" මේ හැමදේම අවසානය කොතනද.. එක පැත්තකින් අරුනාද්‍ය තවත් පැත්තකින් සින්පා...මේ දෙන්නගේ කතාවේ අවසානය මොනවගේ වෙයිද......"
අධීර සිටියේ නිවසින් පිටතට වූ වෙල්යාය දෙස බලමින් දිගු කල්පනාවක.. අන්ධකාරයත් සමග වැහි මෝසමක් එන බවට පෙර නිමිත්තක් තියෙද්දි ඔහු සිටියේ ඔහුගේ නිවහනට වී තනිවමය.. අද ඔහුත් අරුනාද්‍යත් විවාහ වූ බව සත්‍යක් වුවත් එය නාමාමාත්‍රික බැදීමක් පමණක් වනු ඇත.. විවාහ චාරිත්‍ර නිමවී නිවසට පැමිණි පසු අරුනාද්‍ය කොහේ ගියාදැයි අධීර නොදනී.. ඔහු සමහරවිට සින්පා හමුවීමට යන්නට ඇත.. නැතිනම් වෙන කොහේහරි හෝ... ඔහුගේ නිවහනේ දැල්වෙමින් තිබූ පහන්සිළු වල ආලෝකය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යන්නේ රාත්‍රියෙන් අඩක් පමණ ගෙවී ගොස් ඇති බව පසක් කරමිනි..
" සමහරවිට අරුනාද්‍ය එයාගේ ගෙදර වෙන්න ඇති..." අධීර මිමිණුවේ ටිකෙන් ටික වැහි බිදු ඔහුගේ සිරුරට වැටෙද්දි..
පැයකට පෙර..
" අරුනාද්‍ය ඔයා කොහොමද මෙහෙම කරන්නේ"
අධීර ඔහුගේ හිසෙහි වූ නෙළුම් මල් පළදානාව ගලවා දැමුවේ වේදනාවෙනි..
" තමුන්ට කියන්න තියන දෙයක් කියනවා " අරුනාද්‍ය ඇසුවේ ඔහුට හුරු පුරුදු සීතල කටහඩින්..
" ඔයා මේ කොහෙද යන්න හදන්නේ.. ඒකත් මේ වැහි මන්දාරමක් එන්න හදද්දි.."
" තමුසේ මාව විවාහ කරගත්තා කියලා තමුසෙට බෑ මගේ ජීවිතේට ඇගිලි ගහන්න"
" ඒත් අඩුම කොහෙද යන්නේ කියලවත්.." අධීර ඇසුවේ බිදුණු කටහඩින්..
" ගේ ඇතුලට වෙලා පරිස්සමට ඉන්නවා මම එනකම්.. තමුසේ ගෙයින් එලියට අඩියක්වත් තිබ්බොත් බලාගම්මු.." අධීර දෙස මද වෙලාවක් බලා සිටි අරුනාද්‍ය පිටව ගියේ කළබලයෙන් මෙනි...
.
.
.
ඔහුගේ හිතට වේදනාවක් නොදැනුනාම නොවෙයි.. ඔහු අඩුම තරමින් හෝ බලාපොරොත්තු වුනා අරුනාද්‍ය මිතුරකු වශයෙන්වත් ඔහුව පිළිගනීවී කියලා නමුත් ඔහු තවමත් අධීරව සලකන්නේ පිටස්තරයකු වශයෙන් පමණි...ඔවුන්ගේ නැහැ ඔහුගේ පමණක් වූ කුඩා නිවහනේ මදින් මද නිවී යන පහන් සිළු දෙස බලමින් අධීර දිගු හුස්මක් ගත්තේ ඔහුගේ ධෛවයෙන් ඔහුට වූ අසාධාරණය ගැන සිතමිනි..
තවත් අලුත් දිනක් උදා වුනා එහෙත් ඔහු රාත්‍රියේ පැමිණි බවට සේයාවක් හෝ නැත.. තවත් දිනක්.. ඒත් ඔහු පැමිණියේ නැත.. අධීරත් අරුනාද්‍යත් විවාහ වී සතියක් ගෙවී ඇත.. නමුත් ඔහු පැමිණේ යැයි සේයාවක් හෝ නොමැත..
" අධීර"
ඔහුව දුටු සැනින් මින්දාර ඔහු වෙත දිව ආවේය.. නමුත් අධීරගේ මුහුණේ පෙරදී මෙන් සිනහවක් නොමැති වී.. ඔහුගේ තිබූ සෙල්ලක්කාරකම් ගති සියල්ලද යටපත් වී තිබුණේය..
" මොකද බන් මේ.. උබ ඇයි සතියක් තිස්සේ ගුරුකුලේට නාවේ අඩුම පන්සලටවත්.. මම අරුනාද්‍යගෙන් ඇහුවත් ඔහු කිසිම උත්තරයක් දුන්නේ නෑ..." මින්දාර කිව්වේ අධීරගේ අත තදින් අල්ලා ගනිමින්...
" ඒ කියන්නේ එයා ගුරුකුලේට ඇවිත්.." අධීර මිමිණුවේ තමා ගැනම ඇතිවූ කල කිරීමෙනි..
"අධීර..මොකද මේ උබට වෙලා තියෙන්නේ.. උබ විවාහ උනා විතරයි.. අලුතෙන් ඉපදුනේ නෑනේ..."
අධීරගේ කම්මුලට අත තියන ගමන් මින්දාර කිව්වේ බිදුණු හඩකිනි.. මේ මොහොතේ සිටින්නේ මින්දාර හොදින් හදුනනා ඔහුගේ මිතුරා නොවේ.. මේ සිටින්නේ වෙනමම පුද්ගලයෙකි.. අධීරගේ වෙනස්වීම මින්දාරව ඕනවටත් වඩා රිදවා තිබුණි...
" අරුනාද්‍ය කෝ මින්දාර.."
අධීර ඇසුවේ මින්දාරගෙන් මදක් ඈතට වෙමිනි.. ඔහුට මේ මොහොතේ අවශ්‍ය වූයේ අරුනාද්‍ය සමග වචන කිහිපයක් හෝ කතා කිරීම පමණි....
" පොර පිටියේ ඉන්නවා මම දැක්කා අධීර..." මින්දාර කිව්වෙ අධීරගේ දෑස් මගහරිමින්ය..
"මන් එයාව මුණ ගැහිලා එන්නම් මින්දාර.."
අධීර පොර පිටිය වෙත ආපසු යාමට හැරුණත් මින්දාර කිසිදු වචනයක් හෝ නොකියමින් ඔහු යන දෙස බලා සිටියේය....
" ඔයා වෙනස් වෙලා අධීර.."
අධීරට උවමනා වුනේ අරුනාද්‍ය සමග වචන කිහිපයක් හෝ කතා කිරීම පමණි.. මන්ද නාමාමාත්‍රිකව විවාහ වුවත් ඔවුන් අඹු සැමියන්ය.. අඩුම වශයෙන් අරුනාද්‍යට තිබුනා එක මොහොතක් හෝ ඔවුන්ගේ නිවසට ගොඩ වී යන්නට... අරුනාද්‍යව දැකීමට පොර පිටියට ගිය ඔහුට සිදු වූයේ ඔහුගේ බිදුණු හිත තවත් රිදවාගන්නටය..
"අරුනාද්‍ය.."
ඔව්.. ඔහු මින්දාර කියපු විදිහට පොර පිටියේ හිටියා.. ඒත් තනිවම නම් නොවේ ඔහුත් සමග සින්පා සිටියා.. ඔහුගේ ආදරවන්තිය.. නමුත් ඔහුගේ බිරිද වූ අධීරව විවාහ වූ දිනයේම දමා ගිය අරුනාද්‍ය.. දැන් සිටින්නේ ඔහුගේ ආදරවන්තිය සමග. ඒ හැමදේකින්ම අධීරගේ හිතට දැනෙන්නේ එකම දෙයක් විතරයි.. අඩුම ඔහු අරුනාද්‍යගෙ මිතුරකු තරම්වත් නොවටිනා කෙනෙක්..
" අරුනාද්‍ය"
අධීර ඔහුට කතා කලේ බිදුණු හඩිනි..
නමුත් ඔහු අධීර දෙස එක බැල්මක් හෝ දැක්වූයේ නැත.. සින්පා සිටියේ අරුනාද්‍යගේ උරහිසෙහි වූ තුවාලයක් සදහා බෙහෙත් දමමින්ය.. අඩුම ඇය හෝ අධීර වෙත සිනහවක් පමණ හෝ ලබා දුන්නේ නැත..
" අරුනාද්‍ය මට කතා කරන්න පුළුවන්ද.." අධීර ඇසුවේ ඔහුගේ උරහිසෙහි වූ තුවාලය දෙස බලමිනි..
"කියන්න තියන දෙයක් කියලා යනවා..." ඔහු පැවසුවේ ඔහුට පුරුදු සීතල කටහඩින්..
" ඇයි මේ තුවාල වෙලා"
"ඒක තමුන්ට අදාල නෑ අනුරාග්.. තමුන්ට මොනවද කියන්න තියෙන්නේ..."
අධීරගේ බිදුණු හිත තවත් පාරවන්න තරම් ඔහුගේ වචන බලවත් නොවීය.. ඔහු මුල සිටම දැන සිටියා අරුනාද්‍ය අයිති සින්පාට බව.. ඔහුට මෙම බන්ධනය අවසන් කරන්නට වුවමනා වුනා.. මන්ද ඔවුන්ගේ බල තුලනයට අවශ්‍ය වූයේ ඔවුන්ගේ විවාහය සිදුවීම පමණී.. එකට රැදී සිටීම ජීවත් වීම අවශ්‍ය නොවීය... ඔහුට මේ බැදීම අවසන් කිරීමට සිදු වන බව දැන සිටියාත් මෙතරම් ඉක්මනින් එය සිදුවන බව ඔහු දැන සිටියේ නැත... මෙතරම් ඉක්මනින්.. ඔවුන්ගේ විවාහය සිදුවී සතියකින්...
" මම ආවේ මේ බැදීම අවසානයි කියන්න අරුනාද්‍ය.. ලොකු හාමුදුරුවන්ට , ගුරුන්නාන්සේට පවා වුවමනා වූනේ අපේ රුධිරය එක් කිරීම පමණයි.. ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි.. ඒ කියන්නේ තවදුරටත් මේ විවාහ බන්ධනයක් අවශ්‍ය වන්නේ නැහැ.. ඔයාට ඔයාගේ උරුමය මගේ රුධිරය එක්වීමත් සමග හිමි වෙනව...තවත් මේ බැදීමේ කිසිම තේරුමක් නෑ"
අධීර කිව්වෙ අරුනාද්‍යගේත් සින්පාගේත් දෙස බැරෑරුම්ව බලමිනි...
" තමුන් කියලා ඉවරද" අරුනාද්‍ය ඇසුවේ කේන්තියෙන් ඔහු හුන් තැනින් නැගීසිටිමින්..
"මාව බැදීමකට හිර වෙලා වගේ අරුනාද්‍ය.. ඔයාට පවා මම පිළිකුල් කෙනෙක් නම්..මොකක්ද මේ බැදීමේ තේරුම... " අධීර කෑ ගැසුවේ වේදනාවෙන් පිරුණු දෑසිනි..
" අනුරාග්..." අරුනාද්‍ය කේන්තියෙන් ගෑ ගැසුවේ ඔහුගේ අතින් අධීරගේ කට දෙපැත්ත තද කරමින්...
" තමුසේ දන්නවද මෙතන වෙච්ච දේවල් ආහ්... තමුසේ දන්නවද සතියක් පුරාවට මම නෑවිදින් හිටියේ මොකටද කියලා.. " අරුනාද්‍ය ඇසුවේ කෙන්තියෙන් වෙව්ලමිනි..
" අරුනාද්‍ය ඔය ඇති.. ඔයා එයාට රිද්දනවා... " සින්පා කිව්වේ අධීරව ඔහුගෙන් ගලවා ගන්න ගමන්...
" සින්පා මෙයාට කියලා දෙන්න දෙයක් හරියට දන්නෙ නැතුව කෙනෙක්ට චෝදනා කරන එක නවත්තන්න කියලා.." අධීරව සින්පා වෙතට තල්ලු කරන ගමන් අරුනාද්‍ය ගුරුකුලයෙන් පිටව ගියේ කේන්තියෙනි....
" අධීර ඔයාගේ කම්මුල් රතු වෙලා " සින්පා ඇසුවේ අධීරගේ රතු වී ඇති කම්මුල් සෙමින් පිරිමදින ගමන්..
" සින්පා මට ඇත්ත කියන්න.. මේ සතිය පුරාවට එයාට මොකක්ද වුනේ..."
අධීර කිව්වෙ සින්පාගේ දෑත් වලින්ම අල්ලාගෙන බිදුණු හඩකිනි..
ඔහුව නැගිටවමින් අසල තිබු අසුනක වාඩි කරවූ සින්පා මද වෙලාවක් අධීර දෙස සන්සුන්ව බලා සිටියේය..
" එයාලා ඔයා ගැන දැනගෙන අධීර..."
" ක්...කවුද.. සින්පා.."
"අර්ධ යක්ෂයින්.."
" අර්ධ යක්ෂයින්..ඔවුන්ට මාව ඕන කරන්නේ ඇයි සින්පා..."
"ඔයා දැනටමත් දන්නවා ඇති අධීර ඔයා කවුද කියලා... අර්ධ යක්ෂයින් කියන්නේ සැබෑ ලෝකයෙ අපිරිසිදු ලේ වලින් ඉපදිච්ච මිනිස්සු.. එයාලට ඕන කරන්නේ අපි මේ වෙනකම් හංගගෙන හිටපු අපේ ජනපදයේ දොරටු සැබෑ ලෝකයට විවෘත කරන්න... ඒක ඇත්තටම භයානකයි අධීර. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන යතුර වෙන්නේ ඔයා "
" ඒත් මම අඩුම මගේ ඕරා එකවත් නිදහස් කරගන්නේ කොහොමද කියලා දන්නේ නෑ සින්පා.."
" මීට අවුරුදු දාහකට කලින් සිද්ධ උන දේම ආයෙත් වතාවක් සිද්ධ වේවි කියලා අපේ නායකයින්ට බයයි අධීර... මන් දන්නේ නෑ එයාලා මොනවගේ තීරණයක් ගනීවිද කියලා "
අධීරත් සින්පාත් ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලා සිටියේ හැගීම් විරහිත දෑසිනි.. ඔවුන්ගේ ජනපදය ආරක්ෂා කර ගැනීමට නම් කිරීමට ඇත්තේ එකම එක දෙයකී..
" ඒ කියන්නේ මගේ ආත්මය භාර දෙන්න වෙනවා.. අධීර කිව්වේ සින්පාගේ මුහුණ දෙස බලමින් බැරෑරුම්වය..
" ඒත් ඒක එකම විසදුම නෙමෙයි අධීර.. එදා ඔයාගේ විවාහය දවසේ කවුරුහරි බිලාල පිල්ලියක් එවා තිබුනා ඔයාව පැහැර ගන්න.. ඒක අංගම් සාස්තරේ බලවත්ම ආයුධයක්..." සින්පා කිව්වේ අධීරගේ උරහිසෙහි වූ කොළයක් ඉවත් කරන ගමන්..
" එතකොට අරුනාද්‍ය.. නෑ ඒ දේනම් වෙන්න බෑ.." අධීර හිදගෙන උන් තැනින් නැගිට්ටේ කලබලයෙන් මෙනි..
" එයා ඒ සතාව මරා දමලා තිබුනා අධීර..
ඒත් එයාගේ ඇග පුරාගෙ උගෙන් සිද්ධ වුන කැලැල් තිබුනා.අපි හිතුවට වඩා ඒ තුවාල දරුනු උනා අධීර.. දැනුත් ඔය අරුනාද්‍ය කේන්තියෙන් ගියාට එයා ඉන්නේ වේදනාවෙන්..." සින්පා කිව්වෙ ඇය අසල තිබූ බෙහෙත් වර්ග ටික එකතු කරගන්න ගමන්...
අධීර සිටියේ හිස් අහස දිහා බලාගෙන වේදනාවෙනි.. ඔහු අරුනාද්‍ය ගැන සිතුවේ කොතරම් පහත් විදිහටද... අද එයා වේදනා විදින්නේ ඔහු නිසා.. ඔහුව ආරක්ෂා කිරිමට ගිය නිසා...
" අධීර..." සින්පාගේ කටහඩින් ඔහු කල්පනා ලෝකයෙන් මිදුනේය..
"මේ බෙහෙත් ටික අරන් ගිහින් ඔහුගේ තුවාල වලට ගාන්න අධීර... ඔහු හරියට බෙහෙත් ටික දානකම්වත් හිටියෙ නෑ... සින්පා පැවසුවේ බිදුණු හඩකිනි..
" ඔයා මාත් එක්ක කේන්තියෙන්ද ඉන්නේ සින්පා.." අධීර ඇසුවේ ඇය දුන් බෙහෙත් මල්ල අතට ගන්නා ගමන්...
අධීර වෙත මද සිනහවක් දුන් සින්පා..,
" කවදාවත් නෑ අධීර.. අරුනාද්‍ය කියන්නේ හොද මිතුරෙක්.. මට ඔහුව අහිමි වුනාට දුකක් නැහැ එයා ආදරය කරන්නේ මට නෙමෙයි..."
"ඔයාට නෙමෙයි... එහෙනම් ඒ කව්ද සින්පා.."
" ඒක කාලයත් එක්ක ඔයා ගනීවී අධීර... තව දෙයක් එයා කවදාවත්ම ඔයාට ඔවුන්ට ආත්මය භාර දෙන්න නම් ඉඩ දෙන්නේ නැති වෙයි..." ඔහුගේ හිස අත ගාන ගමන් සින්පා කිව්වේ සෙනෙහසිනි..
සින්පා දුන් බෙහෙත් මල්ලත් රැගෙන ඔවුන්ගේ නිවහනට ගියේ කෙසේද කියාවත් අධීරට මතක නැත... බිලාල පිලිලයක සපා කෑමක් යනු සුළු පටු දෙයක් නොවීය.. සැබෑ ලෝකයේ මිනිසකු නම් ඔහු අනිවාරයෙන්ම මිය යනු ඇත.. අරුනාද්‍ය සිටිනවා ඇත්තේ දැඩි වේදනාවෙන් යුතුවය..ඔහු පැමිණියේ අරුනාද්‍ය නිවසේ සිටී යැයි බලාපොරොත්තුවෙන් වුවත් ඔහුගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් අරුනාද්‍ය පැමිණි බවට නිවසේ සේයාවක් හෝ නොමැති විය...
" එයා කොහේ ගිහින්ද"
බෙහෙත් මල්ලත් තුරුලු කරගෙන අධීර ඔහුව මුලු ගම්මානය පීරමින් සෙව්වත් ඒ කුමන ස්ථානයකින්වත් අරුනාද්‍යගේ සේයාවක් හෝ ඔහුට දැක ගැනීමට නොහැකි විය..
ඔහු අරුනාද්‍යව සෙවීමට මුළු දිවා කාලයම , මුළු රාත්‍රියම පවා වෙහෙසෙන්නට ඇත.රාත්‍රිය නිමා වී උදෑසන පවා උදාවිය නමුත් තවමත් ඔහුව හමුවූයේ නැත.. අධීර අවසානයේ ගමෙන් එපිට කැළෑවට යාමට හැරුනේ ඔහු එහිවත් සිටීදැයි කල්පනාකරමිනි.. ඔහු සිතූ දේ හරි.. ඔහුගේ බලාපොරොත්තු දල්වමින් අරුනාද්‍ය එහි රැදී සිටියේය...
"අරුනාද්‍ය.."
අධීර දුර සිටම ඔහුට කෑගැසුවේ දරාගත නොහැකි සතුටකිනි.. මන්ද ඔහුව ආරක්ෂා කර දෙන මෙන් කියා ඔහුව නොයැදපු දෙවියකු නැත.. නමුත් අරුනාද්‍ය තවමත් සිටියේ ඊයේ දිනයේ මෙන් උඩු කය නිරුවත්වය. ඔහුගේ සිරුර පුරා බිලාලයාගේ සීරුම් පහරවල් ඕනවටත් වඩා තිබුණි.. අරුනාද්‍ය අධීරව දුටුවත් ඔහු අඩුම කිසිදු බැල්මක් හෝ ඔහුට ලබා දුන්නේ නැත.. මන්ද ඔහු සිටින්නේ එතරම්ම කේන්තියෙනි...
" අරුනාද්‍ය "
අඩියට දෙකට ඔහු අසලට පැමිණි අධීර ඔහු ඉදිරිපිටින් සිට ගත්තේය..
" ඇයි තමුන් මෙහෙට ආවේ... අරුනාද්‍ය ඇසුවේ ඔහු දෙස බලමින් කේන්තියෙනි..
" මේ වෙනුවෙන්..." ඔහු අතෙහි තිබූ බෙහෙත් මල්ල පෙන්වමින් අධීර කිව්වේ පහත් හඩින්..
නමුත් අරුනාද්‍ය කිසිදු වචනයක් හෝ නොපවසමින් අධීර දෙස බලාසිටියේ ඔහුට හුරුපුරුදු සීතල බැල්මෙනි..
" ඔයාට රිදෙනවද.." අධීර ඇසුවේ ඔහුගේ උරහිසෙහි වූ තුවාලය ඇල්ලීමට උත්සහ කරමින්..
" එපා මාව අල්ලන්න.. මට තමුන්ව අප්පිරියයි.. " අරුනාද්‍ය ඔහුගෙන් ඇත් වූයේ කෝපයෙන් මෙනි...
"ඒත් මට අයිතියක් තියෙනවා.. අධීර කිව්වේ පහත් හඩින්..
"තමුන් ඒ අයිතිය නැති කරගෙන ගොඩක් කල් අනුරාග්.. ඇත්ත කියනවා මේ පාර මොන උගුලකට මාව අහු කරන්නද ආවේ..."
"මම ආවේ මම අයිති තැනට ආපහු යනවා කියන්න..."
ඔවුන් දෙදෙනා අතර මද වෙලාවක් පැවතියේ නිහඩතාවයකි..
" ඒකද අන්තිම තීරණය " අරුනාද්‍ය ඇසුවේ ඔහු අසල තිබූ පැළයක රැදී තිබුනු පිනි බිදුවක් තම ඇගිලි තුඩට ගන්නා ගමන්...
"ඔව්.." අධීර පැවසුවේ පහත් හඩින්...
" එහෙනම් යනවා... තමුන්ට ඕන මේ බැදීමෙන් නිදහස් වෙන්නනේ... යනවා ඉතින්..." අරුනාද්‍ය ආපසු යන්නට හැරුණේ කේන්තියෙන් වෙව්ලමිනි..
නමුත් ඔහුට වැඩි දුරක් යාමට නොහැකි විය.. අධීර සිටියේ ඔහුව පිටුපසින් තුරුල් කරගනිමිනි.. අධීරගේ උණුසුම් කදුළු ඔහුගේ නිරුවත් පිට තෙත් කරණු ඔහුට දැනුනි..
"මම කිව්වෙ මම අයිති තැනට යනවා කියලා.. ඒ කිව්වෙ ආපහු පන්සලට යනවා කියලා නෙමෙයි අරුනාද්‍ය.. ඔයා මගේ ස්වාමියා.. ඔබයි මාව අයිති තැන අරුනාද්‍ය... අධීර කිව්වේ ඔහුව තදින් තුරුලු කරගනිමින්...
" අනුරාග්..." අරුනාද්‍ය ඔහුගේ බද වටා එතී තිබූ අධීරගේ දෑත් ලිහිල් කරන ගමන් ඔහු වෙතට හැරුණේ කදුළු පිරුණු දෑසිනි...
"ඔ..ඔයා අඩනවා අරුනාද්‍ය ..." අධීර කිව්වේ ඔහුගේ කොපුලෙහි වූ කදුලු තම දෑතින් පිස දමන් ගමන්..
"ඔයත් අඩනවා..." අධීරගේ නිකටින් අල්ලා තමා වෙත හරවා ගන්නා ගමන් ඔහු කිව්වේ සන්සුන් හඩින්...
"මට ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න" අරුනාද්‍ය කිව්වේ අධීරව ඔහු වෙත තුරුළු කරගන්නා ගමන්ය..
" අධීර දෙයක් දන්නවද.. මේ ලෝකේ මිනිහෙක්ට දරන්න අමාරුම හැගීම මොකක්ද කියලා.. තමන්ගේ කියලා ඉන්න එකෙක්ට පපුව පැළෙන්න ආදරය කරලා ඌ වෙනුවෙන් නැහෙද්දි ආපිට ඒකම කිසිම හිතක් පපුවක් නැතුව ඒ පපුව බිදලා දාන්න හදන එක.. උබ ඊයේ කරන්න හැදුවෙත් ඒ දේමයි අධීර... කටින් වචනයක් නොකිව්වත් මේ පපුවෙන් උබට නොසෑහෙන්න ආදරේ කලා.. උබ නොදන්නවා වුනාට මම උබට මේ හිතින් බැදෙනකොටත් මම අවුරුදු හයක පොඩි එකෙක් උබට එතකොට අවුරුදු පහක්වත් නෑ.. ඒ හිටපු පොඩි එකා විදිහටම උබ තාමත් උන්නනම් මට මෙච්චර උබ ගැන බයක් නෑ අනුරාග්...." අරුනාද්‍ය කිව්වේ අධීරව තව තවත් ඔහුගේ පපුවට තුරුළු කරගන්නා ගමන්..
" අරුනාද්‍ය ඔයාගේ ඇග රස්නෙයි " අධීර කිව්වේ ඔහුගෙන් මදක් ඈත් වෙමින්ය...
අරුනාද්‍ය කිසිදු වචනය හෝ නොකියමින් අධීරගේ දෑත් තම දෝතටම ගෙන සිපගත්තේය...
" එන්න අපි ගෙදර යමු.." අධීරගේ අතෙහි තිබූ බෙහෙත් මල්ල අතට ගන්නා ගමන් ඔහු පැවසුවේ සන්සුන්වය..
*
*
*
" අනුරාග් "
අරුනාද්‍ය කිව්වේ ඔවුන්ගේ නිවසේ ඉදිරිපිටට වී මඤ්ඤොක්කා අලයක් සුද්ද කරන ගමන්..
" බඩගිනි නේද..." අධීර ඇහුවේ බිම තිබූ කොළ රොඩු අතින් ඇහිදිමින්
" ඊයේ ඉදන්ම... බත් කන්නත් මොකුත්ම ගේ ඇතුලේ නෑනේ..." ඔහු අතට තවත් මඤ්ඤොක්කා අලයක් ගන්නා ගමන් අරුනාද්‍ය කිව්වෙ ඔහුගේ මුහුණේ ඇදුණු මද සිනහවක් ඇතුවය...
"අච්චර විසාල ගෙදරක් තියෙද්දි ඇයි අරුනාද්‍ය ඔයා මේ පොඩි කටුමැටි ගහපු ගෙදරක ඉන්නේ.." අත් දෙකත් ඉන දෙපසට තබා ගන්නා ගමන් අධීර ඇහුවෙ බැරෑරුම්වය...
" මගේ නිදහසට... මන් සරලව ජීවත් වෙන්න කැමති අනුරාග්..."
" ඒත් ඔයා අපේ අංගම්පොර ශිල්පයේ අනාගත උරුමය වගේම දවසක යක්ක, නාග, දේව ගෝත්‍ර තුනම පාලනය කරන්නා..." අධීර කිව්වෙ අරුනාද්‍ය අතින් පිහිය උදුරා ගන්න ගමන්..
" ඒක වගකීමක් විතරයි අනුරාග්.. ආභරණයක් නොවෙයි.. මාත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න කැමතී.. මේ වගකීම් මට හිසරදයක්... " අධීරගේ දෑස් දෙස බලන ගමන් අරුනාද්‍ය කිව්වේ බැරෑරුම්වය..
" දන්නවද දෙයක් අරුනාද්‍ය.. ඉස්සර අපේ පන්සලට එන නාග ගෝත්‍රික නායකයෝ අපේ ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරනවා අහලා තියේ සැබෑ ලෝකය මීට වඩා සෑහෙන්න වෙනස් කියලා.. ඒ ලෝකේ මිනිස්සුන්ගේ හැසිරීම් ගොඩක් සංකීර්ණයිලු..."
"ම්ම්.. අනුරාග් ආස නෑ සැබෑ ලෝකෙට යන්න.. අරුනාද්‍ය ඇසුවේ අධීරගේ දෑතින්ම අල්ලා ගන්න ගමන්..
" ඉස්සර ඒ කතා ඇහුවම ආස හිතුනා... ඒත් දැන් ඒ ආසාව නෑ" අධීර කිව්වෙ ඔහු අසලින් වාඩි වෙන ගමන්..
" ඇයි..."
" බැරි වෙලාවත් සැබෑ ලෝකේ මිනිස්සු අපේ ජනපද සොයාගත්තොත් අපේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ... අපි මෙච්චර කාලයක් රැකගෙන ආව හැමදේම ඔවුන් පැහැර ගනීවී.. මේ නිසාම අපි සැබෑ ලෝකයෙන් සැගවී ඉන්න එක හොදයි අරුනාද්‍ය"
නමුත් කිසිවක් නොපවසමින් ඔහුගෙ කම්මුල දිගේ තම ඇගිලි අරගෙන ගියපු අරුනාද්‍ය සෙමින් ඔහුගේ නලල සිප ගත්තේය.. ඔහු මද වෙලාවක් අධීරගේ නලලෙහි ඔහුගේ දෙතොල් තද කරගෙන සිටියේය.. ඔහුගේ මෙපමණ කල් හිතේ කැලතෙමින් තිබූ හැගීම් පිටකරමින්...
අධීරගේ පියවී තිබූ දෑස් සිපගන්නා ගමන් අරුනාද්‍ය තදින් ඔහුව තම පපුවට තදින් තුරුලු කර ගත්තේය..
",මන් ඔයාට හරි ආදරෙයි අරුනාද්‍ය" අධීර කිව්වේ ඔහුගේ නිරුවත් පපුව සිපගන්නා ගමන්..
"දවසක මට උබව දාලා යන්න වුනොත් මන් මේ කියන වචන ටික හොදට මතක තියාගන්න අනුරාග්..
මම උබට මේ පපුව පිරෙන්න ආදරෙයි.. නොසෑහෙන්න ආදරෙයි..තමුසෙ ඇත්තටම මම මේ ලෝකේ ආසම මනුස්සයා...මන් කතාකරන්න ආසම කෙනා.. කෙටියෙන්ම කිව්වොත් මන් මෙ ලෝකෙන්ම ඇබ්බැහි වුන එකම මනුස්සයා..
මට බයයි.. මට නොසෑහෙන්න බයයි ඉස්සරහට මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා.. ඒත් ඉස්සරහට මොන දේ සිද්ධ උනත්.. මොන දේ අහිමි වුනත්... මම මෙච්චර දවසක් ඇත්තටම උබට ආදරේ කලාද නැද්ද කියන ප්‍රශ්නේ විතරක් උබගේ ඔය හිතට එන්න හොද නෑ අනුරාග්.. මම කැමති නෑ උබ මගේ ආදරේ ප්‍රශ්න කරනවට.. ආදරේ කියන වචනේ ඇතුලෙම හැංගිලා තියෙන්නේ කැපකිරීම අනුරාග්....."
............................
සැබෑ චරිත සමග කිසිදු සම්භන්ධයක් නැත..
මන් මේ කතාව සංකීර්ණව ලියන්න ගත්තා වැඩිද මන්දා මුළ ඉදලම ලෙහන්න ගැටලු ගොඩක් තියෙනවා.. කියවන ඔයාලටත් එපා වෙයිද මන්දා 🥺🤍
Ruth
You are reading the story above: TeenFic.Net