09 කොටස

Background color
Font
Font size
Line height

වෙලාව රෑ නවයත් පහුවෙලා..මම තවමත් ඉන්නෙ ඩාක් නයිට් එකෙ..අභිමාන්ව මෙතන සර්වන්ට් කෙනෙක් විදිහට වැඩට දාලා මට ආපහු යන්න හිතුනෙත් නෑ..ඒ නිසාම මම මගෙ රූම් එකට වෙලා ඔහේ කකුල් දෙකත් උඩ දාගෙන කීවෙනි සිගරට් එකද මන්දා ඉවර කරන ගමන් හිටියා....

" අධ්‍යාශ් මම ඇතුලට එනවා...."

දොර ලගින් ඇහුන කටහඩ එක පාරට ඇහුන නිසාමද කොහෙද මම ගැස්සිලා ගියා...නම කිව විදිහෙන්ම ඇවිල්ලා තියෙන්නෙ අභිමාන් කියලා මට තෙරුනා..මූ යකො බලපල්ලකො..වෙන මිනිස්සු ඇතුලට එන්නද අහන්නෙ..මූ ඇතුලට එනවා කියලා කියන්නෙ...

මම එන්න කියන්නත් කලින් ඇතුලට ආව අභිමාන් කොහෙන්දො උස්සන් ආව ෆෘට් ජූස් එකක් දඩස් ගාලා මගෙ මෙසෙ උඩින් තිබ්බා...

" ඔය සිගරට් එක විසික් කරලා ඕක බොනවා..."

" මොකක්...තමුසෙට පිස්සුද අයිසෙ..."

මම ෆෘට් ජූස් එකයි අභිමානුයි දිහා මාරුවෙන් මාරුවට බල බලා අභිමාන්ට කෑගහනකොට ඒකා අත් දෙකත් සාක්කුවෙ ඔබන් පපුවත් ඉස්සරහට දාගෙන ඒ මදිවට ඇහිබැමකුත් උස්සන් මම දිහා බලන් ඉන්නවා...

" ඔය සිගරට් එක විසික් කරපන්..."

" ඇයි ඔයි තමුසෙ මගෙ ඩැඩා වගෙනෙ..."

" එකම දේ දෙපාරක් තුන්පාරක් කියන්න මම කැමති නෑ ම්ම්ම්..."

" හරි හරි මගුල...."

මේකා මාව කන්න වගේ බලන් ඉන්න නිසා මම  සිගරට් එක නිවලා එහෙමම ඩස්ට් බින් එකට දැම්මා..ඔක්කොමත් හරි කවුද යකො මගෙ ක්ලබ් එක අස්සෙ ෆෘට් ජූස් හදන පරයා...

" කවුද ඔයි ක්ලබ් එක අස්සෙ මෙවා හදන්නෙ.."

" හදන්නෙ මම...තමුන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියද ම්ම්..."

" ඇයි යකො අභිමාන් මේක ක්ලබ් එකක්..තමුසෙ හදන්නෙ මේක පලතුරු බීම කඩයක් කරන්නද..."

" එතකොට ඇයි තමුසෙගෙ මේ මගුල අස්සට අවුරුදු 18ට අඩු පොඩි උන් රිංගන්නෙ ම්ම්... මම මෙවා හැදුවෙ අන්න එහෙම එන පොඩි උන්ට මෙකක් බොන්න දිලා කන රත් වෙන්න එකක් ගහලා එලියට දාන්න හිතන්...."

කවුද යකෝ මූව ක්ලබ් එකෙ වැඩ කරන්න දාපු පරයා....විනයභාර ගුරුවරයෙක් වෙන්න ඉදල මගෙ කීමට මූ ක්ලබ් එකෙ වැඩට ගියා වගෙනෙ හැසිරෙන්නෙ..

" අපිට එවා අදාල නෑනෙ..එන එකෙක් බීලා යනවා අපිට සල්ලි හම්බවෙනවා එච්චරයි..."

" උබත් රටෙ ඉන්න අනික් දෙශපාලු හැතිකරෙ වගේම තමා අධ්‍යාශ්..මට කියලා කන පලාගන්නැතුව ඔන්න ඕක බීලා ගෙදර පලයන්..."

මූට ඒ පාර මොන යකා වැහිලද..මාව ගෙදර පන්නගන්න හදන්නෙ..හරි හත්තක් උනානෙ මේක යකො...

" අභිමාන් තමුසෙගෙ ලොක්කා මම...තමුසෙ වැඩ කරන්න ඕන මට ඔන විදිහට මිසක් මම තමුසෙට ඕන විදිහට වැඩ කරන්නැ...... තමුසෙට මම පඩියක් ගෙවන්නෙ මගෙ ලග වැඩ කරනවට විතරයි..මේක හරි මගුලක් උනානෙ යකො...මුන් ඔක්කොටොම අමතකයි මම මුන්ගෙ ලොක්කා කියන එක..."

" මෝඩකමට කියවන්නැතුව ඉදපන්..කටර් එකක් වගෙ කියවනවා ඉවරයක් නෑ.."

" තමුසෙට ම..............ශිට් ඇතුලට එනවා...."

අභිමාන්ට ආයෙම දෙකක් කියන්න කියලා කට අරිනකොටම කවුරු හරි දොරට තට්ටු කරපු නිසා මම තරහෙන්ම ඇතුලට එන්න කිවා..ඒ අස්සෙ මේ යකා දත්මිටි කනවා...ඇත්තමයි මට මූගෙ හොම්බට අනින්න ඇත්නම්...

" අභිමාන් තමුන්ට මම සර්ට කියන්න කිව පනිවිඩෙ කිවද...."

" කිවා....සර් බෑ කිවා...."

" එත් සර් ඒ කොල්ලා අලුතෙන්ම ගෙනාවෙ..සර්ගෙ විදිහෙ හුරතල් කොල්ලෙක්..."

ක්ලබ් එකෙ වැඩ කරන රංජි මගෙ රූම් එකට ඇවිල්ලා අභිමාන් එක්ක මොනවද කියලා මගෙ පැත්තට හැරිලා කවුද කොල්ලෙක් ගැන කියෙව්වා....

" කවුරු ගැනද රංජි තමුන් ඔය කියන්නෙ..."

" ඇයි සර් මම දැන් කිවෙ මතක නැද්ද ම්ම්...එපා කියලා සර්ම කිවෙ...."

" මොකක්....."

" සර් එපා කියලා කිවනෙ නේද ම්ම්..."

මම රංජිගෙන් ඇහුවත් මොකද අභිමාන් අත් දෙකත් පපුවට බැදන් ඇහිබැමකුත් උස්සන් එපා කියලා කිවා නෙද කිය කිය අහනකොට මොකද්ද මේ කියන්නෙ කියලා හිතාගන්න බැරි උනා....මොනා උනත් මූ මේ කියන්නෙ එපා කියලා කියන්න කියන එක වෙනකොට මම රංජි දිහා බලලා ඔව් කියන්න ඔලුව වැනුවා...

" එත් සර්..."

" රංජි එපා කියන්නෙ එපා නිසා..කොල්ලව වැඩට දානවා...."

රංජි කියපු කතාව ටිකක් වෙලා යනකොට තෙරුන නිසා මම කෙලින්ම රංජිට එපා කිවා...එපා නෙවෙ මට ඕන...ගොඩ දවසකින් ආතල් එකක් ගන්නත් බැරි උනා..ආආආහ් එත් යකො මේ අහිමාන් කියන මිනිහා බලන් ඉන්න විදිහට මම දැන් හා කිවොත් මූ මගෙ අඩු ටික කඩලා ක්ලබ් එකෙ හතර කොනෙ හංගයි....

රංජි එලියට යනකල් ඉදල මම පුටුවෙන් නැගිටලා අභිමාන් ලගට ගියෙ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන...

" මගෙ පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය බලපෑම් කරන්න මම තමුන්ට කිසිම තැනක අයිතියක් දිලා නෑ අභිමාන්....තමුන්ගෙ තත්වෙ දැනන් වැඩ කරනවා ම්ම්..."

" මට තමුන් මොන මගුල කරත් අදාල නෑ අධ්‍යාශ්...හැබැයි අර කිව කොල්ලා යන්තන් අවුරුදු දහ අටක් උන එකෙක්...ඌ සල්ලි හම්බ කරගන්න ඌගෙ ඇග විකුනනවා....ඒක වැරදි ම්ම්...ඒක ගොඩාක් නරකයි..."

" තමුසෙට අදාල නෑනෙ අභිමාන්...ඒ කොල්ලා කැමැත්තෙන් ආවා නම් ඌගෙ පාඩුවෙ වැඩක් කරගන්න දෙනවා...තමුසෙ කතා කරන්නෙ මම ඒකව බලෙන් ඇදන් ඇවිල්ල වගෙනෙ..."

" කැමැත්ත...හහ් ඔය වගෙ ජොබ් මොන මිනිහද ඔයි කැමැත්තෙ කරන්නෙ...කැමැත්ත නෙවෙ යකො ඒ මිනිස්සුන්ගෙ අසරනකම... උබලා වගෙ උන් තමා අසරන මිනිස්සු පාග පාග මේ රටටත් කෙලවන්නෙ..මට පෙන්න බෑ දේසපාලුවන්ව..."

අභිමාන් මගෙ ඇස් දිහා බලන්ම කෑගහලා දොරත් මහ හයියෙන් වහගෙන එලියට යන්න ගියා...යකො මූට මොන යකා වැහෙනවද එක පාරට...මාවම කන්න බලන්නෙ මේකා ඉන්නෙ....කොයි වෙලාවෙ බැලුවත් ඇගට පැන්න ගමන්....යකො මූට පඩියක් ගෙවලා මෙතන තියාගන්නෙ මූගෙන් බැනුම් අහන්නද...වෙලාවකට හිතෙනවා මටත් හොද වැඩෙ කියල...කොහෙවත් ඉදපු එකෙක් ගෙනල්ලා බොඩිහාඩ් කරගත්තා..දැන් හරි..දැන් නම් සනීපයි පු# අමාරුව....අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න මට පුදුමාකාර හැකියාවක්නෙ තියෙන්නෙ කොහොමත්...අනික පුදුම තරහක්නෙ තියෙන්නෙ මූට දෙශපාලඥයො ගැන....කරුමය තමන්ගෙ බොඩිගාඩ් විදිහටද පැමිනිය හැක....

අභිමාන් යනවත් එක්කම වගෙ අල්මේදත් ඇතුලට ආවා...මූ මොන ගිනි ගෙඩියක් උස්සන් ආවද දන්නැ ඒ පාර...

" සර් ජේඩ් ඇවිල්ලා..."

" VIP එරියා එකට එක්ක යන්න...අල්මේදා මම ගිහින් විනාඩි දහයකට විතර පස්සෙ අභිමාන්ව උඩට එවන්න..."

" හරි සර්..."

අල්මේදත් එලියට ගිහාම මම අයෙම සිගරට් එකක් අතට අරන් එකත් පත්තු කරන් තොල් අතර රදවගෙන මගෙ රූම් එකෙන් එලියට ආවා...ක්ලබ් එකෙ වැඩ පටන් අරන්..සෙනග පිරිලා ඉතිරිලා ගිහින් තියනකොට මගෙ කටකොනින් හිනාවක් මතු උනා...ඩාක් නයිට් ක්ලබ් එක කියන්නෙ කොලබ මිනිස්සු අතර පිස්සුවක් වෙන්න තව වැඩි කාලයක් යන්නැ...මගෙ මහන්සිය අපතෙ යන එකක් නෑ...මම සෙනග අතරෙන් ජේඩ් ඉන්න පැත්තට යනකොට මම දැක්කා අභිමානුත් ඈත ඉදන් මම දිහා බලන් ඉන්නව...

පල්ලෙ තට්ටුව වගෙ කලබල ගතියක් නැති VIP එරියා එක වෙන් උනෙ සල්ලිකාරයන්ට...නිස්කලංක සිංදුවක් එක්ක අඩ අදුරෙ වෙන් කරගත්තු තැන් වල සල්ලිකාරයො උන්ටම කියලා වෙන් කරගත්තු මගෙ ක්ලබ් එකෙ කෙල්ලො එක්ක සැප විදිනවා...සමහරු හැටත් පැනපු නාකි...තවත් තැන් වල සල්ලිකාර නාකි ගෑනු...මෙතන කී දෙනෙක් නම් ඇතිද ගෙදර ගෑනිව මිනිහව මේ රෑ තනියම දාලා ඇවිත් ක්ලබ් එකෙ ඉන්න කෙල්ලො කොල්ලොන්ගෙන් සැප හොයන...පිට යන එකා කොහොමත් පිට යනවා අපිට පුලුවන්ද උන්ව නවත්තන්න..අනික මට සල්ලි හම්බවෙනව නම් උන් මෙතන ඇවිල්ලා මොන මගුල කරත් අදාල නැ...

" මිස්ටර් ටෙවින්...."

ජේඩ් ඉන්න එරියා එක පේන මානෙ ඉන්නකොට මට ටිකක් පුරුදු කටහඩක් ඇහුනා...මම ඒ පැත්ත හැරිලා බලනකොට අදුරෙම මට මිනිහව අදුරගන්න පුලුවන් උනා...රටෙ විපක්ශ නායකතුමා පොඩි කෙල්ලක් තුරුල් කරන් සොෆා එකක ආතල් එක ගන්නවා....නාකි ප#යා..ඌට මේ ඉන්න වයස දුවකුත් ඉන්නවා මම හිතන්නෙ...

" විපක්ශ නායකතුමා ඔබතුමා මෙ වෙලාවෙ...."

" ටෙවින් පුතා මොකො පුදුම වෙලා..මම ඉතින් පුතාගෙ ක්ලබ් එකෙ හොද කස්ටර්මර් කෙනෙක්නෙ...."

" එකනෙ අංකල්..."

කොහොමද මුගෙ රගපැම...පාර්ලිමෙන්තුවෙදි මූ රෙදි උස්සන් අපෙ පක්ශෙට බයින්නෙ...අනික කී පාරක් නම් මම පාර්ලිමෙන්තුවෙ කතා කර කර ඉන්නකොට මේ පිස්සව වාඩි කරන්න කියලා මූ කෑගහලා තියද....එහෙව් එකාගෙ ආදරෙ බලපල්ලකො...අපි ඔක්කොම යාලුවො මල්ලි...

" පුතා...කෙල්ලන්ගෙ රස ඉවරයි බං...මට දියම්කො කොල්ලෙක්..."

ටෞකන්න නාකි හු#තා...මූ කොල්ලෙක් ඉල්ලනවා නෙද ඒ පාර...

" අංකල්ට කොහොම කෙනෙක්ද ඕන...."

" හුරතල් එකෙක් නම් ගොඩක් හොදා..."

" ම්ම්...රෝසි පල්ලට ගිහින් මනීව මෙතනට එවපන්..."

" හරි සර්..."

විපක්ශ නායකතුමා ලග හිටපු කෙල්ලට මම කියනකොට එකි ඇදගෙන හිටපු ඇදුමත් හද හද පල්ලට ගියා...මෙතන වැඩ කරන හැම කෙල්ලෙක්ට වගේම කොල්ලෙක්ටම අපි දුන්න වෙනම නමක් තිබ්බා..මෙතනට එන කස්ටමස්ලා ඒ නමින් තමා එයාලව දන්නෙ..ඇත්ත නමක් ගමක් විස්‍තරයක් කිසිම වෙලාවක කස්ටමස්ලා දැනගන්නැ...ඒක මෙතන වැඩ කරන අයගෙම ආරක්ශාව වෙනුවෙන් මම කරපු දෙයක්...

" සර් මට කතාකරාද..."

මනී....ක්ලබ් එකෙ හිටපු හුරතල්ම කොල්ලා...වැඩිම වාර ගානක් මාත් එක්කත් නිදාගත්තු එකා..මනී කියන්නෙ මෙතන වැඩිම ගානකට විකිනෙන කොල්ලෙක්..හැබැයි ඌ කවදාවත් කා එක්කවත් ඇදට නගින එකෙක් නෙවෙ...මම ඌගෙ ආසම දේ ඒක...හැබැයි ඌ මගෙ ඇගට යට වෙන්න නම් දෙපාරක් හිතුවෙ නෑ...ඌ මාව දකින්නෙ දෙවියෙක් විදිහට..අපායක් වෙලා තිබ්බ ඌගෙ ජිවිතෙ ගොඩ නැගුවෙ මමලු..මම දන්නැ ඌම තමා කියන්නෙ...

" ලොක්කව බලන්න මනී...ඌ අනවශ්‍ය විදිහට ඇනයක් වෙනවා නම් වටපිටාවෙ ඉන්නෙ මගෙ ගාඩ්ලා..ටක් ගාල උන්ට ඉගියක් දිපන් ම්ම්...."

" හරි.....සර්..."

" ඇයි මනී...."

මම යන්න යනකොට මනී මගෙ අතින් අල්ලගත්ත නිසා මම කොල්ලා දිහා බැලුවා...

" මට සර් එක්ක කතා කරන්න ඕන..."

" හදිස්සි දෙයක්ද..."

" නෑ සර්..."

" ම්ම්...මම රෑ වෙලා එන්නම්...අල්මෙදාට කියන්න ක්ලබ් එකෙ මගෙ රූම් එක රෙඩි කරන්න කියලා...වොශ් එකක් දාගෙන ඉන්න....අරූගෙ සුවද තමුන් ලගින් එන්න බෑ ම්ම්..."

" හරි සර්....."

මැලවිලා ගිහින් තිබ්බ කොල්ලගෙ මූන හිනාවකින් පිරිලා ගියා...මාසයකින් විතර ඌට මාත් එක්ක ඉන්න බැරි උනා..ඒක නිසාමද කොහෙද ඌ මැලවිලා යන්න ඔන්න මෙන්න තියන මලක් වගෙ..අනික ඒකා දැක්කාම මගෙත් ඉවසීම නැතුව යනවා..ම්ම්ම් ගොඩ කාලෙකට පස්සෙ ආතල් එකක් සෙට් වෙයි වගෙ...

මම මනීගෙ ඔලුවත් අත ගාල ලොක්කා ඉන්න පැත්තට හෙමිහිට තල්ලු කරන ගමන් ජේඩ් ඉන්න පැත්තට ආවා..ජේඩ් එහෙමත් නැත්නම් ශාරද් තනියම වයින් උගුරක රස බලන ගමන් නිවි නිවි පත්තු වෙන බලබ් එකක් දිහා බලන් බර කල්පනාවක..VIP එරිය එකෙ ඉන්න හැමෝම ලග කවුරු හරිම කෙල්ලක් හරි කොල්ලෙක් හරි හිටියත් ජේඩ් හිටියෙ තනියම..ඌ ඉස්සර නම් මෙහෙම නා...එකට දෙක තුනක් වටකරන් වෙනම් ලෙවල් එකක ආතල් එකක් ඌ ගත්තෙ...එත් ලගකදි ඉදන් ඌගෙ තියෙන්නෙ හැබෑම වෙනසක්....

මම ජේඩ් වාඩිවෙලා හිටපු සොෆා එකෙ අනික් කෙලවරෙන් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තා..මට වඩා අවුරුදු දෙකක් විතරක් වැඩිමල් උනත් ජේඩ්ට තිබ්බෙ අභිමාන්ගෙ වයසම වගෙ පෙනුමක්..ජේඩ්ගෙ මූන පුරා කැපුම් පාරවල්..සමහරක් එවා කැලැල් වගෙ හිටල...

" ජේඩ්...."

" ම්ම්..."

" කෙල්ලක් හරි කොල්ලෙක් හරි ගෙන්නද...අලුතෙන් කෙල්ලක් ඇවිල්ලා ඉන්නවා උබෙ විදිහෙ....."

මම අහ්නකොට ජේඩ් ඌගෙ රත්තරන් දත පෙන්නම හිනාවෙලා ඔලුව වැනුවා...අතෙ තිබ්බ වයින් ග්ලාස් එක ටේබල් එක උඩින් තියලා ඌ අත් දෙක බැදගෙන මම දිහා බැලුවා...

" ආදරෙ කියන හැගීම මහ පුදුම හැගීමක් බං..මීට කලින් මම ජිවිතේට හරිහමන් විදිහට ආදරෙ කරලා නෑ කියන එක මට දැන් තෙරෙනවා...සාරා...එකිව මතක් වෙනකොටත් මගෙ හදවත පිස්සු නටනවා බං...මුලු හදවතේම ඉන්නෙ එකි විතරක් වෙනකොට වෙන උන් මොකටද බං මට...."

" හම්මට කොලබ ඉන්න ලොකුම මැරයා ආදරෙන් අන්දවෙලා..."

" උබටත් දැනෙයි මම මේ කියන දේ කාටහරි ආදරෙ කරන්න ගත්තාම...මම මගෙ මුලු ආත්මෙම ඒ පුංචි කෙල්ල වෙනුවෙන් වෙන් කරලා ඉවරයි බං...මගෙ ලගට ලං වෙන්න මම අයිතිය දිලා තියෙන්නෙ එකිට විතරයි...වෙන එකෙක් හරි මට ලං වෙන්න හැදුවොත්...... මරනවා..... මගෙ එකීගෙ අයිතිය වෙන උන්‍ට මම දෙන්නැ ටෙවින්....."

" හරි හරි අප්පෙ නිකම් කිවෙ උබට එපා නම් නිකම් ඉදපන්...එක නෙවෙ උබ මොකද හදිස්සියෙම..."

මම සිරියස් මූඩ් එකෙන් අහනකොට ජේඩ්ඩුත් තනිකරම ආයෙ ඌගෙ ඇත්ත ස්වරූපෙට ආවා..ආදරෙන් අන්ද වෙලා ඉන්න සාරාගෙ ශාරද්ගෙන් මුලු කොලබම හොල්ලන් ඉන්න පාතල කන්ඩායමෙ නායකයගෙ ස්වරූපෙට..

" මගෙ එකෙක්ව ඇතුලට දලා..."

" මොකක්...කවුද...."

" අලුතෙන් ඕඅයිසී මහත්තයෙක් වැඩට බැහැලා...නීතිය අකුරට....මිනිහා එක්ක ලෙසි නෑ....එක්කො ඌ එලොව යවන්න ඕන නැත්නම් අපෙ පැත්‍තට නම්මගන්න ඕන...."

" මගෙන් වෙන්න ඕන මොකද්ද..."

" මගෙ එකා ඇතුලෙ හිටපු දෙන්...ඌ කරපු ජරා වැඩේට ඌ කොහොමත් ඇතුලට යන්න ඕන....අරූට මාරුවක් දීපන් වෙන කොහාටහරි...ඌ ඉස්සරහට අපිට ඇනයක් වෙන්න ඉඩ තියනවා..."

" ම්ම්..මම ඩැඩාට කියන්නම්..."

ජේඩ්ට මම කියනකොට ඌ ඔලුව වනලා ආයෙම වයින් ග්ලාස් එක අතට ගත්තා...මමත් වයින් ග්ලාස් එකක් අතට අරන් උගුරක් බීවා...

" ජයරත්නයට මොකද කරන්න හිතන් ඉන්නෙ...."

" ඌ හිතන තරම් කෙරුමෙක් නෙවෙ ජේඩ්...එක පාරින් ඌගෙ කතාව ඉවර කරන්න පුලුවන්....හැබැයි මෙතන වෙන මොකක් හරි දෙයක් තියනවා.. ඌට බඩු දෙන්න බෑ කිව එකටම ඌ මාව මරන්න හැදුවා වෙන්න බෑ..."

" මටත් හිතුනා...මොනා උනත් පරිස්සමට වැඩ ටික කරගන්නවා...ජන්දෙ ලග එනවා... වැඩෙ ගස්සගන්න එපා..උබ අනිවාරෙන් මේ පාර ඇමතිකමට බහින්නම ඕන හොදින් හරි නරකින් හරි...."

" ම්ම්..."

ආයෙම මමත් ජේඩ්ත් අතර නිහඩ බවක් ඇති උනා...ජෙඩ් කියන්නෙ කියවන මනුස්සයෙක් නෙවෙ..ඕනම දෙවල් කිවා කටවහගත්තා...

" ජේඩ්...."

" ම්ම්..."

" සාරා ගැන බලන්න...එදා ආපු මිනිස්සු මම වගේම සාරාත් දැක්කා...ඒ නිසා මේ කෙස් එක හංගන්න ඕන කමට උන් සාරාට ඇටෑක් කරන්න ඉඩ තියෙනවා...."

" අතක් හරි තියන්න කියපන්කො බලන්න....ජයරත්නයාගෙ මිනිය හම්බවෙයි කොලබ කුනු කානුවක් අස්සෙන්...."

ජේඩ් මහා අඩම්බරෙන් කියනකොට මම්ත් කට කොනින් හිනාවෙලා වයින් උගුරක් බීවා...එත් එක්කම අපි ලගට ආව අභිමාන් දැකපු ජේඩ් අභිමාන් දිහා ටිකක් වෙලා බලන් හිටියා....

" ජේඩ් මේ ඉන්නෙ අභිමාන්..මගෙ පර්සනල් බොඩිගාඩ්...."

" ම්ම්ම්..."

" අභිමාන් මේ ඉන්නෙ මගෙ හොදම යාලුවා....ශාරද්...."

" ම්ම්..."

අම්මටසිරි වෙලා කොල්ලට සොරි වෙනවා..බලපල්ලකො අභිමාන්ගෙ ගැම්ම..මූ ශාරද් දිහා කෙලින් බලන් ම්ම්ම් කියනකොට මම බැලුවෙ ශාරද් දිහා..ඌ ඇහිබැමකුත් උස්සන්ම අභිමාන් දිහා බලන් ඉන්නවා...අභිමාන් ලොකු ලයින් නම් මූට පෙන්නන්න එපා...උබෙ අඩු ටික කඩලා මගෙ බෙල්ලෙ එල්ලයි...මම අභිමාන්ට ශාරද්ව ජෙඩ් විදිහට හදුන්වලා නොදි මගෙ හොදම යාල්‍ය්වා විදිහට හදුන්වලා දුන්නෙ හැමදේම අභිමාන්ට කියන්න තරම් මට අභිමාන් ගැන විශ්වාසයක් තාමත් ඇති වෙලා නැති නිසා....

" ටෙවින්ව පරිස්සමට බලාගන්නවා..."

ජේඩ් ඉදගෙන හිටපු තැනින් නගිටලා අභිමාන්ගෙ උරහිසටත් තට්ටුවක් දාගෙන යන්න ගියා..

" දැන් රෑ වෙලා ගෙදර යන්න..."

" අද මම මෙහෙ නවතිනවා..අභිමාන් වැඩ ඉවර වෙලා අභිමාන්ගෙ ගෙදර යන්න..."

" නවතින්නෙ මොකටද...."

අභිමාන් ජේඩ් වාඩිවෙලා හිටපු තැනින් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තා...එයා නවතින්නෙ මොකටද කියලා අහනවත් එක්කම නවතින්න හේතුව අපෙ පැත්තට ආවා...මූට තියෙන්නෙ සුපිරිම ඇගක්...ඒ ඇග කෙල්ලක්ට උනට් සෙට්...පිස්සු හැදෙන රුවක් දෙයියනෙ....

මනී අපි ඉන්න පැත්තට ඇවිල්ලා කෙලින්ම වාඩි උනෙ මගෙ ඔඩොක්කුවෙන්...මට නම් මේක අමුතු දෙයක් නොවුනත් මම දැක්කා අභිමාන්ගෙ ඇස් පවා උඩ යනවා...

" බබා වැඩ ඉවරද ම්ම්..."

" වැඩ ඉවරයි සර්...විපක්ශ නායකතුමාට නින්ද  ගියානෙ..."

" ම්ම්...ඒක හොදයි..යන්න ගිහින් මගෙ කාමරෙන් වොශ් එකක් දාගෙන ඉන්න..මම එන්නම්...."

" පරක්කු වෙන්න එපා..."

" නෑ ඉක්මනට එන්නම් බබා...ඔයා යන්න..."

මනී මගෙ ලග හුරතල් වෙව් කියවනකොට මම ඌව ටිකක් ඇවිස්සෙන විදිහට ඌගෙ ඇග පුරා මගෙ අතෙ ඇගිලි එහෙ මෙහෙ කරන ගමන් ඌගෙ කම්මුල් වලට පුංචි පුංචි හාදු තිබ්බා...මනී ඔඩොක්කුවෙන් නැගිටලා යන්න යනකොට එකාගෙ පිරුනු පස්සට මම එකක් ගහලා ඇහැක් ගැහුවා...ඒකා මූනත් රතු කරන් දිව්වා..හරි කොලන් තමා අනෙ මෙකගෙත්....

" ගෙදර පලයන්...."

" ආහ්......"

" මගෙන් මැරුම් නොකා කරුනාකරලා ගෙදර පලයන් අධ්‍යාශ් හරි...උබනොගියොත් මම උබෙ බෙල්ලෙන් ඇදන් අරන් යන්නෙ ම්ම්...."

"  අභිමාන්........"

මම හිතන්නෙ මගෙ තරහවෙ සිමා මායිම් බිදිලා ගියා..ඉදගෙන හිටපු මම නැගිටලා අභිමාන්ගෙ කොලර් එකෙන් අල්ලලා ඌව නැගිට්ටුවා....මගෙ ඇස් වලින් පවා කෙන්තිය පිට කරන් බව මට තෙරෙනකොට ඌ කරේම අත් දෙකත් සාක්කු වලට දාගෙන කට කොනෙන් හිනා උන එක....

" අභිමාන්....මම උබෙ ලොක්කා...මම කරන්නෙ මොකද්ද නැත්තෙ මොකද්ද කියලා තීරනය කරන්නෙ උබ නෙවෙයි මම....මට මේක ආයෙ ආයෙමත් කියන්න තියන්න එපා හරී...උබ උබට අදාල වැඩෙ කරලා කට වහන් පාඩුවෙ ඉදපන් ම්ම්....මාව උබෙ මාරයා කරගන්න හදන්න එපා...."

" කෙන්ති අරන් කෑගැහුවට කමක් නෑ....හැබැයි අමතක කරන්න එපා උබ බලෙන් මාව උබ ලගට ගත්තා කියන එක....ගෙදර පලයන්..."

" ගෙදර ගිහින් උබ එනවද මා එක්ක බුදියගන්න....අභිමාන්...මගෙ යකා අවුස්සගන්න හදන්න එපා හරී...."

" එන්නම්.......දැන් පලයන්...."

මම හිතන්නෙ මගෙ කට වැහිලා ගියා...ආපු කෙන්තියට උබ එනවද මාත් එක්ක බුදියගන්න කියලා ඇහුවත් ඒකා මගෙ ඇස් දිහා කෙලින් බලන්ම එන්නම් කිවා...එයාගෙ කොලර් වල තදවෙලා තිබ්බ මගෙ අත් එයා හෙමිහිට ගලවලා අයින් කරලා දාලා එයාගෙ එක අතකින් මගෙ කම්මුල් තද කරලා අල්ලගත්තා..

" විනාඩි පහක් දෙන්නම්....තීරනය කරලා පල්ලට එනවා...."

" මොක....මොකද්ද....."

" අර ගිය එකා වගෙ එකෙක්ව යට කරගන්නවද නැත්නම් මං වගෙ පිරිමියෙක්ට යට වෙලා උබෙ ආත්මෙම මට සින්නක්කර ලියලා දෙනවද කියලා....හැබැයි.....උබ මාව තොරන් මගෙ ලගට ආවොත් ආයෙ පිට එකෙක්ගෙ හුස්මක්වත් කවදාවත් උබට වදින්නවත් බැ ම්ම්....මරනවා...උබව මම අනිවාරෙන්ම මරලා දානවා අධ්‍යාශ්....මගෙ කියන්නෙ මගෙ විතරයි ම්ම්........"

මගෙ කම්මුලට තට්ටු කරලා අභිමාන් යන්න ගියා..මොකද්ද හු#තො ඒ උනෙ..අරූට මොන යකා ගැහුවද එක පාර..මොකක්..යකො මම බුදියගන්න එනවද ඇහුවෙ නිකම්..ආආඅහ් යකො මුන්ට විහිලු තෙරෙන්නෙ නෑනෙ... මොකද්ද ඒ කිවෙ ඌගෙ ඇගට යට වෙලා ආත්මෙ සින්නක්කර ලියන්න... මොනොත්තක්ද අනේ ඒ උනෙ...  දෙයියනෙ ඌට යට උනොත් රාජපුත්‍ර පවුලෙ නම්බුව හැදි ගැවිලා යනවා..මම කවද්ද දෙයියනෙ යට උනෙ යටකරගත්තා මිසක්...මම හිතන්නෙ මගෙ හන්දිපත් වල හයියත් නැතුව ගිහ්න් එහෙමම සොෆා එක උඩට වැටුනා...

ඌ කිවෙ විනාඩි පහක් දෙන්නම් කියලා නෙද..දෙයියනෙ මම මොකද්ද කරන්නෙ...එක පැත්තකින් මම එනකල් බලන් ඉන්න මනී..අනික් පැත්තෙන් මම ම ඉල්ලන් කාලා සෙට් කරගත්ත අභිමාන්...අනෙ යකො මම ඒක විහිලුවට කිවෙ...මට බෑ මට බෑ මට බෑමයිනෙ...අනෙ ඩැඩා පුතාගෙ පතිවත....ජේඩ් අනෙ මූට වෙඩි තියපන් ජේඩ්....මාව බෙරගනිම්...ඇයි යකො මම මුට බයවෙන්නෙ..මම ටෙවින් අධ්‍යාශ් රාජපුත්‍ර...අභිමාන් උබ හිතන්න එපා උබෙ ඔය සද්දෙට මාව කොන්ට්‍රොල් කරගන්න පුලුවන් කියලා...

මම පුටුවට අත මිටිමොලවලා ගහන ගමන් පුටුවෙන් නැගිට්ටා...අභිමාන්ට ගෙදර යන්න කියලා මැසෙජ් එකක් දාලා මම එහෙමම මගෙ රූම් එක පැත්‍තට ගියා..ශික් තනිකරම මගෙ මයින්ඩ් එක මූ කෑවා...මම රූම් එක ලගට ඇවිල්ලා දඩස් ගාලා දොරත් ඇරගෙන ඇතුලට ගියා...ක්ලබ් එකෙ මටම වෙන් කරපු රූම් එකක් තිබුනා...ඩබල් බෙඩ් එකක් සොෆා එකක් පොඩි ෆ්‍රිජ් එකක් වගෙම අල්මාරියකුත් තිබුනා...එකෙ එක පැත්තක මගෙ ඇදුම් වගෙම අනික් කොටසෙ මෙතනට මම ගේන උන්ට අදින්න ඕන වෙන ඇදුම් තිබ්බා...මෙතනට වැඩිපුරම ආවෙ මනී වෙනක්ට වැඩිපුරම තිබ්බෙත් මනීගෙ බඩු...

" සර්...."

වොශ් එකක් දාලා බාත් රූම් එකෙ ඉදන් ආපු මනී මගෙ අතක එල්ලිලා මගෙ උරහිසට හාදුවක් තිබ්බා...මම කට කොනෙන් හිනාවක් පෙන්නන ගමන් ගිහින් සොෆා එකෙන් වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්තා...

" බබා ඔලුව රිදෙනවා...."

" මම අතගාන්නද..."

" ම්ම්...."

මම කියනකොට මනී මගෙ පිටිපස්සෙන් හිටගෙන එයාගෙ චුටි ඇගිලි මගෙ දිග කෙස් අතරින් එහා මෙහා යවන ගමන් අත ගෑවා..සනීපයි...ඒ ඇගිලි පුදුමාකර තරම් සනීපයි...එයා නාලා තියෙන්නෙ මම ආසම සුවදක් තියන බොඩි වොශ් එකක් පාවිච්චි කරලා..ම්ම් එයාගෙ සුවද මගෙ නාස් පුඩු අතරින් යනකොට මම හෙමිහිට ඇස් වහගත්තා...

" බබා..."

" සර්...."

" මොකද්ද කියන්න ඕන කිවෙ...."

" ස්..සර් ම..මම මේ...."

" ඇයි ගොත ගහන්නෙ ම්ම්..මම සැර කරාද නෑනෙ... කියන්න බබා කාලෙ කන්නැතුව...."

" සර් මම....මට අලුත් ජොබ් එකක් හම්බුනා... සර් මට මේ ජොබ් එකෙන් අයින් වෙන්න ඕන..."

" ම්ම් ඒක හොදයි...හොද ජොබ් එකක් ලැබුනා නම් මේ ජිවිතෙ අතාරින එක හොදයි මනී....මනුස්සයෙක්ට තමන්ගෙ ආත්ම ගරුත්වය ගොඩාක් වටිනවා..උබලා තියන අසරනකමට ඒක විකුනන් කෑවට මට උබලගෙ දුක නොතෙරෙනවා නෙවෙ....පලයන් අලුතෙන් ජිවිතෙ පටන් ගනින් මනී....."

මම ඇස් පියාගෙනම කියනකොට මට දැනුනා මනීගෙ කදුලු බින්දුවක් මගෙ කම්මුලක් උඩට වැටෙනවා...උන්ගෙ අසරනකම මට නොදැනෙනවා නෙවෙ..එත් මට කරන්න පුලුවන් සිමාවක් තියනවා...මෙතන වැඩ කරන කෙල්ලො කොල්ලො ඔක්කොම මගෙ ලග වැඩ නොකරා නම් අනිවාරෙන් කොලබ එක එකාගෙ අතින් අතට ගිහින් විනාස වෙනවා...හැබැයි උන්ට මෙතන මගෙ ලග ආරක්ශිතව උන්ගෙ ජොබ් එක කරන්න පුලුවන්...මනී කියන්නෙත් තමන්ව ජාතක කරපු එකා අතින්ම විනාස උන අහිංසක පොඩි කොල්ලෙක්..ඌගෙ අප්පා කොල්ලාව අවුරුදු පහලොවෙදි වගෙ විනාස කරා මදිවට ඌගෙ යාලුවන්ටත් විකුනලා තිබුනා...එක එකාගෙ අතින් අතට ගිහින් අන්තිමට මනී මගෙ ලගට ආවා...ඌ එදයින්පස්සෙ මේ ක්ලබ් එකෙ කරෙත් ඒ ජොබ් එක හැබැයි කිසිම එකෙක් එක්ක ඇදට නැග්ගෙ නෑ...ඌ විතරක් නෙවෙ මෙතන ඉන්න ගොඩක් කෙල්ලො කොල්ලො එහෙමයි..එත් සමගරක් උන් එහෙම කරා..මට එකට මොකුත් කරන්න බෑ....හැබැයි මේක ඇතුලට එන කිසිම කස්ටමර් කෙනෙක්ට මගෙ ලග වැඩ කරන උන්ගෙ අකමැත්තෙන් උන්ට අතක්වත් තියන්න මම ඉඩ තියලා නෑ....

" බබා ඇති....එන්න මගෙ ලගට...."

මම මනීට කියනකොට මනී මගෙ ලගට අවිල්ලා වාඩිවෙලා මගෙ උරහිසට ඔලුව තියාගත්තා....අපි අතර මේ තියන සම්බන්ධය...ඒකෙ කිසිම තැනක ආදරය කියන වචනය කියන දේ ගෑවිලාවත් තිබ්බෙ නෑ...ඒක මගෙ පැත්තෙන් එහෙම උනාට මනීගෙ පැත්තෙන් කොගොමද කියන්න මම දන්නැ...හැබැයි මට විශ්වාසයි මට මේක නිකම් සම්බන්දයක් විතරයි...

" ඇයි මේ අඩන්නෙ ම්ම්..."

" මට සර්ව දාලා යන්න දුකයි....සර්ට ඕන උන ඕනම වෙලාවක සර්ට පුලුවන් මට කොල් කරන්න....මම මොන ලොකෙ හිටියත් එන්නම් සර්...."

" ම්ම්ම්....මම කතා කරන්නම්...දැන් නාඩා ඉන්නකො..."

මම මනීගෙ ඔලුව අතගාන් ගමන් කියනකොට ඌ කරෙ මගෙ උරහිසෙ ඔලුව ගහන් හිටපු එක....එත් එක්කම වගෙ රූම් එකෙ දොරට තට්ටු කරනවා ඇහුන නිසා මනී උරහිසෙන් ඔලුව අරගෙන නැගිට්ටා...

මම දවසෙ කිවෙනි සිගරට් එකද මන්ද තොල් අතර රදව ගන්නකොට මනී ගිහින් දොර ඇරියා.. දොර ලග හිටන් උන්න මනුස්සයා දැක්කාම මාව නිකම්ම සොෆා එකෙන් නැගිට්ටුනා...අභිමාන්...මූ මොන මගුලක්ද මගෙ පස්සෙන් මායම් වෙවි කරන්නෙ..මූට මේ කරන්න කිව වැඩෙ කරලද මගෙ පස්සෙන් එන්නෙ..අනික...අනික යකො මම ඒක කිවෙ විහිලුවට කියලා මූට කවුරු හරි තෙරුම් කරපල්ලකො.....

අභිමාන් මනීව ගනන් නොගෙන කෙලින්ම රූම් එකට ඇවිල්ලා මගෙ ඉස්සරහින් හිටගත්තෙ පුරුදු විදිහටන එයාගෙ අත් සාක්කුව අස්සෙ හංගගෙන...

" ඇයි ආවෙ නැත්තෙ ම්ම්....අධ්‍යාශ් ඇයි මාව තොර නොගත්තෙ...."

" අභිමාන් තමුසෙට පිස්සුද අයිසෙ....මොන මගුලක්ද මේ කියනවකො... තමුසෙට මම් පඩියක් දෙන්නෙ මාව ගාඩ් කරනවට විතරයි....."

" තමුන් මාව නැති කරගත්තා අධ්‍යශ්....තමුන් තමුන්ට ලෙසියෙන්ම ලැබුන චාන්ස් එක නැති කරගත්තා......."

------------------------------------------------------

ගුන බුස ජපුර...
පැංචා දොයි.....

අදහස් දක්වන් යන්න ඕන හර්තෙ...

ලොකුහාමු අරන් එනකල් පරිස්සමෙන් ඉන්න ඕන හර්ත...

ආදරෙයි....

SOFY_Capricorn


You are reading the story above: TeenFic.Net