43🍇

Background color
Font
Font size
Line height

ඉස්සෙල්ල බැල්කනි එකේදි උනු සිද්ධියෙන් පස්සෙ එයයි මායි අතරෙ කිසි කතාවක් උන්නෑ...එකපාරටම හිතේ වේදනාවට එයාගෙ මූණටම කිව්ව දේවල් ගැන මගෙ හිතට අවුල් ගතියක් තිබ්බත් මට ඕනි උන්නෑ එයාගෙන් සමාව ඉල්ලන්න...මොකද මේ වෙලාවෙ මට ඕනි උනු එකම දේ උනේ එයාගෙන් ටිකක් හරි ඈත් වෙලා ඉන්න...

එයා වොශ් එකක් එහෙම දාලා ඇවිත් රූම් එකේ ඉදන් ඇදුම් අදින අස්සෙ මන් වොශ් එකක් එහෙම දාලා වොශ්රූම් එකේ ඉදන්ම ඇදුම් මාරු කරගත්තා...හීනි උරහිස් පටි තියන වයිට් කලර් රෙද්දෙ රෙඩ් රෝසස් ආට් එකක් ගිය ඉලගන්ට් දිග ෆ්‍රොක් එකක් මන් ඇන්දේ...බොරු කියන්න ඕන්නෑ ඒ ෆ්‍රොක් එක ඇදලා ෆ්‍රොක් එකට මැච් වෙන්න රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් ගාලා ලයිට් ඉලගන්ට් මේකප් එකක් දාලා එහෙම කොන්ඩෙ කඩා දාලා පැත්තකින් බෙදලා එක පැත්තකින් ඉස්සරහට දාගත්තම මගෙ ලුක් එකට ලැබුනේ අමුතුම ඉලගන්ට් ඇට්‍රෑක්ටිව් ලුක් එකක්...

මේකප් දාලා ඇදුනුත් ඇදන් ඒ වැඩ ටික කරගත්තට පස්සෙ මන් වොශ්රූම් එකෙන් එළියට එද්දි ඔප්පා ඉන්නවා ලෑස්තිවෙලා එහෙම මිරර් ටේබල් එක ඉස්සරහට වෙලා වොච් එකක් අතේ බැද බැද...

මන් වොශ්රූම් එකේ ඩෝ එක ඇරියා ඇහිලද කොහෙද එයා නෝර්මල් එකේ මන් දිහා මූණ ලාවට හරවලා බැලුවා උනත් මාව දැක්කත් එයාගෙ ඇස් මොහොතකට ගැස්සිලා ගියේ මන් බලා ඉද්දිමයි...ඒත් එක්කම ෆ්‍රීස් වෙලා වගේ බැල්මකින් මගෙ උඩ ඉදන් පහළට බලන් ගිය එයා ආයිත් මගෙ ඇස් දෙක දිහා බැලුවේ nervous වෙලා වගේ බැල්මකින්...අනේ මන්දා ඇයි කියන්න ඒ ටිකට එයාගෙ කම්මුල් දෙකත් ලාවට රතු උනා වගේ මන් දැක්කේ...සමහරවිට මන් හිතනව වැඩි ඇති...

එයා මන් දිහා බලපු විදිහට ඇත්තටම මට ලැජ්ජ හිතුනු නිසා මන් ඉක්මන්ට එයාගෙ ඇස් මගෑරලා ඇවිත් එයාට පිටුපාලා බෙඩ් එකේ වාඩිවෙලා බෙඩ් එක ගාව බිම මන් ලෑස්ති කරල ගිය රෙඩ් කලර් හීල්ස් දෙකෙන් එකක් අතට ගත්තේ පුලුවන් තරම් හිත අස්සෙ නළියන හැගීම් යටපත් කරගන්න උත්සාහ කරන අස්සෙමයි...

"ඔයා ලෑස්ති නම් අපි යන්ද?...හොබී කෝල් කරල කිව්වා එයාලා හොටෙල් එකට ආවා කියලා...

මන් හීල්ස් දෙක එහෙම දාලා ඉවරවෙලා බෙඩ් එකේ වාඩිවෙලා ෆෝන් එකෙන් ඉන්ස්ටා පැත්තෙ කැරකි කැරකි ඉන්න අස්සෙ එයා මිරර් ටේබල් එක ගාව ඉදන්ද කොහෙද කිව්වා...

"ම්ම්..යන්..

ඉස්සෙල්ල මන් එයාට කියපු දේවල් නිසා මට එයාගෙ මූණ බලන්න අපහසුවක් දැනුනු නිසා මන් එයා දිහා නොබලම කිව්වා...

හැබැයි මන් ඉස්සෙල්ල කිව්ව දේ නිසාද කොහෙද එයා මාව ලිෆ්ට් එකෙන් පාටි එක තියනවා කිව්ව 6th ෆ්ලෝ එකෙන් බහිනවත් එක්කම වගේ තමයි මගෙ අතින් අල්ලගත්තේ...ඒකත් මගෙ දිහා බලලත් එයා මගෙ අතින් ඇල්ලුවෙ හරියට මගෙ අත අල්ලන්න මගෙන් පර්මිශන් බලාපොරොත්තු වෙනව වගේ බැල්මක් ඒ ඇස් වල තිබ්බේ...

එයාගෙ ඉගිය ලාවට වගේ තේරුනු නිසා මන් එයාට ඔලුව චුට්ටක් ඔලුව උඩ පහළ වනලා හා කියල ඉගි කෙරුවමයි එයා මගෙ අතින් අල්ලගත්තේ...අනේ මන්දා ඇයි කියන්න එයා එහෙම මගෙ අත අල්ලගන්න පර්මිශන් ගන්න මගේ දිහා බැලුවම මට හරි අපහසුවක් දැනුනා...හරියට මන් එයාට ගොඩක් කෝල්ඩ් වුනා කියල වගේ හැගීමක් මට දැනුනේ...

ඉස්සෙල්ල වගේම හොටෙල් එකේ හිටපු අයගෙ ඇලුම් බැලුම් අස්සෙන්ම අපි පාටි එක තියන හෝල් එකට අපි ආවත් එක්කම වගේ එකපාරටම කොහෙද මන්දා ඉදන් අපි ළගට ආපු යීහා ඔන්නි මගෙ අතින් අල්ලගත්තේ සතුටින් හිනාවෙවීමයි...

"හම්මෝ යන්තම් ඇවිත්...අපි මේ ඔයාලා දෙන්නා එනකන් බලන් හිටියේ...ඒක නෙවෙයි ජිමින් ඔප්පා ඔන්න මන් ටිකකට ඔයාගෙ වයිෆිව ගන්නව හොදේ...අපි දෙන්නට පොඩි කතාවක් දාන්න තියෙනව ඒකයි...

ඔප්පා දිහා බලලා ඇස් දෙකත් උස්ස උස්ස හිනාවෙවී කිව්ව යීහා ඔන්නියා ඔප්පා මුකුත් කියන්නත් කලින් මාවත් ඇදන් ලස්සනට බ්ලූ ඇන්ඩ් වයිට් කලර් බැලුන්ස් වලිනුයි බ්ලූ කලර් රෝස් ෆ්ලවර්ස් වලිනුයි ඩෙකරේට් කරල තිබ්බ  හෝල් එකේ අයිනක තිබ්බ ටේබල් එකක් ගාවට ඇදන් ආවේ මාවත් කුතුහලෙන් පුරවන ගමන්...

"ඔන්නි මොකක්ද කතාව?...මුකුත් ප්‍රශ්නයක්ද?...

කුතුහලේ ඉවසන්න බැරිම තැන මන් ඇහුවේ...

"අයියෝ නෑ මැට්ටි ...එහෙම දෙයක් නෙවෙයි...මේ දන්නවද අද...අද ඔයාගෙ ඔප්පා මට ප්‍රපෝස් කළා...මේ..

ඔන්නි සතුටින් කම්මුල් දෙකත් රතු කරන් කියලා ඔන්නියගෙ රින්ග් ෆින්ගර් එකේ තිබ්බ ලස්සන ඩයමන්ස් රින්ග් එක පෙන්නුවේ මාවත් මොහොතකට පුදුම කරවන ගමන්...

"ඔ...ඔන්නි...ඒ කියන්නේ...අනේ...මට සතුටුයි...

සතුට වැඩි කමට මගෙ ඇස් දෙකත් එක්කම තෙත් වෙනව දැනෙද්දි මන් කියන ගමන්ම ඔන්නිව බදාගත්තෙ සතුට වැඩි කමටම මගෙ මුළු ඇගම හිරිවැටිල යනව වගේ දැනෙද්දි...

"අනේ congratulations ඔන්නි...අනේ මට ගොඩක් සතුටුයි...

ඔන්නිව බදාගෙනම මන් ආයෙමත් සැරයක් සතුටින් කිව්වේ ඉස්සෙල්ල ඔප්පා එක උනු සිද්ධියත් මොහොතකට අමතක වෙලා යද්දි...

ටිකවෙලාවක් ඔප්පා ඔන්නියට ප්‍රපෝස් කරපු හැටියි ඒ දේවල් ගැන කතා කර කර හිටපු අපි දෙන්නා විනාඩියකට කතාව නැවැත්තුවේ අපෙ ඔප්පා මයික් එකකින් නම්ජූන් ඔප්පා දැන් හොටෙල් එකට ඇවිත් කියලා කට්ටියට චුට්ටක් හැන්ගිලා ඉන්න කියලා එනවුස් කරපු නිසා...

"කියූ අපි එහෙනම් ඔප්පලා ගාවට යමු නේද?...දැන් කොහොමත් නම්ජුන් ඔප්පත් එයිනේ...

"ඕකේ යන්...

අපි ඔප්පලා ගාවට ආවා විතරයි වගේ එකපාරටම ඩෝ එක ඇරුනු නිසා අපි හිතුවෙ ඒ නම්ජූන් ඔප්පා වෙන්නැති කියලා උනත් ඒ ඇවිත් තිබ්බෙ සුගා ඔප්පා...

බ්ලැක් කලර් ලෝන්ග් ස්ලීව් බ්‍රෑන්ඩඩ් ස්වේටර් එකකට බ්ලැක් කලර් පෑන්ට් එකක් ඉන් කරල එහෙම කොන්ඩෙත් උඩට කරලා පීරලා මෑන් බන් එකක් දාලා හිටපු සුගා ඔප්පා අදත් වෙනදට නොදෙවෙනි හැන්ඩ්සම් ලුක් එකකින් හිටියත් වෙනද වගේ මට එයා දිහා බලන් ඉන්න ඕනිකමක් තිබ්බෙ නෑ...සමහරවිට මන් දැන්ටමත් ජිමින් ඔප්පට ආදරේ කරන්න පටන් අරන් නිසා වෙන්නැති...

"ඒයි සුගා මෙහෙට වරෙන් බන්...දැන් නම්ජූනත් මග එනවලු...

අපෙ ඔප්පා කිව්ව පාර සුගා ඔප්පා එයාගෙ ගමී ස්මයිල් එක දාගෙනම අපි ඉන්න පැත්තට ආවා...

සුගා ඔප්පා අපි ගාවට එනවත් එක්කම මෙහා පැත්තෙ හිටපු ජිමින් ඔප්පා මගෙ එහා පැත්තට ආවේ මාව සුගා ඔප්පාගෙන් කවර් කරගන්න වගේ...එකපාරටම ඒ මොකක්ද උනේ කියල පුදුමෙන් ඔප්පා දිහා බලද්දිම ඔප්පා මගෙන් අහන්නැතුවම මගෙ අතකින් අල්ලගත්තේ අපෙ ගොන් වහන්සේ ගාවට ආපු සුගා ඔප්පා දිහා ටිකක් කේන්තියෙන් වගේ බලාගෙනමයි...

මෙයාට මේ එකපාරටම මොකෝ උනේ?...ඇයි එයා සුගා ඔප්පා අපි ගාවට ආවම මගෙ අත අල්ලගත්තේ?...ඊට වඩා ඇයි එයා සුගා ඔප්පා දිහා ටිකක් කේන්තියෙන් වගේ බැලුවේ...

දහසක් සිතුවිලි හිත අස්සෙ කැලැත්තෙද්දි මන් ඔප්පාගෙ අත අතෑරගන්න් හදද්දි ඔප්පා තව ටිකක් තද කරල මගෙ අත අල්ලගත්තේ මගෙ දිහා නොබලමයි...

මොකක්ද මේ ඔයාට වෙලා තියෙන්නේ කියලා මන් එයාගෙන් හොරෙන් අහන්න හදද්දිම එකපාරටම හෝල් එකේ ඩෝ එක ඇරුනු නිසා මන් ඒ කතාව පස්සෙ අහන්න හිතාගෙන ඩෝ එක දිහා බැලුවා...

බැලින්නම් ඒ නම්ජූන් ඔප්පා එහෙම...ඔන්නි නම්ජූන් ඔප්පගෙ ඇස් දෙක ගැටගහලා ඔප්පගෙ අතකින් අල්ලන් හෝල් එක ඇතුළට එද්දි  කට්ටිය කිසිම සද්දයක් නොකර හිටියේ අපි කට්ටිය ප්ලෑන් කරගත්තෙ නම්ජූන් ඔප්පව කේක් එක ගාවට එක්කන් ගිහින්ම කට්ටියම එකටම කෑ ගහලා ඔප්පව ස්ප්‍රයිස් කරනව කියලා නිසා...

කතා කරගත්තත් වගේ  බ්ලූ කලර් ලොකු බ්ලූ කලර් ඩයමන්ඩ් එකක් හැඩේට හදපු කේක් එක තිබ්බ ටේබල් එක ගාවට ඔන්නියා නම්ජූන් ඔප්පව එක්කන් ගිහින් ඔප්පගෙ ඇස් වල බැදල තිබ්බ පටිය අයින් කළත් එක්කම අපි හතර දෙනා ස්ප්‍රයිස් කියල කෑ ගැහුවේ එකටම වගේ...

ඒත් එක්කම බර්ත්ඩේ එකට ඉන්වයිට් කරල තිබ්බ අනිත් අයත් එයාලා හැන්ගිලා හිටපු තැන් වලින් එළියට ඇවිත් අත්පුඩි ගහද්දි නම්ජූන් ඔප්පා බෙල්ලත් අත ගගා හිනාවෙවි කේක් එක දිහයි අපි දිහයි මාරුවෙන් මාරුවට බලපු විදිහට අපිට හිනා ගියත් එක්ක...

ඊට පස්සෙ බර්ත්ඩේ සෝන්ග් එක කියලා කේක් කපලා කවලා ඒ වැඩ ටික ඉවරවෙලා අපි කට්ටිය එකම ටේබල් එකෙන් වාඩි උනේ කාලෙකට පස්සෙ කට්ටියම එකම තැනකදි මීට් වෙන්න පුලුවන් උනු එක ගැන සතුටින්...

කට්ටියගෙ කතායි විහිලු කතායි අහන් ඉද්දි වෙලාව යනව දැනුනෙත් නැති තරම්...කොහොමින් කොහොමහරි කට්ටිය කාලා බීලා කතා කර කර ඉදලා එහෙම පාටි එක ඉවරවෙලා යද්දි හෝල් එකේ අන්තිමට ඉතුරු උනේ අපි කට්ටිය විතරයි...

ඊට පස්සෙ කට්ටියත් එක්ක කතා වෙලා අපි බීච් එකට ආවා...බීච් එක පුරාම ලයිට්ස් බල්බ්ස් එල්ලල එහෙම ඩෙකරේට් කරල තිබ්බ නිසා බීච් එකේ හොද එළියකුත් තිබ්බා...

කට්ටිය මුහුදු වෙරළේ වැළි පොළවෙ වටේට රවුමක් විදිහට ඉදගන්න අස්සෙ නම්ජූන් ඔප්පා ටෲත් ඇන්ඩ් ඩෙයා කරපු කියලා යෝජනා කරපු නිසා කට්ටිය ඊට පස්සෙ ඒ ගේම් එක කරන්න පටන්ගත්තා...බැලින්නම් නම්ජූන් ඔප්පා එද්දි හිස් සෝජු බොටල් එකකුත් උස්සන් ඇවිත් ගේම් එකට...

මුලින්ම ගේම් එක ස්ටාට් කළේ යීහා ඔන්නි...ඔන්නි බොටල් එක කැරකෙව්වම ඒක කැරකිල නැවතුනේ මගෙ පැත්තට...

"කියූ ටෲත් ඔර් ඩෙයා...

"ම්ම් ඩෙයා...මන් බෙල්ලත් අත ගගා කිව්වේ හරි ශුවර් එකක් නැතුව...

"එහෙනම් ජිමින් ඔප්පගෙ චීක් එකකට කිස් එකක් දෙන්න...

ඔන්නි හිනාවෙවී කියද්දි අනිත් හැමෝම කිස් කිස් ගගා අත් පුඩි ගහන්න ගත්තා...එයාලා නම් කෑ ගහනවා මන් එපෑ දෙන්න🥲...මදැයි ඔන්නි ලිප් කිස් එකක් දෙන්න කිව්ව නැති එක...මන් හාට් එකත් අසූ හාරදාහට ගැහෙන්න අස්සෙ හිතින් හිත හිත ඉක්මන්ට ඇස් පියාගෙන මගෙ එහා පැත්තෙ හිටපු ජිමින් ඔප්පගෙ බෝල කම්මුලකට කිස් එකක් දීලා ආයිත් ඉක්මනින් ඉස්සරහ බලාගත්තා...හැබැයි මන් ඉස්සරහ හැරෙද්දි ලාවට දැක්කා ජිමින් ඔප්පා ඇස් දෙකත් බෝල කරන් තාරා වර්ශන් එකකින් මන් දිහා බලන් ඉන්නවා...ආයිශ් ලැජ්ජාව බාල්දියෙන් පහයි...මන් ලැජ්ජාවෙන් හිත හිතාම එයාගෙ ඇස් මගෑරල හිටියා...

ඊට පස්සෙ මන් බොටල් එක කැරකුවම ඒක කැරකිල නැවතුනේ නම්ජූන් ඔප්පා ගාව...

"ඔප්පා ටෲත් ඔර් ඩෙයා?...

"ඩෙයා...

ඔප්පා කිව්වේ තඩි කෙළ ගුලියකුත් ගිලලා...මන් හිතන්නෙ ඔප්පා දැන්ටමත් බයවෙලාද කොහෙද😂...

"ඔප්පා පුලුවන් අපෙ ඔප්පගෙ ඔලුවට තඩි ටොක්කක් අනින්නකෝ...මන් අපෙ ඔප්පා දිහා බලලා කට හදලා කියද්දි හැමෝම හිනා උනා...

"යා මැට්ටි ළග හිටිය නම් මායි ටොක්ක අනි...ආව්...යා හයොන්ග්...

ඔප්පා මට කට ඇද කර කර කියන අස්සෙ නම්ජූන් ඔප්පා ටාන් ගාලා අපෙ ඔප්පගෙ ඔලුවට ටොක්කක් ඇන්නා😂...හොද වැඩේ අපෙ මැන්ශන් එකේ ඉන්න කාළෙ මට බෝයිස්ලා දිහා බලන්න නොදුන්නට හුම්😌...

කොහොමින් කොහොමහරි ටෲත් ඇන්ඩ් ඩෙයා එක කරලා ඉවරවෙලා එහෙම අපි මුහුදු වෙරළෙ ඇවිදින්න කතා වෙලා නැගිට්ටේ ඉදගෙන ඉදලම කට්ටියගෙ පස්සවල් රිදෙන්න පටන්ගත්ත නිසා...

නැගිටලා අපෙ ඔප්පා යීහා ඔන්නිගෙ අතින් අල්ලගද්දි නම්ජූන් ඔප්පා යූහී ඔන්නිගෙ අතින් අල්ලගත්තා...ඉතින් මාත් ඇන්ටින්ග් පාරක් දාන්න හිතාගෙන මගෙ එහා පැත්තෙ හිටපු ඔප්පගෙ අතින් අල්ලන් එයා දිහා නොබලම එයාවත් ඇදන් මුහුද වෙරළෙ අයිනට ආවා...අනේ ඇත්තමයි අද මොකෝ දන්නෑ තාරාවගෙ අත ටිකක් සීතල...ඊට වඩා එයා අද ගාන් ආපු සෙන්ට් එකත් මොකක්දෝ හේතුවකට වෙන ස්මෙල් එකකට කන්වට් වෙලා තිබ්බෙත්...මන් හිතින් හිත හිතාම මුහුදු වෙරළෙ ඇවිදින අස්සෙ එකපාරටම කවුදෝ මන්දා ඇවිත් මගෙ අනිත් අතින් ඇදලා ගත්ත පාර මාව ඇදිල ගිහින් ඒ කෙනාගෙ ඇගේ වැදුනා...

_________________________________________

🩷🩷...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....



You are reading the story above: TeenFic.Net