" සත්සර.."
"මොකද "
"ඔයාට රිදෙනවද.."
"ටිකක්.."
ඇයි ඔයා එහෙම කලේ රුචිරු.."
"දන්නේ නෑ...
ඒත් ඔයා අද කරපු දේට මට කේන්ති ගියා..."
"ඒ කියන්නේ ඔයා මගෙන් සමාව ගන්නවත් අදහසක් නෑ."
"නැහැ.. ඒ ඔයාගෙ වැරද්දට දඩුවම සත්සර..."
අපි දෙන්නා හිටියේ අපේ ලේන් එකේ පොඩි ළමයිට, ලොකු අයට සෙල්ලම් කරන්න හදලා තියෙන පිට්ටනියක් ඇතුලේ... ඒකේ මැදට වෙන්න පොඩි වොලි බෝල් කෝඩ් එකක්.. තව දකුණු පැත්තේ කෙරෝලට වෙන්න පොඩි අයට සෙල්ලම් කරන්න හදලා තිබ්බ සීසෝ, ඔංචිල්ලා තිබුනා.. ඊට එහා කොනේ තිබ්බ බුදු පිළිම වහන්සේ.. තරග බලන්න එන අයට වාඩි වෙන්න හදලා තියෙන බංකු.. ඇත්තටම මේ තැන හරි ලස්සනයි... වෙනදට මෙතන රෑට වොලිබෝල් සෙල්ලම් කරන්න කොල්ලෝ ආවත් අද නම් කිසිම කෙනෙක් ඇවිත් තිබුනේ නෑ.. මුලු පිට්ටනියටම හිටියෙ මමයි රුචිරුයි විතරයි.. අපි දෙන්නා පිට්ටනිය කෙරෝලේ තණකොල ගොල්ලේ ඔහේ ඉදගෙන අහස දිහා බලාගෙන හිටියා..
රුචිරු මගේ අත හපපු තැන නිල් වෙලා තැල්මත් හිටලා.. මොන තරහවක් පිරිමහනවද මන්දා.. අඩුම සොරි කිව්වෙවත් නෑ මූ.. මං කරපු වැරද්දටලු දඩුවම් දුන්නේ... යැයි යැයි තමා..
අපි සෑහෙන වෙලාවක් කිසිම කතාවක් නැතුව ඉද්දි අන්තිමේදි රුචිරු කතා කලා....
" සත්සර ඔයා ආසම පාට මොකක්ද.."
"ම්ම්.. මම ආසම කලු පාටට.."
"ඇයි.."
"මම රෑට ආස නිසා..
මං ගොඩක් ආසයි අදුරට.. අදුරු අහසට..තනියම ඉන්න හුරු උන කෙනෙක්ට රෑ අහස කියන්නේ භාවනාවක් වගේ...
තැනින් තැන දිලිසෙන තරු.. තවත් වෙලාවකදි කලාතුරකින් දකින කඩා වැටෙන තරු..ඒ තරු වලින් තරු රටා අදින්න මම ආසයි රුචිරු .. ඒ ඔක්කොම මැද තියෙන දිලිසෙන හද.. මේ ඔක්කොම දකින්න පුළුවන් රෑට විතරයි.. ඒ කියන්නේ මේ කලු පාට අදුරට විතරයි..
" ඒ කියන්නේ ඔයා අදුරට ආස කෙනෙක්...."
"ම්ම්... ඔව්..
අදුරට පෙම් බදින්නෙක්..."
"ඔයාට නම් පිස්සු සත්සර.."
"එතකොට ඔයා ආස පාට නම් මන් දන්නවා.."
"මොනාද"
"නිල් පාට නේද.."
"ඔව්.. ඒ ඇයි දන්නවද..
නිල් පාට තියෙන්නේ මේ දවල් අහසේ..
බලන බලන තැන සුදු පාට වලාකුලු පිරිලා තියෙන තවත් වෙලාවක ගිනියම් ඉර එලියත් එක්ක දිලිසෙන... තෙරක් නොපෙනෙන මේ නිල් පාට අහසට මන් හරි ආසයි සත්සර.. ඔයා ආසයි කිව්වා රෑ අහසේ තරු වලින් රටා අදින්න මම ආසයි දවල් අහසෙ වලාකුළු වලින් රටා අදින්න.. එක පාරටම අහස කලු කරලා වැහි වතුර වැටෙනවා දකින්න.. ඒ හැමදේම මට දකින්න පුළුවන් මේ නිල් පාට අහසින් විතරයි...
" ඒ කියන්නේ ඔයා ආලෝකයට පෙම්බදින්නෙක් ..."
"හ්ම්.. ඔයයි මමයි කියන්නේ
අහසට පොළව වගේ දෙන්නෙක් සත්සර.. අහසයි පොළවයි කවදාවත් එකතු වෙන්නේ නෑ වගේම අදුරයි ආලෝකයයිත් කවදාවත් එකතු වෙන්නේ නෑ..."
"මම කිව්වොත් ඔයා කියපු දේ වැරදි කියලා රුචිරු "
අහසයි පොළවයි එකතු වෙන තැනකුත් තියෙනවා.. ඒ එකතු වෙන්නෙත් ඔයා ආස නිල් පාටින්මයි.. අහසයි පොළවයි එකතු වෙන තැන ඔයා දැකලා තියේද ඒ කියන්නේ ක්ෂිතිජය.. එතන තියෙන්නෙ මායාවක් උනත් අහසයි පොළවයි එකතු වෙනවා නේද.. ඒ ක්ෂිතිජය කියන තැනින් හවස් වෙද්දි ඉර ගිලගෙන ආය රෑට එතනින්ම හද මතු වෙනවා නේද...එතකොට ඔයා කියන්නේ කොහොමද අදුරුයි ආලෝකයි එකතු වෙන්නෙ නෑ කියලා.. ආලෝකය බැස ගිය තැනින්මයි අදුර මතුවෙන්නෙත්...
ඔයා වැස්ස වහිනවා දකින්න ආසයි කිව්වා.. ඒත් ඒ වහින වෙලාවට ඔයා ආස නිල් අහස පුරාම තියෙන්නෙත් අදුර නේද.. මන් ආසයි කිව්වා අදුරට ඒත් ඒ අදුර ලස්සන වෙන්නෙත් හද එලියෙයි තරුවලයි ආලෝකය නිසා නේද..
රුචිරු මන් අන්දකාරයට ආසනම් ඔයා කැමති ආලෝකයට.. ඒත් ආලෝකය ලස්සන අදුරත් එකතු උනාම.. අදුරත් ලස්සන ආලෝකය එකතු උනාම..
මම ඔයාට මගේ අදුරට එන්න කියන්නේ නෑ.. මොකද මට ඒකට අයිතියක් නෑ
ඒත් ඔයාට පුළුවන්ද මගේ අදුරේ ආලෝකය වෙන්න.. මොකද මේ හැගීම මට දරාගන්න අමාරුයි බන්..
එයාගේ ප්‍රශ්නෙට උත්රයක් වෙනුවට මන් එයාගෙන් ප්‍රශ්නයක්ම ඇහුවා.. ඒත් ඒ ප්‍රශ්නෙට එයාගේ උත්තරේ මම හොදටම දන්නවා...
"සත්සර....
මට ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෑ.."
මන් දන්නවා ඒක...
අද කවදාවත් නැතුව මගේ හිතේ තිබුන හැම හැගීමක්ම මම රුචිරු ඉස්සරහ නිදහස් කලා.. ඒත් රුචිරු මට නොකියා කියන්නේ එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා.. ඒත් මගේ අදුරට මම බලාපොරොත්තු වෙන හද එයානම් මම කොහොමද එයාව මගේ හිතින් අතාරින්නේ....
යක්කල ටවුන් එකටත් ගිහින් කොත්තුත් අරන් අපි ගෙදර එද්දි නමයත් පහු වෙලා තිබ්බා.. ඒ කියන්නේ පැය තුනක් විතර අපි එලියේ ඉදලා.. ඒත් අද හිතට කියාගන්න බැරි නිදහසක් දැනුනා...සමහරවිට රුචිරුටත් මට වගේම දැනෙන්න ඇති...
කාලා බීලා ඔක්කොම ඉවර උනාට පස්සේ මට නම් ඕන උනේ අත පය දිග ඇරලා හොදට නිදාගන්න ඒත් කොහෙද මේ යකා එක්ක අද නිදාගන්න හම්බෙන්නෙ නෑ වගේ.. මන් පල්ලෙහ වොශ් රූම් එකෙන් මූන කට සෝදලා කාමරේට එනකොටත් මෙන්න මේ යකා පුටු දෙකකුත් තියාගෙන ඉන්නවා පාඩම් කරන්න.. අදත් ඉතින් මුගෙන් ගුටි කාපන්කෝ
" සත්සර එන්න අපි ඉකෝන් ටිකක් බලමු... මන් ඔයාගේ පොතුත් ගෙන්න ගත්තා..".
ගෙවල යසිරුවා මන් තෝව කනවා යකෝ.. තොට තිබ්බෙ නැද්ද මාව පාරක හරි දාලා එන්න මූ ගාවට එවන්නේ නැතුව.. අයියෝ මට බෑ අප්පා පාඩම් කරන්න.. ඒකත් ඉකෝන්.. බ්වෑක්කා...
" රුචිරු ආව්හ්...
මගේ ඔලුව රිදෙනවා.. ඉන්න බෑ අප්පා...
ඔක්කොම කැරකෙනවා වගේ...
මන් ඇද බදාගෙන කොට්ට හපාගෙන දාන්න පුළුවන් උපරිම රංගනය දැම්මත් මූ මාව සතපහකට ගනන් ගත්තේ නෑ..
බලන් යනකොට මූ තනිකරම අපේ අම්මගේ පොටෝ කොපියක් තමා..
" මෙන්න මෙහෙ බොරු කියන්නෙ නැතුව එන්න සත්සර.. තව විභාගෙට මාස කීයද...
ඔය මන් කිව්වෙ බොරුද ලුණු ගොරකා දාලාවත් මූව මට තම්බන්න බෑ වගේ... මන් එහෙම්ම මූනත් තාලුජ ශ වගේ හදාගෙන පුටුවෙන් ගිහින් ඉදගත්තා..
නොදෝමකින්... මුට මතක් උනේම නම්‍යා අනම්‍යාද... දැන් ඉතින් මේ රෙද්ද හදපන්කෝ.. අඩුම සමතුලිතය ගනන් ටිකක්වත් දුන්නනම් හිත හදාගන්න තිබ්බා.. මම පෑනේ කොපුවත් සිය වෙනි පාරටත් හරකා තණකොල කනවා වගේ හප හප ගාන හදන්න ෆුල් ට්‍රයි එක දෙද්දි මන් බලාගෙන රුචිරුවා හොරෙන් හිනාවෙනවා.. උබට හරි හිනා වෙන්නැති මාව නම්‍යා එක්ක හිර කරලා හිටපියකෝ රුචිරු උබට මේවට මම සලකන්න.. රුචිරුටත් සෑහෙන්න හිතින් දෙහි කප කප මන් ගානටම සම වැදිලා හිටියා... කෝමින් කෝමහරි පැය ගානක් ගිහින් පේපරේ ගනන් දහයෙන් දෙකක් කරගත්තා.....
" හම්මෝ ඇතී...
රුචිරු....
රුචිරුවෝ මන් ඉවරයි..."
ගාන අමාරුවෙන් හදලා ඉවර වෙලා රුචිරුට පෙන්නන්න හදද්දි මේන් මෙයා ඩෙස් එක උඩ කට කපලා නිදි.. අම්මපා පුදුම උනන්දුවක්නේ මේ දරුවට තියෙන්නේ මට මෙතන ගනන් හදන්න පටෝලා මෙයා හොදට නිදි...
මම රුචිරුව එහෙම්ම අත් දෙකට අරන් එයාගෙ ඇද උඩින් ගිහින් තිබ්බා.... එයා ගාව හරි සුවදයි.. මන් හිතන්නේ ඒක ෆර්ෆියුම් වලින් එන සුවදක් නම් නෙමෙයි.. හරි අමුතු කිරි සුවදක්.. ෂර්ට් එකෙන් එලියට ඇවිත් තිබුන කිරි පාට පපුව.. සුදු පාට කකුල්.. රෝස පාට තොල්.. ඒ දේවල් දැක්කත් කිසිම දවසක රාගය කියන දේ රුචිරුගෙන් මට දැනුනේ නෑ.. එයාව දකින හැම මොහොතකම මට දැනුනේ කියාගන්න බැරි සෙනෙහසක්.. මටම පරිස්සම් කරගන්න ඕනි වස්තුවක් කියන හැගීමක්..
රුචිරු ගාව නිදාගන්න මට හිත නොදුන්න නිසාම මම එයාගෙ අල්මාරියෙන් බෙඩ් ශීට් එකක් අරන් බිමින් එලලා නිදාගත්තා.. කොහොමත් දැන් මට හුරු බිම නිදාගන්න.. සමහරදාට රෑට තියෙන රස්නෙට ෆෑන් එක කොච්චර දැම්මත් රස්නේ නැති කරගන්න බෑ.. ඒ නිසාම මම මෙහෙට ආවට පස්සෙ නිතරම වගේ බිම නිදාගන්නේ.. රස්නේ දවසට සීතල බිම ටයිල් පොලව මාර සනීපයි...
*
*
*
" ම්nහ්... මොකද මට මේ හෙලවෙන්නවත් බැරි... ගලක්වත් ඇග උඩට වැටිලද...
දෙයියනේ කියලා උදේ පාන්දර නැගිටින්න හදද්දි කොච්චර හැදුවත් නැගිටගන්න බෑ.. මොකේකට හරි හිර වෙලා වගේ.. මේ මොකක්ද උනේ කියලා හිමීට ඇස් ඇරලා බලද්දි...
" හප්පුච්චියෙ සුදු මහත්තයා මොකෝ මේ මගේ පපුව උඩ..."
අම්මෝහ්... උදේ පාන්දරම සුභ දසුනක්..
ඊයේ රෑ ඇද උඩ හිටපු කොල්ලා අද උදේ මගේ පපුව උඩ.. මූ කොහොමද මෙතනට ආවේ.. නින්දෙන් ඇවිද්ද.. ඇදෙන් බිමට වැටුනද එහෙමත් නැත්නම් පියෑඹුවද... ඒ කොහොම උනත් රුචිරු නිදාගෙන ඉන්න විදිහ දකිද්දි ලෝභ හිතෙනවා අප්පා.. හරියට පොඩි එකෙක් වගේ... හැම උදේකටම එයාව මේ වගේ මගේ පපුව උඩ තියාගන්න කියාගන්න බැරි තරම් ආසාවක් දැනෙද්දි එහෙම්ම එයාව ඇහැරෙන්න නොදි ඇද උඩින් තියලා මම පහලට ගියා..
රුචිරුට අයියෙක් ඉන්නවා ඉන්නවා කිව්වට මම මේ වෙනකම් එයාව දැකලවත් නෑ.. මන් ආව කිසිම දවසක ඒ මනුස්සයා හිටියෙවත් නෑ.. නැත්නම් රුචිරු මෙහෙ ඉන්නේ තනියමද... මට මේ හැමදේටම උත්තර දැන ගන්න වෙන්නේ සහිරුගෙන්ම තමයි...
දැන් වෙලාව උදේ පහමාරට විතර ඇති.. අප්පච්චි මාව උදේ පාන්දරම ඇහැරවන පුරුද්දට කොච්චර නිදාගන්න හැදුවත් හරියටම ඒ වෙලාවට ලං වෙද්දි ඇහැරෙනවා.. අර කරුම කියලා දෙයක් තියෙන්නේ ඕන් ඕවට තමා ඔය නම කියන්නේ.. හෙට ස්පෝට්ස් මීට් නිසා අපිට අද සෑහෙන්න හවස් වෙනකම් ඉන්න වේවි.. සමහරවිට රෑ වෙනකම්ම.. එච්චර වෙලා වෙනකම් රුචිරුටයි මටයි කඩෙන් කාලා ඉන්න බෑනේ.. ඉස්කෝලෙට බත් එකක් ගෙනියන්නත් එක්ක මන් උයන්න ලෑස්ති උනා...
ම්ම්.. මොනවද හදන්නේ...
රුචිරුවගේ ඊයේ කැරට් ලීස් තියෙනත් නිසා එලවළු බත් එකක් හදනවා...
ෆ්‍රිජ් එකත් ඇරලා ඊයේ රුචිරු කපපු එලවලු ගද්දි දෙයියො දැක්කා වගේ ඒක ඇතුලේ චිකන් වගයකුත් තිබ්බා.. දැන් වැඩේ ගානට ශේප්.. එලවලු බතුයි.. චිකනුයි.. පරිප්පුයි.. අද නම් කෑවැකි බඩ උල් වෙන්න.. චිලිපේස්ට් චුට්ටකුත් තිබ්බනම් මරු හැබැයි.. ඒත් ඉතින් ඕවා හද හදම හිටියොත් ඉස්කෝලෙ යන්න වෙන්නෙ හෙට තමා..
මන් නම් කියන්නේ රුචිරු උනත් ආඩම්බර වෙන්න ඕන මං වගේ කොල්ලෙක් අනාගත හබී වෙන එකට.. මොකද ගෘහ විද්‍යා මැඩම්ගෙන් අම්බානක කාලා මේ ශිල්පය ඉගෙන ගත්තේ.. හැබැයි හිතුනොත් මේ ඔක්කොම අතෑරලා යනවා උයන්න.. එතකොට රුචිරුටත් සුපිරි කෑම හදලා දුන්නෑකිනේ.. ඒ උනාට රුචිරු කැමති සහිරුටනේ.. කමක් නෑ මගේ අනාගත වයිෆි හරි ආඩම්බර වෙන්නෙ නැතෑ... ඕවට තමයි රුචිරු කොල්ලො කියන්නේ පින නෑ කියලා පින...
බත් එකත් රයිස් කුකර් එකේ ගහලා.. පරිප්පු ටික මන් පෙගෙන්න දැම්මා..
චිකන් ටිකත් අයිස් ගතිය ඇරෙන්න වතුරට දාලා මම රුචිරුටත් එක්ක තේ හදන්න ගත්තා.. රුචිරු නම් බොන්නේ තේ විතරමයිලු.. උගෙත් මාර ලයින් එක වෙලාවකට...ඒ උනාට මට නම් උදේට කිරි ඕනිමයි....
තේ එකත් හදාගෙන මන් උඩට යන්න හදනකොට මේං රුචිරු පල්ලම් බහිනවා නිදිමරගාතේ.. අම්මපා මන් හිතුවේ මේ යකා ඉන්න විදිහට මගෙත් තාත්තා වෙන්න හදයි කියලා.. දැන් බලනකොට මේ හාවා අවුරුදු පහේ පොඩි එකෙක්ටත් වඩා හපන්නේ..
" ගුඩ් මෝනින් සත්සර.."
"ගුඩ් මෝනිම් ගුඩ් මෝනිම්..
" ආ බොන්න.."
"මොනාද..".
"වහ ඕනනම් බීපන්"
" අපෝ ඔයා නම් සත්සර.."
ම්ම්ම් පරිප්පු සුවදයි.. ඔයා උයනවද..
තාමත් ඉස්සර වගේමයි..
"මොකාක්..."
මන් හිතන්නේ මම කටට ගත්ත කිරි උගුර එහෙම්මම එලියට විසික් උනා... රුචිරු මේ මොනාද කියවන්නෙ.. ඉස්සර වගේලූ.. ඒ කියන්නේ මන් එකදාස් නමසිය බර ගනන් වලත් මුට බත් තම්බලද..."
" මං කිව්වෙ ඔයා එදා ආව දවසෙත් ඉව්වනේ ඒකයි.."
රුචිරු මන් දිහා හොරැහින් බලන ගමන් තේ එක බොන්න ගත්තා...
ඒත් මන් එක පාරටම දැක්කා රුචිරුගේ බෙල්ල ලග හීරීලා තියෙනවා ටිකක් ගැඹුරටම.. ඊයේ රෑ වෙනකම් හොදට හිටපු එකාට මේ දැන් මොකද උනේ...
"රුචිරු.."
"ම්ම්"
"මොකද ඔය බෙල්ල හීරිලා..."
"ආ... ඒකද මන් හිතන්නේ මගේ අත් වලට වෙන්නැති.."
හෑ... අත් වලට කොහොමද ඔච්චර හීරෙන්නේ හරියට ලොකු පූසෙක් හූරලා වගේනේ...
"රුචිරු කියපන් කොහොමද මේක උනේ.."
"මට බෑ..."
ආව්හ්... අතා...රින්න සත්සර ඔයා මට රිද්දනවා.."
" මම උබේ කට කඩන්න කලින් කියපන් කොහොමද මේක උනේ කියලා.."
මන් පොඩ්ඩක්වත් ආස නැති දෙයක් තමා බොරුව කියන වචනේ.. මොකෙක්හරි මට බොරුවක් කියනවනම් මගේ එකෙක්ද නැද්ද කියන්න මට අදාල නෑ.. මගේ ඉවසීමේ සීමාව උපරිමේටම පයිනවා.. මට ආව කේන්තියට අත් වලින් රුචිරුගේ කට තද කරලම අල්ල ගත්තා.. මන් දන්නවා උට රිදෙනවා.. ඒත් මගේ එකා උනත් දැනගන්න ඕන මම අහන්නේ මොකක්ද ඒ හැමදේටම උත්තර දෙන්න..."
"කියපන් රුචිරු
කවුද මේක කලේ...."
"ආහ්.. ඔ... ඔයා තමයි..."
"ම... මම"
"ඔව් ඔයා හීනේන් රෑ දගලන්න ගත්තා ඔයාව මෙල්ල කරන්න ගිහින් තමයි මේක සිද්ධවුනේ...."
මන් හිතන්නේ රුචිරුගෙ වචනත් එක්ක මන් එහෙම්ම බිම ඉන්දවුනා.. මං මං කොහොමද එහෙම කරන්නේ...අනික මන් කවදාවත් හීනෙන් දගලන කෙනෙක් නෙමෙයි.. කොහොමද මේක උනේ... ඒ නිසයි උදේ රුචිරු මගේ පපුව උඩ හිටියේ..
අනේ දෙයියනේ මට මේ මොකක්ද වෙන්නේ ...
" උරුමය ලබා ගන්න
අපගේ නිදහස් ලබා දෙන්න..."
උරුමය ලබා ගන්න
අපගේ නිදහස ලබා දෙන්න..
ආයෙත් ඊයේ මට ඇහුන කටහඩවල් මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා.. අනේ මට වේදනයි.. අනේ අම්මා....මට වේදනයි....
මන් පුළුවන් තරම් මගේ කන් දෙක අත් වලින් තද කරලා අල්ල ගත්තා.. ඒත් ඒ කටහඩවල් තාමත් මට ඇහෙනවා.. මට වේදනයී ඒ කටහඩවල්... අනේ ගොඩක්...
" සත්සර.. සත්සර... මේ බලන්න
හැමදේම හරි.. කෝ බලන්න මන් දිහා"
රුචිරුගේ කටහඩත් එක්කම මට ඇහුන හැම සද්දයක්ම නැති වෙලා ගියා.. මට දැනෙනවා මගේ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා.. පපුව වේගෙන් ගැහෙනවා නොසෑහෙන්න...
"රුචිරු...
මන් එහෙම්මම රුචිරුගේ පපුවට තුරුල්වුනා.. ඒ කටහඩින් මාව දුර්වල කරනවා.. කවුද දෙයියනේ මේ...
ඇයි මගේ හිතට වද දෙන්නේ...
............................................................
සැබෑ චරිත සමග කිසිදු සම්භන්ධයක් නැත...
Ruth
You are reading the story above: TeenFic.Net