23 කොටස

Background color
Font
Font size
Line height

අල්මාරිය පිටි පස්සෙන් දොරක් ඇරිලා ගිහින් නතර උනාට පස්සෙ මමයි සහ්‍රසයි වැඩි වෙලා ඉන්නෙ නැතුව එහෙමම අල්මාරිය පැත්තකට තල්ලු කරලා දලා ඇරුණ දොර ඇතුලෙන් ඇතුලට ගියා..

වටපිටාවෙ මෙලො එලියක් නැති නිසා මගෙ ෆොන් එකෙ එලියත් කාමරෙ සර්ච් කරන්න මදියි කියල තෙරුන සහ්‍රස උගෙ ෆොන් එකත් අරගෙන් ටොච් එකකුත් ගහගෙන එහෙමම ඉස්සරහට ගියා..

ඌ යන පස්සෙන්ම මමත් වටෙටම ඇස් යව යව යද්දි අහක බලාගෙන ආපූ මම මොකක් හරි එකක වැදිලා ඒක උඩ තිබ්බ මොකක් හරි බිදිලා යන සද්දෙත් එක්කම බිමට වැටෙන්න ගියපු පාර මට ටිකක් එහායින් ඉදපු සහ්‍රසව පැත්තකට තල්ලු කරේ ඒ කැඩිලා ගියපු වීදුරු කටු කෑලී පිටින් මගෙ උරිස්සත් කපාගෙන බිමට මහ සද්දෙන් ඇදගෙන වැටුණ පාර...

" ඒ ශාකී උබද හොදින්ද....... ?? "

" ඔව් ඔව් අවුලක් නැ මචං....... "

සහ්‍රස බිම වැටිලා ඉද්දිම මගෙන් එහෙම අහගෙන නැගිටින්න හදපු නිසා මමත් උරිස්ස තුවාල වෙලා ලෙ ගලන එක ඌට නොකියා ඉදියේ ඌත් බොරුවට කලබල උනොත් වැඩෙ අවුල් වෙලා යන්න පුලුවන් නිසා..

" මේ හැමතැනම ඇයි බන් වීදුරු තියලා තියෙන්නෙ.... ?? "

" එකනම් මාත් හරියට දන්නෙ නෑ බන්..."

උරිස්සට වැටුණු වීදුරු කෑලී නිසා හුඩි එකත් ඉරිලා ඒ උඩින් ලේ මතු වෙද්දි කොච්චර වෙදානවක් උනත් ඒක කාගෙන මන් එහෙමම ඉස්සරහට ඇදුනේ මට මොනවා උනත් මන් හොයන මනුස්සයාව හොයා ගන්න ඔන නිසා.

" ශාකී මෙහෙට වරෙන්කො......... "

මට ඉස්සරහින් ඇවිදන් යන සහ්‍රසට මගෙ අත එච්චර නොට් උන්නෙ නැති එකට දෙවියන්ට පින් දෙදී මන් ඌ කතා කරපු පැත්තට අඩිය ඉක්මන් කරේ ඇගෙන් දැන් වෙද්දි සැහෙන ලේ ප්‍රමානයක් එලියට ගිහිල්ලත් තාමත් හිතේ හයියට ඇග වැඩ කරන නිසා....

" ඇයි මොකක්ද සහ්‍රස...... ?? "

" උබට පෙනවද අර අතන තියෙන පොත් රාක්කෙ...... ? "

සහ්‍රස උගෙ අතෙ තිබ්බ ෆොන් එක අපිට ටිකක් ඈතින් වෙන්න තිබ්බ දුවිලි වලින් නෑවිලා ගියපු පොත් රාක්කයක් පෙන්නද්දි මන් ඒ දිහා ඇස් දෙකත් හීනී කරලා බැලුවෙ මේ වගෙ කාමරයක් ඇතුලේ මේ වගෙ පොත් රාක්කයක් තියන් ඉන්න නූජ්ලට පිස්සුද කියලා හිතා ගන්න බැරුව.

ඇත්තට නූජ්ට පිස්සුද දන්නෙ නැ.... ??

" ඒත් ඒකනම් මෙහෙ කවුරුත් පාවිච්චි කරපු එක්ක නෙවෙයි වගෙ නේද බන්.... ? "

" ඔව් ඒත් මේ කාමරේ අස්සෙ මොකටද මෙහෙම එකක් තියෙන්නෙ.... ?? "

" මටත් හිතා ගන්න බැ.... සමහරක්විට මෙතන අපි නොදන්න පරණ කතාවක් තියෙනවද දන්නෙ නැනෙ නේද ශාකි... "

" ම්ම් "
.
ඇත්තටම ඇයි මේ ගෙදර මේ වගේ කාමරයක් තියෙන්නෙ..... ?? ඇරත් මේ කාමරෙ ගැන දන්නෙත් ඔවිදු විතරයි... එහෙව් එකෙ අනෙ මන්ද මටනම් තෙරෙන්නෙ නෑ මේ නූජ්ගේ පව්ල ගැනනම්
හොරෙන් කුඩු පැකට් විකුණලා සතුටු වෙන මෙහෙමත් ඇමැති පුත්තු ආර්හ්....

නූජ්ට හිත යටින් බැන බැන මමත් අර පොත් රාක්ක ටිකකට අමතක කරලා එහෙමම අනිත් පැත්තට හැරුනේ ඒ පැත්තේ මිනිස් පුලුටක් ඉන්න තියා හිතන්නවත් බැරි නිසා... ටිකක් දුර ඉස්සරහට ඇවිදන් යද්දි උරිස්ස ඇදුම් කන්න ගත්ත නිසාම උරිස්සට අත තියලා ටිකක් තද කරේ තව ටික වෙලාවක් ඉවසන් ඉන්න කියලා මගෙ ඇගටම මන්ම හයිය දිලා..

සහ්‍රසත් වටෙටම ෆොන් ටොච් එකක් අල්ලගෙන මගෙ පස්සෙන් ගාටද්දි අමාරුවෙන් හුස්ම උඩට පහටල අදින සද්දයක් ඇහුණ පාර මම සහ්‍රසගෙ අතින් අල්ලලා ඌව නැවැත්තුවෙ ඌ ඇවිදින සද්දෙත් එක්ක අර හුස්ම ගැනිල්ල මග ඇරෙන නිසා...

" අර පැත්තෙ...... "

පොත් රාක්ක තිබ්බ පැත්තෙ ඉදන් සැලකිය යුතු දුරක් ආපූ මම එහෙමම මගෙ වම් අත පැත්ත පෙන්නලා සහ්‍රසට කියද්දි සහ්‍රසත්
එයාගෙ කන් දෙක හරවලා ඒ සද්දෙට අවධානෙ දුන්නා...

" ඔව් අර පැත්තෙ........ "

මට සද්දෙ ඇහුණ පැත්ත හරි කියලා කියන්න සහ්‍රසත් ඒ කියලා මාව එහෙමම ඇදගෙන ගියේ අර අපිට සද්දෙ ඇහුන පැත්තට... දැන් දැන් මගෙ ඇගත් හොදටම දුර්වල වෙගෙන එන නිසා කකුල් දෙකට එක තැන පැටලෙන්න නොදී මම තොලකුත් හපාගෙන එහෙමම සහ්‍රස පස්සෙන් ඇවිද්දා..

ඒ ඇවිදලා අන්තිමට අපි දෙන්නා අර අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙ ලග නතර වෙලා එහෙමම බය වෙලා වගෙ බලන් ඉදියේ ඒ මනුස්සයා මැරිලවත් යයිද කියලා සැකෙන්....

තොල හරියේ ටිකක් ඉදිමිලා මූණ පුරා දාඩියෙන් පෙගිලා තිබ්බ පිරිමි ලමයව දැකලා සහ්‍රස ඉක්මනට එතනට දුවද්දි මමත් එතනට දුවගෙන ගිහින් බැක් පැක් එක ඇදල ගේනාපු වතුර බොතලෙන් වතුර ටිකක් අරගෙන අර බිමට පාත් වෙලා තිබ්බ ඔලුව ටිකක් උස්සල ඒ මූණට වතුර ටික ඉස්සා..

" ආ - අ හ් ? "
.
වතුර ඉස්සත් එක්කම ඇස් ඇරපු ඒ පිරිමි ලමයා ගොත ඇහෙන වචන වලින්ම අපිට කතා කරේ හරියට අපි එනකල් හුගක් වෙලා බලාපොරොත්තුවෙන් බලන් ඉදියා වගෙ කට හඩකින්...

" වතුර ටිකක් බිලා ඉන්න... "

සහ්‍රසගෙ අතට වතුර බොතලෙ දීපූ මම ඒක ඌට පොවන්න කියලා බැක් පැක් එකෙ ඔබාගෙන ඉදපු පිහිය අරගෙන අර පිරිමි ලමයව ගැට ගහලා තිබ්බ ලණු ටික මට පුලුවන් තරම් වෙගෙන් කපලා අයින් කරලා දැම්මා..

" ඔයාද නිතේශ් ඔවිදු කියන්නෙ... ?? "

" ඔ- ඔහ්ව් ඔයා ශා  කිද..... ? "

හෙම්බත් වෙලා ඉදපු පිරිමි ලමයා වතුර ටිකට පින් සිද්ද වෙන්න වචන ටිකක් එකතු කරන් අමාරුවෙන් කත කරද්දි ලණු වලට හිර වෙලා තිබ්බ අත් පය මන් ඉක්මනට දිගා කරලා ඒ අත් කකුල් මගෙ අත් වලින් තද කරා... හරියටම එව්වට පන තියෙනවා කියලා ඒ මනුස්සයට දැනෙන්න වගෙ...

" මේ බිස්කට් එකක් කන්න පුලුවන් විදිහට.. ඔයා ගොඩක් වීක් අපිට මෙතනින් ඉක්මනට එලියට යන්න ඔනෙ.... "

" ම-ම් මගෙ මල්ල් - ලි කොහෙද.... ? "

" එයා මන් ගාව පරිස්සමට ඉන්නවා ඔයා බය නොවි ඔක කන්න... "

නිතේශ් අහන්නෙ කවිශ ගැනද වෙන කෙනෙක් ගැනද කියන්න හරියටම දන්නෙ නැති උනත් වෙලාවෙ හැටියට ගලපලා උත්තර දී ගත්ත මම ඔවිදු බිස්කට් එක කනකල් බලාගෙන ඉදියේ එයා මොනවා හරි කියනකල්......

" ශාකී ඇහෙනවද.... ශාකි ඇහෙනවද උබට අපිව..... "

" ඔහ් දේශ් කියපන් මොකක්ද සීන් එක... "

" කවුරුහරි මෙහාට එන්න වගෙ හදන්නෙ.. ඉක්මන් කරල ඔතනින් එලියට වරෙන්..... "

" ඒ කෝටූ නූජ් උගෙ සෙට් එකක් එක්ක තව විනාඩි 10 කින් ඔතන.. ඉක්මන් කරලා කට්ටියම පැන ගනිම්... ඌ සෙට් එකක් එක්ක එන්නෙ...... "

දේශ් කතා කරල ඉවර වෙන්නත් කලින් දිනුකයත් කතා කරන්න ගත්ත පාර සහ්‍රසත් බය වෙලා වගෙ මගෙ දිහා බැලුවෙ මමත් පට ගලා බෑග් එක කරෙ දාගෙන උවිදුව නැගිට්ටවල ගත්ත පාර......

" වැඩි වෙලා නෑ විනාඩි දහයයි තියෙන්නෙ.. මෙතනින් ඉක්මනට පැන ගන්න ඔනෙ සහ්‍රස වරෙන් ඉක්මනට යමන්..... "

" එපා ඔහොම ඉන්න.!! "

ඔවිදුවත් මගෙ ඇගට වාරු කරගෙන යන්න කියපු පාර ඔවිදු ඒ කියලා කෑ ගැහුවෙ ඇයි කියන්න දන්නෙ නැතුව මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදියෙ මෙතන නාස්ති කරන්න තරම් වෙලාවක් නැති නිසා...

" ඇයි මොකක්ද ප්‍රශ්නෙ.... ? "

" මට වටින දෙයක් අරගෙන යන්න තියෙනවා.. ඒක නැතුව මට මෙහෙන් යන්න බැ.... "

" අනෙ බන් ඔව්වා හොය හොය ඉන්න තරම් වෙලාවක් නෑ අපි පස්සෙ වෙලාවක හොයාගමු... දැන් යමන් කොල්ලො.... "

සහ්‍රසත් එයාගෙ දකුනු පැත්තට ඔවිදුව වාරු කරගෙන එහෙම කියද්දි ඔවිදු අපි දෙන්නගෙන්ම ඈත් වෙලා හිට ගත්තෙ හරියට අපි දෙන්නා එයාට බරපතල වරදක් කරන්න ගියා වගෙ...

" බැ බැ ඔයාලා යන්න මට ඒක ඔනෙ..
ඒක නැති උනොත් මට මගෙ මල්ලිවත් නැති වෙයි..... "

ඔවිදු ඇස් දෙකෙ කදුලුත් පුරවගෙන ඒ කියද්දි මගෙ හිතත් ටිකක් රිදුණෙ මොනවා උනත් ඔවිදු ඉන්නේ ලොකු හිතේ අමාරුවකින් කියලා ඒ මූණ දිහා බැලුවාම ඔනම කෙනෙක්ට කියන්න පුලුවන් නිසා.

" හරි මන් අරන් එන්නම් ඔයාලා දෙන්න යන්න.... "

" ශාකී උබට පිස්සුද..... අර මිනිස්සු එන්න කලින් අපි මෙතනින් පැන ගමු... "

" මොකක්ද ඔයාට ඔනේ කියන්න... "

" මගෙ ට්‍රන්ක පෙට්ටිය....... !! "

" කොහෙද එක තියෙන්නෙ..... ?? "

" පුස්තකාලෙ යට කාමරෙ...."

" කොහොමද ඒ කාමරෙට යන්නෙ යතුරක් තියෙනවද....... ?? "

" නැ "

" එහෙනම් කොහොමද මන් ඒක ගන්නෙ... ? "

" ශකී !!!!! "

" අර පොත් රාක්කෙ ඇති එක පොතක් ,  සුදු කලු රතු පාට එකතු වෙච්ච... අන්න ඒ පොත එතනින් අයින් කරන්න එතකොට කාමරේ දොර ඇරෙයි.... "

" ශාකී යමන් බන්...... !!! මෙතන ඉදන් එලියට යන්නත් විනාඩි 10 ට වඩා යනව... "

" සහ්‍රස උබ උවිදුව එක්කන් දේශ්ලා ඉන්න තැනට පුලුවන් තරම් ඉක්මනට පලයන් මන් අරගෙන එන්නම්..... "

" ශාකී නැවතියන් බන්...... "

මන් උවිදුව සහ්‍රසගෙ ඇගට වාරූ කරල යන්න යද්දි උවිදු මගෙ අතේ මොකක්ද එකක් ගුලි කරනවත් සහ්‍රස මට යන්න එපා කියලා මාව නවත්ත ගන්න කෑ ගහනවත් ඇහුනත් දැනුනත් , සිහියක් නොතිබ්බ මම එහෙමම දැනට බාගයක් දුර ගෙවාගෙන ආපූ පාර දිගෙ ආයෙම ආයෙම ඇවිදගෙන ගියෙ අපි කලින් දැක්ක පොත් රාක්කෙට.....

ආර්හ් #ත්ත හදිස්සියට පාර පෙන්නෙත් නැ.... !!!
.

වෙගෙන් වෙගෙන් පොත් රාක්කෙ තිබ්බ පැත්තට මන් ඇදිලා යද්දි කලුවරෙම එහෙ මෙහෙ වැදිලා කකුලත් දැන් වෙද්දි රිදෙන්න අරන් තිබ්බ එකෙන් මගෙ වෙගෙත් ටික ටික අඩු උනා වගෙ...

අමාරුවෙන් අමාරුවෙන් හිතට හයිය අරගෙන අර පොත් රාක්කෙ පැත්තට ආපු මම ෆොන් එකෙ ටොච් එකත් ගහගෙන මුලු රාක්ක පුරාම බැලුවේ අර කිව්වා වගේ පොතක් තියෙනවද කියලා බලන්න උනත් දූවිලි බැදිලා පාටත් මැකිලා තිබ්බ ඒ පොත් ගොන්න අස්සෙ උවිදු කියපු පොත කොහොමත් හොයන්න තරම් වෙලාවක් මට ඉතුරු වෙලා තිබ්බෙ නෑ..

වෙන කරන්න දෙයක් නැතිම තැන මම පොත් රාක්ක පහ හයකම පොත් ඇදල දැම්මත් දොරක් තියා පොඩිම පොඩි සද්දයක්වත් ඇහුනෙ නෑ..... පොත් බිමට පෙරල පෙරල දාද්දි දූවිලි තට්ටු පිටින් ඇවිස්සිලා ගිහින් මගෙ ඇස් දෙකත් දැවිල්ල අල්ලපු පාර මන් ඇදන් ඉදපු ලේ එක්ක තෙත් වෙලා තිබ්බ හුඩී එකෙ ඇතුල් පැත්තෙන් ඇස් දෙක පිහිදගෙන එහෙමම පොත් රාක්කෙකට හේත්තු උනේ දැන් වෙද්දි මට එලියට පැන ගන්න ඉතුරු වෙලා තිබ්බෙත් විනාඩි 5 ක් වගෙ පොඩි කාලයක් නිසා..

මට අද මෙක හොයා ගන්න බැරි වෙයි..

තාමත් අතවත් තිබ්බෙ නැති රාක්ක පොලිමක් එක්ක ඇස් දෙක අරන් ගියපු මම එහෙමම රාක්කෙට හෙත්තු වෙලා ඔලුව රාක්කෙ ගහ ගනිද්දි ඔලුව වැදුණ පාර බිමට වැටුණ පොතක් එක්ක සර සර සද්දයක් එක්ක රාක්කයක් හැරවෙනව අඩ අදුරෙදිම දැක්ක මම තව හිත හිත ඉන්නෙ නැතුව එහෙමම ඒ ඇරුණ දොර පැත්තට පැන ගත්තේ දෙයියන්ට පින් දෙදි. 

අර කිව්වත් වගේ කාමරයක් ඇතුලට ආපු මම ෆොන් එකෙ ටොච් එක ඔෆ් වෙලා ගියපු නිසා අයෙම ෆොන් එකෙ ටොච් එක ඔන් කර ගන්න යද්දි එහෙමම ෆොන් එකත් ඔෆ් වෙලා ගියා...

ආර්හ් දැන් ඒකත් ඉවරයි........ !!!

ෆොන් එක ඔෆ් වෙලා ගිහින් , තිබ්බ අන්තිම අදුරත් නැති වෙලා යද්දි මට දැනුනෙ පුදුම අසරණකමක්... එන්න එන්න මට මෙතනින් එලියට පැන ගන්න තියෙන වෙලාව අඩු වෙන නිසාම ඒ එක්ක ආපු තරහට මන් මගෙ අත් දෙක මිරික ගද්දි අතට අහු උන මොකක්ද එකක් නිසා මන් ඒක අල්ලලා බැලුවේ මේක මගෙ අතට ආවෙ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව.. ,

ලයිටර් එකක්...........,,, ?

මගෙ අතේ ගුලිවෙලා තිබ්බ ලයිටර් එක පත්තු කර ගත්ත මම මන් මෙහෙට එද්දි උවිදු මගෙ අතේ ගුලි කරන්න ඇත්තේ මෙක වෙන්න ඇති කියලා හිතලා ඒ ලා කහ එලියෙන් කාමරේ පුරාම ඇස් අරගෙන ගියපු මම ඇද පාමුල දූවිලි වලින් නෑවිලා තිබ්බ පෙට්ටිය අතට අරන් දුවිලි පිටින්ම ඒකත් අරගෙන එහෙමම එලියට පැන්නා.

එලියට පැනලා ආපූ පාරෙන්ම අමාරුවෙන් උනත් දුවගෙනම ඇවිත් අල්මාරියෙන් එලියට පැනපු දොරෙන් එහෙමම අර කාමරෙ ඇතුලට පැන ගත්තාත් හරි ,,,

" උබ ආවද ඉක්මනට යමන්..... !!"

දේශ් , අශාන් ,සහ්‍රස උවිදූ සෙරම අර අල්මාරිය ඇරපු කාමරෙ ඇතුලේ ඉන්නව දැක්ක පාර දුවිලිත් නාගෙන ඉදපු මම ලාවට හිනා වුණෙ මොනා උනත් මට ඉන්නෙ දාහකින් හොයා ගන්න බැරි යාලුවො ටිකක් නිසා....

" කෝටූ ඉක්මන් කරපන් අරුන් දැන් ගේට් එක හරියෙ ඉන්නෙ...... !! "

දිනුකගෙ සද්දෙ ආයෙම කන් දෙක ඇතුලෙ දොන්කාර දෙද්දි මන් ආපහු අපෙ උන්ගෙ මූණවල් ටික දිහා බැලුවෙ මොන දේ උනත් ඒ මූණූවල කිසිම වෙනසක් නොවෙද්දි....

ඉතින් ආයෙ අහ අහ ඉන්න ඔන නැති නිසාම මමත් අර පෙට්ටිය දේශ්ගෙ අතට දිලා බෑග් එක අශාන්ගෙ පිටෙ එල්ලලා සහ්‍රසගෙ දකුණු පැත්තට වාරු වෙලා ඉන්න උවිදුව මගෙ වම් පැත්තටත් වාරු කරගෙන පුලුවන් තරම් ඉක්මනට ගෙයින් එලියට පැන ගත්තා.

අශාන් දේශ් දෙන්නා ඉස්සරහින්ම අපිව කවර් කරගෙන ඉන්න නිසා මායි සහ්‍රසත් පුලුවන් උපරිම වෙගෙන් ගෙදරින් එලියට පැන ගත්තත් හරි ගෙදර ඉස්සරහ වාහන දෙක තුනක්ම තද බ්‍රෙක් පාරවල් එක්ක නැවැත්තුව පාර තාප්පෙ ලගම ඉදපු අපි හතර දෙනා මූණට මූණ බලා ගත්තේ දැන් කරන්න තියෙන එකම දේ කරන්න හිතාගෙන ,,

" උබලා ඔක්කොම මෙතනින් පැන්න ගමන් අතුරු පාර දිගේ උවිදුවත් එක්කන් පලයන් දිනුක ඇවිත් ඉදී...... "

" එතකොට උබ ...... ? "

" මමත් එනවා කීයටම හරි එනවා පොරොන්දූ වෙනවා වැඩි වෙලා නෑ ඔය බෑග් එකයි පෙට්ටිටයි උවිදුවයි පරිස්සන් කරපන්..... "

" මුලින්ම දේශ් උබ නැගපන්.... "

අශාන් දේශ්ට ඒ කියද්දි ඌ අර පෙට්ටියත් පහලට දාගෙන මුලින්ම තාප්පෙන් අනිත් පැත්තට පනිද්දි ඊට පස්සෙ අශාන් නැගලා තාප්පෙ ඉද ගත්තා..

" ඒ මචන් නැගපන් ඉක්මනට..... "

උවිදුට තාප්පෙට නගින්න කියල අශාන් කියද්දි මන් දෙපාරක් හිතන්නෙ නැතුව බිම දණ ගහල පාත් උනේ මගෙ උරිස්සට කකුල තියල ඌට තාප්පෙට ඉස්සෙන්න කියලා තෙරුන් කරවලා.. වැඩි වෙලා යන්න කලින් අරුන් ටික ආයෙම එන්න පුලුවන් නිසා උවිදුත් දෙපාරක් නොහිත මගෙ දකුණු උරහිස උඩ කකුල තියලා එහෙමම ඉස්සෙද්දි මන් දත්මිටි කාගෙන වෙදනාව ඉවසුවෙ ලේ ගලලා නතර වෙලා තිබ්බ තුවාලෙන් ආයෙම ලේ ගලාගෙන ගියපු පාර මට ඇඩෙන්න වගෙ ආපූ නිසා...

" සහ්‍රස උබ මෙතනින් පැන්න ගමන් ආයෙ පිටි පස්ස හැරිලා බලන්නැතුව දුවපන්..
දැන් පලයන්......... "

සහ්‍රසවත් උස්සලා තාප්පෙන් එහා පැත්තට පන්නද්දිම ඉස්සරහ ගෙට්ටුව මහ සද්දෙන් ඇරිලා ගියත් එක්කම බිම දණගහෙන ඉදපු මම අත මිටි මොලවලා එහෙමම බිමට පන්ච් එකක් දුන්නා..

ඇගෙ අමාරුවයි , හිතෙ අමාරුවයි ඔක්කොම එක්ක ආයෙම කකුල් දෙකෙන් හිට ගත්ත මම එහෙමම තාප්පෙට හේත්තු උනේ ආපූ උන් මේ පැත්තට එනකල්..... වාහන දෙක තුනකින් බැස්ස සුදු කලු කිට් ගහගෙන ඉදපු බොඩිගාර්ඩ්ස්ලා ටිකක් ගේ පැත්තට යන්න ගිහින් මගින් නැවතිලා එකා එකා කතා කර ගන්නවා මන් හෙන ඉවසීමෙන් බලන් ඉදියා..

නූජ් ඇවිත් නෑ වගෙ.....

නූජ් එන්නෙ නැතුව උගෙ හෙන්චයියො ටික විතරක් එවලා තියෙන එකට මට ලොකු පුදුමයක් තිබුනෙ නැති නිසාම තවත් බලාගෙන ඉදියොත් මගෙ ඇගෙ තියෙන අන්තිම පනත් නැති වෙන්න පුලුවන් නිසා මම එහෙමම අරුන් ටිකගෙ කන් පුපුරන මහ සද්දෙන් කතා කරා......

" ආහ් මහත්තුරු ටික හොයන්නෙ මාව වෙන්නැති........... ? "

ඇවිත් ඉදපු නූජ්ගෙ හෙන්චයියො ටික වටෙම ඇස් යව යව මාව හොයන නිසා මම සද්දෙටම එහෙම කියාගෙන ඉස්සරහට ගියේ පැන ගන්නවා කියලා මුන්ට හොරෙන් කොහොමත් පැන ගන්න බැරි නිසා.... එහෙම ගියොත් බඩුත් නැතුව නඩු අතෙම මාට්ටු වෙනවා...

" ඒ මෙහෙ වරෙල්ලා මෙන්න අපි හොයපු එකා ඉන්නවා ගහපන් මූට......... "

නූජ්ගෙ එක හෙන්චයියෙක් ඒ කියාගෙන ලග ඉදපු උන් එක්ක මගෙ පැත්තට එද්දි තාම ගෙට්ටුවෙන් එලියෙ ඉදපු ඉතුරු දෙතුන් දෙනත් මන් ඉදපු පැත්තට දුවගෙන ආවා..

ඇගෙ තිබ්බ අන්තිම හයියත් අරගෙන මුලින්ම ආපූ දෙතුන් දෙනාට නෙලාගෙන නෙලාගෙන ගියපු පාර එකෙක් දෙන්නෙක් බිම ඇදගෙන වැටුණත්.. එක පාරට වටෙම ඉන්න මිනිස්සු එක්ක පොරබදින්න තරම් මගෙ ශක්තියත් දුර්වල වෙලා ගියපු පාර මගෙ ඉස්සරහට ආපූ පාරවල් වලින් මටත් බෙරෙන්න බැරි උනා...

එතන ඉදපු උන්ගෙන් ටීම් එක ලීඩ් කරන කෙන කියලා හිතන්න පුලුවන් උස මහත පොරක් අතෙ තිබ්බ පිහිය මගේ මූණ දිහාට විසික් කරපු පාර මගෙ නහය හරහා වැදිලා ගිහින් වම් ඇහැ යට කම්බුලත් තුවාල කරගෙන ඒ පිහිය විසි වෙලා ඈතට ගියා...

එක පාරට ආපූ පාරවල් කිහිපයක් නිසා මම බිම ඇදගෙන වැටුණ පාර මගෙ ඇග උඩට නැගපු කලු පාට පොරක් මගෙ මූණට අත මිටි මොලවලා ගහගෙන ගියපු පාර බිමට තද වෙලා තිබ්බ මගෙ අත උගෙ බෙල්ලට තියලා තද කරලා ඌව විසික් කරලා එහෙමම මගෙ ඉණෙ ගහලා තිබ්බ ගන් එකෙන් උගෙ කකුකට ශූට් කරා...

ඉහෙන් කනෙන් ලේ පෙර පෙර එතන ඉදපු මිනිස්සු ඔක්කොගෙන කකුල් වලට ශූට් කරන්න ගත්ත පාර ආපු සෙරම වැටි වැටී දුවගෙන උන් ආපූ ජිප් වලට නගිනවා පියවෙන්න ලන් වෙලා තිබ්බ ඇස් වලින් උනත් මන් බලාගෙන ඉදියා....

අරුන් ටික බෙරුනොත් ඇති මට.......,

ආපු සෙරම ආයෙම ආපු දිහාටම පැනලා යද්දි මමත් එහෙමම බිමට ඇදගෙන වැටුණෙ දැන් වෙද්දි මගෙ ඇගෙ සැලකිය යුතු ලේ ප්‍රමාණයක් මගෙන් ගිහින් තිබුන නිසා වගෙම ඇග සීතල වෙලා යන්න වගෙ ආපූ වෙදනවාට.......

" අඩො ශාකී ඇස් ඇරපන් කොල්ලො..... "

" ඒ ඉක්මනට මූව එක්කන් යමන්.. දේශ් උස්සපන් මූව....... "





නූජ්ගෙ ගෙදර තිබ්බ දූවිලි බැදුණ පුස්තකාලේ....

නිතේශ් ඔවිදු

ගුටි කාලත් පන ඇතුව ඉන්න අපෙ ශාකී සිගේරා..✌️💚( ගැම්මක් ඒයි ගැම්මක්..)

shaki Sigeraa :-ආහ් මහත්තුරු ටික
                           හොයන්නෙ මාව
                           වෙන්නැති...... !!

දැන්නම් මහන්සි ඇඥේ..........


You are reading the story above: TeenFic.Net