My Crush 🌀💙 part 2 (enemies😅)

Background color
Font
Font size
Line height

My Crush🌀💙

0️⃣2️⃣

👩🏻‍🏫ලමයි මේ දේවල් හොදට අහගන්න

සනීලයි මිස් බස් එකේ ම ඉදගෙන ලමයිට උපදෙස් දෙන්න ගත්තේ ලමයිගෙ මූණු ටික මැලවිලා යද්දි...

🌼බලපන්කො සනී ඉතින්..යන්නත් කලින් මෙයා අපිට දාන්න තියෙන නීතී ටික ඔක්කොම දාලා ඉවරයි....

🌻කියලා වැඩක් නෑ යූනා...මෙව්වට කියන්නෙ ට්‍රිප් කියලා නෙමෙයි


🌼එහෙනම්....?

🌻මේක නිකන් බන්ධනාගාරයක පදිංචියට යනවා වගේ වැඩක්

🌼සිරාවට....😂


👩🏻‍🏫මම මේ මෙතන මෙච්චර දේවල් කියද්දි ඔය ලමයි දෙන්නා මොනා ද ඔය කුටු කුටු ගාන්නේ...ආහ්....?


🌻ආහ්..නෑ මිස්...මේ යූනාට වොශ් රූම් යන්න ඕනිලු

ඒ කියපු කතාවට නම් බස් එකේ හිටපු ඔක්කොමලා හිනා උනා😅

ඒ වෙලාවේ තමයි යුනාට සනීව අගහරු වලට යවන්න තරම් කේන්තියක් ආවේ😅...


🌼අනේ..නෑ මැඩම්..මේ සනිගේ බොරු

👩🏻‍🏫දෙන්නම කටවහගෙන ඉන්නවලා...


🌼🌻හරි මිස්..මියානේ..


දෙන්නා ඉතින් දෙන්නට දෙමාරුවට රවනවා

🌻උඹ නිසා තමයි😅

🌼අනේ..බන්..මට හිනායනවා..😅මාව හිනස්සවන්න එපා බන්😅නැත්නම් ආපහු බැනුම් අහන්න වෙයි😅


🌻උඹව නම් හදන්න බෑ යූනා....



👩🏻‍🏫හොදයි ලමයි එහෙනම් හැමෝම හොදින් අහගන්න

අංක එක විනය
අංක දෙකත් විනය
අංක තුනත් විනය...

🌻මේ මිස්ට මොන යකෙක් වැහිල ද බන්😅හැමඑකටම විනය විනය ගාන්නෙ...😅

🌼දන්නෙ..කවුද බන්..සුවර් එකටම විනය භාර සර් එක්ක සම්බන්ධයක් ඇති මිස්ට😅

🌻අඩෝ..හිනස්සවන්න එපා බන් මාව....


🌼හරි..හරි මියානේ..😅

දෙන්නත් එක්කම හිනාව නතර කරන් හිටියේ පුදුම අමාරුවකින්..😅

ඒ වගේ තමා අපේ සනීගෙයි යූනාගෙයි friendship එක 😅ඒ දෙන්නට ඒ දෙන්නගේ මූණු දැක්ක ම ඇති..හිනා යනවා😅

















කට්ටිය ඉතින් එන්න පුලුවන් තරම් ම බස් එකෙන් දුර ආවා....බස් ටික ඔක්කොම නතර කරේ ජේජු දූපතට යන බෝට්ටු නවත්වලා තිබුනු තැන...... ජේජු දූපතට බස් එකෙන් යන්න බැරි නිසා ලොකු බෝට්ටුවලින් යන්න පුලුවන් විදියට හැමදේම ලෑස්ති කරලයි තිබ්බෙ........




👩🏻‍🏫ලමයිනේ,ඔයාලගෙ බඩු ඔක්කොම ගන්න...ආපහු දවස් හතරක් යනකම් අපි දූපතෙන් එන්නෙ නෑ...ඒ නිසා හැමදේම ගැන සැලකිලිමත් වෙන්න...


🌼අනේ සනී...

🌻කියන්න මගේ ෆනී...

🌼කවුද බන් ෆනී...?මම යූනා නේ

🌻ඉතින් උඹ ෆනී මනුස්සයෙක් නේ...ඒකයි ෆනී කිව්වේ.....


🌼ආහ්..ඒක මිසක්


🌻ඉතින් දැන් මොකද මට කතාකරේ...

🌼බලන්නකො..මට එද්දී මගේ phone charger එක ගේන්න අමතක වෙලා නේ🥲💔


🌻මට නම් කොච්චර උනත් පෝන් එකයි චාජර් එකයි නැතුව ජීවත් වෙන්න බෑ...

🌼අන්න...අතන මාකට් එකක් තියෙනවා...මාත් එක්ක යමන්කෝ..චාජර් එකක් ගන්න...


🌻හරි හරි ඒනම් මිස්ට පේන්නෙ නැති වෙන්න හිමින් සැරේ යමන්

දෙන්නත් එක්ක ඉතිම් හොර ගල් අහුල අහුල හිමින් සැරේ මාකට් එකට ආවා....


🌻කෝ ඉතිම් ඉක්මනින් ගනිම්

🌼ආහ්...චුට්ටක් ඉන්න සනී...මම මේ තාම මගෙ වර්ගෙට හරියන එකක් හොයනවා...


🌻ම්ම්ම්

🌼ආහ්..හම්බුනා..හම්බුනා

🌻ඉක්මනින් යමු ඒනම්..ඕකට සල්ලි දෙන්න...

🌼ම්ම්

🌻අජුස්සි,මෙන්න

🗣️වොන් 3000

🌼ආහ්..මෙන්න අජුස්සි...

ඉතුරු සල්ලියි චාජරෙයි දෙක ම අරන් කෙල්ලො දෙන්නා ඉක්මනින් යන්න ඕනි නිසා හෙන වේගෙන දුවන් යන්න ගියා...

ඒත් ඉතින් මාකට් එකෙන් එලියට යන්න දොර ඇරලා දුවන්න හදද්දිම නේ අපේ යූනා🌼 කොල්ලෙක්ගෙ ඇගේ හැප්පෙන්නේ.....

🌼ආව්වා...ඒක රිදුනා...

ඒත් එක්කම ඉතින් සනීත් නතර වෙලා බලන් හිටියේ තමන්ට ඉස්සරහින් ඉන්න හැන්ඩි කොල්ලො දෙන්නා දිහා...


🌻යාහ්..ඔය කටවහගනින් මනුස්සයෝ😅මැස්සො යයි ඇතුලට..

සනී හිමීට යූනගෙ කනට කරලා කිව්වෙ යූනා තාමත් කට ඇරන් බලන් ඉන්න නිසා....

🌻අපිට සමාවෙන්න
මියානේ..

සනී හැමදේම ශේප් කරන්න සමාවත් අරන් යූනාවත් ඇදගෙන එලියට ආවත් කෙනෙක් ආපහු යූනාට කතාකරා...

🤍 පාර්ක් යූනා......


යූනගෙ නම කියපු ගමන් ම දෙන්නා ආපහු අනිත් පැත්ත හැරුනා....ඒත් එක්කම බෝයිස්ලා දෙන්නත් ඒ දෙන්නාට මුහුණලා හිටියා....





🌼ඔයා කොහොමද මගේ නම දන්නෙ...?

යූනා පුදුමෙන් වගේ ඒ බෝයිගෙන් එහෙම ඇහුවේ ඒ බෝයිව මුලින්ම දැක්කෙත් අද නිසා...තමන් අදුරන්නෙ නැති කෙනෙක් තමන්ව අදුරනවා නම් ඉතින් යූනා පුදුම උන එක සාධාරණයි...


🌼ඔයා මාව දන්නව ද...?

යූනා එහෙම අහද්දි ඒ බෝයි තව ටිකක් ඉස්සරහට ආවා


🤍Name tag එක දැක්කා ...මම ඔයාව අදුරන්නෙ නෑ....

🌼ආහ්...ඒක මිසක්...

🤍මොකක් ද ඔයාලා දෙන්නා මේ වෙලාවේ මෙතන කරන්නෙ...හරි නම් දැන් ඉන්න ඕනි අර බස් එක ලග නේද...?



🌻ආහ්....ඔව් මේ.....අපි----


🌼ඔයා කටවහන් ඉන්න සනී..අපි මොකටද මෙයාට උත්තර දෙන්න ඕනි....ආහ්...ඔයා අපෙන් ප්‍රශ්න කරන්නෙ ඇයි...?ඔයා කවුරු කියල ද හිතන් ඉන්නෙ...අනික ඔයා මොක ද මේ මාකට් එකේ කරන්නෙ..ඔයත් හරි නම් දැන් ඉන්න ඕනි බස් එක ලග නෙමෙයි ද...?

යූනා එක දිගට කියවන් ගියේ බ්‍රේක් නැති කෝච්චියක් වගේ🤭




🌻යාහ්...දැන් ඔය ඇති...අපි යමු..නැත්නම් මිස්ට මාට්ටු වෙයි..


🤍තමුන්ගෙ කට නම් හොදට ම වැඩියි...ඉන්නවකෝ මම මිස්ට අල්ලලා දෙන්න..මම කවුද කියලා නේද ඇහුවේ...මම තමයි අපේ ස්කූල් එකේ විනය සංගමයේ සභාපති ටේ සන්ග්



🌼මෝ....


🌻හුටා...දැන් උඹට ඇති ද...?

🌼හහ්..එතකොට ඔයා දන්නව ද මේ මගේ යාලුවා කවුද කියලා...එයා තමයි අපේ ස්කූල් එකේ විනය සංගමේ සභාපති කිම් සනී..

මදැයි ඉතින් යූනත් කරන වැඩ😅


🌻යාහ්...තමුසෙට පිස්සු ද....?

සනී යූනගෙන් ඇහුවේ රහසින්..

🤍ආහ්..ඇත්තට කෝ බලන්න බැජ් එක...මේ මට නම් තියෙනවා..කෝ බලන්න ඔයාගෙ යාලුවගෙ එක ?


🌻දැන් සතුටු ද උඹට...කෝ කියපන් බලන්න බැජ් එක..

සනී ආපහු යූනගෙන් රහසින් ඇහුවා

🌼මලකෙලියයි සනී..හද්ද චාටර් එකක් වෙන්න යන්නෙ...

🌻ආහ්..ටේ සන්ග් ඔප්පා..අපිට සමාවෙන්නකෝ..මියානේ....

එහෙම කියලා සනී අල්ලගත්තනේ යූනගෙ අත...😅

දෙන්නත් එක්ක දිව්වා දිවිල්ලක්😅හරියට නිකන් සුනාමියක් එනවා වගේ තමා දෙන්නත් එක්ක දිව්වේ😅😅😅

මුන් දෙන්නගෙ දුවන තරගෙ දිහා බලන් හිටිය ටේ සන්ග් එයාගෙ යාලුවා එක්ක ආපහු මාකට් එක ඇතුලට ගියේ හිනා වෙවී😅


🤍 පාර්ක් යූනා,කිම් සනී අල්ලගන්නම්කො මම ඔය දෙන්නව....






මේ තමයි යූනා 🌼👆

මේ තමයි සනී 🌻👆

අපේ කෙල්ලො දෙන්නා 😍

0️⃣3️⃣ වන කොටසින් හමුවෙමු

My Crush 🌀💙


🖊️....Pramesha....


You are reading the story above: TeenFic.Net