පළමු කාර්තුව...

Background color
Font
Font size
Line height

Online කැඩපත
_________________________________________

හරි ලස්සන විදිහට මගේ ටියුෂන් ජීවිතේ පස්වෙනි බැජ් එක එක්ක මම ඊලග සතියේ වැඩ අල්ලන්න කියලා... මගේ ජීවිතේ මම කැමතිම නැති දෙයක් මේවගේ ලස්සනට හදවතට දැනෙන්න දුන්නේ කෝමද කියලා මාත් හිතනවා...


ඕ...ඕක තමා මගෙ අලුත් ලමයිට දුන්න පෝස්ට් එක... මම econ කරන්නේ... A/L වල හිතුවට වඩා අමාරු නෑ... මොකද හැමදේටම ආසාවෙන් හිටියොත් කරන්න බැරි දෙයක් නෑ... වෙනදා වගෙම මම ස්ටුඩියෝ එක හරියට හදලා විඩාව නිමන්න ගත්තා...

මගේ පෞද්ගලික ජීවිතේ කීවොත් එතන නම් මම අසාර්ථකයි...මොකද කැම්පස් එකේදි මම කෙල්ලෙක් එක්ක යලු උනා... එයා අවුරුදු 2ක් යද්දි මාව එපා කීවා... එදා ඉදන් ජපුරේ අපේ බැජ් එකේ තනිකඩයා මම... එදත් අදත් ඒමයි... ඒත් මම දන්නවා ලමයි මට ආදරෙයි කියලා... ඕ උන්ව දැක්කාම ඔක්කොම හරි මට නම්... මට ගුරු ජීවිතේ එපා උනේ අම්ම වගේම අප්පච්චිත් ගුරුවරු නිසා...මොකද එයාලට ඒ ලමයි එක්ක විතරමයි ජීවිතේ තිබ්බේ... ඒක මම ඉස්සර අකමැතිම දෙයක්... නංගිටත් එපා කරපු එක ඒක... දැන් තමා තේරෙන්නේ ඇයි අම්මලා එච්චර ලමයි එක්ක ඉන්නේ කියලා... කවුද අනෙ A/L කියලා උන්ව ලොකු කරේ... මොකා ඉස්සරහා ලොකු ම්නුස්සයෙක් උනත් උන් ඔක්කොම මගේ ඉස්සරහා හරි පුංචි ලමයි උනා...

ඕ මට මතකයි ඉස්සර පන්තිවලට ගිහින් ඉගන්නද්දි මීට වඩා දැනුනා... මොකද ඔන්ලයින් එකෙන් ඉගැන්නුවාට එතනින් එහා එක්වීමක් නෑ..මගේ ජීවිතෙ ලස්සනම අවුරුද්ද 22 A/L බැජ් එක.... මට ඒක කරන්න හම්බුනේ එකම එක අවුරුද්දක් උනාට උන් බොක්කෙම්ම දැනුනා... ඕ දැන් උනත් උන් මගේ එක්ක ඉන්නවා... එතන ගුරු ගෝල එකට එහා ගිය හරි ලස්සන දොමාපිය යාලුවෝ සම්බන්ධයක් තිබ්බේ... කොල්ලෝ විශේෂයෙන්...උන්ට ඔලුව අවුල් විච්ච වෙලාවට හරි ලස්සනට උන්ගේ උන් වගේ මගේ ඔඩක්කුවේ ඔලුව ගහන් පැය ගනන් ඉන්නවා... ඕකුන් එක්ක තමා වැඩිම බාහිර ක්‍රියාකාරකම් කරේ... නත්තල සමරුවා... ලොකූ කෙසෙල් කොලේ බත් උනාගෙන කාලා ක්‍රිකට් ගහලා...ඕ නොසෑහෙන්න වින්දා මාත් ගුරුවරයෙක් උනත්... ඉන්‍ටවල් දුන්නාම ඒ පන්තියේ ඉඩ නිසා එලියට බැහැලා කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහනවා... එතකොට කොහෙද බං ගුරු ගෝල සම්බන්ද... මාත් පොඩි එකෙක් වගේ...

එකට හිටපු උන් දැන් උන්ගේ හීන වෙනුවෙන් වෙන්වුනා... ඕ මම එයාලගේ අන්තිම දවසේ අඩුවා... මගේ ටියුෂන් ජීවිතේ වැඩිපුරම දැනිලා අඩපු පලවෙනි පන්තිය... 22A/L බැජ් එක... මතකේ රැදෙනම පන්තිය... වෙන ගෝලයන්ට වඩා උන් මට පට්ට ආදරෙයි කියලා මම දන්නවා...

ඉතින් ඕම ජීවිතේ ගෙවිලා... දැන් මම බාරගන්නෙ 24 A/L බැජ් එක... ඒක නම් ඔන්ලයින්....වෙන ඒවා වගේම මම උපරිමේම කරන්න බලනවා...

දවසින් දවස ගිහින් අද මගේ පස්වෙනි බැජ් එක එක්ක ගන්න පලවෙනි පන්ති දවස... ඕ zoom එකෙන් තමා ඉතින් පන්ති කරන්නේ.... එක පිට එක රිසාල්ට් ආපු නිසා අලුත් එකට ලමයි ඉන්නවා... ඕක මට පුදුම වෙන්න කාරනයක් නෙවෙයි මොකද කොමත් මේ මුලද එච්චර බලාපොරොත්තු වෙන්න පුලුවන්...

ඉතින් හාහාපුරා කියලා අද පටන් ගත්තා... මොකා උනත් මගේ එක්ක ඉන්න ඕනේ හරි ලස්සනට...ලස්සනට කීවේ පන්තියේ ඉන්නව නම් අනිවාර්යයෙන් වීඩියෝ ඔන් කල යුතුය...මොකද මම පන්ති කරන්නේ ඔන්ලයින් නිසා... ඒම් ඔන් නොකරන අයව zoom එකෙන් අයින් කරනවා කියලා තියෙන්නේ..ඒම නැත්තන් ඔන් නොකරන්න රීසන්ස් දාන්න කියලා තියෙන්නේ.... ඕක ඉතින් ඕම කීව කියලා අයින් කරන්නේ නෑ...කලාතුරකින් මලපැනල ඉන්න වෙලාවක අයින් කරොත් මිසක්....

ඔතින් අද පලවෙනි දවසට ලමයි 50+ හිටියා... ඒකෙන් හතරෙන් එකක් වගේ වීඩියෝ ඔන් කරා... පෞද්ගලික ගැටලු නම් මට පෞද්ගලිකව සම්බන්ධ කරගන්න පුලුවන් කියලා තියෙන්නේ... ඉතින් අලුත් මුහුනු ගොඩක්...ගොඩක් නෙවෙයි ඔක්කෝම.... එක එකාය එක එක දැනුම් මට්ටම් වල මොකද උන් තාම o/L ඉවර උනා විතරනේ...

සතියට පන්ති දෙකක් දැම්මා... ඕ දැම්ම ඉදම්ම ගැම්මට ගේම ගහන්නඕනේ පටන්ගත්ත නම්....

හැමදාම කීවත් එක එක උන් ඉන්නවා කවදාවත් වීඩියෝ ඔන් නොකරපු... ඉතින් මම නම් බලලා තුන්දෙනෙක් අයින් කරා...

"බොතේජු"
"විදූෂ සූර්ය"
"සත්මින"

ඕ ඔක්කෝම කොල්ලෝ... අන්තිමට එන්න බැරි නිසා උන් youtube එකෙන් ඇවිත් මට කමෙන්ට් දානවා... ඕ ඇත්තටම මට හිනා... උන් හරි සෝක් අනේ...

ඔය කියලම බැරි නිසා...ඕ දැන් පන්තිය අතිසාර්ථක විදිහට දෙවෙනි මාසෙත් ඇදන් යනවා...

පය දෙකට වඩා වැඩි වෙලාවක් කරලා මම පන්තිය අවසන් කරලා ආවේ නිදාගන්න කියලා..මොකද ඔන්ලයින් නිසා පන්ති හැමෝටම ලේසි වෙන්න රෑ දැම්මා... එක එක උන් මැසේග් දානවා මගේ පෞද්ගලික ෆෝන් එකට...ගැටලු තියෙනවානම් දාන්න කියලා තියෙන්නේ...

ගොඩයි...ඒත් උන්ගේ මැසේග් බලද්දි ආදරේ හිතෙනවා... ඕ ඇත්තටම සැනසීමක්... කවුද කීවේ ප්‍රේමය ලගම විතරක් සැනසීම තියෙන්නේ කියලා... මට නම් මේ කොල්ලෝ කෙල්ලෝ ලග නොසෑහෙන්න සතුට සැනසීම තිබ්බා...

එක කොල්ලෙක් අදම පලවෙනියෙන් මට මැසේග් දාලා....

"සර්...මම විදූෂ සූර්ය"

"ආ..ඕ කියන්න පුතේ."

"සර් අද වීඩියෝ ඔන් කරන්න බැරි වෙල මාව සර් එලියට දැම්මා..."

මට මතකත් නෑ කවුද කියලා..ඒත් හිත රිදුනොත්...ඒනිසා මම මතකයි වගේ කතා කරා..

"ආ...ඕ මොකෝ කොල්ලෝ..."

"සර් මට වීඩියෝ ඔන් කරන්න වෙන්නේ නෑ... ඒත් පුලුවන් විදිහට මම ඔන් කරන්නම්...."

"ආ..අන්න ඒම ආසවෙන් ඉගෙන ගන්න කොල්ලෝ... ප්‍රශ්න මොනව හරි නම් අහපන්... තරහට නෙවෙයි උබලව එලියට දැම්මේ... ඔන්ලයින් නිසා ඒකෙන් උපරිම දේවල් ගන්න ඕනෙ..."

"ඒක තමා සර්...මම පුලුවන් විදිහට ආයේ ඔන් කරන්නම්..."

"හම්ම්...හොදයි ගැම්මට පාඩම් කරන් යන්න...රෑන්ස් එකක ගහමු කොල්ලෝ අපි..."

" හා සර්....💫🫀"

ඕ මොනවා උනත් මේම හරි කියන උන්ට මම හරි ආසයි.උන්ගේ වගකීම උන් ඉටුකරනවා...මට ඕනේ පොතේ දැනුම විතරක් නෙවෙයි...ඕ ආදරණීය මනුස්සයෙක්... වගේම ඩිසිපීන් තියෙන එකෙක්....ඉතින් ඒවා මම මගේ තරමින් හදන්න උත්සාහ කරනවා...

හැමෝටම ප්‍රශ්න තියෙන්න පුලුවන් ඒත් මම ඒවට සාදාරනව පිලියම් යොදනවා... අනික ඉස්සර බැජ් වල ඇත්තටම ඔන්ලයි එකේදි පටන් ගත්ත මුල ඉදම්ම වීඩියෝ ඔන් කරන් මගේ එක්ක සක්‍රීයව ඉගෙන ගත්ත උන්ට අනිත් අයට වඩා ලොකු ගැප් එකක් එක්ක රිසාල්ට් එකක් තියෙනවා.. ඉතින් ඒ නිසාම තමා මරවලා හරි වීඩියෝ එක ඔම් කරන්න කියන්නේ...

මම කොල්ලව සේව් කරන් නිදාගන්න ආවා.... අඩේ ඒක පට්ට කියුට් කොල්ලෙක්...

ඇත්තටම මම ඒ කෙල්ලෝ කොල්ලොන්ට වඩා ගාන්නට අවුරුදු 10යි වැඩිමල්... හරි නම් අයියා කියන්න ඕනේ...අනෙ ඒත් ඉතින් සර් කියනවා...

ඕ ඕ...මට අවුදුරු 29යි.. ඉස්සර තරුන කාරේ පන්ති කරද්දි නම් එක එක කෙල්ලෝ ආවෙම වෙනම ලයින් එකට... ඒත් ඉතින් එතන එකෙක්වත් මට හිතට ඇල්ලුවෙත් නෑ..අනික ගුරුවරයෙක් ලමයෙක් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියන එක අපේ සමාජේ අකැපැයි කියලා හිතෙනවානේ... ඒකයි...

කෝම උනත් මට හිතෙන්නේ 22 බැජ් එකට පස්සේ හිතට දැනුනම ගෝලයෝ සෙට් එක තමා මේ දැන් ඉන්නේ... ආස හිතෙනවා උන් එක්ක අමහර දේවල් කරන්න....

උන් ඔක්කෝටම හිතට වදින මගේ වචනේ තමා... " කාට කවුරු නැතැත් උබලට හේශ් සර් ඉන්නවා.."

ඒනිසාම මම උන්ගේ ගූප් එකත් හැදුවේ ඔය නමින්...

එයාගේ ඩීපි එක බලන්න ගිහින් ලොකු මතක එක්ක තනි උනා...ඉතින් එහෙම්ම මම ඇදට යන්න ගියේ ඊලග දවසට ලෑස්ති වෙන්න ඕනේ නිසා විඩාව නිමා ගත්තා... ඊලග දවසෙත් මේ රූටීන් එකම දුවන්න ඕනේ නිසා....

ගුරු ජීවිතේ හරියට ගත කොහොත් බැජ් යද්දි මල්දීලා වදින්නේ... ඒවෙලාවට තමා දැනෙන්නේ...උන්ට මම පොතේ දැනුමට වඩා ගොඩක් හිත්වල කිදාබැස්සපු නිසානේ මේ හැමදේම...ඇත්තටම එකතොට මට මතක් වෙන්නේ මගේ පාසල් ජීවිතේ...ඒක නම් නීරසයි...ඒනිසාමද මන්දා මට එපා උනේ...

නැත්තන් මම හරි ආදරෙයි පාසලට...

ඒකේ එපා එකවපු ගුරුවරු හිටියා මිස පාසල කවදාවත් එපා උනේ නෑ මගේ ජීවිතේ ඇතුලේ...

_________________________________________

ආදරෙන් කියවන්න කියලා ආරාධනා කරනවා.... ඇත්තටම මේක ඊයේ රෑ ඔලුවට ආපු දෙයක්...ඒක වෙන්නම ඕනෙ කියලා හිතුනා... අටවෙනි කාර්තුවක ප්‍රේමයේ නිර්වචනය කෝම වෙයිද කියලා බලමූ...ඒනිසා ආදරෙන් ඉන්න කතාව එක්ක....🩷 මේකේ නමට පවා හරි ආදරණීය තේරුමක් තියෙනවා.. එකින් එක හැමදේටම ගැලපීමක් තියෙනවා... මේකේ මම ගන්න පින්තූරවලට පවා තේරුමක් තියෙනවා...පුලුවන් නම් කලින් හිතා ගන්න...

කොටස් 8කින්වගේ ඉවර කරන්න ඉන්නේ...🫀

ඉතින් මට මේකට අද දවස ඇතුලත ලස්සන ලස්සන කවර් ගොඩක් හම්බුනා... මම හිතුවේ නෑ එච්චර ආදරයක් එයි කියලා... ඒ හැමෝටම තෑන්ස්...ශානිට දෙන සප් එකට...😍

shadowquill818 අක්කේ තෑන්ස්....මේක හරි කියුට් අනේ... 🩷🫀

fhjjfk තෑන්ස් සුද්දි...මේකත් හරි ඇත්තටම ලස්සනයි...ඒකේ ගැබුර තේරුමක් තියෙනවා😁😍🌹

ඉතින් හැම දේමට තෑන්ස්...සුකිරිලා කියවන් යන්න....ආදරෙයි මේ සීනි බෝලේ ඔයාලට


Online කැඩපත
Jung_j_shani_
24/11/29


You are reading the story above: TeenFic.Net