" සාරා තමුසෙ දහයට ගැන ගන්න බෑ වගෙ හිටියට මාරයිනේ ඕයි...තනි බොරුවනෙ..අහිංසකයි වගෙ රගපන්නැතුව තමුසෙගෙ ඇත්ත එලියට දාලා ඉන්නවකො...අනික මාත් එක්ක වැඩ කරනකොට ඔහොම අහිංසක වෙලා බෑ ඔයි..."
" හරි සරි...."
" හරි සර්..හරි සර් තමා..අනෙ තමුසෙව මරන්න හිතයි මට....ඔන්න ඔය ඇදුම මැදලා ගන්නවා හලො.....අල්මේදා......අල්මේදා මගෙ කොන්ඩෙ තෙතයි අයිසෙ කොන්ඩෙ පිහදානවා...මොන මගුලෙද යන්නෙ අල්මේදා..................................."
හොස්පිට්ල් එකට ගිය අපි ආයෙම රාජපුත්‍ර මන්දිරෙට ආවෙ ස්කොලෙට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා..අල්මේදාත් ස්කොලෙ වැඩ ටික බලලා අබේව ස්කොලෙ නවත්තලා ආයෙම ආවා...හොස්පිට්ල් එකට ගිහින් ඇවිල්ලා වොශ් එකක් දාගෙන මම සාරට මාත් එක්ක වැඩ කරනවා නම් ඉන්න ඕන විදිහ කීවෙනිවතාවටද මන්දා තේරුම් කර කර ඉන්නකොට එකි පුරුදු විදිහටම ෆයිල් එක බදන් හරි සර් කිවා..මට මලම පයින වචන ටික ඔන්න ඕක.. හරි සෑර් තමා..ඔච්චරයි පුළුවන් මේකිට...ඒ අස්සෙ අර අල්මේදාට කොන්ඩෙ පිහදාන්න කිවාම ඒක මොන මකබාවක ගිහින්ද දන්නැ......
" එනවා සර් මේ එනවා...."
අල්මේදා කෑගහගෙන ඇවිල්ලා මගෙ ටවල් එක අරන් කොන්ඩෙ පිහින්න ගත්තා...එකා අපෙ කිචන් එකට පැනලා ගිලිනවද කොහෙද...සැන්ඩ්‍රාත් මුන්ට ගිල්ලනවා ඉවරයක් නෑ...
" හෙමින් පිහිනවා ඕයි...තමුසෙ ඕක පිහදලා ඉවරවෙනකොට මගෙ ඔලුව තමුසෙගෙ අතේ තියෙයි....සාරා....අර කරන්න තියන කතාව තමුසෙ හැදුවා නේද..කෝ ඒක ගෙනල්ලා දෙනවා..."
මගෙ ඇදුම මදින ගමන් හිටපු සාරා අයන් එක ඔෆ් කරලා එකිගෙ ෆයිල් එක් අස්සට එබිලා මගෙ කතාව හොයන්න ගත්තා..කොච්චර බැන්නත් ඉතින් සාරා නැත්නම් මට බඩු බනිස් තමා...එහෙමයි කියලා මුන් එක්ක මෙහෙම වැඩ කරන්න පුළුවන් ද....
"සර් මෙන්න..."
සාරා මගෙ අතින් සීආර් කොලයක් තිබ්බා...සාරාගෙ බෝල අකුරු වලින් ලියපු මගෙ කතාව...
" මේක කතාවක්ද විචාරයක්ද සාරා..මම තමුසෙට කිවෙ කතාව කෙටියෙන් ලියලා දෙන්න කියලා නේද ඕයි...මේ කතාව ඉවරවෙනකොට ස්කොලෙත් ඉවර වෙලා තියෙයි...."
" ඒ උනාට ඕකෙ කියන්නම ඕන ටික තියෙන්නෙ සර්..එතන ඉන්නෙ මේ පාර එලෙවල් කරන ලමයි ටිකක්..අනික ඒ ලමයින්ගෙ දෙමව්පියොත් එනවා...ඔය එලෙවල් ලියන ලමයින්ට මේ පාර එයාලගෙ පලවෙනි ජන්දෙ හම්බවෙනවා...පලවෙනි ජන්දෙම සර්ට ගන්න පුළුවන්..."
සාරා හෙන කතාවක් කියලා මේ කොලෙ තියන එවා කියන්නම ඕන කියලා බල නොකර බල කරලා ආයෙම ගිහින් මගෙ ඇදුම අයන් කරගත්තා...මේකිට මැරිල වැටෙන්න ගහන්න තිබ්බා නම්...
" මොකක්..කවද්ද මම මෙහෙම පහසුකමක් ස්කොලෙට දෙනවා කිවෙ...සාරා තමුසෙ හිතන්නෙ මම සල්ලි ගස්වලින් කඩනව කියලද...."
" සර් මෙච්චරකල් ගිහින් කරපු කතා වල කියපුවා ඇත්තටම කරා නම් මෙලහට ලංකාව සංවර්ධිත රටක් කරන්න තිබ්බා සර්ට තනියමම..එවා නිකම් කතා විතරනෙ...එවා කියන සර්ම දන්නවා සර්ට එවා කරන්න බෑ කියලා..ඒ උනාට ඔය අපූරුවට ගිහින් කියන්නෙ..අන්න ඒ වගේ ඕකත් කියලා දාන්න......."
" අල්මේදා...අල්මේදා....පේනවද මේකි මට කියන කතා....අල්මේදා මේ දැන්ම මෙකිව අස් කරලා දාලා අලුත් සෙක්ට්‍රි කෙනෙක් හොයාගන්නවා...."
සාරා ලියලා දුන්න කොලෙ පොඩි කරලා සාරටම දමලා ගහලා කොන්ඩෙ පිහ දාන ගමන් හිටපු අල්මේදට මම කෑගැහුවා..සාරා මම දිහා බලලා ආයෙම ඇදුම අයන් කරන්න ගත්තා..මුන් එක්ක හිටියොත් මට පෙශර් නගිනවා...සාරා අයන් කර කර හිටපු ඇදුම උදුරලා අර ගත්ත මම සාරාට රැව්වා....
" මොනවද බලන් ඉන්නෙ....යනවා එලියට...අල්මේදා තමුසෙත් යනවා...මල වදයක් තමුසෙලා දෙන්නගෙන් තියෙන්නේ...."
මම කෑගහනකොට සාරා එකිගෙ ෆයිල් එකත් අරන් අල්මේදා ලගට දුවගෙන ගියා...
" අල්මේදා අංකල් අර මූලග්ගින්නට මොකද්ද තෙලක් තියනවා නේද...අපි ඒක ඔන්ලයින් ඕඩර් දාමුද..."
අල්මේදා ලගට ගිය සාරා අල්මේදාට රහසින් කියපු එක මට් ඇහුනා...
" තමුසෙ ආසද සාරා අලීනාගෙ රෑ කෑම එක වෙන්න...."
මම සාරාගෙන් රවාගෙන අහනකොට අලීනා කියන නම ඇහුනත් පන යන්න දගලන සාරා අල්මේදාවත් ඇදගෙන මගෙ රූම් එකෙන් එලියට දිව්වා..නියමයි මගෙ ස්ටාෆ් එකෙ ඉන්නෙ තනිකරම පිස්සන් කොටුවෙ ඉන්න ඕන සෙට් එකක්...අබේ ඒකා මගෙ ඩ්‍රයිවර් උනාට වැඩක් නෑ මට ගමනක් යන්න ඕන උනාම ඒකා මගෙම වාහනෙත් අරගෙන ඒකාගෙ ගමේ ගිහින් කෑල්ල බලන්න...අල්මේදා මගෙ වැඩ වලට උදව් කරන්න කියලා වැඩට ගත්තට ඌගෙ වැඩ වලට උදව් කරන්න වෙලා තියෙන්නේ මට...සාරා ගැන කතා කරලා වැඩක් නෑ..මොන ලොකෙන් මගෙ සෙක්ට්‍රි වෙන්න කඩාපාත් උනාද දන්නැ..මට වඩා දවස් ගානක් විතරක් බාල එකි තනිකරම මගෙ පෙශර් නග්ගන්නම මගෙ ලග වැඩට ආව එකියක්...ඔය වගෙ තව එකෙක් මගෙ ස්ටාෆ් එකට සෙට් උනා නම් මට පාර්ලිමේන්තු ගමන පැත්තක දාලා පිස්සන් කොටුවක් හදාගන්න තිබ්බ...
සාරා රැල්ලක්වත් නැතිවෙන්න මැදපු සුදු පාට කිට් එක ඇදලා වටයක් දෙකක් කැරකිලා මම හැඩ බැලුවා..හදවතින්ම ශ්‍රී ලාංකිකයි වගේ දැනෙන්නෙ..අමොර් අමොර් හිච්චි රාජපුත්‍ර...කොන්ඩෙත් පොඩ්ඩක් පිලිවෙලට හදාගෙන මම ෆොන් එකත් අතට අරන් රූම් එකෙන් එලියට ආවා..උඩ තට්ටුවෙ ඉදන් පල්ලෙ තට්ටුවට යනකොට සාරායි අල්මේදයි දෙන්නම සොෆා එකෙ වාඩිවෙලා බරකතාවක...
" අල්මෙදා ලව් කරලා ඉවර නම් එනවා යන්න...තමුසෙලා එක්ක කොහොම වැඩ කරන්නද මන්දා..මම ඇමතිකෙනෙක් උන ගමන් තමුසෙලා ඔක්කොම අහක් කරලා දනවා..මලම කරදරෙ තමුසෙලාගෙන් තියෙන්නේ මට..."
හෙතුවක් නැතුවම අල්මේදාට කෑගහගෙන කිචන් එකට ගියා..මම යනකොට සැන්ඩ්‍රා අනික් සවන්ට්ස්ලා එක්ක වැඩ...
" සැන්ඩ්‍රා මට රෑ කෑම එපා..අද මට පාටි එකක්...අලීනාගෙ කෑම ටික ගාඩ් කෙනෙක්ට දාන්න කියන්න...කූඩුව ඇතුලට යන්න එපා කියන්න ම්ම්..අලීනා කෙන්තියෙන් ඉන්නෙ අසනීප නිසා.."
" හරි සර් මම කියන්නම්...."
" ම්ම්..."
මම කිචන් එකෙන් ආයෙම එලියට ඇවිල්ලා සාරාවයි අල්මේදවයි එක්කගෙන මන්දිරෙන් එලියට බැස්සා..අල්මේදාගෙ මූන අටපට්ටම් වෙලා...
" අල්මේදා මොකද ඕයි නයා මැරුන මොකාද එකා වගෙ ඉන්නෙ...."
" නෑ සර්...මේ...මේ...ඇත්තටම සර් මේ....."
" දැන්ම කියනවද නැත්නම් පස්සෙ කියනවද...."
අල්මේදා කාර් එක ලගට යනකල්ම තටමන්න ගත්ත නිසා මම අල්මේදාගෙන් රවලා ඇහුවා...අනේ මට ස්ට්‍රෙස් මේ යක්කු නිසා...
" සර් මගෙ වයිෆ්ට ටිකක් සනීප නෑලු..ගෙදර ඇවිල්ලා යන්න පුළුවන් ද ඇහුවා රෑට...මම මේ....."
" ම්ම්...ගිහින් එනවා...මාව හිතක් පපුවක් නැති එකෙක් ගානට දාන්න එපා ඕයි..තමුසෙලාට ඕන වෙලාවක ගෙදර යන්න ඕන නම් ගිහින් එනවා..කොහොමත් තමුසෙලා හිටියා කියලත් මට මහලොකු ප්‍රයොජනයක් නැනෙ..ඉන්නකම් මගෙ ලේ පුච්චන එකනෙ කරන්නෙ..පුළුවන් නම් මෙන්න මලමගුලත් අරන් යනවකො අල්මේදා...."
මම අල්මේදාට සාරවත් පෙන්නන ගමන් කියනකොට සාරා ගෑනු මායම් වලින් එකක් උන ඇස් කරකවලා අහක බලාගත්තා...එකි කටවහන් පාඩුවෙ හිටියට මම මොනාහරි කිවාම ගස්සන්න රවන්න නම් දන්නවා...තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද...මෙතන කියලා හිතලා මමත් ඒකිට ඒ විදිහට ගස්සන රවන අවස්තා නැතුවම නෙවෙ....
කොහොමහරි මමයි අල්මේදයි සාරායි තුන්දෙනාම අදාල ස්කොලෙට ආවා...මම යනකොට අබේ පොත් පත් ඔක්කොම බෙදලා දීලා ඉවරයි..කොහොමත් මම කිවා මම එනකොට ඒ වැඩ ඉවර කරලා තියන්න කියලා...මම යනකොට උත්සවෙ පටන් අරන් ඉවරවෙන්නත් ලං වෙලා තිබුනෙ..මම එනකොට ඔක්කොම නැගිටලා හෙනම සීන් එකක් දිලා ආයෙම වාඩි උනා...
-- අද දින අප පාසලේ වාර්ශික ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිනි ටෙවින් අධ්‍යාශ් රාජපුත්‍ර මන්ත්‍රිතුමනි, මා ඔබතුමන්ව මෙම අවස්තාවට ආදරයෙන් ගෞරවයෙන් මුලු පාසලම නියොජනය කරමින් පිලිගන්නවා....එසේ නම් මාගෙ ගෞරවනීය ආරාධනය ඔබතුමන්ටයි අපව ඇමතීමට__
ඇවිල්ලා වාඩිවෙනකොට මේකෙ ඉන්න අයව අමතන්න කියලා මට ආරාධනාකරා..සරා එක්ක මල පැනලා ලියපු කොලෙත් අල්ලලා විසික් කරා..දැන් ඉතින් කටට එන බොරුවක්තමා කියන්න වෙන්නෙ...බොරු කියලා නෑ වගේ මාත් රගපාන්නෙ...කතාවක් කරන්න ආරාදනා කරනකොට මම මගෙ නැති තැන්පත්කමකුත් මවාගෙන ස්ටේජ් එකට නැග්ගා..රැලි වලට ගිහින් කතා කරනවා වගෙ ස්කොලෙක කතා කරන්න පුළුවන් ද...බෑනෙ...තැනෙ හැටියට ඇනෙ ගහන්න ඕන...
" ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මන්ඩලයෙ ගුරුමහත්ම මහත්මීන්ගෙන් අවසරයි...අද දින මෙම ස්තානයට එකතු වෙලා ඉන්න දෙමාපියන්ගෙන්ද දූ දරුවන්ගෙන්ද අවසරයි...ඉතින් කාර්‍යබහුල දවසක් උනත් මම මේ ස්තානයට එන්නම මගේ කාලය මම වෙන් කරගත්තෙ වෙන මොකුත් නිසා නෙවෙයි අම්මෙ තාත්තෙ මේ මගෙ ඉස්සරහා ඉන්නෙ අපෙ රටේ අනගාතෙ නිසා...ඔව් මේ නංගිලා මල්ලිලා වෙනුවෙන් මම මෙතනට ආවා...ඉතින් ආදරනීය නංගියෙ මල්ලියෙ මට කතා කරන්න මහලොකු දෙවල් නෑ...මට කියන්න තියෙන්නේ රටෙ අනගාතෙ ඔයාලා අතේ...ගන්න හැම තීරනයක්ම හරියට හිතලා බලලා ගන්න...ඔව් ඔයලා දන්නවා මම මේ මොනවා ගැනද කතා කරන්නෙ කියලා.. අම්මෙ තාත්තෙ නංගියෙ මල්ලියෙ ලග ලගම ජන්දය එනවා...ඔයාලගෙ වටිනා ජන්දය සුදුසුම පුද්ගලයාට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.. මම කියන්නැ මම සුදුසුයි කියලා ඒක නුවනැති ඔයාලගෙ තීරනයක් අම්මෙ තාත්තෙ..නංගියෙ මල්ලියෙ ඔයාලා ,අපි ,අපෙ අම්මලා තාත්තලා ,සීයා ආච්චිලා පවා අපි අපේ රට ගැන ඉගෙන ගත්තෙ මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා...තවත් ඉස්සරහටත් ඔයාලට ඕන එහෙම රටක්ද....ඔයාලා ආස නැද්ද සංවර්ධනය උන රටක ජීවත් වෙන්න...කියන්න සතුටුයි අම්මෙ තාත්තෙ අපේ පක්ශය ඒ වෙනුවෙන් දැනටමත් පලවෙනි අඩිතාලම දාලා ඉවරයි....ඉතින් හොදින් හිතල බලලා ජන්දය භාවිතා කරන්න..ඒ වගේම නංගි මල්ලි අද්‍යාපනය එක අනික් දෙවල් ඊටපස්සෙ...ඉතින් ලග ලගම එන අපොස උසස්පෙල විභාගයට සාර්තකම මුහුන දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරමින් මම නිහඩ වෙනවා...සුභ දවසක්....."
කිවෙ මොනාද කියලවත් නොහිතා මම අත් දෙක උඩට උස්සලා ආයුබෝවේවා කියාගෙන ස්ටේජ් එකෙන් බැස්සා..ඔයිට වඩා දෙයක් ස්කොලෙයක් ඇතුලෙ කතා කරන්න බැනෙ...විපක්ශෙට කුනුහර්ප දෙක තුනක් කියලා බැන්නෙ නැති නිසා නිකම් අඩුවක්වගෙත් දැනෙනවා...කමක් නෑ තව සතියකින් තියන රැස්වීමෙදි අදටත් එක්කම බයිනවා...
විනාඩි පහක් දහයක් ස්කොලෙ උතසවෙට වෙලා ඉදලා හරිම කාර්‍යබහුලයි වගෙ රංගනයක් දිලා මම එතනින් එලියට ආවා...කෙලින්ම මන්දිරෙට ඇවිල්ලා මම කරෙ ඇදට පැනපු එක..රෑට පාටි එක...යන්නත් බෑ..නොගිහිනුත් බෑ. ගියොත් පක්ශෙ උන් ටිකගෙ කතා අහන් ඉන්න ඕන..අපෙ පක්ශේ බාලම එකා මම..ඒ නිසා ඉන්න ඔක්කොම උන්මාව බබා ගානට දාලා ඉන්නෙ..බබාගෙ වැඩ තාම දැක්කෙ නෑ...අල්මේදා ගෙදර යැව්වා..අල්මේදා නැති නිසා ක්ලබ් එකෙ වැඩ බලන්න අබේව යැව්වා..පාටි එකට යන්න වෙන්නෙ අර මගුල එක්ක තමා...එකිවත් එකි නැවතිලා ඉන්න බොඩිමට යැව්ව ලෑස්ති වෙලා එන්න කියලා...ඩැඩා ගෙදර නෑ..අද ජනාධිපති එක්ක සාකච්චාවක් කිවා..මමා නම් කොහොමත් ගෙදර ඉන්න කෙනෙක් නෙවෙනෙ..කම්මැලි හැබැයි..
.
.
.
.
.
.
.
.
" සර්...නැගිටින්න සර් වෙලාව හයටත් ලගයි..පාටි එකට යන්නෙ නැද්ද...සර්...නැගිටින්න සර්...අන්න සාරාත් ඇවිල්ලා...."
" ආආආආආආආආඅහ් සැන්ඩ්‍රා....කන ලග ඉදන් ඔය බෙලිකටුමල්ල හොල්ලන්න එප කියලා කී දවසක් කියලා තියද සැන්ඩ්‍රා....යනවා අයිසෙ මම නැගිටලා ඉන්නෙ...."
දවල් නින්දට වැටුන මම පැය ගානක් නිදාගෙන කියලා තෙරුනෙ සැන්ඩ්‍රා ඇවිල්ලා වෙලාව හයටත් ලගයි කියලා කියනකොට..නෑ කිවා නෙවෙ කන ලග තියන් බෙරිහන් දුන්නා..මේ ගැනුන්ට තියෙන්නේ පුදුම ටකරන් කටවල්..දවසක මැරි කරාම මට වෙන්නෙ කනට ඇබ ගහන් ඉන්න...එක්කො ගොලු කෙල්ලක් බැන්දා නම් හරි...බදින්න ඕනත් නෑ එක්කො මේ ඉන්න විදිහ හොදයි..බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි...
සැන්ඩ්‍රා යනකල් ඉදලා ඇදෙන් බැහැලා වොශෘම් එකට ගිය මම වොශ් එකක් දාගෙන ඉක්මනට ලෑස්ති උනෙ පරක්කු වෙලා ගියත් නිකම් කතා අහන්න වෙන නිසා..අනික මම කැමතිත් නෑ පරක්කු වෙන්න..අපායට ගියත් කලින් යන්න ඕන...
සාරා උදේ ලෑස්ති කරලා තිබ්බ කිට් එකම ඇදලා මම කන්නාඩිය ඉස්සරහට ගිහින් වැවිලා තිබ්බ කොන්ඩෙ පිටිපස්සට කරලා හදාගත්තා..පාටි එකකට යන්න ඕන ඒ විදිහට..
රූම් එකෙන් එලියට බැහැල මම පල්ලෙ තට්ටුවට එනකොට ඩැඩා ගෙදර ඇවිල්ලා තිබුනා..ඩැඩා සාරා එක්ක කතාවක්..අපෙ ඩැඩාත් සාරාට කැමති..ඔකිගෙ හැටහතර මායම් වලට ඔක්කොම අහුවෙනවා අන්න ඒකයි අවුල...
" සාරා යමු...."
මම සාරාට අඩගහගෙන ඩැඩා ඉස්සරහින් ආවා...
" ටෙවින්....ගාඩ් කෙනෙක්වත් නැතුව ඔහොම ගමන් බිමන් යන එකට මම වැඩි කැමැත්තක් නෑ....අනික ටෙවින්ට යාලුවොන්ට වඩා ඉන්නෙ හතුරොනෙ..."
" ඩැඩා මැරෙන්න තියනම් ගාඩ්ලා දාහක් හිටියත් මැරෙනවා...මෙච්චරකල් මට මොකුත් උන්නැනෙ...."
" ඕනවට වඩා අහංකාරකමත් නරකයි ටෙවින්...."
" ම්ම්..වෙන්න පුළුවන් එත් මම ටෙවින් අධ්‍යාශ් රාජපුත්‍රනෙ ඩැඩා...අහංකාරකම නමත් එක්කම ආව එකක් වෙන්න පුළුවන්..මම යන්නම්...සාරා යනවා ගිහින් නගිනවා කාර් එකට..."
සාරාවත් අඩගහගෙන මම ගිහින් කාර් එකට නැග්ගා..අබෙයි අල්මේදායි දෙන්නම නැති නිසා මම කාර් එකෙ ඩ්‍රයිවින් ශිට් එකෙන් වාඩි උනා..සාරා පැසෙන්ජර් ශිට් එකෙන් වාඩි උනෙ මට එකිගෙ ඩ්‍රයිවර් වෙන්න බැරි නිසා...පාටි එක තියන හොටෙල් එකට විනාඩි දහයක දුරක් තිබුන නිසා මම හෙමිහිට කාර් එක මන්දිරෙ මිදුලෙන් එලියට දාගත්තා...
" සර්.."
" ම්ම්.."
" මිස්ටර් රාජපුත්‍ර කියනවා සර්ට ඔයිට වඩා සර් ගැන සැලකිලිමත් වෙන්න කියන්න කියලා..."
" ම්ම්ම්...."
" පරිස්සමට සර්...සර් කොච්චර බැන්නත් මම හරි ආසාවෙන් සර් ලග වැඩ කරන්නෙ...මම කැමති නෑ සර්ට නරකක් වෙනවට..."
" බය නැතුව ඉන්නවා..සාරා දන්නවනෙ ටෙවින් අධ්‍යාශ් කියන්නෙ මොකාද කියන්න..."
" ඔව් ඒත් මිස්ටර් රාජපුත්‍ර කියන දෙවල් ටිකක් අහන්න සර්...සර්ගෙ හොදටනෙ කියන්නෙ සර්..."
" හරි හරි ඔයි බන කියන්නැතුව ඉන්නව...."
ඩැඩා හැමපාරම මොනාහරි කියන්න ඕන උනාම ඒකට සාරාව හරි අල්මේදාව හරි අල්ලගන්නවා...මොකද් ඩැඩා දන්නවා බැනුම් අහ අහ හරි මාත් එක්ක කතා කරන්න පුළුවන් ඒ දෙන්නට විතරයි කියල...
.
.
.
.
.
.
විනාඩි පහලොවකින් වගෙ හොටෙල් එක තිබ්බ තැනට ඇවිත් වෙන් කරලා තිබ්බ තැනින් කාර් එකත් පාක් කරලා මම සාරා එක්කම හොටෙල් එක පැත්තට ගියා..මීඩියාකාරයො පාර දිගෙ ඉදන් මයික් උස්සන් නටනවා...මම අහන ප්‍රශ්න වලට උත්තර නොදි කෙලින්ම හොටෙල් එක ඇතුලට එන්න ආවාත් මගක් එනකොට මිඩියාකාරයො ටික මාව වටකරගත්තා...මෙන්න මේ වෙලවට තමා බොඩිගාඩ්ලා ඕන..අයියො එපා වෙනවා...
- සර් ඇයි අපේ ප්‍රශ්න මග ඇරලා යන්නෙ....
" සොරි මම ආවෙ පාටි එකකට..ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙවෙ...."
- ටෙවින් සර් ලග ලගම එන ජන්දෙට ඔබතුමා සූදානම්ද...
" සුදානම් නොවී බෑනෙ...."
- අද හදිස්සියෙ මේ පාටි එකක් තියන්නෙ ඇයි...
" ඒක මම දන්නැ ඉතින් මම නෙවෙනෙ මේක ඕගනයිස් කරෙ...මට ආරාධනාවක් කරා මම ආවා..
- කට්ටිය කතාවෙන විදිහට සර් ඇත්තටම අහංකාර චරිතයක්..මම හරි නේද....
" හරි වෙන්න ඇති ඉතින් මම දන්නැනෙ ඒක..."
- සර් මග අරින්නෙ මහජනතාවගෙ ප්‍රශ්න...
" මම හිතන්නැ මහජනතාවට ඔබතුමාල ඔය අහනවා වගෙ ප්‍රශ්න ඇති කියලා...කරුනාකරලා මට ඇතුලට යන්න දෙන්න..."
අනේ මට මුන්ගෙ මයික් ටික අරන් ඔලුවෙ ගහන්න හිතයි....මාධ්‍යවේදියො කියලා දැන් ඉන්න උන් මහ මොන විදිහෙ පිස්සු යක්කුද මන්දා.. වැදගත් ප්‍රශ්නයක් ඇහුවා නම් උත්තර දෙන්න තිබ්බා..මෙලොරහක් නැති ප්‍රශ්නමයි අහන්නෙ..මම සාරාවත් එක්කන් මයික් ටික උස්සන් මායම් වෙන පිස්සු යක්කු ටික තල්ලු කරන් හොටෙල් එක ඇතුලට ගියා..මම යනකොටත් පක්ශෙ සෙට් එකම ඇවිල්ලා හිටියා. ඔක්කොම ඩැඩාගෙ වයස වගෙ අය...තැන තැන සෙට් වෙලා කයිය ගහනවා..වැදගත් වැඩක් නම් කමක් නෑ මේ කරන්නෙ...බොරුවට සල්ලි කාලෙයි නාස්තිකරන් මුන් මගුලක් කරනවා...ගෙදර ඉන්න තිබ්බා නම් නිදාගන්න හරි තිබ්බා..
හොටෙල් එක ඇතුලට යනවත් එක්කම සවර්න්ට් කෙනෙක් ඇවිල්ලා ශැම්පේන් එකක් අතටම දිලා ගියා..මම එකත් අරන් සාරාත් එක්කම කෙලින්ම ගියෙ මම මෙතනින් ටිකක් හරි ආශ්‍රය කරන සරත් ඇමතිතුමා ලගට..මට ටිකක් හරි සෙට් උනෙ මේ මනුස්සයා...
" ආහ් කොල්ලා මම බැලුවා කියලා..."
" ටිකක් පරක්කු උනා සරත් අංකල්..."
" ම්ම්..කෝ ඩැඩා..."
" ජනාධිපති මන්දිරෙට යන්න ඕන කිය කිය හිටියෙ..."
" ආහ්...".
.
.
" ටෙවින්...."
මම සාරා එක්ක හෙට දවසෙ මොනාද තියන වැඩ කියලා බල බල පැත්තකට වෙලා ඉන්නකොට සේපාල මන්ත්‍රීතුමා මගෙ පැත්තට ආවා..මට මූව පේන්න බෑනෙ...මූ පක්ශෙ එකෙක් නෙවෙ...මූ මෙකෙ ඉදන් විපක්ශෙට වැඩ..මූ හිතන් ඇති අපි හරක් කියලා...
" සේපාල මන්ත්‍රීතුමා..."
" අහ්...ටෙවින් යන්න කියලද.."
" ඔව් සේපාල වැඩ තියනවා තව කරන්න..."
මේකට ගරු කරලා නමත් එක්ක මන්ත්‍රීතුමා කීවාම මූ මට නම නිකම් කියනවා..එහෙම එක එකාට සෙකන්ඩ් වෙන්නත් බෑනෙ...ඒ නිසා මමත් කෙලින්ම සෙපාල කිවා...මූටනෙ ගිය පාර පාර්ලිමේන්තුවෙදි විපක්ශ නායකතුමා ප#යා උබ දන්න දෙයක් නෑ වාඩිවෙයන් කීවෙ..කැතයි හැබැයි එහෙම බැන්න එක අපෙ පක්ශෙ හිටියට මූ උන්ගෙ පක්ශෙ එකෙක්නෙ...
" ටෙවින් මම මේ අහන්න හිටියෙ....අර මිස්ටර් ජයරත්න එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තාද...."
" ඇයි සේපාල ඒ ගැන අහන්නෙ ඒ ප්‍රශ්නෙ විසදලා දෙන්නද..."
" ඔන්නම් මට පුළුවන් ඉතින් විසදලා උනත් දෙන්න..."
" මගෙ ප්‍රශ්න විසදන්න කලින් සේපාල තමන්ගෙ ප්‍රශ්න ටික විසදගත්තා නම් හොදයි..ම්ම්...අනික ජයරත්න ලගින්ම ආශ්‍රය කරනවනෙ නේද...ජයරත්නට කියන්නකො ඊලග පාරවත් නම්බුපිට ඇවිල්ලා බඩු අරන් යන්න කියලා ම්ම්..සේපාල මම යන්නම් එහෙනම්..."
මට මුගෙ හොම්බකට සමතලා කරන්න බැරිකමටම මම අත්දෙක මිටිමොලවන් කේන්තිය පාලනෙ කරන් හොටෙල් එකෙන් එලියට ආවා...මීඩියාකාරයො පැල් බැදගෙන මෙතන මලම කරදරයක් මුන්ගෙන් තියෙන්නේ...දැන් මයික් උස්සන් එයි මොකද ඇතුලෙ උනෙ අහන්න...ආහ් ආහ්..මම කිවෙ ඔය එන්නෙ...
-මන්ත්‍රීතුමා යන්නද හදන්නෙ..
" ඔව් ඇයි මාත් එක්ක යන්න එන්නද අහන්නෙ..."
- ඇතුලෙ මොකද උනෙ...
" කියන්න තරම් දෙයක් උන්නැ..."
- අපිට දැනගන්න ඕන මන්ත්‍රීතුමා..ඇතුලෙ මොනද උනෙ...මොනාද ඔබතුමාලා කතා කරෙ..හදිස්සියෙ මෙහෙම හමුවක් දාගත්තෙ ඇයි...මොකක් හරි කුමන්ත්‍රණයක් ද...
" මාධ්‍යයවේදියෙක් උනාම වරකට එක ප්‍රශ්නෙ ගානේ අහන්න...මට දැන් ඔබතුමා අහපු එක ප්‍රශ්නයක්වත් මතක නෑ...කොහොමහරි ඇතුලෙ උන දෙවල් පක්ශෙන් පිට අය හරි ඔබතුමන්ලා හරි දැනගන්න ඕන උනානම් අද පාටි එකට පක්ශෙ අයට විතරක් ආරාධනා නොකර ඔබතුමන්ලටත් ආරාධනා කරනවනෙ...අපි යන්නම්...ආහ් ඊලග සතියෙ අපෙ පක්ශෙ රැස්වීමක් තියෙ..ඇවිල්ලා යන්න එන්න..."
ඉස්සරහම මයික් එකක් උස්සන් හිටපු තරුන කොල්ලගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් මම එතනින් එන්න ආවා..
.
.
.
.
.
.
කාර් එකට නැගලා මගක් එනකොට සාරා කටකපලා නිදි..මරු සෙක්ට්‍රි අනෙ..මේ වගෙ එකියක් පොල්පිත්තෙන් කපාගන්න පුළුවන්..මම ඩ්‍රයිව් කරන ගමන් සාරා දිහා බලලා ආයෙම ඉස්සරහා බලාගත්තා..පාරෙ වාහනත් නෑ..මේක මන්දිරෙට යන අතුරුපාරක්..ඒ නිසා කොහොමත් වාහන නෑ...සාරා මන්දිරෙර ලගම බොඩිමක ඉන්න නිසා එකිව එතනින් හලන් යන්න ඕන...
කාර් එක සාමාන්‍ය වෙගෙකින් ඩ්‍රයිව් කරන් ආව මම එකපාරට බ්‍රේක් කරෙ පාර මැද ටයර් වගයක් තිබ්බ නිසා..හොද නින්දක හිටපු සාරාත් ගහපු බ්‍රෙක් පාර නිසා ඇහැරුනා...
" ඇ...ඇයි සර්..."
" ම්ම්...නිදගන්න...නිදිමතෙ ඇහැරන් ඉන්න එපා ම්ම්..."
වෙන්න යන්නෙ මොකද්ද කියලා ඉවෙන් වගේ දැනෙනකොට මම කාර් එකෙ පිටිපස්සෙ ශීට් එක යට තිබුන ගන් එක අතට ගන්න ගමන් සාරාට කිවා...
" සර් අර පාර මැද්දෙ...."
" ම්ම්..මට ඇස් පේනවනෙ සාරා..."
" සර් මම හිතන්නේ........"
" ඔව් කවුරු හරි මම එනකල් මගබලන් ඉදලා..."
කටකොනෙ හිනාවක් රදවගන්න ගමන් මම සාරාට කියනකොට සාරාගෙ නම් ඉහින් කනින් ඉදන් දාඩිය දාලා...
" සර් අපි මිස්ටර් රාජපුත්‍රට කියමුද...."
" ඇයි බය වෙලා ම්ම්...මම ඉන්නවනෙ..සිංහයො කවද්ද බං නරින්ට බයෙ දිව්වෙ...ඇතුලට වෙලා ඉන්න..මොනදෙ උනත් එලියට බහින්න බෑ සාරා තෙරුනානෙ...කාර් එක ඇතුලෙන් ලොක් කරගන්න...."
" සර් අනේ...පරිස්සමට...."
මම ගන් එක මගෙ පිටිපස්සෙ රදවගන්න ගමන් කාර් එකෙ දොර ඇරලා එලියට බැස්සා...සාරාට කාර් එක ලොක් කරගන්න කිවත් එකි බලන් ඉන්න නිසා මම කාර් එක ලොක් කරලා කී එක මගෙ සාක්කුවට දාගත්තා...එත් එක්කම වගේ කාර් එක ඉස්සරහින් කලු ඇදගත්තු මිනිස්සු හත් අට දෙනෙක් මතු උනා...කාගෙකවුද කියන්න සාක්ශි ඕන නැතිවෙනකොට ජයරත්නයාගෙ කටුකන බල්ලො ටික මම අදුරගත්තා...
" මෙච්චර ද...ම්ම්....මාව මරන්න ආවෙ මෙච්චර ද.....ශැහ්...මගෙ නමටම ලැජ්ජාවක්නෙ ඔයි...සිංහයෙක් පස්සෙ නරියො හත් අට දෙනෙක් පැන්නලා මොනවා කරන්නද ම්ම්..."
" ඒ.....අරකව අල්ලපන්..."
මම කතා කර කර ඉන්නකොට ඉස්සරහම හිටපු එකා ඌගෙ පිටිපස්සෙන් හිටපු එකාට ඒ අරකව අල්ලපන් කියනවා එක්කම පිටිපස්සෙන් හිටපු එකෙක් කෑගහගෙන මගෙ පැත්තට ආවා....එකා ආපු වේගෙට වඩා වේගෙකින් ආපස්සට විසික් උනෙ කලබලයක් නැතුවම මම ගහපු පයින් පාරක් නිසා...
" ම්ම්..ඉක්මනට...මට නිදාගන්න යන්න ඕන..මගෙ සෙක්ට්‍රිත් නිදිමතෙ...ලස්සන කෙල්ලො නිදිමැරුවාම කැත වෙනවා..මම කැමති නෑ මගෙ සෙක්ට්‍රි කැත වෙනවට..."
" උබලා දෙන්නම ඉක්මනට නිදිකරන්නම්..හහ්...ඒ මොනවද බලන් ඉන්නෙ ඉවරයක් කරපන්...."
අරකා ආයෙම කෑගහනකොට අනික් උන් ඔක්කොම එකම පාර මගෙ පැත්තට ආවා...තුවක්කුව ගෙනාවට තුවක්කුවෙන් ප්‍රයොජනයක් නොගත්ත මම මගෙ අතෙ පයෙ හයිය උන්ට පෙන්නුවා..කාලෙකට පස්සෙ අතපයෙ හිරිඇරගන්න පුළුවන්...ජයරත්නයා මහ මොඩයෙක්..ඌ හිතන් ඉන්නෙම මම ඩැඩාගෙ රෙද්ද අස්සෙ රිංගන් ඉන්න පොඩි එකෙක් කියලා...හහ්..ලගට එන එකාගෙ අතක් පයක් අබරලා දානකොට මට අමුතුම ගැම්මක් ආවා...හැබැයි එක පාරට මගෙ දනිස්සට වැදුන පොලු පාර නිසා මට නිකම්ම දනගැස්සුනා..පිටිපස්සෙන් ආපු එකෙක් යකඩ පොල්ලකින් ගහලා බව මට තෙරුනෙ ඌ යකඩ පොල්ලත් උරහිසෙ තියන් මම දිහා හිනාවෙවි බල බල මගෙ ඉස්සරහට ආව වෙලාවෙ....පිටිපස්සෙන් ගහන්න තරම්...ඌට කොන්ද පන නෑ පාහරයා
" ඒ....ඉවරයක් කරපන්..."
අරකා ආයෙම කෑගහනකොට මම නැගිටින්න හැදුවත් අර යකඩ පොල්ලෙන් ආයෙම මගෙ ඔලුවට පාරක් වදිනකොට මගෙ ඇස් දෙක බොදවීගෙන ගිහින් ආයෙම හරි ගියා..හැබැයි...එතකොටයි මම දැක්කෙ මගෙ ඉස්සරහින් පිහියකුත් තියන් ඉන්න එකාව..ඔලුවට වැදුන පාරත් එක්ක නැගිටගන්නවත් බැරි වෙනකොට නිකමට හිතුනා ඩැඩා කිව දේ හරී කියලා...ඕනවට වඩා අහංකාරකමත් හොද නෑලු....අරකා පිහිය උස්සලා මගෙ පැත්තට දික්
You are reading the story above: TeenFic.Net