මාස තුනකට පසු.....
"සෙනාල් වරෙන්කෝ මිනිහෝ ටිකකට උබ මගේ අක්කට හදලා දුන්න අලුවා ගිලගිල ඉන්නෙ පිංගුත්තරයෙක් වගේ මෙන්න මෙහෙවරෙම් ඕයි "
"මොන වදයක්ද බබා මේ...ආපු තැනක වත් කට පියන් හිටපන්කෝ වදේ..."
"ආ..දැන් තවුසෙට මාව වදයක්ද? ආ..සෙනාල් දැන් තවුසෙට මාව වදයක්ද? අමතක කරන්න එපා සෙනාල් දැන් මන් උබේ මිනිහා..මං මානව හිමිකම් යනවා තවුසෙ මට තව මොනාහරි කිව්වොත් ....."
අපි හිටියෙ අපේ සීයා තාත්තලාගෙ ගමේ ඇවිත්...නෙතූටයි මටයි පුංචි කාලෙ ඉදලම මෙහෙ හුරු උනත් මේ පාර නම් අපි ත්ස්නියෙන් ආවෙ නෑ...ආවෙ නෑ කියන්නේ මේ පාර අපේ මිතුරු සමාජෙත් එක්කන් තමයි ආවේ....මං එලියට එනකොට යුවේන් වහල උඩ නැගගෙන නාරං ගෙඩි කඩනවා....නාරං කඩනවට වඩා මුන් දෙන්නා රණ්ඩු වෙනවද කොහෙද...ශෙනාලයා යුවේන් නාරං කඩන දිහා බලාගෙන අලුවා ගිලිනවා...මුන් දෙන්නා කොච්චර රණ්ඩු උනත් දෙන්නට දෙන්නා නැතුවම බෑ.....
චතූ අයියයි අපේ ආදියි ගියා වැවේ නෙලුම් අල ගේන්න...අපේ මිතුරු සංගමේ පුදුම විදියට කාර්යබහුලයි මේ දවස් වල...වෙන කවුරුත් නිසා නෙමෙයි නෙතූ නිසා...නෙතූට තියෙන දොලදුක් සක්‍ර දෙයියන්ගේ වයිෆ්ට වත් තියෙනවද මන්දා...යුවේනයා වහල උඩ නැගගෙන නාරං කඩන්නෙත් උට නෙමෙයි නෙතූට....
"මොකද බන් උබලා දෙන්නා මේ උදේ ඉදන් එල්ලෙන්නෙ..."
මං එහෙම ඇහුවෙ මමත් නාරං ගහ ලගට යන ගමන්...
"ආහ්...අනේ මේ තීනු අයියේ...කතා කරන්න එපා තවුසෙනම් ...මහ ලොකු හොදම යාලුවා...ඒ උනාට නාරං ගෙඩියක් කඩලා දෙන්නෙ නෑ...මගෙ අක්කට මං හරි ඉන්න නිසා හොදයි මගුල..."
"ආහ්...ඔවු ඔවු උබේ අක්කට උබ ඉන්න නිසා හොදයි...පිස්සු කියවන්න එපා යුවේනයෝ මං දැන් පැය ගාණක් තිස්සෙ කකුල් තවලා ආවෙ...අම්මේ යකෝ යක්ක පැටියෙක්ද මන්දා ඒ බඩේ ඉන්නේ....යොහාන් අයියගෙ හොද පන ගිහිම් ඇත්තෙ....ශෙනාල් උබ ඔය ගිලින්නේ නෙතූට තියලා තියපු අලුවා නේද...දැක්කොත් උබේ අවසානෙ තමයි පුතේ...ප්‍රාර්තනා කරපන් අනූ දැන්මම ප්‍රෙග්නන්ට් වෙන්න එපා කියලා...."
පුදුම වැඩ තමයි අපි හැමෝටම තියෙන්නේ අපේ වැඩ නෙම්ව්යි නෙතූගෙ වැඩ...අපි ගමේ ඇවිල්ලා සතියක් විතර වෙනවා...ඉතිම් හෙට ආයෙත් නුවර යනවා...අනිද්දා ආදියි චතූ අයියයි US යනවා...අනේ මන්දා මට කිව්වේ බිස්නස් ට්‍රිප් එකක් කියලා....ඒ උනාට මං එක්කගෙන යන්නත් බෑ කිව්වා මගුල...මුට ශෙනාල් වගේ තව හොර මිනිස්සු ඉන්නවද දන්නෙ නැ මං එක්කන් යන්න බෑ කියන්නේ..හූම්....
"බැහැපන් බන් ඔය ගහෙන් බිමට දැන් ඇති....දැන් කොහෙදො යනවා කිව්වා නේද ? යන්නෙ නැද්ද ...වරෙන් යන්න..."
ඒ යොහාන් අයියා...අපි මේ හදන්නෙ මෙහෙ තියෙනවා ලොකු දොළක් ඒක බලන්න යන්න....දොළ පුරාවටම ගල් පතුරු ඒ ගල් උඩින් තමා වතුර ගලන්නේ...වටේට තියෙන කුඹුක් ගස් නිසා එතන තව සීතලයි...අපේ මිතුරු සංගමේ දැකලම නෑනෙ ...ඒක නිසා අපි දැන් යන්න තමයි හදන්නේ....
*
*
*
*
*
"අඩෝ මරු පොට් එක නේද සෙනාල්...මාර සීතලයි ඒයි..."
"තීනු මෙහෙ එන්න බබා බයේ ඔහෙට වෙලා ඉන්නෙ ගිලෙන්නෙ නෑ...."
"අඩෝ යොහාන් අයියේ සැප සැප ....එනවා එයි වතුරට...."
අපි හිටියෙ දොල ගාව නෙතුයි , අනුයි ඇරෙන්න හැමෝම වතුරෙ...මාත් පොඩ්ඩක් අදි මදි කලත් අවසානෙ මාවත් වතුරට ඇදලා ගත්තා....
"අඩෝ මට එකදාස් නවසිය හැට නව ගනන් වල අත්දැකීම් මතක් වෙනවා...."
ඒ යුවේනයා මේකට මේ ලගදි ඉදම් හැට නවයෙ පිස්සුවක් අල්ලලා...මුට මතක් වෙන්නෙම 69...
"අනේ බබා උබට ඔය 69 තොර ලෝකයක් ඇත්තෙම නැද්ද ආ?...."
"මොකද මිනියෝ...මං වැරදි හැට නවයක් ගැන කියෙව්වද නෑනේ..නෑනෙ ..උබෙත් වල් හිතනෙ..."
"ඒ හැට නවය මතක් කරත් වැඩක්ද කොහෙද ඔයාගෙත් නෑනේ සෙනාල් උවමනාවක්...."
"මෙහෙම ගියොත් උබර්ට අතේ ගහන අඩිරූලක්ම තමයි ගන්න වෙන්නේ...."
"හැට නවය කියා ඇට නවය වත් ඉතුරු වෙයිනේ .....තවුසෙ එදා ඉදන්ම නහර කාරයානේ....නහර වැඩි නිසා උබර්ට වැඩියෙන් ඇට හතකුත් පිහිටලා තියෙන්නේ...."
යුවේනයාගෙ කටට බ්රේක් නෑ...ඒකා ඕනි එකයි එපා එකයි ඔක්කොම එක පිම්මට කියලා දානකොට මං දැක්කා ශෙනල් මල්ලිගෙ කන් රතු වීගෙන එනවා...දැන් නම් රතු වෙන්නෙ තරහටද මන්දා....
"ආ යමන්කෝ අද ගෙදර....පෙන්නන්නම් උබට මම ඇට හත.....යමන්කො බබා...."
අද හරි වගේ යුවේන්ට බුදු සරණයි දෙවි පිහිටයි......
*
*
*
*
*
*
"ඒ ..ඒ ඒ...පොඩ්ඩක් ඉන්න ..පොඩ්ඩක් ඉන්න අර කලවැද්දා ඉන්නෙත් මෙහෙ නේද..මොනාද දන්නෙ නෑ කරන්නේ..."
"අම්මට සිරි අනු ඔවුනේ....සෙනාල් දේසානයා ඉන්නෙත් මෙහෙ තමයි...."
අපි හිටියෙ ආයෙත් ගෙදර යන ගමන් ....දැන්නම් පොඩ්ඩක් හවස් වෙලා ....අනූ,ශෙනාල්,යුවේන් ඉස්සරහෙන්ම...සෙට් එක ගමේ සිරි නරබනවා...නෙතූ..යොහාන් අයියගෙ අතේ එල්ලීගෙන....යොහාන් අයියත් හරි පරිස්සමට නෙතූව එක්කගෙන එනවා....මං හිටියෙ ආදිගෙ ඇගිල්ලක් අල්ලගෙන වෙනකොට චතූ අයියා ආදිගෙ එහා පැත්තෙන් හිටියා....එත්ස්කොට තමා කට්ටියට දේශාන් ගැන මතක් උනේ....
"තීනු අයියේ...පොර මොනා කරනවද දන්නෙ නෑ...ආරංචියක් එහෙම නෑහ්?..."
"මගෙන් අහන්නෙ මොකද බන්...මං මෙච්චර කාලයක් උබලා ලගද හිටියෙ...?"
"ටසිරි ඔවුනේ....එහෙම තමෛ අනේ මිනිස්සුන්ට තමා වැරදෙන්නේ...."
කතාවෙන් කතාව අපි ඇවිත් හිටියෙ ගමේ කඩේ ගාවට වෙනකොට චතූ අයියා ගියා අපිට බෝල වඩේ අරන් එන්න....දැන් හැමෝම කඩේ ගාව....හැබැයි ඊලගට දැක්ක දේත් එක්ක මමයි නෙතුයි මූනට මූන බලා ගත්තා....
කොච්චර කල් ගියත් වැලළුනු අතීතෙ සමහර අදුරු තැන්වලට මිනිස්සු තාමත් බයයි....නෙතූ යොහාන් අයියගෙ අත තද කරලා අල්ලගෙන ඒ පිටිපස්සෙ හැංගුනේ ඒ තියෙන බයට...
"බබා....මොකද මේ ම්ම්..? ඇයි බය වෙලා...?"
යොහාන් අයියා එහෙම අහනකොට නෙතූ කලේ ඔලුව දෙපැත්තට හොලවපු එක විතරක්ම වෙනකොට...මටත් නොදැනිම මගේ අත් මිට මෙලවුනා...
දේසානයා...ඔවු ඒ හිටියෙ දේසාන්...පුංචි පවුලක් ඉන්නවා වගේ මිනිහට ...දේෂාන්ගෙ අතේ හිටියෙ අවුරුදු තුනක විතර පුංචි එකෙක්...අවුරුදු හයක් විතර කියන්න පුලුවන් තව පොඩි එකෙක් ඒ අතේ එල්ලිලා ඉන්නකොට...මූ අපි දිහා බැලුවෙ කන්න වගේ... මොනාද දන්නෙ නෑ බලන්නේ....
අපේ මිතුරු සමාජෙට සිටුවේෂන් එක තේරුම් ගන්න ලොකු වෙලාවක් ගියේ නෑ...දේශාන් දැකලා නැති උනත් උන් අදුරගත්තා ඒ ඉන්නෙ දේශාන් කියලා .....
එතකොට තමයි යුවේනයා කට ඇරියෙ...
"ඕහ්...යොහාන් අයියේ මේ බලන්නකෝ ඔයා අදුරගන්නම ඕනි කෙනෙක් වගේනේ...?"
මූ මොකාටද එන්න හදන්නේ...මූ කොච්චර ආතල් එකේ හිටියත් යුවේන්ට තරහ ගියාම කාටවත් බෑ යුවේන්ව පාලනය කරන්න...මූ එහෙම කිය කියා දේශාන් ලගට ගියා...අපි කලෙත් සද්ද නැතුව වෙන දේ බලාගෙන...
"දේ.ශා.න්. අයියේ....ඉතිම් කොහොමද ම්ම්ම්?... ඕහ්...ඔයානම් අපිව දන්නෙ නෑ...හැබැයි අපිනම් ඔයාව දන්නවා..."
"කාලෙකට කලින් කෙල්ලෙක්ව මානසිකව වැට්ටුවා නේද ම්ම්? බලපන්කෝ දැන් ඒ කෙල්ල කොච්චර සතුටින් ඉන්නවද කියලා....බලපන් යොහාන් අයියා උබේ ලගින් වත් තියන්න බෑ...."
යුවේන්ට කේන්ති ගිහිම් ඌ තව කියෙව්වොත් තත්වෙ දුර දිග යන නිසා ශෙනාල් ගිහින් යුවේන්ගෙ අත තදින් ඇත්තෙ ...දැන් ඇති කියලා අගවන ගමන්..ඒත් යුවේන් නෙමෙයි ශෙනාල්ව ගානකට ගත්තෙ ....
"මල්ලි..අන්වශ්ය ප්‍රශ්න ඇති කරන්න එපා...ඔය පාරෙන් අයින් වෙන්න ...."
"අම්මටසිරි වෙනවා තීනු අයියේ මේ බලන්නකෝ ...මුගේ කටේ ගෑස් බැහැලා ගිහිම්...කෝ මීට අවුරුදු ගානකට කලිම් තිබුන උබේ කටේ සද්දෙ ...සෑ වාව් ගෑනිට බයේ වැහුනද?...."
යුවේන්ට එච්චරමයි කියන්න පුලුවන් උනේ ශෙනාල් යුවේන්ව ඇදලා ගත්තෙ තද බැල්මක් දෙන ගමන්....ඒත් එක්කම දේශානයා එතනින් යන්න ගියා ....හැබැයි ටික දුරයි...අවුරුදු දාසයක් විතර කියන්න පුලුවන් කොල්ලෙක් දේශානයාට අප්පච්චි ගාගෙන දුවන් ආවෙ ආයෙත් යුවේන්ගෙ කට අවුස්සන ගමන්...
"අම්මටසිරි දේශාන් අයියේ...උබ අහිංසක කෙල්ලෙක්ට බැන්නට උබට පුදුම කුලප්පුවක්නේ තිබිලා...ති...බ්...බ්බ්..අතෑරපන් සෙනාල් කට..."
"ඕක නවත්තනවා බබා මේ නුවර නෙමෙයි...අපි මෙහෙට ආගන්තුකයි..ඒක නිසා ඔය කට වහගන්නවා....".
ඉවසලා බැරිම තැන ශෙනාල් යුවේන්ගෙ කට වැහුවෙ ආයෙත් නෙතූ දිහා බලන ගමන්..
"නෙතූ අක්කේ ..ප්‍රශ්නයක් නෑ නේද?"
"අපි යමු බබී ...එදා ඕනමයි කියලා හිතුන දේවල් අද එපාම වෙලා ගිහින්...ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ...
නෙතූ එහෙම කිව්වේ හිනාවක් තොල් අතරෙ රදවගෙන .....
*
"ම්ම්ම්...wait for me bby ..i will come soon..."
අපි හිටියෙ ආයෙත් සීයා තාත්තලාගෙ ගෙදර ...හෙට උදේම ආයෙ නුවරට යන්න ඕනි..ඒක නිසා මම වේලාසනින් නිදාගන්නා ආවත් මොකද ආදිට මේ මහ රෑ නාන්න ඕනි උනානෙ....ඒ උනාට මූ මොකද මේ කාලෙකට පස්සෙ ආයෙත් ඉන්ග්ලිෂ් වලින් කතා කරන්න පටන් අරගෙන....ඇට දෙකත් කූල් වෙනවා ....මං හිටියෙ කල්පනා ලෝකෙක සාගර පත්ලෙ වෙනකොට....මෙච්චර වෙලස් නාන්න ගිහිම් හිටපු ආදි තුවායකුත් ඉන පටලවගෙන කාමරේට ආවෙ වතුර බේරෙන කොණ්ඩෙත් එක්ක කිරි වීදුරුවකුත් අතෙ අරගෙන .....
කිරි වීදුරුව මේසෙ උඩින් තියලා මට අමුතු බැල්මක් දුන්න එයා ගිහිම් දොර ලොක් කලේ මගේ ඇග පත පවා කූල් කරන ගමන්...
"ඉතිම්...මගෙ තීනු...ඉවසුවා ඇති නේද?..අපි බැදලත් මාස ගාණක් ගියානෙ මැණික මං ඉවසුවේඅගෙ තීනුට සනීප නැති නිසා...so it's time to be mine...!! Will I start ම්ම්ම්?"
"ආ...ආ...ආදි...."
_______________________________________________
අනේ දේසාන් හම්බ වෙලා 😪😂
මං තීනුගෙයි ආදිගෙයි වෙඩිම ගැන ලිව්වෙ නැත්තෙ චැප් තව දිග වැඩි වෙන නිසා හොදේ 😊❤️...
තීනු පැණි හදේ යන්නයි හදන්නෙ සදමාලී 😂😂😂😂
යුවේන්ටත් ඇට හතක් පෙන්නයිද දන්නෙ නෑහ් 😪😂❤️
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net