EPISODE - 03

Background color
Font
Font size
Line height


KABADDI LOVE ❄️

( මන : කල්පිත නිර්මාණයක් )

Third Episode
_______________ ♥ ________________

( වර්තමානය )

දොර විවර වෙනවත් එක්කම ගෙතුලින් එලියට ආවේ මාන්‍යා බලාපොරොත්තු උනු කෙනා නොවෙද්දී කෙල්ලට ඉබේටම හීල්ලුනා . දොරට අත තියන් තමන් දිහා කන්න වගේ බලන් ඉන්න ඒ පිරිමි රුව ගැන හරිහැටි අප්ඩේට් එකක් නොදන්නවා උනත් ඉවෙන් වගේ මේ ඉන්නේ කව්ද කියලා මාන්‍යා අදුරගත්තා .

".... Hello Who are you looking for? .. "

ඔහු මාන්‍යාගේ සිතුවිලි දාමය බිදිමින් මාන්‍යා කවුරු දැයි දැනගන්නට උත්සුක කරා . මාන්‍යා ශැඩෝ ගැන මුලින්ම අහන්නේ නැතුව මේ අමුත්තව ටිකක් බයිට් කරන්න හිතුවේ හිතට ආපු දගකාර සිතුවිල්ලකට .

"... මං මේ ඉන්දියා පොජ්ජෙන් කැකුලෙක්ව මංගච්චාන ලංකා කොරේට ඇන්න යන්න මෙහෙට මන්දෝ කරේ ආයුබෝවන්ඩ ..."

හිනාව තදකරන් මාන්‍යා මූණට බැරූරුම් පෙනුමක් අරන් කියද්දී අමුත්තා නම් ඇත්තටම හිටියේ අන්දමන්ද වෙලා උඩ බිම බල බල . බැරිම තැන ඔහු ශැඩෝට කතා කරේ මේ අමුත්තගේ අන්ඩර දෙමලේ නොතේරෙද්දී .

"... කව්ද ආ..රු... "

ශ්‍රධ් වොශ් එකක් දාගෙන එලියට යන්න ඇදුමකුත් දගෙන සාලෙට එද්දිම ඇහුනු ආර්යන් ගේ උස් හඩත් එක්ක ගෙදරට කවුරුහරි ඇවිත් ඇති කියලා හිතලා ශ්‍රධ් ටිකක් අඩිය ඉක්මන් කරා . ඇවිත් ඉන්නේ කව්ද කියලා දකිද්දිම ශ්‍රධ් දොරත් ඇරගෙන එලියට පැන්නේ ආර්යන් පවා පුදුමවෙලා බලන් ඉද්දී .

".... රත්තරන් උඹ... ...මෙ....හේ..."

"...කතා...කරද්දි...වත්... උඹ... මට... කිව්වේ... නෑනේ...එනවා...කියලා .... "

ශ්‍රධ් මාන්‍යාව වැළදගත්තේ පුදුම සතුටකින් .

ආදරණීය නෝක්කාඩුවක් මාන්‍යාට එල්ල කරත් ශ්‍රධ් මාන්‍යාගේ කරට අතක් දාගෙනම ගේ ඇතුලට ආවේ ආර්යන් දොරත් වහලා ඔවුන්ව අනුගමනය කරමින් ගෙතුලට එද්දී .

ගේ ඇතුලට ඇවිත් ආර්යන්ටත් මෘදු සිනහවක් පාමින් මාන්‍යා සාලේ තියෙන සෝෆා එකෙන් ඉදගත්තා . ඒත් එක්කම ශ්‍රධ් ආයෙමත් ඇවිත් මාන්‍යාව තදින් බදාගත්තේ කාටවත් කියාගන්න බැරුව හිත ඇතුලෙම හිරවුනු හැගීම් ගොඩක් කදුළුවෙලා කම්මුල් දිගේ පහතට කඩන් වැටෙද්දී .

".... Bucky ... මොක...ද... බං මේ ... කෝ ... කෝ ... නාඩා ... ඉදි...න් ...."

මාන්‍යා ඔළුව අතගාමින්ම ශ්‍රධ්ව සනසන්නට ගත්තා . ආර්යන් නිහඩව මේ සිදුවීම දිහා බලන් ඉදලා හඩ අවදිකරන්න හිතුවා .

"...ම...නු... "

"... මං හරිද ...?.."

මාන්‍යා දෙසට දබරැගිල්ලක් දිගුකරමින් ආර්යන් විමසන්නට උනා .

ආර්යන්ගේ පැනයත් එක්ක ශ්‍රධ් මාන්‍යාගෙන් ඉවත්ව අසුනට බරවුනේ මද සිනහවක් එක්ක මාන්‍යාට ඇහැක් ගසමින් .

"...ඔන්න... ම..චෝ... උත්තර දීපන් අපේ දොස්තර මහත්තයට ... "

මාන්‍යා යන්තමට හිනාවෙලා ආර්යන් ට තම අත දිගුකරා .

"... නයිස් ටූ මීට් යූ .. ආර්යන් ...."

"... ඔව් මං තමයි මේකගේ වන් ඇන්ඩ් ඔන්ලි මනුවා ..."

හිනාවක් එක්ක මාන්‍යා ආර්යන්ට තමන්ව සුහදව හදුන්වා දුන්නා .

"... මට හිතුනා ...ශ්‍රධ්ගේ මේ රිඇක්ශන් එකෙන්ම ..."

ආර්යන් ඒ ආදරණීය මිත්‍රත්වය දිහා බලන් හිටියේ පුදුමයෙන් . මේ තාක් කාලයක් ශ්‍රධ්ගෙන් තමන් නොදැකපු මේ වෙනස මොහොතකට ආර්යන්ව පුදුම කරවන්නට සමත්වුනා .

සුළු මොහොතක් ඒ විදිහටම කාලය ගතවෙලා යද්දී ආර්යන් කාලෙකට පස්සේ මුණගැහුනු අඹ යාලුවෝ දෙන්නට නිදහසේ ඉන්න ඉඩදීලා ඒ දිහා බලන් හිටියේ ආදරෙන් .

"... දෙන්නා කයියක් දාන් ඉන්න මං විනාඩි පහෙන් එන්නම් ..."

ශ්‍රධ් පැන්ට්‍රිය දිහාවට යන හැටි බලන් ඉදලා මෙච්චර වෙලා මවන් හිටි මුහුණින් වෙනස්ව මාන්‍යා වේදනාවෙන් පිරුණු උවනින් දීර්ඝ හුස්මක් පිටකෙරුවා . මේ ජීවිතේ ඇතුලේ මේකා කොච්චර විදවනවද කියලා දැක්කම මාන්‍යාට ඒ තත්පර ගාන දරාගන්න බැරිවුණා . තාමත් සුවවෙමින් තියෙන ශ්‍රධ්ගේ කකුල දිහා මාන්‍යාට නිරායාසයෙන්ම බැලුනේ තාමත් ශ්‍රධ් ඇවිදින්නේ කකුල ඇදේට තියමින් හින්දා .

"...මේකට කියන කට හොදයි ... බිම උලාගන්නවා ...."

කේන්තියත් වේදනාවත් මුසු ස්වරයෙන් මාන්‍යා තමන්ටම කියාගනිද්දී ආර්යන් ඔවුන්ව පසුකරමින් ගිය ශ්‍රධ් දෙස බලලා මාන්‍යා දිහාවට හැරුනා .

"....මං කියන වචනයක්වත් ශ්‍රධ් අහන්නේ නෑ මනූ.."

ආර්යන් මාන්‍යාගේ කතාවට බලෙන්ම එකතු උනා . ඔහුගේ හඩ පවා මදක් බිදුනු ස්වරයකට බරවෙද්දී මාන්‍යා ආර්යන් එක්ක යමක් කතා කරන්න හිතුවා .

"...ආර්යන් මට ඔයා එක්ක ශ්‍රධ් ගැන ටිකක් කතා කරන්න ඕනේ ..."

ඇදන් ඉන්න ජැකට් එක ගලවලා සෝෆා එකේ පසෙකින් තියෙන පුටුව මතට අත්හල මාන්‍යා සීතලට හිරිවැටිලා ගිය දෑත පිරිමදිමින්ම ආර්යන් සමග කතාවට එක්වුනා .

"... කියන්න මනූ ..."

"... ඇත්තටම ශ්‍රධ් මෙහෙ ඉන්නේ සතුටින්ද ආර්යන් ...?.."

"...මං ශ්‍රධ්ව අදුරගත්ත කාලේ ඉදන්ම ශ්‍රධ් හරිම සයිලන්ට් කෙනෙක් . ඒත් ටික කාලයක් ගියාට පස්සේ තමයි ටිකක් හරි මාත් එක්ක ශ්‍රධ් කතා කරන්න ගත්තේ ... ඒත් මං ශ්‍රධ් ගෙන් කවදාවත් මහලොකු සතුටක් දැකලා නෑ මනූ . අඩුම මුගේ එක හිනාවක් හරියට දැකලා නෑ මං මේ අවුරුදු ගාණටම ..."

ආර්යන් මීට වසර තුනකට පෙර ඔවුන් මුණගැහුනු අතීතේ මනූට කියන්න ගත්තා .

".... අපි ඇත්තටම මූ ගැන මාර විදිහට දුක්වෙනවා ආර්යන් ඒත් මූට ඒක ගාණක්වත් නෑ ..."

".... වෙලාවකට මූ ඔහේ බලාගත්තුගමන් තවත් වෙලාවකට දවස් ගාණකට කන්නේ බොන්නේ නැතුව ඉන්නවා . මීට අවුරුදු තුනකට හතරකට කලින් මේකගේ ජීවිතේ මොනවද මනූ ඇත්තටම උනේ මූට මෙහෙම වෙන්න තරම් ..."

ආර්යන් මාන්‍යාගෙන්ම මේ ගැන ඇහුවේ දවසකට දෙකකට කලින් මේ විදිහට මේ ප්‍රශ්නේ ශ්‍රධ් ගෙන්ම අහලා ශ්‍රධ් දුන්නු පිලිතුර මතක්වෙලා .

" මනුවා මං ඇහිපිල්ලමක් ගැහුවත් දන්නවා ආරූ .."

"... ඒ කතාව කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා මටම හිතාගන්න බෑ ආර්යන් ..."

මේ කතාව අතරේ ට්‍රේ එකකුත් අරන් ශ්‍රධ් ඔවුන් අසලට එද්දී දෙන්නම කතාව වෙනතකට පෙරලුවා .

"...මාර සීතලක්නේ ආර්යන් මෙහේ ..."

දෑත පිරිමදිමින් මාන්‍යා කියද්දී ආර්යන් එයට හිස සැලුවේ ශ්‍රධ් දෙස බලනගමන් .

".... මේකා ලෝබයනේ මනූ කොච්චර කිව්වත් හීට් කෝනර් එකක් හදන්නේ නෑනේ මේකේ ..."

"... අනේ මේ ආරූගේ බොරු මනුවා ... "

ශ්‍රධ් ආර්යන් ට පහරක් ගසමින් ඔහුගේ කොෆි මග් එක අතට දුන්නේ මාන්‍යා බැල්කනියේ ඩෝ එක විවරකරන් එලියට යද්දී .

"... ඔව් ඔව් මගේ බොරු ... මමනේ ලෝබයා ..."

ආර්යනුත් අතෑරියේ නෑ .

ආර්යන්ට ඇනුම්පද කියමින් ශ්‍රධ් කොෆි දෙකත් අරන් මාන්‍යා ලගට ආවා .

"....මනූ... මේක බොන්න ..."

මාන්‍යා මග් එක අතට අරන් අත් වැටට බරවුනේ ශ්‍රධ් වගේම බාන්දාවේ කාලගුණයට වශීවෙලා . බාන්දාවේ රාත්‍රිය නුගේගොඩ අහසට වඩා විචිත්‍රවත් වෙද්දී මාන්‍යා ඇහිපිල්ලම් නොගහම අහස දෙසට දෑස් යා කරන් හිටියා . ශ්‍රධ් මාන්‍යාගේ රසයට බාධා නොකරම අත්වැටේ කෙලවර බැම්මට හේත්තුවෙලා කෝපි උගුරක් රස විදින්නට ගත්තා .


"... මං හිතුවේ නෑ උඹ මෙහෙ එයි කියලා ..."

බැරෑරුම් හඩින් ශ්‍රධ් ශැඩෝගේ වාග් මාලාව අවදි කරද්දි මාන්‍යා ශ්‍රධ්ගේ පැත්තට හැරුනා . වීදුරුවකින් එහා මෙහා යන මොවුන්ගේ සංවාදය ආර්යන්ට ඇහෙන්නේ නැති හින්දා ශ්‍රධ් ඉන්දියාව නොදන්න ශැඩෝව මාන්‍යා ඉස්සරහා ආයෙමත් එලියට අරන් ආවා .

"... මට හේතු දෙකකට මෙහෙට එන්න උනා . එකක් උඹ දන්නවනේ . අනික මීටින් එකක් ..."

"... උඹ දන්නවා මනුවා මට එන්න බෑ කියලා . මං කොහොමද බං ආයිත් ඒ මිනිස්සුන්ගේ මූනූ බලන්නේ ..."

".... ඇයි උඹට ඒ මිනිස්සුන්ගේ මූණ බලන්න බැරි . ඒ මූනූ බලන්න බැරි තරමට උඹ අපිට වැරැද්දක් කරලා නෑ bucky ...."

".... ඒත් උඹ දන්නවා මනූ ... මට තාමත් හිත හයිය කරන් ලංකාවට එන්න බෑ . මට එයාව අමතක කරන්නත් බෑ ...මං මොකද්ද බං කරන්නේ ...."

".... මං නොදන්නවා නෙවෙයි bucky උබේ වේදනාව ..ඒත් එහෙමයි කියලා උඹට හැමදාම මෙහෙට වෙලා හැංගිලා ඉන්න බැහැනේ බං ..."

"... යේලී දැන් හොදින් ඇතිනේද බං ..."

දිගු සුසුමක් පිටකරමින් බැම්මට හිස තියාගෙනම ශ්‍රධ් අහද්දී මාන්‍යා එසැනින් ඒ මූණ දිහා බැලුවේ ඇස්දෙකත් ලොකු කරන් .

"... මේ උඹද ... ශැ...ඩෝ ... අවුරුදු ගාණකට පස්සේ උඹ ඒ නම කිව්වා ..."

"... මගේ රත්තරනේ උඹට මතකද ඒ නම කිව්ව දවසක අපේ ශැඩෝ ආයෙමත් එනවා කියලා උඹ කිව්වා ... ශැ...ඩෝ ... උඹ ආයිත් ආවද බං ..."

".... උඹලගේ ශැඩෝව මට ආයෙමත් ගේන්න පුලුවන් වෙයිද කියන්න මංවත් දන්නේ නෑ මනූ .. මං ට්‍රයි කරන්නම් ..."

තවත් වරුවක් ඒ සංවාදයටම වෙලාව වෙන්වෙද්දී ඒ රාත්‍රියේ මොහොතකට මත්වෙන්නත් මේ තුන්දෙනා අමතක කරේ නෑ .


____________________ ☕ _____________________





".... මට අදවත් දුව එක්ක කතා කරන්න පුලුවන් වෙයිද ඩොක්ටර් ..."

ඇලානා හීරස්සගල ඇඩූ කදුලින් ඩොක්ටර් අසේල සමග කතාබහ කරේ යේල්‍යාගේ වර්තමාන රෝගී තත්වය ගැන වගේම ඇය පවුලේ අයව දැකීමට ඇති අකමැත්ත පිලිබද කනස්සල්ලෙන් .

"... අපිත් හරිම ආසයි අම්මා එක්ක යේල්‍යා කතාබහ කරනවා නම් . නමුත් දැනටත් යේල්‍යා කියන්නේ ගෙදර අයව එයාගේ ඉස්සරහට ගේන්නවත් එපා කියලනේ මිසිස් හීරස්සගල අපිටත් ඒ ගැන හරිම කණගාටුයි ..."

"... දූගේ සම්බන්දෙට අපි අකමැති වෙච්ච තරහ තමයි ඩොක්ටර් දූව අපෙන් දැන් ඈත්කරන්නෙත් ..."

"... යේල්‍යා හොදට ඇක්ටිවිටීස් කරනවා මිසිස් හීරස්සගල සමහර වෙලාවට ගාර්ඩ්න් එකේ මල්වලට වතුර දාන්න පවා හෙල්ප් කරනවා . කාලෙකට පස්සේ යේල්‍යා මේ තරමට හරි ඩිවිලොප් වෙලා ඉන්නවා දැක්කම අපිටත් සතුටුයි . ඒත් මේ ස්ටේජ් එකෙන් යේල්‍යාව හෝම් ඇක්ටිවිටීස් පැත්තට ෆෝකස් කරන්න ඕනේ පුලුවන් ඉක්මනට ..."

"... මොකද්ද ඩොක්ටර් ඒක කරන්න බැරි ප්‍රශ්නේ ..."

"... ප්‍රශ්නේ තමයි Schizophrenic ( භීනෝන්මාදය ) හැදුනු ඕනම පේශන්ට් කෙනෙක් කාලයත් එක්කම පුංචිම හරි ආකාරයකින් Aggressive symptom එකට ෆේස් කරන්න එයාගේ Self confident එක එයා විසින්ම හදාගන්නවා නමුත් යේල්‍යා තාමත් ඇග්‍රිසීව් වෙනවා . එකේ අඩුවක් නැති එක අපිටත් ලොකු ප්‍රශ්නයක් . අපි කොච්චර යේල්‍යා ව කෙයාරින් බලාගත්තත් එයාට මේ වෙලාවේ එයාගේ පාර්ට්නර් ගේ ආදරේ තමයි වැදගත් මිසිස් හීරස්සගල ..."

".... ඒ දරුවව ගේන්න පුලුවන් නම් මං මෙලහකටත් දූ ලගට ඒ ළමයව අරන් ඇවිත් ඩොක්ටර් ...."

ටිශු එකකින් ඇස් අග පිසදමමින් ඇලානා පිලිතුරු දුන්නේ හඩා වැටෙමින් .

"... මොකද්ද මිසිස් හීරස්සගල ප්‍රශ්නේ ඉතින් ..?.."

"... ඒ දරුවා ලංකාවේ නෑ ඩොක්ටර් දැන් අවුරුදු හතරක් තිස්සේ . මං හොයන්න පුලුවන් හැමතැනම හොයලා බැලුවා ඒත් හරිහමන් තොරතුරක් නෑ ඩොක්ටර් ..."

"... ඇයි ඒ එයා මැරි කරලද ...?..."

"... දන්නේ නෑ ඩොක්ටර් මං හිතන්නේ ඒ දරුවා දැන් ඉන්නේ කොහෙහරි රටක සෙට්ල් වෙලා වෙන්න ඇති .."

"... බලාපොරොත්තු නැතිකරගන්න එපා මිසිස් හීරස්සගල අපි උත්සහ කරමු ඒ ලමයගේ ෆැමිලි එකෙන් ටිකක් අහලා බැලුවොත් මොකද ...?.."

"... ඒ දරුවගේ ෆැමිලි එකේ කට්ටිය මං එක්ක කතා කරන්නවත් කැමති නෑ ඩොක්ටර් ඒ දරුවත් එක්ක වෙච්ච ප්‍රශ්නත් එක්ක ..."

"... ටිකක් සීරියස් කේස් එකක් නේද මිසිස් හීරස්සගල නමුත් මානසිකව වැටෙන්න එපා . තව ටිකක් හොයලා බලන්න හැම සයිඩ් එකකින්ම .."

".... මං උත්සහ කරන්නම් ඩොක්ටර් ... මට දුවව බලන්න අවස්ථාවක් අරන් දෙන්න පුලුවන් ද ඩොක්ටර් ... එක විනාඩි...යක...ට ... ?..."

"... හොදයි මිසිස් හීරස්සගල අපි යමු වෝඩ් එක පැත්තට ..."

ඇලානා ඩොක්ටර් අසේලත් එක්ක යේල්‍යා ඉන්න වාට්ටුව පැත්තට අඩිය තිබ්බේ හිතේ බයක් නැතුවමත් නෙවෙයි . එක තත්පරේකට හරි යේල්‍යා ඇයව දැක්කොත් මොනවගේ ප්‍රතිචාරයක් ඇය දක්වයිද කියලා ඇලානා හොදටම දන්නවා . නමුත් ඒ හැමදේකටම වඩා දරු සෙනෙහස වැඩියි කියනවනේ .

ඇලානාගේ ආදරෙත් ඒ වගේ අවුරුදු ගාණකට කලින් යේල්‍යාව ඇය හැදුවේ ගේ ඇතුලෙම තියාගෙන ඇගේ පුංචිම පුංචි නිදහස පවා ඇයට අවහිර කරලා . ආදරේ කියන නාමයක් නොදන්න තද නීතී රීතී තියෙන කාන්තාවක් වෙච්ච කෝච් ඇලානා පුංචි කාලේ තමන්ගෙම දුව උනු යේල්‍යා වෙනුවෙන් එක මොහොතක්වත් වෙන්කරේ නෑ . තමන්ගෙම දරුවටවත් කරුණාවක් නොදක්වපු ඇය තමන් යටතේ පුහුණුව ලබපු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ටත් දැඩි නීතිකාරියක් උනා .

නමුත් දැන් ඇය ඒ අතීතේ ගැන අනේක වාරයක් පසුතැවිලි වෙනවා . එදා නොදක්වපු ආදරේ අද බලෙන්ම දෙන්න හදනවා . නමුත් ඇය හින්දා ජීවිතේ හොදම කාලේ තමන්ට නැතිකරගත්තු යේල්‍යා අද ඇයව මුහුණටම ප්‍රතික්ෂේප කරන්නේ තමන්ගේ අම්මා ගැන පොඩිමවත් අනුකම්පාවක් නැතුවයි .

යේල්‍යාගේ වෝඩ් එක ලගට ගිහින් සුපුරුදු විදිහටම ඇලානා බෑග් එකෙන් ඉවතට ගත්තු මාස්ක් එකෙන් මුව ආවරණ වෙන්න එය පැලදගෙන කලු පැහැ අව් කණ්නාඩියත් දාගත්තා . මේ අයුරින් හෝ යේල්‍යාට යම් තරමක් ලගින් ඇයව දැකගැනීමේ නොනිමි ආසාවෙන් ඇය මෙවැනි දේ ඩොක්ටර් අසේලගේ අනුදැනුම මත උත්සහ කර බැලුවා .

යේල්‍යා මේ වෙද්දිත් හිටියේ ඩ්‍රොයින් කෝනර් එකේ කවුරුත් නැති මේසයකට වෙලා ඇගේ පැස්ටල් පෙට්ටියේ පාටකූරු තෝර තෝර තම චිත්‍ර පොතේ රූපයක් පාටගන්වමින් . සුදු කොලේ පිරෙන්නම ඇය ඇදලා තිබුනේ එකම එක රූපයක් විතරයි ඒ රෝසමලක් . ඇය අත රැදි තැඹිලි පැහැති පාට කූරෙන් ඇය තම දෙතොල් පුංචි දරුවෙක් වගේ නොපිට පෙරලමින් එම රෝසමල ඉතා සීරුවෙන් වර්ණ ගන්වන දිහා ඇලානා ඈත ඉදන්ම බලන් හිටියේ සතුටු කදුලු අතරින්.

යේල්‍යා මනසින් දුර්වල තත්වයක පසුවුනත් ඇගේ දක්ශතාවයන්වල කිසිදු වෙනසක් තිබුනේ නෑ . ඇය පුංචි කාලේ ඉදන්ම චිත්‍ර අදින්න උපන්හපන් දැක්වූවා . නමුත් ඇලානාගේ දරදඩු මුරන්ඩු තීරණ හමුවේ අකමැත්තෙන් උනත් යේල්‍යාට චිත්‍ර අදින එක නවත්තලා දාලා පැසිපන්දු ක්‍රීඩාවට යොමුවෙන්නට සිදුවුනත් යේල්‍යා පැසිපන්දු ක්‍රීඩිකාවක් ලෙසට නිතරගයෙන්ම අසාර්ථක ක්‍රීඩිකාවක් උනා .

"... යේල්‍...යා ...ලස්සන චිත්‍රයක් අදිනවා වගේ ..."

ඩොක්ටර් අසේල යේල්‍යා අසලට ගිහින් ඇයට මෘදු හිනහවක් පාමින් ඇගේ මේසයේම වෙනත් පුටුවකින් ඉදගත්තා .

"... හී... ලස්ස...න...යි....ද....? .... "

"...මං... මේ... අදි.....න්....නේ.... මගේ ... ශැඩෝ.... ආස...ම....මල ....

"..මගේ ෆේවරිට් ඔරිරෝස් ෆ්ල...වර්.... එක .... "

ඇය හිස ඔසවමින් ඩොක්ටර් අසේලට තම චිත්‍රය පෙන්වමින් කියවද්දී ඒ මූණේ තිබුනේ පුංචි දරුවෙක්ගේ මුහුණේ තියෙන ආකාරයේ හරිම අව්‍යාජ සැහැල්ලු හැගීම් ප්‍රකාශනයක් . ඇගේ සිනහව පවා හරිම අවිහිංසක පාටයි .

ඇගේ අත්ලටම පොඩිව ගිය තැඹිලි පැහැති පැස්ටල් කූරේ ශේෂයන් මේවන විටත් ඇගේ ඇදසිටි ගවුමේ මෙන්ම ඇගේ මුහුණේ පවා තැවරී තිබුනා . ඩොක්ටර් අසේල ඇස්කොනින් මිසිස් හීරස්සගල දෙස බලා ඇයට අතින් සංඥා කරේ යේල්‍යාට නොපෙනෙන්න චිත්‍රය බැලීමට පැමිනෙන ලෙසයි .

ඇලානා එයට හිස වනමින් සීරුවට අඩි තියමින් යේල්‍යා අසලට ලගාවුනා . දැඩිලෙස චිත්‍රය වෙතටම තම අවදානය නැඹුරු කරගනිමින් චිත්‍රය වර්ණ ගන්වමින් හිදි යේල්‍යා හට ඇලානා ආ වගක් දැනුනේවත් නැති තරම් . ඇලානා තම දියණියගේ සිතුවම දෙස බලා හූල්ලන්නට ගත්තේ ඇගේ සිතතුල වූ වරදකාරී හැගීමෙන් .

ඇය දෑත් එක්කරමින් ඩොක්ටර් අසේල හට වදිමින් ස්තූතිවන්ත උනේ මේ මොහොතේ හෝ තම දියණිය හීන දැකපු නිදහසක් තුල ඇයට ජීවත්වීමට ඉඩ සලස්වා ඇති අයුරු ඇගේ දෑසින්ම දැක සැනසෙද්දී .

සීරුවට අඩි තබමින් ඇලානා යේල්‍යා අසලින් ඉවත්ව යන්නට සැරසුනත් ඒ මොහොතේම යේල්‍යා ගේ පාටකූර බිම වැටුනු නිසා ඇය පුටුවෙන් නැගිට පසුපසට හැරුනේ පාටකූර සෙවීමේ අරමුණින් උනත් බලාපොරොත්තු විරහිතව තම පසුපසින් උන් කාන්තාවව එක්වරටම ඇගේ ඇස ගැටුනා . ඇයව දැකීමෙන් යේල්‍යා මොහොතකට උන් තැන ඒ ලෙසටම නතරවුනේ බයබීරාන්තවයි .

"....ආ....හ්..... මේ... කව්....ද ....?.... "

ඇලානා ඊලග මොහොතේ වනදේ දන්නා නිසාම අඩියෙන් අඩිය පසුපසට තබමින් වාට්ටුවෙන් ඉවතට යෑමට උත්සහ දැරුවත් යේල්‍යා ඇගේ මග හරස්කරමින් ඇලානාගේ ඉදිරියට නිහඩවම පැමින හිටගත්තා . අසේල යේල්‍යා හට කිසිදු බාධාවක් නොකර මෙතනින් ඉවත්ව මදක් ඈතට ගියේ යේල්‍යාව සෘජු නිරීක්ෂණයකට ලක්කරමින්. යේල්‍යා ඇලානා අසලට ගොස් ඇය සමග හිනාවෙලා ඇගේ අව්කණ්නාඩිය ගලවලා තම දෑතට ගත්තේ ඇලානාගේ අවසරයකින් ද තොරවයි .

"...තෑන්...ක්ස්.... හොදේ ... මේක හරිම බියු...ටි...ෆු...ල්... "

අව්කණ්නාඩිය පලදගනිමින් යේල්‍යා ඇලානා හා කියවන්න ගත්තේ මේ ඉන්නේ ඇගේ මව බව හදුනාගෙන නම් නොවෙයි .

".... ඔයා ආස...ද ... මේකට ..."

ඇලානා වෙව්ලන ස්වරයෙන් අහද්දී යේල්‍යා තරමක් හයියෙන් හිනාවෙන්න ගත්තා . ඇගේ උමතු හිනාවට පවා බය බීරාන්තව පසෙකට වූ ඇලානාගේ දෑස් කදුලින් තෙත්වෙන්නට ගත්තේ යේල්‍යා ගේ සැනෙකින් වෙනස්වන රෝගී තත්වය දරාගත නොහැකිව .

යේල්‍යාව පාලනය කලහැකි මට්ටමේ ඇය පසුවුන් නිසා ඩොක්ටර් අසේල ඇය අසලට ගියේ ඇගේ චිත්‍රයද අතැතිවයි .

"... යේල්...යා... අපි මේ ඩ්‍රොයින් එක බෝඩ් එකේ ක්ලිප් කරමු නේද ..."

මෘදු හඩින් ඩොක්ටර් අසේල යේල්‍යාව අමතද්දී අව්කණ්නාඩිය පැළද ඇලානා හට උස් හඩින් හිනාවෙමින් සිටි ඇය ඩොක්ටර් දෙසට හැරී මද සිනහවක් සමගම හිස වැනුවේ ඊට එකගව බොහෝ සතුටින් .

"... හා ... හා .... ඒකේ ... ...එල්ල...මු... මගේ..ඩ්‍රොයින්... එක ..."

"...එතකොට ශැඩෝ ආවම දකී... නේ.. ...මගේ ඩ්‍රොයින් එක ..."

ඩොක්ටර් අසේලගේ මුහුණ දිහා බෙල්ල හැඩකර බලමින් ඇය අසන්නේ පුංචි දරුවෙක් වගේ .

දෑතින්ම අත්පුඩි ගසමින් ඇය එයට සතුටුවන්නේ ඇලානා වාට්ටුවෙන් ඇයට හොරෙන්ම පිටවන මොහොතේදීයි .

____________________ ☕ _____________________


බැල්කනියේ පාර්ටිය හිතුවටත් වඩා තුන්දෙනාවම සතුටු කරද්දි ශ්‍රධ් හිටියේ හොදහැටි මත්වෙලා . බියර් කෑන් හත අටකටම තුන්දෙනා එකතුවෙලා වගකියද්දී ශ්‍රධ් හෙට දවසේ තියෙන ප්‍රැක්ටිස් සෙඩූල් එකත් එක්ක නින්දට යන්නට තීරණය කරේ මනූට වගේම ආරූටත් තවදුරටත් බැල්කනියේ පාර්ටිය කරන් යන්න ඉඩ සලස්සවලා .

"... මං නිදාගන්න යනවා ආරූ .. මනුවා මං යන...වා ... හෙට මං ඇකඩමි එකට යන්නත් ඕනේ බං ..."

"... හරි හරි ශ්‍රධ් ඔයා යන්න ..."

".... හරි bucky එහෙනම් ගුඩ් නයිට් හෙට කතා කරමු අපි .."

"... දෙන්නටම ගුඩ් නයිට් ටේක් කෙයාර් ..."

දෙන්නගෙන් සමුඅරන් ශ්‍රධ් වැනි වැනිම ඇතුලට ගියේ කාලෙකින් හොදහැටි පදම්වෙලා .

"... මනූ ... "

"... ආහ් ..."

"... අරක කියපන්කෝ බං දැන්වත් ..."

"... මොකද්ද ආර්යන් ..."

"... ශ්‍රධ් ගේ ලව් ස්ටෝරි එක ..."

"... ආහ් ඒකද ...?..."

බිබී හිටිය බියර් කෑන් එකත් බිමින් තියලා මාන්‍යා පුටුවේ කකුල් දෙකත් උඩට අරන්ම හරිබරි ගැහිලා වාඩිවුනේ දිගු කතාවකට මුල පුරමින් .

".... මේ කතාව කොතනින් පටන්ගන්නද කියලා මටත් හිතාගන්න බෑ ආර්යන් ..."

"... කොහෙන්හරි පටන්ගන්න මනූ ... මට අද මේක දැනගන්නම ඕනේ ..."

"... මේ වගේ බැල්කනියකට වෙලා පාන්දර දෙකට තුනට විතර සීතල හුලගක් වැදි වැදී බියර් උගුරක රහ බල බල බාගෙට වෙරිවෙලා පරණ ලව් ස්ටෝරියක් අහනවා කියන ෆීලින් එකනම් පට්ට මනූවා ..."

"... ඒකනම් ඇත්ත ආර්යන් මටත් අපේ කතාවේ සමහර තැන් අමතකවෙලා තියෙන්නේ ඒ තරමටම මේ කතාවට දැන් වල්වැදිලා ..."

"... මේ කතාව පටන්ගන්න නම් අපිට 2016 ට යන්න වෙනවා ආර්යන් ... "

"... 16 ට බැරිනම් 25 ට හරි යමු මනූ ..."

"... ඔන්න එහෙනම් මෙහෙමයි සිද්ධිය උනේ ..."

"... ආර්යන් දන්නවනේ මගේ නම මනූ මනූ ගෑවට මං මාන්‍යා ආරියවංශ . අපේ ඩැඩා ලංකාවේ හිටපු ෆේමස් මිනිස්ටර් කෙනෙක් . එයාලා ගැන කිව්වේ ලොකුකමකට නම් නෙවෙයි ආර්යන් එයාලට පින්සිද්දවෙන්න මං ගෙදරින් එළියට බැස්සෙත් 2016 ම තමයි ...

ඒ හින්දම 2016 අවුරුද්ද කියන්නේ මට මැරෙනකම්ම අමතක වෙන්නැති අවුරුද්දක් . මොකද 19 න් පහල කබඩි ටීම් එකත් එක්ක අපි මැච් ගොඩක් දිනපු වගේම අපේ ජීවිත වල යූ ටර්න්

You are reading the story above: TeenFic.Net