☆♡☆

Background color
Font
Font size
Line height

මම මේක දාන්න නෙමේ හිටියේ....ඒත් ලගදි උන දෙයක් නිසා දාන්න හිතුනා..
මට ප්‍රශ්න කීපෙකට උත්තර දෙන්නත් තියනවනේ...


කවුරු හරි කෙනෙක් වෙනස් දෙයක් කරන්න යද්දි ඒකට උපහාස කරන්න...බනින්න ඕන තරම් කට්ටිය ඉන්නවා...උදව් කරන්න ඉන්න අය අඩුයි...වෙනස් දෙයක් කරන්න හදන කෙනෙක් දිහා ගොඩක් අය බලන්නෙ වපර ඇහින්..මොකද එයාලා හිතනවා වෙනස් වෙන්න ඕන නෑ කියලා...
ඒත් මිනිස්සු වෙනස් නොවුන නම්...වෙනස් පාරවල් හොයන් ගියේ නැත්තම් අපි තවමත් ගල් යුගයේ...

මම ඔයාලගෙන් ඇහුවා නේද ඩිස්නි ලංකාවේ ඉපදුනා නම් අද එයාට මේ තැනට එන්න ලැබෙයිද කියලා....මම නම් කියන්නෙ ලංකාවේ කාටුන් වලට තියන තැන අඩුයි...අපි දැන් බලන ගොඩක් කාටුන් හඩකවපුවා...

කාටුන් කියන්නේ පොඩි ලමයින්ට විතරක් සීමා උන බොලද විකාර බොරු කතා විදිහට ගොඩක් අය දකින්නේ...අපේ ගෙදරත් මට බාල සහෝදරියො දෙන්නෙක් ඉන්නවා...ඒත් කාටුන් බලන්නෙ මම...😏සමහර කාටුන් ෆිල්ම් වලට එහා...😂🖐️දන්නෝ දනිති ඒක නම්...

ඩිස්නිටත් ගොඩක් අපහාස ලැබුනා...කලාගාරයේ දියුනුව බිද වැටීමත් එක්ක එයා එක්ක එකට හිටිය යාලුවොත් වෙන රැකියා හොයන් ගියේ ඩිස්නි ණයකාරයෙක් වෙලා ඉද්දි....ඇත්තටම එහෙම අවස්තාවක් ඔයාට ආවා කියලා හිතන්න...තමන්ගේ හීනේ නිසාම තමන් ණයකාරයෙක් උනොත්....ඒ හීනේ අත් අරිනවද???

ඒත් ඩිස්නි...මුල ඉදන් පටන් ගත්තා...අවසානයේ එයා එයාගේ හීනේ උපරිමේටම ගියා...

අදටත් ලෝකයේ වැඩිම ඇකඩම් සම්මාන දිනපු පුද්ගලා විදිහට වෝල්ට් ඩිස්නිව ඔසවා තිබ්බේ ඒ බොලද විකාර පිස්සු හීනයම තමයි...


ChenuliSathkumara 1937-2016 princess ලා ටික පිලිවලට ඉන්නවා..

snow white

cindaralla
aurora
ariel
balle
jasmine
pacohontas
mulan
tiana
rapunzel
merida
moana..



😊🖐️බායි...

සිහින දකින්නන් කිසිදා පරාජය නොවේ...


You are reading the story above: TeenFic.Net