CHAPTER 29❄

Background color
Font
Font size
Line height

ආදරෙ කියන්නෙ ලස්සන හැගීමක්.නම්ජුන්ට දැන් ඒක දැනෙනවා.යූරාව දකිද්දි හිතෙට දැනෙන අමුතුම සතුටට කියන නම...'ආදරේ ' කියලා එයා දැන් තේරුම් අරන් ඉන්නෙ.

අනිත් පැත්තෙන් ගත්තොත් යූරාගෙ කතාවත් එහෙමයි.එයා නම්ජුන්ට ගොඩක් ආදරේ කලා.දෙන්නට දෙන්නා තාම ඒක නොකිව්වත් ඇස්වලින් කියවෙන දේවල් ඕනාවටත් වඩා නම්ජුන්ව යූරාට ලන්කලා.

දෙයියනෙ.....! මේ ලෝකේ උඩු යටිකුරු කරන හෝමෝනවල ඒ මහා බලපෑම...'ආදරය...' මේ වෙද්දි තරුණ හිත දෙකත් එකතු කරලා ඉවරයි.

බ්ලෝසම් මල් යායක් මැද්දෙන් යූරාගෙ අතෙන් අල්ලන් යන එන එකම නම්ජුන්ට හීනයක් වගෙ.නම්ජුන් දැන් ගොඩක් වෙලාවට ඉන්නෙ,යූරාත් එක්ක.දෙන්නා එකට ලයිබ්‍රි ගියා..පොත් කියෙව්වා.එකම කොෆි කප් එක දෙන්නා බෙදාගෙන බිව්වා. හැමදාම උදේට යූරා දුවගෙන ඇවිත් කියන එයාගෙ විස්තර අහන්න නම්ජුන් හැම උදේම හිටියෙ පුදුම නොයිවසිල්ලෙන්.

.

.

.

.

 හැමදේටම පරක්කු වැඩිවෙයිද?


You are reading the story above: TeenFic.Net