11

Background color
Font
Font size
Line height

ටේහ්‍යයුන් පපුවට අත් දෙකත් බැදගෙන සෝෆා එකට හේත්තු වෙලා හිටියෙ තමන්ට ඉස්සරහින් වාඩි වෙලා ඉන්න ජීවියෝ තුන් දෙනා දිහා බලාගෙන.ඊට එහා පැත්තෙන් ඔන්ජොත් වාඩි වෙලා එයාලා දිහා බලාගෙන හිටියෙ බලාපොරොත්තු සුන් උන විදිහට.දැන් ටිකකට කලින් ගෙදරට ආව අමුත්තො තුන් දෙනාට ඇතුලට එන්න කියලා ටේහ්‍යයුන් ගෙ ඔම්මා කුස්සියට ගියෙ මොනවා හරි බොන්න හදන් එන්න.එතකොට ටේහ්‍යයුන් ගෙ අප්පට හදිස්සි වැඩක් වැටිලා එලියට යන්න වුනා.

" study leave දාලා පාඩම් කරන්න....ඒකත් අපේ ගෙදර ඉදන්."

ටේහ්‍යයුන් ගෙදර නිහඩ බව නැති කරලා කතා කරා.එයාගෙ ප්‍රශ්නෙට අනිත් තුන් දෙනාම ඔලුව උඩට පහලට වැනුවා.

" අඩෙහ් බම් වෙන්න පුළුවන් දෙයක් කියාම්. හෙට උදේට ඉර බටහිරෙන් පෑයුවත් ඕක වෙන්නෙ නෑ බම්."

" ඔහොම හිතක් පපුවක් නැති විදිහට කතා කරන්න එපා බම්.අනික කොහොමත් අපි තුන් දෙනාට හවස ක්ලාස් ඉන්න බෑ. අනේ මයෙ වස්තුවෑ මේකට බෑ නොකියා හා කියම් බම්."

මැද හිටපු කෙනා වැලපි වැලපි කියද්දි ටේහ්‍යයුන් හොද හුස්මක් ගත්තා.

" හරි එහෙනම් මට මේකට උත්තර දීපන්. උබලා දෙන්නා මෙහෙ ආව එක සාදාරනයි. එතකොට උබලා දෙන්නා මේ කලවැද්දව එක්කන් ආවෙ මොන මගුලකටද කියපම්."

ටේහ්‍යයුන් ඇගිල්ල දික් කරේ කෙලවරේම හිටපු කෙනාට.

" අනේ රත්තරන් අයියේ මට ඔහොම කරන්න එපා අනෙව්.මාත් හරි අහිංසක කොල්ලෙක් නෙ. අනෙ කරුනාකර මේ ගැත්තාට පිහිට වෙන්න."

" මෙන්න මුගෙ මේ අදෝනාවටම තමා මූවත් එක්කන් ආවෙ බම්."

" හරි දැන් ඉතින් ඇවිල්ලා ඉවර නෙ.යමන් කාමරේට දවසම මෙතන ඉන්න බෑ නේ."

ටේහ්‍යයුන් මුලින්ම නැගිට්ටාම අනිත් තුන්දෙනත් නැගිට්ටා.ඒත් යන්න අඩිය තියද්දිම ඔන්ජො කතා කරා.

" ඒ පාර ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ."

යන්න හැදුව ටේහ්‍යයුන් ආයෙ හැරුනාම ඔන්ජොත් නැගිට්ටා.

" මට ඔයාල තුන්දෙනා ව introduce කරලා දෙන්න. මොකද මමත් දැනගන්න ඕනෙ සතියක් අපි කන්න බොන්න යන්නෙ මොනවගේ අයටද කියලා."

ටේහ්‍යයුන් මේ වගේ නංගි කෙනෙක් ලබන්න ගිය ආත්මෙ කොච්චර පින් කරල ඇතිද.... ටේහ්‍යයුන් ඉවසනවා නිසා හොදයි...

" අයියෝ ඔන්ජො ඔයා දැන් මෙතන ඉන්න දෙන්නෙක්ම දන්නවා.එතකොට ඔයා දන්නෙ නැති එකම කෙනා මෙන්න මේ මනුස්සයා. එයාගෙ නම මින්ගු.අර දවසක් මෙහෙ ආව ජන්කුක් කියන අලි ඔලුව ගෙ අතිජාතක මිත්‍රයා. තව මොනව හරි දැනගන්න තියෙනවා ද."

ටේහ්‍යයුන් එකදිගට ම කියාගෙන ගියා. ඔන්ජො නම් ඇසුත් ලොකු කරන් මින්ගු දිහා බලන් හිටියෙ. ඔව් තව ටිකකින් එයා උඩ පැනලා කෑගහන්න පුළුවන් සතුටකින් ඉන්නෙ.

" එතකොට ඔයා මගෙ මස්සිනාගෙ යාලුවෙක් ද. මස්සිනා හොදින් ඉන්නවද.හුග කාලෙකින් දැක්කෙත් නෑ. අනෙ මන් එයාව මතක් කරා කියන්න හොදද.මන් මස්සිනාට හුගාක්...

" ඔන්ජො මන් හිතන්නෙ ඔයා ගිහිම් ඔම්මට උදව් කරා නම් හොදයි...."

ටේහ්‍යයුන් මින්ගුව හදුන්වලා දෙන්න ගිහින් අනවශ්‍ය තොරතුරක් දුන්නා කියලා තේරෙද්දි පරක්කු වැඩියි. තුන්දෙනාම අමුතු විදිහට ටේහ්‍යයුන් දිහා බලන් ඉද්දි ටේහ්‍යයුන් ඔන්ජොව හරවලා කිචන් එක පැත්තට යැව්වෙ තව මොනවා හරි එතන කියවන්න කලින්.හැබැයි දැනටමත් එයා කියන්න පුළුවන් දේවල් කියලා ඉවරයි.

ටේහ්‍යයුන් තුන්දෙනාටම දත් තිස් දෙකම එලියට දාලා හිනාවෙලා කාමරේට දිව්වා.

කට්ටියම ගෙනාපු බඩු ටික අස් කරලා ඉවර වුනාට පස්සෙ ඇදේ තැන් තැන් වල වැටිලා පෝන් එක ඔබන්න ගත්තෙ හරියටම තව පැය බාගයකින් පාඩම් කරන්න පටන් ගන්නවා කියලා. දැන් පැය දෙකකටත් කිට්ටුයි පාඩම් කරනවා තියා හතර දෙනගෙන් එක්කෙනෙක්ට වත් අඩුම පොතක්වත් මතක් වුනේ නෑ. ටිකකින් හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා හිටපු ටේහ්‍යයුන් පෝන් එකත් පැත්තකට විසික් කරලා පොඩ්ඩක් කාමරේ වටේට ඇස් යැව්වා. වෙනසක් නෑ ආපු විදිහට තාමත් තුන් දෙනාම එයාලගෙ ලෝකවල. ඒ අස්සෙ එහා පැත්තෙ යොන්ජුන් හොදට ගොරව ගොරව නිදි.ටේහ්‍යයුන් අත මිට මොලවලා ඇදට ගැහුවට පස්සෙයි යාශුයි මින්ගුයි ඔලුව උස්සව්වෙ. සද්දෙට මින්ගුගෙ පෝන් එක මූනට ඇතඇරුනා.

" මොනවද බම් කරන්නෙ.තව පොඩ්ඩෙන් බය වුන පාර නගිනවා පෙසර් එක."

යාශ් කිව්වෙ කකුල් දෙකත් නමාගෙන ඇදෙන් ඉදගන්න ගමන්.

" දැන් උබලා මෙහෙ ආවෙ මොකටද."

" මෙහෙ ආවෙ පාඩම් කරන්න."

" දැන් උබලා කරන්නෙ මොනවද."

" හරි හරි බම් අපි මේ පාඩම් කරන්න කලින් පොඩ්ඩක් මනස නිදහස් කරගත්තා.නැද්ද මින්ගු."

යාශ් තාමත් ඇදේ හාන්සි වෙලා ඉන්න මින්ගු දිහා බැලුවා.

"අහ් ඔව් ඔව් යාශ් කියන කතාව හරි."

මින්ගුත් යාශ්ගෙ කතාවට එකග වෙද්දි ටේහ්‍යයුන් ඔලුව දෙපැත්තට වැනුවා. ඊටපස්සෙ  ඇදෙන් බැහැලා ටවල් එකත් අරන් වොශ්රූම් එකට ගිහින් ආයෙ හැරුනා.

" මන් එද්දි අර නිදි කුම්බරයවත් නැගිටලා පොත් ටික අරන් ඉදහන්."

ටේහ්‍යයුන් වොශ්රූම් එකට ගිහින් හයියෙන් දොර වැහුවාම මින්ගුයි යාශුයි මූනට මූන බලාගත්තා. කවද ඉදන්ද ටේහ්‍යයුන් ඉගෙනීමට මුල් තැන දුන්නෙ. ඊලගට යාශ් ගෙ ඔලුව කෙලින්ම හැරුනෙ යොන්ජුන් දිහාට. යාශ් ගෙ මූනෙ හිනාවක් ඇදුනාම මින්ගු ඒ දිහා බලන් හිටියෙ ඊලගට මූ මොකක්ද කරන්න යන්නෙ කියලා හිතන ගමන්. මින්ගුට සද්ද කරන්න එපා කියලා යාශ් ඇද දිගෙ දනගාගෙන ගිහින් යොන්ජුන් ට ටිකක් ඈතින් ඉදගත්තා.කකුලක් දික් කරලා හරියටම යොන්ජුන් ගෙ පස්සට කකුලෙන් ගැහුවාම යොන්ජුන් රෝල් වෙලා ගිහින් බිමට පතබෑවුනා.

යොන්ජුන් ලෝකෙ කඩන් වැටුනා කියලා ගිරිය කඩන් කෑගහන් නැගිටිද්දි යාශුයි මින්ගුයි ඇදේ පෙරලි පෙරලි හිනාවෙන්න ගත්තා.

" අඩෙහ් යාශ් ඒකනම් නියම පහරක් බම්."

මුන් දෙන්නා හිනා වෙන දිහා යොන්ජුන් ඉනට අත් දෙකත් තියන් බලන් හිටියෙ තරහට ඇස්වලිනුයි කන්වලිනුයි දුම් පිටවෙද්දි. ඒත් එක්කම බෙඩ්ශීට් එක ඇදලා අරන් මින්ගුවයි යාශ්වයි වැහෙන විදිහට දාලා ඇදට පැනලා දෙන්නටම හොදට නෙලන්න ගත්තා.

" නවත්තම් යොන්ජුනා..."

" මගෙ අනාගතේ අදුරු කරන්නද උබට ඕනෙ."

" රිදෙනවා යකොව් ඔහොම ගහන්න එපා."

"අඩොහ් සොරි බම් පොඩි ආතල් එකක් ගත්තෙ. ඕක නවත්තපන්."

" ආ ඒක තමා තොපිලට මාව විහිලුවක් නේද...ඉදා කාපන්..."

යොන්ජුන් හති වැටෙනකම්ම දෙන්නටම නෙලලා ආයෙත් ඇදට වැටුනාම අර දෙන්නත් බෙඩ්ශීට් එක පැත්තකට දාලා හයියෙන් හුස්ම ගන්න ගත්තා. ඒත් එක්කම වොශ්රූම් එකේ දොර ඇරෙන සද්දෙට තුන්දෙනාම ඒ පැත්ත බැලුවා.

"හේ අපි මේ පටන් ගන්න හැදුවා විතරයි."




































" ඒ බම් අයිසැක් නිවුටන්ට නම දැම්මෙ මොකාද දන්නෙ නෑනේද බම්."

" වෙන මොකාද බම් උගෙ තාත්තා මිසක්. හරි ඇයි දැන් උබ ඒක ඇහුවෙ."

" නෑ ඉතින් උගෙ නමේ ඉදන් සැක් නෙ බම්. උගෙ වැඩත් එහෙමයි ඌත් එහෙමයි. ඉපදෙනකොටම උගෙ අප්පටත් තේරිලද කොහෙද එහෙම නමක් දාලා තියෙන්නෙ."

ටේහ්‍යයුන් වොශ් එකක් දාගෙන ආවට පස්සෙ කාමරේට කරල තියෙන විනාසෙ දැකල හොද දෙකකුත් අමතලා ඒ තුන්දෙනාම ලවා කාමරේ අස් කරගත්තා.ඇත්තටම ඒක ලොකුවට හැඩිවෙලා තිබ්බෙ නෑ.ඒත් ඉතින් අතට ගත්තු දේ කටට දාගන්නත් එපැයි.කොහොම හරි අස්කිරිල්ලට පස්සෙ ටේහ්‍යයුන් ගෙ දැඩි උත්සයෙන් හවස 6.30 ට විතර පාඩම් කරන්න පටන් ගත්තා. ඒ මැද්දදි එක එක ගොන් ප්‍රශ්න අහලා කාලෙ නාස්ති කරන්නත් කට්ටිය අමතක කලේ නෑ. කොහොම හරි කැරකිලා කැරකිලා ඊලගට topic එක උනේ නිවුටන්ව. ඒ මනුස්සයා ගෙ ඉපදීමෙ ඉදන් හත්මුතු පරම්පරාවෙ කැරපොත්තා වෙනකම්ම කතා කරා.එහෙම  තමයි ඉගෙන ගන්න ලමයි වුනාම.

ටේහ්‍යයුන් කියලා වෙනසක් නෑ පාඩම් කරන්න කියලා ටොන් ගනන් ටෝක් දුන්නට එයත් ඒ විදිහටම විකාර කර කර හිටියා.

" මේ දැන් නම් හෙන කම්මැලි බම්.කවුද යකෝ මේ ඉපදෙන එකයි මැරෙන එකයි අතරට exam කියලා කරුමයක් ගෙනාවෙ. අපිට බැරි වෙයිද exam එක නවත්තන්න."

යොන්ජුන් පොතත් පැත්තකට දාලා කිව්වා.

" එක ක්‍රමයක් තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවේන් වගේ ඉස්කෝලෙට කෝල් එකක් අරන් කියමු exam එක නවත්තන්න කියලා.එතකොට වැඩේ හරි."

මින්ගු වැඩ්ඩා වගෙ කිව්වාම යාශ් පොතෙන්ම මින්ගු ට දමලා ගැහුවා. එතනින් ඒ දෙන්නගෙ රන්ඩුවක් පටන් ගත්තත් ටේහ්‍යයුන් හිටියෙ වෙනම කල්පනා ලෝකෙක.

" ඒ මේ අපි ඇත්තටම එහෙම වැඩක් කරමුකො."

ටේහ්‍යයුන් කිව්වාම මෙච්චර වෙලාවක් කොන්ඩෙන් ඇද ඇද හිටපු මින්ගුයි යාශුයි තව මේ දෙන්නගෙ රන්ඩු ව නවත්තන්න මැද්දට පැන්න යොන්ජුනුයි තුන්දෙනාම "ඇහ්" ගාලා ටේහ්‍යයුන් දිහා බැලුවා.

" නෑ බම් මන් කිව්වෙ අපි කාටහරි prank call එකක් ගමු කියලා.අපි එහෙම කරලම නෑ නෙ වෙනසකටත් එක්ක කරලා බලමු."

ටේහ්‍යයුන් කිව්වාම අනිත් තුන්දෙනත් එකග වුනා.

" හරි දැන් කාටද ගන්න හිතන් ඉන්නෙ."

යොන්ජුන් ගෙ ප්‍රශ්නෙත් එක්ක ටේහ්‍යයුන් ගෙ මූනෙ ඇදුනෙ සෙල්ලම්කාර  හිනාවක්.

" ඒ ඒ එපා බම්...."

























ජන්කුක් පල්ලෙහාට ඇවිත් කෑම මේසෙන් වාඩිවුනා ම මීරා ජන්කුක් ගෙ ප්ලේට් එකට කෑම බෙදුවා. ජන්කුක් ගෙ අප්ප නම් ඒ වෙද්දිත් කෑම කන්න පටන් අරන් තිබ්බෙ.

" ඔම්මා මට ඇති."

ජන්කුක් කිව්වාම මීරා කෑම බෙදන එක නවත්තලා ජන්කුක් ට එහාපැත්තෙන් වාඩි වුනා.

" exam එක ලගයි නේද."

" ඔව් අප්පා."

ජෝන් ගෙ ප්‍රශ්නෙට ජන්කුක් උත්තර දුන්නෙ ඔලුවවත් උස්සන්නෙ නැතුව.

" මහන්සි වෙලා පාඩම් කරන්න.තමන්ගෙ ලකුණු අඩු කරගන්න එපා. ඔයාට තේරෙනවා නේ මන් කියන දේ."

" මොනවද අනෙ කන වෙලාවෙදිවත් exam ගැන කියන් නැතුව ඉන්න.පුතා කොහොමත් හැම සැරේකම හොද ලකුනු ගන්නවා නෙ."

මීරා කිව්වාම ජෝන් ආයෙත් කෑම එක ගන්න ගත්තා. ටිකකින් ජන්කුක් ගෙ පෝන් එක රින්ග් වුනාම ජන්කුක් අප්පා දිහා බැලුවා. ජෝන් ඔලුව වනලා හා කිව්වාම ජන්කුක් පෝන් එක අතට ගත්තා.කෝල් එක ආවෙ unknown number එකකින් නිසා ජන්කුක් ආන්සර් කරනවද නැද්ද කියලා කල්පනා කරලා ඕනෙ දෙයක් වෙන්න කියලා ආන්සර් කරලා දැම්මා.

" හෙලෝ.."

" ආ හෙලෝ සර්.අපිට පොඩ්ඩක් සර් එක්ක කතා කරන්න පුළුවන් ද."

හෙන ගහපු වොයිස් එකක් ඇහෙද්දි ජන්කුක් පෝන් එක ටිකක් කන ගාවින් ඈත් කරලා ආයෙ තියාගත්තා.

" කවුද මේ කතා කරන්නෙ."

ජන්කුක් ගෙ ප්‍රශ්නෙත් එක්ක එයාගෙ ඔම්මයි අප්පයි දෙන්නම එයා දිහා බලන් හිටියා.

" සර් අපි මේ ඕන දෙයක් උලනවා නිකං දුන්නොත් ශොප් එකෙන් කතා කරන්නෙ.සර් දැන් දවස් දෙකකට විතර කලින් face masks දහකුයි face cream එකකුයි ඕඩර් කරලා තියෙනවා.ඉතින් ඒකෙ මුලු ටෝටල් එක 35 000ක් වෙනවා. සර් අපිට තාම account එකට සල්ලි දාලා නෑ. ඉතින් සර්ට සිද්ද වෙනවා අද දවස ඇතුලත සල්ලි ගෙවලා ඉවර කරන්න. නැත්තම් අපි සර්ට විරුද්දව action එකක් ගන්නවා."

සම්පූර්ණ විස්තරේ ඇහුවට පස්සෙ ජන්කුක් ට කැරකිල්ල වගෙ.ඔක්කොටොම හපන් ශොප් එකේ නම. කියන්න දේවල් දාසක් විතර ජන්කුක් ගෙ ඔලුවට ආවත් ඔම්මයි අප්පයි නිසා ජන්කුක් ඉවසුවා.

" sorry මන් එහෙම මොකුත් ඕඩර් කරේ නෑ wrong number."

ජන්කුක් පෝන් එක කට් කරලා මේස උඩින් තියලා ආයෙමත් කන්න ගත්තා.ටිකකින් ආයෙත් පෝන් එක රින්ග් වෙන්න ගත්තාම ජන්කුක් පෝන් එක අතට ගත්තෙ හොදවයින් දෙකක් අමතනවා කියලා හිතාගෙන.

" මන් දැන් එකපාරක් කිව්වානෙ wrong number කියලා."

" ඉතින් සර් අපිට දීලා තියෙන නම්බර් එක තමා මේක. අනික සර් ගෙ නම ජන්කු-

" එක පාරක් කිව්වාම තේරුම් ගන්නවා මන් ඔය කියන මගුලක් ඕඩර් කරේ නෑ කියලා. බිස්නස් එකක් කරද්දි පොඩ්ඩක් හොයලා බලලා වැඩක් කරන්න බැ-

ජන්කුක් හොදවයින් අමතන කොට ඊලග කියන්න ගිය නතර කරගත්තෙ ජන්කුක්ගෙ අප්පා ජන්කුක් දිහාට අත දික් කරාම.

" පෝන් එක දෙන්න."
.
.
.
.

ප්‍රමාදය ගැන සමාව ඉල්ලමි 😓👉👈


You are reading the story above: TeenFic.Net