Chapter 11

Background color
Font
Font size
Line height


ඩෝං...... ඩෝං.........

"යාආආආආආ....... ජිමිනාආආආ..... තමුන්ගෙ ඔලුව නරක් වෙලාද ආආ?"

මින්යූ නායුන් දෙන්නම එකට විශ්ව විද්‍යාලයට යන්න පටන් අරන් දැනට සතියක් ගත වෙලා. නිවාඩු දවස් වල ඇරෙන්න අනිත් හැම දවසෙම ජිමින් බබාව බලාගන්න වැඩේ බාර වුනේ යුංගිට නිසා කොල්ලා හිටියෙ ඉරිදා හවස නිවී සැනසිල්ලේ නිදාගෙන. ගෙදර සාලෙ මැද සෝෆා එකේ හොඳට නිදාගෙන හිටපු යුංගි ගැස්සිලා ඇහැරුණේ ජිමින් එයාගෙ කන ලඟ පුපුරවපු බැලුම් බෝලෙ නිසා.

"අලේ යුගී බූඌඌඌ මත බනිලවාආආ.... ඔම්මාආආආ.... බබාත බනිලවා මෙයා. එල්ලකො ඔම්මා...."

කොල්ලා නම් ඒ කපටි වැඩේ කරලා හොඳට හිනාවෙවී හිටියෙ යුංගි ගිනි පිඹින්න ලෑස්ති වෙද්දි. ජිමින්ගෙ අසනීප තත්ත්වය කලින්ට වඩා ගොඩක් වැඩි වෙලා තිබුණ නිසා කලින් දවස් දෙක තුනකට සැරයක් ඇති වුන මානසික තත්ත්වය දැන් දිනපතාම ඇතිවෙන තරම් දරුණු වෙලා තිබුණා.

"කට කට කට..... දැන් මොකටද මාව ඇහැරෙව්වෙ ආආ?"

"අද අපිට පාක් එකට යන්න තියෙනවනෙ හ්යොන්ග්."

ජිමින්ගෙ ඇස් සාමාන්‍ය තත්වයට පත් වෙනවත් එක්කම යුංගි එය තේරුම් ගත්තා. ඒත් එක්කම ඔහු නිදාගෙන හිටපු තැනින් නැගිටලා උඩට ගියේ හවස ඇවිදින්න යන වැඩේට ජිමින්ටත් වඩා ඔහුට උනන්දුවක් තිබුණ නිසා. නායුන්ගෙ කාමරේටත් කන තියලා බලපු යුංගිට ඇහුනෙ පරණ පුරුදු සද්දයක්. හැබැයි මේ පාර සිංදුව වෙනස් වෙලා තිබුණා.

"I rathered be lost in the lights... Lost in the lights.... I'm out of my mind.... Can you help me numb the pain.... Each night you spin me up high......"

"නායුනාආආආ..... ඔය කරච්චලේ නවත්තලා ඇවිදින්න යන්න ලෑස්ති වෙනවා."

"ආයිශ්..... හරි හරි මං ලෑස්ති වෙන්නම්. කෙල්ලන්ගෙ කාමර වලට කන් තියාගෙන ඉන්න ලැජ්ජ නැද්ද මන්දා."

"මට තමුන් කියපුවා ඇහුණා."

නායුන්ගෙ කාමරෙන් ඈත් වුණ යුංගි ගියේ මින්යූගෙ කාමරේට. කෙල්ල නම් හොඳටම නිදි. මින්යූ නිදාගෙන ඉන්නවා දැක්කම ඔහුගේ මුහුණට සිනහවක් ආවා. වැඩි සද්දයක් නැතුවම කෙල්ල ලඟට ගිය යුංගි ඇයට නොදැනෙන විදිහට ඇගේ නලල සියුම්ව සිපගත්තා. 

"මගේ මැණික මං වගේමයි. වැටුණු වැටුණු තැන නිදි. ඉක්මනට මේ දේවල් ඉවර කරගමු. ඊටපස්සෙ ඔයාට මගේ ලඟටම වෙලා ඉන්න පුළුවන්."

කෙල්ලගෙ ඔලුව හෙමින් අතගාපු යුංගි ආපහු දොර ගාවට ගිහින් දොරට හෙමින් තට්ටු කලේ කෙල්ලව ඇහැරවන්න ලෝභකමින්. ඒත් ඉතින් මින්යූව තමන්ට ලං කරගන්න නම් ඔහුට මේ වගේ පුංචි පුංචි දේවල් ඇය වෙනුවෙන් කරන්න වේවි. මිනිත්තු කිහිපයකට පසුව මින්යූ නින්දෙන් ඇහැරෙද්දි දැක්කෙ තමන්ගෙ දිහා හිනාවෙලා බලන් ඉන්න යුංගිව.

"මෙයාව මට දැන් නැගිටලා ඉන්න කොටත් පේනවනෙ. හැබැයි හිනාවෙන කොට නම් මාර ලස්සනයි එයා."

"ක්හැක්.... ක්හැක්..... අපි ටිකක් ඇවිදින්න යන්න හදන්නෙ ඉක්මනට ලෑස්ති වෙලා එන්න."

මින්යූ දිහා බලාගෙන කියපු යුංගි කාමරෙන් එලියට යද්දි තමයි ඇයට තේරුණේ එතන හිටියෙ තමන්ට මැවිලා පෙනුන රූපයක් නෙවෙයි ඇත්තටම යුංගි කියලා. තමන් කියපු දේවල් මතක් වෙද්දි කෙල්ලගෙ මූණ ලැජ්ජාවටම රෝස පාට වෙන්න පටන් ගත්තා. විනාඩි දහයක් විතර මූණ කොට්ටෙ ඇතුළෙ ඔබාගෙන තමන්ගෙ ලැජ්ජාව නැති කරගත්ත කෙල්ල බාත් රූම් එකට ගියේ වොෂ් එකක් දාගෙන ලෑස්ති වෙන්න කියලා හිතාගෙන. 

මින්යූගෙ කාමරේ තිබුණ වොෂ් රූම් එක අනිත් ඒවට වඩා තරමක් විශේෂ වුණා. එතන විතරක්ම නෙවෙයි, ඇගේ මුළු කාමරයම යුංගි ගොඩක් විශේෂ විදිහට නිර්මාණය කරලා තිබුණා. තනිකරම අඳුරු පාට වලින් පිරිලා තිබුණ ගෙදර මින්යූ කැමතිම පාටවල් වලින් ඒ කාමරය සැරසිලා තිබුණා. ඇය ගොඩක් ආස කරන සුවඳ වර්ග වලින් ආලේපන බොහොමයක් ඒ නාන කාමරය පුරාම තිබුණා. ඒ දේවල් මෙහෙට සාමාන්‍යයි වගේ පෙනුනත් යුංගි ඒ දේවල් සේරම කලේ මින්යූට තියෙන ආදරය නිසා. ඇත්තටම ඔහු නොපෙනෙන්න ඇය වෙනුවෙන් ගොඩක් දේවල් කලා.


********************


වෙලාව හවස පහයි. හැමෝම හිටියෙ පාර්ක් එකට ඇවිත්. මින්යූ නායුන් දෙන්නා ටිකක් එහාට යනකම් ඉඳලා ජිමින්ව ලඟට කරගත්ත යුංගි ඔහුට උපදෙස් දෙන්න පටන් ගත්තා. යුංගිට ඕන වුණේ අද දවසම මින්යූ එක්ක තනියම ගත කරන්න. තමන් ඒතරම් ආදරණීය කෙනෙක් නොවුනත් ඒ දේවල් වලට ඉස්සරත් ඇය ගොඩක් කැමති වුන බව ඔහුට හොඳින් මතක තිබුණා. ඉතින් ඔහුට ඕන වුණේ තමන්ගෙ එකම ආදරේ හැමදාම සතුටින් ඉන්නවා දකින්න.

"දැන් හොඳට අහගන්න. මමයි මින්යූයි දෙන්නා ටිකක් තනියම ඇවිදින්න යනවා. ඔයා අර නායුනාව කොහොම හරි අපෙන් ඈත් කරලා තියන්න."

"හපෝ හ්යොන්ග්.... නායුට ඔහොම කතා කරන්න එපා අනේ. පව් ඒ කෙල්ල. ඇත්තටම මං අහන්නෙ මොකද එයාට ඔච්චර සැර දාන්නෙ?"

"ඒක මගේ වැඩක්.... මම හැමෝටම එහෙමයි නෙ. අනික එයාව පාලනය කරන්නෙ මම. එයා කෙනෙක්ව හොයාගන්නකම් එයාගෙ වගකීම තියෙන්නෙ මගේ අතේ."

"කෙනෙක්ව කියලා කිව්වෙ මොකෝ ආආ? එයා ඕන කෙනෙක්ව ලං කරගත්තට කමක් නැද්ද?"

ජිමින් කිව්වෙ මූනත් පුම්බගෙන අහක බලාගන්න ගමන්. නායුන්ට කෙනෙක්ව හොයාගන්න කියන එක ඔහුට හරිම අපහසු දෙයක් වුනා. ඔහු ඇයට ආදරේ නොකරන එක ඇත්ත වුනත් ඔහුගේ රහස නිසා ඔහු දවසින් දවස නායුන්ට ලංවෙන්න පටන් අරන්.

"නැත්තං ඒ කෙල්ලට ඔහේ මත්තෙම නැහෙන්නද කියන්නෙ? ඔය ඊරිසියාව අරයා නිසා කියලා මට තේරෙනවා."

"හ්ම්..... දවසක ඔයාගෙ මල්ලි ජිමින් නැත්තටම නැති වෙලා එයා විතරක් ඉතුරු වුනොත් ඔයා සතුටු වෙනවද හ්යොන්ග්? එහෙම වුනොත් නායුන්ට එයාට පනටත් වඩා ආදරේ කරන කෙනාව ලැබෙයි."

"මං ඔය දෙන්නටම එක වගේ ආදරෙයි. එයා තාමත් තමන්ගෙ එකම ආදරේ ඔයාට බාර දීලා ඔයාව බේරගන්න ලෑස්ති වෙලා ඉන්නෙ කියලා අමතක කරන්න එපා ජිමින්. එයා දවසක මෙහෙ ඉන්න තීරණය කළොත්... ඒ නායුන්ව දාලා යන්න බැරි නිසාම තමයි."

යුංගි වගේම ජිමින් හන් ගඟ දිහා බලාගෙන ගොඩක් බැරෑරුම් කල්පනාවකට වැටුනා. ඇත්තටම මේ හැමදේම නිසා අන්තිමට ලොකුම වේදනාව විඳින්න වෙන්නෙ ජිමින්ට නායුන්ට වගේම ඒ කෙනාට. ජිමින් වුනත් දන්නවා ඒ කෙනාගෙ හිතේ කොයිතරම් ලොකු ආදරයක් නායුන් වෙනුවෙන් තියෙනවද කියලා. ඒ නිසයි ඒ ආදරේ ජිමින්වත් සමහර වෙලාවට පාලනය කරන්නෙ. විනාඩි ගණනාවක් තිබුණු නිශ්ශබ්දතාවය බිඳිමින් යුංගි මින්යූ ලඟට ගියේ ජිමින් නායුන්ව තමන්ගෙ ලඟට ගනිද්දි.

"මින්යූ....... අපි ටිකක් අර දෙන්නට තනියෙන් ඉන්න දෙමු නේද? ජිමින් කැමති වෙයි නායුන් එක්ක ටිකක් තනියම ඉන්න."

"ආහ් හරි යුංගි ඔප්පා..... එහෙනම් යමු."

යුංගි හෙමින් සැරේ කෙල්ලගෙ අතින් අල්ල ගනිද්දි නායුන් වගේම ජිමින් දෙන්නම කට යාරයක් විතර දිගට ඇරගත්තා. මේ දැන් ටිකකට කලින් තමන්ට මින්යූ එක්ක තනියම ඉන්න ඕන කියලා නායුන්ව ජිමින්ගෙ ඇඟේ ගහපු යුංගි දැන් කියන්නෙ වෙනම කතාවක්.

"බලන්න නායු අර පච කුරුල්ලා. මාවයි ඔයාවයි ලස්සනට අල්ලලා දීපු හැටි. ඕක තමයි කියන්නෙ සහෝදරයො කියන ජාතිය විශ්වාස කරන්න එපා කියලා. අපි යමු ඇවිදින්න."

ජිමිනුත් නායුන්ව ඇදගෙන වෝල්කින් පාත් එක පැත්තට යන්න පටන් ගත්තෙ යුංගි මින්යූ එක්ක කතා කරන්න විදිහක් හොයනකොට. මොන තරම් බරපතල වැඩ කලත් තමන් ආදරේ කරන කෙල්ල එක්ක කතා කරන එක තරම් අමාරු වැඩක් ඔහුට තිබුණේ නැහැ. ඇරත් මින්යූ තමන්ව ප්‍රතික්ෂේප කරයිද කියන බයත් ඔහුට තිබුණා.

"මින්යූ..... ඔයා මෙහෙම ඇවිදින්න යන්න ආසයිද?"

"හ්ම් ඔව් ඔප්පා. මං ගොඩක් ආසයි මේ වගේ හවස් වෙලාවට මං ආදරේ කරන කෙනෙක් එක්ක ඇවිදගෙන යන්න. හරියට අර වගේ."

මින්යූ කිව්වෙ ඈතින් හිටපු කපල් එකක් පෙන්නන ගමන්. ඒ කපල් එක හිටියෙ තුරුල් වෙලා කියලා දැක්කම යුංගිටත් එහෙම කරන්න ඕන වුනත් ඔහු තමන්ව පාලනය කරගන්න උත්සාහ කලා. යුංගිගේ හිත හැමවෙලේම බය වුනා මින්යූ තමන්ට බයවෙලා තමන්ගෙන් ඈතට යයි කියලා. ඒත් ඔහුට තමන්ගේ ආදරේ එහෙම පාලනය කරගන්න පුළුවන් වෙයිද?

"මම ඊයෙ දුන්න මූන් කේක්ස් කොහොමද? ඒවාට ඔයා කැමති වුණාද දන්නෑ."

"ඔව් ඔප්පා.... ඒවා ගොඩක් රසයි. මම ඒතරම් සැර කෑම වලට ආසත් නෑ. ගොඩක් පැණි රස දේවල් වලට ආසත් නෑ."

"ඔයාට මොනවද ඉතින් මගෙන් ඕනෙ දැන්?"

"ආහ්......"

එකපාරටම යුංගිගෙ කටින් පිට වුන දේ නිසා මින්යූ ටිකක් කලබල වුනා. පස්සෙ තමයි යුංගිට හිතුනෙ තමන් ටිකක් කලබල වුනා වැඩිද කියලත්.

"මං ඇහුවෙ අපි අද රෑ වෙනකම් ස්ට්‍රීට් ෆුඩ්ස් කකා ඇවිදිමුද? අර දෙන්නා තනියෙන් යයි එයාලා කැමති තැනකට. ඔයා කැමති නම් අපි එහෙම කරමු."

"හරි ඔප්පා.... මම කැමතියි."

"එහෙනම් හරි..... ඕහ්.... ඔයාගෙ අත ගොඩක් සීතල වෙලා. සීතලයිද ම්ම්?"

"ඕහ් ටිකක් විතර..... දැන් රෑ වෙලා නිසා වෙන්න ඇති."

මින්යූ කිව්වෙ හන් ගඟ ගාව වැටට බරවෙන ගමන්. ඒත් එක්කම ඇයට දැනුණෙ තමන්ව කවුරු හරි පිටිපස්සෙන් බදාගත්තා කියලා. මුලදි ඇය කලබල වුනත් ටිකකින් ඇයත් ඒ උණුහුමට අවනත වෙන්න පටන් ගත්තා. යුංගි මින්යූව බදාගෙන තමන්ගෙ කෝට් එක දෙන්නවම වැහෙන විදිහට දාගත්ත නිසා ඔවුන්ට සීතලක් තිබුණෙම නැහැ. යුංගිට ඇයට ලංවෙන එක ලේසි දෙයක් වෙයිද? නැත්තම් ඇය යුංගිගෙ ආදරේට බයවෙන්න පටන් ගනියිද?

මේ අතර ජිමින් නායුන් දෙන්නා හිටියෙ පාර්ක් එකේ බෙන්ච් එකක වාඩි වෙලා උණු කෝපි කෝප්ප දෙකක් බොන ගමන්. මින්යූ යුංගි දෙන්නගෙ පස්සෙන්ම වගේ ස්ට්‍රීට් ෆුඩ්ස් කඩවල් වලට ගිය ඒ දෙන්නට නම් දැනටම හොඳ පණ ගිහින් හිටියෙ. මොකද යුංගි මින්යූට ආදරේ කරන දිහා බලාගෙන නායුන්ට එතන ඉන්න එක අපහසුයි වගේ දැනුනා.

"අපේ එකත් හොඳට ලව් කරන්න දන්නවනෙ බලන් ගිහාම. මං තමයි කෙල්ලව ඇස් දෙකට වත් දැකලා නැති කෙනා."

"මොකක්ද ඒ ඇස් දෙකට වත් දැකලා නැති කතාව ජිමින්. එතකොට ඔයාට කෙල්ලෙක් ඉන්නවද?"

"හ්ම්... ඉන්නවම නෙවෙයි. හිටියත් නෙවෙයි... මං කෙනෙක්ට ආදරේ කලා. ඒත් ඒක කියන්න කලින්ම මට එයාගෙන් ඈත් වෙන්න වුණා."

ජිමින් කිව්වෙ බිම බලාගෙන. නායුන් වුනත් ජිමින් ගැන ඇත්තෙන්ම කණගාටු වුණා. ජිමින් කොයිතරම් හොඳ කෙනෙක්ද කියලා ඇය දන්නවා. ඒත් එහෙමයි කියලා ඔහුගේ තීරණ වලට විරුද්ධ වෙන්න ඇයට බැහැ. ජිමින්ගෙන් එකපාරටම තමන්ට දැනෙන ආදරේ ගැන නායුන්ට තිබුණෙ සැකයක්. හැබැයි දැන් ඒ සැකය තහවුරු වුණා. ජිමින්ගෙන් තමන්ට දැනෙන දේ ආදරය නෙවෙයි නම් ඒ විදිහට නොහිතා ඉන්න ඇය තීරණය කලා.

තවත් ටිකකින් තමන්ගෙ කෝපි කෝප්පයේ අවසාන ටිකත් බීලා ඉවර කරපු ජිමින් නායුන්ගෙ කප් එකත් අරගෙන ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ නායුන් එක්කමයි.

"මං තව මොනාහරි අරගෙන එන්නම්. චොක්ලට් මූස් දෙකක්. අර දෙන්නා තව කොච්චර වෙලා ඉඳියිද දන්නෑ නෙ."

"හරි ජිමින්.... මම ටිකක් ඉස්සරහට යන්නම්."

ජිමින් ලඟ තිබුන කැෆේ එකක් ඇතුලට යද්දි නායුන් ටිකක් ඉස්සරහට ගියා. යුංගි මින්යූව තුරුල් කරගෙන ඇවිදින කොට ඇයටත් හිතුනා ඒ වගේ කෙනෙක් තමන්ටත් හිටියා නම් හොඳයි කියලා. තමන්ගෙ යාලුවට වැරදි කෙනෙක් ලං නොවුන එක ගැන ඇය ගොඩක් සතුටු වුණා. කොයිතරම් කෑගැහුවත් යුංගි කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියලා ඇය හොඳින්ම දන්නවා.

"හායි නායු බබා........"

නායුන්ට දැණුනෙ කවුරු හරි තමන්ව පිටිපස්සෙන් බදාගන්නවා වගේ. ඒත් ඉතින් තමන්ට එහෙම කරන්න ඉන්නෙ කවුද කියලා ඇයට හිතාගන්න බැරි වුණා. ඒකත් මේ වගේ රෑක. ඒත් ඉතින් ඔහු කතා කරනවත් එක්කම ඇය ඒ කවුද කියලා අඳුරගත්තා.

"ආආහ්..... මේ ඔයානෙ. මම හොඳටම බය වුණා."

"හ්ම්..... මම තමයි.... මොකද මේ කෙල්ල තනියම ආආ?"

"මම තනියම නෙවෙයි ආවෙ ටේ... යුංගි ජිමින් මින්යූ තුන් දෙනා එක්ක."

"ඒ වුණාට ඒ කවුරුත් මෙතන නෑනෙ?"

"මින්යූ යුංගි දෙන්නා නම් ඇවිදින්න ගියා. ජිමින් කැෆේ එකට ගියා. ඒක නෙවෙයි මාව අතාරින්න පුළුවන්ද? දකින අය හිතයි අපි කෙල්ලයි කොල්ලයි කියලා."

"අපිට මොකද අනේ? ඕන දෙයක් හිතපුදෙන්. එන්නකො මාත් එක්ක යමු."

ටේහ්යොන්ග් කතා කලේ නායුන්ව තමන්ගෙ පැත්තට හරවගෙන ඇගේ කර වටේට අත දාගන්න ගමන්. නිදහස් අතින් ඇගේ කම්මුලක් පිරිමදින්නත් ඔහු අමතක කලේ නැහැ. නායුන්ට වුනත් ඔහුගේ හැසිරීමේ වෙනසක් නොපෙනුනේ ඔවුන් හමුවෙලා සතියක් වුනත් පලවෙනි දවසෙ ඉඳන්ම ඔහු මේ විදිහම වුන නිසා. ඇයට ඔහුගෙන් ඕනවටත් වඩා ආදරේ දැනෙන්න ගත්තත් ඇය ඒ සියල්ල නොසලකා හැරියේ ඔහුගේ සාමාන්‍ය විදිහ මේක වෙන්න ඇති කියලා හිතලයි.

"කියන්නකො නායු..... මාත් එක්ක යමුද?"

"කොහෙද?"

"ඇවිදින්න යමු ඉතින්. ඇයි ඔයා ආස නැද්ද මාත් එක්ක යන්න ආආ?"

"අහ් නෑ අනේ... අපි යමු. අපි ජිමින් එනකම් ඉමු. නැත්තං එයා තනියෙන්නෙ."

"හරි බබා.... අපි එයා ආවට පස්සෙ යමුකො."

"ඒ වුණාට ඔයා ඔය බබා කියන එක නවත්තගන්න වෙයි. ජිමින් වෙන මොනාහරි හිතයි. ඔයා විහිළුවට කිව්වට එයා දන්නෑ නෙ ඉතින්."

නායුන් කියද්දි ටේහ්යොන්ග් ඔලුව වැනුවත් ඔහු හිත යටින් වෙනමම දෙයක් හිතමින් හිටියෙ. 'මං කොහොමද ඔයාට ආදරෙයි කියලා කියන්නෙ පැටියො. ඔයාව දාලා යන්න වෙනවා කියලා දැන දැනම. ඔයාව ජිමින්ට දීලා මට නිදහසේ යන්න පුළුවන් වෙයි. එතකොට මගේ ආදරේ නැති වුනා කියලා ඔයාට පාළු හිතෙන එකක් නෑ.'

"නායු...... මේක අලුතෙන් ආපු ජාතියක් ලු. නායු? කොහෙද ඔයා ගියේ?"

කැෆේ එකෙන් එලියට ආපු ජිමින් නායුන්ව හොයන්න පටන් ගත්තා. ඇයව හොයන ගමන් ඇස් එහෙ මෙහෙ යවපු ජිමින් දකින්නෙ නායුන් එක්ක ඉන්න අනිත් කෙනාව. ඔහුව දැකපු ගමන්ම ජිමින්ගෙ අතේ තිබුණ චොක්ලට් මූස් දෙක ඔහුගේ අතින් ගිලිහෙනවා. ඒත් එක්කම ඔහු තමන්ගේ ෆෝන් එක අරගෙන යුංගිට ඇමතුමක් ගන්නේ වෙව්ලන ඇඟිලි වලින්.

"හ්....හ්..... හ්යොන්ග්....."

"මොකද මනුස්සයො? මට මගේ පාඩුවෙ මේ වැඩේ වත් කරගන්න දෙන්නෙ නැද්ද? පොඩ්ඩක් ඉන්නවා.... ඔහේ ඔය අඬනවද? ජිමින් මොකද වුනේ කියනවා."

"එයා..... එයා ඇවිල්ලා හ්යොන්ග්.... එයා නායුන්ව හොයාගෙන ඇවිල්ලා."

"කවුද එයා? තේරෙන විදිහට කියනවා."

"ටේහ්යොන්ග්..... එයා දැන් නායුන් එක්ක ඉන්නෙ."

"වට්? අපි අවුරුදු කීයක් එයාව හෙව්වද? කොල්ලා දැන් ඇවිත් ඉන්නෙ නායුන්ව ආපහු ගන්නද?"

"මං දන්නෑ හ්යොන්ග්.... මං නායුන්ව එතනින් අරගෙන එන්නද?"

"නෑ නෑ..... එපා ජිමින්.... එයාලට එහෙම ඉන්න දෙන්න. ටේහ්යොන්ග්ට ඕන නායුන්ට ආදරේ කරන්න විතරයි. එයා වෙන මොකුත් කරන්නෑ. එයා පාඩුවේ ඉඳියි. හැබැයි ෂින්ට ටේ ගැන දැනගන්න තියන්න එපා."

යුංගි ඇමතුම විසන්ධි කරද්දි ජිමින් බලාගෙන හිටියෙ ටේහ්යොන්ග් දිහා. තමන්ගෙ ජීවිතේ අනිත් කොටස වෙච්ච ටේහ්යොන්ග් තමන් තෝරගත්තු කෙල්ලට වඩා වෙනස් කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගනිද්දි ජිමින් ඒකට කිසිසේත්ම කැමති වුණේ නැහැ. මොකද ටේහ්යොන්ග්ට කවදාහරි දවසක මේ ලෝකෙන් යන්න වේවි. ඒත් ටේහ්යොන්ග් කවදාවත් ඒක පිලිගත්තෙ නෑ. ඔහුට ඕන වුණේ තමන් ආදරේ කරන කෙනාව පරිස්සමට ජිමින් ලඟින් තියලා යන්න. ඔහුට ඕන වුණා තමන්ගෙ ආදරේ ජිමින්ගෙන් නායුන්ට ලැබෙනවා බලන්න. ඒත් හැමදේම අවුල් කරගත්තෙ ජිමින්ද?



______________________________________________

2000 ඔක්තෝම්බර් 29

මගේ පුංචි මල්ලිගෙ ජීවිතේ තිබුණෙ ලොකු අනතුරක. කාල පක්ෂීන් එයාගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම අවුල් ජාලාවක් කලා. මට සිද්ධ වුණා ඒක ඒ විදිහට වෙන්න දෙන්න. ඒත් දවසක ඒක එයාලට මොන විදිහට බලපායිද?

- Diary of someone who born with fire - 


______________________________________________

ඔන්න අප්ඩේට් දුන්නා හොඳේ.... මම හොඳයි නේද? එහෙනම් ඔයාලත් හොඳ ළමයි වගේ කමෙන්ට් කරන්න හොඳේ.... ආයෙ නම් දවස් දෙක තුනක් යනකම් අප්ඩේට් නෑ.... ලොකු රහසකුත් එලි කරලා දිග චැප්ටර් එකක් දුන්නනෙ....


You are reading the story above: TeenFic.Net