තිස්වන රැල්ල 💛✨️🌊 (අවසානය)

Background color
Font
Font size
Line height

තිලෝක්ෂ්‍යගේ මානයෙන්...

"අප්පච්චි...අප්පච්චි මෙන්න මේ පොඩි ඇච්චට පාඩුවේ ඉන්න කියන්නකො අප්පා..අනේ පොඩී අහකට යනවකෝ..."

"මං යල්ලෙ ලෑ...තාත්තිත කීනවා හලිත..තීනු ..තීනු..මේ බලල්ලකෝ..ආදිගෙ ලොකු කොල්ලා තීනුට කලදල කලනවා..."

"අනේ මල්ලි යනවකෝ....අප්පච්චි..අනේ මේ වදේ ගන්නකෝ....තාත්තී එන්නකෝ අනේ..."

"යෝහ් මොකද  ලමයි මේ බෙරිහන් දෙන්නෙ ආ..?උපේන්ද්‍ර චූටි පුතා මෙහෙ එනවා...මොකද අයියට කරදර කරන්නෙ..."

"අලේ..තාත්ති..චූචි පුතාට බලිල්ල එපාලේ...මන් චූචීනේ..."

"ආහ් හරි වැඩක්නෙ ඒක චූටි වෙන්නෙ කොහෙද අවුරුදු දාහතක ලමයෙක්...හෙම්බිරිස්සාවක් හදාගෙන හුරතල් වෙන්න නම් එන්න එපා සුදූ..."

"තාත්ති හරි හොදලෑ අලේ...මන් යනවා අප්පච්චි ගාවට..."

"මේ මේ සුදු අයියේ එන්න එපා අප්පච්චි මගේ ..මේ යෂ්ගෙ විතරමයි...."

"හරි වැඩක් උනානෙ මේක..එනවකො පොඩී තවුසෙ තාත්ති ගාවට ගහලා පන්නන්නේ තවුසෙව...."

"මොකද කොල්ලනේ මේ..."

"අනේ අප්පච්චි...මේ බලන්නකෝ අනේ..."

"යෝහ්...මෙහෙ එනවා තුන්දෙනාම...තුන්දෙනාටම ආදරෙයිනෙ මේ අප්පච්චි...."

එහෙම කියපු අප්පච්චි අපෙ තුන්දෙනාම තුරුල් කරගත්තෙ හරි ආදරෙන්......

"අප්පච්චි...."

"ම්ම්..."

"ආදරෙයි නේද? තාත්ති ,අප්පච්චි ඉපදෙන හැම සංසාරෙකම මට ඔයාලා දෙන්නව ඕනි ...."

"අප්පච්චියි තාත්තියි මහ ගොඩක් ආදරෙයි මගෙ කොල්ලො තුන්දෙනාට ඉපදෙන හැම සංසාරෙක්ම පුංචිම වත් හිඩැසක් නැතිවෙන්න....."

මම තිලෝක්ෂ්‍ය ආකෙත්‍ය සූරියආරච්චි..අපේ පවුලෙ ලොක්කා... එතකොට යශිදු අයෝද්‍ය සූරියආරච්චි ...මගේ මල්ලි අපේ පවුලෙ දෙවෙනියා...මට වඩා අවුරුදු දෙකක් බාලයි..එතකොට උපේන්ද්‍ර භාෂිත් කියන්නේ අපේ පවුලේ පොඩ්ඩා....එයා මට වඩා අවුරුදු පහක් බාලයි...මෙච්චර වෙලා බිත්තියක් පුරෝගත්ත එක එක විදියෙ පොටෝස් දිහා බලාගෙන මන් වැටිලා හිටියෙ බර කල්පනාවක....අදටත් මේ ගෙදර පුරවපු ඒ හිනා සද්ද මට ඇහෙනවා...ඒත් ඒ හිනාවට මුල් වුන දෙන්නා අපි අතරින් සදහටම වෙන්වෙලා...මගේ අප්පච්චියි ..තාත්තියි එයාලා අපිව දාලා ගිහිම් අදට අවුරුදු පහක්...කාලෙ කියන දේ හරි පුදුමයි නේද ..මට අවුරුදු තිස් පහක්....හරියටම කිව්වොත් මමත් දැන් තාත්තා කෙනෙක්...

"මන් අප්පච්චි කෙනෙක් උන දවසෙ මට ඒ හැගීම මොන වගේද කියලා දැනුනා මගෙ අප්පච්චි...තුරුලට වෙලා පැටියෙක් අඩනකොට නලවන්න දගලන්න ඕනි දැගලිල්ල මොන වගේද කියලා මට තේරුනා තාත්ති..."

අප්පච්චියි තාත්තියි එකට තුරුල් වෙලා ඉන්න පින්තූරය දිහා බලාගෙන මම එහෙම කිව්වෙ කදුලු කැට වලට ආයෙත් පොලොව තෙත් කරන්න ඉඩ අරින ගමන්.....

අප්පච්චි,තාත්ති...මන් දැකපු ආදරණීයම මනුස්සයෝ දෙන්නා ඔයා...දුන්න පොරොන්දු ඒ විදියටම රකින්න ඔයාලා දෙන්නට පුලුවන් උනා...ඒක නිසා වෙන්න ඇති ඔයාලා දෙන්නම එකට මේ ලෝකෙන් යන්න ඇත්තෙ...."

හරි පුදුමයි නේද?.. ඔවු පුදුම නොවී බැහැනෙ...දන්නවද මගේ අප්පච්චියි ,තාත්තියි අපිව දාලා ගියේ එකම දවසක...දෙන්නම එකට....විශ්වාස කරන්න බැරි උනත්...ඒකයි ඇත්ත....එයාලා දෙන්නට පුලුවන් උනා හරි සතුටින් අවසාන හුස්ම පිට කරන්න....ඒකත් අත් පටලවගෙන.....

×××××××××××××××××××××××××××××××××××××××

වසර පහකට පෙර
තීනුගේ මානයෙන්

"මොකද මේ ම්ම්..? හරි වැඩක්නෙ වෙලා තියෙන්නේ  දැන් ලොකු කොල්ලො තුන්දෙනෙක් නේද...? මේම් එක්කෙනෙක් අප්පච්චියි කෙනෙකුත් වෙලා...තාම මොකද මේ හුරතලේ...."

"අනේ අප්පච්චි...අප්පච්චිගෙ ලොකූ අප්පච්චිට ආදරෙයිනේ තව චුට්ටක් ඉන්න දෙන්නකෝ...."

මගෙ කොල්ලො තුන්දෙනා ...අද මාවයි...මගේ ආදිවයි බලන්න ගෙදර ඇවිත්.....කොච්චර ලොකු උනත් මොකද ඒ ආදරේ අඩුවක් නැති වෙනකොට තුන්දෙනාම පොඩි උන් වගේ අපි ලග තාමත් හුරතල් වෙන්න පුරුදු වෙලා හිටියා....අපි දැන් වයසයි..ඉතිම් ලගදිම අපිටත් සිද්ද වෙනවා මේ බැදීම් අත් ඇරලා දාලා යන්න.....සමහරවිට හරි ඉක්මන්ටම ...

මමයි මගේ ආදියි හිටියෙ ඇදේ ඉදගෙන...ලොකූ බිම ඉදගෙන ආදිගෙ උකුලෙ ඔලුව තියාගෙන කියවනකොට...පොඩ්ඩො දෙන්නා මගේ දෙපැත්තෙ ඉදගෙන හුරතල් උනා...

"තාත්ති..තාත්ති දන්නවද තාත්තියි අප්පච්චියි තමයි මේ ලෝකෙ හොදම...."

"ම්ම්ම්..ඔවු ලොකූ...අපි හරි වාසනාවන්තයි නේද අප්පච්චියි ..තාත්තියි වගේ දෙන්නෙක්ගෙ උණුහුම මැද හැදෙන්න..."

"අපි තාත්තිට ආදරෙයි නෙ එහෙම නේද අයියේ..."

එයාලා කියවනවා...නිමක් කොනක් නැතුව මගේ පොඩි උන් තුන්දෙනා කියවනකොට...මමයි ආදියි ඒ හැම වචනයක්ම අහන් හිටියා...

"අප්පච්චි,තාත්ති,ඔච්චර ආදරණීය මිනිස්සු උනේ කොහොමද අප්පච්චි ඔයාලා...?''

"ලොකූ මගෙ පුතේ...හැමදේටම ආදරේ කරන්න...හැමදෙයක් දිහාම ආදරෙන් බලන්න...ගෙවන හැම මිනිත්තුවකටම ආදරේ පුරවන්න...අපි හැමදාම මේ මහ පොළොව උඩ හුස්ම අල්ලන්නේ නෑ පුතේ ...ඉතිම් ඉන්න කාලෙ හරි ආදරණීය මනුස්සයෝ විදියට ජීවත් වෙන්න..."

"දන්නවද මගෙ පැටවු තුන්දෙනා මම ,අප්පච්චි කවදාවත් කියන්නේ නෑ මේ විදිහට ජීවත් වෙන්න කියලා...මේ දේ කරන්න කියලා...හැබැයි තමන්ගෙ තේරිම් වලින් අනිත් අය සතුටු වෙනවා නම්..අනිත් අයට වේදනාවක් නැත්තම් සතුටු වෙන්න පුතේ උබලා ආදරණීය මිනිස්සු කියලා...."

"යාලුවෝ හොයාගන්න...හැබැයි සහෝදරයෝ කියලා දැනුනට පස්සෙ...මොකද ඉරි තැළුන මහ පොලොවකට වැටෙන වැහි බින්දු වල තියෙන්නේ නිම කරන්න බැරි වටිනාකමක්..ඒ වැහි බින්දුයි මහ පොලොව ආයෙත් තෙත් කරන්නේ...හැබැයි ඉරිතැලුන පොලොවට තව තව වැටෙන්නේ ඉර එලිය නම් ඒකෙන් වෙන්නෙ තවත් පොලොව වේලිලා යන එක...
යාලුවා කියන්නේ අකුරු ට්ජුනක් නෙමෙයි පුතේ...හිත අස්සෙ හිර වෙලා තියෙන හැම දෙයක්ම තවත් මනුස්සයෙක් එක්ක බෙදාගන්නකොට හිතට දැනෙන්නේ හරි සැනසීමක්..හැබැයි ඒ මනුස්සයා හරිම කෙනෙක් වෙන්න ඕනි.."

ලොකූ මේ අප්පච්චිට සතුටුයි මගේ පුතා හරි ආදරයක් ලග නැවතුන එකට.....ආදරේ කියන්නේ විහිලුවක් නෙමෙයි පුතේ...පොඩී ඔයාලා දෙන්නයි මේක අහන්න ඕනි...මිනිස්සු බැදීම් නිසා ශක්තිමත් වෙනවා ....හැබැයි වැරදි බැදීමක් ලග මිනිස්සු ආයෙත් කඩන් වැටෙනවා ....බැදීම් තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයි..."

"දන්නවද තාත්තිටයි ,අප්පච්චිටයි සතුටුයි පුතේ උබලා අද සමාජෙට බරක් නොවෙන තැනට හැදිලා...සමහරවිට ආයෙ මේ වචන කියන්න බැරි වෙයි...මගෙ කොල්ලො තුන් දෙනා දන්නවද අප්පච්චි,තාත්ති මගෙ පැටවු තුන්දෙනාට සංසාරයක් තරම් ආදරෙයි...ආදරණීය මිනිස්සු වෙන්න...එච්චරයි...."

මට තේරෙන්නෙ නැහැ ඇයි කියන්න...ඒත් මට තේරෙනවා..මට ජීවත් වෙන්න තවදුරටත් අයිතියක් නෑ කියලා....

"තාත්ති...එහෙම කියන්න එපානෙ ..තාත්ති අප්පච්චි හැමදාම අපි ලග ඉන්න ඕනිනේ...අනේ අප්පච්චි තාත්තිට එහෙම කියන්න එපා කියන්නකෝ...තාත්ති අද හරි අමුතුයි අප්පච්චි..."

"මොකද ම්ම්? අපි අමරණීය මිනිස්සු නෙමෙයි ලොකූ...අපිට බෑ මේ මහ පොලොව උඩ අපේ හුස්ම සින්නක්කරව ලියා ගන්න...කවදමහරි දවසක අපිට යන්නම වෙනවා...අපි පුරුදු වෙන්න ඕනි යථාර්ථයට මුහුන දෙන්න...කෝ එන්න මගෙ කොල්ලො තුන්දෙනා ආදරෙයිනෙ අප්පච්චි...."

එහෙම කියපු ආදි මාවත් එක්කම කොල්ලො තුන්දෙනා තුරුල් කරගත්තා...සමහරවිට මේ අපි එකට ඉන්න අවසාන වතාව වෙන්න ඇති.....කවදාවත් නැතුව මගේ හිත අද එහෙම කියනවා.....

"මන් ආදරෙයි මගෙ පුතේ...මන් වගේම උබේ තාත්තිත් උබලට ආදරෙයි....හැමදාටම...ම්ම් කෝ දැන් ඇති හුරතල් උනා..දැන් ගිහිම් නිදාගන්න...අප්පච්චිටයි තාත්තිටයි හරි මහන්සී...."

ආදි එහෙම කියලා මගේ පැටවුට හාදු තවරනකොට මාත් මගෙ කොල්ලො තුන් දෙනා තදින් වැළදගත්තා....

"අප්පච්චි,තාත්ති අපි ආදරෙයි...ගොඩක්..."

"අපිත් ආදරෙයි අපෙ කොලු පැටව් තුන් දෙනාට....."

එහෙම කියලා කොල්ලො තුන් දෙනා කාමරෙන් එලියට යනකොට මන් හැරුනෙ මගේ ආදිගෙ දිහාවට....

"ආදි...."

"කියන්න මැණික...."

"ජීවිතේ හරි පුදුමයි නේද...හරියට අපි මුණ ගැහුනෙ අද ඊයෙ වගේ...සමහරවිට අපේ හුස්ම අපිව අත අරින කාලෙ ලග ඇති..ඉතිම් මන් මගේ ආදිට දෙයක් කියන්නද..? සමහරවිට මන් අද නොකිව්වොත් මට ආයෙ කියන්න අවස්තාවක් ලැබෙන්නේ නැති වෙයි..."

"තීනු මගෙ මැණික මොකද මේ ම්ම්?මතකද මගෙ තීනු දවසක මට කිව්වා තනි කරන්නෙ නෑ කියලා..ඉතිම් මගෙ මැණිකට අයිතියක් නෑ මාව තනි කරලා දාලා හුස්ම අත අරින්න ..."

"ආදි...මතකද මමයි ආදියි මුණ ගැහුන පළවෙනි දවස? ඉතිම් ඒ තමයි අපේ කතාව ලියවෙන්න පටන් ගත්ත මුල්ම දවස...දවස දවස ගෙවිලා...අපේ කතාවෙ අවසානම පරිච්ඡේදය ලග අපි නැවතිලා...ඉතිම් ආදිගෙ තීනුට බැරි වෙයි තවත් හුස්ම අල්ලන්න.....මට මගේ ආදිට කලිම් යන්න උනොත් ..මන් ඉන්නවා ආදි මගේ ලගට එනකම්...

"බිලියන ගාණක් මිනිස්සු ඉන්න ලෝකයක් ඇතුලෙ මන් හෙව්වේ එකම ඇස් දෙකක්...ඒ රූපෙ දැකපු තැන තීනුගෙ ඇස් තීනුටත් නොකියම ඒ ඇස් වල අතරමන් වෙලා ගිහිම් තිබුනා....අදටත් ඇස් පියාගත්තම මට මැවෙන්නේ ඒ ඇස් දෙකම විතරක්ම වෙනකොට...සංසාරෙ කෙලවර කරනකම් මට බැරි වෙයි ඒ ආදරේ පිරුණ ඇස් දෙක අමතක කරන්න....අපේ ජීවිතේ අපි අමතක නොකරන්නම ඕනි වචන දෙකක් තියෙනවා මැණික...එකක් ස්තූතියි...අනෙක සමාවෙන්න...."

"ඉතිම් ස්තූතියි...තීනුගෙ ජීවිතේ ආදරෙන් පිරෙව්වට...ස්තූතියි...තීනුව ආදරෙන් බලාගත්තට,තීනුට ආයෙත් හුස්ම ගන්න ඉඩ හදලා දුන්නට,නොදන්න ලෝකෙක අතරමන් වෙලා හිටපු තීනුට ආයෙත් ආදරේ උණුහුම විදින්න දුන්නට...සංසාරෙ ආයෙම දවසක අපි මුණ ගැහුනොත් මන් මගේ ආදිව තනි නොකර ඉන්නම්..අල්ලගත්ත අත අන්තිම හුස්ම වෙනකන්ම අල්ලගෙන ඉන්නම්...ආදරේ පිරුන ඔය ඇස් තෙමන්න කදුලුවලට අවසර නොදී ඉන්නම්...පොරොන්දු වෙනවා...ආයෙත් දවසක ආදිගෙ ඇස් තීනුගෙ ඇස් එක්ක අතරමං උන තැන ...අනිවාර්යයෙන් ම මේ තීනු ආදිව අදුරගන්නවා කියලා...ඉතිම්ම්..තීනුට සමාවෙන්න ආදිව තනිකලාට...ඒත් පොරොන්දු වෙනවා ආයෙ එහෙම වෙන්නෙ නෑ කියලා...මන් මගේ ආදිට ආදරෙයි සංසාරයක් තරම්...මන් බලන් ඉන්නම් බිලියන ගාණක් මිනිස්සු පිරුන මේ මහපොලොව උඩ ආයෙත් ආදිගෙ ඇස් මුන ගැහෙනකම්....."

මන් කියෙව්වා....හිතට දැණුන හැමදේම..අමාරුවෙන් ගැටගහලා කියනකොට ආදිගෙ වගේම මගේ ඇස් වලත් කදුලු පිරිලා තිබුනා...ඊලගට ආදි කතා කටන්න පටන් ගත්තේ මගේ අත් දෙකත් ඒ අත් වල පටලවගෙන...

"මගෙ මැණික දන්නවද...පොරොන්දු තියෙන්නේ කඩන්න නෙමෙයි රකින්න...මතකද දවසක් පොරොන්දු වුනා තනි කරන්නෙ නෑ කියලා...ඉතිම් මගේ තීනු මාව දාලා ගියාම ආදිට පාලු නැද්ද ම්ම්? ආදි මගේ තීනුට තනියෙන් යන්න දෙන්නෙ නෑ ..ආදිත් එනවා මගේ මැණිකත් එක්ක..."

"මේ ආදරේ බර වැඩී මැණික...මුලු ලෝකයක්ම කම්පා කරපු මුහුදු රළටත් බැරි උනා මගෙ තීනුගෙ පණ ටික උදුරගන්න ....ඒ තරම් ඒ හුස්ම ශක්තිමත් ...ඒත් තවදුරටත් මගේ මැණිකටවත් මටවත් බෑ ස්වභාදහමට විරුද්ද වෙන්න....ආදි බලන් ඉන්නවා අනිවාර්යයෙන් ම අයෙත් තීනුව ලගට ගන්න...මගේ තීනුට පින් ආදරේ නැතුව වේලිලා ගියපු ආදිගෙ පපුව ආදරෙන් පිරෙව්වට......තීනුට පින් නිමක් නැතුව කදුලු වැටුන ඇස් දෙකකට සතුටු කදුලු දුන්නට.. ඒ වගේම ලෝකෙ හොදම ආදරවන්තයා උනාට..පුන්චිම හිස්තැනක් නැති වෙන්න ආදිට ආදරේ දුන්නට...ආදි බලන් ඉන්නවා ඔය ඇස් ආයෙම දවසක ආදිගෙ ඇස් ඉස්සරහ ආදරෙන් දිළිසෙනකම්...පොරොන්දු වෙන්නම් දුන්න ආදරේ පුංචිම වෙනසක්වත් නැතුව ආයෙත් දෙන්නම් කියලා...මාත් ආදරෙයි මගෙ තීනුට සංසාරෙ පුරාවටම....."

"ඉතිම් ම..ම.ගෙ මැණික...ආදි..ට පුලුවන්ද අවසාන වතා...වට මගේ තීනුව ඉඹින්න..?"

කදුලු පිරුන ඇස් වලින් මන් ආදි ලගට ලන් වෙනකොට එයාගෙ තොල් මගේ නලල තෙත් කලා....ඉතිම් තවත් අයිති නැතුව ඇති කුලියට ගත්ත ආත්මයකට මේ ලෝකෙ සැරිසරන්න...ඉපදුනා නම් ආයෙත් යන්නම වෙනවා...ඒත් ආදරේ හරි පුදුමයි...සමහරවිට මගේ ආදිත් මාත් එක්කම ඒවි තවත් සංසාරය ගමනක් එකට පටන් ගන්න....

තත්පර ගානක ආදරණීය හාදුවකින් පස්සෙ මගේ ආදියි මමයි ඇදේ වැතිරුනේ අත් පටලවගෙන....ඉතිම් ..අවසරයි...ආදරය පුරෝගත්ත රැළි ගහපු කැළඹුමක අවසානයට....

"ආදරෙයි..."

"මමත් ආදරෙයි මගෙ තීනුට හැමදාමත්....."

×××××××××××××××××××××××××××××××××××××××

Back to තිලෝක්ෂ්‍ය pov again...

මගේ අප්පච්චියි ,තාත්තියි නිදි ඇද උඩම එදා එකට හුස්ම අත ඇරලා තිබුනා....ඒ හරියටම අගෝස්තු හතර වෙනිදා...නිකම් නෙමෙයි එයාලගෙ අත් එකට පටලවගෙන..ඉතිම් අදට එයාලා අපිව දාලා ගිහිම් අවුරුදු පහක්.....මම වගේම මල්ලිලා දෙන්නා හිටියෙ අප්පච්චිගෙයි තාත්තිගෙයි සෙමෙස්ට්‍රි එක ලග වෙනකොට..අපේ ඇගේ වැදි වැදී යන හුලගෙ සද්දෙට විතරක් එතන නිහඩතාවෙ බිදින්න පුලුවන් උනා.....

"අප්පච්චි තාත්ති..ඔයාලා හොදින් ඉන්නවා නේද? ඉතිම් මගෙ අප්පච්චිට ආයෙත් මගෙ තාත්තිව හම්බ වුනාද?දන්නවද ඔයාලගෙ පොඩි කොල්ලො තුන්දෙනාම දැන් අප්පච්චිලා...අප්පච්චියි ,තාත්තියි අද හිටියනම් ගොඩක් සතුටු වෙයි...අපිට පාලුයි අප්පච්චි...ඔයයි තාත්තියි නැතුව අපිට හුගක් පාලුයි...ඊයෙත් අදත් ඒ වගේම හෙටත් අපි තුන්දෙනාම අප්පච්චිටයි...තාත්තිටයි දුන්න ආදරේ කිසිම හිස්තැනක් නැතිවම තියේවි...ඉතිම් අප්පච්චි ,තාත්ති පරිස්සමට ඉන්න...මම,පොඩී,චූටි ආයෙත් එන්නම් මගෙ අප්පච්චිවයි,තාත්තිවයි බලන්න....ආදරෙයි..."

කදුලු පුරවගත්ත  ඇස් වලින් අප්පච්චිටයි,තාත්තිටයි ඉටි පන්දම් පත්තු කරපු  මම,පොඩී වගේම චූටි අප්පච්චිටයි තාත්තිටයි වැදලා එතනින් එන්න ආවා...එතකොටම පොඩීට කෝල් එකක් ආවා.....

"පොඩී මොකක්ද අවුල...."

"ජිලා නැති වෙලා අයියේ අද ...උදේ...?"

"ජිලා..තාත්තිව හිරකරන් හිටපු මැරයන්ගෙන් එක්කෙනෙක් නේද?"

"හ්ම්...."

"අවසානේ දෛවයට ඕනි විදියට හැමදේම උනා..දඩුවම් ලැබෙන්න ඕනි අයට දඩුවම් හම්බ උනා....එන්න අපි යමු...."

×××××××××××××××××××××××××××××××××××××××

පැය කීපයකට පෙර
බෝගම්බර බන්ධනාගාරය
කතෘගෙ මානයෙන්

අහිමි පෙමක් 🥺❤️

ජිලා ...මතකද රැවුලගෙ කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක්...තීනුටත් නොකියම ආදිට පුලුවන් උනා තීනුට ඒ වගේ දෙයක් කරපු රැවුලා ඇතුලු කණ්ඩායම නීතියට අහු කරගන්න...රැවුලා වගේම උගේ ඉතුරු හෙංචයියෝ ටික ඉක්මන්ටම හුස්ම අත අරිනකොට ඉතුරු උන එකම එකා ජිලා විතරක්ම උනා....

බෝගම්බර කියන්නෙම අපායක් වෙනකොට...උදේ පාන්දර වැටෙන ඉර එළිය යකඩ කූරු අස්සෙන් අදුරු කුටිය එළිය කලේ ජිලාගෙ ඇස් එළිය වැටුන බිත්තිය පැත්තට අරන් යන ගමන්...අවුරුදු ගානකට කලින් බිත්තියේ කොටපු අකුරු දිහා ඇස් අරන් ගියපු ගියත් මොකද ඒ ලියලා තියෙන දේ කියවගන්න ජිලාට වැඩි කාලයක් ගියේ නෑ...

"උබව රැක්කෙ රැවුලගෙ කීමට නෙමෙයි චුට්ටෝ හිතේ පුපුරු ගගහා උතුරපු  ආදරේට...
උබව තලන්න ආපු උන්ගෙ කන රත්වෙන්න පාරවල් පිට පාරවල් දුන්නෙ  වචන වලින් කියාගන්න බැරි උන ආදරේ නිසා කියලා උබ දැනන් හිටියද?....
රැවුලා උබව බඩගින්නේ මරවනකොට..මගේ බත් කට උබට දීලා...මේ මැරයා හිටියා පැය ගානක් සාගින්නෙම...
දැක්ක දවසෙම ඇස් බැදුනෙ රූපෙට නෙමෙයි උබෙ ඔය පුංචි පපුවට....
මැරයෙක් උනත් හීන මැවුවා මං දවසක උබව මගේම කරගන්න....ඒකයි ගිහිම් ඇහුවෙ රැවුලගෙන් මරන්නද උබ කියලා ඉක්මන්ටම...

හිතුවා වගේම උට ඕනි උනා උබව මරලා දාන්න....ඒත් මට ඕනි උනේ උබව පරිස්සමෙන් කොහෙ හරි හංගන්න....
උබ වෙන එකෙක්ගෙ කියලා දැනි දැනිත් මං ආදරේ කරා උබට හරි ලස්සනට...
චුට්ටෝ...අද උබ යන්න ගිහිම් සදහටම...මේ මැරයව මරලා දාලා එක පාරටම....
කවුරු කිව්වත් ලස්සනයි කියලා තනි කොන් පෙම... මගේ හිතත් කීරි ගැහුවා උබව මතක් වෙන වාරයක් ගානෙම..
උබ පරිස්සමෙන් ඉන්නවා නේද? ඒකම මහමෙරක් මේ පවුකාර මැරයට....🥺🙇❤️

ජිලාගෙන් චුට්ටට....🖤✨️"

අමාරුවෙන් ජිලා ගැටගහගත්ත වචන ආයෙත් කියවපු ජිලාගෙ ඇස් කදුලු වලින් තෙත් වුනා...

"චුට්ටෝ...සමහරවිට උබ තාම ජීවත් වෙනවා ඇති..උබට උබේ ආදරේ ලැබෙන්න ඇති..මන් මැරකම් කලේ මගේ රත්තරන් පවුල ජීවත් කරවන්න චුට්ටෝ...මන් උබට ආදරෙයි...මතු ආත්මෙක මගේ වෙන්න බැරි උනත්...මගේ සහෝදරයෙක් වෙලා හරි ඉපදියන්....ම..න්..උ.බ.ට.. ආද..රෙයි..."

එහෙම කියපු ඒකපාර්ශ්වික ආදරවන්තයා කාලෙකට කලින් චුට්ටගෙ ශර්ට් එකෙන් ඉරාගත්ත ශර්ට් කෑල්ලකුත් අතේ ගුලි කරගෙන මහ උලු ගෙදර ඇතුලෙම අවසාන හුස්ම පිට කලා......

×××××××××××××××××××××××××××××××××××××××

කතෘගෙන්....

ආදරණීය තීනු ,
මහ මුහුදත් චණ්ඩ උන දවසක උබට පුලුවන් උනා රැකගන්න උබේ පණ කද...
ආත්මගත ආදරේ හරි හයියයිලු....අහලා තිබුනා මාත් එක දවසක...
ඒක නිසා වෙන්න ඇති ආදිට හම්බ උනේ උබව එක දවසක...
ඉතිම් ආයෙත් ඔයාලා හම්බ උනාද? ආදරෙන් ඉන්නවා නේද ඔය දෙන්නම?...🥺🤍

ආදරේ අහිමිව ඉරිතැලී ගිය හදවත් මත...නැවත ආදරයේ උණුහුමට ගුලි වීමට ඉඩ සෑදූ ...මහ මුහුදු රළක් මත නැගී ආ ආදරණීය කැළඹුම තිතකින් නොවන කොමාවකින් නිමි....!!!
❤️❤️❤️❤️❤️❤️

_______________________________________________

ඉතිම් අදත් දෙසැම්බර් විසිහය...🥺මුලු ලෝකයක්ම කම්පා කරවපු සුනාමි ව්‍යවසනයට අදට හරියටම අවුරුදු 20..🥺🖤...

ඉතිම් තීනු වගේ අතුරුදන් වුන අය ඉන්න ඇති..සමහර අයට ආයෙත් එයාලගෙ ආදරණීයන් හම්බ වෙන්න ඇති...තවත් දහස් ගනනකගේ ජීවිත මහ මුහුදට බිලි වෙන්න ඇති...ඉතිම් ඒ බිලි උන හැම අහිංසක ජීවිතයකටම අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු 🥺❤️❤️.....

_______________________________________________

හලෝ සංකුට්ටනේ ...ඉතිම් කොහොමද ...ඔන්න කතාව ඉවරයි...කොහොමද හොදයිද? ඇත්තටම මන් මේ ලියපු පලවෙනි කතාව...ගොඩක් අඩු පාඩු ඇති...ඉතිම් ඒ වගේ දේවල් හම්බ උනානම් මට කියන්න....

ඒ වගේම කතාව ගැන පුංචි අදහසක් එකතු කරන්නත් අමතක කරන්න එපා 🥺💗 ඒක ඊළග කතාව ලියන්න ලොකු හයියක්...

ඒ වගේම මන් කතාවෙ ගොඩක් තැන්වල නෙතූගෙ චරිතෙ ගැන ලියලා තියෙන එක ගනන් ගන්න එපා...ඇත්තටම කිව්වොත් නෙතූගෙ කතාව ගෙතෙන්නේ ඇත්ත සිද්දියක් වටේ...ඉතිම් එයාත් ආදරේ නිසා විදවන කෙනෙක්..හැබැයි එයාට තාම යොහාන් අයියා වගේ කෙනෙක් හම්බ වෙලා නැහැ..ඉතිම් එයත් මේ කතාව කියවනවා...එයාට ඒ නිසා පුංචි හරි සැනසීමක් ඒවි...ඒක නිසා වැඩිය ගනන් ගන්න එපා ❤️❤️

Chap වල ගොඩක් දේවල් අඩු කරලා ලිව්වෙ කතාව දිග්ගැස්සෙන නිසා 🙂🤍...

වගේම කියන්න ඕනි ආදරණීය කැළඹුම 2 D.E.P.R.E.S.S.I.O.N. වලටත් ඔයාලගෙ සහයෝගය දෙන්න..ඇත්තටම ආදරණීය කැළඹුම ගොඩක් කෙටියි...ඒත් මේක ඒ වගේ නෙමෙයි...💚💚

ඉතිම් ආදරණීය කැළඹුම වටේ එකතු උන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි..අනිවාර්යයෙන් ම feedback එකක් දෙන්න අමතක කරන්න එපා 🥹❤️❤️


Story එකේ නම suggest කරපු Jung_j_shani_ආදරෙයි මැණිකේ....❤️❤️❤️✨️

ආදරෙයි....❤️
මම
Seo yoen 🧸🎀❤️


You are reading the story above: TeenFic.Net