තුන්වන හුස්ම

Background color
Font
Font size
Line height

" පුතා... මොකද මූන එල්ලගෙන..."

" මාත් එක්ක ටිකක් ඉන්න බැරිද අම්මා.. මට පාළුයිනේ... අප්පච්චිත් එන්නෙ රෑ වෙලා..."

" ඔයා පොඩි බබෙක් නෙමෙයිනේ පුතා... අනික පාලුයි පාලුයි ගාන්නේ හෙට ක්ලාස් නේද පොතක් පතක් බලා ගත්තොත් වැරදිද...
මට නොගිහින් බෑ පුතා ඒ ළමයි බලන් ඉන්නේ මගෙන් අකුරක් හරි ඉගෙනගන්නනේ..."

" දොර ලොක් කරගෙන ඉන්න පුතා...  මම සමහරවිට අප්පච්චි එක්කම ඒවි..."

මම අම්මා යන දිහා ඔහේ බලාගෙන හිටියා.. එයාලට කවදාවත් මාව තේරුම් ගන්න බැරි උනා... අම්මයි අප්පච්චි දෙන්නම ඉස්කෝලේ උගන්නනවට අමතරව ටියුෂන් ක්ලාස් කරන්න පටන් ගත්තා ... උදේ ඉස්කෝලේ ගිහින් ගෙදර ආව ගමන් ආය අනිත් පැත්තට එයාලා යනවා... මාත් එක්ක ඉන්න එයාලට වෙලාවක් ලැබෙන්නෙ කලාතුරකින් වගේ...මට මතක පුංචි කාලේ ඉදන්ම එයාලා මම එක්ක ඉන්නවට වඩා අනිත් ළමයි එක්ක වැඩිපුරම හිටියේ... අම්මා අප්පච්චිව මට මගේ ලග තියාගන්න උවමනා උනත් එයාලා එයාලාගෙ රාජකාරියට මටත් වඩා බැදිලා ඉවරයි....

අප්පච්චි කියන විදිහට ගුරුවරයෙක් වෙනවා කියන්නෙත් වාසනාවක්ලූ... මොකද ගුරුවරයෙක්ට විතරලු ළමයි දහස් ගානක අම්මා අප්පච්චි වෙන්න පුළුවන්... අප්පච්චි ඒ නිසාමලු ගුරුවරයා ශිෂ්‍යයා කියන බැදීමට මේ තරම් බැදිලා ඉන්නේ....

ඒත් එයාලට අමතක උනා මාත් එක්ක ඉන්න... මම එයාලගේ ආදරේ එයාලගෙ උනුහුම හොයනවා කියන්න අමතක උනා.... සමහරවිට මම ආත්මාර්ථකාමී වෙන්න ඇතී... ඒත් මම ආස උනේ නෑ අම්මා අප්පච්චිගේ ආදරේ වෙන කෙනෙක් එක්ක බෙදා ගන්න... මොකද මම ආදරේ කියන වචනයටත් පුළුවන් තරම් ලෝභ මනුස්සයෙක්....


" මට මූව දැක්කත් කහනවා කහනවා වගේ බන්"

" මටත් එහෙමයි බන්....
දෙන්න තිබ්බනම් හොම්බට හැටක්..."

අද උදේ පාන්දරම අපිව මහ අව්වට ගෙන්න ගත්තා උදෑසන රැස්වීම කියලා...ඔය නිවේදනයද මොනාද කරන එකා හැමදාම දිග අරින ශෝකාලාපෙ අහලම මට වමනෙට වගේ....

" දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසනේ.... පතන්නම් ඔබට.... යැයි යැයි තමා...."

හිමිදිරි උදෑසනේ තියෙන සනීපෙට වෙන්ඩැති මේ පිච්චෙනවා වගේ ෆීලින් එකක් එන්නේ...

ඇත්ත කියන්න එපෑ මට ඕකුන්ව පේන්න බෑ.....

ඒ අස්සේ යසිරුවයි ෂෙහානයි එකතු වෙලා පිනාට දෙහි කපනවා.. බොරු කියන්න ඕන නෑනේ ඔය යකාව දැක්කම මගෙත් මාරයා නගිනවා... තාම රිදෙනවා මගෙ පච්චාත් බාගේ ඊයේ මූ ගහපුවට....

කොහොමින් කොහොමහරි උදෑසන රැස්වීමත් පැය ගානක් ඇද්දා... අම්මපා මේක පට්ට අසාධාරණ ලෝකයක්...
අපි මෙහෙ අව්වෙ කරවෙද්දි....
අපේ අති උත්තම පිනයි.... සර්ලා මැඩම්ලා ටිකක් ආතල් එකේ හෙවනට වෙලා ඉන්නවා...

මානව හිමිකම් යන්න ඕනයි කියන්නේ මේං මේවට තමා.....

.....................................

"ඒ නිතුමෝ වැඩක් සෙට් උනා...
අද පිනාට ඇටි හැලෙන්න දෙමු"

හිමිදිරි රැස්වීම ඉවර වෙලා අපි පන්තියට එනකොට සමීරයත් මොනාද කියන් බෙරිහන් දීගෙන පංතියට ආවා...
හැබෑවට මං අද මූව රැස්වීමට ඇවිත් ඉන්නවා දැක්කේ නෑ......
ශුවර් එකටම ඕකා කැන්ටිමෙ රිංගගෙන ඉන්න ඇති....

" මොකක්ද සුදු නෝනා සෙට් උන වැඩේ..."

" මේ... මේ.... යසිරුවෝ උබ එන්න එපා ඈ ඕවට..."

" එහෙම කියන්නේ මොකක්ද බබා "

"ඇයි තොට අ............."

"ඕක නවත්තපිය යකෝ.... ගෑනි මිනිහයි වගේ මරාගන්න යන්නෙ නැතුව...."

ඒ අස්සෙ සමීරය කියන්න ආව එක පැත්තක දාලා යසිරුවා එක්ක ලව් කරන්න හදනවා....

" ඕයි මොකක්ද කියපන්කෝ උබ කියන්න ආවේ.."

ඒ පාර මැද්දෙන් පැන්නේ සස්මිතයා... ඌ නම් පිනාට වැඩක් දෙන එකට බොක්කෙන්ම සපෝට් වගේ... කොහොමත් ඕකා ඊයේ හිටියෙ පස්ස අත ගගා පිනාව මරන්න වගේනේ....

"මෙන්න මේකයි බන්....
අද ටෙක් එකේ උන්ගේ මොකක්ද සෙමිනා එකක් තියේලූ... ඔන්න ඕකට අපේ පිනත් ඇවිත් පැය ගානක දේශනයක් දෙනවලු...

" ඉතින් බන් ඕකෙන් අපිට තියෙන වැඩේ මොකක්ද..."

" කටවහන් අහපියකෝ ෂෙහානයෝ... මැදින් ඇඩ් දාන්නේ නැතුව උබත් හරියට ටීවි දෙරණෙ මෙගා නාට්ටි වගේ බන්... ඉවර වෙන්නෙ නැති සාපයක්..."

" ආය තොපි එකෙක් හරි මැදින් ඇඩ් දැම්මොත් මං මේක දමලා ගහලා නිකන් ඉන්නව ඈ..."

" හරි හරී උබ ස්ටෝරිය කියපන්කෝ'

" මං මේ කියන්න හැදුවේ...
ඊයේ අරූ අපිට කරපු වැඩේට වැඩක් දෙමු කියලා මිනිහව සුන්නත් දූලි වෙලා යන්න..."

" ඉතින් මොනාද බල්ලෝ අපිට කරන්න තියෙන්නේ.."

ඒ පාර යසිරුවා...

ටං ටර ටං ටර ටා.....
සපාසිස්.....

" අඩෝ..."

"හුත්තෝ"

"බල්ලෝ"

"තොට කොහෙන්ද ඕවා"

එක පාරටම සමීරය පෙන්නපු දෙයින් අපි ඔක්කොම තුශ්නිම්භූත වෙලා ගියා... ඒ කියන්නේ ඇත්තටම සපාසිස් උනා...

මූ අතේ තිබ්බේ තඩි රතිඤ්ඤා වැලක්...
මුට කොහෙන්ද අප්පා මේවා අවුරුද්දට තව කොච්චර කල් තියේද....

"මට මේක දුන්නෙත් ටෙක් එකේ එකෙක්මයි බන්..."
උන්ටත් ඕනි සපාසිස් එකක් කරන්න අපේ පිනාට...

"හොදයි මා යටහත් වැසියනි..
දීපල්ලා උබලගේ ප්‍රතිඥ්ඥාව....
උස්සපල්ලා අත් දෙකේම මැදඇගිලි...

" මෙතැන් සිට සිදුවන සියලුම දේ හුදෙක් විනෝදය සදහා පමණක් නොව සතියක් යනතුරු පංති තහනම් කරගැනීම සදහා බවත්...
යම් අවස්ථාවක කවුරුන්හට හෝ හසුවුවහොත් අහුවෙන එකා මොකාද ඌව පාවා දෙන බවත් දිව්රා පොරොන්දු වෙමු...."

අපේ නිල ප්‍රතිඥ්ඥාව කරනවා මොකෙක්හරි දැක්කොත් ඌ අනිවාරෙන්ම වහ කනවා සත්තයි...
මොන රටේද අප්පා මැද ඇගිල්ල උස්සලා ප්‍රතිඥ්ඥා දෙන්නේ.....

හරියටම කිව්වොත් අපි මුලින් හිතන් හිටියේ අපේ ප්‍රතිඥ්ඥාව තනි කකුලෙන් හිටන් දෙන්න.... පස්සෙ අපේ මේ ෂෙහානයා තමා මැදඇගිල්ලක් ඇදලා ගත්තේ....
ඒකත් නරකම නෑ හැබැයි......

"අඩෝ වැඩේ ගොඩ නේ"

" ඔව් බන් ඔව් ගානට වැඩේ සෙට් කලා...
අරුන් සිග්නල් එක දුන්නම සහරාන් වගේ දෙන්න තියෙන්නේ ඩෝං ගාලා...

කොහොමින් කොහොමහරි අපී මේන් හෝල් එකේ දකුණු පැත්තේ අයිනෙම වෙන්න වගේ රතිඤ්ඤා වැල සෙට් කලා... දැන් පිනා ආවම තමා වැඩේ දෙන්න තියෙන්නේ....

"අඩො ආවා ආවා....පත්තු කරන්නද"

" පොඩ්ඩක් හිටපියකෝ"

මෙහෙන් සස්මිතයා දාගෙන මේක පත්තු කරන්න හදනවා... පුදුම තදියමක්නේ මුට තියෙන්නේ...

" පොඩ්ඩක් හිටපියකෝ... තාම පටන් ගත්තා විතරනේ..."

ඔන්න ඉතින් පැය බාගයක් විතර අරකයි මේකයි කිය කිය මේ මගුල ඇදිලා ගියා... දණහිසුත් රිදෙනවා අප්පා මෙතන දණගහගෙන ඉදලා...

අන්න හා...රි...
ඔය පිනා ආවේ පිලිගැනීමේ කතාව කරන්න.. දෙන්නම් බොට පිලිගැනීම්....

" ඒ සමීරයා ඕක පත්තු කරපන්"

එහෙම්මම සමීරයට රතිඤ්ඤා පත්තු කරන්න සිග්නල් එක දීලා අපි ඒ තප්පරෙන් එලියට පැන්නා.. ඔන්න දැන් තමා ඩ්‍රාමා එක පටන් ගන්නේ...

එකායි... දෙකායි... තුනායි...

ඩෝං.... ඩෝං.... ඩෝං.......

ඔය වැඩ කලේ යස අගේට මුන් බය වෙන්න ඇති සහරාන් ආවා කියලා.. පව් යකෝ පිනයි ටෙක් එකේ උන් ටිකයි...

ඒ උනාට ආපු වෙලේ ඉදන් මට හිතෙන්නෙම අපි මොකක්හරි දාලා ආවා කියලා....

" පොඩ්ඩ්ක් මං උබලගේ නම් කියනවා උබලා ඉන්නවනම් කියපල්ලා ඈ..."

මං නායකයා විදිහට මගේ වගකීම කරට ගත්තා.. නායකයෙක් උනාම තමන්ගේ අනුගාමිකයෝ දිහා බලන්න එපැයි....

යසිරුවා...

" මං ඉන්නවා බන්"

සමීරයා....

" මාත් ඉන්නවෝ.."

ෂෙහානයා...

" ප්‍රසන්ට් බන්"

"ඈ මොකක්"

"ඉන්නවා ඉන්නවා බන්"

අන්තිම එකා සස්මිතයා...

................

සස්මිතයා......

කෝ මේකා...

හුටා....

අපි හතර දෙනා මූනට මූන බලාගත්තා.. මූ තාම මේන් හෝල් එකේ...

" අපි සෙට් එක එක පිම්මට මේන් හෝල් එක පැත්තට දුවගෙන ගියා... අපි යද්දි මෙන්න මූ එනවා කොර ගගහා මූනත් වැල ගෙඩිය වගේ කරගෙන.. "

" තොපි මගේ..... ආව්...
තොපි මගේ යාලුවොද කියපල්ලා යකෝ..
මාවත් පෙරලගෙන දිව්වේ...
තව නූලෙන් දත් සෙට් එකත් පංචිකා වත්තෙන් ගේන්න වෙන්නේ...

" සමාව භාජනේකට දාලා දියන් සුදු නෝනා.."

" අනේ මේ හුයන්නක් කතා නොකර මාව එක්කපලයල්ලා...

ආව්.. මගේ කොන්ද...
මගේ ෆිගර් එක එහෙම අවුට් වෙලා ගිහින් තිබ්බොත් මං තොපිට කොටනවා සනික...
ඒක දැන ගනියවු....

" හිමීට බල්ලො හිමීට මගේ කකුළ...

" පොඩ්ඩක් නලියන්නෙ නැතුව හිටුකෝ මේ බේත් ටික දානකම්..."

මොනාඋනත් පව් අපේ සස්මිතයා.. හැබැයි ඒ වෙලාවෙ දුවද්දි මටත් තේරුනා මොකෙක්හරි එකෙක් ඇගේ වැදුනා කියලා  බැලින්නම් මේ සස්මිතයනෙ....

" ඒ බං මොනාඋනත් මට කුරිරු  සතුටක් දැනෙනවා... උබ දැක්කද පිනාගේ මූන අපායට ගහපු කැලැන්ඩරේ වගේ...."

ඒ අස්සේ ෂෙහානයා උගේ FM චැනල් එක ටියුන් කරන්න ගත්තා.. අම්මප මේ සෙවලයා නම්....

"කට වහපිය ෂෙහානයෝ කාට හරි  ඇහෙයි... හිනා උනා වගේ නෙමෙයි ඕක මාට්ටු උනොත් අපිට ඉතින් සදාසොත්ති තමයි....

අපි හිතුවට වඩා අපි කරපු වැඩේ ටිකක් සංකීර්ණව ගිහින් තිබ්බා... මුලු හෝල් එකේම උන් රතිඤ්ඤා සද්දෙට දුවද්දි සමහර උන් වැටිලා තුවාලත් වෙලාලු.. ප්‍රින්සිපල් සර් මේ ගැන පුළුල් සමීක්ශනයක් කරනවා කියලලු කට්ටියම කතා වෙන්නේ....

වැටිච්ච උන් නම් පව් තමා...

ඒත් එහෙමයි කියලා අපි වැරැද්ද බාර ගන්න යෑ.....
මල විකාර......

" එහෙනම් බොසාලා අපි කැපුනා"

" හෝව් හෝව් හිටපල්ලා මාත් එනවා.. මාත් උබලා එක්ක අද සැරියෙ යනවා..."

මොන හේතුවකටද මන්දා අද මටත් හිතුනා වටෙන් යන්නේ නැතුව ෂෙහානයයි සමීරයයි එක්ක සැරියේ යන්න...

යසිරුවා නම් 200 කොළඹ සිසු සැරියේ ගෙදර යද්දි... සස්මිතයව එක්ක යන්න උගේ තාත්තා එනවා...

" සමීරය නම් ඉන්නේ කිරිදිවැලලු... ෂෙහානයා ඉන්නේ මේරිලන්ඩ් වලලු.. උන් දෙන්නා හැමදාම කපල් එක වගේ 231 කිරිදිවැල ගම්පහ සිසු සැරියේ ගෙදර යනවා..."

" 231 කිරිදිවැල ගම්පහ සිසුසැරිය" ඔයාලා විශ්වාස කරනවද මේ බස් එක නිසා මගේ ජීවිතේම කනපිට ගැහුවා කියලා...
ඔව් එයාගේ ඒ ලා දුඹුරු කෝපි පාට ඇස් දෙක මම ඉස්සෙල්ලම දැක්කේ මේ බස් එකේදි..."

" කෝ බන් මේ මගුල තාම නෑනේ..."
මමයි ෂෙහානයයි සමීරයයි කයියක් දාගෙන ගම්පහ ඉස්පිරිතාලෙ ලගට වෙනකම් ආවා.. නැත්නම් ඉස්කෝලේ ගාවදි නගින්න හිටියනම් ඇගේ කෑල්ලක්වත් හොයාගන්න වෙන්නේ නෑ..."

" ඒ බං අර එන්නෙ දිලිසි දිලිසි "

ෂෙහානය අත දික් කරලා පෙන්නනකොට මම දැක්කේ කහපාට ලදරම්ම ලදරම් බස් එකක්.. 231 කියලා රතු පාට තඩි බෝඩ් එකක් ඉස්සරහ ගහපු එකදාස් නමසිය බර ගනන්වල බස් එකක්ද මන්දා...

" ඒ බං මේකේ යන්න පුළුවන්ද"
මම ඇහුවෙ ෂෙහානයා දිහා බලලා සැකෙන් වගේ... ඇයි අප්පා කට කපලා සෙනග..

"පුළුවන් බල්ලෝ මේං මෙහෙ වරෙන්
ජීවිතේට අත්දැකීම් කියලා දේකුත් තියෙන්න එපැයි..

එහෙම්මම මගේ අතත් ඇදගෙන ෂෙහානයා බස් එකට නැග්ගා... බුදාම්මෝ මේකේ ගද....

බස් එකෙන්ම කෙල්ලො ගොඩයි... රත්නාවලියෙයි යශෝදරාවෙයි කෙල්ලෝ සෙට් එකක්ම බස් එකේ පිරිලා.. බොරු කියන්න ඕන නෑනේ ඕකුන් ගාව පට්ට දාඩිය ගදයි... කුනු කරෝලත් පරාදද මන්දා

අපි තුන් දෙනා ඔහෙන් මෙහෙන් වංගු දාලා බස් එකේ පිටිපස්සටම ආවා.. මොකද මේකේ ඉස්සරහින් විතරයි නගින්නයි බහින්නයි පුළුවන්.. පිටි පස්සෙ දොර කොන්දා ලොක් කරලා තියෙන්නේ...

" අඩෝ නිතුමා.."

"උබ මොකෝ මෙහේ..."

" සහිරුවා... හුත්තො උබත් මේකේද...
ඒ උනාට බං උබ ඉන්නේ වැලිවේරියෙනේ.. මේකේ යන්නෙ මොන හුයන්නටද...

බස් එක පිටිපස්සට එද්දිම අපේ ආර්ට් එකේ කොල්ලෙක් සෙට් උනා... උගෙ නම සහිරුවා..
ඌත් ඉකෝන් කරන නිසා බංඩා සර්ගේ පන්තියෙදි තමා මාත් එක්ක සෙට් උනේ... මූ 231 මොන මගුලකට යනවද මන්දා...

" අද උබලත් ඉන්න එක හොදයි බන්...
අපි මේ වලියකට යන්නේ.."

" අඩෝ මරුනේ බන්"

ඒ පාර මේ ෂෙහානයා උඩ පයින්න හදනවා.. ඕකටත් අහක යන කුණු ගොඩක් නම්.... අනේ මන්දා...

" ඒ සහිරුවා මොකක්ද සීන් එක බන්.."

මාත් කැත නැතුව වැඩේට බැස්සා.. අර ෂෙහානයා කිව්වා වගේ ජීවිතේට අත්දැකීම තියෙන්නත් එපැයි...

" මේකයි බන් සීන් එක ඊයේ හේමාල් සර්ගේ පංතියෙදි අපේ උන් ටිකකුයි බණ්ඩාරවත්තේ පරාක්‍රමේ උනුයි ගහගෙන තියෙනවා"

" ඒ මොනාටද බන්... චීත්ත රෙද්දකටද...

" එහෙම එකක් නම් දුකක් නෑ බන්...
බණ්ඩාරවත්තේ උන් ටික එකතු වෙලා අපේ එකෙක්ව ටොයිලට් එකේ දාලා ලොක් කරලා බන්.. පව් අපි දන්නෙත් පංති ඉවර උනාම.. ඌ පැය දෙකක් ඒක ඇතුලේ... ඉතින් අපිට මල පැනලා ඕකුන්ට ගැහුවා...

" නෑ... යකෝ ඕකුන්ව මරන්න එපැයි..

" අපි හිතුවේ ඊයෙම කේස් එක ඉවරයි කියලා... ඕකුන් අද පණිවිඩ එවලා සැරියේ පුළුවන් නම් ඇවිත් බලපන් කියලා... ඕකුන්ගේ තරම බලන්න තමා අපි යන්නේ..."

එහෙනම් මේක තමයි අද බස් එකේ මෙච්චර කට්ටිය.. බස් එකේ බාගයක්ම අපේ එකේ උන්... මාත් හිටියා ඕන එකෙක් ආපු දෙන් කියලා දමලා අරින්න.. මොකද මේක අපේ එකෙක් ගැන ප්‍රශ්නයක්නේ....

" අඩෝ අඩෝ අර බලපියකෝ"

ෂෙහානයා කියනකොට අපි දැක්කේ බණ්ඩාරවත්තේ උන් ටිකත් පාරට ඇවිත් ඉන්නවා ආයුධ සන්නද්දව වගේ...

" එහෙනම් ලෑස්ති වෙයවු කොල්ලනේ"

ඒ පාර සහිරුවා උන්ට නෙලන්න ලැස්ති වෙනවා වගේ... හරියට යුද්දෙකට යනවා වගේ ෆීලින් එකක් අප්පා එන්නේ ඒකත් මරු වගේ...

" බණ්ඩාරවත්ත ඉස්කොලේ ගාව නවත්තපු ගමන් උන් ටික අපේ එවුන්ටත් මාර බැල්ම දාගෙන බස් එකට නැග්ගා... අපේ එවුන් ටිකත් දත කට පූට්ටු කරගෙන ඉන්නවා වලිය පටන් ගන්නකම්...

" ආ... මං කිව්ව දේ තොපිට මතක නෑ වගේ... මං හිතන්නෙ ඒක ආයම මුල ඉදලම මතක් කරන්න වෙයි...

බණ්ඩාරවත්ත සෙට් එකේ ඉන්න මොකාද හිවලෙක් ඇවිත් අපිට කෝචෝක් දාන්න ගත්තා...

දැන් ඕකා ඉල්ලගෙන කන්න හදන්නේ... මට ඕක සීයට දාහක් ශුවර්.. සහිරුවයි උගේ සෙට් එකයි මුන් දිහා බලන් ඉන්නේ ඕකුන්ව බැදලා කන්න වගේ.....

" ඇයි ඇයි දැන් තෝ මොනව කරන්නද.. අපි ගනුදෙනුව ඊයෙම ඉවර කරාම තොපි එනවා ආය කරේ නගින්න... මේක අපි යන අපේ බස් එක යකොව්..."

ඒ පාර කතා කලේ අපේ එකෙක් උනත් ඌ මොකාද කියලා මම නම් දන්නේ නෑ.. ඒ උනාට ඌ නියම පාර දුන්නේ අරූට උගේ මූන නිකන් ගෑනි මැරිච්ච මිනිහා වගේ....

" ඇයි තොපි මොනවා කරන්නද"

" ඇයි තොපි බෑ කියලද හි....

චටාස්...

අරූ ගැහුවා නේද අපේ එකෙක්ට කනේ පාරක්...

දැන් තොපි ඉවරයි...

මං හිතන්නේ අපේ වලිය තුන් වෙනි ලෝක සංග්‍රාමයටත් වඩා ලොකුවට ගියාද කොහෙද... මට මතක වලියට බැස්සා විතරයි...අහු උන අහු උන එකාට දීගෙන දීගෙන ගියා... ඒ අස්සෙන මටත් කන කූන් ගාන පාරවල් වැදුනේ නැතුවම නෙමෙයි...

අපේ වලිය දරුණුවටම ගිය හින්දද මන්දා බස් එකත් කොහොමහරි පාර අයිනේ නවත්තලා තිබුනා...
ඇතුලේ හිටිය කෙල්ලො ටික පන බයේ අස්සට ගුලි වෙලා ඉද්දි කොහොමහරි දිනුම අපේ පැත්තට ආවා...

අර කලින් කට ගහගෙන ආපු බණ්ඩාරවත්තේ එකා නම් හීක් ගාගන්න බැරුව ඉන්නවා.. පව් අප්ප එක අතකට මුන් ඉල්ලගෙනමනේ කෑවේ...

" බණ්ඩාරවත්තේ එකෙක් මේ බස් එකේ ඉන්න බෑ.. ඔක්කොම ටික එලියට දාපන් කෙල්ලො ටික විතරක් තියලා...

සහිරුව අන දුන්න සනික අපි සෙට් එක බණ්ඩාරවත්තේ ඉස්කෝලේ එකා එකා ගානේ එලියට ඇදලා දැම්මා... ඒ අස්සේ මං දැක්කා බණ්ඩාරවත්තේ කොල්ලෙක් අපේ එකේ කොල්ලෙක් පිටි පස්සට වෙලා හැංගිලා හිටියා...

"මූ යකෝ"

මෙහාට වරෙන් පොඩි එකා උබත් බැහැපන් මේකේන්... මං එක පාරම ඌව ඇදලා ගන්න යද්දි එක පාරටම කෙනෙක් මාව නැවැත්තුවා...

විස්වාස කරන්න...
මාව එකපාරටම ගල් වෙලා ගියා වගේ..
මෙච්චර කාලයක් කිසිම කෙනෙක්ට හොල්ලන්න බැරි උන මගේ හිත..
නමක්වත් නොදන්න ඒ ඇස්වල අයිතිකාරයා නිසා
වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා...
ලබ්...ඩබ්...ලබ්...ඩබ්....
ඒ දුඹුරු ඇස් වල කියාගන්න බැරි හැගීමක් පිරිලා තිබ්බේ...
මොහොතක් මන් ඒ ඇස් දිහා වශී වෙලා වගේ බලන් ඉද්දිම එයා මං දිහා බලන් කතා කලා...

" එපා එයාව අරන් යන්න"

......................................

සැබෑ චරිත සමග කිසිදු සම්භන්ධයක් නැත...

Ruth


You are reading the story above: TeenFic.Net