මේක Fiction එකක් එච්චරයි මම කියන්නෙ😂 හායි බබාල අද බෝනස් එකක් දෙන්න හිතුව 🤭
Jimin's Prov :
ජන්ග්කුක්ව මරන්න තරම් කේන්තියක් මට ආව.ටේට වයින් බොන්න බෑ.ඒත් ජන්ග්කුක් ඉස්සරහ ලැජ්ජ වෙන්න් බැරි කමට මේ මෝඩයත් බොන්න ඇති.ඒක එක අතකින් ජන්ග්කුක් දන්නෙ නෑනෙ.ඒත් ගිහින් දාන්න ගියා නම් මොකටද ගෙදරට ගියෙ.ටේ එක්කත් මට පුදුම් කේන්තියක් ආවෙ.මම එහම්ම මගෙ කාර් එක අරන් එවල තිබ්බ ලොකේශන් දීල උපරිම වේගෙන් පිටත් උනා.අන්තිමට නතර උනේ පාළු මූසල හොල්මන් බංගලාවක් වගේ ගෙයක් ගාව.මම දෙපාරක් තුන්පාරක් හයියෙන් කතා කරත් දොර ඇරුනෙ නෑ.පස්සෙ දොරට අත තියද්දිම නිකම්ම දොර ඇරුන.
වට පිට බැලුවත් මම ටේවත් ,ජන්ග්කුක්වත් දැක්කෙ නෑ.ඒත්.....ඒත්! මට ඇහුණ කවුද කෙදිරි ගාන සද්දයක්! ඒ ටේ! මට ඒක අදුර ගන්න වැඩි වෙලා ගියෙ නෑ.අනිවාර්යයෙන් මොකක්ම හරි වෙනව.මම පිස්සෙක් වගේ ඒ සද්දෙ දිහාට දිව්ව..එහෙම දුවද්දි එක කාමරයක් ගාව නතර වුණ මට දැක්ක දෙයින් සිහිය නැති වෙන්න ආව!! මගෙ ටේ!!
ටේගෙ ඇගේවත් ජන්ග්කුක්ගෙ ඇගේවත් නූල්පටක් නෑ! මම ආව තරහට ජන්ග්කුක්ව අල්ලන් හොදටම ගැහුව.මට ඌව මරන්න පුළුවන්! මම දැක්ක ඒත් එක්කම ටේ අමාරුවෙන් නැගිටින්න හදනව.මගෙ අහිංසකය! ටේ කියන්නෙ මාව පොඩි කාලෙ ඉදල බලාගත්ත කෙනා.අපි දෙන්නගෙම දෙමවුපියො නෑ.ටේ ට්‍රේනර් කෙනෙක් විදිහට ඉද්දි මම බිග් හිට් එකේ ඕඩියෝ ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කලේ.පොඩි සැලරි එකකට දවසට වේලක් කාල මම අමාරුවෙන් ජීවත් උනේ.ඒත් ටේ මට වඩා දුක් වින්ද.ට්‍රේනර්ස්ලට ඒ දවස් වල සැලරි එකක් දුන්නෙ නෑ ඩෙබියුට් වෙනකම්.ඉතින් මම කොච්චර අමාරුවෙන් උනත් ටේව මගේ රූම් එකේම නවත්තගෙන කොහොම හරි ජීවත් උනා.ටේගෙ හිත ගොඩක් හයියයි.ඒක නිසාම පොඩි කාලෙකින් එයා ලෝකයක් දන්න අයිඩල් කෙනෙක් උනා.එදා ඉදල එයයි මාව බලා ගත්තෙ! මට ඒ දේවල් මැවිල පෙනුන.
මේ තිරිසනා මගෙ ටේව!! මම ආව කේන්තියට ලග තිබ්බ ග්ලාස් එකක් අරන් ජන්ග්කුක්ට දමල ගැහුව.එක අතකින් මම නිසයි මේක උනේ.මමයි ටේට වද කරේ මාව එක්කන් යන්න කියල.ඇස් වලින් කදුළු බේරෙද්දි මම ටේ ගාවට ගියා.බෙල්ල පුරා දම්පාටට ලව් බයිට්ස්.මම ඇදගෙන හිටපු ලොකු හූඩි එක ටේට අන්දලා එයාව හරහට වඩාගෙන ආවෙ හිතින් සිය දහස් වාරයක් සමාව ඉල්ලද්දි ! ජන්ග්කුක් ග්ලාස් එකෙන් වැදිච්ච පාරට ලේ පෙරන් දොර ගාව වැටිල හිටිය.මට කිසිම අනුකම්පාවක් දැනුනෙ නෑ. මම එහෙම්ම ජන්ග්කුක්ට පයින් ගහන් ආවෙ මගෙ ටේට කරපු දේට පළි ගන්න හිතන්.
මම ටේව පරිස්සමට කාර් එකෙන් තියල ගෙදර ආව.ටේට දැන්නම් ටිකක් සිහිය තිබ්බත් ටේව වඩාගෙනම බාතෲම් එකට ගියෙ එයාව වොශ් කරන්න හිතාගෙන.ඒත් එක්කම ටේ කතා කරා.
"ජිමින්..න්..නා ඔයා කොහොමද එතනට ආවෙ? "
"ශ්ශ්ශ්ශ් දැන් කට වහගන්නකො.මට ඒ නරුමය කීව ඔයාට සිහිය නෑ කියල.ඒත් ඇයි ටේ ඔයා..! ඇයි ඔයා ඒක බීවෙ බොන්න බෑ කියල දැන දැනත්.අනික මොන මගුලකටද ගේ ඇතුළට ගියෙ.ඇයි ඒ වගේ නරුමයෙක් අතින් විනාස උනේ? ඇයි දෙයියනේ ඇයි???!!!! මට කොච්චර කේන්තිද දන්නවද! මට මං ගැනමයි කේන්ති.මම නිසයි ඔයාට මෙහෙම දෙයක් උනේ.මට මාවම මරාගන්න හිතෙනව.ඒ නරුමය ඔයාව විනාස කරා ටේ..ඇයි මම එන්න පරක්කු උනේ..!" මට අන්තිම ටික කියද්දි ඉකි ගැහුනෙ මෙච්චර වෙලා හංගන් හිටපු කදුලු එළියට පනිනවත් එක්කමයි.
ඒත් එක්කම ටේ එයාගෙ අත මගේ කම්මුල් වලින් තියල බාත් ටබ් එකේ ඉද ගත්ත.
"ජිමිනාහ්හ් ඔයා පරක්කු නෑ.හැමදාම වගේ ඔයා හරිම වෙලාවට ආවෙ.මට එහෙම දෙයක් උනේ නෑ.ඔයා ආවෙ හරිම වෙලාවලට ජිමිනී..ඌට බැරි උනා මාව විනාස කරන්න.ඔයාගෙ ටේ ටේට එහෙම දෙයක් උනේ නෑ මැණික දැන් අඩන එක නවත්තන්නකො.මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.කෝ අඩන්න එපා"
"මොකක්ක්ක්!! ඒ කියන්නෙ ටේ😳"මම ඇහුවෙ ඒක ඇත්තමද අහන්න.
"ඔව් ජිමිනී..එහෙම දෙයක් වෙන්න යද්දිමයි ඔයා ආවෙ.මට නැගිට ගන්න ඕන උනත් පණක් තිබ්බෙ නැහැ."
මට කොච්චර සතුටු හිතුනද කියල කියන්න මට වචන නෑ.මගෙ ටේ! මගෙ soulmate !! ආව සතුටට මම පැනල ටේව බදාගත්ත.
"ජිමිනී..."එයා කීවේ එයාගෙ උරහිසේ තිබ්බ මගෙ ඔළුව අත ගාන ගමන්.
" මට වෙන කාගෙවත් වෙන්න ඕන නෑ.ඔයාට කියන්න තරම් මට හයියක් තිබ්බෙත් නෑ.වෙන කාගෙ වෙන්නත් කලින් මට ඕන ඔයාගෙ වෙන්න ජිමිනී.." මම පුදුමෙන් වගේ ටේ දිහා බැලුවෙ.ටේට දෙන්න බැරි දෙයක් මගේ ජීවිතේ මට තිබ්බෙ නැහැ.ඉස්සරහටත් නැහැ.මේ දවසට මම කලින්ම ලෑස්ති උනා.හැබැයි මෙච්චර ඉක්මනට නෙවෙයි.ටේ නොදන්න දෙයක් එයාට කියන්න මටත් තිබ්බ.හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි.මම එයාගෙ තොල් මගේ තොල් වලින් අල්ල ගත්තෙ එයා අහපු දේට උත්තරක් වගේ...
"මගේ ටේ ටේ..I'm always yours!! Take me now..එහෙම කියල මම ලැජ්ජාවෙන් ටේගෙ උරහිසේ මූණ හංග ගත්ත.
මගේ හැමදේම පළවෙනි වතාවට මගේ ඔම්ම,අප්ප වගේ උන,මගේ හොදම යාළුවා,මගේ soulmate වගේම මගේ ජීවිතේ වටිනම කෙනා වෙනුවෙන් දෙන්න ලැබුණ එකට. මට ඇවිදින්න අමාරු උන නිසා ටේ මාවත් වොශ් කරල මාව උස්සගෙනම ඇවිත් මට තුරුළු වෙලා නිදා ගත්ත.මගෙ මුලු හදවතම සතුටින් පිරිලයි තිබුනෙ..
See you soon
Hi බබාල..දැන්ම ශිප් එක තීරණය කරල පස්සෙ මාව මරන්න ලෑස්ති වෙන්න එපා.ඔන්න කලින්ම කීව 😪 මට ලැජ්ජයි මං යනව හැංගෙන්න 😅 ඔයාලගෙ අදහස් කියන් යන්න.
පරිස්සමින් ඉන්න
ILYSM❤️
-Min Seok-
You are reading the story above: TeenFic.Net