Butterflies

Background color
Font
Font size
Line height

මනුශ්‍යත්වය පිරිහුනා වූ
මහා වැලිකතරින් පිරී ගිය
ලෝකය යැයි නම් ලැබූ
කිලිටි වැහැරුනු නවාතැනක

බොහෝ මල් පැතු සිත් සතන් ඇති
කඩවසම් බඹරුන් හිටියලු
ඒත් ඒ බඹරුන් වෙතම රැදි
තවත් පොඩි ඇස් යුගල් තිබුනලු

බඹරු පියඹා මල් සොයා යන
දෙඹරු සමනලුන් මැද්දෙන්
හරි සොදුරු දසුනකුත් මැවුනලු

දේදුන්න මුසු වූ විට ඔවුන් හට

බඹරු රොන් ගෙන වද බදිද්දී
සමනල්ලු රොන් පැතිරවූවලු
ඒත් මල් තාමත් කැමති අර
වද බදින කඩවසම් බඹරට

දිනක් මල් බඹරුන් එක්ක
වදයේ ඉන්න යන දවස් වෙනකොට
වද බදින්නට හිතින් පෙම් බැදි
සමනල්ලු හිද කදුලු සැලුවලු

ඒ අතර තව තවත් තැන්වල
බඹරු සමනලුන් එක්කලා
වද බදින්නට හීන මැව්වලු
කල නොහැකි බව දැන දැනත්

Yeye

තරිඳු දම්සරගේ හීන කියන සින්දුව තමයි මේ අදහස හිතට එන්න මූලිකම අඩිතාලම උනේ ... මේකෙන් කියන්නේ bl එහෙම නැත්නම් සමරිසි - කොල්ලෝ කොල්ලෝ - ආදරයක් ගැන ...

බඹරු කියන්නේ සාමාන්‍ය කොල්ලෝ ... සමනලයෝ කියන්නේ සමරිසි තරුනයෝ ... එතකොට මල් කියන්නේ ගෑනු ලමයි ...

සමරිසි අය උනත් මුලදි උත්සාහ කරනවා ගෑනු ලමයෙක්ට ආදරේ කරන්න ... ඒත් කොච්චර කලත් ඒ ඇස් න්වතින්නෙම පිරිමි ගාවමයි ... ගෑනු ලමයි පවා ඒ සුකුමාක ඕනෙවට වඩා බොලද ආදරනීය කොල්ලොන්ට කැමති නෑ ... ඉතින් එයාලට වෙන්නේ රහසින් කදුලු සලන්න ... ඒ අතරෙ තවත් සමහර අය සම්මතය බ්දිමින් ඉස්සරහට යනවා ... ඒත් එයාලට එක තැනකදී නවතින්න්ම සිද්දවෙනවා ...


You are reading the story above: TeenFic.Net