25 කොටස

Background color
Font
Font size
Line height


තාමත් එහෙන් මෙහෙන් වදින ටොච් එකෙ ලයිට් සැරට ශනල් අයියා මට තව තව ලන් වෙද්දි මමත් ගිරෙට අහුවුන පුවක් ගෙඩිය වගේ ශනල් අයියගෙ අත් දෙක මැද ඉදියෙ එක්තරා විදිහට ආසාවකින්..

මන් ඒකට හෙතුවක් දන්නෙ නැ.. ඒත් ඒ වෙලාවෙ ශනල් අයියා ලග එහෙම ඉන්න පුලුවන් උන ගැන මට තිබ්බෙ අමුතු සතුටක්...ඒ වගෙම මගෙ ඉණ වටෙ පැටලිලා තිබ්බ ශනල් අයියගෙ අත් දුරින් පේන ලයිට් එලි එක්ක තද වෙනකොට ඇග පුරා අකුණු ගහන වෙගෙන් අමුතු කිතියක් පැතිරිලා ගියපු පාර මගෙ කම්බුල් දෙපැත්ත රත් වෙලා ගියා.....

ආර්හ් දැන්නම් රතුවෙන්න එපා #ත්ත.....!!

කම්බුල් දෙපැත්ත එක සැරෙ රත්වෙලා ගියපු එකෙන් දැන් වෙද්දි මගෙ කම්බුල් වලට ලේ පිරිලා කියලා මට හොදටම තෙරුණ නිසා ශනල් අයියගෙ පපුවටම මූණ හන්ග ගත්තෙ අඩ අදුරෙන් හරි මගෙ මූණ දැක්කොත් වහ කන්න වෙනවා කියලා මන් හොදටම දන්න නිසා....

" හරි එයා ගියා.. "

මෙච්චර වෙලා ලයිට් එලි හතර වටෙම කැරකි කැරකි තිබුනත් දැන් වෙද්දි ඒ එලි අපි දුවගෙන ආපූ පැත්තට මාරු වෙලා යද්දි ශනල් අයියා මට විතරක් ඇහෙන විදිහට කතා කරා....

"......... "

වෙලාවෙ හැටියට උත්තරයක් දී ගන්නත් බැරුව මගෙ කට ලොක් වෙලා ගියපු එකෙන් ලයිට් එලි පස්සෙන් දුවපු ශනල් අයියගෙ ඇස් හැරවිලා මගෙ මූණ පැත්තට එද්දි මන් එහෙමම බිත්තියට තව තද උනේ එක සැරෙ ආපු මොකක්දො මන්ද අමුතු ලැජ්ජාවට....

ආර්හ් මෙ මොන මගුලක්ද මේ.... !!!!###

" අපි යන් "

අපි යන්.... ? ඒත් කොහෙද ? ඇයි මන් එයා එක්ක යන්නෙ.... ??

ශනල් අයියා ඒ කියාගෙන මගෙ අතකිනුත් අල්ලගෙන වටපිටාව සොදිසි කරගෙන ඉස්සරහට ඇදෙද්දි එක සැරෙ ශනල් අයියගෙන් අහන්න දාහක් ප්‍රශ්න ආවත් කිසිම ප්‍රශ්නයක් නැති විදිහට මමත් ගොලු වෙලා ශනල් අයියා පස්සෙන් ඇදිලා යද්දි මගෙ මොලෙ වැඩ කරෙ ශනල් අයියගෙ අතෙ පැටලිලා තියෙන මගෙ අතට..

ඒ අත් ගැලපෙනවා.........

" how cute "

එක සැරෙ මගෙ හිත ඇතුලෙන් කවුරු හරි කතා කරපු හඩකට මන් ඉක්මනට ඔලුව වනලා හරි සිහියට ආවෙ කොයි කාලෙ ඉදන්ම මට ශනල් අයියාව කියුට් උනේ කියල හිතා ගන්න බැරුව.. නෑ ඌ එක්ක එහෙම කියුට් වෙවි ඉදලා නැනෙ මන්...

මාර ආතල් තමා දෙන්නෙ ඉදලා ඉදලා...

ශනල් අයියා වැස්සෙම තෙමි තෙමි මාවත් ඇදගෙන ලොකු බිල්ඩින් එකක් පැත්තට ගාටද්දි මමත් අපි යන්නෙ කොහෙද හොද හැටි බලා ගත්තා..

තට්ටු දෙකක් නැගලා අයිනෙම පඩිපෙල ලග තිබුණ අපෙ ඉස්කොලෙ ඩ්‍රාමා රූම් එක ලග ශනල් අයියා නවතිද්දි කොරිඩො එකට වැටිලා තිබ්බ ලා එලියෙන් ශනල් අයියා ඩ්‍රාමා රූම් එකෙ දොර ඇරියා...

" ඇතුලට යන්... "

අපි හම්බුණ වෙලෙ ඉදන් ශනල් අයියා කටින් වචන දෙක තුන හරි පිට උනත් මගෙ කටෙන්නම් එක වචනයක්වත් පිට උනේ නැති තරම්...

ශනල් අයියා ඇතුලට යන්න කියපු නිසා මමත් ඇතුලට ආවෙ එලියෙ ටිකක් සීතල වැඩි නිසා වැස්සෙත් තෙමිලා ඉන්න එකෙන් හොද හැටි හෙම්බිරිස්සාවකුත් ලගදිම හද ගන්නත් බැරි කමක් නැති එකෙන්...

" කො ke- "

ශනල් අයියා ඒ කියලා මගෙන් ලොකර් එකෙ කී එක කොහෙද අහද්දි මන් ලොකර් එක ලගට ගිහින් ලොකර් එක උඩ තියෙන පාස් වර්ඩ් එකට 826691330 " ගහලා යතුරිනුත් ලොක් එක ඇරගෙන එහෙමම ඔලුව ඇතුලට දැම්මා.

ඉතින් හොයපු දේ ගානට ලස්සනට ලොකර් එක ඇතුලෙ තිබුණ එකෙන් මගෙ හිතට නම් මාරම හැපි.. ඉතින් ඒ නිසාම ලොකර් එක ඇතුලෙ කවරයක දාලා තිබුණ Dvd එකත් අතර අරන් මන් බැලුවෙ ශනල් අයියා දිහා මොකද එයාට කියන්න මට දෙයක් ඔන වෙලා තිබ්බා වගෙම ඒක කියන්නත් හොදම වෙලාව තමයි මේ.....

" දන්න කතාව නෙවෙයිනෙ ඇත්ත.
ඇත්ත කතාව දුකයි මේ හිතට.
යන්න ගියාම දැනෙයිනෙ ඔබට කාගෙදො වැරැද්ද....... !! "

ඉතින් එච්චරයි මට කියන්න ඔන උනේ..

මගෙ හිතේ මේ දවස් ගානටම කැකැරුණ දුක සින්දුවක පදපේලී ටිකකින් ශනල් අයියට කියලා මන් හැරුනේ යන්න.. මොකද අද ගිහින් හෙට අරගෙන එන්න ඔන කරන ටික ලැහැස්ති කර ගන්න ඔනෙනෙ....

ඒත් අඩියක් දෙකක් මන් ඉස්සරහට ගියත් ශනල් අයියා මගෙ නිදහස් අතින් ඇදලා අරගෙන මාව එහෙමම හෙත්තු කර ගත්තේ මන් ටිකකට කලින් ඇරපු ලොකර් එක ගාවට...

ඇත්තටම ශනල් අයියා ලග ඉද්දි මගෙ හිත හුගක් ගැහෙනවා.. ඒ සද්දෙ එලියට ඇහෙන තරමට වෙගෙන් ගැහෙනවා...
වෙනදා දැනුනේ නැති ලැජ්ජාව දැන් වෙද්දි මට හොදටම දැනිලයි තිබුනේ.. ඒත් කර ගන්න දෙයක් නෑ පැනලා යන්නත් බෑ...

මගෙ හුඩී එකෙ කර හරියෙන් අත තියපු ශනල් අයියා හූඩී එක මගෙ උරිස්ස හරියට යනකල් ඇදගෙන ගියපු විදිහට මගෙ ඇගෙ එක සැරෙ අකුනු දාහක් කෙටුවා වගෙ ... ඒ තරමට ඒ ස්පර්ශයට මාව හිරි වැටිලා ගියා....ඒත් ඇයි එයා එහෙම කරේ.
මන් දන්නෙ නෑ එකට හේතුව...

" මන් දැනගෙන ඉදියෙ නැති උනත් මන් විශ්වාස කරා ඒ ඔයා නෙවෙයි කියන්න... "

පහලට වෙලා තිබුණ හුඩී එකෙ කරෙන් එලියට පේන බැන්ඩෙජ් කරපු තුවාලෙත් පන්නපු මගෙ දකුණු කනට ටිකක් පල්ලෙන් ඉදන් බෙල්ල පිටිපස්සට යනකල් තියෙන ලප තුන දිහා බලාගෙන ශනල් අයියා ඒ කියපු විදිහට මගෙ ඇගත් සීතල වෙලා ගියා..

ඒ නුහුරු ස්පර්ශයට මගෙ ඇග කිති කැවෙනවා වගෙ... ඒ ස්පර්ශය පවා හරි උණුහුමයි මටනම්....

ඉතින් එතනින් එහාට මට කතා කරන්න වචනයත් මදි උනා වගෙ... එක සැරෙ වචන ආයෙම සැරයක් උගුරෙ ඇතුලෙම හිර උනා වගෙ..
.

ආයෙම ඉස්කොලෙන් එලියට පැන ගත්ත මම එහෙමම ආවෙ මන් නැවතිලා ඉන්න පොට් එකට.. ඒත් ආපූ ගමන්ම මට කරන්න ඔන උනෙ අර dvd එක ප්ලේ කරලා බලන එක.. මොකද එදා මෙක ඇතුලේ රන්ඩුව ගියේ මන් වොශ් රූම් ගියපු දවසට සෑහෙන දවසකට කලින්.. ඉතින් එතකොට මේක ඇතුලෙ තියෙන dvd එක පරණ එකක් වෙන්න ඔනෙ...

කිව්වත් වගෙ ඔව් ? හැබැයි ඒකේ ඉන්නෙ කවීශ නෙවෙයි එදා අර මන් දැක්ක නෙත් කියන කෙනා.. හැබැයි ඌ ඇදගෙන ඉන්නෙ මගෙ ට්‍රැක් කිට් එකමයි..මගෙ විදිහමයි..

ඒව් මූ මන් වගෙනෙ..... !!!!!!!

එතකොට දැන් එදා වොශ් රූම් එකෙ සීන් එක කොයි....!!! ආර්හ් දැන් ආයෙම එහෙම එකක් හොයන්නෙ කොහෙන්ද මන්....
දෙයියනෙ ඇත්තමයි දැන්නම් මට ඉතින් නූජ්ව කෑලි කපලා කන්න හිතෙනවා උත්ත.

දැන් මොකද කරන්නෙ...?

ඉතින් ඊලගට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරි උන නිසාම මන් දිනුකයට කොල් එකක් ගත්තෙ උගෙන් උපදෙසක් ගන්න..

Rigging.......

" ආහ් හෙලො කෝටූ කියපන්... "

" ආහ් නැ මන් ඉස්කොලෙට ගියා අරක හොයන් එන්න... "

" ඔව් ඉතින් හම්බුනාද ? "

" ඔව් හම්බුණානම් තමයි ඒත් ඒක ඔර්ජිනල් එක නෙවෙයි.. පරණ එකක්.. "

" අඩ්ඩෙ එතකොට ?? "

" එකෙ ඉන්නෙ කවීශත් නෙවෙයි එදා අරූ පොට් එකට අරගෙන ආපූ පොර.. හැබැයි ඒකෙ උගේ මූණ එහෙමත් හොදට පෙන හින්දා මේකත් ලග තියා ගන්නවා මම.. "

" ඔව් ඔව් ඕක තියාගනින් අමාරුවෙන් හොයා ගත්ත එක... "

" ඔව් ඒත් අනෙ මන්ද අප්පා දැන් කොහෙන්ද මන් අර ඔර්ජිනල් එක හොයා ගන්නෙ.. ආයෙ මට දවස් නැ ඕයි... "

" මෙ අහපන් මන් කියන්නද වැඩක්..? "

" හ්ම් "

" දැන් උඹ ලග උඹ නිර්දොෂී කියන්න තරම් ප්‍රභල සාක්ෂි තියෙනවනෙ ඒ ටික එලියට දාපන් කොල්ලො... තව කල් අදින්න ගියොත් ඔක්කොම විනාසයි... "

" හ්ම් "

" එහෙනම් එහෙම කරපන්... බය වෙන්න එපා උබට වරදක් වෙන්නෙ නැ.. !! "

දිනුකයත් එක්ක කතා කරලා ඉවර කරාට පස්සෙ මන් මහ රෑම සේරම බඩු ටිකත් ලැහැස්ති කරගෙන ආයෙම ගෙදර ගියා..

ගෙදර යද්දි පාන්දර ගානක් උනත් සිරි මාමා මට උණු උණුවෙන්ම කිරි කොපි එකක් හදල දුන්න එකෙන් මන් ඒකත් බීලා එහෙමම ගිහින් ටිකක් නිදා ගත්තා. ඒකත් මහ ලොකු වෙලාවක් නෙවෙයි. උපරිම පැයක් විතර නින්ද යන්න ඇති...
.

" අපි දැන් මේකට මොකක්ද කරන්නෙ ශනල් පුතා... "

ප්‍රින්සිපල් ඔෆිස් එකෙ එක පැත්තක හිටගෙන ඉදපු ටොප් බොර්ඩ් එකෙ හෙඩ් ගෙන් ප්‍රින්සිපල් අහද්දි මායි මගෙ පිටි පස්සෙ ඉදපු මගෙ යාලුවො තුන්දෙනයිත් ඔලු කෙලින් තියන් බෙල්ල හරවන් බලන් ඉදියෙ ශනල්කාරයා දිහා..

පුහ් ! වැඩෙමයි එයාගෙන් අහන්න....

" සර් නූජ්ගේ රෙසිග්නේශන් ලෙටර් එක එයාට යවලා තියෙන්නෙ... "

" ම්ම්ම් එක තමයි.....ඉතින් දැන් මේ ඉලන්දාරි තුන් දෙනත් තකහනියක් දුව ගෙන ආවෙ යාලුවා වෙනුවෙන් වෙන්නැති..

" ඔව් සර් "

දේශ් ප්‍රින්සිපල් සර් දිහා බලාගෙනම එ කියද්දි ප්‍රින්සිපල් සර් කරේ හිනා උන එක.
මෙ මොකද මේ හිනා වෙන්නෙ...??

" දැන් අපෙ මේ සිගේරා පුතා කී පාරක් බඩ ගෑවද කියමු බලන්න තාප්ප දිගේ.. "

" තුන් පාරයි සර් "

" ෂා මරුනෙ.... "

ප්‍රින්සිපල් සර් මගෙන් කී පාරක් තාප්ප බඩ ගෑවද අහද්දි මන් වැනවි වැනවී ඉන්නෙ නැතුව ඒ කිව්වේ අපිට එහා පැත්තෙ ඉදපු ටොප් බොර්ඩ් එකෙ උන්ටත් හිනා යද්දි..

ආහ් දැන් ඔයැයිලා තාප්ප නැගලා නෑ වගෙ....

" එතකොට සිගේරා පුතා ඉස්කොලෙ තාප්පෙට කී පාරක් නැග්ගද... ? "

" මේ සතියටනම් ඊයේ විතරයි සර්.. !  කලින් නැගපු ගාන මතක නෑ... "

" ඒක තමයි එහෙනම් අපෙ සිකියුරිටි අන්කල් බය වෙලා තියෙන්නෙ ඉස්කොලෙට හොල්මන් ඇවිත් කියලා...
බලන් යද්දි අපේ සිගේරා පුතානෙ හොල්මන් කරලා තියෙන්නෙ.... "

" සර් "

" හරි හරි දැන් මේ ප්‍රශ්නය සාක්ෂිත් එක්කම එලි උන එකෙන් ආයෙ ඒ ගැන අපි කතාවක් තිය ගන්න ඔනෙනෑ.. සිගේරා පුතාට කිසි ආසාධාරණයක් වෙන්න දෙන්නෙත් නෑ මම... "

" හරි සර් "

" පුතා කවීශ පුතාට මොකක්ද කරන්න ඔනෙ.... "

" එයාට පාඩුවෙ ඉන්න දෙන්න සර් "

ඔව් ඇත්ත.. මොන වැරද කරත් මට දැන් කවීශ සමාව දෙන්න හේතු දෙක තුනක්ම තියෙනවා.. එකෙන් මගෙ හිතට ගොඩක් වද දුන්න එක තමයි මන් හොයපු ඒත් මට හම්බ නොවුන ඔර්ජිනල් dvd එක..

කවීශ ඒක ප්‍රින්සිපල් සර්ට ගෙනත් නොදුන්නනම් සමහරක්විට කොච්චර සාක්ෂි තිබුණත් මාව නිර්දොෂී නොවෙන්න තිබ්බා. ඉතින් ඌට දැන් සමාව දෙන එක උගෙ උදව්වට මන් දීපූ ප්‍රති උපකාරය කියලා කිව්වත් වැරදි නෑ.

" හරි මට පුතාගෙන් දැන ගන්න ඔන උනේ එච්චරයි... දැන් ඉතින් මේ මාසෙම කට්ටියට ස්පොර්ට් මීට් එකට වැඩ කරන්න තමයි තියෙන්නෙ... "

ඉතින් ප්‍රින්සිපල් සර් මන් නිවරදිකාරයා විදිහට පිලිගත්ත එකෙන් මම අන්තිම පාරට සැනසුම් සුසුමක් හෙලලා ඔෆිස් එකෙන් එලියට බැස්සා..

ආම්මොහ් මන් නිදහස්.....

" ශාකී මගෙ මල්ලි.... "

ප්‍රින්සිපල් ඔෆිස් එකෙන් අපි එක්කම එලියට ආපූ ටොප් බොර්ඩ් එකෙ ඉදපු
අපෙ අභි බොසා ඒ කියලා මගෙ ලගට ඇවිත් මාව බදා ගත්තේ හත් අවුරුද්දකින්
දැකලා නැති එකෙක්ව ආයෙම දැක්ක එකෙ සතුටෙන් වගෙ...

" මේ මොකද මෙ... "

" මට බය හිතුනා මැට්ටස් උඹ ඔක්කොම දමලා ගහලා කොලඹ ගිහින් ආයෙ මෙහෙ එන්නෙ නැති වෙයි කියලා... "

" අපො "

" අඩො අභිමන් මේ ඉස්කොලේ... "

" අනෙ උත්ත මන් දැන් බැජ් එක ගලවලා ගහ ගන්නවා ඇත්තමයි මගෙ පුපේ රෙද්ද "

අලොක අයියා මාව මිරිකලා චුරු කරන්න හදන අභිමන් අයියට ඒ කියද්දි ඌ ඉන්නෙ බැජ් එකත් ගහගෙන ඉස්කොලේ කියන එක මතක් වෙලා මගෙ ඔලුවත් ඉඹලා ඉක්මනට මගෙන් අයින් උනා...

අමොර් ආදරෙ මෙයැයිලගෙ....

" ඒ ශාකී බලපන් බන් උබ නැතුව අන්තිමට මට සතියක්ම මේ වැඩ ටික අදින්න උනානෙ. "

" ෂරි ෂරි අණ්නා.. මන් හෙට ඉදන් එනවා බය නොවි ඉන්නවා හලො අපි තමා මේ පාරත් ෆර්ස්ට් ! "

" ආ හිතන් ඇති ෆර්ස්ට් වෙන්න නැත්ද අකිත් අයියෙ.... "

" ඔව් ඔව් උබටත් අකිත් අයියා කිව්වොත් ආයෙ දෙයක් නැනෙ නැද්ද ශනල් "

දේශ් අකිත් අයියව අල්ලගෙන එහෙම කියපු එකට අලොක අයියා හින්ට් එකක් ඇරියේ නිකම් නෙවෙයි ඒකට අර ශනල් අයියවත් අල්ලගෙන.. ඉතින් ඌ හිනා වෙනවා...

කවදා ඉදන්ද මූ හිනා වෙන්න ගත්තෙ... !!

ඉතින් වැඩි වෙලා ඉන්නෙ නැතුව ආයෙම පන්තියට එද්දි ඉස්කොලෙ අරින්නත් ලගයි. මොකද ප්‍රින්සිපල් සර්ට මුල ඉදලා අගට හැමදෙම පැහැදිලිව සාක්ෂිත් එක්ක පෙන්නලා ඔප්පු කරලා නටලා ඉවර කරන්න දවසම ගියා..

ඉතින් එකෙන් මෙකෙන් කොහොම හරි නූජ්ගෙ ඇත්ත ප්‍රින්සිපල් සර්ටත් මුලු ඉස්කොලෙටමත් දැන ගන්න ලැබුණා  වගෙම නූජ්ට නිසි දඩුවම් ලැබෙන්නත්  අවශ්‍ය හැමදේම මේ වෙද්දි ආදල තැන් වලට භාර දීලත් ඉවරයි...

ඉස්කොලෙ ඇරිලා ක්ලාස් තිබුනෙත් නැති එකෙ එහෙමම ගෙදර ගියපු මම පැය දෙකක් තුනක් නිදා ගන්නෙ දැනුණ මහන්සියට.... මොකද දවස් තුනක් එක දිහට එහෙටයි මෙහෙටයි බඩ ගෑවා.. නිදි මාරගෙන සාක්ෂි හෙව්වා.. ඉවරයක් තිබුණෙ නෑ.. එහෙමයි කියලා දැන් ඉවරයක් ඇත්තෙත් නෑ අයියෝහ්....

නිදාගෙන ඇහැරිලා ඉවර කරලා මමත් ආයෙම සැරයක් පොඩි වොශ් එකක් දාගෙන එහෙමම ගිහින් රිඩින් ටෙබල් එකෙන් වාඩි උනා මොකද මේ දවස් හතරට මට වැඩ ගොඩ ගැහිලා ඒ ටික ඉවර කර ගන්නත් එපැයි..

ආර්හ් ඉවරයක් නැනෙ උත්ත........

පාන්දර තුන වෙනකල්ම පුටුවට පුපත් රත් කර කර ඉදපු මම එහෙමම නිදා ගත්තෙ
පහු වෙනිදා ක්ලාස් යන්න.. මොකද ක්ලාස් මග ඇර ගත්ත වගෙ නෙවෙයි ඒ ඒ දවසට එකතු වෙන වැඩ ගොඩ..

පාන්දර ගානක්ම එක දිගට වැඩ කර ගත්ත එකෙන් දවස් දෙකක මට මග ඇරුණ වැඩ සම්පූර්ණ කර ගන්න මට පුලුවන් උනා.. ඉතින් තව දවස් දෙකක වැඩ විතරයි මට මග ඇරිලා තියෙන්නෙ..

පහු වෙනිදත් උදෙන්ම ඇහැරුණ මම වෙනදා පුරුද්දට පැයක් විතර වර්කවුට් කරලා එහෙමම වොශ් දලා ලැහැස්ති උනේ ක්ලාස් යන්න...

මේ දවස් ටිකේම හූඩී එකට හුරු වෙලා ඉදපු නිසාමද මන්ද මම නිල් පාට ට්‍රවුසර් එකකට කලු හුඩී එකක් ඇදලා සුදු නයිකි ශූස් දෙකකුත් දලා හැන්ඩියා වගෙ ලැහැස්ති උනා...

කොහොමත් මම හැන්ඩියා තමයි බොලව්....

සිරි මාමට පින්සිද්ද වෙන්න උදේම උණු උණුවෙන් බත් කාපු මම එහෙමම වාහනෙ ලගට ගිහින් බෑග් එකත් සීට් එකට දලා මමත් ආවෙ ක්ලාස් එකට...

ඒ ඇවිත් අරුන් තුන්දෙනත් එක්කම දවසම  ක්ලාස් එකෙ ඉදලා ආයෙම ගෙදර එද්දි හවස 6 ට විනාඩි දහයක් විතර ඉතුරු වෙලා තියෙන්නෙ ඇති....

හරි මහන්සිනම් තමයි.. ඒත් කමක් නෑ කියලා....

මම හොද වොශ් එකක් දාගෙන කෑමත් කලා ආයෙම වැඩ කරා පහු වෙනිදා පාන්දර වෙනකල්ම.... වැඩ කරපු එකෙන් කොහොම හරි අර ඉතුරු වෙලා තිබුණ කොටස් ටිකත් සම්පූර්ණ කර ගන්න පුලුවන් උන එකෙන් ඉරිදත් සුපුරුදු පරිදි මන් ක්ලාස් ගිහින් ගෙදර ආවා..

එනවා යනවා , යනවා එනවා ඉවරයක් නැති ගමන් එක්ක ආයෙම මහ රෑ වෙනකල් වැඩ කරලා නිදා ගන්න යද්දි පාන්දර දෙකට විතර ඇති...

හිත වාවන්නේම නෑ

ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා

07***----- is calling ...

අදුරන්නෙ නැති නම්බර් එකකින් මහ පාන්දර කොල් එකක් ආපු එකෙන් මන් බැලුවේ කවුද මට දැන් කතා කරන්න තරම් බලන් ඉන්නෙ කියලා..

කලින් කවදවත් කතා කරලත් නැති දැකලත් නැති නම්බර් එකකින් ආපූ කොල් එකට මමත් කතා කරන්න හිතන් කොල් එක ආන්සර් කරා තමයි... ,

" ඔයා තාම නිදි නැද්ද බබා...... "

එක පාරට එහා පැත්තෙන් ඇහුණ කට හඩත් එක්ක මන් එක සැරේ සීතල වෙලා ගියේ මේ මිනිහා කවදා ඉදන්ද මට දැන් බබා කියන්න තියා ගත්තෙ කියලා කල්පනා කර කර... මාර වැඩක් උනානෙ යකො මේක.....

" නැ ඇයි ? "

ඉස්කොලෙ හෙඩ් නෙවෙයි ප්‍රින්සිපල් උනත් මගෙ ෆොන් එකටනෙ කොල් එක ගත්තෙ.
මන් මොකටද ඌට බය වෙන්නෙ.. ඒක හින්දම මමත් ටිකක් සද්දෙන් කතා කරා..

හේ බය උනාද දන්නෙත් නෑ හැබැයි..

ශනල් අයියා කවදවත් නැතුව මගෙ නම්බර් එකට කොල් එකක් ගත්ත එකත් මේ විදිහට හරි ආදරණීයව කතා කරපු එක ඇත්තටම මට නුහුරු හැගීමක්.

මොකද අපි අතරෙ එහෙම හොද හැගීමක් මීට කලින් තිබිලා නෑ.. මෙ ටික දවසක ඉදන් මෙහෙම හරි ලගින් ආශ්‍රය කරත් කවදවත් වචන වලින් අපි ලන් වෙලා නැ..

" මට ඔයාව මතක් උනා නුහාන් "

මේ මල පාන්දර මේ මිනිහා මාව මතක් කර කර මොනවා කරනවද... ??

අනික මූ කොහෙද මේ ඉන්නේ සර සර ගගා සද්ද ඇහෙන්නෙ තෙමෙනවද මෙකා... !!

" කොහෙද ඔයා ඉන්නෙ... ? "











ඒව් ඒ ලප ටිකහ්.....🤧( Sigeraa's ලප )

මලක් විදලා ආතල් එකෙ ඉන්න අපේ නූජ් කොලුවා..... ( දැන් සැපද....... ??? )

සිගේරා පුතා වැඩ වගෙ...... 💚


You are reading the story above: TeenFic.Net