37🍇

Background color
Font
Font size
Line height

මන් ඩෝ එක අරින්න හදද්දිම එකපාරටම කා එකේ ඩෝස් ටික ලොක් උනා...

"ඔප්පා මොකක්...

"විනාඩියක් ඉන්න කියූ...

ඇයි එකපාරටම ලොක් කළේ කියල මන් අහන්න හදද්දිම කිව්ව තාරාවා එයාගෙ පොකට් එකක තිබ්බ පර්ස් එක අරන් එකේ තිබ්බ කාඩ්ස් අතරින් එක ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් මන් දිහාට දික් කළා...

"ම්...මේ ඇයි?...

මන් එයාගෙ අතින් කාඩ් එක ගන්නැතුවම ඇහුවේ මට කොහොමටවත් එයාගෙ සල්ලි ඕනි උනේ නැති නිසා...ඊට වඩා අපෙ ඔප්පායි අප්පයි මගෙ කාඩ් එකට හැම මාසෙම මට ඕනි දෙයක් ගන්න කියලා සල්ලි දාන නිසා මගෙ කාඩ් එකේ මට ඕනි දෙයක් ගණන් බලන්නැතුවම ගන්න පුලුවන් ගාන්ට සල්ලි තිබ්බා...

"මේක ගන්න...අද ඉදන් මේ කාඩ් එක ඔයාගෙ...මේකේ ටූ මිලියන්ස් තියනවා...ඉස්සරහට මාසෙ ගානෙ මන් තව සල්ලි මේකට දාන්නම්...ඒ නිසා මේකෙන් දැන් ඉදන් ඕනි දෙයක් ගන්න ඔයා...ආ මේ කෑශුත් අතේ තියාගන්න ඕනි උනොත් ගන්න...

මගෙ දිහා සීරියස් බැල්මකින් බලල කිව්ව එයා කෑශ් මිටියකුත් මගෙ දිහාට දික් කළා...

"ඔ...ඔප්පා මේ ඇයි...මට සල්ලි ඕනි නෑ...මන් ගාව ඕනි තරම් සල්ලි තියනවා...

"මන් දන්නව කියූ...ඒත් දැන් ඉදන් මගෙ සල්ලි ඔයා වියදම් කරනව නම් මන් කැමතී...මන් ඔයාට බල කරනව නෙවෙයි ඒත් මේ සල්ලි මන් ඔයාට දෙන්නෙ කැමැත්තෙන්මයි...ඒ වගේම මේ මන්ම හම්බ කරපු මගෙම සල්ලි...ඉතින් මන් කැමති ඔයා අද ඉදන් මගෙ සල්ලි වියදම් කරනව නම් කියූ...

එයා කිව්වේ ලොකු හැගීමකින්...මට මොහොතකට පුදුමත් හිතුනා එයාට ඒ තරම් සොෆ්ට් විදිහට කතා කරන්න පුලුවන්ද කියලත්...

"ඒත් ඔප්පා මන් ගාව සල්ලි තියෙනවනෙ...ඔයා...

"මට උදව්වක් විදිහටවත් මේ දේ කරන්න බැරිද කියූ ම්ම්...

මගෙ ඇස් දිහා බලන් එයා ඇහුවේ හරි ලස්සන හිනාවකුත් ඒ ඇස් වල අඩුවක් නැතුවම පුරෝගෙන...ඒ වගේම මට බෑ කියන්න බැරි තරමට ලොකු බලාපොරොත්තුවකුත් ඒ ඇස් වල අඩුවක් නැතුවම පිරිල තිබ්බා...

"ම්ම්...ඕකේ...මන් මේක ගන්නම්...දැන් ඔය ඇස් වලින් හිනාවෙන එක නවත්තන්න😒...නැත්නම් මන් මේ සල්ලි ඔයාට ආයිත් දෙනවා...

එයාගෙ දිගටි ඇස් වල ඇදිල තිබ්බ හිනාවට මගෙ හාට් එකත් එක්කම මොකක්ද උනු නිසා බොරු නෝක්කාඩු මූණක් දාලා කිව්ව මන් එයාගෙ අතින් කාඩ් එකයි කෑශුයි අරන් බෑග් එකේ දාගෙන එයාට ආයිත් මුකුත් කියන්නැතුවම බැස්සා...හැබැයි ඒ බහින අස්සෙ මන් ලාවට වගේ දැක්කා එයා මන් දිහා බලන් හිනාවෙනවාත් වගේ...තාරාවා😒...

වෙනදට නෝර්මල් එකේ යාලුවොත් එක්ක ලෙක්චර්ස් හෝල් එකට යනව උනත් අද නම් යුනි එකට අඩිය තිබ්බ ගමන් මට උනේ දකින දකින හැමෝටම උත්තර බදින්න...අන්තිමට ලෙක්චර් හෝල් එකට යද්දි මගෙ හොද පණ ගිහින් තිබ්බේ...
.

.



.
කිව්ව වගේම තාරාව මට ලෙක්ස් ඉවර උනු ගමන් යුනි එන්ටරන්ස් එකෙන් එළියට එද්දි මට මැන්ශන් එකට යන්න කා එකක් එවල තිබ්බා...

වෙනදට නම් යාලුවො එක්ක චුට්ටක් ඉදලා මන් යන්නෙ උනත් අද තාරාවා එවපු කා එලේ ඩ්‍රයිවව රස්තියාදු කරවන්න බැරි නිසා මන් එහෙන්ම යුනි එකෙන් එළියට ආපු ගමන් කා එකට නැගලා මැන්ශන් එකට ආවා...

මන් මැන්ශන් එකට ඇවිත් වොශ් දාලා එහෙම අනිත් පැත්තට මගෙ ලැප් එකත් අරන් ගාඩ්න් එකේ තිබ්බ බෙන්ච් එකක් ගාවට ආවේ හෙට කරන් යන්න තිබ්බ එසයිමන්ට් කරල දාලම හොද නින්දක් දානව කියල හිතාගෙන...

පැය භාගයක් විතර එක දිගට එසයිමන්ට් එකේ වැඩේ අස්සෙ හිරවෙලා හිටපු මන් ලැප් එකෙන් ඔලුව ඉස්සුවේ අජුම්මා කෙනෙක් එනව වගේ ඇස් අගින් දැක්ක නිසා...

"අජුම්මා ඔය මොනවද?...

"මේ ජින්සෙන්ග් ටී එකක් මැඩම්...ලොකු මහත්තයා ඊයෙ එද්දි ගෙනල්ලා දුන්නෙ මැඩම්ට හදල දෙන්න කියලා...

"ඔ...ඕ එහෙමද?...තෑන්ක්ස් අජුම්මා...

අජුම්මා මන් ජින්සෙන් ටී එක හදල දීලා ගියත් එක්කම මන් ලැප් එකේ වැඩේ පැත්තක තියලා ටී කප් එකත් අරන් බෙන්ච් ගාවම තිබ්බ පොන්ඩ් එක ගාවට ආවේ තාරාවා ඇත්තටම මොනවගේ කෙනෙක්ද කියලා හිතින් හිත හිත...

එකවෙලාවකට මාව පේන්න බෑ...එක වෙලාවකට මන් ගැන හොයල බලනවා...ඇත්තටම තාරාවා මන් ගැන කෙයා කරන නිසාද මන් වෙනුවෙන් මේ දේවල් කරන්නේ?...නැත්නම් එයාගෙ හොදම යාලුවාගෙ නන්ගි නිසාද මන් ගැන මේ විදිහට කෙයා කරන්නේ...

හිතට එක එක විදිහෙ සිතිවිලි දාහක් එන්න ගද්දි මන් ලොකු හුස්මක් පාත දාලා ටී එක බොන්න ගත්තේ තාරාවව තේරුම් ගන්න උත්සහ කරනවට වඩා මේ අවුරුද්ද මගෙ පාඩුවේ මගෙ වැඩක් බලාගෙන ඉන්න එක කෝකටත් හොදයි කියලා මටම තේරුම් කරගන්න ගමන්...
.





.






.
යුනි පටන් අරනුත් සති තුනක් ඉක්මන්ට ගෙවිලා ගියේ මන් යුනි එකේ එසයිමන්ට්ස් අස්සෙ හිරවෙලා යද්දි...

උදේ යුනි ගිහින් මන් හවස මැන්ශන් එකට ආවා උනත් තාරාව උදේම මැ න්ශන් එකෙන් ගිහින් මැන්ශන් එකට ආවේ ගොඩක් රෑ වෙලා...ඒ නිසා අපි දෙන්නා එකම රූම් එකේ නිදාගත්තත් මටවත් තාරාවටවත් එක වචනයක් කතා කරගන්න තරම් ටයිම් එකක් හම්බුන්නෑ මේ ටිකේම...

ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දි තාරාවා නොදන්නව උනත් යීහා ඔන්නි නිසා මේ ටිකට මාව කා රේස් වල ෆෑන් කෙනෙක් වෙලා තිබ්බේ...ඉස්සර නම් කා රේස් ගැන කිසි උනන්දුවක් මට තිබ්බෙ නැති උනත් යීහා ඔන්නිගේ කා රේස් ගැන කියවිල්ල නිසා මාත් දන්නෙම නැතුව දැන් කාර් රේස් වලට ආස වෙලා...

ඒ නිසා එසයිමන්ට්ස් අස්සෙන්ම උනත් මන් දැන් දවසකට තාරාවගේ කා රේස් එකක වීඩීයෝ එකක් හරි බලනවමයි...

යුනි ගිහින් ඇවිත් හොද නින්දක් දාපු මන් බලන්න තිබ්බ නෝට්ස් ටිකකුත් අරන් බැල්කනි එකට යන්න හදද්දිම එකපාරටම කෝල් එකක් ආපු නිසා මන් බැල්කනි එකට යන එක පැත්තක තියලා කෝල් එක ආන්ස්වර් කළා...

"යොබුසෙයෝ...

"යොබුසෙයෝ කියූ...ඔයාට හෙට රෑට මොනවහරි වැඩක් එහෙම තියනවද...අයි මීන් යුනි එකේ වැඩ එහෙම...

මොකෝ මේ කවදාවත් නැතුව තාරාවා මගෙ වැඩ ගැන අහන්නේ🙄...

"අනී ඔප්පා...ඒත් ඇයි?...

"අනී...හෙට රෑට බිස්නස් පාටි එකක් තියනවා...ඉතින් ඒකට මටයි ඔයාටයි දෙන්නටම ඉන්වයිට් කරල තියෙනවා...ඉතින් ඔයාට හෙට රෑට වැඩක් නැත්නම් කැමතිද පාටි එකට යන්න එන්න...

එයා ඇහුවේ ටිකක් දෙගිඩියාවෙන් වගේ...එයා කතා කරපු විදිහෙන්ම ඒක මට හොදටම තේරුනා...

"ම්ම් ඕකේ ඔප්පා...මන් එන්නම්...

මේ ටිකේම යුනි යනවයි මැන්ශන් එකට ඇවිත් එසයිමන්ට්ස් වැඩ කරනවයි ඇරෙන්න මට කොහෙවත් යන්න උනෙත් නැති නිසා මන් කිව්වා...

"ඕකේ...එහෙනම් පැයකින් ලෑස්තිවෙල ඉන්න කියූ...මන් පාටි එකට ඇදුමක් ගන්න ඔයාව ගන්න එන්නම්...බායි...

මන් මුකුත් කියන්නත් කලින්ම කිව්ව එයා කෝල් එක කට් කළා...බායි කියන්න ටයිම් තිබ්බෙත් නෑ මේ තාරාවගෙ හදිස්සිය නිසා😒...

කිව්ව වගේම එයා පැයක් යද්දි එයා මැන්ශන් එක ගාව...හැබැයි මොනව නැතත් වෙලාවට වැඩ කරනව වගේ තාරාවා...

අදත් ඊයෙ වගේම තමයි...ශොපින්ග් මෝල් එකට යනකන්ම අපි අතර තිබ්බ නිශ්ශබ්දතාව බින්දේ මියුසික් ප්ලේයර් එකේ ප්ලේ වෙන සෝන්ග්ස් ටික...

එයා එයාගෙ ශොපින්ග් මෝල් එකට මාව එක්ක යයි කියල හිතුව උනත් එයා මාව එක්කන් ආවේ බීච් එකක් ගාව ලස්සන ලොකේශන් එකක තිබ්බ ශොපින්ග් මෝල් එකකට...මන් හිතන්නෙ අපෙ මැන්ශන් එකේ ඉතින් පැය දෙකකට කිට්ටු දුරක් මෙතෙන්ට තිබ්බා...අනේ මන්දා ඇයි දන්නෑ තාරාවා අච්චර විනාඩි හතළිස් පහක විතර ළග තිබ්බ ශොපින්ග් මෝල් එකට නොයා මාව මෙතෙන්ටම එක්කන් ආවේ...තාරාවා කරන ගොඩක් දේවල් දැන් මට ලොකු ප්‍රහේළිකාවක් වෙලා තියෙන්නෙ...

මන් කා එකෙන් බැස්සා විතරයි කා එකෙන් බැහැලා මගෙ ඉස්සරහට ආපු තාරා හොටා මගෙ දිහාට එයාගෙ එක අතක් දික් කළා...

"ම්...මේ ඇයි?...

මන් ඇහුවට කිසි උත්තරයක් නොදුන්නු එයා කෙළින්ම මගෙ අතක් එයාගෙ අතින් අල්ලන් මගෙ දිහාට ඇස් බර කළේ හරි ආඩම්බරකාර හිනාවකුත් ඒ දිගටි ඇස් වල අඩුවක් නැතුවම පුරෝගෙන...

බොරු කියන්න ඕන්නෑ එකපාරටම එයා මගෙ අතින් අල්ලගත්ත විදිහට මගෙ හාට් එකත් එක්කම හිරිවැටිලා ගියා වගේ එකක් උනා...සමහරවිට මන් හිතුවෙවත් නැති වෙලාවක එයා මගෙ අතින් අල්ලපු නිසා වෙන්නැති...

"දැන් ඉදන් මගේ...

මගෙ අත එයාගෙ අතින් අල්ලගෙන උස්සල පෙන්නපු එයා කිව්වේ හරි ආඩම්බරකාර හිනාවකුත් කට කොනින් දාගෙනමයි...

මෙයා මේ මොනවද කියන්නේ...මගේ කියන්නේ?...

"මොක...

මන් අහන්න ගිය එක හරියට අහගන්න උනෙත් නෑ එයා...

_________________________________________

ඔන්න අදත් එකක්🩷🙃...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....


You are reading the story above: TeenFic.Net