" ඒ බන් හෙට ක්ලාස් යනව නේද.... ? "
" ඔව් උබල අර පෙපරේ කරාද බන්.... "
" අඩො උත්තො නැනෙ....... "
" ඒ ශාකී උබ කරාද...... "
සහ්‍රස ඒ අහද්දි මන් ඔව් කියන්න ඔලුව වැනුනා... මමත් අද තමා බොලව් කරේ... ඇයි තොපි මට බැන්නෙ දමාගෙන අර කොහෙවත් යන ගැනූ හින්ද...
මන් මොන මගුලේ ගියත් මගෙ ඉගෙනීමෙ කටයුතුත් හරිම සාමාකාමීව කරගෙන යනව ඒකනේ මම හැම පාරම සෙක්ශන් ෆර්ස්ට් වෙන්නෙ නැත්තන් ඉතින් පන්තියෙ අන්තිමයවත් වෙන්න පුලුවන්යෑ...
" ඒ එහෙනම් රෑට ගෙදර ගිහින් ඒ ටික වට්සැප් එකට දාපන්කො ෆොටො එකක් ගහල..... "
" බෑ තනියම කරපන් හෙට ක්ලස් එකට කලින් මන් බැරි එව්වා කියල දෙන්නම්..."
" ඒ ඔය ඔකාගෙන් ඔව්වා ඉල්ලල ගුටි කන්න එපා යකො... "
" හරෙ හරේ සමාවෙයන් හෙට කියල දීපන් එහෙනම්..... "
" ඔනෙනම් රෑට සූම් එකක් දලා පෙපරෙ කියල දෙන්නම්.... "
" අඩො අදනම් මහන්සි බන්.... පුලුවන්නම් උබ විඩියො කරල දාපන්කො සුදූ... ක්ලාස් යන්න කලින් බලලවත් එන්න.... "
" හ්ම්ම්ම්... "
දැන් මේ අපි කට්ටියම ගෙවල් වලට යන්නෙ පයින්....මොකද රෑට මෙහෙම පාරෙ පයින් යන එක තරම් ෆීලිම් ඕසම් වෙන දෙයක් නැති තරම්.... අනික අපි හැමොම ඉන්නෙ එකම ලේන් එකක... ඒක ප්‍රයිවට් ලේන් එකක් නිසා ඉන්නෙත් හයි ක්ලාස් මිනිස්සු..... වැරදි අපරාධ මොනවත් නෑ... කෙල්ලෙක්ට උනත් මහ රෑට තනියම මෙ ලේන් එක පුරාම යන්න පුලුවන්....
ඉතින් කට්ටිය හෙට කබ්බාගෙ පිසික්ස් පෙපර් ක්ලාස් එකෙ කරගෙන එන්න කියපු පෙපරේ ගැන කියවද්දි මමත් ඔහෙ හූමිටි තිය තිය ගියේ කියවනව කියල කියවන්නත් තරම් දෙයක් මට මතක් නොවෙද්දි...
අද හැමොම එද්දි ශනල් අයියා විතරක් එතන ඉදියෙ නැති එක මට ලොකු අවුලක් නෑ වගෙ තිබ්බත් හිත ඇතුලෙන් අර මට පෙන්නන්නම බැරි කෙනාගෙ මූණ දකින්න පුදුම ආසාවක් තිබ්බෙ...
ඉතින් පැය බාගෙකින් විතර මමත් ගෙදර මහ උසට දාලා තිබ්බ ගේට් එකෙ බට්න් එක ප්‍රෙස් කරද්දි ගෙට් එක ඔටොම ඇරිලා ගියා.. අපෙ ගෙදර තිබ්බෙ මැද හරියක් වෙන්න එතකොට ගෙදරට යනකල් වත්ත වගෙ තණකොල වවල.. පැත්තකින් අපෙ ගෙදර වාහන පාර්ක් කරන තැන.. තව පැත්තකින් ඔය එක එක මල් ජාති හදල ලොකු සුදු ඔන්චිල්ලාවක් තියෙනව..ගෙදර ලස්සන පස්සෙ කියන්නම්...
ඉතින් ඒ වෙද්දිත් කෙනෙක් දොර ඉස්සරහට වෙලා බලන් ඉන්නවා... මේ ගෙදර මන් කොහෙ ගිහින් කොහොම ආවත් බලාගෙන ඉන්න එකම කෙනා සිරි මාමා... ඉස්සර අපෙ අම්මලාගෙ වලව්වෙ වැඩ කරපු අපෙ තාත්තගෙ වයස වගේ කෙනෙක්.. වයසට ගියත් තාම හැන්ඩියා වගෙ ඉන්නව ඈ..
" අනේ පුතේ මන් මේ එනකල් බලාගෙන ඉදියේ..... "
" මන් ආවානෙ ඉතින් මාමෙ... දැන්නම් මට යකෙක් කන්න බඩගිනියො...... "
මෙ මගෙ චුටි කාලෙ හැසිරිම්..,,,
එව්වා අදටත් ඉතුරු වෙලා තිබ්බෙ අම්මගෙ මතක රැදිලා තිබුණ තැන් වල විතරයි..
ඉතින් මට තාමත් හොදට මතකයි සිරි මාමා ඉස්සර මාව වඩාගෙන ඉන්නව අම්මට බත් කවන්න ලේසි වෙන්න.. වලව්ව වටෙට ඇවිද ඇවිද රස කතා කියල දීපූ හැටි මට තාමත් මතකයි.....
අපෙ අම්මා මට ඉස්සර කියල තියෙනව සිරි මාමා පුන්චි දවස්වල ඉදන්මලු වලව්වේ වැඩ කරන්නෙ. මොකද සිරි මාමගෙ පව්ලෙ අයත් වැඩ කරෙ වල්ව්වලටලු... ඉස්සර අපෙ අම්මාගෙ හොදම යාලුවලුනෙ සිරි මාමා....
ඉතින් සාලෙ තිබ්බ සොෆා එක උඩට පතබෑවුන මම මහන්සියටම උඩ ටි ශර්ට් එක ගලවල විසිකාරා.. තව ටිකකින් අහගන්නයි යන්නෙ..... හේ හේ
" පුතා ඔය රෙදි ටික බින් එකට දාන්න.."
" හරි මාමා..... "
මන් කිව්වෙ මන් කිව්වෙ මේ ගෙදර පිලිවලට තියාගෙන ඉන්න එකම කෙනා තමයි අපෙ සිරි මාමා කියන්නෙ... නන්ගි කොලඹ නිසා මෙහෙ ඉන්නෙ මන් විතරයි... ඇරත් එකිත් මට වඩා පිලිවෙලයි...
" මන් කෑම එක බෙදල තියන්නම් පුතේ .. පුතා නාගෙන එහෙම එන්න..... "
" හරි මාමේ මන් ඉක්මනට එන්නම්කො.."
ඉතින් ගෙදර ගැන කියනවනම් මුලින්ම පහලම තට්ටුවෙ මැද තියෙන්නෙ සාලේ.. එකෙ තඩි ටිවි එකයි සොෆා එකයි.. තව එක එක මල් දාපූ භාජන වගෙ මොනවද මන්ද එව්වයි... ඊට පස්සෙ දකුණු අත පැත්තේ කෙලවරේම කිචන් එක එක්ක කැම කාමරේ.. ස්ටො රූම් එක ඊට ටිකක් එහායින් තියෙන්නෙ...
එතකොට දෙවනි තට්ටුව යන්න සාලෙ මැදින් විහිදිලා යන්න හැදිලා තියෙන තරප්පු පේලිය... දෙවනි තට්ටුවෙ මුල්ම කාමරේ තාත්තාගෙ ඊට එහා පැත්තෙ එක නන්ගිගෙ... අයිනෙම කොනෙම එක මගෙ... එතකොට සිරි මාමා පඩිපෙල් නගින්න බැ කියල එයා ඉන්නෙ පහල තට්ටුවෙ තියෙන ගෙස්ට් රූම් එකෙ...
ඉතින් මට ඕන කරන විදිහට ඕනම දෙයක් මේ ගෙදර ඇතුලේ තියෙනව.. පූල් එකයි , මටම කියල ජිම් එකක්... ටෙනිස් ප්ලේ කරන්න තාත්තා මට හදල දුන්නා ඉන්ඩො රූම් එක..... උඩම තට්ටුවෙ තියෙන ලොකු බැල්කනි එක...ඒ බැල්කනි එකත් එක්ක අල්ලල තිබුන මම ආසම කරන කාමරේ...
මුලින්ම දෙවනි තට්ටුවෙ මගෙ කාමරෙට පැන ගත්ත මම ඇදුම් ටික ගලවල දලා මැශින් එකට දැම්මා... ඒ ටිකත් හෙදෙන්න ඇරල හොද හැටි නාගෙන තෙත පිටින්ම ටවල් එකත් පටලන් ඇවිත් අල්මාරියෙන් ගත්ත කොට ශොටයි හුඩි එකයි ඇදගෙන අර හොදන්න දාලා තිබ්බ බැග් එකත් හොදල වෙලෙන්න දාලා එහෙමම ආවේ කුස්සියට...
මන් කුස්සියට යද්දිත් සිරි මාමා කෑම බෙදල ප්ලේට් එකකට දාලා මන් එකනල් බලන් ඉන්නවා.. සිරි මාමා මන් ගෙදර එන්නෙ කීයටද ඒ වෙනකල් කෑමට අතවත් තියෙන්නෙ නෑ... මන් එන්න කලින් කන්න කියල තිබ්බත් කොහෙද ඉතින් අහනවද නෑනේ නෑනේ...!!
ඇත්තටම සිරි මාමා මට මගෙම කෙනෙක් වගෙ... අපි දෙන්නා අතරෙ රහස් නැ... මන් මගෙ යාලුවො එක්ක කියවනවටත් වඩා කරන්නෙ සිරි මාමා එක්ක කියවන එක... මොකද ඒකෙන් මට හරි සැහැල්ලුවක් දැනෙනව....... අනික එකෙන් මට මගෙ අම්මව අමතක නොවි මතකේ තියාගන්න පුලුවන්....
" මාමේ කමු.... "
" හා කමු කමු.... "
ඉතින් සිරි මාමා මේ ගෙදර ඉද්දි ගොඩක්ම කරන්නෙ වටෙම මල් පාත්ති දාන එක.. රෑට හරි හැටි පෙනුනේ නැති උනත් උදෙක එලියට බැහැල වත්තෙ ඇවිදිනකොට හිතම මාරම සතුටක් එන්නෙ... ඉතින් අද මාමා කරපුවයි ,බලපු පත්තරයි.. තව එයා ටිවි එකෙ බලන ටෙලිනාට්ටි ගැනයි හෙන කතා ගොඩ....
ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා පරණ ඕපදූප ටිකක් සබන් දදා හොදල අරිද්දි දන්නෙම නෑ වෙලා ගිහින්... කොහොමත් සිරි මාමා පුරුද්දක් විදිහට දහයට නිදාගෙන පාන්දර හතරට ඇහැරිනව... ඉතින් සිරි මාමටත් වැදල මමත් මගේ කාමරෙට ආවේ කරන්න තියෙන වැඩ දාහක් මතක් කරගෙන.....
ඉතින් මුලින්ම හැඩි වෙලා තිබ්බ කාමරේ දිහා හෙනම ලුක් එකකින් බලපු මම ඊට පස්සෙ ෆොන් එකෙන් ආතල් සින්දුවකුත් දාගෙන මුලින්ම අස් කරේ ඇද.... ඇද අස් කරල ඉවර කරගෙන ඊට පස්සෙ පොත් රාක්කෙත් පොඩ්ඩක් අස් කරල රීඩින් ටෙබල් එකත් අස් කරගත්තා..
අල්මාරියනම් ගන්න දෙයක් නැ ඉතින්.. එක පියනක් ඇරියම ඇති අල්මාරියම කකුල් දෙක ගාවට එන්න... ඔක හැමදම අස් කරන්නෙත් සිරි මාමා මට බැන බැන.. ඔය බැනුන් ඉතින් ඉපදුන දවසෙ උදන් අහන නිසා ලොකු අවුලක් නෑ ඉතින්... අම්මොර්හ් එකෙත් හැටි....
ඉතින් කාමරෙ කිරි කිරි ටොයියා වගේ ලස්සනට අස් වෙලා එද්දි හිතට ආපූ අමුතු කික් එකට මුලු කාමරෙම අල්ලලා ෆොටො එකක් ගහල තව මමත් පේන්න ඉන්න විදිහට සෙල්ෆි එකක් ගහල ඒ දෙක ස්ටෙටස් අප්ලොඩ් කරා..
#happyCLEANINGdaymysweetieeee '
ඉතින් කැප්ශන් එකත් එහෙම ටයිප් කරපු මම ඒක මුලින්ම වට්සැප් අප්ලොඩ් කරල ආයෙම ඉන්ස්ටා එකටත් ගිහින් අප්ලොඩ් කරා.. අවුලක් නෑ ලක්ශයක් විතර ඉන්නව අකවුන්ට් එකෙ කැමැති කෙනෙක් බලන්නෙ නැතෑ......
ඉතින් ඒ වැඩ ටිකත් කරල ඉවර කරගෙන මන් අරුන් තුන්දෙනා ඉල්ලපු නිසාම පැය දෙකක් අරගෙන ෆුල් පෙපර් එකම පැහැදිලි වෙන විදිහට ඒකට උත්තරෙ ගන්න ඕන කරන කෙටි ක්‍රම හැමදෙම එක්ක විඩියො එකක් කරා.. ඊට පස්සෙ මුලින්ම ඒක අපි හතර දෙනා ඉන්න ගෘප් එකටත් දලා ෆොන් එකත් අයින් කරල මම එහෙමම ආයෙම වැඩ කරන්න ගත්තා..
හෙට පිසික්ස් නිසා මේ දවස්වල රිවිශන් එකෙ යන පාඩමක නොට් ටිකක් අරගෙන ඒව්වගෙ වැදගත් කොටස් ආයෙම බල බල පොඩි නොට් ටිකක් මගෙ ඩෙලි ඩ්රයිරි එකෙ නොට් ඩවුන් කරගත්තා.. මට සාමන්‍ය ලියන ඩයිරි වගේ ලියන්න වචන එන්නෙ නැති නිසා මම කරන්නෙ ඒ ඒ දවසට මන් ඉගෙන ගත්ත පොඩි කවියක් නැත්තන් විද්‍යාත්මක කරුණක්, ඔය ගානන් හදාගන්න ලෙසි වෙන්න මටම ලැබුනු කෙටි ක්‍රම නැත්තම් මමම හදාගත්ත කෙටි ක්‍රම ඔය වගෙ එක එක එව්වා.. හැබැයි සමහරක් වෙලාවට ඒකෙම චිත්‍ර අදින අවස්තාත් නැතුවම නෙවෙයි....
ඉතින් පාන්දර තුන වෙනකල් වැඩ කරල ඇදට ගියපු මම ආයෙම ෆොන් එක අරන් අපෙ මොඩස්ට කොල් එකක් ගත්තා...
Rigging...........
" ආ බූරූ පැටියා ගුඩ්මොනින්..... "
" ගුඩ්මොනින් නිදිද චුටී ඔයා.... ? "
" නිදිනම් ආන්සර් කරනවද අනෙ... !!! "
" හා හා ඉතින් පාඩන් කරද.... ? "
" ඔව් මන් දැන් මෙ මැත්ස් පාස්ට් පෙපර්ස් වගයක් කරනව.. මට ත්‍රිකොණමිතිය තෙරෙන්නෙ නෑ ලොකු..... "
" ගාන එවනවකො ඉතින් මන් කියල දෙන්නම්...... "
" නැ එහෙම ඔනෙ නෑ... මන් මේ සතියෙ එනව ගෙදර...... "
" ආහ් එක හොදයි...එතකොට අමාරු එව්වා නොට් කරන් එන්න... "
" අයියේ මට පාලුයි........ "
" මෙහෙ ආවාම මන් ඉන්නවනෙ චුටි.... දැන් නිදාගන්න රැ වෙලා ගොඩක්... ඔය හැටි නැහෙන්න එපා හලො ඕකට.... "
" හරි හරි ඔයාට වගේ අපිට අයිසෙක් නිවුටන්ගෙ මොලයක් නැනෙ... තියෙන එක වැඩ කරන්නෙත් නෑ අනෙ මගෙ...."
" හරි ඔය මහන්සිය යන්න හොදට නිදාගන්නව හරිද.... මන් තියනව... බායී take care.... "
" love u අයියා.... ම්ම්වාහ්...... "
" මී ටු..... "
නමින් හිරුනි මෙවන්ය සාකී සිගෙරා..මෙ පාර ඔලෙවල්ස් ලියන්න ඉන්නෙ.. ඒ කියන්නෙ අලුතින් එකොලහ වසරට ආපු කෙනෙක්.. ඉතින් හරිනෙ මේයට කොහොමද ත්‍රිකොණමිතිය තෙරෙන්නෙ.. ඒක අන්තිම කාලෙ තියෙන පාඩමක්නේ..
හරි මොකක් හරි ඒකට කමක් නෑ...
ඉතින් එයා ඉගෙන ගන්නෙ කොලඹ පාසලක.. පහ වසර ශිශ්ශත්වේ පාස් වෙලා එයට ලැබුණ ස්කොලර්ශිප් එකෙන් නන්ගි විශාකා එකට මාරු උනා.. මටත් පහෙදි කොලඹට ස්කොලර්ශිප් ආවත් යන්න බෑ හිතුණා.... ඉතින් මන් මෙහෙ නන්ගි එහෙ.. තාත්තා බිස්නස් වැඩ නිසා නුවරඑළියෙ...
කොහෙහරි කමක් නැ ජීවත් වෙනවනේ..
ඉතින් මගෙත් ඇස් දැන් දැන් වෙද්දි ලාවට ලාවට පියවීගෙන යනව.... හරි මහන්සි...
ඉතින් ඉරිදා උදේ හයට ඇහැරුණ මම වොශ් එකක් දලා එහෙමම උදේ කිරි එක බිලා ජිම් එකට ගියේ පොඩි වර්ක් අවුට් එකක් කරන්න.. ඉතින් පැයක් විතර ජිම් එකෙ ඉදල එහෙමම ආයෙම දෙවනි තට්ටුවට ඇවිත් මගෙ රූම් එකට ඇවිත් බාතෘම් එකට පැනලා හොදට නාගෙන ක්ලාස් යන්නත් ඇදුමක් ගෙව්වා..
ලානිල් පැච් ට්‍රවුසර් එකට සුදු පාට පැත්තෙන් දිග ඉණටත් පහලට එල්ලෙන පටියක් තියෙන පොකට් ටි ශර්ට් එකක් ඇදගෙන ශූස් දෙකයි ශේඩස් දෙකයි අතට අරගෙන එහෙමම සාලෙට බැස්සා.. ඊට පස්සෙ සිරි මාමා හදල දුන්න කෑම එකත් කලා බඩත් හොදට පුරවගෙන එහෙමම ගියේ ගෙදර පාකින් එකට......
ඉතින් එකෙ නවත්තල තිබ්බ වාහන පොලිම දිගේ බලාගෙන ගිහින් අන්තිමට නතර උනේ ගිය අවුරුද්දෙ උපන්දිනෙට තාත්ත දිපූ බි එම් එකට..ඉතින් පැසෙන්ජර් සීට් එකට ක්ලස් බැග් එක දාලා මම ගිහින් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනා..
කොහොමත් අපෙ සෙට් එකෙ උන් එන්නෙ උන්ගෙ වාහනවලින්නෙ... ඒක හින්ද ආයෙ ඒ ගැන කලබල වෙන්න ඔනෙ නෑ.. ඉතින් මමත් සින්දුවක් දාමගෙන ස්ටීරින් වීල් එකටත් තට්ටු දදා එහෙමම ආවෙ නො සිරෝ එකට...
ඉතින් වාහනෙත් අරගෙනම පාකින් එරියා එක පැත්තට ගියපු මම වාහනෙත් පාර්ක් කරල බැග් එකත් අරගෙන එහෙමම බැහැලා ෆොන් එක අතර අරගෙන මගෙ අතිජාත බලු මිතුරට කොල් එකක් ගත්තා.. ඉතින් ගත්තා වගෙම ,,,
" ආහ් ශාකී ආවත....... "
" ඒ බිමට බැහැපන් අශානයො.... ඔය ඔකව බිමින් තියපන් ශාකී...... "
අශාන් කොහෙද ඉදන් දුවගෙන ඇවිත් මගෙ කරට පනිද්දි මන් ඌවත් දෝත බදලම අල්ල ගත්තේ තව ඩින්ඩෙන් දෙන්නත් එක්කම පොළොව සිපගන්න යන නිසා.....
" අම්මො උත්තෝ උඹ නලුව වගෙ මෙහෙම ආවම ඉතින් කෙල්ලො පස්සෙන් එන එක අහන්නත් දෙයක්ද බන්..... "
" මගෙ සුදුමැනිකෙව අතෑරපන් අශාන්.... "
" අනේ තරහ ගියාද දේශ් බන්ඩෝ.... සිකේ... "
" හරි හරි දැන් දෙන්නම රන්ඩුද නවත්තගන්නවද.... යමු ක්ලාස් එක පටන් ගන්න වෙලාව ලගයි..... "
" යමන් යමන්...... වාසනවට උබ ඊයෙ අරක දැම්මේ... මට ඇහුනා කොල්ලො සෙට් එකක් කතා වෙනව අද ඒ පෙපර් එක කරලද බලල තමා කට්ටියව ඇතුලට ගන්නෙ කියල...... "
" අඩො එහෙනම් වාසනව හුත්තො.... "
" මේ දැන්වත් යමන් මගෙ කකුල් දෙකත් නලියනව..... ! "
ඉතින් කට්ටියවත් ඉස්සරහට කරගෙන පෙරමුණ ගත්ත මම පඩිපෙල් නැගගෙන නැගගෙන ගියේ ක්ලාස් එක තියෙන හොල් එකට... ඉතින් ගියත් හරි සිරිපාදෙ කන්ද නගින සෙන තොගෙ වගේ ක්ලාස් එකෙ ලමයි කාඩ් මාර්ක් කරන්න පොලිමේ... ආයෙ අදුරන උන් අස්සෙන් පැන පැන චීත්ත වෙන සීන් එකක් මට නැති නිසා පොලිම ඉවර වෙන තැනටම ගිහින් අරුන් තුන්දෙනාව ඉස්සරහට කරල මන් පිටිපස්සෙන්ම හිටගත්තා.. මොකද පොලිම අන්තිමට ඉවර වෙලා තිබ්බෙ කෙල්ලෙක්ගෙන්.....
" ඒ මේ මුන්ට පණු ගායද බන් මේ හැරි හැරි බලන්නෙ.... "
" මන් කොමද බන් දන්නෙ... "
මගේ ඉස්සරහ ඉදපු සහ්‍රස මගෙ කනට කරල මුමුනද්දි මමත් ඉතින් දන්නෙ නැති නිසා ඌට එහෙම කියල ඉස්සරහ ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල බැලුවා.. දැන්නෙ දැක්කේ සීන් එක...
අතකටත් තඩි ෆොන් එකකුත් අතේ තියාගෙන චුටි බඩ පේන රෙදි පටියක් වගේ බ්ලවුස් එකක් ඇදගෙන ඉදපු කෙල්ලෙක් එයාගෙ යාලුවටද මන්ද මොනවද කිය කිය මෙහෙ හැරි හැරි බලනව...
පුකද බලන්නෙ....!!!!
ඉතින් ඒ කොල්ලො මෙහෙ බලන් ඉන්නෙ කොහොමත් අපි දිහා කියල ඔන අන්ධයෙක්ට තෙරෙනවනෙ... ඉතින් මමත් මන් එහෙම දෙයක් දැක්කෙ නැති ගානටම අහක බලාගෙන පොලිමේ ඉස්සරහට ඇදුනා... ඉතින් ඊට පස්සේ කාර්ඩ් එකත් මාර්ක් කරගෙන ඔක්කොම කරගෙන ක්ලස් එක ඇතුලට ගියා...
ඇතුලට ගියත් මොකො වෙනද වගෙම පිටිපස්ස පොලිමෙන් ඉදගෙන සර් එනකල් එදා උගන්නපු පාඩමේ හයිලයිට්ස් කරගත්ත කොටස් ටිකක් නිකම් උඩින් පල්ලෙන් බලන් ගියා... සර් ඇවිත් වැඩෙ පටන් ගත්ත වෙලෙ ඉදන් මගෙ අවධානය තිබ්බෙ සර්ටයි හදන ගණන් වලටයි විතරයි.. වටෙ පිටෙ ලමයිගෙ කයියවල් විකාර කිසි දෙයක් දැක්කෙවත් ඇහුනෙවත් නැති මම ඉන්ටවල් එකක් හරියට සෙට් වෙනකල්ම කරේ පාඩුවෙ වැඩ ටික කර ගත්ත එක.
ඉතින් ඉන්ටවල් එක දෙද්දිම කට්ටියම ඉන්න කියල මන් පල්ලට ගියේ අද මන් ගානේ රයිස් හතරක් එක්ක කොක් බොට්ල්ස් හතරක් ඔඩර් කරල ඒක මෙ වෙද්දි ගෙනත් තියෙන්නෙ කියන පණිවිඩේ ආපු නිසා...
ඉතින් පහලට ගිහින් කෑම පාර්සල් එකත් අරගෙන මන් එහෙමම ආවේ අපෙ උන් ගාවට... පස්සෙ කට්ටියටම අත හොදන් එන්න කියල මමත් ශෙප් එකෙ ගිහින් අත හොදගෙන ආවා... ඉතින් ඒ ඇවිත් ඉදගෙන ඉදපු තැන අස් කර ගත්ත මන් බොක්ස් එකෙ දලා තිබ්බ ගාටස් එක ගලවල දාල නිකමට වගේ ඉස්සරහ බලද්දි තමා දැක්කෙ ,
අපිට ඉස්සරහ රො එකෙ මට කෙලින් ඉදපු කොල්ලා වතුර ටිකක් බිලා ඔලුව ඩෙක්ස් එකෙ ගහගන්නව.. ඒයා කවුද , කොහෙ ඉදන්ද ආවෙ කියල දන්නෙ නැති උනත්... හැමොම කෑම කන වෙලේ ඒයා විතරක් නොකා ඉන්න එක මගෙ හිතට හරි මදි වගේ දැනුනා ඉතින් මොකද කරන්නෙ කියල හිත හිත ඉදපු මම මගෙ කෑම එක ආයෙම ගාටස් එක දලා මගෙ කොක් එකත් අතට අරගෙන නැගිට්ටා..
මන් එක පාර නැගිට්ට නිසා අපෙ උන් තුන්දෙනත් බලන් ඉද්දි මන් ලවට අවුලක් නෑ කියල මගෙ ඉස්සරහ ඉදපු කොල්ලගෙ ඉස්සරහින් ගිහින් හිටගෙන ඒ කොල්ලගෙ උරිස්සට අත තිබ්බා..
" ආ - හ්..... ? "
ශාකී සිගේරා.
You are reading the story above: TeenFic.Net