" අනෙ ආධී පුතේ මොකද මේ.....? "
අපි ලගට දුවගෙන ආපූ මැදි වයසෙ හරි ලස්සන හුරුබුහුටි ගෑනූ කෙනෙක් ශනල් අයියාගෙ මූණ අතගාද්දි ඇත්තමයි මට මතක් උනෙ මගෙ අම්මාව..
මගෙ අම්මත් ඉදියනම්............ ?
" අම්මා අපි මල්ලිව ගේ ඇතුලට එක්කන් යනකල් අම්මා ගිහින් මල්ලිගෙ ඇද ටිකක් අස් කරන්නකො...... නන්ගි මේ මල්ලිට බොන්න මොනවා හරි හදන්නකො ඔයා ගිහින්..... "
එතනට ආපු කට්ටියගෙන් අපෙ සාහිත් අයියා වගේ අයියා කෙනෙක් සමහරක්විට ඊට වඩා වයසින් වැඩිමල්ද දන්නෙත් නෑ ඇවිත් අර ශනල් අයියාගෙ මූණ අතගාපු ආන්ටිට ගේ ඇතුලට යන්න කියද්දි එතන ඉදපු තව ගැනූ ලමයෙකුත් ඉක්මනට එතනින් අයින් වෙලා ගේ ඇතුලට ගියා.. අර ආපු අයියත් ශනල් අයියව වාරු කරගත්ත නිසා මම ශනල් අයියව දීලා එහෙමම ටිකක් පැත්තකට උනා..
මුගේ බර යකො..........
ශනල් අයියාව වාරු කරන් ඉදල අත් දෙකම නලියන නිසා අත් දෙක එහෙම මෙහෙට ගසලා එහෙමම ආපහු ගෙදර යන්න කියල හැරිලත් අර මට නේද බොන්න මොනවා හරි හදන්න කිව්වෙ කියල මතක් වෙලා මමත් අර අයියා පස්සෙන් එහෙමම හිමිහිට ගෙට ගියා...
" ලොකු පුතේ මල්ලිව කාමරෙට දාලා එන්නකො.... "
අපෙ තාත්තා වගෙ හොද උස මහත දේහදාරි ශනල් අයියගේ මැදි වයසෙ වර්ශන් එකක් ඒ කියලා ආයෙම කොහෙටද අතුරුදහන් වෙද්දි දැන් මන් මෙතන මොකද කරන්න ඔනෙ කියලා හිතා ගන්න බැරුව ඔන්න ඔහෙ කොකටත් කියලා මමත් සාලේ තිබ්බ තඩි සොෆා එකෙන් හොදහැටි ඉදගත්තා..
ඇයි යකො එක්කන් ආපු මටත් මහන්සි නැතුවයෑ..... ආර්හ් මගෙ ඇගත් නලියනවා වගෙ ඒ සැරෙ... අලි මදිවට හරක් කිව්වලු..
බෙල්ලත් ලාවට දෙපැත්තට වැනෙන්න ගත්ත නිසා මම බෙල්ලට අත තද කරලා පොඩ්ඩක් බෙල්ල කෙලින් කරගද්දි උගුරත් හිර වෙලා එක පාරට කැස්සක් ඇල්ලුවා.. ආර්හ් ශිට් ###වනෙ ඉතින්...
" කැහ් ආහ් අම්මො හ් කැහැක්හ්හ්හ්"
" අනෙ පුතෙ මොකද උනේ..... වතුර ටිකක් ගෙන්නද දරුවො..... ?? "
" නැ නෑ එපා ආන්ටි දැන් හරි... "
ආපු ගමන්ම කැස්සක් හින්ද චාටර් වෙන්න ගියපු මම කැස්ස කටෙම තියාගෙන උගුර පොඩ්ඩක් පාදලා කතා කරේ දැන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කොහොමද කියලා කල්පන කර කර.. මොකද මන් ලොකු දෙයක් දන්නෙත් නෑ මේ යකා ගැන...
" නොනේ කවුද මේ පුතා මට මීට කලින් හම්බෙලත් නැනෙ අපෙ පුතා එක්ක ඉන්නවා.... ? "
" අනෙ මහත්තයා මේ අපෙ පුතාගෙ යාලුවෙක් වෙන්නැති..... "
" ඔව් අන්කල් මන් ශනල් අයියාගෙ යාලුවෙක්.... එයා අද ටිකක් අසනීපෙන් වගෙ ඉදපු නිසා මම එයාව හොස්පිට්ල් එකට එක්කන් ගිහින් බෙහෙත් අරගෙන ආවෙ.. බෙහෙත් ටික අයියගෙ බෑග් එකෙ ඇති.... "
" ආහ් පුතාල දෙන්න එක වයස නෙවෙයිද..? "
" නැ ආන්ටි අයියා මට වඩා එක අවුරුද්දක් වැඩිමල්..... "
" අනෙ අම්මා මේ මල්ලි හරි ශොයි අනෙ..."
" ආ හ් ? "
මෙච්චර වෙලා කතාවට කන් දීගෙන ඉදපු අර ගැනූ ලමයා එහෙම කියලා මගෙ එහා පැත්තෙන් ඉද ගත්ත පාර මන් බය වෙලා වගෙ ඒ ගැනු ලමයා දිහා බැලුවෙ ඇයි මට එහෙම කිව්වෙ කියලා හිතා ගන්න බැරුව..
" අයියො ලොකු නන්ගි ඔය මල්ලිව බය කරන්න එපා හලො... මල්ලි ඔව්ව ගනන් ගන්න එපා ඔයා ඔය ජූස් එක බිලා ඉන්නකො.... "
අර ශනල් අයියවත් උඩට අරගෙන ගියපු අයියා ආයෙම පල්ල සාලෙට එද්දි මමත් එයා කියපු විදිහට අර ජූස් එකෙන් ටිකක් බිව්වෙ ඉක්මනට ගෙදර යන්න හිතාගෙන..
නැත්තන් මගෙ නම තමයි නිවුස් හෙඩ් ලයින් එකෙ උඩින්ම යන්නෙ දැන් ,
" ඔයාගෙ නම මොකක්ද පුතේ... අපි ඉතින් පුතා ගැන මොනවත් දන්නෙත් නැනෙ... "
" ආහ් ආන්ටි මන් නුහාන්... වයස 19 යි.. තාත්තා බිස්නස්මන් කෙනෙක්.. නන්ගි කෙනෙක් විතරයි ඉන්නෙ..."
" අනේ හරි හුරතල්........ "
මන් එක හුස්මට සේරම ටික කියාගෙන කියාගෙන යද්දි අර ආන්ටි අන්කල් දෙන්නා තරගෙට හිනාවුනා... ඒ අස්සෙ අර අක්කා මගෙ කම්බුල් දෙක මිරිකනකොට මට එහෙන් තව ලැජ්ජයි වගෙ...
මෙ මොකද මට මෙ උනේ............. ?
අර පල්ලට ආපු අයියත් මගෙ එහා පැත්තෙන් ඉදගෙන මගේ කොන්ඩෙ ටිකක් අවුස්සලා මගෙ කරවටේ අතක් දා ගත්ත පාර මන් ඉද්ද ගැහුවා වගෙ කෙලින් උනේ මේ ගෙදර මිනිස්සු මට මේ තරම් හොදට සලකන්නෙ ඇයි කියන්න මටවත් තෙරුන් ගන්න බැරුව...
" මේ සාහිත්ගේ මල්ලිද ඒ කියන්නෙ.... ? "
අර මන් ගාව ඉදපු අයියා මගෙන් එහෙම අහද්දි මන් ඇස් දෙකත් ලොකු කරන් ඒ අයියා දිහා බැලුවෙ මෙයාලනම් අපෙ නෑයො වෙන්න එපා කියලා දෙයියන්ට පින් දිලා.. එහෙම උනොත් අර ශනල්කාරයායි මායි නෑයො වෙනවා දෙයියනෙ.........
" ඔව් අයියෙ.. අයියා අපෙ අයියවද දන්නෙ ... ? "
" ආහ් සාහිත් මන් ලගින්ම ආශ්‍රය කරන කෙනෙක්...... "
" ආහ් හ්ම්ම් "
" හරි හරි ලොකු පුතේ මේ කොල්ලා අපිව හරියට අදුරන්නෙත් නැතුව ඇති.... "
" හරි හරි තාත්තෙ මන් ඔක්කොම පැහැදිලි කරන්නම්.... එතකොට මල්ලි මගෙ නම හන්ස..... වයස 29 යි.... මෙ ඉන්නෙ මගෙ අම්මයි තාත්තයි නන්ගි.... අර උඩ ඉන්නෙ අපෙ පව්ලෙ බාලයා.... "
" එතකොට මන් පැටියො නිපුනි...
වයස 24 යි.. "
" ඔව් ඔව් "
වෙන කියන්න දෙයක් නැතිකමටම මන් ඔව් කියලා කිව්වෙ එතකොට හරි කියලා හිතලා උනාට.. ඉදපු ඔක්කොමලා මන් මූණත් හදාගෙන එහෙම කියපු විදිහට බඩවලුත් අල්ලගෙන හිනා උනා...
" මල්ලි ලයිසන් තිබ්බද වාහනෙ අරගෙන ආවෙ.... ? "
" ආහ් නෑ මන් නිකම්ම ආවෙ... ලයිසන් එක ගෙදර "
" ඔව්නෙ කොල්ලා ස්කූල් කිට් එකෙන්නෙ තාම ඉන්නෙ අනෙ මහන්සිත් ඇති.... පුතා අද මෙහෙ ඉමු.... "
" අනෙ බෑ ආන්ටි මන් ගෙදර යන්න ඔනෙ අභිමන් අයියල දන්නෙ නෑ මන් ආවා කියලා.."
" ආහ් අභිමන් පුතාගෙ මල්ලියෙක්ද මේ "
" ඔව් අපි නෑයො.... අයියා අපෙ දිහා මෙ දවස් ටිකෙ ඉන්නෙ..... අයියලා කොහෙද ගිහින් ඉදියෙ මන් එක හින්ද තනියම ශනල් අයියව එක්කන් ආවෙ... "
" අනෙ දරුවො මොනවා හරි උනානම් ඔයාට...... ? "
" අනෙ නැ අන්කල් එහෙම අවුලක් නෑ.. හැබැයි තව වෙලා ගියොත්නම් ලොකු අවුලක් වෙන්න පුලුවන්.... එක හින්ද මන් යන්නම් අන්කල්..... "
" ලොකු පුතා චුටි පුතාව එහෙනම් ගෙදරට ගිහින් දලා එන්න..... දූ ඔයත් යනවනම් ගිහින් එන්න අයියා එක්ක..... "
" අනෙ හා මන් යන්නම් තාත්තේ.... "
" එහෙනම් මන් යන්නම් අන්කල් , ආන්ටි.. "
සොෆා එකෙන් නැගිටලා ආන්ටිටයි අන්කල්ටයි වදින්න කියලා ඒ දෙන්නා ලගට යන්න හදපු මම එහෙමම නවත්තගත්තේ නිපුනි අක්කා..
" චුටි මල්ලි අපෙ එකාව බලලා එන්නෙ නැද්ද..... ? "
" ආ හ් මම ? "
" ඔව් ඔව් එක්කන් ආපු කෙනා යන්න කලින් බලලා යන්න ඔනෙ නේද තාත්තේ ලෙඩාව...... "
" ඔව් හැබැයි එහෙමත් එකක් තියෙනවා තමා ලොකු පුතේ..... "
" එකනෙ එකනේ කො කො චුටි ගිහින් අපෙ යකාව බලලා එන්න අපි දෙන්නා ලැහැස්ති වෙලා එන්නම්.... "
" ශනල් අයියගෙ රූම් එකහ් ...... ?? "
" ආහ් උඩම තට්ටුවෙ අන්තිමෙටම තියෙන රූම් එක..... "
නිපුනි අක්කා මාව ගෙදර සාලෙ මැද්දෙ තිබ්බ පඩිපෙල ලගට එක්කන් ඇවිත් ඒ කියලා එහෙමම හැරිලා ගියපු පාර මමත් ආයෙම ගෙදර අය දිහා බැලුවෙ මන් එහෙම යන එක හරිද කියලා මටවත් තෙරුන් ගන්න බැරුව.... මන් එයාලා දිහා බලන් ඉන්න විදිහටද මන්ද එයාල ඉක්මනට අහක බලා ගත්තා......
ඇයි අනේ දැන් මෙ කට්ටිය අහක බලා ගන්නෙ...
මම ඉතින් වැඩිවෙලා ගන්නෙ නැතිව ආයෙම එනවා කියලා හිතාගෙන නිපුනි අක්කා කියපු විදිහට උඩම තට්ටුවෙ තිබ්බ අයිනෙම කාමරේ ලගට ගියෙ ඒ ගෙදර වටෙම පොඩ්ඩක් බල බල... ඒ ගෙදර හරි එලියයි සමහරක්විට ගෙදර කට්ටියම ඉන්න නිසා වෙන්නැති.....
හිත ඇතුලෙන් අපෙ ගෙදර අපි ඉන්න විදිහ මතක් වෙලා චුට්ටක් දුක හිතුනත් මන් ඒක අමතක කරලා ශනල් අයියගෙ කාමරෙ කියලා නිපුනි අක්කා කලින් කියපු කාමරේ දොර ලගින් හිටගත්තේ යනවදො නොයනවදො කියලා හිතා ගන්න බැරුව..
ඔන්න ඔහෙ ඕන එකක් කියල දොරත් ඇරගත්ත මම දොරට තියපු අතත් එක්කම දොර ඇරපු විදිහට එහෙමම නතර උනේ දොර අරිනකොටම ඉස්සරහ තිබ්බ බිත්තියෙ ගහලා තිබ්බ ලොකු පින්තූරෙට.
ඒකේ ඉදියෙ ශනල් අයියා... ඉස්කොලෙ ඉන්නව වගෙ නෙවෙයි හරි සැහැල්ලුවෙන් හිනාවෙලා කොහෙ හරි බීච් එකක් ගාව ගහපු ෆොටො එකක්....
මමත් ඇරපු දොරත් වහගෙනම ඒ ෆොටො එකට ලගට ලන් වෙලා අඩුම විනාඩි පහක්වත් බලන් ඉන්න ඇති....මොකද මන් ශනල් අයියගෙ ඒ හිනාව ඇස් දෙකට කවදවත් දැකලා නෑ.... ඒ තරම් ඒ හිනාවට පිස්සු වැටෙනවා ඔන කෙනෙක්....
ෆොටො එකක් දිහා ආනාපානසති භාවනව වඩ වඩ ඉදපු මම එකා පරට ගෙදර යන්න ඔනෙ නෙද කියලා මතක් වෙලා ෆොටො එකත් අමතක කරලා එහෙමම ගියේ ඇදේ නිදාගෙන ඉදපු ශනල් අයියා ගාවට...
හන්ස අයියට මෙයාව මෙක උඩට දලා ආවට ශර්ට් එකෙ බට්න්ස් ටිකත් ගලවන්න අමතක වෙලා නිසා මම ශනල් අයියගෙ ලගට ගිහින් මුලින්ම එයාගෙ ශර්ට් එකෙ බට්න්ස් ටික ඔක්කොම ගලවලා ශර්ට් එකත් එයගෙ ඇගෙන් අයින් කරා... ඊට පස්සෙ එයා ඇදගෙන ඉදපු කලිසමත් ටිකක් බුරුල් කරලා ඒසී එකක් ටිකක් අඩු කරලා දලා මූනේ තිබ්බ දාඩිය ටික මගෙ කලිසමෙ සාක්කුවෙ තිබ්බ කහ පාට මන් ආසම කියුට් ලෙන්සුවෙන් පිහිදලා ඒ ලෙන්සුව එයාටම තියලා එතනින් නැගිට්ටා..
අනෙ මන්ද මොනවා කරන්නද කියලා.. ශනල් අයියා ඉදපු විදිහට ටිකක් දුක හිතුණ මම එයාගෙ ඔලුව ටිකක් සනිපෙට අත ගෑවෙ එයත් පොඩි ලමයෙක් වගේ ඇදෙ නිදියන් ඉන්න විදිහට ආස හිතිලා.. මගෙ අතෙ සනීපෙටද කොහෙද නින්දෙන් ඒ මූනේ ලා හිනාවක් මැවෙද්දි මන් එයාට පොරවල තිබ්බ ශීට් එකත් ටිකක් ලන් කරල කාමරෙ දොරත් වහගෙන පල්ලට ආවා..
" එහෙනම් අපි යමු නේද දැන්.... "
මන් දෙවනි තට්ටුවෙ ඉදන් පහල සාලෙ දිහාට එනවා දැකපු හන්ස අයියා එහෙම කියද්දි ගෙදර ඉදපු අනිත් අය කටවලුත් වහගෙන හිනා වෙනවා දැක්කත් ඒ ඇයි කියන්න දන්නෙ නැති නිසා මමත් අහන්න ගියෙ නෑ..
" එහෙනම් පුතේ චුටියාව පරිස්සමෙන් ගෙදර ඇරලවන්න... පුතා වෙලාවක මෙහෙ ඇවිත් යන්න එන්නකො හොදද... "
" හරි ආන්ටි.... "
" අනේ ආන්ටි කියන්නෙ ඇයි වස්තුවෙ අම්මා කියලා කතා කරන්න... අපිත් පුතාගෙ අම්මයි තාත්තයි වගෙමනෙ ම්ම්.."
"හරි අම්මා... "
" අනෙ මගෙ චුටි මල "
ශනල් අයියගෙ අම්මා මාව ලගට අරගෙන තුරුල් කරගෙන මගෙ මූණ ඉබිද්දි මම සද්ද නැතුව එහෙමම ඉදියේ කට ඇරියොත් හන්ගන් ඉන්න ඉකිය එලියට පනින්න පුලුවන් නිසා.
ශනල් අයියගෙ අම්මට දණ ගහල වැන්ද මම ඊට පස්සෙ ශනල් අයියගෙ තාත්තටත් වැදල යන්න යද්දි ශනල් අයියගෙ තාත්තා මගෙ ඔලුව හරි අදරෙන් ඉම්බා.... මමත් අර මගෙ කාටවත් දෙන්නෙ නැති හිනාවෙන් ඒ කට්ටිය එක්ක හිනා වෙලා අයියයි අක්කයි එක්ක එහෙමම ආවෙ අපෙ ගෙදර...
" ඒ චුටියා ඔයාගෙ නම්බර් එකට අපේ ගෙදර හැමොම මැසෙජ් දාලා ඇත්තේ වොශ් එකක් එහෙම දා ගත්තට පස්සෙ අපිව සෙව් කරගන්නෑ..... "
මන් බෑග් එකත් අරගෙන බැහැලා ගෙදර ඇතුලට යන්න යද්දි නිපුනි අක්කා ඒ කියලා මට අත වැනුනා.. මමත් අයියටයි අක්කටයි අත වනල එහෙමම සිරි මාමා එක්ක ගෙ ඇතුලට ගියා..
මන් යද්දි වෙලාවට අභිමන් අයියා ඇවිත් ඉදියෙ නැති නිසා සිරි මාමටත් විස්තරෙ කියලා අභි අයියටයි අපෙ යාලුවන්ටයි මේක කියන්නත් එපා කියලා එයවත් ශෙප් කරගෙන මම එහෙමම ගියෙ මගෙ කාමරෙට....
අද කොහොම හරි ටිකක් නිදා ගන්න ලැබුණ නිසාත් ඇගට මහ ලොකුවට අමාරුවක් නැති නිසාත් මම එහෙමම රෙදි ටික ඔක්කොම ගලවල දලා මැශින් එකත් ඔන් කරලා හොදට නා ගත්තා.ඇගෙ තිබ්බ
ඔක්කොම මහන්සිය යන්නත් එක්ක හොද
සීතල වතුරෙන්ම නා ගත්ත මම ඇදුමකුත් දාගෙන එහෙමම මගෙ බැග් ටික අස් කරා.
කාමරෙ අඩියක් ගහන්න බැරි තරම් බඩු පුරවලා තියෙන නිසා මුලින්ම ඒ ටික අස් කරලා ඉවරයක් කර ගන්න ඔනෙ කියල හිතිලා මමත් ලොකු බොක්ස් අරගෙන ඔක්කොම බඩු ගානට ලස්සනට පැක් කරලා කාමරෙම ලස්සනට අස් කර ගත්තා
කොහොමත් දැන් වෙලාව පාන්දර 12.10 යි... ෆොන් එකත් අපු ගමන්ම චාජ් එකට ගහපු නිසා එකත් දැන් ෆුල් චාජ් වෙලා තිබුණෙ.. අභිමන් අයියත් 12.30 විතර ගෙදර ආපු නිසා එයටත් වොශ් දාගන්න උදව් කරලා මම පාන්දර 3.30 වෙනකල් අර දෙන්නගෙ නොට්ස් ලියලා තව විඩියො එකකුත් කරලා මහ පාන්දරම ඒ ටික උන්ටත් යවලා හෙට ඉස්කොලෙ ගෙනියන්න ඔන කරන බඩු ටික බෑග් වලටත් අස් කරලා නිදා ගද්දි පාන්දර 4 යි..
මොනවා උනත් නුපිනි අක්කා කියපු දේ කරන්න ඔනෙ නිසා මැසෙජ් ඇවිත් තිබ්බ නම්බර්ස් හතරම සෙව් කරගෙන ඒ හැමොටම තැන්ක්ස් කරලා මමත් නිදියන්නෙ දැන් කියලා කර කර ඉදපු වැඩ වලත් ෆොටොස් ටිකක් දලා එහෙමම ඇදට පැනලා ගොරව ගොරව නිදියන් ඉන්න අභිමන් අයියගෙ අස්සෙ ගුලි වෙලා නිදා ගත්තා..
ඇත්තටම මන් ශනල් අයියගෙ අම්මව මීට කලින් දැකල තියෙනවා ඔය මැචස් වලට එහෙම එනවනෙ... ඒත් මන් හිතුවෙ නෑ ඒ ආන්ටි ඒ තරම් හොද කෙනෙක් කියලා. ඇරත් ඒ අන්කලුත් හරි හොදයි.... අපෙ තාත්තා අම්මා වගෙමයි ඒ අන්කල් ආන්ටි දෙන්නත්....
කොහොමත් තව පැයකින් විතර ඇහැරින්න ඔන නිසා අමාරුවෙන් හරි ඇස් දෙක පියා ගත්ත මම දන්නෙම නැතුව ආයෙම පහෙ බෙල් එක වදිනකල් ඇහැරුණෙ නෑ... ඉතින් කන කීන් ගාන්න වැදෙන බෙල් එකත් ඔෆ් කරලා අදනම් පොඩි වර්ක්වුට් එකකුත් කරපු මම අභිමන් අයියට වොශ් දා ගන්න දිලා හවස ටෙනිස් ප්‍රැක්ටිස් ඉන්න ප්‍රැක්ටිස් බෑග් එකත් හදා ගත්තා...
අභිමන් අයියා එලියට ආවට පස්සෙ මමත් හොදට වොශ් කරගෙන ස්කොලෙ යන්න ලැහැස්ති උනා.. කොහොමද අද ශනල් අයියව ගෙදරින් එවන එකක් නැති වෙයි..
එකත් හොදයි නැත්තන් මගෙ පපුවෙ අමාරුවත් වැඩි වෙනවා ඒ මිනිහා හින්දා..
උදෙන්ම අභිමන් අයියා එක්ක ඉස්කොලෙ ගියපු මම මුලින්ම මගෙ බෑග් ටික අපෙ ක්ලාස් එකෙන් තියලා එහෙමම පල්ලට ආවෙ නිමේශ් අයියව හම්බෙන්න.. කරන්න තියෙන වැඩ ගොඩ එක්ක මට පොරවත් හම්බෙන්න යන්න අමතක වෙනවා හැමවෙලෙම....
" ඒ ශාකී උබ ආවද........ ?? "
මන් මේන් හොල් එක පැත්තෙන් අපෙ පිසික්ස් ලැබ් එක පැත්තට යන්න යද්දි අශාන් දුවගෙන ඇවිත් මගෙ කරේ එල්ලුන පාර මම ඌවත් දක්කගෙනම ගියේ නිමෙශ් අයියා ගාවට....
ඒ ගිහින් දෙන්නත් එක්කම කරන්න ඔන වැඩ පිලිවෙල ගැන ටිකක් කතා කරගෙන එහෙමම ගියේ it ලැබ් එකට අපෙ හවුස් එකෙ කොඩිනේටර් මෑම්ව හම්බෙන්න..
ඊට පස්සෙ එතනත් වෙන්න ඔනෙ දාහක් වැඩ කතා කරගෙන ආයෙම ක්ලාස් එකට ආපු අපි දෙන්නා එහෙමම පුටු උඩ ඉද ගත්තෙ එහෙටයි මෙහෙටයි දුවලම හති හින්දා... ආයෙනම් අශාන්ව මේ වැඩ වලට ගාව ගන්නෙ නෑ... පව් මේ දෙන්නට අපිට වඩා මහන්සිනෙ....
" ඒ ශාකී උබලා දෙන්න ගම හරහවත් දිව්වද බන් මෙ දාඩිය පෙරාගෙන ඉන්නෙ? "
" ඔව් ඒ වගෙ එකක් තම.... "
" ඊයෙ උබ කලින් ගියා නේද දැන් කොහොමද උබට සනිපයිද........??? "
දේශ් මගෙ ලගට ඇවිත් මගෙ උණ බලලා මන් යහතින් ඉන්න නිසා සතුටෙන් පුටුවකින් වාඩි උනාට පස්සෙ සහ්‍රසත් ඇවිත් එතනින් වාඩි උනා...
" උබලා දෙන්නගෙ පොත් මගෙ බෑග් එකෙ ගනින්.... "
" අඩෙ උබ ඒ ටික ඔක්කොම ලිව්වද බන් "
" හ්ම් "
දේශ් මගෙ බෑග් එකෙන් පොත් ටිකත් එලියට අරන් ලියපු නොට් ටික බලද්දි අශාන් උගෙ නොට් ටික බැලුවා...ඒ අස්සෙ සහ්‍රස මගෙ කොන්ඩේ දාඩිය ගස ගස අශාන්ගෙ මූනෙ දාඩියත් පිහිනවා.. පව් මොනා උනත් සහ්‍රස තමා අපි තුන්දෙනා ගැනම වැඩියෙන්ම හොයලා බලන්නෙ...
වැඩ කරන අපේ ශාකී විරුවා... !
මට දොයිමතයි : - ශනල් ආධිත්‍ය රක්ෂිම
ආර්යවන්ශ.
You are reading the story above: TeenFic.Net