34🍇

Background color
Font
Font size
Line height

"ඔහ් යීහා...පේන විදිහට හොබියා පණිවිඩේ දීලා වගේ...

ඔන්නියාව දැක්ක ගමන් තාරා හොටා හිනාවෙලා කියාගෙනම අපෙ සෝෆා එක ගාවට ආවා...

අනෙ ඇත්තමයි මෙයාට මන් එක්ක තමයි හිනාවෙලා වචනයක් කතා කරන්න බැරි...මන් ඇර අනිත් හැමෝම එක්ක මෙයා හොදට හිනාවෙලා කතා කරනවා...

මන් හිතින් හිත හිතා ඔන්නියට නොදැනෙන්න තාරා හොටාට රැවිල්ලක් දැම්මා...ඇයි අෆ්ෆා හරි නම් මාත් එක්කයි හිනාවෙලා කතා කරන්න ඕනි කන්ට්‍රැක් එකට කැමති උනාට😒...

"ඔව් ඔව්...මට උදේ කිව්වේ...මන් ඉතින් කම්පනි එකේ ෆයිල්ස් වල වැඩ ටික ඉවරකරගත්තු ගමන් මේ ආවේ...

"ආ ඒකනෙ...හොබිය මටත් දෙපාරක් තුන් පාරක්ම කෝල් කළා...මෑන්ස් ජැපෑන් හිටියට කියූ ගැනද කොහෙද සිහිය තියෙන්නේ...

හිනාවෙලා කිව්ව තාරා හොටා මන් දිහාත් බලලා ආයිත් ඔන්නි දිහාට ඇස් හැරෙව්වා...

මෙයාට මොනා නැතත් කට්ටිය ඉස්සරහ ඇක්ට් කරන්න නම් හොදට පුලුවන් වගේ😒...අපරාදෙ තාරාවට ඇක්ට් කරන්නත් යන්න තිබ්බේ...එහෙනම් තාරාවට තවත් ෆේමස් වෙන්න තිබ්බා...

"ඔව් ඔව්...ඒක නම් ඇත්ත.. මාත් එක්ක කතා කරද්දිත් තුන් හතර පාරකට වඩා කියූ ගැන කිව්වේ ඔප්පා...

ඔන්නි කිව්වේ මගෙ කොන්ඩෙ බොරුවට අවුස්සන ගමන්...

"කොහොමත් ඔප්පා ඉස්සර ඉදන්ම ඔහොම්මයි😅...මට ඉස්සර අපෙ මැන්ශන් එකේ ඉද්දි උණ හැදුනම ඔප්පා මාව බලන්න රූම් එකට දවසට තුන් හතර පාරකට වඩා එනවා...ඊට පස්සෙ ඉතින් එයා මගෙන් උණත් බෝ කරගෙනම තමා හැමදාම නවතින්නෙ😅...

මන් කියද්දි ඔන්නියි තාරාවයි දෙන්නම හිනා උනා...

"ඔව් ඔව්...මට මතකයි ඔප්පා ඕක එක පාරක් කිව්වා🤭...

"එහෙනම් දෙන්නා කතා කර කර ඉන්නකො...මන් වොශ් එකක් දාන් එහෙම එන්නම්...

තාරාවා එහෙම්ම අප්ස්ටෙයා එකට ගියාට පස්සෙ මායි ඔන්නියයි අජුම්මා ගෙනත් දුන්නු මිල්ක් ටී එකයි බිබී ගිය ටිකට කතා කරගන්න බැරි උනු දේවල් ටිකටත් එක්කම හොද කතාවක් දැම්මා...

"ඒක නෙවෙයි ඔයා දන්නවද...

ඔන්නියා මොනවදෝ දෙයක් කියන්න යද්දිම වගේ තාරාවා පඩිපෙල් ටික බැහැලා රෙඩ් ඇන්ඩ් බ්ලැක් කලර් කොටු කොටු තියන සැහැල්ලු බැගී ලෝන්ග් පෑන්ට්  එකකුයි වයිට් කලර් බැගී ටී එකකුයි ඇදන් කොන්ඩෙත් නළල දිගේ වැටෙන්න දාගෙන අපි දිහාවට ආපු නිසා ඔන්නියා කියන්න ගිය දේ නතර කළා...

"ඉතින් යීහා මේ ටිකේ දිගටම වැඩද?...

තාරාවා ඔන්නියගෙන් අහන ගමන්ම මායි ඔන්නියයි වාඩිවෙලා හිටපු සෝෆා එකට මුහුණලා තිබ්බ සින්ගල් සෝෆා දෙකෙන් මගෙ පැත්තට වෙන්න තිබ්බ සෝෆා එකෙන් වාඩි උනා...

"ඔව් ඔප්පා...අප්පා මේ ටිකේ කැනඩා වල ඉන්නෙ බිස්නස් වැඩකට ගිහින්...ඉතින් මන් තමයි මේ ටිකේ කම්පනි එකේ වැඩ ටික බලන්නේ...

"ආ එහෙනම් හොදට වැඩ ඇති මේ ටිකේ...

"ඔව් ඒක නම් කියල වැඩක් නෑ...අප්පා ආයිත් එනකන් මන්  මේ ඉන්නේ😅...

ඔන්නි ඒක කිව්ව විදිහට මටයි තාරාවටයි එකටම වගේ හිනා ගියා...

"ඒක නෙවෙයි ඔප්පා නෙක්ස්ට් වීක් නේහ් ෆයිනල් කා රේස් එක?..

ඔන්නි ඇහුව ගමන් ඔප්පගෙ මූණෙ තිබ්බ හිනාව මැකිලා ගියේ මන් බලා ඉද්දිමයි...හැබැයි ඇයි කියන්න දන්නැති උනත් එයාගෙ මූණෙ තිබ්බ හිනාව ඒ විදිහට නැතිවෙනව දකිද්දි මට මොකක්දෝ දුකක් දැනුනා.. අනේ මන්දා ඒක මට අලුත්...

"ම්ම්...නෙක්ස්ට් වීක් නම් තමයි...ඒත් මට නම් යන්න වෙනකන් නෑ මේ පාර...

තාරාවා කිව්වේ යාන්තමට හිනාවෙලා උනත් ඒ වචන වල තිබ්බෙ බර ගතියක්...

"ආ ඒකට මොකො...තව ඉස්සරහට රේසස් තියනවනෙ...ඒවාට ගියාම කොහොමත් ඔප්පාව ආයිත් තේරෙයි ෆයිනල් රේස් එකට...

ඔන්නි හිනාවෙලා කිව්වේ ඔප්පාට අවුල් ගියා කියලා තේරුනු නිසා වෙන්නැති...

කොහොමින් කොහොමහරි කතා කර කර ඉදලා ඔන්නි යද්දි හයටත් කිට්ටුයි...ඩිනර් එකත් අරන්ම යන්න කිව්වත් ඔන්නියට පරක්කු වෙනව කිව්ව නිසා ඔන්නියා ඩිනර් එකත් අරගන්නෙ නැතුවමයි ගියෙත්...

ඔන්නි ගියාට පස්සෙ තාරාව මැන්ශන් එකේ එයාගෙ ඔෆිස් රූම් එකට ගිය නිසා මාත් අනිත් පැත්තට රූම් එකට ආවා...

රූම් එකට ඇවිත් එහෙම්ම මන් පිලෝ එකකුත් හෙඩ් බෝඩ් එකට තියලා හේත්තු උනේ ඔන්නියා කිව්ව එඩිට්ස් ටික බලන්න තිබ්බ කුතුහලේට...

"ඔහ් ගෝශ්...

තාරාවගෙ නේම් එක සර්ච් කළාම ආපු එඩිට්ස් ටික දැක්කම මට ඉබේටම වගේ කියවුනේ...

දෙයියනේ තාරාවා මෙච්චර සෙක්සි කෙනෙක්ද🥲...මට නම් පේන්නේ තාරාවෙක්ට කොන්ඩයක් දාලා වගේනේ...මන් බලන විදිහෙ අවුලක්ද...නැත්නම් ෆෑන්ස්ලගෙ එඩිට් වල අවුලක්ද මන්දා..

මන් බලපු ෆස්ට්ම එඩිට් එකේ තිබ්බෙ තාරාවා කා රේස් එකක් දිනලා කා එකෙන් බැහැලා හෙල්මට් එක ගළවල කොන්ඩෙ හදාගන්න මූණ දෙපැත්තට කරද්දි ගත්ත වීඩියෝ එකක්...ඔප්පගෙ මූණෙ තිබ්බ දාඩිය ටිකයි දාඩියට තෙත්වෙලා තිබ්බ කොන්ඩෙ තිබ්බ තෙත් ගතියයි නිසා ඒ එඩිට් එකේ තිබ්බෙ තාරාවගෙ වෙනමම හොට් සෙක්සි ලුක් එකක්...

මුල් වීඩියොස් ටික නම් එච්චර ගාණක් නැතුව මන් බැලුවා උනත් හය වෙනියට බලන්න ගත්ත ටික්ටොක් එකේ තිබ්බ අන්ඩර් ද ඉන්ෆ්ලුවෙන්ස් සෝන්ග් එකට හදපු ඔප්පා එයාගෙ තෙත ශර්ට් එක ගළවන වීඩියෝ එකකින් හදපු එඩිට් එක දැක්කා විතරයි මන් ඉක්මන්ට ෆෝන් එකත් ඕෆ් කරල බෙඩ් එකට දාලා බෙඩ් එකෙන් නැගිට්ටේ මොකක්දෝ හේතුවකට ඒ වීඩියෝ එකට මගෙ මුළු මූණත් එක්කම රත් වීගෙන යනව වගේ දැනුනු නිසා...

ආයිශ් මටත් මොනා වෙලාද මන්දා🙂...දැන්නම් ආයිත් උණ ගැනෙන්නත් වගේ...සමහරවිට මන් වොශ් දාපු නිසාද දන්නෑ...කෝකටත් ආයිත් අර උණ හැදෙන්න එනව වගේ නම් බොන්න කියල දුන්නු ටැබ්ලට් එක බිව්වා නම් හරි...

බෙල්ලත් අත ගගා හිතින් හිතුව මන් බෙඩ් සයිඩ් ටේබල් එක ඇරලා ඉක්මන්ට ඒ ටැබ්ලට් එකක් අරන් බීලා අනිත් පැත්තට ආයිත් බෙඩ් එකට පැනලා ඩුවට් එකත් පෙරවන් බෙඩ් එකෙන් ඇල වුනේ ආයිත් විනාඩියකටත් තාරාවගෙ එඩිට් නම් බලන්නෑ කියල හිතාගෙන...
.

.




.
ඊයෙ වගේ නැතුව අද නම් උණ හොදටම බැහැල තිබ්බ නිසා මන් උදේම ලෑස්තිවෙලා ශොපින්ග් ආවා...

එක විතර වෙනකන් ශොපින්ග් මෝල් දෙක තුනකම ශොපින්ග් කරපු මන් අන්තිමටම ශොපින්ග් කරන්න ආවේ සෝල් වල අලුතින්ම දාපු ලක්සරි ශොපින්ග් මෝල් එකකට...ඇත්තටම මන් මේකට නම් මන් ආවේ ශොපින්ග් කරන්න නෙවෙයි...නිකන් බලල යන්න අලුතින් දාපු එකකුත් නිසා ..මොකද මන් දැන්ටමත් මගෙ කා එකේ පිටිපස්සෙ ශීට් එක පිරෙන්නම ඇදුම් අරන් තිබ්බෙත්...

ශොපින්ග් මෝල් එකට ඇතුළට ඇවිත් අඩි දෙකක් තියන්න උන්නෑ එකපාරටම...

_________________________________________

ඔන්න ඩබල් අප්ඩේට්ස්🩷...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....


























You are reading the story above: TeenFic.Net