Chapter 11

Background color
Font
Font size
Line height

"නූනා!!! "

ගොඩ වෙලාවක ඉඳන් තේහි එනකන් බලන් හිටපු ජීමින් ගිහින් කෙල්ලගේ ඇගට පැන්නේ කෑ ගහගෙන..

"ආව් ජිමින්!"

"නූනා අර කවුද "

තේහිට උත්තර දෙන්න හදා ගත්තු කටින්ම, ජීමින් ඇහුවේ යුංගි දිහත් උඩ ඉඳන් පහළට බලන ගමන්...

"ආහ්... මේ-"

"මම ටේහියුන්ග්ගේ යාලුවෙක්,
ඒ වගේම මන් ජංගුක් ගෙ කසින් කෙනෙක්!!! "

තේහිට කියන්න නොදී යුංගි කියලා දැම්මේ ඇඳන් උන්නු ට්‍රවුසර් එකේ සාක්කුවට අත් දෙකත් දාගන්න ගමන්මයි!!!

"හියුන්ග් ගෙ යාලුවෙක් ද! "

"කොහොම ද තේහියා!!
කාලෙකින් නේද!!!
අපේ කෙල්ලව අර ඇල්ෆා ජංගුක් හොඳට බලාගන්නව නේද!!"

ඒ ජුන්හෝ,
ටේහියුන්ගේ ළඟම නොවුණත් කොල්ල යම් තරමක් දුරට ජංගුක් ගෙන් පස්සේ යාලු කමක් පවත්වපු කෙනෙක්,
ටේහියුන්ග් ගෙ මරනෙන් පස්සේ තේහිව ජංගුක්ට භාර වෙද්දී, ජීමින්ව බාර උනේ ජින්හෝට!!

එ තමන් ගෙ නායකයාට කරන ගරු කිරීමක් වශයෙන් වගේම,
පැක් එකට ඉන්න අනාගත ඇල්ෆා වෙන්න ඕනවටත් වඩා සුදුසුකම් තිබුණු අන්තිමයා උනු ජිමින්ව රැක ගන්න.
මොනදේ උනත් මූන්ලයිට් එකේ අයගේ හිත්වල හරිම අහිංසක බලාපොරොත්තුවක් තියෙනව කවද හරි ජීමින්, ජංගුක්ට පවරපු මූන් ලයිට් පැක් එක ආයේ අර ගනියි කියලා!

මුල් ටික කෙල්ල දිහා බලාගෙන කියපු ජුන්හෝ අන්තිම ටික කියන්න හැරුණේ යුංගි දිහාට...

යුංගි මුකුත් නොකියාම ගේ ඇතුලට ගියේ එයා ට වතුර බොන්න ඕන කියලා..

"තේහියා ඔයා එහෙ හොඳීන් ද ඉන්නේ!!!
ඔයා ට එහෙ හොඳයි ද...
එයාල ඔයා ට වෙනසක් කරාද!!!!"

"අනේ නැ ඔප්පා!
එයාල මට හොඳට සලකනවා....
ඒ වගේම ජංගුක් උනත් "

"එහෙමද.... අපේ තේහි ඉන්නේ සතුටින් නම් එච්චරයි"

ජංගුක් ගෙ පැක් එක එකේ ඉන්න, කිසිම දවසක මූණක් බලලා හිනා වෙන්නේ නැති අය ලඟදී,
තේහිට එයාගෙ පැක් එකේ අයව ගොඩක් මතක් උනා, කෙල්ල ගොඩක් ආදරේ කරපු, කෙල්ලව හැමොටම රැජිනක් උනු කෙල්ලගෙ මුන් ලයිට් පැක් එක වගේම එ අයගේ හිනා පිරුණු මූණු නැතුව කෙල්ලට ගොඩක් වෙලේට, කඳුලුවල පහස කම්මුල්වලට දැනුනු වෙලාවල් තිබුනා.....

__________________________________________________

"ජංගුක් ඔප්පා ඇයි මේ ඔයා අද කම්පැනි එකට යන්නෙ නැද්ද"

තේහි ගිහින් ටික වෙලාවක් ගියත් ජංගුක් තාමත් ලිවින්ග් රූම් එකේ ඉඳගෙන යුංගි තේහිගේ අත අල්ලගත්තු හැටිත්, ජංගුක් නොදන්න යුංගි දන්න තේහි ගිය ගමන ගැනත් කල්පනා කර කර හිටියේ සුයා ඇවිත් ජංගුක් ලගින් වාඩි වෙලා කම්පැනි එකට එයාවත් එක්කන් යන්න ඇවිටිලි කරද්දියි.

"අද බැහැ වගේ සුයා!"

සුයාට කෙටියෙන් උත්තර දුන්නු ජංගුක් පඩිපෙලත් නැගගෙන රූම් එක පැත්තට යන්න ගියේ ෂර්ට් එකේ බොත්තම් එකින් එක පන්නන ගමන්...
_____________________________________________

"නූනා!!"

"ම්ම්!!! "

"මට ඔම්මයි, අප්පායි ඔතක නැ...
ඒත් මන් දන්න මගේ ඔම්මයි අප්පයි, ඔයාලා දෙන්න, ඒත් දැන් මන් ළඟ ඔයාලා දෙන්නත් දැන් නැ,
හියුන්ග් නම් ආයේ එන්නේම නැ!
එයා මේ ලෝකේත් නැ,
ඒත් නූනා!!
ඔයා ඉන්නවා, හැබැයි මන් ළඟ නෙමේ.... අනේ මගෙන් ඈතට යන්න එපා නූනා, මට ඕන නූනා ළඟ ඉන්න,
මට... මට හැම වෙලේම හිතෙන්නේ මට කවුරුත් නැ කියලා,
ජීන්හෝ හියූන්ග් හිටියට, මට ඕන මගේ නූනව විතරයි!
නූ.......... "

ජීමින් එක හුස්මට කියාගෙන ගියත්,
අන්තිම ටික ඉකියක් උනේ, තේහිගේ ඇස් වලින් එකදිගට වැටෙන,
කම්මුල් වල ගලාගෙන යන කඳුලු කැට කොල්ල දැක්ක නිසා
නූනා අඩන්නෙපා කියලා කියන්න ගියත් ඉට ඉස්සර උනු තේහි, ජිමින්ව තමන්ගේ තුරුලට ඇද ගෙන හයියෙන් බදා ගත්තෙ, මහ වේදනාවකින්

" ඔයා දන්නවද ජීමින් මංමේ ලෝකේ ආදරේ කරන්නේ ඔයාට විතරයි ජිමින්, මට මගේ කියලා ඉන්න එකම කෙනත් ඔයා විතරයි තේරුනා ජිමින්! "

කෙල්ල කොච්චර උත්සහ කලත් කෙල්ලට එයාගෙ කඳුලු නම් නවත්ත ගන්න පුළුවන් උනේ නැ. ඒවා කෙල්ල ට කීකරු උනෙත් නැ...
ජිමින්, එයා එයාගෙ පුරුද්ද අතාරින්න කොච්චර අකමැතිද කියනවනම් එයා දැනුත් හිටියේ එයාගේ නූනාගේ  පපුව උඩින් ඔලුව තියා ගෙනයි.
ඇත්තටම කෙල්ලගේ සුවඳ ජිමින්ව සන්සුන් කලා..

තාම වයස අවුරුදු දහනවයක් උනත් කොල්ලගේ ජීවිතේ මහ ගොඩක් දේවල් කොල්ලට නැති උනා
ඉතින් කොල්ල භය උනා එයාට කියලා ඉතුරු එකම දේ උනු එයාගෙ නූනව නැති කර ගන්න...
එයා ට මෙවා බරබැඩියි!! ගොඩක්!!!

ටිකක් දුරින් වෙන්න තිබුණු පඳුරක් අස්සේ
තිබුණු තද රතු පාට ඇස් දෙකක් මේ
ආදරනිය කිම් සහෝදරයෝ දිහාවට ගොඩ වෙලාවක ඉඳන් යොමු වෙලා තියෙනවවත්, ඒත් එකපාරටම ඒ අස් දෙක අදුරු කැලෑව අස්සේම නැති වෙලා යනවාවත්, කවුරුත් දැක්කේ නැ...

හැම දුකක්ම කඳුලුවලින් තාවකාලිකව හෝදලා දාපු මේ කිම් සහොදරයෝ දෙන්න දැන් සෑහෙන වෙලාවක ඉඳන් එකිනෙකාගේ උනුහුමේ...

"නුනා!!!"

"හ්ම්! "

"මන් කිව්වේ, ඔයාගෙ මෙවා උඩ ඔලුව තියන් ඉන්න කොට හරි සනීපයි!!!
ඔම්මා කෙනෙක් ගාව ඉන්නවා වගේ "

තේහිගේ පපුවට මුණ හේත්තු කරන් උන්නු ජීමින් ඇඟිල්ලක් දික් කරලා පෙන්නුවේ කෙල්ලගෙන් පපුව!!!

"ඔම්මලා ගාව මීට වඩා සනීපයි ජීමින්!!! "

"එහෙනම නැ!!
නූනා ගාව තමා සනීපම...!!!"

" එක නෙමේ නූනා අර ජංගුක් ඔයාගේ මේවාට මොනා හරි කලාද!!!??? "

" යා ජීමින්!! "

" මොකද!!
එයා තමයි කිව්වේ, එදා
අද රෑට මන් තමුසෙ ගේ නූනාට වැඩක් කරනවා කියලා!!! "

ජීමින් කිව්වේ ජංගුක් වගේ රගපාන ගමන්, එ වගේම ජංගුක්ට ඇද කරන ගමන්...

"මොකක්! එයා එහෙම කිව්වද?? "

" නැත්තන්!!!
නූනා ඇත්තටම මොකක්ද ඌ එදා රෑ ඔයා ට කරේ ඈහ්"

" යාහ් ජීමින් එහෙම මුකුත් උනේ නැ... පොඩ්ඩක් ඉන්නවා තමුසෙ තාම පොඩියි!! "

" අනේ යන්න නූනා!! ඕඕඕ මෙන්න මෙයා රතු වෙලාහ්!!!! "

"යාහ්හ්!! ජීමින් මම අද... ඉන්නවකෝ හොඳ වැඩක් කරන්න!! "

ඇත්තටම ජිමින්ට ඕන උනේ නැ තේහිව දුකින් යවන්න!!! ඒක නිසාමයි කොල්ල තේහිව තරහගස්සලා දිව්වේ!
තේහිත් ජීමින්ගේ වයසට වැටිලා කොල්ල පස්සේන් දිව්වේ කෑ ගහන ගමන්....

__________________________________________________

" ජීමිනා!! නුනා ආයේ ඔයාව බලන්න එනකන් පරිස්සමෙන් ඉන්න හරිද!
ඕන නැති වැඩ කරන්න යන්න ගිහින් අතක් පයක් කඩා ගන්නකෝ!!"

"පිස්සුද නූනා!! මන් කවදද දැගලුවේ!!"

"අනේ ඒක තමයි!!!

" අනේ හරි හරි යනවකෝ!!!"

__________________________________________________.

" යුංගි ඔප්පා!!!
ගොඩක් ස්තුතියි... අද කරපු දේට!!! "

" ම්ම්!! "

" ඔයා ට කොරියන් බැරිද... නෑ මං අහන්නේ ඔයා වැඩිය කතා කරන්නේ නැ නේ ඒකයි"

ගොං හිනාවක් මුණට ගත්තු තේහි ඇහුවේ යුංගිගෙන්,

"ඒයි මට ඉංග්‍රීසී බැරි උනාට හොඳට කොරියන් පුළුවන් හරි ද!!"

එ දෙන්න වත්තේ ඉඳන් ටිකක් වෙලා කතා කර කර ඉඳල වෙන් උනේ, අන්තිමට යුංගි තේහි ගේ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සල කෙල්ලට අත වනලා ගියායින් පස්සේයි.

යුංගි එක්ක තේහි ගියේ කොහෙද කියලා හිතට වද දුන්නු නිසා තේහිගේ ජැස්මින් සුවඳ පස්සේ ඉව අල්ලන ගමන් වෘක ස්වරූපයට හැරුනු ජංගුක් කැලේ මැද්දේ ටික දුරක් ගිහින් නැවතුනේ තේහිගේ කට හඩට.
ඇල්ෆා දැක්කා බරසාර කතාවක ඉඳපු තේහිව වගේම ජිමින්වත්.
එයාලගෙ කතාවටත් කන් දීපු ඇල්ෆා ආයේම පැක් හවුස් එකට ආවේ හිතේ තිබ්බ අමුතු බරක් නැති වෙද්දී..

තේහි එනකන් බැල්කනි එකට වෙලා බලාගෙන උන්නු ජංකුක් දැක්කේ, කෙල්ල යුංගි එක්ක හිනා වෙවී කතා කරපු හැටි.
ඒත් එක්කම ජංගුක්ගේ අතේ තිබුණු බියර් ටින් එක එහෙමම කොල්ලගේ අතට පොඩි උනේ කොල්ලවත් නොදැනීමයි.

ජංකුක් බැල්කනි එකේ ඉඳන් බලන් ඉන්න බව දැකපු යුංගි කෙල්ල එක්ක තව, තව කතාවට හවුල් උනා

"තේහි!!
තමුන් අද දවසෙම කොහෙද හිටියේ?"

ජිමින් කියපු සමහර දේවල් මතක් කරන ගමන් තනියෙම හිනාවෙන ගමන් රූම් එක ඇතුලට ආපු තේහි ඉස්සරහට ආපු ජංගුක් නිසා කෙල්ල බයටම වෙව්ලන්න ගත්තා..

"ඇ.... ඇල්ෆා!!"

"කියනවා මට කොහෙද ගියේ තමුසෙ!! "


You are reading the story above: TeenFic.Net