"මල්ලි මෙහ්.." අක්කා සේශාන්ට කතා කලේ හවස හයට විතර හැමෝම එයාලාගේ ගෙදර පූල් එක ඉස්සරා බිම ඉදගෙන කයියක් දාගෙන ඉද්දී..
"ඕ"
"තවුසෙට හෙට ඉස්කෝල් නේ.."
"ඔව්ව්ව්.. එක අතකට ටර්ම් ටෙස්ට් එකත් හෙටම පටන් ගන්න එක හොදයි. වෙලාවක් නෑනෙ එතකොට මන් ගැන හොයන්න. නැත්තන් ලැජ්ජාවෙ බෑ.නිකං අර ඒලියන් කෙනෙක් ඉස්කෝල්ට ඇවිත් වගේ තියෙයි"
"ඕම වෙලා මදි..තවුසෙ අර සක්කරවට්ටම එක්ක කතා කරලා ඒම අහුවෙන්න එපා ආයෙ ඈ. මන් නොකිව්වයි කියන්න එපා.උස්සලා පොලේ ගහන්නෙ.. පොලේ"
"අපෝ...ඒක ඉවර උනේ එදාමයි..දැං මාසෙකට කලින්."
වේශාන් එතන වල් ගොල්ලේ බිම හාන්සි වෙලා,එක ඉයර් බඩ් එකක් කනේ ගහගෙන අහස දිහා බලාගෙන සින්දු අහන්නෙ අනිත් අය කියන ඒවත් අහන ගමන්ද නැද්ද කියලා සේශාන්ට හිතාගන්න බෑ. කිසිම රියැක්ශන් එකක් වත් මුකුත් නෑ.ආයෙත් සැරෙන් සැරේ බෙල්ල උස්සලා බලන්නෙ නංගි දුව දුව සෙල්ලම් කරනකොට පූල් එකටවත් වැටෙයිද කියලා වෙන්න ඕන.සේශාන් ටික වෙලාවක් ඒ මූණ දිහා බලාගෙන ඉදලා ඇස් ලාවට පුන්චි කරේ හිතට නිකන් මොකක් හරි හිතාගන්නවත් බැරි දෙයක් එක තත්පරෙකදී දැනුන නිසා. ආයෙත් ඒක නැතිවෙලා ගියා. "මහ අමුතු මනුස්සයෙක්..හ්ම්ම්" එහෙම හිතලා සේශාන් අහක බලා ගත්තා.
"පුතා.."ඒ නිමත්කා කතා කලේ වේශාන්ට...
"Yes අමා?"
"එක්සෑම් එක ඉවර වෙලා ඔයාලා ඩිග්‍රි එකට කොළඹ යනවා නේද?අනේ ඔයාලටත් බැරිද මෙහෙ කැම්පස් එකක් හොයාගන්න? කොහොමද අනේ ඔයාලා නැතුව ඉන්නෙ? පිස්සු හැදෙයි අපිට"
"අනේ ඔව් බැරිද පුතේ?" ඒ සවීනා
"අනේ මේහ්.. පිස්සු කියන්න එපා" සේශාන් ඉතින් මැදින් පැන්නා.."ඔයාලා එතකොට ඉස්සර ගෙදර දාලා යන්න බෑ කියලා කොලේජ් නොගිහින් හිටියත? නෑනේ?.. අනික මේ ආයෙ නොයෙන්න යනවා නෙවේනෙ. වීක් එන්ඩ් එකට එන්නන් ආයෙ..ඔයාට කොහොමත් මන් නැතුව සැනසීමේ ඉන්න පුලුවන් වෙයි. කේස් දාන්න කවුරුත් නෑනෙ"
"කොහෙ හිටියත් ඒකෙ නම් අඩුවක් වෙයිද කියලා සැකයි මට. අනික ඔයා කොහොමත් අපි කියන දෙයක් ඇහුවේ නෑනෙ.ඒ හින්දා අපි ඔයාගෙන් නෙවේ ඇහුවේ"
"දැන් මොකද්ද කරන්න කියන්නෙ?ඔයෙ මොකක් ගැනද කියන්නෙ කියන්නකො?"
"නෑ ඉතින්" සවීනා අහක බලාගෙන කියවන්න පටන් ගත්තෙ සේශාන් දිහා නොබලා ලාවට හිනත් වෙවී. " දැන් ඔයා කොච්චර ලස්සනට සිංදු කියනවද.. ඒ උනාට ඒක ඉගෙන ගන්න යන්නෙත් නෑ. අර ගිටාර් එක ගේ අස්සෙ වේලෙනවා. අඩුම අපිට ඇහෙන්න සින්දුවක් වත් කියන්නෙත් නෑ" ඒ අහිංසක අම්මගේ බලාපොරොත්තුව සිංදුවක් අහගන්න වෙන්නෝන.
" දැන් අර කිය කිය හිටියෙ ඩිග්‍රි එකක් ගැන නේද?" සේශාන් හිනා වෙවී කීවෙ එයත් බිමට හාන්සි වෙන ගමන්. ඒ කොහොම උනත් සිංදු කියන්න පුලුවන් උනත්, එයාගෙන් සිංදුවක් අහගන්න මෙලෝ යකෙකුට බෑ.
"තවුසෙට හරියට හොද දේකට කියලා පුලුවන්නෙ සින්ග් කරන්න විතරනෙ... ඒකවත් කරන්න ඕනෙ කමක් නෑනෙ ඉතින් හරියට"
"තමුසෙට ඒකත් බෑනෙ අක්කේ?"
"ඉතින් පුතේ.. මන් කිව්ව එක හිතලා බලනවද? නිමත්කා ආයම ප්‍රශ්නෙ මතක් කලේ කලින් වේශාන්ගෙන් හරියට උත්තරයක් හම්බුන් නැති හින්දා "ඔයා නොගියොත් කොහොමත් සේශාන් පුතා යන්නෙත් නෑනෙ"
"අමා...We can study anywhere, but the campus we chose is the best for software engineering, you know? In this field, you can't just pick any random place.it has to be internationally valid and recognized. don't worry අමා.. we'll come often..
(අපිට ඕන තැනක ඩිග්‍රී එක කරන්න පුලුවන්. ඒත් අපි තෝරපු කැම්පස් එක තමයි software engineering වලට හොඳම, ඔයා දන්නවනේ? මේකෙදි එහෙම ඕනෙ තැනක කරලා බෑ. ඒක ඉන්ටර්නැශනලි වැලිඩ් වගේම, පිලිගන්න කැම්පස් එකක් වෙන්න ඕන. දුක් වෙන්න එපා අපි නිතර එන්නම් අමා..)
"ඉතින් දුක උනත් මොනා කරන්නද නේද? ඔයාලා හොදම දේ කරන්නනෙ ඕනෙ"
"ආ දැන් එතකොට මන් කියද්දි අහන්ඩ බැරි උනා. අරූ කිව්වම හා. මොකද්ද මේ ගෙදර මට තියෙන ප්ලේස් එක? මම යනවා යන්ඩ ගෙදරින්" සේශාන් කට අනිත් පැත්ත හරෝ හරෝ බනින්න පටත් ගත්තෙ විහිලුවට.
"ඔයාව කාණුවෙන් ඇහිද ගත්තෙ ඒකයි. හැබැයි නෑ! ඒත් අම්මලා තමුසෙ වගේ එකෙක් කාණුවෙන් වත් ගන්න එකක් නෑ." ශෙහානා තවත් අවුස්සනවා ඉදගෙන.
.
හිතපු තරම් අවුලක් නොවී ටර්ම් ටෙස්ට් එකත් ඉවර වෙලා, ඇඩ්මිශන් එහෙමත් අරගෙන, ලකුණු ඒමත් දීලා අද තමයි ඉතින් ඉස්කෝලෙ ඒ ලෙවෙල් වලට කලින් යන අන්තිම දවසට කලින් දවස..
"කීවෙනියද උත්තො උබ?" සේශාන් ඇහුවේ එයාගෙ රිපෝර්ට් එකේ 'තත්වය' කියලා තියන තැන 24 කියලා තිබ්බ අංකේ දිහාත් බලලා වේශාන්ගෙ රිපොර්ට් එකට එබෙන ගමන්. ඒක අහන් හිටපු අනිත් උන් තුන් දෙනත් වේශාන්ගෙ කර උඩින් රිපෝර්ට් එකට එබුනෙ ඉතින් 'එක' කියලා නොදැන නෙවේ.
"එක..උබේ ඉතින් පුකෙත් එක්ක මොලේනෙ. අපිට කරන්ඩ දෙයක් නෑ ඒවට. අඩෝ උබර්ට ඔක්කොටම අනූ ගනන්නෙ ඕයි..කෝ බලාන් උබටත් එහෙමද කියලා, සේශාන් එහෙම කිව්වෙ තාරුකගෙ රිපෝර්ට් එකට එබෙන ගමන්. ඉතින් ඒ පාර නෙත්මිනයි ,මියුරානුයිත් මොක්කුද එවුන් වගේ සේශාන් පස්සෙම ගිහින් තාරුකගෙ රිපෝර්ට් එකට එබුනා "හම්මට.. මූ දෙක.. හරි සෝක්.. අපිට නැති උනාට අවුලක් නෑ ඒවටත් එක්ක මේ තියෙන්නෙ. යකෝ පන්තියෙ එකයි, දෙකයි අපේ යාලුවෝ උනේ කොහොමද බන්? කෝ උබලගෙ කොහොමද?"
"මම 29 හුත්තො" ඒ මියුරාන්
"මම 23 යකෝ" ඒ නෙත්මින
"අඩෝ හුත්තො අපායට ගියත් අපි එකට.. අඩෝ උබ මගේකා බන් මම 24" එහෙම කියලා සේශාන් නෙත්මිනව බදා ගන්නකොට වේශාන්, තාරුක දිහා බලලා හිනා උනේ වෙන මොනාටවත් නෙවේ මුන් නිකන් හෙන හොද ලකුණු ඒම අරන් වගේ බදාගන්නෙ කියලා වගේ ලුක් එකක් දීලා..
"අඩෝ වරෙල්ලා බේසිකයො ටික සින්දුවක් කියන්ඩ" සේශාන් මුලු පන්තියට ඇහෙන්න කෑගැහුවේ මේ වෙලාවෙ බොන්ගො එකක් නැති හින්දම ගහන්න පුලුවන් ටිකක් ලොකු පෙට්ටියක් හොයාගෙන ඒකත් කකුල් දෙක මැද්දෙ හිර කර ගන්න ගමන්. එතකොට පන්තියේ උනුත් කඩාගෙන බිදගෙන ඒ පැත්තට ඇවිල්ලා වටකරගත්තා.
කෝමත් අද රිපෝර්ට් නිකන් ලමයින්ට බලන්න විතරයි දුන්නෙ. හෙට පේරන්ට්ස් මීටින්ග් තියලා අම්මලා අතට දෙනවා. ඉතින් ඕව මේවායි, ගුරුවරුන්ට වදින්නයි වැඩ ගොඩක් හෙට තියෙන හින්දා අද අන්තිම දවස වගේ කිව්වොත් හරියටම හරි. ඒ හින්දා ඉතින් සර්ලා එහෙමත් මොකුත් කියන් නෑ.
වේශානුත් සේශාන්ගෙ මේසෙ ලගට ඇවිත් හිටගත්තෙ ඌත් හෙට හෙඩ් බැජ් එක ගලවන සතුටටත් එක්ක වෙන්න ඕන... නෙත්මිනත් ඔන්න ඔහෙ කොහෙන්දෝ බෙලෙක්ක බෝතලේකුත් හොයාගෙන, කාසි දෙක්කුත් අරං ඇවිත් ඉදගත්තා.
හෙන හයියෙන් සින්දුව පටන් ගත්තෙ සේශාන්, අර පෙට්ටියටත් හෙන හයියෙන් ගහන ගමන් මුලු පන්තියම සද්දෙට දෙවනත් වෙලා යද්දී. නෙත්මිනත් කාසි දෙකෙන් ගානට තාලෙ ඇල්ලුවා...
මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි....
උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි......
අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි....
ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි......
ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා
මේ සින්දුවලම එල්ලී..
චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති
හයේ හතරේ කල්ලී
අපේ කොටාස් වෙළඳපොලේ සටස් ගානකොට වැටෙන්න නැහැ සල්ලී....
අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට....යටත් වෙයිද මල්ලී..
.
වටේ ගිහින් ආවත් මට කමක් නෑ...
ඔය කැටේ පුරවන් ආවත් කමක් නෑ..
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ පැටියෝ... මට ලැජ්ජ නෑ..
මැයි ගස් වටේ ගිහිල්ලා...
තන පටේ කපාලා...වම් අත වටේ ඔතාලා.....ප්‍රේමේ ගැටේ ගසාලා
ගිහිල්ලා කොලේ වසාලා......
අනේ එයා මගේ besty අනෙ..
අයියෝ එයා මගේ අයියා වගේ..
අයියයායාහ්....
ඔන්ලයින් ඉදන් නින්ද ගියේ...හම්ම්..
දැන් අම්මි ලගනේ බුදියන්නේ...හාකෝ
සින්දුව කියාගෙන යනකොට තව කොල්ලො දෙන්නෙක් ඒ කියන විදියට ඇද කර කර නටන්න ගත්තම උන් නටන ව්දියට මුලු පන්තියම හිනා වෙන්න ගත්තේ සින්දුව තව හයියෙන් කියලා උන්ව තවත් ෆෝම් කරලා ගන්න ගමන්..
ඉස්කෝලෙ ඇරෙනකන්ම සින්දු කියලා, හොදට නටලා එහෙම කට්ටිය හවසට පාටි එකක් දාන්නත් ප්ලෑනක් ගහලා තමයි එදා ගෙදර ගියේ.
.
වේශාන් තනි කලු ඇදගෙන, නහය කඩාගෙන යන පර්ෆියුම් එක්කුත් ගහගෙන හවස පහට විතර පල්ලෙහාට බැස්සෙ වැඩි කැමැත්තකින් නෙවේ.. පාටි ඒවා මේවා ඉතින් පොරට ඇලජික්නෙ...
"අම්මේ වාව්ව්ව්... මෙයාගෙ ලස්සනනන" ශෙහානා ඇස් දෙකත් ලොකු කරලා, කටත් උල් කරගෙන කියනකොට වේශාන්ට ලැජ්ජත් හිතුනට, ඒක පෙන්නන් නැතුව "Thanks ah... where is Seshan?" කියලා ඇහුවේ හිනා වෙවී...
"එයාගෙ රූම් එකේ.. ලෑස්ති වෙනවා ඇති.. අහ් අර එන්නෙ" අක්කා එහෙම කියනකොට වේශාන් බලන් නැතුවම දොර පැත්තට ගියාට මොකො සේශාන් නම් තත්පරේට උඩ ඉදලා යටටම බලාගත්තා. කලු පාට ශර්ට් එකේ උඩ බොත්තම් දෙකක් විතර පන්නලා, අත් දෙකත් වැල මිට ගාවට නවාගෙන, ෆෝන් එක ගිලින්න වගේ ඒක දිහා බලාගෙන දොර ගාවට වෙලා හිටගෙන ඉන්නකොට සේශාන් තත්පරේකට ස්ලෝ උනා කිව්වොත් හරි. "මූ බේසිකයා බලාන්කො.. ඕනෙවට වැඩී දැං" එහෙම හෙමීට කියාගෙනම පල්ලෙහාට ආවා.
එයත් නහය කඩාගෙන යන පර්ෆියුම් එකක් ගහගෙන එනකොට ඒ සුවදවල් දෙක එකට වෙලා දැනෙන සුවදට අක්කා නහය වහගත්තෙ දරාගන්න බැරුව.
"පලයල්ලා ඉක්මන්ට..මාව මරන්නද හදන්නෙ හුස්ම හිර කරලා"
සේශාන් හිනා වෙවීම කාර් එකේ යතුර අරන් එලියට බැස්සා..
"Mahaweli Reach, Tamarind Bar එක නෙහ් බන්? උබ රෙසවේෂන් එකක් දැම්මද?" සේශාන් ඇහුවෙ වාහනේ ගේට් එකෙන් එලියට දාන ගමන්. එහෙම අහනකොට එයාට හිනා ගියේ වේශාන්, ගියාට බොන්නෙත් නෑ, නටන්නෙත් නෑ, මොකුත් නෑ...ඒ උනාට ඔක්කොමලා ඌට කියෝලා තමයි රෙසවේෂන් එහෙම දම්මන්නෙ කියලා මතක් වෙලා. කෝමත් වැදගත් වැඩ ටික කරන්නෙ ඌනෙ.
"yes"
" අඩො මෙහ්.. උබේ ගෑනි හොදින් ඉන්නවද බන්?"
" ඕ...Talk respectfully ah.. you know her name neh? "
(හරියට කතා කරපන්.. උබ එයාගෙ නම දන්නවනෙ නේ?)
"අනේ නිකන් පලෑන් උත්තො යන්ඩ රෙස්පෙක්ට් එක රෝල් කල්ලා ගහගනින්.... මන් කියන්නෑ ඉතින්. ඕක බදින්ඩ වෙන් නෑ"
"Hmmm.. she is going to her mother's country after ALS..."
(එයා එයාගෙ අම්මගෙ රටට යනවා ඒලෙවල් ලියලා ඉවර වෙලා)
"ආපහු කියපන් හුත්තො ඒක?" සේශාන් එහෙම කිව්වේ හෙනම හයියෙන් කාර් එක දෙවනත් වෙන්න හිනා වෙන ගමන්....
"................."
වේශාන් අවුලෙන් වගේ කියලා සේශාන්ට තේරුනේ එයා මොකුත් නොකියම හිටපු හින්දා. අනික නැතත් ඌ එහෙම පර්සනල් දේවල් කියන් නෑනෙ කොහොමත්. එහෙම කියනවා කියන්නෙ ටිකක් අවුල් වෙන්න ඕන. ටිකක් නෙවේ සෑහෙන්න.. තව විනාඩි දහයක් විතර නිකන්ම සද්ද නැතුව ගෙවිලා යන්න ඇති.
"දැන් උබ අවුලෙන්ද කියාන්කො"
"................"
"හරි ඉතින්.. ගිහින් එයිනෙ බන්? ඉතින් එහෙනම් යන්ඩ එපා කියපන් එක්කො උබ කැමති නැත්තං"
"..............."
"කතා කරපන් හුත්තො.. කට නැද්ද?"
"I don't know, man. I don't want to force anyone. If she wants to stay, she will. If not, she'll go...."
(මම දන් නෑ මනුස්සයො..මට කාටවත් බල කරන්න ඕනෙ නෑ. එයාට ඉන්න ඕන නම් ඉදී.. නැත්තන් යයි)
"අර බලපන් උබෙ පණ්ඩිතකම ඉතින්? යකො උබට ඕන්නම් උබ හොම්බට දෙකක් ඇනලා හරි තියාගනින්"
"I don't need your relationship advice by the way"
(මට රිලේෂන්ශිප් ගැන උපදෙස් උබෙන් ඕන් නෑ කොහොමත්)
වේශාන් එහෙම කිව්වෙ නෝන්ඩියට..
"මන් රිලේෂන්ෂිප් ඔස්තාර් යකෝ.. මගෙන් ගන් නැතුව වෙන කාගෙන් ගන්නද? බැහැපන් ඉතින්... අහ් අර ඉන්නෙ බේසිකයො ටික"
සේශාන් එහෙම කිව්වෙ කාර් එක පාර්ක් කරලා ඉවරවෙලා.
කාර් එක නවත්තලා බැහැලා මීටර් දෙකක් ඉස්සරාට යන්නැති ඕන්නම්...
"සේශාන් කියන්නෙ උබද? ප්‍රොෆයිල් පික්චර් එකේ දැක්ක විදියටනම් උබ වෙන්න ඕන?"
හෙන උස මහත පොරක් තව දෙතුන් දෙනෙක් එක්ක ඇවිත් සේශාන්ගෙ ඉස්සරහයින් හිටගන්නකොට එයත්,
"ඔව් ඇයි?" කියලා උත්තර දුන්නෙ ඌ අහපු විදියටම ගේමෙන් වගේ.
ඒත් එක්කම වගෙ උගෙ අත ඇවිත් සේශාන්ගෙ ශර්ට් එකෙන් ඇදලා ගන්නකොට එයා තව අඩියක් විතර ඉස්සරාට ඇදිලා ගියේ එහෙම එකකට රෙඩි වෙලා හිටියෙ නැති නිසා. එහෙම්ම අත දිගෑරලා සේශාන්ගෙ බඩට එකක් අතෑරිය පාර ඇස් දෙකත් නිලන්කාර වෙලා යනව වගෙ දැනුනත්,
"කව්ද හුත්තො උබ?යකෝ ගහගන්නවනන් ඒ විදියට වරෙන් හැංගි හැංගි හැමිනෙන් නැතුව" කියලා අනිත් පැත්තට අරූගෙ කරෙනුත් ඇදලා අරගෙන මූණට දෙක තුනක් ඇන්නෙ ඌ පිටිපස්ස තල්ලු වෙලා ගිහින් වෙන කාර් එකක වැදෙද්දී...
ඒත් එක්කම වගේ තව කොල්ලො තුන් හතර දෙනෙක් ඇවිත් උගේ පැත්තෙන් හිටගනිත්දීම වගේ, වේශානුත් කඩාන බිදගෙන එතෙන්ට එනකොට නෙත්මිනලා,තාරුක ඔක්කොමලම දුවගෙන ආවා..හිතුවට වඩා අපිටත් කට්ටිය ඉන්නවා කියලා තේරුන නිසාද කොහෙද වලියට නොයාම ඌම කතා කරන්න ගත්තෙ කටෙන් බේරීගෙන ආව ලේ ටික උගේ උරහිසේම පිහද ගන්න ගමන්...
"උබ මගෙ නංගි එක්ක තියෙන සම්බන්ධෙ නවත්තපන්" ඌ එහෙම කියනකොට සේශාන් උඩ ගිහින් බිම වැටුනේ, මුගේ නංගි කොයි කෙල්ලද කියලා හිතාගන්න බැරුව.. හත්තික්කෙ මල කෙලියයි සාන්ත දැන් මන් මොකද කරන්නෙ..එහෙම හිතම හිතම,
"කවුද යකො උබෙ නංගි?" කියලා ඇහුවේ ඇගට පතට නොදැනිම වගේ...
"දැන් උබ යාලුවෙලා ඉන්නෙ මගෙ නංගී එක්ක"
හැමිනෙනවනෙ ඉතින් නම කියන් නැතුව.. පිස්සු හුප්තා.. "ඉතින් නම කියපන් හුත්තො?"
" මූට කෙල්ල කවුද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ ඕයි?" තාරුක වේශාන්ගෙ කනට කරලා කියනකොට එයත් ඔලුව හෙල්ලුවෙ 'ඔව්' කියන්න..
"තෝ දැන් යාලු වෙලා ඉන්න කෙල්ලගෙ නම දන් නැද්ද බල්ලො?" ඌත් ගේමටම වගේ ආපිට ඇහුවේ පුපුරු ගහන කේන්තියෙන් සේශාන් දිහා බලාන.
"තොට ඒ හුත්තවල් වැඩක් නෑනෙ? නංගිගෙ නම කියපන්? ඊටපස්සෙ මම කියන්නම් මන් නවත්තනවද නැද්ද කියලා?"
"සිතුනි"
හරිනෙ.. හරිනෙ..බේසිගෙ කෙල්ල ඇහුවනේ අද කොහෙද යන්නෙ කීයටද යන්නෙ කිය කිය.. ප්‍රොෆයිල් පික්චර් එකක කතාවකුත් මූ කිව්ව නේහ්? ඒ කියන්නෙ මූ ෆෝන් එක චෙක් කරලද ඒකිගෙ..? එහෙම හිතලා ආයෙම,
"ආආආ ඒක නම් නවත්තන්ඩ වෙන්නෑ. සෙට් උනා විතරයි.. මාසයක් දීපන් නවත්තන්නම්" කියලා හෙනම කැරි විදියට හිනා වෙලා අනිත් පැත්ත හැරෙද්දිම,
"මොකද්ද හුත්තො උබ කිව්වෙ?" කියාගෙන සේශාන්ගෙ පැත්තට පනින්න හැදුවත් වේශාන් ඊට ඉස්සර වෙලා අරූව බිම දාගෙන නෙලන්න ගත්තේ එයත් සෑහෙන කාලෙකින් අතේ පයේ හිරි ඇරගත්තෙ නැති නිසා වෙන්න ඕන...
සේශාන් වැරදි තමයි ඒක වේශාන් නොදන්නවා නෙවේ. ඉතින් එහෙමයි කියලා ගුටි කනකන් බලන් ඉන්නද.. බෑනෙ.. බෑනෙ.. සෙට් එකම දාගෙන හෙනම වලියක් එතන.. ගහගනවා බිම දාගෙන..විනාඩි පහක් විතර යනකොට සෙකියුරිටි කාරයා පොල්ලකුත් අරන් ඇවිත් ශේප් කරලා අරුන්ව යැව්වා කොහොමහරි.. ඊටපස්සෙ සෙට් එක හොටෙල් එක ඇතුලට ආවේ මොකුත් නොවුන ගානට...
"This is on you, Seshan. What I did was wrong too..I ended up hitting someone innocent because of you"
(මේක උබේ වරද සේශාන්? මමත් වැරැද්දක් කරේ නිකන් අහින්සකයෙකුට ගහලා උබ හින්දා)
වේශාන් එහෙම කියනකොට, සේශාන් "අහ්..මන් බැලුව මොකද පරක්කු" කියලා, කට කොනෙන් ලාවට හිනාවුනේ දන්නවා දැන් ඌට තරහා ගිහින් ඉන්නෙ කියන්න.අහිංසකයෙකුට ගැහුවා කියලා හෙන අවුලෙන් ඉන්නෙ ඔයෙ, මූනත් පුක කරන්... හ්ම්ම්..
ඌ කතා නෑ..හොදටම මල පැනලා වෙන්න ඕන.. කාටවත් ලොකූවට තුවාල වෙලා එහෙම නැති හින්දා කට්ටියම ශේප් එකේ එන්ජොයි කරන්න ගත්තට මොකද වේශාන් සද්ද නෑ. බොන්නෙත් නෑ. කොහොමත් බොන් නෑනෙ ඉතින්. කොහෙද මූ ආතල් දන්න එකෙක්යැ. ටේබල් එක ගාව ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා ආපු වෙලේ ඉදන්.. දැන්නම් ටිකක් නිවිලද කොහෙද ලාවට සැරෙන් සැරෙ මූනෙ හිනාවක් යනවා පේනවා ෆෝන් එක දිහා බලාගෙන.. සේශාන් එහෙම හිතාගෙන ඩාන්සින් ෆ්ලෝ එක පැත්තට ගියේ කට්ටිය එක්ක සෙට් වෙලා හොදට නටන්නම් කියලා හිතාගෙන..
මතු සම්බන්ධයි....
You are reading the story above: TeenFic.Net