Chapter 21

Background color
Font
Font size
Line height


"මම ජංගුක් ජින් දෙන්නා එක්ක ෂින්ගෙ මැන්ෂන් එකට යන්නම්. අපි හරි වෙලාවට කනත්තට එන්නම්. ඔයාලා පූජාවෙ වැඩ පටන් ගන්න."

යුංගි කිව්වෙ ගෙදරින් පිටත් වෙන්න ලෑස්ති වෙන ගමන්. ඔවුන්ගේ සැලැස්මෙන් දින දෙකකට පස්සෙ එළඹුන පුර පෝය දවසට ඔවුන් කල් තියාම සූදානම් වුණා. දැන් ඉතුරු වෙලා තිබුණෙ කනත්තට ගිහින් ටේහ්යොන්ග් ජිමින් දෙදෙනාව නැවත එකතු කරන එක විතරයි. ඒත් ඊට කලින් ටේහ්යොන්ග් නායුන් දෙන්නව බේරගන්න ඔවුන්ට සිද්ධ වුණා.

"ඒත් ඔයා නැතුව අපි තනියෙන් වැඩේ කරන්නෙ කොහොමද? කාල පක්ෂීන් අපිට පහර දුන්නොත්?"

නම්ජුන් කිව්වෙ යන්න හදන යුංගිව නවත්තන ගමන්. යුංගිට විතරයි කාල පක්ෂීන්ට විරුද්ධව සටන් කරන්න තරම් ශක්තියක් තියෙන්නෙ. ඉතින් සාමාන්‍ය මිනිස්සු වෙච්ච නම්ජුන්ට වත් මින්යූට වත් දුර්වල වෙලා ඉන්න ජිමින්ට වත් ඔවුන්ට මොකුත්ම කරන්න බැහැ.

"මං දන්නවා නම්ජුනා.... ඒත් ෂින්ගෙ ලඟට ගිහින් ටේහ්යොන්ග් නායුන්ව අරගෙන එන එකට මට යන්නම වෙනවා. අපිට කට්ටිය අඩු නිසයි ඒතරම් අනතුරක් තියෙද්දිත් ජංගුක් ජින් දෙන්නවත් අරගෙන යන්න වෙන්නෙ."

යුංගි කියද්දි නම්ජුන් හිස ඉහල පහල කලා. ඒත් එක්කම යුංගි, ජංගුක් සහ ජින් ෂින්ගෙ ගෙදරට යන්න පිටත් වුණා. ජංගුක් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් වුනත් ඔවුන්ට හිටපු පිරිස ගොඩක් අඩු නිසා මේ වැඩේට ඔහුව සම්බන්ධ කරගන්න යුංගිට සිද්ධ වුණා. නූතන ලෝකයේ දක්ෂ නිරූපණ ශිල්පියෙක් වුන ජංගුක් මුලින්ම මේ ෆීනික්ස් කතාව විශ්වාස නොකලත් ඒක විශ්වාස නොකර බැරි වෙන තරම්ම සාක්ෂි සපයන්න යුංගිට පුළුවන් වුණා.

මේ අතර වේදනාවෙන් හිටපු ජිමින්වත් වාරු කරගෙන පහලට ආවෙ මින්යූ. කොල්ලට ඇවිදගන්න බැරි තරම්ම ඔහුව වෙව්ලනවා.

"අලේ නූලා මත ගුදක් සිදෙනවා.... ආආආආ......"

"හරි පැටියෝ ඉක්මනටම මේ දේවල් ඉවර වෙයි. ප්ලීස් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න."

මින්යූත් එක්කම එලියට ගිය නම්ජුන් තමන්ගෙ බඩු ටිකත් අරගෙන ඔහුගේ වාහනය ලඟට ගියේ මින්යූ ජිමින් එක්කම පිටිපස්සෙන් නගිද්දි. කනත්තට ගිහින් කරන්න තියෙන දේවල් ගොඩක් කල්පනාවෙන් කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මොකද කිව්වොත් කාල පක්ෂීන්ගේ පහර දීමක් වුනොත් ඔවුන්ට බේරෙන්න ක්‍රමයක් නැහැ.


********************


වෙලාව රාත්‍රී දහයයි. යුංගි ඇතුළු පිරිස රාත්‍රී දොළහට කලින් ටේහ්යොන්ග්ව හරි තැනට අරගෙන යන්න ඕන. ඒත් කාල පක්ෂීන් එක්ක තනි ෆීනික්ස් කෙනෙක්ට හැප්පෙන්න පුළුවන් වෙයිද? සාමාන්‍යයෙන් ෂින්ගෙ පිරිස සියයකට අධිකයි කියලා ඔහු දැනගෙන හිටියා. රතු කහ ෆීනික්ස් කෙනෙක් විදිහට ලෝකෙ ඉතුරු වුන එකම කෙනා විදිහට යුංගිට වෙන කිසිම කෙනෙක් හිටියෙ නැහැ.

"හ්යොන්ග් පූස්..... මම මොඩ්ල් කෙනෙක් මිසක් හොරෙක්, විශේෂ කාර්ය බලකායෙන් එහෙම නෙවෙයි."

"මං දන්නවා ජංගුක්.... ඒ වුණාට මේ වෙලාවෙ ඔයාලට මේක කරන්නම වෙනවා. ජින්.... ඔයාට පුළුවන්ද ගස් නගින්න?"

යුංගි ඇහුවෙ ෂින්ගෙ ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් කියලා පේන එකම ජනේලෙ දිහා බලාගෙන. තට්ටු හතරක් උඩින් තිබුණ ජනේලෙන් ඇතුල් වෙන්න තියෙන එකම විදිහ ජනේලෙ ගාව තිබුණු සකුරා ගහ විතරයි. ඉනිමඟක් තිබ්බත් ඒක කිසිසේත්ම තට්ටු හතරක් නගින්න තරම් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ජංගුක්ට ගස් නැගීමේ හැකියාවක් තියෙන බව යුංගි මුල ඉඳලම දැනගෙන හිටියත් ඔහුට ප්‍රශ්නයක් වුණේ ජින්.

"මං ඉතින් ගස් උඩ නැග නැග යන්න වඳුරෙක් නෙවෙයිනෙ. හැබැයි මිලිටරි සර්විස් එකේ කාලයක් හිටපු නිසා දැන් ගහකට නැග ගන්න බැරි කමක් නෑ."

"මං හිතුවෙ ඔය වයසත් එක්ක ගස් නැග ගන්න බැරි වෙයි කියලා. පුළුවන් නම් ෂෝක්නෙ."

ජංගුක් කියද්දි ජින්ට ටිකක් තරහා ගියා. මොකද කොල්ලා අකමැතිම දේ තමයි තමන් වයසයි කියන එක.

"යාආආආආ.... මං එච්චර නාකි නෑ හාවො. අනික මතක තියාගන්නවා මමයි ඔහේට ගස්ස ගස්ස පද්ද පද්ද යන්න ඉගැන්නුවෙ කියලා."

ජින් මහ හයියෙන් කෑගහද්දි ජංගුක් තමන්ගෙ කන් දෙක අල්ලලා සමාව ගත්තෙ යුංගි ඔලුවෙ අත ගහ ගනිද්දි. ජින් කියන්නෙ මීට අවුරුදු ගානකට කලින් දක්ෂ මොඩ්ල් කෙනෙක්. ඇත්තටම කිව්වොත් ඔහු තමයි ජංගුක්ගෙ ගුරුවරයා වුනෙත්. ඉතින් එහෙම එකේ ජංගුක් ඉස්සර ඉඳන්ම තමන්ගෙ ගුරුවරයාට විහිළුවක් කරලා පොඩි සතුටක් ලැබුවා.

කොහොම හරි කරන්න ඕන දේවල් තීරණය කරගෙන යුංගි ෂින්ගෙ ගෙදර ඉදිරිපසට යද්දි ජින් ජංගුක් දෙන්නා ගහේ බාගයක් දුර නැගලා යුංගි ඔහුගේ වැඩේ කරනකම් බලන් හිටියා.

"ෂින්....... එලියට වරෙන්....... මං ආවා......"

යුංගි ගෙදර ඉස්සරහට ගිහින් ෂින්ට කතා කරද්දි විනාඩි ගානක් ඇතුලත පරිවර්තනය වුන කාල පක්ෂීන් විශාල ප්‍රමාණයක් ඔහුව වට කරගත්තා. ඒත් එක්කම කට කොනින් හිනාවුන යුංගි තමන්ගෙ කෝට් එක ගලවලා පැත්තකට විසික් කලා.

"ෂින්..... උඹ තාමත් මගේ ඉස්සරහට එන්න බයද ආ? මේ පොඩි එවුන්ව මගේ ඉස්සරහට එවන්නෙ."

යුංගි තමන්ගෙ සමච්චල් සහගත සිනහවත් සමඟින් කාල පක්ෂීන් දිහා බැලුවා. ඒත් එක්කම ඔහුට ඇහුනෙ තමන්ගෙ පිටිපස්සෙන් ඇහෙන අත්පුඩි ගහන සද්දයක්. අත්පුඩි ගහන ගමන් තමන් දිහාවට එන ෂින්ව දැක්කම යුංගි ආයෙත් කට කොනින් හිනාවෙලා අහස දිහා බලාගත්තෙ ඔහුගේ මවාපෑම් වල අඩුවක් නෑ කියලා හිතන ගමන්.

"උඹ තව හැන්ඩ්සම් වෙලා යුංගි. අර කෙල්ලව මට දීලා වෙන කෙල්ලෙක් හොයාගන්න අදහසක් නැද්ද? උඹේ පෙනුමෙ හැටියට හොඳ සල්ලිකාර කෙල්ලො දෙතුන් දෙනෙක් වුනත් එක පාර බැලන්ස් කරන්න පුළුවන් වෙයි."

"උඹ හිතුවද මාත් උඹ වගේ ජරා මිනිහෙක් කියලා ෂින්. ඕහ්.... සමාවෙන්න.... ජරා මිනිහෙක් නෙවෙයි කළු කුරුල්ලෙක්."

යුංගි කිව්වෙ දවා අළු කරවන බැල්මක් සමඟින්. යුංගිගෙ මේ පෙනුම වගේම හැසිරීම ඕනම කෙනෙක්ගෙ හිතේ බයක් ඇති කරන්න සමත් වුණා. ඔහු තමන් ආදරේ කරන අයට හිතාගන්න බැරි තරම් හොඳ කෙනෙක්. හැබැයි ඔහුට වැරැද්දක් කරන කෙනෙක්ට ඔහු තරම් දරුණු වෙන තවත් කෙනෙක් නැති වෙයි.

"උඹගෙ මුරණ්ඩු කම තාම එහෙම්මමයි. එක අතකට මට උඹේ කළු කුරුළු පැටියාගෙ කෙල්ලව වුනත් ගන්න පුළුවන්. කොහොමත් ඌ මැරෙන්න කලින් තමන්ගෙ කෙල්ල වේදනා විඳින එක බලන්න කැමති වෙයි."

ෂින් කියලා ඉවර වෙනවත් එක්කම යුංගි ඔහුගේ කම්මුලට වැරෙන් පහරක් ගැසුවේ ෂින්ගේ තොල අගින් ලේ ගලන්න පටන් ගන්නකොට. ඔහුගේ ප්‍රහාරය ඒ තරම්ම භයානකයි. නමුත් ෂින්ට ඒ මොකුත් ගානක් වුනේ නැහැ. ඔහුගේ කටින් පිට වුණේ වියරු සිනහවක්.


මේ වෙලාවෙ ජංගුක් සහ ජින් ෂින්ගෙ නිවසට ඇතුල් වෙලා තිබුණා. යුංගි කාල පක්ෂීන්ගේ අවධානය ගනිද්දි ජින් ජංගුක් දෙදෙනාට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් නිවස ඇතුලෙ තිබුණු කාමර වලින් ටේහ්යොන්ග් නායුන් ඉන්න තැන ඔවුන් හොයාගන්න ඕන. 

"අපි බෙදිලා යන එකෙන් තවත් වෙලා යනවා ජංගුක්. දෙන්නම උඩ තට්ටුවේ බලමු."

ජින් කියද්දි ඔලුව වනපු ජංගුක් කොරිඩෝ එක දිගේ ඉස්සරහට යන්න පටන් ගත්තා. ඒ අතර හමුවුන කාමර වල සෝදිසි කරන්නත් ඔවුන් අමතක කලේ නැහැ. ඒත් ටේහ්යොන්ග් නායුන් ඉන්නෙ අගුළු දාපු කාමරයක වෙන්න ඕන කියලා ඔවුන් හිතුවා. ටිකෙන් ටික කොරිඩෝවේ අවසන් හරියට එනකොට පුංචි කෙඳිරි ගැසීමක් එක්ක තරුණියකගේ කටහඬක් ඇහෙන්න පටන් ගත්තා.

"ඒ නායුන් නේද?"

"ඒ වගේ ජින් හ්යොන්ග්..... ඉක්මනට යමු."

නායුන් ටේහ්යොන්ග් දෙන්නා ඉන්න කාමරේ ඉස්සරහට ගිය දෙන්නා දොර අරින්න උත්සාහ කලත් දොර වහලා තිබුණු නිසා ඒක කරන්න ලේසි වුනේ නැහැ. නායුන් වුනත් ටිකක් කලබලෙන් හිටියෙ එකපාරටම ටේහ්යොන්ග්ගෙ තත්වය නරක අතට හැරුණු නිසා. දොර කඩන්න උත්සාහ කරපු ජින් පැත්තකට වුනේ දොරට පයින් පාරකුත් ගහලා.

"ආශ්....... මේ දොර ඇරගන්න බැහැ....."

"පොඩ්ඩක් පස්සට වෙන්න හ්යොන්ග්."

ජංගුක් කියද්දි ජින් පස්සට වුනා. ඒත් එක්කම දුවගෙන ආපු ජංගුක් දොරට පහර දුන්නෙ තමන්ගෙ මුළු ශක්තියම යොදවලා. දොර විශාල සද්දයක් එක්ක ගැලවිලා යද්දි තියුණු කන් ඇසීමක් තියෙන කාල පක්ෂීන්ට ඒක නොඇසී තියෙයිද? ඒ ක්ෂණිකව ඔවුන් හිටපු තැන කාල පක්ෂීන්ගෙන් පිරෙන්න ගත්තා.

"ඉක්මන් කරන්න ජංගුක්..... ඔයා ටේව ගන්න."

ජින් කිව්වෙ නායුන්ගෙ අතින් ඇදගෙන පහලට දුවන ගමන්. ජංගුක් ටේහ්යොන්ග්ව කරට අරගෙනම පහලට දිව්වෙ කොල්ලා ඒ වෙනකොටත් සිහිය නැතිව හිටපු නිසා. පහලට දුවගෙන යද්දි තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල කාල පක්ෂීන් ඔවුන්ව නවත්තන්න සමත් වුණා. කොයිතරම් අමාරුවෙන් එලියට ආවත් එතනින් පස්සෙ වුන දේවල් ලේසි නැහැ.

"ආහ්...... මගේ කකුල....."

"නායුන් මොකක්ද වුනේ?"

ජින් දැක්කෙ නායුන්ගෙ කකුලක් තදින් ග්‍රහණය කරගෙන ඉන්න කාල පක්ෂියෙක්ව. ඔහු තමන්ගේ ෆීනික්ස් කකුල් වලින් නායුන්ගෙ කකුල අදිද්දි ඒ නියපොතු වලට ඇයගේ කකුල තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. 

ඒත් එක්කම ජින් ලඟ තිබුණු බාල්දියකින් කාල පක්ෂියාට ගහන්න පටන් ගත්තත් ජින්ව තවත් පැත්තකින් අහසට ඇදිලා ගියේ වෙනත් කාල පක්ෂියෙක් ඔහුව අරගෙන පියාඹපු නිසා.

"ආහ්.... ආආආආ...... මාව අතාරිනවා....."

කාල පක්ෂීන්ගේ නියපොතු ගොඩක් තියුණු වුණා. ජින්ගෙ උරහිස් තුවාල වෙලා ගලන ලේ වලින් ඔහුගේ සුදු කමිසය තෙමෙන්න ගනිද්දි ජින්ට තේරුණේ එකපාරටම තමන්ව පහලට කඩා වැටෙනවා වගේ. 

"ආආආආආආ..........."

ජින් තමන්ගෙ ඇස් තදින් පියාගත්තත් ඔහුව බිමට වැටුණෙ නැහැ. ඒත් එක්කම ඔහුව සැහැල්ලුවෙන් බිමින් තියපු කෙනෙක් තවත් පැත්තකට පියාඹලා ගියා. ඒ රතු සහ කහ මිශ්‍ර වුන සූර්යයාටත් වඩා දීප්තිමත් පිහාටු විහිදුවමින් වේගයෙන් ගමන් කරන්නෙ යුංගි කියලා අඳුරගන්න ඔහුට හැකි වුණා.

"වාව්...... එයා ගොඩක් ලස්සනයි."

ජින් තමන්ගෙ කට ඇරගෙන යුංගිගෙ ෆීනික්ස් ස්වරූපය දිහා බලාගෙන ඉද්දි එසැනින් නායුන් ලඟට ගිය යුංගි ඇයගේ කකුලෙ එල්ලිලා හිටපු කාල පක්ෂියාව පැත්තකට විසික් කරලා දැම්මා. ඒත් එක්කම ඔහු කන් බිහිරි කරවන තරම් තියුණු සද්දයකින් කෑ ගහමින් එතන හිටපු සේරම කාල පක්ෂීන්ට පහර දෙන්න පටන් ගත්තා. ඒත් කොයිතරම් පහර දුන්නත් කාල පක්ෂීන් ලේසියෙන් පරාජය වුනේ නැහැ. ඒත් එක්කම යුංගි බිමට බැස්සෙ තියුණු හඬින් කෑගහන ගමන්.

"ක්රූස්.... ක්රූස්....."

"මොකක්ද යුංගියා ඒ කිව්වෙ?"

"මං දන්නවැයි ජින් හ්යොන්ග්? මං ඔය ලැන්වේජ් එක ඉගෙන ගෙන නෑ."

"ක්රූස්...... ක්රූස්......."

තමන් කොච්චර කෑගැහුවත් මේ මෝඩ ඩබලට මෙළෝ දෙයක් තේරෙන්නෑ කියලා තේරුම් ගත්ත යුංගි ටේහ්යොන්ග්ව තමන්ගෙ හොටෙන් අල්ලලා පිටෙන් තියාගත්තා. ඒත් එක්කම ඔහු අනිත් අයටත් ඒ පැත්ත පෙන්නද්දි හැමෝම යුංගිගෙ ෆීනික්ස් පියාපත් වල එල්ලිලා උඩට නැග්ගෙ ඔහු අහස හරහා වේගයෙන් පියඹා යද්දි.

යුංගිගේ ෆීනික්ස් ස්වරූපය කියන්නෙ ලොකු ගොඩනැගිල්ලක් තරමටම විශාල කෙනෙක්. ඉතින් ඒ වගේ විශාල පක්ෂියෙක්ව ඔවුන් දැකපු පලවෙනි වතාව වගේම මේ වගේ කෙනෙක්ගෙ පිටේ යන පලවෙනි වතාවත් මේකම තමයි. ඒ පියාපත් හරිම සිනිඳුයි. ඇත්තෙන්ම හිතාගන්න බැරි තරමටම ඒ පියාපත් ලස්සනයි වගේම සිනිඳුයි.


********************


මේ අතර කනත්තට වෙලා ඔවුන්ගේ වැඩේට සූදානමින් හිටපු නම්ජුන් මින්යූ සහ ජිමින්ට සිද්ධ වුණේ නොහිතපු අනතුරකට මුහුණ දෙන්න. එකපාරටම සන්සුන්ව තිබුණු අහස කැලඹෙමින් විශාල හුළඟක් හමාගෙන ගියේ කනත්තක් වගේ තැනකට බය වුන මින්යූවත් සලිත කරමින්.

"අලේ නූලාආආආ..... මත බයයි."

"ඔයාට විතරක් නෙවෙයි මටත් බයයි ජිමින්. මොකක්ද එකපාරටම වුනේ නම්ජුන් ඔප්පා."

"ඒක තමයි මාත් බැලුවෙ...... හඳ වලාකුළු වලට වැහිලා නිසා මොකක් හරි අවුලක් වගේ."

නම්ජුන් කිව්වෙ නලලට අත තියලා අහස දිහා බලන ගමන්. සඳ වලාකුළු වලින් හැංගිලා ගිහින් විනාඩි පහලවක් පමණ වුනත් තවමත් සඳ එලියට ආවෙ නැති එක ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. වෙලාව රාත්‍රී දොළහට ඉතාමත් ආසන්න නිසා අඳුරු බලවේග වල බලය තවත් වැඩියි. ඒත් එක්කම වේගයෙන් හුළඟක් හමන්න ගත්තෙ ලඟ තිබුනු දේවල් විසික් කරලා දාන්න තරම් ප්‍රබලව.

"අලේ නූලා අපි යමුකො. මත බයයි.....ජුනීබූඌඌඌ.... අපි යමුකො."

"මටත් හිතෙන්නෙ ගියොත් හොඳයි කියලා ඔප්පා. මේ හුලඟ ඒ තරම් හොඳ එකක් නෙවෙයි වගේ."

නම්ජුන්ට වුනත් මේ දේවල් ගැන හොඳක් දැණුනෙ නැහැ. ඒ නිසාම ඔහුත් පහු බහින්න තීරණය කලා. හැබැයි වුනේ කවුරුත් හිතපු නැති දෙයක්. එකපාරටම මහා හයියෙන් කෑගහන කාල පක්ෂීන් ඔවුන්ගෙ පැත්තට ඇදිලා එනවා දකිද්දි නම්ජුන් තවත් කලබල වුනා.

"ඕහ් මයි ගෝඩ්..... මින්යූ ඉක්මනට කාර් එකට නගින්න."

මින්යූට කියන ගමන්ම තමන්ගෙ බඩු ටිකත් අරගෙන කාර් එකට නැග්ග නම්ජුන් වේගයෙන් කාර් එක හරවගත්තා. ඒත් එක්කම පුළුවන් උපරිම වේගයෙන් ඔහු නිවසට වාහනය පැදෙව්වෙ යුංගිගෙ ආරක්ෂිත ආවරණය ඇතුලට ගියොත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ කියලා දැනුන නිසා.

"ජංගුක්ට කෝල් එකක් දීලා කනත්තට එන්න එපා කියන්න මින්යූ..... ආශ් මේක එකපාරටම......"

නම්ජුන් කියද්දි මින්යූ ඉක්මනින්ම ඇමතුම ලබා ගත්තා. පේන විදිහට ඔවුන්ට දැම්ම මේ දේවල් ඉවර කරගන්න ලැබෙන එකක් නැහැ. ඇත්තටම මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙන්න පටන් අරන්.



______________________________________________

____/__/__

මගේ ආදරේ දැක්කෙ එකම එක පාරක් විතරක් නිසා මට ඒතරම් එයාව මතක තිබුණෙ නැහැ. මගේ හිතේ ආදරේම විතරක් ඉතුරු කරලා ඔයා ඔයාගෙ රූපයත් මගෙන් ඈතට අරගෙන ගිහින්.

- Diary of someone who born with fire -


______________________________________________

මට හිතෙනවා කතාව අන්තිම වෙද්දි ඔයාලා ගොඩක් සර්ප්‍රයිස් වෙයි කියලා.


You are reading the story above: TeenFic.Net