6. Ji Yeong

Background color
Font
Font size
Line height

කතාවේ අඩුම වෙලාවක් මතු වුණත් මගේ කැමතිම චරිතය තමයි මෙයා.

එයා සාමාන්‍යයෙන් බලාපොරොත්තුවට ඉඩ දෙන කෙනෙක්.

මාබල් ක්‍රීඩාවෙදි එයාගේ විරුද්ධවාදියා වෙන්නේ කන්ග් සේ බ්යොක්. 

අන්තිම විනාඩි පහේදි සෙල්ලම කරමු කියලා එයා සේ බ්යොක් එක්ක කතා කරන්න ගන්නවා.

එයා එතන කතා කරන එකෙන් අදහස් කරන්නේ සේ බ්යොක් ගැන පැහැදිළි අදහසක් ගැනීම වෙන්න ඇති කියලා මම හිතනවා.

ජී යන්ග් කියන්නේ තමන්ගේ තාත්තා අම්මව මරපු නිසා තාත්තව මරලා හිරේ ගියපු ගෑනු ළමයෙක්. එයා හිරෙන් එළියට ආවහම මේ ක්‍රීඩාවට එන්නේ එයාට ඊළඟට කරන්න ඉන්න දේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැති නිසයි.

අන්තිමට මාබල් ක්‍රීඩාවෙදි උවමනාවෙන්ම එයා සේ බ්යොක්ට දිනන්න අරිනවා.

මොකද එයා දන්නවා සේ බ්යොක් මේ දුක විඳින්නේ මල්ලිව බලා ගන්න කියලා. කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන ආසාවට වඩා ජීවිතේ ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කෙනෙක්ට අවස්ථාව දෙන එක වටිනවා කියලා ජී යන්ග් තේරුම් ගන්නවා.

හදිස්සියේ හරි සේ බ්යොක් වෙනුවට එයා දින්නොත් ජීවත් වෙන තාක් කල් සේ බ්යොක්ගේ වටිනා බලාපොරොත්තු වලට ඉඩ දුන්නේ නැහැ කියන දේ එයාට වද දෙයි කියන හැඟීම ජී යන්ග්ට ඇති වෙන්න ඇති. 

අන්තිමට ජී යන්ග් මැරෙන්නේ 'මාත් එක්ක සෙල්ලම් කළාට ස්තූතියි සේ බ්යොක්' කියන වචන ටික පිට කරලා මූණේ ලොකු හිනාවකුත් එක්කයි.

කතාවේ ලොකු තැනක් නොතිබුණත් කතාවේ හිටපු ලස්සනම හදවත තිබුණ චරිතේ විදිහට මම දකින්නේ ජීයන්ග්ව.

ඒ චරිතේ විනාඩි පහළවක් වගේ වෙලාවක් කතාවේ ඉන්න ඇති. ඒත් හදවතකට වදින්න පුළුවන් තරම් ගැඹුරු සටහනක් ඒ චරිතේ ඉතුරු කරනවා කතාවෙන් ගන්න ඕන දේ ගත්තොතින්.


You are reading the story above: TeenFic.Net