩිය නිසා...
ඔය අස්සෙ එහෙටයි මෙහෙටයි දුවන ශනල් අයියත් මන් ගුටි කාපූ එක දැකලද කොහෙද මට කින්ඩිය හිනා වුණ නිසා මන් ග්‍රවුන්ඩ් එක කියලා බලන්නෙ නැතුව ඌට මිඩ්ල් ෆින්ගර් එක පොයින්ට් කරලා පෙන්නද්දි ආයෙම පාරක් මගෙ ඔලුවට පාරක් වැදුණා..
" ආව්වා අනේ රෙද්ද මට ගහන්නෙ....... !! "
" නටන්නෙ නැතුව එක විදිහකට හිටපන් ශාකී...... !! "
අභිමන් අයියගෙ ඔලුවටත් පොඩි පාරක් කන්න උන නිසා මන් මූණත් බෙරි කරගෙන අර කට්ට අව්වෙ ස්කොඩ් එක ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා ගෙදර යද්දි රෑ අටත් කට්ටුයි...
ඩ්‍රිල් කොස්ටියුම් එකෙ වැඩ ටිකත් ටේලර්ස්ලාට කොල් කරලවලා බලලා කරලා ආයෙම කට්ටිය එක්ක එකතු වෙලා ඩෙකරේශන්ස් වැඩ බලාලා නිදා ගද්දි පාහන්දර පහයි...
.
ආයෙම අටට විතර නැගිටලා සෙනසුරාද අද ක්ලාස් යන්නත් තියෙනවා උනාට ඒකත් කට් කරලා මැශමන්ට් වල පොඩි අවුලක් ගිහින් කියපු නිසා මම උදෙන්ම ලැහැස්ති වෙලා අපෙ ගෙදර ඉදපු අයට ටිකක්වත් නිදහසෙ ඉන්න ඇරලා එහෙමම ගියේ ටේලර් ශොප් එකට...
ඉතින් ඒ ගිහින් පැයක් විතර ශොප් එකෙ ඉදලා මදි උන රෙදි වලට ආයෙම රේදි ස්ටොක් එකක් ඔර්ඩර් කරවලා එව්වා ගෙන්නලා දාලා ආයෙම යනකොට එකොලහත් වෙලා..
යන මගදි කට්ටියට ගත්ත කෑම ඔක්කොමත් ගෙදරින් දාලා ආයෙම අශාන්වත් ලැහැස්ති කරගෙන කාර් එකෙම ගියේ art store එකට... මොකද මේ සැරෙ මන් මගෙ අතින්ම පේන්ටින්ස් වගයක් අපෙ ඩෙකරේශන්ස් වලට ඇඩ් කරලයි තිබුනේ.
ඉතින් ඒ පේන්ටින්ස් වලට ඕන කරන බඩු ටික ගන්න මන් අශාන්වත් උස්සගෙන එහෙමම ආවෙ the sydney art store එකට
ඒ ශොප් එකෙ ඔනර් මන් අදුරන අක්කි කෙනෙක්.. ඉතින් කලින්ම එයාට කොල් කරලා තිබුණ නිසා ගියපු ගමන්ම එයා අනිත් කස්ටමර්ස්ලව ශොප් එකෙ එයාගෙ උදව්වට ඉදපු අයට දීලා මමත් එක්කම ආවෙ මගෙ ලිස්ට් එකට බඩු තොරලා දෙන්න..
මන් ගාව තියෙන පේන්ටින් බඩු ඔක්කොම වගේ පරණ නිසත් තියෙන ටික මදි වෙන නිසයිත් තමයි මන් ආයෙම බඩු ගන්න ආවෙ...
ඉතින් මුලින්ම Acrylic paint tubes පැක් එකක් කාට් එකට දාගෙන ඊට පස්සෙ අලුත්ම water cup එකයි , palette එකයි , paint knives ටිකයි , ආයෙම painting brushes එක්ක අලුත්ම කැන්වස් දහයකුයි table easel එකකුත් අරගෙන බිල් එකත් ප්ලේ කරලා Storage bag එකකට ඒ ටිකත් අස් කරගත්තා..
ඊට පස්සෙ ශොප් එකෙන් එලියට ඇවිත් එන මගදි අශාන්ට kfc එකෙන් කෑම මල්ලකුත් අරගෙන, fabric paintings වගෙකට ඔන කරන සුදු පාට , කොපී පාටට හුරු රෙදිත් අරගෙනම තමා අපි ගෙදර ආවෙ...
ගෙදර ඇවිත් මමත් දවල්ට හොදට කාලා එහෙමම ගියේ උඩ තට්ටුවට....
මොකද පහල කට්ටිය කෑ ගහන සද්දයි බඩු පෙරලන සද්දයි හිනා සද්දයි එක්ක මට මගෙ වැඩේ කර ගන්න අමාරු නිසා ඒ අයටත් කියලා මන් අරගෙන ආපු පෙන්ටින් බඩු ටිකයි ඔක්කොම අරගෙන ගියේ පූල් එක ලගට..
පූල් එක ලග තියෙන ඔපන් එරියා එකෙන්
table easel එකත් හිටවලා මට ඉද ගන්න ස්ටූල් එකකුත් ගෙනත් තිබ්බා....
මන් තාමත් ඉදියේ ශොප් එකට ගිහින් ආපූ විදිහටම හින්දා ඇදගෙන ඉදපු ටි ශර්ට් එක ගලවලා දලා ශොටක් විතරක් ගහ ගෙන පහලින් මට තිබහට බොන්න සන් ක්‍රශ් බොට්ල්ස් තුන හතරකුයි ෆොන් එකයි ඉයර් පීස් දෙකයිත් අරගෙනම මන් ආයෙම ආවෙ උඩට...
ඉතින් දැන් තියෙන්නෙ මට මගෙ වැඩේ කරන්න නිසා උඩටත් ඇදුමක් නැතුව ශොට කෑල්ල විතරක් දාගෙන කැන්වස් එකත් table easel එකට ඇජෙස්ට් කරලා
සින්දුවකුත් දාගෙන මන් මගෙ වැඩේ කරන්න පටන් ගත්තා...
කොහොම හරි මන් වැඩේ පටන් ගන්නකොට දවල් එකට විතර ඇති.
එතකොට මගෙ වැඩෙට පොඩි විවෙකයක් අරගෙන ආවේ අපෙ ගෙදර ආපු සෙට් එක..
" අඩො ශාකී මල්ලි මෙව්වා පට්ටනෙ ඕයි."
" ම්ම්ම් එහෙමද.... "
උඩ තට්ටුව ආපූ සෙට් එකම මගෙ පිටි පස්සෙන් හිට ගෙන මන් ඇදලා ඉවර කරපු චිත්‍ර තුන දිහා බලාගෙන ගුණ වයද්දි මන් ඇද ඇද ඉදපු අනිත් චිත්‍රේ දිහා බලා ගෙනම
හිනා වෙලා කට්ටියට උත්තර දුන්නා..
" මෙ ශාකී කමු දැන් ඇති ඔය...... "
" මන් පස්සෙ කන්නම් ඔයාලා කෑවද..? "
" අපිත් කන්න තමයි මේ උබවත් හොයා ගෙන ආවෙ මචං... "
" හරි ඔයාලා කන්න මගෙ අතේ පාට "
" අයියේ ඔයාලත් ඔය කොහෙන් හරි ඉදගෙන කන්නකො මන් ශාකීට කෑම එක කවන්නම් ..... "
කට්ටිය කෑම කන්න මාවත් ඇද ගෙන යන්න හදද්දි මන් කොහොමත් දැන් මේ වැඩෙ දාලා යන්නෙ නැ කියන්න හොදටම දන්න අශාන් මට කෑම එක කවන්නම් කියපු නිසා අභි අයියත් ඒකට කැමති වෙලා කට්ටිය එක්කම පූල් එක පැත්තෙ හෙවන හරියේ බිම ඉදගෙන කෑම කන්න ගත්තා..
අශානුත් ස්ටූල් එකක් අරගෙන ඇවිත් මගෙ ලගින්ම වාඩී වෙලා ඌ කන ගමන් මටත් කැව්වා.. කොහොම හරි මන් ඔක්කොම පේන්ටින්ස් පහක් ඉවර කර ගනිද්දි වෙලාව හවස 6.30 යි..
මන් ඉදියේ හොදටම පාට නාලා... ඇග පුරාම පාට.... කලු ශොට දැන් දේදුන්න වගෙ එක එක පාටින් හැඩ වෙලා....
" ඒ වරෙන් කට්ටියම ෆොටො එකක් ගහන්න... "
සාහිත් අයියා අද උදේ ඉදන්ම අපි කරන කරන වැඩ වල ෆොටොස් ගහන්නයි එව්වා විඩියො කරන්නයි ගත්ත නිසා පොරට දැනුත් ඒ පිස්සුව වැදිලද කොහෙද හතර වටෙටම ෆොන් එක අල්ල අල්ල කොල්ලා ෆොටො ගහනවා...
කොහොම හරි හවස 6.30 විතර වෙනකල් ඉදලා ආයෙම කට්ටිය වැඩ වලට සෙට් උන එකෙන් මමත් ඉදපු තැනටම වෙලා ආයෙම චිත්‍ර අදින්න ගියා... කොහොම හරි රෑ 8 විතර වෙනකල් තව එක චිත්‍රයක් ඇදගෙන ඉවර කර ගන්නත් මට පුලුවන් උන එකෙන් මමනම් ඉදියෙ සැහීමකට පත් වෙලා..
" ඒ මොකො කියන්නෙ කට්ටිය පොඩි ආතල් එකක් ගමුතේ...... "
" අඩො ගමු ගමු අභියො......"
ආයෙම ගේ ඇතුලෙ ඉදපු සෙට් එක පූල් එක පැත්තට කඩන් වැදිලා මහ හයියෙන් බෙරිහන් දීගෙන එතන එකම වන්නමක් නටද්දි මමත් මෙච්චර වෙලා පුප රත් කර කර ඉදිය ස්ටූල් එකෙන් අයින් වෙලා ඇදලා ඉවර කරපු චිත්‍ර ටික දිහා බලාගෙන ඉද්දි අච්චර අතනට වෙලා බෙරිහන් දිදී ඉදපු අභි අයියා ඇවිත් මාව උස්ස ගත්තා..
" ඔන්න අපේ මහ රජ ශාකී සිගේරා උතුමාණන් වඩිනවා..හැමොම එකතු වෙලා සදූ කාරයක් දෙන්න.... "
" සාදූ........ /// "
" ඒ මාව බිමින් තියපන් ආර්හ් මාව මේකට එහෙම දැම්මොත් මන් තමුසෙව කනවා අභි අයියෙ.... !!! "
" ඉතින් කාපන් සුදු මහත්තයා.... !! "
අභිමන් අයියා මාවත් උස්සගෙන පූල් එක ලගට ගිහින් නතර උන පාර මූ මේ මාව පූල් එකට විසික් කරන්න යන්නෙ කියලා හොදටම දන්න මම අභිමන් අයියගෙන් ගැලවීලා යන්න හැදුවත් කොහෙද ඒ ගොන් අලියා මාවත් උස්සගෙනම පූල් එකට පැන්නා...
" වුහූ ඔන්න එහෙනම් අපිත් එනවෝ... "
පූල් එක ලග ඉදපු අශානුත් ඇදගෙන ඉදපු ඔක්කොම ටික ගලවලා ජොකා පිටින් පූල් එකට පැන්න පාර වතුර යටට ගිහිලි උඩ ආපු මම ආයෙම වතුර ඇතුලේ ගිලුණේ අශාන් මගෙ ඇගේ එල්ලුන පාර...
ඊට පස්සෙ පූල් එක උඩ ඉදපු අනිත් සේරම ටිකත් පූල් එකට පැනලා එතන එක විකාරයයි...සාහිත් අයියා ෆොන් එක උඩට, යටට, හරහට ,ඇදේට හතර වටේටම අල්ල අල්ල ෆොටොස් ගහනවයි වීඩියො කරනවයි ඉවරයක් නෑ....
ඉතින් පූල් එකෙ නටන්න පුලුවන් ඔක්කොමල වන්නම් ටික නටලා ඉවර කරලා කට්ටිය ආයෙම ගෙට ගියේ රෑ කෑම වෙලට... මේ දවස් ටිකේම සිරි මාමටත් උයනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙම නැති තරම්....
හිත වාවන්නේම නෑ
ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
Shanal Aiya 🌕✨ ⇝is calling ...
කට්ටිය එක්ක නට නට ඉදලා කාමරෙට එද්දි මගෙ අතේ තිබුණ ෆොන් එක දෙදරන්න ගත්ත නිසා මන් එහෙමම වතුරෙ ඉදලා බොද උන ඇස් දෙකෙන් ෆොන් එකෙ ඩිස්ප්ලේ උන කන්ටෑක් නේම් එක කියෙව්වෙ ටිකක් ආමාරුවෙන්..
ආර්හ් ඇස් දෙකත් පොට්ට වෙලා....
වතුරේ ඉදලා ඇස් දෙක ගන්නම දෙයක් නැති තැන මන් ඔහෙ ඔන එකෙක් කියල හිතා ගෙන ෆොන් එක ආන්සර් කරා..
" මහන්සිද......... "
මන් ෆොන් එක ආන්සර් කරත් එක්කම එහා පැත්තෙන් ශනල් අයියගෙ කට හඩ ඇහෙද්දි නොදැනුවත්වම මගෙ මූණේ හිනාවක් ඇදිලා යනවා තාමත් හිටගෙන කාමරේ තිබුණ කණ්නාඩිය දිහා බලාගෙන ඉදපු මට හොදටම පෙනුනා...
" ම්ම්ම් ටිකක් විතර "
" රෑට කෑවද..... ? "
" තාම නෑ කන්න ඔනෙ දැන් නාගෙන ආවෙ."
" දැන් පාන්දරත් වෙලානේ නුහාන්.. මෙච්චර වෙලා කෑම කන්නෙ නැතුව.... ! "
" ආහ් අපි දැන් මේ රෑ අටේ ඉදන් පූල් එකෙ ඉදියෙ... වෙලාව යනවා දැනුනෙ නැනෙ... "
" එහෙනම් දැන් කාලා ටිකක් රෙස්ට් කරන්න ඔයා මහන්සි වෙනවා වැඩි... "
" ආහ් මාව නිදි කරවලා අපෙ හවුස් එක සෙකන්ඩ් ප්ලේස් කරවන්න නේත ඔයා මාන බලන්නෙ.... ?? "
" අයියො නුහාන් එහෙම දෙයක් නෙවෙයි ලමයො.... "
" හරි හරි විහිලුවක් කරෙ.. ඔයා කෑවද ? "
"ඔව් කෑවා.. අපිත් ඉන්නෙ අකිත්ගෙ ගෙදර. කට්ටිය වැඩ.... "
" පරිස්සමෙන් ඉන්න එහෙනම් සදුදා ඉස්කොලෙ එනවනෙ... "
" සදුදානම් එන්න බැරි වෙයි "
" ඒ මොකද ඒ ? "
" අහ් නුහාන් ....... "
" ඔව් කියන්න මොකක් හරි ප්‍රශ්නයක්ද ? "
" නෑ මට ආයෙ එන්න වෙන්නෙ සිකුරාද ස්පෝට් මීට් එකට.... "
" ඒ මොකද එච්චර දවස්... "
" මට ඇමරිකන් යන්න වෙලා තියෙනව අපෙ සීයාගෙ බිස්නල් වැඩ වගෙකට.... "
" ම්ම්ම් පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්.... "
" ඔයත් පරිස්සමෙන් ඉන්න... මන් දැන් තියන්නම් ගුඩ්නයිට් නුහාන් "
" ගුඩ්නයිට් අයියේ.... "
ශනල් අයියා කොල් කරලා ආයෙම දකින්න වෙන්නෙ සිකුරාදා කියද්දි මගෙ හිත ටිකක් රිදුණත් එයාගෙ පව්ලෙ වැඩ ගැන කලින් මට අභි අයියා කියලා තියෙන නිසාම මන් ඒ ගැන ලොකුවට හිතන්නෙ නැතුව එහෙමම ඇදුමක් දාගෙන ගියේ කට්ටිය ඉදපු සාලෙට....
ඉතින් කට්ටියත් එක්ක වල්පල් කියව කියව ඉද්දි දන්නෙම නෑ වෙලාව ගිහින්.. කෑමත් කාලා ඉවර කරපු කට්ටිය එහෙමම සාලෙට මෙට්ට තුන හතරක් දාගෙන නින්දට වැටෙද්දි මමයි , අභි අයියයි , සාහිත් අයියයි , අශාන් අයියයි , නිමෙශ් අයියයි , සදුන් අයියයි ගිහින් මන් ඇදපු චිත්‍ර ටික අරගෙන ඇවිත් උඩ තට්ටුවෙ තිබ්බ රූම් එකෙන් තියලා ඉතුරු බඩු ටිකත් ඒ රූම් එකටම දාලා ඇවිත් අර කට්ටිය එක්කම නිදා ගත්තා..
මාරම මහන්සි.......
art store
❤️
Shaki Sigera....
සැට් එකහ්....... 🤧
සිගේරා 💫
You are reading the story above: TeenFic.Net