prologue

Background color
Font
Font size
Line height

" බෝරා .. කෙල්ලෙ මේක තුන්වෙනි මේසේ ඉන්න නෝනට දීගෙන යන්නකෝ "  පරක්කු වෙලා ස්කූල් එකට දුවන ගමන් හිටිය මට අම්මා කිව්වා .යාහ් මට හදිස්සිනේ !  

" හරී " බෑ කියන්න බැරි  නිසා එහෙම කියාගෙන කිම්චි රයිස් ප්ලේට් දෙකක්ම තුන්වෙනි මේසේ හිටපු මහත නෝනට දෙන ගමන් බෑග් එක හදාගන මන් දිව්වේ පුන්චි ශොප් එකෙන් එලියට

ශොප් එකක් කිව්වට ඒකම තමයි අපේ ගෙදරත්. හරිම පුන්චී . වටපිටාව බැලුවොත් තරමක් ලොකු ගොඩනැගිලි වලින් වටවුන පුන්චිම  ශොප් එක අපේ එක . හරියටම ඊට එහා පැත්තේ තියෙන එයාගේ ලොකු බේකරි එක නිසා හරි පාඩුවක් තමා වෙන්නෙ ඉතින්..

තනිවම හිතන ගමන් දුවගෙන  ආවට මොකෝ  පාර  අයිනේ ඉදන්  දැක්ක කෙනෙක් නිසා මන් අනිත් පැත්ත හැරුනා . මට පේන්න බැරි මාව පේන්න බැරි කෙනෙක්



සැෆය(ර්) ...






අඇත්ත නම ජන්කූක් වෙද්දි එයාට සැෆය(ර්) කියන්නේ මොන එහෙකටද මන්දා. එක්කො කොන්ඩේ තියෙන blue highlights  වලට .  ඒහෙම නැත්තම් blue football  team  leader  නිසා වෙන්නත් පුලුවන් .  මන් දන්නෙ නෑ  . මට වැඩකුත් නෑ . අහින්සක පාටට හිටියට ඕ-

" ශිට් . තමුසෙට මම !!!! "  මන් මහ හයියෙන් කෑ ගැහුවේ එයා එකපාරට කරපු වැඩේට

ඊයේ වැස්ස නිසා පිරිලා තිබුන මඩ වලට දුර ඉදන් තඩි ගල්ගෙඩියක් අතෑරිය ඒ යකා හිනා වෙවී යන්න ගත්තා . 

ශිබල්.. මුලු අඇදුමම ඉවරයිනේ .  දැන් මොකද කරන්නේ ? ආපහු යන්නත් බෑ .  මෙයාට මාත් එක්ක තියෙන  ප්‍රශ්නෙ මොකක්ද ? හැමදාම මාව ලැජ්ජා කරවනවා මගේ මූනේ තියෙන පිම්පල් නිසා.  ඒකත් කට්ටිය ඉස්සරහා .. දැන් තව එක්කුත් පටන් අරන්

"හාහ්... මට බෑ තවත්.. ! "  අහස දිහා බලලා කෑ ගහන ගමන් ලොකු හුස්මකුත් අරන් මන් මාවම සන්සුන් කරගත්තා . අනේ කවුරු හරි දැක්කොත් වස ලැජ්ජයි

වෙලාවකට අඇත්තටම මට පුදුමයි . කොහොමද අර අඈත පේන නිල් අහස එක කැලලක්වත් නැතුන් පරිපූර්න උනේ කියලා

TBC

කවර් එක සස්සනට ආවා නේහ්😌

ඔහ් මන් කියන්නමයි ගියේ අප්ඩේට් කල් යයී  කියලා . එක පාරට සේරම මගේ අතට ආව නේ . හෙහේ . ඉම්මනට දෙන්නම්...🤧


You are reading the story above: TeenFic.Net