Chapter 06

Background color
Font
Font size
Line height

ජිමින්ගේ වචන ඉස්සරහ තේහි ගොලු වුනේ ඒ ලස්සන මතක හිත අස්සේ හොල්මන් කරපු නිසා.තමන්ගේ චූටි මල්ලි සුසුම් ලද්දි කෙල්ලට පුලුවන් වුනේ කොල්ලගේ කොන්ඩේ අතරේ තමන්ගේ ඇගිලි යවන්න විතරයි...

"මට ජන්ගුක් හියුන්ග් එක්ක ඊරිසියයි වගේම තරහයි !! "
ජිමින් එහෙම කිව්වේ කෙල්ලගේ පපුවෙන් ඈත්වෙලා මූනත් නරක් කරගෙන..

"එයා මගේ නූනාව මගෙන් ඈත්කරපු එකට මට තරහයි !!
නූනාගේ උනුහුම හැමදාම හියුන්ග්ට හම්බෙන එක ගැන මට ඊරිසියයි !!

නූනාගේ මෙව්වා හරි සොෆ්ට් අප්පා !!
අර මහලොකු ඇල්ෆා හියුන්ග් ඔව්වා උඩ හැමදාම සැපට දොයියනවා ඇති නේද ?!!"

ජිමින් කලින් කියපු දේට ඇයි කියලා අහන්න වග මූනක් කෙල්ල ජිමින් දිහාවට පාද්දි කොල්ලා එහෙම කිව්වේ ඇසුත් කරකව කරකව කෙල්ලගේ පපුව දිහාවට ඇගිල්ලකුත් දික්කරගෙන..

"යාහ් මෝඩයෝ !!
මොනවද ඔය කියවන්නේ !! "
තේහි කෑ ගැහුවේ තමන් දිහාවට දික්වෙලා තියෙන ජිමින්ගේ අතටත් පාරක් ගහලා කොල්ලට හොඳටම රවන ගමන්.

"බොරුද මන් කියන්නේ !!
ඔහොම ඉන්නකෝ මාත් හොයාගන්න නූනාට වගේ සොෆ්ට් කුක්කු තියෙන කෙනෙක්ව !!
එතකො - "

තරහෙන් වගේම ලැජ්ජාවෙන් රතුවෙලා පුපුරන්න ඔන්න මෙන්න ඉන්න තේහි දිහා බල බලම ජිමින් කරගෙන ගියපු කතාව නැවතුනේ ෆ්‍රිජ් එක ඇරුනු සද්දෙට.
ඇවිත් තිබුනේ ජන්ගුක් !!
කෙල්ලවනම් හොදටම රතුවෙලා !!
ජන්ගුක් ආව බව දැක්ක ජිමින් කරේ ඉක්මනට තේහි ගාවින් ඈත්වෙලා එතන තිබුනු ජූස් එක තොලගාන්න ගත්ත එක..
කෙල්ලත් පැන්ට්‍රි එකෙන් බහින්න හැදුවත් කෙල්ලට ඒකට වෙලාව මදි වුනේ ප්‍රෙෂ් මිල්ක් බෝතලයක් අතට අරගෙන කෙල්ලගේ පැත්තට හැරුනු ජන්ගුක් කෙල්ල දිහාවට එන්න ගත්තු නිසා.
ඉක්මන් අඩි තියලා තේහි ලගට ලන්වුනු ජන්ගුක් ෆ්‍රෙෂ් මිල්ක් එක පැන්ට්‍රි එක උඩින් තියලා කෙල්ලගේ ඇග දෙපැත්තෙන් තමන්ගේ අත්දෙක දැම්මේ කෙල්ලව තමන්ට මැදිවෙන විදියට.
තේහි හෙලවෙන්නෙවත් නැතුව එහෙමම ඉදිද්දි කෙල්ල ඉදන් ඉදපු තැනින් පිටිපස්සේ තිබුනු මග් එකකුත් ඊටම එහාපැත්තෙන් තිබුනු හැන්දකුත් අත් දෙකට ගත්තු ජන්ගුක් කෙල්ලගේ ලගින් මෑත් වුනේ ජූස් වීදුරුව කටේ තියාගෙන මේ දිහා බලන් ඉදපු ජිමින් දිහාවට කටකොනේ හිනාවක් දානගමන් ...

"තේහි බෑග් එක අරන් ඉක්මනට පහලට එන්න !! "

කෙල්ලගෙන් ඈතට ගියපු ජන්ගුක් මොකුත්ම නොවුනු විදියට මග් එකට ප්‍රෙෂ් මිල්ක් දාගන්න ගමන් කතාකරද්දි කෙල්ල කටත් ඇරගෙන ඔලුවත් උඩ පහල වනලා උඩට දුවගෙන ගියේ ජිමින් එතන ජන්ගුක් එක්ක තනිවෙද්දි.

_________________________________________

"එහෙනම් නූනා පස්සේ හම්බවෙමු !! "

කා(ර්) එකෙන් බැහැලා පැසෙන්ජර් ශීට් එකේ හිටපු තේහිගේ පැත්තේ වින්ඩෝ(ර්) එකෙන් එබිලා බලපු ජිමින් එහෙම කිව්වේ තේහිගේ කම්මුලකට චූටි කිස් එකකුත් දෙනගමන්...

"හරි පැටියෝ !!
පරිස්සමට ඉන්න !! "

ඊලගට එහෙම කියපු තේහිත් කොල්ලගේ නලලින් කිස් එකක් තිබ්බේ ඒක එයාලාට හුරුපුරුදු දෙයක් නිසා...
ඒක කිම් සහෝදරයෝ තුන්දෙනාට පුරුදු දෙයක් වුනාට මෙතන ඩ්‍රයිවින් ෂීට් එකේ ඉදගෙන බලන් හිටපු ඇල්ෆා ටනම් ඒක පුරුදු දෙයක් වුනේ නෑ වගේම එයා ඒකට වැඩි කැමැත්තක් දැක්වුවෙත් නෑ !!

ඒ නිසා අක්කයි මල්ලියි හරියට සමුගන්න කලින්ම ජන්ගුක් කා(ර්) එක ස්පීඩ් කරේ තාමත් ඈතට නොපෙනිලා යන ජිමින්ට අත වනන තේහි දිහාත් බලාගෙන..

"ඔහොම ඉන්න !! "

යුනි එක ලග නතර වුනු කා(ර්) එකෙන් බහින්න ගියපු තේහිව ජන්ගුක් නැවැත්තුවේ කෙල්ලගේ අතකිනුත් අල්ලලා.තේහි ජන්ගුක් දිහාවට හැරුනේ පුදුමෙන්.

"අද කීයටද යුනි ඉවර වෙන්නේ !! "

" හවස හයට ඇල්ෆා !!
අද ටිකක් හවස් වෙනකන් ලෙක්චර්ස් තියෙනවා "

"හ්ම් !!
මම ඒ වෙලාවට එන්නම් !!
මේ දවස් වල හවසට ඔමේගා කෙනෙක් තනියම කොහෙවත් යන එක එච්චර හරි නෑ !! "

"හරි ඇල්ෆා !! "

කොල්ලට හිනාවක් පාපු තේහි කා(ර්) එකෙන් බැහැල යන්න හැදුවත් තාමත් කෙල්ලගේ අත තදකරගෙන හිටපු ජන්ගුක්ගේ අත ඒකට ඉඩ දුන්නේ නෑ .

"ඇල්ෆා!! "

තේහි කොල්ලට කතාකරේ ඇස්වලින් තමන්ගේ අත කොල්ලට පෙන්නන ගමන් .
මෙච්චර වෙලා තේහි දිහා බලන් හිටපු ජන්ගුක් ඉක්මනට කෙල්ලගෙන් තමන්ගේ අත අරගත්තේ ඊට පස්සෙයි !!

_________________________________________

"ආයිෂ් !!
ටයර් පංචර් එකක් !! "

ජන්ගුක් ටයර් එකට පයින් ගහන ගමන් කෑගැහුවේ කෙල්ලත් ඒ සද්දෙට කා(ර්) එකෙන් බැහැලා එද්දි..

" මොකක්ද වෙලා තියෙන්නේ ඇල්ෆා!!"
තේහි තමන්ගේ කරේ තිබුනු බෑග් එකේ පටියත් අත් අතරට තදකරගන්න ගමන් එහෙම ඇහුවේ ජන්ගුක්ට හොදටම තරහ ගිහින් තියෙන බව කෙල්ලට තේරුනු නිසා.

"ටයර් පංචර් එකක් !!
මෙතන පෝන් එකට සිග්නලුත් නෑ !!
එක ටයර් එකකත් නෙමේ ටයර් දෙකේම !!"
ජන්ගුක් ටිකක් කේන්තියෙන් එහෙම කිව්වේ එයා හොදටම මහන්සියෙන් හිටපු නිසයි..

"දැන් කරන්න දෙයක් නෑ !!
මේ ටික අපි පයින් යමු !! "

හවස හයයි හතලිස් පහ විතර වෙලා තියෙනකොට ජන්ගුක් එහෙම කිව්වේ පැක් හවුස් එකට වාහනෙන් ගියානම් පැයකාලකින් වගේ යන දුරකින් එයාලා හිටපු නිසයි.හැබැයි දෙන්නට පයින් යන්නනම් පැය බාගයක්වත් යයි.
අවට හොදටම අදුරුවෙලා තිබුනේ කැලෑව මැදින් තිබුනු ඒ ගුරුපාරේ ලයිට් කනු නොතිබුනු නිසා..ඒක ජන්ගුක්ගේ පැක් හවුස් එකටම යන්න හැදුනු ලගම පාර !!ඒක නිසා කැලෑව ඇතුලට තිබුනු ඒ පාරේ මේ වෙලාවේ ජන්ගුක් වගේම තේහි ඇරෙන්න වෙන මනුස්ස පුලුටක්වත් තිබුනේ නෑ.

තමන්ගේ ඔෆිස් බෑග් එක කා(ර්) එකෙන් එලියට ගත්ත ජන්ගුක් පෝන් ෆ්ලෑෂර් එකත් ඔන් කරගෙන පාරදිගේ ඉස්සරහට ඇදුනේ තේහිත් කොල්ලගේ ලගින්ම යද්දි.
එහෙම යන අතරේ නොදැනුවත්වම කෙල්ලගේ අත ජන්ගුක්ගේ අතේ ගෑවුනේ දෙන්නා ඒ තරමටම ලගින් හිටපු නිසා ..
ඒ වගේ වෙලාවට තේහි කරේ ගැස්සිලා ඉක්මනට ජන්ගුක්ගෙන් මෑත්වුනු එක.
ජන්ගුක් මහන්සි වෙලා හිටපු නිසාම කොල්ලට ඒ ගැන හිතන්න හිත වෙහෙස ගන්නවත් පුලුවන් උනේ නෑ.කොල්ලගේ ඔලුව පුපුරන්න තරම් රිදුනා. ඒක නිසා කොල්ලා කරේ හිමින් සීරුවේ ඉස්සරහට ඇදුනු එක විතරයි.ඒත් එහෙම ටික දුරක් ඇවිදන් ගියපු ජන්ගුක් එකපාරටම කෙල්ලගේ අතකින් අල්ලගෙන තමන්ගේ පිටිපස්සට කරගත්තේ තේහිටත් නරකක සේයාවක් තේරෙද්දි !!

"රොගර්ස්ලා !! "

වටේටම ඉව කරනගමන් තමන් ලග හිටපු තේහිට විතරක් ඇහෙන්න කියපු ජන්ගුක් උඩින් දාගෙන හිටපු දිග බ්ලේසර් එක ගලවල තේහිට දෙනගමන් ෂර්ට් එකේ බොත්තමුත් ගලවන්න පටන් ගත්තේ හතරවටින් ඇහෙන සියුම් ගෙරවිලි එන්න එන්න වැඩිවෙද්දියි !!
ඇදන් හිටපු ෂර්ට් එකත් ගලවල තේහිට දීපු ජන්ගුක් තමන්ගේ බෙල්ට් එකත් බුරුල් කරන්න පටන්ගත්තේ වටේම ගැන හොද අවධානෙන්..

ඊලග තත්පරේ ජන්ගුක්වත් තේහිවත් වෘක රැලක් වටකරගනිද්දි උන් හැමෝම දිහා බලල ඊලගට ජන්ගුක් තමන්ගේ ඇස් යොමු කරේ තමන්ගේ පිටිපස්සේ හිටගෙන ඉන්න තේහි දිහාවට..
උන් හැමෝගෙම ඇස් තිබුනේ තේහි දිහාවට යොමු වෙලා..
ඒ ඇස් පිරිලා තිබුනේ ආශාවෙන් !!
එකේක පාටින් තිබුනු ඒ ඇස් හැම එකක්ම තිබුනේ රාගයෙන් පිච්චි පිච්චි !!
ජන්ගුක්ට තේරුම් ගන්න පුලුවන් වුනා ඒ හැම වෘකයෙක්ම ඇවිත් තිබුනේ තේහිගෙන් විහිදෙන සුවද නිසා කියලා... තේහි නොදන්නව වුනාට කෙල්ලගෙන් එන හනී මික්ස් වුනු රෝස් සුවද ජන්ගුක් ලග ඉද්දි හොදටම වැඩිවෙලා තිබුනා වගේම ජන්ගුක්ට විතරක් දැනුනු ජැස්මින් සුවදත් වෙනදටත් වඩා හොදටම වැඩිවෙලා තිබුනා...

ජන්ගුක් තත්පරයක්වත් නාස්ති නොකරම බෙල්ට් එකෙන් බුරුල් වුනු ට්‍රවුසර් එක පාත් කරේ තේහි බිම බලාගනිද්දි.ඒ එක්කම බිමට පාත්වුනු ජන්ගුක් තේහි ආයෙත් ඔලුව උස්සනකොට හිටියේ කලුම කලු එතන හිටපු රොගර්ස්ලා හැමෝටම වැඩියෙන් ලොකු ශරීරයක් තිබුනු වෘකයෙක් විදියට!!
ඇල්ෆා හරි ගාම්භීර පාටයි !!
පලවෙනී වතාවට ඇල්ෆව දැකපු තේහිට එහෙම හිතුනත් ඒ සිතිවිල්ල යටපත් වෙලා ජන්ගුක්ට මොකුත් නොවෙන්න කියන පාර්තනාව කෙල්ලගේ හිත ඇතුලට කා වැදුනේ ඇල්ෆා තමන් ඉස්සරහට එන රොගර්ස්ලා එක්ක සටන් කරන්න පටන් ගත්ත නිසා..
රොගර්ස්ලා දෙතුන් දෙනා ඇල්ෆාගේ පාරවල් නිසා බිම වැටුනත් ඇල්ෆටත් තුවාල සිද්ධ වුනේ එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා..

"ඇල්ෆා !! "

තේහිගේ බය පිරුනු කටහඩ හමුවේ කෙල්ල හිටපු පැත්ත බලපු ඇල්ෆා දැක්කේ තමන්ගේ ෂර්ට් එකත් බ්ලේසර් එකත් තුරුලු කරගෙන පිටිපස්සෙන් පිටිස්සට යන තේහි දිහාවට යන රොගර්ස්ලා දෙතුන් දෙනෙක් .තමන් ඉස්සරහ හිටපු අවසාන රොගර්ව බිම දාපු ඇල්ෆා වේගෙන් දුවන් ගිහින් කෙල්ලට ලන්වෙන්න හදපු රොගර්ස්ලාගේ ඇගට පැන්නේ විනාඩි කිහිපයක් ඒ ආරම්භ වුනු සටන පැවතෙද්දි ...
අවසානයේ බිම ඉදගෙන හිටපු තේහි ලගට ලන්වුනු තුවාල වෙලා හිටපු ඇල්ෆා මොහොතක් කෙල්ල දිහා බලන් හිටියේ මොන හැගීමකින්ද කියලා හිතාගන්න කෙල්ලට බැරිවුනා..
ඒ ඇස් රතුපාටින් දිලිසෙනවා.
ඒත් ඒ රතුපාට ඇස්වල තිබුනේ මීට කලින් රොගර්ස්ලා වෙනුවෙන් පිරිලා තිබුනු තරහව නෙවෙයි කියන්න කෙල්ලට හොදටම තේරුනා...
ටිකක් වෙලා ඇල්ෆා දිහා බලන් හිටපු තේහි තමන්ගේ අතේ තිබුනු දිග බ්ලේසර් එක ඇල්ෆගේ ඇගෙන් පෙරෙව්වේ ජන්ගුක්ට ආරාධනා කරන ගමන් !!
ටිකවෙලාවකින් ජන්ගුක් මනුස්ස ස්වරූපෙට එනබව දන්න තේහි කල්තියාම තමන්ගේ ඇස් දෙක වහගත්තේ තමන්ට මූන පාන්න වෙන අපහසුව මග ඇරගන්න.
තමන් ලගින් නුපුරුදු උනුහුමක් එක්කම තමන්ගේ අත් අතර රැදිලා තිබුනු ෂර්ට් එක ඇදිලා යනවා තේරෙද්දි ඇස් ඇරපු කෙල්ල දැක්කේ තමන්ගේ ඉස්සරහ බිමට පාත්වෙලා තමන් දිහා බලන් ඉන්න ජන්ගුක්ව..
කොල්ලගේ ඇස් විඩාවෙන් පිරිලා !!
නොකිව්වට කොල්ලා හිටියේ තදබල ඔලුවේ අමාරුවකින් !!

"ජන්ගුක් !!!

ඔයාට හොදටම තුවාලයි !! "

තමන් ඉස්සරහ නැමිලා හිටපු ජන්ගුක්ගේ මූන පුරාමත් ඇග පුරාමත් ඇස් යවපු තේහි දැක්කේ තවමත් ෂර්ට් එක ඇදගෙන නොහිටපු නිසා පෙනුන කොල්ලගේ අතක තිබුනු දරුනුවටම වැදුනු නියපොතු පාරක් !!
කොල්ලගේ පපුවේ වගේම මූනෙත් සියුම් සීරීම් වෙලා තිබුනත් කොල්ලගේ අතේ තිබුනු සිරීම ගොඩක් ගැබුරු වුනා වගේම තවමත් ලේ ගලමින් තිබුනා...
ඉක්මන් වුනු තේහි කරේ ඉක්මනට තමන්ගේ බෑග් එකේ තිබුනු ලේන්සුව අරගෙන කොල්ලගේ ලේ ගලන තුවාලේට ටිකවෙලාවක් තදකරගෙන හිටපු එක..
ඊටපස්සේ තමන් ඇදන් හිටපු කොට ගවුමේ යටින් රෙදි පටියක් ඉරලා ගත්තේ මොහොතක්වත් තැවෙන්නේ නැතුව.
ලේ වලින් පෙගිලා තියෙන ලේන්සුව උඩිමින් කෙල්ල තද කරලා රෙදි පටිය ගැට ගහලා ජන්ගුක් දිහා බලද්දිත් කොල්ලගේ ඇස් නැවතිලා තිබුනේ කෙල්ල ලග..
ඇත්තටම ජන්ගුක්ට ඒ තුවාලේ බොහොම සුලු තුවාලයක්.එයාට ඒක සාමාන්‍යයි.
ඒක තේහිත් දන්නවා !!
ඇල්ෆා කෙනෙක්ට ඔය වගේ තුවාලයක් කොහොමවත් දැනෙන්නේ නැති වග...ඒත් කෙල්ල කලබල වුනා කොල්ලගේ ලේ දකිද්දි !!
ජන්ගුක්ගේ ඔලුව ටිකක් තදින් රිදුනත් ඒක දැන් ටිකක් අඩුවෙලා තිබුනේ තේහි ලගින් වෙනදටත් වඩා සියුම්ව එන ජැස්මින් සුවද නිසා..

"මට සමාවෙන්න ඇල්ෆා !! "
කෙල්ල එහෙම කිව්වේ මූන බිමට බර
කරගෙන ජන්ගුක්ගේ තුවාලේ දිහා බලන ගමන්..

"මොකටද ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ ?!"
ජන්ගුක් ඇහුවේ අතත් තදකරගෙන හිටගන්න ගමන්..එහෙමම තමන්ගේ ෂර්ට් එක එක කරක් උඩින් දාගත්ත ජන්ගුක් බිම තිබුනු පෝන් එක අතට අරගෙන ආපහු ඇවිදන් යන්න ගත්තා..

"මට ඇල්ෆාව ආරක්ෂා කරන්න බැරිවුනා ඇල්ෆා !!
මට වෘකයෙක් වෙන්න බැරිවුනා !! "
කෙල්ල කිව්වේ බිම තිබුනු තමන්ගත බෑග් එකත් ජන්ගුක්ගේ ඔෆිස් බෑග් එකත් අතට ගන්න ගමන්..



________________________________________________


You are reading the story above: TeenFic.Net