Xiao Zhan 5 කොටස

Background color
Font
Font size
Line height


" ඔයා ආයෙත් ඇවිත්. මොකෝ??. යන්න තැනක් නැද්ද??.. " Xiao Zhan ලෙස වෙස්වලාගත් මිනිසා අපහාසයෙන් ඇසුවේය.

Yibo හති දමමින් සිටියේ ඔහු දුවමින් මෙහි පැමිණි නිසයි. ඔහුගේ කඳුළු දැනටමත් වේලී ගොසින් ය.

මේ මිනිසා ඔහු ළඟට ඇවිද ආවේය. කපටි සිනාවක් ඒ මුහුණේ විය.

" දැන් ඔයාගේ වැරැද්ද තේරුණා නේද?.. ඒක හොඳයි. වැරැද්ද දන්නවනං ඔයාට දැන් ඒක හදාගන්න පුළුවන්. මෙහෙ එන්න වැඩකට නැති නිකමා. ඇවිත් මාව සතුටු කරන්න. ඔය ජරා ඇඟෙන් අපි ප්‍රයෝජනයක් ගමු. "

ඔහු Yibo ස්පර්ශ කිරීමට ළං විය.

" තමුසෙගෙ ඔය ජරා අතින් මාව අල්ලන්න එපා!! " Yibo ඔහුගේ අතට ගැසුවේය.

ඒ මිනිසා කෝප විය. කෝපයෙන් දෑස රතු විය.

නමුත් Yibo එය ගණනකටවත් ගත්තේ නැත. ඔහු තවදුරටත් බිය නැත.

" මට කියන්න ඇයි ඔයා එහෙම කරේ කියල.. මට කියන්න ඇයි අපිව හැප්පුවේ කියලා... මට කියන්න ඇයි මගේ මහත්තයා මැරුවේ කියලා " Yibo කෑ ගැසීය.

මිනිසා මවිත විය.

"එහෙනම් ඔයා ඒ ගැන දැනගත්තා.. "

" මට කියන්න ඇයි කියලා!.. මට කියන්න!! " Yibo කෑගසමින් ඔහු වෙත ලංවිය.

ඊළඟට මිනිසා එය ඉතා සරල පැහැදිලි දෙයක් මෙන් මෙසේ කීවේය.

" මොකද මට ඔයාව ඕනේ උනා වුණා. ඒත් ඔයා මං ගාවට ආවේ නෑ.. මට මොන හරි ගන්න බැරි නම් මම ඒක විනාශ කරනවා. ඒක තමා මගේ ප්‍රතිපත්තිය.. "

Yibo මිනිසා දෙස බලා සිටියේ ඉමහත් වූ මවිතයකිනි. කෙනෙකු මෙතරම් නපුරු වන්නේ කෙසේද??.. මෙතරම් ආත්මාර්ථකාමී වන්නේ කෙසේද??.. "

" කොහොමද? කොහොමද එහෙම කළේ??.. හිතක් පපුවක් නැද්ද??. දුක හිතෙන්නැද්ද??. වැරැද්දක් කලා කියලා දැනෙන්නෙ නැද්ද?.. ටිකක් වත් නැද්ද?? "

" මං මොකටද දුක් වෙන්නේ??. මං මොකද්ද කරපු වරද??. මට ඕනෙ දෙයක් මට ඕනේ වෙලාවට මට ඕන කෙනෙක්ට මම කරනවා.. "

අනුකම්පාව දැනීම මේ මිනිසාට අයිති නැති කුසලතාවකි. හරි වැරැද්ද වෙන්කර ගැනීම මේ මිනිසාට නැති හැකියාවකි.

තමා හැර වෙන අයෙකුට ආදරය කිරීම මේ මිනිසාට කළ නොහැකිම දෙයකි.

මෙ ලොව බුද්ධිමත්ම ජීවීන් වන මනුෂ්‍යයන් ලෙස අපට යම් උසස් හැකියාවක් ඇත. අන් අයකුගේ තත්ත්වයක් අපේ ජීවිතයට ආදේශ කර ගෙන ඔහුට හෝ ඇයට දැනෙන දේ දැනීමට දකින දේ දැකීමට අපට හැකියාවක් ඇත. නමුත් ඒ හැකියාව මේ මිනිසාට නැත.

මේ මිනිසා අමානුෂික වීය.
මේ මිනිසා මේ ලෝකයේ වූ සියලුම කෲරත්වයේ සම්මිශ්‍රණයක් විය.

Yibo මේ ව්‍යාජ Xiao Zhan සමග වසරක් ම ජීවත් විය. ඒ වසර තුළ Yibo ඔහුට සීමා මායිම් තොරව ආදරය කළේය. පරාර්ථකාමීව ආදරය කළේය. ආපසු කිසි දෙයක් බලාපොරොත්තු නොවෙමින් ආදරය කළේය. ආදරය වත් බලාපොරොත්තු නොවෙමින් ආදරේ කලේ ය.

නමුත් ඒ ආදරය මේ මිනිසාගේ ගල් වූ හදවත උණු කලේ නැත.

කිමද මේ මිනිසාට ගල් වූ හදවතක් තිබුණේ නැත. කිමද මේ මිනිසා මේ ලෝකේ වූ හදවතක් නොමැති ව ඉපදෙන අතලොස්සකින් එක් අයෙක් විය.

ආදරය බලගතු දෙයකි. ආදරය ආශ්චර්යයන් පහළ කරනු ඇත. ආදරය කිරීමට නොහැකි දෙය කරනු ඇත. නමුත් අමානුෂික මේ මිනිසා සහකම්පනයෙන්( empathy ) වූ පුද්ගලයෙකු බවට පත් කිරීම ඒ ලයිස්තුවට අඩංගු නැත. හදවතක් නැති මේ මිනිසාට හදවතක් ලබාදීම ඒ ලැයිස්තුවේ අඩංගු නැත.

ඒ මිනිසා ඔහු වෙත අඩියක් ළං විය.

" ඉතින් දැන් මොකක්ද ඊළඟට කරන්නේ ඔයා? පොලිසියට ගිහින් කියනවද මමයි ඔයාගේ හස්බන්ඩ් මැරුවේ කියලා..

ඒත් ඊළඟට මොකද වෙන්නේ? කවුද ඔයාව බලාගන්නේ? ඔයා දන්නවනේ ඔයා අනාථයෙක් කියලා. ඔයාගේ මිනිහාත් දැන් නෑ. ඔයාට මේ ලෝකේ දැන් කිසිම පවුලක් ඉතුරු වෙලා නෑ.

ඔයාට ඇත්තටම පුළුවන්ද තනියෙන් ඉන්න ?.. වෙන කෙනෙක්ගෙ ජීවිතයක කොටසක් නොවෙන එක දරාගන්න පුලුවන්ද?.. ඔයාට ඇත්තටම පුළුවන්ද කාගෙවත් කවුරුත් නොවී නිකන්ම නිකන් Wang Yibo විදිහට ජීවත් වෙන්න?. "

ඒ මිනිසාගේ හුස්ම Yiboගෙ මුහුනේ වැදෙන්නට විය.

" ඈතට යනවා!! "

Yibo ඔහුව ඈතට තල්ලු කළේය.

තනියම ඉන්න???

ඔහුගේ වේදනා දෙන හදවතත් සමගත් Yibo ට නම් සිතුණේ මේ වචන හාස්‍යජනක බවයි.

මෙතුවක් කල් ඔහු හැකි උපරිමෙන් කටයුතු කළේ තනි නොවී සිටීමටයි. ඔහු සිතා සිටියේ තනිවීම තමන්ට විය හැකි විශාල ම විනාශය බවයි.

නමුත් දැන් ඔහු පරිණතය. සැබෑ විනාශය යනු තනිවීම නොවේ. සැබෑ විනාශය සිදුවූයේ ඔහු ඔහුටම ආදරය කිරීම නතර කෙරු විටයි.

ඔහු දැනටමත් අපාය තුලින් ගොස් හමාරයි. එය හා සැසඳූ විට තනි වීම යනු සඳහන් කිරීමට තරම්වත් නොවටිනා දෙයකි.

ඔහු Xiao Zhan ට පොරොන්දුවක් විය. එමෙන්ම ඒ පොරොන්දුව ඔහුගේ ජීවිතේ තිබෙන තාක්කල් ඔහු රකිනු ඇත.

නැවත කවදාවත් ඔහු ඔහුගේ හදවත එය රැකීමට නොදන්නා අයෙකුට දෙන්නේ නැත.
නැවත කවදාවත් ඔහු ඔහුගේ කාලය වැයකිරීමට නොසුදුසු කෙනෙකු මත තත්පරයක්වත් නාස්ති කරන්නේ නැත.

Yibo දෙසට නැවතත් ඒ මිනිසා කඩා පැන්න අතර Yibo ඔහුව නැවතත් තල්ලු කළේය.

මෙවර බිම ඇද වැටෙන ඒ මිනිසා උලුක් වී තිබූ වලලුකර අල්ලා ගත්තේය. ඔහු පරුෂ වචනයෙන් Yibo ට දෝෂාරෝපණය කරන්න වුවත් ඒවා ඇසීමට Yibo නතර වූයේ නැත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගනිමින් Yibo ඔහුගෙන් ඈතට හනික දිව ගියේය.

ඇත්තෙන් ම මෙවරත් ඔහු පාලම මත නතර විය. නමුත් අද කවුරුන් ඔහු හා සිනා නොවී ය. අද කවුරුත් රත්තරන් කියා ඔහු ඇමතුවේ නැත. Yibo පසුතැවීම් සමග තනි වි ඇත.

Xiao Zhan තම සිරුර හැරදා ගොස් දැනට වසර දෙකක් ගෙවී ගොස්ය. නමුත් Yibo ඔහුගේ ආත්මය වෙනුවෙන් යාඥා වත් කළේද ?. තම ස්වාමි පුරුෂයා ඔහුව හැරදා ගොස්ය. නමුත් අඩුම තරමේ ඔහු වෙනුවෙන් සුදුසු අවමංගල උත්සවයක් කිරීමට වත් ඔහු දායක වීද?.

ඔහු මෙතුවක් කල් මොනවද කරමින් සිටියේ??

තමාගේ ජීවිතයට වඩා ඔහුට ආදරය කළ ඔහුගේ Xiao Zhan, ඔහු වෙනුවෙන් තමාගේ ජීවිතය පරිත්‍යාග කළ ඔහුගේ Xiao Zhan මෙලොව අතහැර ගොස් ය. නමුත් Yibo සිදු කළේ ඔහුට කවදාවත් ආදරය නොකළ කවදාවත් ඔහු ගැන සොයා නොබැලූ එසේම ඔහුගේ Xiao Zhan ඔහුගෙන් උදුරා ගත් මිනිසා සමඟ එකට ජීවත් වීමයි.

ඔහුගේ Xiao Zhan ලොව මිහිරිතම වචනවලින් ඔහුව ඇමතුවේ ය. නමුත් Yibo අර මිනිසාට ඔහුට පරුෂ වචනයෙන් ඇමතීමට අපහාස කිරීමට ඉඩ දුන්නේය.

ඔහුගේ Xiao Zhan ලොව ඇති සුන්දරම දේවල් පෙන්වීමට ඔහුව රැගෙන ගියේය. නමුත් Yibo තමාව නිවස තුළ හිර කර තබා ගැනීමට අර මිනිසාටයි ඉඩ දුන්නේය.

Xiao Zhan ඔහුට මැණික ලෙස අමතන විට Yibo අර මිනිසාට ඔහුට නිකමෙක් ලෙස ඇමතිමට ඉඩ දුන්නේය.

Yibo නිවසේ බර වැඩක් කළ සෑම විටම Xiao Zhan ඔහුට තරවටු කර ඊළඟ පාර අපි දෙන්නා එකට කරමු යැයි පවසන්නේ ය. නමුත් Yibo තමාගෙන් වහලෙකු සේ වැඩ ගැනීමට අර මිනිසාට ඉඩ දුන්නේය.

ඔවුන් ඔවුන්ගේ ම වෙන වෙලාවල් වල Xiao Zhan ඉතාම මෘදු විය. ඔහුට වේදනාවක් දැනේ යැයි බිය විය. Xiao Zhan එසේ රකින ලද ඒ සිරුර කාම ආශාව සදහා වූ භාණ්ඩයක් වීමට Yibo ඉඩ දුන්නේ ය.

ඔහුගේ Xiao Zhan ඔහු තෑග්ගක් බව ඔහුට සිත්ත වූ අතර Yibo තමා වදයක් බව සිත්ත වීමට ඒ මිනිසා ට ඉඩ දුන්නේය.

Xiao Zhan ඔහු වටිනාකම නම් කළ නොහැකි කෙනෙක් බව දැනෙන්න දුන්නේය. නමුත් Yibo තමාට කිසිම වටිනාකමක් නැති බව සිත්ත වීමට ඒ මිනිසාට ඉඩ දුන්නේ ය.

ඔහුගේ Xiao Zhan ඔහු මෙලොව පහළ වූ ආශ්චර්යයක් බව ඔහුට දැන්නුවේය. නමුත් Yibo තමා හුදෙක් මේ විශ්වයේ අත්වැරැද්දක් පමණක් බව සිත්ත වීමට මේ මිනිසාට ඉඩ දුන්නේය.

බිම දණ ගසාගෙන ම Yibo වැළපෙන්නට විය. පසුතැවීම දරාගත නොහැක.

තමාට ඇත්තටම ආදරය කළ අයෙකු වෙනුවෙන් කඳුළු සලන එක දිනයක් තමන්ව ලබා ගැනීමට නුසුදුසු මිනිසෙකු සතුටු කරමින් ගත කරන දින සීයකට වඩා වටින්නේය.

ඒ පසුතැවීමෙ හිර වී සිටි Yibo ට පොලිස් වාහන වල හෝන් නාදයන් ඇසුණේ නැත. තමා මෙතුවක් කල් ජීවත් වූ නිවස තුළට දිව යන දුසිම් ගණන් පොලිස් නිලධාරීන් දුටුවේ නැත.

එහි ජීවත් වූ මිනිසා ගේ අතට මාංචු දමා මිනීමැරීමට තැත් කිරීම සහ පැහැරගැනීම යනු චෝදනා මත අත්අඩංගුවට ගන්නවා දුටුවේ නැත.

පොලිස් බල්ලන් රැගත් පොලිස් නිලධාරීන් නිවස අසල සෑම තැනම දුවමින් මීට වසරකට පෙර පැහැරගත් වයස අවුරුදු විසි හය හැවිරිදි Wang Yibo සොයනා බව ඔහු දුටුවේ නැත.

නමුත් කවරෙකු හෝ ඔහුගේ නම කියා කථා කරනවා ඔහුට ඇසුණේය.

" Yibo .. Yibo.. මේ ඔයා නේද?.. Wang Yibo නේද? Zhan ගෙ husband නේද? "

Yibo ඒ දෙසට හැරී ය.

Zhan ගෙ වයසේ වූ තරුණයෙක් ඔහු ඉදිරියේ සිටගෙන සිටියේය. ඔහු හති දමමින් සිටියේ ය.

" Cheng ge?? "

ඔහුගේ අත අල්ලා ඔහුව පොළොවෙන් ඉහළට ඇද ගත් Zhuocheng ඔහුව තදින් වැළඳ ගත්තේය.

" දෙවියනේ.. ඔයා හොදින්!. දෙවියන්ට ස්තුති වේවා ඔයා හොදින්!!..

ඔයා.. ඔයා එකපාරට ඉස්පිරිතාලෙන් අතුරුදහන් උනා නේ. මං මෙච්චර කල් ඔයාව හැමතැනම හෙව්වා.

දෙවියනේ ඔයා හොදින්!! එහෙම නැත්නම් මං මොකක්ද Zhan ට කියන්නේ එයා ඇහැරෙද්දි.. එයා ඇහැරිලා ඔයා ලඟ හිටියෙ නැත්තං මාව ඉතුරු කරන එකක් නෑ. "

" ඇහැරෙද්දි " යන වචනය Yibo එතනම ගල් කළේය.

ඔහු Zuocheng ගෙ ග්‍රහණයෙන් මිදී ය.

" Cheng ge, ඇයි ඔයා කිව්වේ එයා ඇහැරෙද්දි කියලා? "

" Yibo ,, එයා... "

ඔහුගේ දුරකතනය නාද විය.

දුරකථන තිරය දෙස බලා සිටී Zuocheng ගෙ මුහුණ වෙනස් වෙනවා Yibo ට පැහැදිලි විය. එය තත්පරයක් ඇතුළත සතුටේ සිට සිට බියට ගමන් කළේය. දුරකථන තිරයේ,

" Hospital " යන වචනය සඳහන් විය.

දුරකථනය එසවීමේ සලකුණ මත ඇඟිල්ල තබන විට Zuocheng වෙව්ලන්නට විය.






යම් හෝරා කිහිපයකට පසුව.....

Beijing නගරයේ....

රෝහල ඉදිරියෙන් සුඛෝපභෝගී කාර් රථයක් නතර විය. දවසකට පෙර ඇදගත් ඇඳුමින් තවමත් සැරසී සිටි මිනිසෙක් car රථයෙන් එළියට පැන ආවේය.

ඔහු අඩමින් ඉකි ගසමින් රෝහල තුළට දුවන්නට විය. යා යුත්තේ කොහෙටද කියා ඔහු නොදත්තේය. car රථය ධාවනය කළ Zuocheng දෙස ඔහු හැරී බැලිය.

Zuocheng ද කලබලයෙන් විය. නමුත් ඔහු ඇඬුවේ නැත. ඉක්මනින් Yibo ළඟට ගිය ඔහු පාර පෙන්නුවේ ය.

විනාඩි පහකට පසුව ඔවුන් වාට්ටුවකට පැමිණියේය. එහි කෙළවර දෙසට Zuocheng ඇඟිල්ල දික් කර කාමරයක අංකයක් කී විට Yibo ඒ දෙසට දුවන්නට විය.

ඔහු ඉහත සඳහන් කළ කාමරය ඉදිරියේ නතර විය. කාමරය තුළ ද එළියෙ ද වෛද්‍යවරු මෙන්ම හෙදියන්ද පිරි සිටියෝය. කිමද යම් කිසි දෙයක් ඒ කාමරය තුළ සිදුවී තිබුණි.

Yibo ගෙ හදවත මහ හඬින් ගැසෙන්නට විය. එය අස්ථි කූඩුවෙන් පනින්නට සූදානම් වෙනවා මෙන් ය.

දොර ඉදිරියේ සිට ගත් ඔහු කාමරය තුලට බැලීය.

ඒ කාමරය තුළ, එහි ඇඳ මත සුදුමැලි වූ මිනිසෙක්... තොල යට ලපයක් තිබූ මිනිසෙක් වැතිරී සිටියේය.

හෙදියන් ඔහුගේ ඇඟට සම්බන්ධ කර තිබූ බට ඉවත් කරමින් සිටියෝය. ඔක්සිජන් බටය ද ඉවත් කළෝය. ඒවා තවත් අවශ්‍ය නොවීය.

Yibo එහි සිට ගෙනම සිටියේ ඔහුගේ අවසරයෙන් තොරව ම කඳුළු කඩා වැටෙන විටයි.

Yibo තම ස්වාමි පුරුෂයා දෙස බලා සිටියේය.

ඒ ස්වාමිපුරුෂයා....

ඒ ස්වාමි පුරුෂයා.......

ඒ ස්වාමිපුරුෂයා ....... සොදුරු සිනහවක් රැගැති මුහුණකින් ඔහු දෙස බලා සිටියේය.

ඒ තොල් පෙති සෙලවූයේ වචන ටිකක් කොදුරමිනි.

" මගේ රත්තරන්.. "

ඒ ඇඟිලි සෙලවුණේ ය. ඒ දෑත් සෙලවුනේය.

ඒ දෑත් පුලුවන් තරම් ඈතට දුරස් විය.

Xiao Zhan කොදුරුවේය.

" මං ලඟට එන්න රත්තරං.. මං ලඟට එන්න.. "

ඔහු වෙත දිවීමට Yibo ට ඒ ධෛර්යය ප්‍රමාණවත් විය.

Yibo ඔහුගේ දෑත් මතට තුරුල් වන විට මෙවරත් ඔහුව ස්පර්ශ කිරීමට නොහැකි වේ යැයි Xiao Zhan බිය විය.

ඉතින් ඔහුව දැනනා විට Xiao Zhan හුස්මක් පිට කළේය. ඔහුගේ ලෝකය ආයෙත් ඔහු ළඟයි. ඔහුගේ ජීවිතය ආයෙත් ඔහු ළඟයි.

Yibo Zhanගෙ පපුවේ මත කන තැබිය. එය වේගයෙන් ගැසෙනා හඩ ඔහුට ඇසී ය.

Xiao Zhan මෙහි සිටින්නේ ය. Xiao Zhan ජීවත් වන්නේය. Xiao Zhan ඔහු සමග සිටින්නේය...







🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡

ආයේ දවසකින් එන්නම්...
2022.09.02

LanLoveXian


You are reading the story above: TeenFic.Net